top of page
  • Writer's picturePrisila Godahewa

💥බැද්දේ කුමරිය දෙවන ඇරඹුම 💥

💥බැද්දේ කුමරිය කොළඹ ඇවිත් 💥

(14 වෙනි කොටස )


කොළඹ පදිංචියට විත් වසර පහක කාලයක් ගෙවි ගොස් ඇත. ලොකු පුතා මේ වන විට හය වන පංතියේ හිටපු අතර බාල දියනිය පාසැල් යන්න පටන් ගෙන ඇත . කොළඹ පැමිනි මුල් කාලායට වඩා දැන් අපට එන්න එන්නම් අමාරු කාලයක් උදා වෙමින් ඇත. රටේ දේශපාලන තත්වයන් උඩ බඩු මිල ගනන් ඉහළ යෑම , වගේම දරුවන්ගේ පාසැල් කටයුතු වෙනුවෙන් හා ගමන් වියදම් වැඩි වීම අප ආර්ථික වශයෙන් පහළට වැට් අමාරුකම් මැද ජීවත් විමට පටන් ගෙන ඇත.


"දැන් නම් එන්න එන්නම වියදම වැඩි නිසා, බොහෝම අමාරුවෙන් තමයි මම ගෙදර වියදම පාලනය කරගෙන යන්නේ...."


"ඔව්...මට ඒක තේරෙනවා , ඒ කියලා මගේ පඩි වැඩි වෙන එකක්‍යැ...."


"ඔයා ඔයාගෙ පුතාගෙ පොතට හැම මාසෙම සල්ලි වගයක් දානවා නේද...? ඒක නවත්තන්න බැරිද ?


"ඔයාව කසාඳ බැන්දට පස්සෙ මම පොඩි ගානක් පුතාගෙ පොතට දැම්මා තමයි ....ඒත් තාම ඒක මට නවත්තන්න හිතෙන්නේ නෑ....මොනව උනත් මගෙ දරුවා වෙන තැනක හැදෙන නිසා, මමත් එයා වෙනුවෙන් මොනව හරි කරන්න එපෑ....මගේ යුතුකමක් විදිහට ...."


"මේ දවස්වල අපේ ගමෙන් කවුරුත් කොළඹ ආවෙත් නෑ....ඒ නිසා හාල් තුනපහ, කෑම බීම උනත් අඩුපාඩු ගොඩයි...."


"ඔයාට කියන්න සුනිලා , තව මාස තුනකින් අපට මේ නිල නිවාසය ආන්ඩුවට භාර දෙන්න වෙනවා. මොකද රජයේ සේවකයින් ට මේවායෙ ඉන්න පුලුවන් අවුරුදු පහක් විතරයි . අපි කොළඹ පදිංචියට ඇවිත් දැන් අවුරුදු පහ තව මාස තුනකින් සම්පූර්ණ වෙනවා. ඒතකොට අපි මේ ගේ භාර දීලා වෙන කුලී ගෙයක් හොයාගෙන යන්න වෙනවා. "


"හරි වැඩේනේ ....දරුවො කොළඹ ඉස්කෝල වලට යන්න පටන් ඇරන් නිසා අපට , අපේ ගමේ පදිංචියට යන්න විදිහකුත් නෑ....දැන් අපි මොකද කරන්නේ....?


"දරුවන්ගේ පාසැල් ගමන් නවත්තන්න බෑ සුනිලා ....ආයෙත් ඒගොල්ලෝ ගමේ එක්ක යන්නත් බෑ.....ඒ නිසා අපි මට කන්තෝරු එන්න ලේසි පැත්තකින් කුළියට ගෙයක් හොයා ගමු...."


"එහෙමවත් කරමු. කුලී ගේකට අපි දැන් කුළිය ගෙවන්න ගිහාම අපේ වියදම තව වැඩි වෙනවා නේද....?අනේ මන්දා ඉස්සරහ කාලේ මොනව කරන්නද කියලා . ...මමත් රස්සාවකට හරි යන්නද ?


"ඔයා රස්සාවකට ගිහින් කොහොමද ...?එතකොට කවුද මේ ළමයි බලාගන්නේ, ගෙදර වැඩපල බලා ගන්නේ....?


"එහෙම කියලා මේ දැන් තියෙන අමාරුකම් එක්ක කොහොමද අපි ඉස්සරහට යන්නේ....මටත් දැන් මේ අරපිරිමහගෙන වැඩ,කරලා එපා වෙලා ඉන්නේ...."


"ඔයා මාත් එක්ක එනකොට කිව්වනේ, තියෙන විදිහකට අපි අමාරුවෙන් හරි ජීවත් වෙමු කියලා ,දැන් මොනවද මේ කියන්නේ...."


"ඒ කාලේ එහෙම කිව්වට දැන් මේ ළමයි ලොකු වෙනකොට, වියදම් වැඩි වෙනකොට අපි කොහොමද ජීවත් වෙන්නේ....අපේ ගමේ හිටියනම් හොදට කාලා ඇඳලා ඉන්න තිබුනා....මේ දරුවොත් එක්ක අපට දුක් විදින්නයි වෙලා තියෙන්නේ ...."


"ඔයාටනේ කොළඹ පදිංචියට එන්න ඕනේ කිව්වේ...."


"එහෙම කිව්වට මේ වගේ මුදල් අමාරුකම් එක්ක ජීවත් වෙන්න වෙයි කියලා කවුද දැනගෙන හිටියේ....මේ ළමයි කොළඹ ඉස්කෝල වලට දාගත්තෙ නැත්නම් මම ආයෙත් අපේ ගමේ ගිහින් ජීවත් වෙනවා..... කොයිතරම් අමාරුකම් එක්කද මම මේ ගෙදර වියදම් පිරිමහ ගන්නේ...."


සුමල් මහත්තයාට රජයෙන් ලැබි තිබුන නිල නිවාසය නැවත භාර දීමට සුදුවුන පසු, අපට ගෙවල් තුන හතරකටම අවුරුදු තුන හතරක් ඇතුලත මාරු වෙමින් යන්නට සිදු විය. ඒ කාලය ඇතුලත දරුවන් තුන්දෙනා ලොකු මහත් උනේ බොහෝම අඩුපාඩු කම් සමඟය. ගෙදර අඩුපාඩු කම් සමඟ ජීවත් විමේදී, අපි දෙන්නා අතර,අඬදඹරද සිදුවෙන්න පටන් ගත්තේය . අපේ අඬදඹර නිසා දරුවන්ටද හිතේ සතුටින් ජීවත් වෙන්න ලැබුනේ හරි අඩුවෙනි. කොයිතරම් ගෙදර අඩුපාඩු කම් තිබුනත් සුමල් කවදාවත් මට රැකියාවකට යන්න නොදි මාව තව තවත් කනස්සල්ලට පත් කරමින් ඇත. දරුවන්ගේ අඩුපාඩු කම් දකිනමට,සුමල් සමග ඇතිවන්නේ කෝපයකි.

අපි කොළඹ ආව මුල් කාලයේ ගමේ සිට අප බලන්න ආ නෑදෑයින් දැන් එන එක බොහෝ අඩුවි ඇත. ඒ නිතර කොළඹ බලා ඒමට ඇති අපහසුව නිසාය . එබැවින් අපට ගමෙන් නිතර ලැබුන හාල් තුනපහ අල බතල පළතුරු නොලැබීම නිසා, ගෙදර අඩුපාඩු කම් බොහෝ ඇති වි ඇත.


"එන සුමානෙ අපි මේ ගෙදර භාර දීලා, තව අලුත් කුලී ගෙදරකට යන්න වෙනවා. මම මේ කිට්ටුව ඇති කුලී ගෙයක් බැලුවා , හෙට අපි ගිහින් ඒ ගෙදර බලලා එමු...."


"අපේ ගෙදර බඩුමුට්ටු ඇද ගන්න ලොරියක් ඕන වෙයි නේද?


" ඔව් ,හැබැයි අපට කියන්න ගොඩක් බඩුමුට්ටු නැති නිසා ලොරි භාගයක් හොයාගත්තහම අපට බඩු ටික ඒ ගෙදරට ඇද ගන්න පුලුවන් වෙයි. "


" බාල දුවත් ලඟදි ඉස්කෝලේ යන්න ඉන්න නිසා, අපට දැන් ගෙදර කුලිය වගේම අනෙක් වියදනුත් වැඩි නිසා, ඉස්සරහ කාලේ බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්න සිද්ද වෙන්නේ...."


"අපි කොහොම හරි වියදම් පිරිමහගෙන ජිවත් වෙන්න බලමු සුනිලා ...."


බාල දුත් අවසානයේ පාසැල් යන්න පටන් ගත් නිසා, මට ඇයව පාසැල් රැගෙන යන්න සිදු විය. එබැවින් දැන් හැමදාම උදේම ,දවල්ට ගෙදර අයට කන්න කෑම බීම හදා අවසන් කරන මම, සුමල් මහත්තයාට වැඩට ගෙනියන්න කෑම එකක් බැද දී දරුවන් සමග උදේට පාසැල් යන්න පටන් ගත්තෙමි . ඒ ගමන නම් මම කැමැත්තෙන් යන ගමනක් විය. උදේම නැගිට ගෙදර වැඩ අවසන් කර දරුවන් තුන් දෙනා සමඟ පාසැල් යන්නට මම ලෑස්ති වෙන්නේ සාරියක් ඇදගෙනය. ගමේ සිට කොළඹ ආදා පටන් මම ගෙදරින් එළියට යන්න සාරියක් අදින්න පුරුදු විම වගේම ගෙදරට දිග ගවුමක් අදින්නද පටන් ගත්තෙමි .


කාලය වේගයෙන් ගලාගෙන යයි....දරුවන් තුන් දෙනාම පාසැල් යති. මහත්තයා සුපුරුදු පරිදි වැඩට යන්නේය. මහත්තයා දැන් ඉදහිට ඔහුගෙ ෆමේ ගොස් අක්කගේ දරුවන් දැක බලාගෙන ආවත් කවදාවත් මාව වත් දරුවන් වත් ඔහුගෙ ගමේ එක්ක නොගියේය. ඔහුගෙ ගමේ නෑදෑයින් තවමත් මා සමඟ අමනාපව ඉන්නා ගානය. මහත්තයාගේ කියන්න නෑදෑයින් කවුරුත් අපව බලන්න නොඑන ගානය. ශාන්ත අය්යා අපේ ගෙදර නැවති කාලයක් වැඩට ගියත්, දැන් ඔහු නැවත ඔහුගෙ කොළඹ පත්විම ගමටම හදාගෙන ගොස් ඇත.


අපේ දරුවන් දැන් ටිකෙන් ටික ලොකු මහත් වෙමින් ඇත. එන්න එන්නම අඟහිඟකම් බොහෝ වැඩි වෙමින් උනත්, අප දෙදෙනා දරුවන්ට හොදින් ඉගෙනීමේ කටයුතු කරගෙන යන්නට උනන්දු කලෙමු. පාඩම් වැඩ කියා දෙමින්, ඔවුන්ව රටට වැඩදායි හොද ගුණගරුක පුද්ගලයන් කිරිමට උත්සහ කරමින් ඉන්නෙමු .


"අම්මේ අපි මේ පාර සිංහල අවුරුදු නිවාඩුවට අම්මගෙ ගමේ ගිහින් එමුද? මට ආසයි ගමේ නෑදෑයෝ බලන්න ...ගමේ ගිහින් මහා දොලේ නාන්න යන්න , මගේ පරණ යාලුවො එක්ක සෙල්ලම් කරන්න ...."


"මටත් ආසයි ගමේ ගිහින් ගමේ නෑදෑයෝ දකින්න....අපි එහෙනම් මේ පාර ඉස්කෝලේ අවුරුදු නිවාඩුවට ගමේ යමුද....ගමේ නෑදෑයෝත් ආසාවෙන් ඇති අපව දකින්න....."


"අම්මේ අපි මොනවද ගමේ ගෙනියන්න ගන්නේ.....නෑදෑයින් ට අපි තෑගි බෝගත් ගන්න ඕනේ නේද ?

" තෑගි කියල නම් ගෙනියන්න අපට ගොඩක් සල්ලි නෑනේ ...මම ගමේ ගෙනියන්න ලොකු පොල් කේක් එකක් ,මුං ඇට කැවුම් , අතිරස ටිකක් හදලා ගන්නම්...."


"මට ගමේ යනකම් ඉවසිල්ලක් නෑ....ලොකු අය්යට නම් ගම මතක තිබුනට, මට නම් ගම පොඩ්ඩක් වත් මතක නෑ.....මට හරි ආසයි අපේ ගම බලන්න යන්න..."


"එන සුමානෙ ඉස්කෝලේ නිවාඩු දෙනවානේ, එතකොට අපි ඒ සෙනසුරාදාම ගමේ යමු....එතකොට අපට මාසයක් අම්මලාගේ ගමේ ගිහින් ඉදලා එන්න පුලුවන් . "


"අපි දැන් ගමේ ගිහාම කොහේද නවතින්නේ අම්මේ....?


"නවතින්න නම් බැරියැ ඕනතරම් නෑදෑ ගෙවල් තියෙන්නේ ...."


"ඇයි අපි ගිහින් නවතින්නේ, අම්මට සීයා හදලා දුන්න ගෙදර නෙමේද?


"ඒ ගෙදර කාලයක් තිස්සේ වහලා දාලා නිසා, පරණ වෙලා ඇති . ගොඩක් අස්පස් කරන්නත් වෙලා ඇති....ඒ නිසා අපි මේ පාර ලොකු අම්මලාගෙ ගෙදර නවතිමු......විල්බට් මාමලගෙ ගෙදර, තේමිස් මල්ලිලාගෙ ගෙදර අපට නවතින්න පුලුවන් .....මාරුවෙන් මාරුවට එහෙ මෙහෙ නවතිමු...."


"අම්මේ අපි හෙට නේද දැන් ගමේ යන්නේ, මට ඉවසිල්ලක් නෑ අපේ ගම බලන්න යන්න "


"ඔව්...ඔව් ඔයගොල්ලෝ ගමේ ගෙනියන ඇදුම් ලෑස්ති කර ගන්න....ඉස්කෝලේන් දුන්න ගෙදර වැඩ පොත් දෙක තුනකුත් ගෙනියන්න , එතකොට නිවාඩු වෙලවක පොත් පත් ටිකක් පාඩම් කරන්නත් පුලුවන් .... "


ගම යන්න සියල්ල ලෑස්ති කර ගෙන අවසානයේ දරුවන් ගේ පාසැල් කාලය උදාවු දිනට පසුදින මමත් මහත්තයා හා දරුවන් තිදෙනා , කොළඹ සිට රුවන්ගම බලා බසයෙන් ගමන් ආරංභ කෙලෙමු .


අපේ දරුවන් මගේ ගම බලන්න යන්න පුදුම උනන්දුකින් ආසාවෙන් පසුවිමත්, මටත් මගේ ගම දකින්න, නැවත නෑදෑයින් දකින්න ,ගමේ කෑම බීම කන්න බොන්න ආසාව දැඩිව ඇති වි ඇත .


"අම්මේ මට ගම දකින කම් ඉවසිල්ලක් නෑ..."


"ඉන්න ළමයො කෑ නොගහා, අපි මේ ගමේ තමයි යන්නේ...."


උදේ පාන්දරින්ම කොළඹ සිට රුවන්වැල්ල දක්වාත්, එතනින් රුවන්ගම බලා යන බසයෙනුත් අපි තව බද වි අපේ ගම් මන්ඩිය දක්වා පැමිනියෙමි.


ඒ එන අතරමග බසයේදි මම ගෙදරින් හදාගෙන ආ සීනිසම්බෝල පාන් බසයේ ඇතුලතදීම දරුවන්ට හා මහත්තයාටද දී කා වතුර බිව්වෙමු. සුමල් මට හා දරුවන්ට බසයේ ආසන වාඩිවෙන්න සොයා දී ඔහු ගමට එන තෙක් බසයේ සිටගෙනම පැමිනිම මට දුකට හේතුවක් විය. කොයිතරම් අඩුපාඩු ඇතුව හෝ ඔහු මට හා දරුවන්ට පුලුවන් උපරිමයෙන්ම සලකන්නේය. එවන් සැමියකු ලඳ මා කෙතරම් වාසනාවන්ත කෙනෙක්දැයි මට නිතර සිතේ.


දරුවන් සිටින්නේ මගේ ගම බලා ගැනිමට නොවිසිල්ලෙකිනි. ලොකු පුතාට අපේ ගම මතක තිබුනත්, කොළඹ ආ පසු දෙතුන් ගමනක් ගමේ ගියත් බාල දරුවන්ට අපේ ගම ගැන මතකය බොහෝ අඩුය. මමත් මගේ දරුවන්ට මගේ සුන්දර ගම පෙන්විමට ආසාවෙන් බලා උන්නෙමි .


*ප්‍රිසිලා ගොඩහේවා *

නැවත හමුවෙමු


.

1 view0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

コメント


bottom of page