top of page

💥බැද්දේ කුමරිය කොළඹට 💥

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Apr 7, 2022
  • 5 min read

(**මෙතැන් සිට මේ කතාව සුනිලාගෙ දැක්මෙන් අපි බලමු**)


💥බැද්දෙ කුමරිය කොළඹට💥

( එකලොස්වෙනි කොටස (11)


විවාහයෙන් අවුරුදු ගානකට පසු මටත් සුමල් මහත්තයාටත් එක වහළක් යට එකට වෙසෙන්නට යන්න වාසනාව ලැබිම, කොයි තරම් නම් ලොකු දෙයක්ද..... මගේ හිත පුදුමාකාර ලෙස සතුටින් උදම්ව ඇත.


රුවන්ගම නම් සුන්දර වන පෙතකට නුදුරු දුශ්කර ගමක ඉපදුන මගේ ඉදිරි කාලය නැතහොත් කොළඹ ගෙවන්න යන ජීවිතය ගැන මට දැන් ඇත්තේ විශාල නොවිසිලිමත් හැඟිමකි.


මගේ බාල කාලයේ මතක අතර ගෙවි යන්නේ, හත්වන දරුවා ලැබෙන්න ගොස් මියදුන මගේ අම්මා ගැන තිබුන මතකය, දැන් ටිකෙන් ටික මගෙන් ගිලිහි ගොස් ඇත. දරුවන් හ‍ය දෙනෙක්ගෙන් යුත් පවුලක තුන් වැනියා ලෙස උපන් මාව මගේ බාල කාලයේ ගමේ අහල පහල ගෙවල් වල ගෑනුන් හා මගේ අක්කා අය්යා මාව බලාගත් හැටි මට තවම මතකය. අවුරුද්දෙන් අවුරුද්ද එක ලඟ දරුවන් බිහි කල මගේ මවට, ගමේ ගැහැනුන්ගෙ උදව් උපකාර යහමින් ලැබුනත් මගේ උපතින් පසු, බාල මල්ලිලා හතර දෙනා බලාගන්න මම අම්මට උදව් කල හැටි මට තවමත් මතකයේ ඇත. තවමත් ඔවුන් මගෙන්ද උදව් උපකාර අවවාද ලබ ගන්නට පෙළඹි ඇත්තේ මේ ගමේ ජීවත් වන අනෙක් ඈයන්ට වඩා ඉගෙනීම අතින් වගේම , සාමාන්‍ය දැනුම අතින් මම ඉහළින් සිටිමත්, තැනට සුදුසු නුවණ පාවිච්චි කරමින් පිලිවෙලට ජීවිතය ගෙන යන්නට සමත් වීමත් උඩය.


මගේ බාල කාලය මට අවැසි ලෙස ගමේ කොල්ලො කෙල්ලෝ එක්ක කැලේ පැන ගඩා ගෙඩි කමින් ගෙවි ගිය නිදහස් ජීවිතය ගැන මතකයට මම බොහෝ කැමතිය. උදේ එළිවුන වේලාවේ සිට ගස් ගල් උඩ සෙල්ලම් කරමින් කාලය ගත කල අපි, කැලේ කොස් දෙල් අඹ කජු ගස් උඩ වැඩිපුර කාලය ගත කෙරුවෙමි.


ගමේ කොල්ලො කෙල්ලෝ වගේම අය්යලා මල්ලිලා එක්ක දිනක් කැලේ ඇවිදින්න ගොස් අතරමං උන හැටිද, මහ රාත්‍රීය වෙනකම් ගෙදර එන්නට පාර හොයා ගන්නට බැරිඋන හැටිද මගේ ජීවිතයට අමතක නොවන සිද්දින් අතර වේ....


මහ කැලේ ගඩා ගෙඩි කඩමින් ගිය මාත් සමඟ තව දරුවන් හත් දෙනකු නැවත ගෙදර යන්නට පාර අමතක වි , මහා රාත්‍රී අන්දකාරය වන විට ඇද හැලුන මහ වැස්සෙන් බේරෙන්න කැලේ තුබුන ගල් ගුහාවකට ගොඩවි අපි එකිනෙකා බදාගෙන ඇඬුව හැටි...අද මෙන් මතකය. මහා රාත්‍රීයේ හුළු එළි පත්තු කරගෙන අපි හොයන්න ආ තාත්තා හා ගමේ මිනිසුන්ගෙ බැනුම් මැද ගෙදර ගිය අපට තාත්තාගෙන් ලැබුන කෝටු පාර ජීවිතයට අමතක නොවන සිදුවීම්‍ ය.


නිවාඩු කාලයට, පාන්දර එළිවුන යාමේ සිට ගමේ ගොඩේ ඇවිදින දරුවන් ගඩා ගෙඩි කඩාගෙන කමින් ගහෙන් ගහට යමින් බඩ පුරවා ගත් හැටි....කජු පුහුළන් කා ඇගේ ගා ගාත් කජු කිරි වලින් ඇදුම් දුර්වර්ණ වි තිබුන හැටිත්...කජු මද කපා කන්නට ගොස් අතපය හම ගොස්, වන වි තිබුන හැටිද අමතක නොවන මතකයන් අතර වේ.....


කැලේ සෙල්ලම් කරන්න ගිය කල, ගල් උඩ පඳුරු අස්සේ ඇති අන්නාසි ගෙඩි කඩා ගල් උඩ තබා ,තව ගලකින් ගසා ගෙන, සතුන් මෙන් අඹ අන්නාසි කාපු හැටිත් වෙ‍රළු, පළු , මාදම්, කොට්ටම්ඹා ආදි පළතුරු කාපු හැටිත්, ගස් උඩ ගෙවල් සාදාගෙන සෙල්ලම් කල හැටිත් .....මගේ බාළ කාලයේ මතක අතර ඇත.


බාල කාලය නිමා කොට වැඩිවියට පැමිනියාට පසු, ගෙදර දොරේ වැඩ කටයුතු ඉගෙන ගනිමින් තැන්පත් ජීවිතයක් ආරංභ කල මම, හැම අතින්ම ගෙදර දොරේ වැඩ පලට ඉතා දක්ශ වුවෙමි. ගෙදර දොරේ වැඩ මෙන්ම මැහුම් ගෙතුම් ඉවුම්පිහුම් වැඩිගිට් අයගෙන් ඉගෙන ගත් මම ඒ වැඩ අතින් ඉදිරියටම ගියෙමි . ගෙදර දොර පිලිවෙලට අස්පස් කරමින් ,ඉවුම්පිහුම් ,මැහුම් ගෙතුම් කරමින් ගෙවි ගිය කාලය වගේම සහෝදර සහෝදරියගේ උවමනා එපාකම් වලට උදව් කරමින් ගෙවා ආ කාලය නිම කර සුමල් වැනි හොද උගත්, වැදගත් මහත්මයකු කසාද බැද ගත් මම අවුරුදු හතක් ගමේම ජීවත් වෙමින් උන්නෙමි .


විවාහයෙන් පසු මා ලද දරුවන් තුන් දෙනාද හොදින් බලාගෙන ඔවුන් ලොකු මහත් කරමින් ගෙවාගෙන ආ,ජීවිතය තුල මගේ ඉවසීලිමත් බව නිසා, අවසානයේ මගේ ජීවිතයේ තිබුන ලොකුම බලාපොරොත්තුව ඉශ්ට කරගන්නට මට කාලය දැන් උදාවි ඇත. මහ වන්නියක ජීවත් උන මම දැන් මගේ සැමියා දරුවන් සමග කොළඹ එන්නට සැරසෙන්නෙමි .

මගේ බාල කාලයේ, තරුණ කාලයේ සියලු සුන්දර මතක අතර ගෙවුන නිදහස් නිවහල් ලෝකය අමතක කර දමා මම දැන් කොළඹ කොන්ක්‍රිට් ජීවිතයකට යන්නට නොවිසිල්ලෙන් සූදානම් වෙන හැටි....


" මහත්තයා අපි දැන් මොනවද කොළඹ ගෙදර යන්න ගෙනියන්න ගන්න ඕනේ....?


"මොනවත් ලොකුවට අපට ඒ ගෙදර නවතින්න ගෙනියන්න ඕනේ නෑ සුනිලා....ඒ කොළඹ නිල නිවාසයේ බිත්ති වලටම හයි කරපු අල්මාරි කබඩ් තියෙනවා , කුස්සියට විදුලියෙන් වැඩ කරන ලිපක් ,අවන් එකක්, කුස්සියේ පැනට් කබඩ් එහෙමත් ගහලා තියෙන්නේ .....ඒ නිසා, අපට ඒ ගෙදරට කියලා ලොකුවට බඩුමුට්ටු මුකුත් අවශ්‍ය නෑ....."


"අපිට ගෙදර වාඩිවෙන්න පුටු ටිකක් ,ඇදන් දෙකක්, කෑම මේසයක් එහෙම ගන්න වෙයි නේද...?


"ඔව් මම පුටු ටිකක් නම් හදන්න දුන්නා....අපි නිදා ගන්න ඇදන් දෙකක් ගමු..."


" එහෙනම් මම, මට කුස්සියට ඕන කරන හැලි වලං, හිරමනය, මිරිස් ගල වට්ටි පෙට්ටි වගෙ දේවල් ටික ටික ගෙනියන්න ලෑස්ති කර ගන්නම්. මගේ ඇදුම් මහන මැශිම තමයි කොළඹ ගෙනියන්න තියෙන ලොකුම අමාරුමබඩුව.... ඒක හරි බරයි...."


"ඔයාට කොළඹ ගෙනියන්න අවශ්‍ය දේවල් ලෑස්ති කර ගන්නකෝ මම අපට කොළඹ යන්න වාහනයක් ලෑස්ති කර ගන්නම්..."


"එතකොට කවද්ද අපි දැන් කොළඹ යන්නේ.....? අනේ මට මේ දරුවොත් එක්ක කොළඹ යනකම් ඉවසිල්ලක් නෑ......"


" එන සුමානෙ මට ගෙදර යතුර ලැබෙනවා.....මම කොළඹ ගිහින් මහ කන්‍ තෝරුවේ වැඩ පටන් ගන්න ඉස්සර තනියම ඒ ගෙදරට ගිහින් අවශ්‍ය දේවල් ඔක්කොම ලෑස්ති කරලා එන්නම් ...... ඊට පස්සේ ඒ සෙනසුරාදාම ඔයගොල්ලෝ ගමේ එක්ක යන්න මම එන්නම්..... ඔයගොල්ලෝ කොළඹ එන්න ලෑස්ති වෙලා ඉන්න..... "


" හොදයි එහෙනම් මම බඩුමුට්ටු ලෑස්ති කර ගෙන දරුවො තුන්දෙනා එක්ක කොළඹ එන්න ලෑස්ති වෙලා ඉන්නම්...අපට මාසයකට විතර ඇතිවෙන්න කන්න බොන්න හාල් තුනපහ, එලවළු පළතුරු , මිරිස්, ගොරකා ,කුරුදු, කරදමුංගු වැනි දේවලුත් ලෑස්ති කර ගන්නම්....."


"ඔයාට තනියම කොළඹ ගිහින් දරුවො තුන්දෙනා එක්ක වැඩකර ගන්න,පුලුවන් වෙයිද....? ටික දවසකට කවුරු හරි ගමේ ගෑනු ළමයෙක් එක්ක ආවොත් ඔයාට ලේසි වෙයිනේද සුනිලා ?...."


" ඒක නම් ඇත්ත මහත්තයා , මට මේ දරුවො තුන් දෙනා එක්ක කොළඹ එන එකත් අමාරු වෙයි ....චූටි දුවට තාම් මාස නමයයිනේ.....මට එයාව එක්ක එන එක තමයි අමාරු, තාම කිරි බොන දරුවනේ.....ලොකු පුතාලා දෙන්නා බලාගන්නත් මට අමාරු වෙයි......අපි වාහනයක කොළඹ යනවා නම් මම අපේ ගමේ විමලා නංගි වත් කොළඹ එක්ක යන්න ලෑස්ති කර ගන්නද?...මට දරුවො දෙන්නා බලාගන්න ඒයා එතකොට උදව් කරයි. "


"ඔව් අපි එහෙම කරමු. විමලා නංගිව ඔයා කොළඹ එක්ක එන්න ඒක ඔයාට ලේසියි වෙයි ,කොළඹ ගිය අලුත වැඩ කටයුතු කරගන්න එහෙම ......එයත් කැමති වෙයි කොළඹ ඇවිත් ටික කාලයක් ජීවත් වෙන්න ,කොළඹ ලස්සන අලුත් දේවල් දකින්න..."


"මහත්තයා දන්නවද වැඩක්..... මුළු ගමේම ඈයන්ට දැන් ආරංචි වෙලා මම දරුවන් එක්ක කොළඹ පදිංචියට යන්න හදන ගමන ගැන ..... . ඒ අය හැමෝටම සතුටුයි අපි දෙන්නට එක වහලක් යට එකට පදිංචියට යන්න ලැබුන එක ගැන. .....අපි කසාඳ බැදලා අවුරුදු හතකට පස්සෙ හරි කොළඹ යන්න වාසනාව ලැබුනෙ බාල දුවගේ වාසනාව නිසා වෙන්න ඇති......."


" අපට කොළඹ යන්න ලැබෙන්න ඇත්තේ එහෙම කියලා ගමේ ඈයෝ කියන විදිහට, ඒවා එහෙමම වෙන්න ඇති කියලා මටත් හිතෙනවා සුනිලා .... ".


"දැන් ඉතිං සුනිලා අක්කා කොළඹ ගිහාම අපට තමයි පාඩු...හදිස්සියකට ඇදුමක් මහ ගන්න,සරමක් මහගන්න කෙනෙක් නැතුව යනවා...."


"ඇයි ඉතිං අපේ පොඩි අක්කනෙ මේ ගමේ කෙල්ලෙක් අසාද බදින්න යන කොට උනත් , ලස්සනට ඇදුම් අන්දවලා මණමාලියෙක් කොරන්නෙත්....අනේ මන්දා මේ ගමේම හිටිය පොඩි අක්කා කොහොම ඒ දේවල් ඉගෙන ගත්තද කියලා ...."


"ඇයි ඉතිං ගමේ ඉන්න අකුරු කියවන්න ලියන්න බැරි අයට ලියුමක් අරින්න, ටෙලිග්‍රෑම් එකක් කියවලා දෙන්නෙත් පොඩි අක්කනේ...."


"ගමේ ළමයින්ට මොස්තර දාලා ඇදුම් මහල දෙනවා විතරක් නෙමේ, පොඩි අක්කා තමයි දරුවෙක් ලෙඩ උනත් දුවලා ගිහින් බලලා කරලා උපකාර කරන්නෙත්...., .."


"ඒ විතරක්‍ යැ, ඕන කෑම බීමක් ලුනු ඇඹුල් ඇතුව උයලා ගන්න කොයිතරම් නම් පොඩි අක්කා දක්ශද...මළගෙයක් මඟුල් ගෙයක් උනාම ඉතිං මේ මුළු ගමටම නැතුව බැරි කෙනෙක් තමයි මේ අපේ සුනිලා පොඩි අක්කා....පොඩි අක්කා යැයි සුරතල් නාමයෙන් මුළු ගමේම ඈයන්ගේ ආදර කරුනාවට පාත්‍ර වි සිටින මම ගමෙන් ඈත් ගි කොළඹ යන්නට ලෑස්ති විම නම් ගමේ සියල්ලන්ගෙ දුකට කනගාටුවට හේතුවි ඇත.


"කොළඹ ගියාට කමක් නෑ පොඩි අක්කේ අපිව බලන්න නිතර ගම එන්න ..."


" මෙච්චර කාලයකට කොළඹ ලස්සන බලන්න යන්න බැරිවුන අයට ඉතිං...... දැන් කොළඹ බලන්න යන්නත් පුලුවන් වෙයි.... ....අපේ මහත්තයාට ආන්ඩුවේන් ලැබුන ගෙදර මහා විසාල එකක් කියනවනේ..,...ලයිට් වතුර ගේ ඇතුලෙම තියෙනවා කියන්නේ.... .....බිමට රතු සිමෙන්ති දමපු ගෙයක්ලු.....


"ඔයගොල්ලන්ට නිවාඩු පාඩිවේ කොළඹ ඇවිත් අපේ ගෙදර නැවතිලා කොළඹ බලාගෙන යන්න එන්නත් පුලුවන් ...."


"අනේ ඉතිං අපේ පොඩි අක්කගෙ වාසනාව තමයි ,මේ වගේ කැලෑ ගමක හිටිය අක්කට කොළඹ රටට පදිංචියට යන්න ලැබුන එක....මොනවා උනත් බාල කෙල්ලගෙ වාසනාව .....නැත්තම් ඉතිං කසාඳ බැදලා අවුරුදු හතක්ම කොළඹ මහත්තයා ලඟට යන්න බැරුවනේ සුනිලා නංගි හිටියේ....."


"ඒක ඇත්ත ...ගමේ හැමෝම හිතාගෙන හිටියෙ මහත්තයා සුනිලා නංගිව අමතක කරලා වෙන කසාදයක් කොළඹින් කරගෙන ඇති කියලයි....ජුවානිස් අප්පුහාමි උනත් බයේ ඉන්න ඇත්තේ , සුනිලා කෙල්ල අමාරුවෙ වැටුනද කියලා ..."


"සුමන සමන් දෙවියන්ගෙ පිහිටෙන් එහෙනම් නංගියේ උඹ දරුවොත් මහත්තයාත් එක්කත් කොළඹ ගිහින් සැපෙන් සනීපයෙන් ඉදපං....උඹට කවදාවත් වරදින්නේ නෑ...."


අවසානයේ ගමේ සියලු දෙනාගේ ආශිර්වාදය ඇතුව මට දරුවෝ තුන් දෙනාත් සමඟ මහත්තයාට ලැබුන කොළඹ නිළ නිවාසය බලා යන්නට වාසනාව ලැබුනි.

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page