top of page
  • Writer's picturePrisila Godahewa

💥බැද්දේ කුමරිය කොළඹ ඇවිත් 💥

💥 බැද්දේ කුමරිය කොළඹට 💥

(එකලොස්වෙනි කොටස 11)


අපේ විවාහයෙන් අවුරුදු හතකට පසු මට සුමල් මහත්තයා හා දරුවන් සමඟ එක වහළක් යට එකට වසන්නට වාසනාව ලැබි ඇත වැඩිමහල් පුතාලා දෙදෙනාට පසු අපට ලැබුනු බාළ දියණියගේ උපතෙන් මාස, නමයකට පසු, මගේ කොළඹ සිහිනය සැබෑ කරගන්නට හැකි විම මගෙත් වාසනාවක් කියා මට දැන් සිතේ.


කොළඹින් හැතැප්ම ගානක් දුර බැහැර , සුන්දර දුශ්කර වනපෙතක ඉපදුන මට, සියල්ල අවසානයේ කොළඹ පදිංචියට එන්නට වාසනාව ලැබි ඇත. එය නම් මටත් වඩා,මගේ දරුවන්ගෙ වාසනාවක් කියා මට නිතර සිතේ. දුශ්කර වන පෙතක ජීවත් උන මම , කොළඹ පදිංචියට එන්නට පෙරුම් පීරූ මට, කුමක්දෝ වාසනාවකට, මගේ ආශාව ඉශ්ට කර ගන්නට හැකිවි ඇත... දුශ්කර ගම්මානයක ජීවත් වෙමින්, නිදහස් ජිවිතයකට හිමිකම් කිව්වත්, මගේ දරුවන්ගෙ සුන්දර අනාගත සිහින ඉටුකරගන්නට නම් කොළඹ ජිවිතය අනිවාර්ය වෙන බව මට වැටහි යමින් තිබින. ඈත දුශ්කර ගමක ඉපිද, ඒ ගමේ සුන්දරත්වය විද ඒ ගමේම මැරිලා ,බිමට පස්වනවාට වඩා, මට අවශ්‍ය උනේ මගේ ජීවිතයේ ඉදිරි කාලය අවට ලෝකය මගේ දෙනෙතින්ම දැක, ඒ ලෝකය තුල මගේ දරුවන්ට නිදහසේ ඇවිද යන්නට ඉඩ සලසාදී..... මුළු ලෝකයම දරුවන් අතට පත්කොට සැනසීමක් ලැබ ගන්නටය. ලෝකයේ සැබෑ තත්ත්වය දැක ගැන්මට ,ඒ තුල සැරි සරන්නට ,ලෝකය සැබෑ ලෙස විදින්නට නම් ගමෙන් එළියට ආ යුතුම. ඒ බව වැටහුන මම ඒ වෙනුවෙන් කල කැපවීම, උත්සහය අද ඉශ්ට කරගන්නට මට හැකියාව ලැබි ඇත. මටත් මගේ දරුවන්ටත් හොද කලක් බලාපොරොත්තුවෙන් මම ආ මාර්ගයෙ වැදගත් කම මගේ දරුවන් කවදා හෝ තේරුම් ගනු ඇත. ඒ දිනය එන තෙක් මගේ දරුවන්ට හරි මඟ පෙන්වා දෙමින් මම මේ ගමන් පිටවි තවත් දුශ්කර ගමනක් යන්නට සුදානම්ව කොළඹ පදිංචියට නැතහොත් කොන්ක්‍රීට් වනාන්තරයට අද දින පය ගැසුවෙමි.


මමත් මගේ දරුවන් තිදෙනාත් සමඟ මම අද දින ආ ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්තක ගමනක් වේවා යැයි මම ඉත සිතින් පැතුවෙමි.


සුන්දර වනපෙත අයිනක පිහිටා තිබුන සුන්දර ගමක ජීවත් වු මම අවසානයේ , දිනයක කොළඹ බලා මගේ පවුලේ අය සමඟ පැමිණ කොළඹ නිවාසයක පදිංචිය ඇරඹුවෙමු .


"මම මේ උදේ ඉදන්ම, කොයිවෙලේ වාහනය කොළඹට එයිද කියලා බලාගෙන හිටියේ...."


"දරුවොත් එක්ක වාහනේ එන්න ගිහාම ටිකක් කරදර උනා මහත්තයා ...., ඒත්

අපි උදේම ගමේ ඉදන්, ගුණදාස අය්යත් එක්ක මේ ලොරි භාගේ ආව නිසා තමයි අපට මේ වෙලාවට හරි කොළඹ එන්න ලැබුනේ...."


ඔයගොල්ලෝ බස්සන්න ගුණදාස අය්යා ආව එක හොදයි. මම ගෙදර යතුර භාර ඇරගෙන ඊයෙ ඉඳලා ලෑස්ති වෙලා හිටියේ ඔයගොල්ලන් කොළඹ එනකම්....ඉතිං මඟ දිගට වාහනේ එනකොට අමාරු උනාද සුනිලා ....?


"මගෙයි දරුවන්ගෙයි තනියට විමලා නංගි ආව එක හොදට ගියා.. ....නැත්නම් මට මේ ලොකු දරුවො දෙන්නා මේච්චල් කරගන්න බැරුව යනවා..... පොඩි දුවව අතේම තියාගෙන කිරි දිදි එන්නත් උනානේ....."


" මට සතුටුයි සුනිලා ,ඔයා දරුවොත් සමඟ කොළඹ ආව එකට.....එහෙනම් සුනිලා ඉස්සෙල්ලම ඔයා දරුවො එක්ක කොළඹ අපේ ගෙදරට ගොඩ උන නිසා, අපි කිරි ටිකක් උතුරවලා ගෙට ගෙවදිම කරමු නේද...?


"ඔව් ඔව් එහෙම හොදයි...., අපි දවල්ට කන්න කිරි බත් මුලක් ගමේ ගෙදරින් බැදගෙන ආවා....ඒ නිසා කිරි උතුරවලා අපි කිරිබත් කමු. තව ගමේ හැමෝම වගේ පුළු පුලුවන් හැටියට අපට රස කැවිලි හකුරු ,කෙසෙල් එහෙමත් දුන්න ඒවා මම ගෙනාවා. අපි කිරි උතුරවලා ,කිරිබත් කැවුම් කොකිස් කමු අද දවාලට....."


"ගමේ අය කැවිලි පෙවිලිටත් හදලා දුන්නද කොළඹ ගේන්න ...?


"ඔව්...ඔව්...අපේ අක්කා කැවුම් අග්ගලා හදලා දුන්නා...මංගො නැන්දයි, වට පිටාවේ ගෙවල් වල අයයි වැලිතලප නාරං කැවුම් කොකිස් පවා හදලා දුන්නා සුභ ගනක් යන්නෙ කියලා ...."


"අපි ගමේ ඉදන් ගුණදාස අය්යගෙ ලොරි භාගේ කොළඹ එනකම්, සුමල් අය්යා අලුත් ගෙදරට වේලාසන ඇවිල්ලා ගෙවල් අස්පස් කරලා තිබුන නිසා අක්කට ලේසි උනා නේද? අක්කට දරුවො එක්ක ඇවිත් අලුත් ගෙදර පදිංචි වෙන්න විතරයි තිබුන්නේ ඒක කොච්චර දෙයක්ද ? ....."


අවුරුදු ගානක සිට මගේ හිතේ තිබුන ලොකුම අසාව , බලාපොරොත්තුව සිහිනය උන කොළඹ පදිංචිය , අවසානයේ මට ඉශ්ට කරගන්නට ලැබි ඇත. එය මගෙ සිහිනය, මගේ වාසනව වගේම මගේ දරු තුන් දෙනාගෙ වාසනව බව මට දැන් වැටහි ඇත. ගමේ ජීවත් උන මම, මෙතැන් පටන් මගේ දරු තිදෙනාට අවට ලෝකය දැකිමට අවස්තාව සලසා දීම මගේ යුතුකමකි.


කොළඹින් හැතැප්ම ගානක් දුර යාන වාහනයක් යෑමට නොහැකි දුරක, කැලෑවක ,කන්දක ජීවත් වුන මට, මගේ දරුවන්ට අවසානයේ කොළඹ රටේ පදිංචියට එන්න ලැබි ඇත. මගේ හිතේ ඒ ගැන ඇත්තේ කියාගත නොහැකි ලොකු සතුටකි.


" සුනිලා ඔයාව මට හමු උන මුල්දවසේ ඉදන් ඔයා මට හැමදාම කිව්වේ කොළඹ පදිංචියට එන්න ආසයි කියලනේ.....ඔන්න මම ඔයාව කොළඹ පදිංචියට එක්ක ආවා....මෙතැන ඉදන් ඉතිං අපේ දරුවන්ව මේ කොළඹ පුරවරයේ පරිස්සමින් හදාගෙන, හොදින් ඉගැන්වීමේ කටයුතු ඔයාට භාරයි....මගේ යුතුකම ඔයාගෙ ආසාව ඉශ්ට කිරිම නම් මම කලා...."


"අනේ ඔව් මහත්තයා , ඔයා මගේ ආසාව සතුට ඉශ්ට කලාට බොහොම ස්තුතියි . මගේ හිතේ තියෙන සතුට කියලා ඉවර කරන්න බැරි තරම් .....මට ඕන අපේ දරුවන්ට මේ අලුත් ලෝකය පෙන්වන්න, හොදින් උගන්වන්න ....හොද අනාගතයකට යවන්න.."


කොළඹ ගෙදර පදිංචියට ඒම, කොළඹ ජීවිතයට පුරුදු පුහුණු විම මට එතරම් අමාරු නොවුනේ මීට පෙරත් මම කොළඹ ඇවිත් දින දෙක තුනක් තාත්තා ගුණදාස අය්යා සමග සුමල් මහත්තයාගෙ ගෙදර ඇවිත් නැවති ගිහින් තිබුන නිසයි .


කොළඹ අපට පදිංචි වෙන්න ලැබුනු අලුත් නිවාසයේ ගෙයින් ඉස්සරහ හා පිටුපස වත්තක් තිබිම තිබිම මට තවත් සතුටට කාරණයක් විය. ගමේ ගෙදර හිටිය කාලයේදි වගේම මට මෙහිදීද මිරිස් , එළවළු ටිකක් වගා කරගන්නට හැකියාව ලැබේ. අපේ නිවාසය පිටුපස ඇති මහා විශාල බෙලි ගහ... අපේ අහල පහල ගෙවල් වල අයට බෙදන්න තරම් ව්ශාල පලදාවක් තියෙන ගසකි. කොළ ගානට ගෙඩි ඇති එම ගහ, කවදත් පලින් බරවි ඇත.


"අපි වටපිටාවේ ගෙවල් වලට බෙලි ගෙඩි කඩලා බෙදමු...අපට මෙච්චර ගොඩක් කන්න බෑනේ...."


"හැමදාම උදේට බෙලි ගහ යට ගෙඩි බිමට වැටිලා තියෙනවා ....ඒ නිසා මම පුලුවන් හැම වෙලාවෙන අවට ගෙවල් වල අයට බෙලි ගෙඩි දෙනවා..."


"ඉදුනු බෙලි සිනි දාගෙන කන්නත් පුලුවන් වගේම , අමු බෙලි තම්බලා සිනි දාලත් රසයි...."


කොළඹ ගෙදර පදිංචියට ඇවිත් මාසයක් විතර කාලයක් ගෙවි ගියේ , මම හිතුවාට වඩා ඉක්මනට අපේ දරුවන්ද කොළඹ ජිවිතයට පුරුදු විම තුලය. එය මටත් සුමල් මහත්තයාටත් ලොකු සතුටක් විය.


"සුනිලා දැන් ඉස්සර වගේ කොට ගවුම් ඇදගෙන, ඊට උඩින් රෙදි ඇදගෙන මේ ගෙවල් වල ඔයාට ඉන්න බෑ.... එක්කෝ ඔයා ගෙදරට සාරියක් ඇදගෙන ඉන්න ඕනේ.....නැත්තම් දිග ගවුමක් අදින්න ඕනේ.... ඔයාට අදින්න දිග ගවුම් ටිකක් මහ ගන්න. මම රෙදි ගෙනත් දෙන්නම්....."


" ඔයා රෙදි ගෙනත් දෙනවා නම්, මම මගේ මැශිමෙන් මටයි දරුවන්ටයි කොළබට ගැලපෙන විදිහට ඇදුම් ටිකක් මහලා ගන්නම්....."


"ඒක හොදයි ...ඔයාට මහන්න පුලුවන් එක..."


"මහත්තයා දැන් අපි මේ ලොකු පුතාව කොළඹ ඉස්කෝලෙකට දාගන්න ඕන නේද....ලොකු පුතා ගමේ ඉස්කෝලේ දෙකේ පන්තියට වෙනකම් ගිය නිසා කොළඹ ඉස්කෝලෙකට දාගන්න අමාරු වෙන එකක් නෑනේ....."


"ඔව්...මම කොළඹ ඉස්කෝලයක් පුතාව ඇතුලත් කරන්න කියලා බලලා තියෙන්නේ ....ඒකට ඉල්ලුම් පත්‍රයක් දැම්මා...මේ ගෙවල් වල ඉන්න අයට කොළඹ ලඟම තියෙන ඉස්කෝලෙකට දරුවන් ඇතුලත් කරගන්න පුලුවන් ...."


"එහෙමද... ඒක නම් ලොකු දෙයක් ...දරුවා දෙකේ පංතියට වෙනකම් ගියේ ගමේ ඉස්කෝලේ ලොකු මහත්තයා, අපේ අක්කා කසාඳ බැදලා හිටිය කෙනා නිසයි...

නැත්නම් ලොකු පුතා ඉන්න ඕනේ එකෙ පංතියේ ...."


"ඔව් ලොකු පුතා පෙබරවාරි මාසේ පාසැලට ඇතුලත් වෙනවා නම් ඔයට වඩා පහළ පංතියකට තමයි ඇතුලත් වෙන්න ඕනේ ...ඒත් පුතාව වැඩිපුර පංතියක් ඉහළින් කොළඹ අලුත් ඉස්කෝලෙට ඇතුලත් වෙන්න පුලුවන් වෙයි...."


"ලොකු පුතා හරි ආසාවෙන් ඉන්නේ අලුත් ඉස්කෝලෙකට යන්න ...

දැන් කොහොමද එයා උදේ හවස ඉස්කෝලේ යන්නේ එන්නේ....?


" උදේට මම වැඩට යන ගමේ එයාව ඉස්ස්කෝලේට දාගෙන යන්නම්.... ඔයා දවල්ට ඉස්කෝලේ ගිහින් ලොකු පුතාව ගෙදර එක්ක එන්න .....එහෙම නැත්නම් විමලා නංගි අපිත් එක්ක කොළඹ ඉන්න එකේ, නංගිව ලෑස්ති කරන්නකෝ ලොකු පුතාව ඉස්කෝලේන් එක්ක එන්න...."


"විමලා නංගිට දිගටම මෙහෙ ඉන්න බැරි වෙයි....එහෙම උනොත් දවල්ට ලොකු පුතාව ගෙදර එක්ක එන්න යන්න මට යන්න වෙයිද...." මම මෙ පොඩි දරුවො දෙන්නා ගෙදර දලා කොහොමද ලොකු පුතාව ඉස්කෝලෙන් එක්ක එන්න යන්නේ....?


"බලමුකෝ අපි ඒකට පිලියමක් යොදමු...."



*ප්‍රිසිලා ගොඩහේවා *

-නැවත හමුවෙමු -

1 view0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page