top of page
  • Writer's picturePrisila Godahewa

💥බැද්දේ කුමරිය දෙවන ඇරඹුම 💥

💥බැද්දේ කුමරිය දෙවන ඇරඹුම 💥

(තුන්වන කොටස (3)


අපේ විවාහයෙන් සුමාන දෙකකට පසු , සුනිලා සමග ,ඇගේ ගමේ ගෙදර සිට, අප දෙදෙනා කොළඹ බලා පැමිනියෙමු. සිරිදාස , වේලාසන සොයා ලෑස්ති කර තිබුන අලුත් බෝඩිම අපේ අලුත් නවාතැන විය.


කාමර හයක විශාල ගෙයක් උන එම ගෙදර, තව බෝඩිම් කාරයෝ පස් හයදෙනෙක්ම නැවති සිටියෝය. ඔවුන්ද මා මෙන්ම කොළඹ කන්තෝරු වල වැඩ කරන ගම්වල ස්තිර පදිංචි පුද්ගලයන් විය. ඔවුන්ද ඉස්සර මා මෙන්ම මාසෙකට, දෙකකට සැරයක් තමන්ගේ ගම්බිම් බලා යන ඈයන්වේ. එම නිවසේ පාලනය තනිකරම බෝඩිමේ පාලිකාව විසින් කරගෙන ගිය අතර, අපට තුන් වේලටම කන්නට සිදු වුනේ ඇයගේ සේවිකාව විසින් උයා දෙන කෑමද විය. කිසිම රසක් සුවඳක් නැති එම බෝඩිම් කෑම නම් මට එපාම කරවු ඒවාය.


" ඔයා වැඩට ගිහාම මම හරිම පාළුවේන් මේ ගෙදර ඉන්නේ ....කරන්න කියලා වැඩකුත් නැති නිසා ......ගොඩක්ම කම්මැලි හිතුනම අර වත්තට ගිහින් ටිකක් ඇවිද ඇවිද ඉන්නවා, එහෙම නැත්නම් රේඩියෝ එකේ සිංදු අහනවා, දවසේ පත්තර කියවනවා, එච්චර තමයි මට කරන්න කියලා තියෙන වැඩ....... ."


"කුස්සියෙ කෑම උයන සෝමා, හිත හොද ගෑනු කෙනෙක් , ඔයාට කම්මැලි හිතිනොත් එයත් එක්ක ටිකක් ගිහින් කතා කරන්න ..."


"මට ඔක්කොටම වඩා අමාරු මේ සාරිය ඇදගෙන ගෙදරට වෙලා ඉන්න එක තමයි මහත්තයා. ...."


"එහෙම තමයි සුනිලා, මේ කොළඹ පැතිවල ,කසාඳ බැදපු අය ගෙදරට සාරි ඇදගෙන ඉන්නේ...ඔයත් එහෙම හිටියොත් තමයි හොඳ....අපේම කියලා ගේකට ගිහාම බැරියැ ගවුමක් ඇදගෙන ඉන්න...."


"ඔයාට කන්තෝරු ගිහාම සිරිදාසව එහෙම හම්බු උනාද මහත්තයා ..... ?


" සිරිදා මේ දවස්වල නිවාඩු ගිහින්......මම සිරිදාසට කෝල් කලා,......අපේ තාත්තයි අක්කයි දෙන්නා තවමත් හොදටම කේන්තියෙන්ලු ඉන්නේ මාත් එක්ක....... මගෙ දරුවව ගිහින් මාළිලාගෙ අම්මලාට භාර දෙනවත් කිව්වලු.....මට නම් දරුවා කොහොමත් ආපහු දෙන්නෙ නෑ කියලා කිව්වලු...... ..."


"අනේ එහෙමද...? ,එතකොට දරුවව මාළිලාගෙ ගෙදර එක්ක ගිහාම කවුද එයාව බලා ගන්නේ...?"


"සිරිදාස ජයන්තිව ඉක්මණටම කසාඳ බැදලා කළුතර පදිංචියට යන්න හදන්නේ......කන්තෝරුවේන් ඉල්ලපු මාරු වීම ලැබුන ගමන් එයා කළුතර ගිහින් පදිංචි වෙනවා කිව්වේ .....මේ දවස්වල ඒගොල්ලෝ කසාදේ වැඩ වලට ලෑස්ති වෙනවා...... ඒ ගිහාම එයා මගේ දරුවව හොදට බලාගන්නම් කියලත් කිව්වා.... කොහොමත් මාළිගෙ දේපළ , එයාගෙ අම්මලා දරුවට ලියනවා කියලනේ තියෙන්නේ ...ඒ නිසා ජයන්ති උනත් දරුවව මට දෙන්න කැමති වෙන එකක් නෑ.....මොනව උනත් දරුවව කවුරු උනත් හොදට බලා ගනී..."


" කවුරු හරි කමක් නෑ දරුවව හොදින් බලා ගත්තොත් .....දැන් කවද්ද සිරිදාස ජයන්තිව කසාඳ බදින්නේ....?


"දිනයක් කිව්වේ නෑ, ඒත් සිරිදාසගෙ අම්මලා ,ජයන්ති බලන්න කළුතර ගිහින් ඇවිත් .... මඟුලේ වැඩ මේ දවස්වල කෙරිගෙන යනවා කිව්වේ...."


" ඔයාට ලැබෙන්න තිබුන දේපළ ඔක්කොම දැන් සිරිදාසට ලැබෙන්න යන්නේ....."


"ඒකට කමක් නෑ....සිරිදාස හිත හොද එකා.....මගේ දරුවව හොදට බලා ගනියිනේ....මට ඒ ඇති......"


"ඔයාට ඉතිං සිරිදාසගේ මඟුලට යන්නත් බැරි වෙයිනේද ?


"ඒක තමයි ...මොනව කරන්නද...?


"මම නිසා ඔයාට උන කරදරයක් ...."


"ඒකට කමක් නෑ.....මට ඔයාව ලැබුනනේ....."


"අපි දැන් කවද්ද වෙනම උයාගෙන කන්න අපේ කියන තැනකට,යන්නේ.....මට නම් දැන් ඇතිවෙලා තියෙන්නේ ..... මේ ගේ ඇතුලට වෙලා කම්මැලි කමට ඉදලා......මම සෙනසුරාදා ඉරිදා වෙනකම් බලාගෙන ඉන්නේ ඔයත් එක්ක එහෙ මෙහෙ ඇවිදින්න යන්න ......"


"මට වැඩි කලක් යන්න ඉස්සර රජයේ නිළ නිවාසය හම්බ වෙයි සුනිලා ....ඊට පස්සේ අපට එහෙ ගිහින් වෙනම උයාගෙන කාලා සතුටින් ජීවත් වෙන්න පුලුවන් ...."


"ඒක තමයි මහත්තයා ..... ,මම ඔයාගෙන් අහන්නම කියලා හිටියේ ඔයාට නිළ නිවාසය හම්බවෙනකම් මම ආයෙත් අපේ ගමේ ගිහින් ඉන්නද ? ඔයාට සෙනසුරාදා ඉරිදට මාව බලන්න ගමේ එන්න පුලුවන්නේ....?


"මම නැතුව ඔයා ගමේ ගිහින් තනියම ඉන්න එක හරි නෑනේද...?


"ඒකට මක් වෙනවද ? ඔයා මාව කරකාර බැදලා ඉන්නේ කියලා ගමේ අය දන්නවනේ...., ඔයා වැඩට ගිහාම මම මෙහෙම බෝඩිමෙන් දෙන කෑම කකා නිදිය ගෙන ඉන්න එකේ තේරුමක් නෑනේ....ඊටත් බොරු වැඩක්නේ මෙතන බෝඩිම් කුළිය ගෙවන එකත්....මම ටික දවසක් ගමේ ගිහින් ඉඳලා එන්නම්...."


" ම්ම්......මම වැඩට ගිහාම ඔයාට දවල් දවසට කම්මැලියිනේද...? එහෙනම් සුනිලා, මේ සෙනසුරාදා මම ඔයාව ගමේ එක්ක ගිහින් බස්සලා එන්නම්...."


"අනේ ...ඒක නම් හොදයි, මට අපේ ගමේ ගෙදර බලන්න යන්නත් ආසයි...මගේ කිකිලියෝ, එළවලු පැල වලට දැන් මොනවා වෙලාද දන්නේ නෑ...."


"මේ සෙනසුරාදා ගමේ ගිහාම ඒවා බලා ගන්න බැරියැ...."


" එතකොට මම ගමේ ගිහාම ඔයා එහෙනම් හැම සෙනසුරාදා ඉරිදම මාව බලන්න ගමේ එන්න...."


"හැම සෙනසුරාදා ,ඉරිදම නෙමේ සුනිලා ....., මම සුමාන දෙකකට සැරයක් ගමේ එන්නම්....මට ඔයගොල්ලන්ගෙ ගෙදරට යන පාරේ යන්න එන්න තමයි අමාරු...."


"ඔයා ගමේ ගිහින් එනකොට මට පුලුවන් ඔයාට හාල් තුනපහ කෑම , පැනි රස කෑම එහෙම හදලා එවන්න...."


"එහෙනම් ටික කාලයක් එහෙම කරමු මට නිළ නිවාසය හම්බ වෙනකම්..........ඔයාට මම ලඟ නැතුවට පාළුවක් නෑනේ , ගමේ නෑදැයෝ යාලුවො, කරන්න වැඩරාජකාරි ඕන තරම් ගමේ තියෙන නිසා...."


"ඔව් මට පාළුවක් නෑ..... අපේ අලුත් ගෙදර වත්තේ එළවළු ටිකක් වවාගෙන, කිකිලියො බලාගෙන අපේ රබර් කිරි කෑල්ලේ කිරි කප්පවන වැඩ,එහෙමත් බලාගෙන ගෙදරට වෙලා ඉන්න පුලුවන් ....."


"එතකොට රෑට ඔයා කොහොමද ඒ ගෙදර තනියම නවතින්නේ....?


"මොන තනියක්ද මම ඔය හවසට නෝනා නැන්දගේ ලොකු කොළුවා හරි, විමලව හරි මගේ තනියට නවත්ත ගන්නම්....මට තනි රකින්න ඕන තරම් අය අපේ ගෙදර එයි...."


"හරි හරි එහෙනම් ඔයා ගමේ යන්න ලෑස්ති වෙන්න.....ඒක කියපු වෙලේ සුනිලාගෙ මුණ සතුටින් පිරුන හැටි ....."


"අනේ ඔව්....ගමේ ගිහින් ඉන්න මට ආසයි..... , මේ දවස්වල දවල්ට පාළුවෙන් මේ ගෙදර හිටිය නිසා....."


සුනිලාගෙ ඉල්ලිමට වගේම,

මම වැඩට ගිහාම ඇය පාළුවෙන් කාන්සියෙන් ඉන්නවා බලා සිටිමට බැරි නිසා, ඇයව ටික දවසකට ඇගේ ගමේ ගෙදර ගිහින් නවත්වා එන්න, මම අවසානයේ තීරණය කලෙමි. අප දෙදෙනාට එකට ඉන්නට ගෙයක් ලැබෙන තුරු ඇයව ගමේ නවත්වා එන්නට හිතා ගත්තෙමි.


"එහෙනම් අපි මේ සෙනසුරාදා ගමේ යමු සුනිලා , මට ගෙයක් හම්බවුනාම ඔයා ආයෙත් කොළඹ එන්න...."


මම කියන පරක්කුවට සුනිලා ගමේ ගෙනියන්න ඇගේ ඇඳුම්පැළදුම් ලෑස්ති කරගත්තේ සතුටිනි.


අවසානයේ සුනිලා ඇගේ ගමේ ගෙන ගොස් ඇරලා දින දෙකක් ගමේ ගෙදර නැවති සිටි මම, ආපසු කොළඹ බලා ආවෙ සුනිලා නැති පාළුවෙනි. සුනිලාව ගමේ ගෙදර ඇරලන්න යන්න පෙර මම, සිරිදාස සමග මීට පෙර නැවති සිටි බෝඩිමේ නවතින්න එනබව ඒ ගෙදර බෝඩිම් අයිති කාරිට වේලාසන දැනුම් දි ගියෙමි.

1 view0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page