top of page
  • Writer's picturePrisila Godahewa

🌺බැද්දේ කුමරිය 🌺

🌺 බැද්දේ කුමරිය 🌺 (20වෙනි කොටස)

https://www.facebook.com/groups/2653780434897311/permalink/3081606458781371/

මාළිගෙ දෙමව්පියන් වෙනදා මෙන්ම, මගේ අක්කට හා ශාන්ත අය්යට ඉතා හොදින් සංග්‍රහ කටයුතු කලේය. එය කවදත් මේ ගෙදර අයගේ සිරිතකි.


"මල්ලි කිව්වා ....මාළිගෙ අම්මට, මාත් එක්ක කතා කරන්න දෙයක් තියෙනවා කියලා මොකක්ද දන්නෑ නේද ඒ......?


"තව මාසෙකින් එකහාමරකින් විතර , මාළිගෙ තුන් මාසේ දානෙ හා බණ වැඩේ කතා කරගන්නත් උවමනාව තිබුනා.....

දැම්ම තියා අපේ මහත්තයා නම් දානෙට බණට අවශ්‍ය දේවල් ලෑස්ති කරනවා....."


මාළිගෙ ආන්ත්‍ර වීමෙන් පසු, ඇයගේ පියා බොහෝ මානසිකව වැටුන බවක් පෙනෙන්න ඇත. ...


"මාළි අපට හිටිය එකම දරුවනේ....මාළිට බාල මල්ලි කෙනෙක් හිටියා ..... ඉපදිලා අවුරුද්දකින් විතර එයා කහ උන හැදිලා නැතිවුනා...ඒ දරුවා නැතිවුනාට පස්සෙ අපට වෙන දරුවො හැදුනෙ නෑ....ඉතිං හිටපු එකම දරුවා, මාළි නැතිවුන එක ඒ මනුස්සයාට දරාගන්න අමාරුයි ....කොහොම උනත් යසොමා දුවේ....මාළිගෙ මේ පුතා හරි අපට දීලා ගිය එක, මේ දරුවා හරි ඉන්න එක අන්තිමට අපට ලොකු දෙයක් උනා...."


"මම දන්නවා නැන්දම්මේ ...අපේ මල්ලිත් ඒ ගැන හරියට කනගාටුවෙනවා...පිරිමියෙක් නිසා අනිත් අයට පේන්න ඇඩුවෙ නැති උනාට....මල්ලි හරියට මාළි නැතිවුන එක ගැන දුක්වෙනවා.....මට කිව්වා ,දරුවා හදාගෙන එයා ඉස්සරහ කාලේ තනියම ජිවත් වෙනවා කියලා ....මට එයාගෙ දරුවා ටිකක් ලොකු කරලා දෙන්න කියලා තමයි හැමතිස්සෙම කියන්නේ....."


"ඒක තමයි මම යසෝමා දුවට, මෙහෙ එන්න කියලා පනිවිඩය ඇරියෙත්.....සුමල් තාම තරුනයි....ඔය කිව්වට හැමදාම තනියම පිරිමියෙක්ට ජිවත් වෙන්න බෑනේ...යතාර්තයට මුහුණ දෙන්න එපෑ...මම සුමල් පුතාට කතා කරලා කිව්වා ....තව ටික කාලයක් මෙහෙම ඉදලා...දරුවා ටිකක් ලොකු උනාම .... ඒ කියන්නේ.....මාළිගෙ මළගෙයි උනුසුම ගිහාම.... දරුවා ගැනත් හිතලා....අපි ගැනත් හිතලා.....අපට ගැලපෙන තැනකින් කසාදයක් කරගන්න කියලා ...

සුමල් පුතා මූලිකව හිතන්න ඕනේ....දරුවගෙ අනාගතය ගැන ....අම්මත් නැති දරුවට තාත්තත් නැති නොකර...."


"ඒකනම් ඇත්ත

නැන්දම්මේ ....මම මල්ලි එක්ක ඒ ගැන මොනවත් කතා කලේ නෑ තාම....මොකද තාම මාළිගෙ මළගෙදර උනුසුම ගියෙත් නැති නිසා..."


"මාත් මේවා මෙච්චර ඉක්මනට කතා කරන්නෑ,.... අර කිරිසප්පයා ගැන හිතලයි මම මේ දේවල් යසෝමා දුව එක්ක කතා කරන්න ඕනෙ කියලා හිතුවේ...."


" ඉතිං නැන්දම්මා මොකක් ගැනද මේ කතා කරන්න හදන්නේ..?."


"මේක මේ දැන්ම කරන්න කියන දෙයක් නෙමේ....යසෝමා දුව උනත් දන්නවානේ....අපි මාළි දුව කසාද බන්දලා දෙන්න හදනකොට, දෙනවා කිව්ව දෑවෑද්ද ගැන....මටයි අපේ මහත්තයාටයි දැන් තියෙන ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නේ...සුමල් පුතා කවදහරි වෙන කසාදයක් කර ගත්ත දවසට අපේ තියෙන දේපළ බෙදිලා යන එක ගැනයි...."


"ඒ කිව්වේ නැන්දම්මේ ....මම නම් ඒවා ගැන මෙච්චර ඉක්මනට හෙව්වෙ නෑ......මල්ලිත් එහෙමයි....."


"ඒවා මම දන්නවා යසෝමා දුවේ...ඒ උනාට සුමල් පුතාගෙ අම්ම නැති නිසා, එයා වෙනුවෙන් හැමදේයක්ම, පහුගිය කාලේ කතා කලේ ඔය ළමයා නිසයි, මම මේ දේවල් ඔය ළමයට කියන්න ඕනේ කියලා හිතුවේ. ...මොකද සුමල් පුතාගෙ තාත්තා හිටියට, වෙද මහත්තයා මේ කිසිදෙයක් අපි එක්ක කතා කරන්නෑනේ..."


"අපේ තාත්තා අපේ අම්මා නැතිවුන දවසේ ඉදලා ...ගෙදර වැඩයි මල්ලිගෙ වැඩයි ඔක්කොම මට භාර දීල...බෙහෙත් සාප්පුවට වෙලා ඉන්නේ...හැම දෙයක් ගැනම කළකිරිලා ....මල්ලිගෙ නෝනා, මාළි නංගි නැතිවුන එක ගැන තාත්තා හරියට කනගාටු වෙනවා....මට කිව්වා ,මල්ලිගෙ දරුවා හදාගන්න අමාරුනම් අපෙ මහගෙදර ගෙනත් තියන්න, තාත්තා වැඩකරන අයත් එක්ක දරුවා හොදට බලාගෙන හදාගන්නම් කියලත්...තාත්තා වෙදමහත්තයෙක් නිසා ඒවා ගැන හොදට දන්න නිසා..."


"එහෙම් නෙමේ යසෝමා දුවේ....දුව දන්නවානේ ...අපේ මුළු දේපළම අපෙන් පස්සෙ අයිති වෙන්න තිබුනේ මාළි දුවටයි එයා කසාද බැන්ද කෙනාටයි කියලා ....ඉතිං දැන් මාළි දුව නැති නිසා...අපේ දේපළ සුමල් පුතාටයි, මේ කිරි දරුවටයිනේ අයිති වෙන්නේ.....ඉතිං අපට ඕනේ, සුමල් පුතා අපි කැමති කෙනෙක් කසාද බැදලා ,අපිත් එක්ක මේ ගෙදරම නැවතිලා ඉන්නවා නම් තමයි ....මොකද දැන් සුමල් පුතා මොනව කිව්වත් තව ටික කාලෙකින් කාව හරි කසාද බැද ගනියිනේ... "


"ඒක හරි නැන්දම්මේ ...හැබැයි මල්ලිට දැම්ම ආන්ඩුවේ කන්තෝරුවෙන් අස්වෙලා මෙහෙට, කළුතරට මාරුව දැම්ම හදාගන්න පුලුවන් වෙයිද කියන්න බෑ ...අනික මල්ලි දැම්ම කසාද බදින්න නම් කොහොමත් කැමති වෙන එකක් නෑ...."


"ඒවා ඔක්කොම හරි...අපි දෙයක් දැම්ම සුමල් පුතාට කතා කරලා , ලෑස්ති කරලා තිබුනොත්....මාළිගෙ අවුරුද්දේ දානේ ඉවර උනාට පස්සෙ අපට පුලුවන් නේ ඒ දෙවල් චාමෙට ඉවර කරලා ..

සුමල් පුතා එක්ක ඒ කසාද බදින දරුවට අපිත් එක්ක මෙහෙ ඉන්න...ඒක ගැන තමයි මට යසෝමට කියන්න ඕන උනේ..."


"ඔව් ඒක ඇත්ත නැන්දම්මේ ...නැන්දම්මලාට හොද විදිහක් කරන්නකෝ...කවුරු හරි නැන්දම්මලා කැමති ගෑනු ළමයෙක් ඉන්නවාද...?


"ඔව්...ඒක කියන්න තමයි මම යසෝමට එන්න කිව්වේ....අපේ නංගි යෝජනා කලා, එයාගෙ දුව ජයන්තිට සුමල් පුතාව කසාද බන්දලා දෙන්න...... මාළිගෙ ලඟම හිටිය නංගිනෙ....මොනව උනත් ජයන්ති , මේ කිරි දරුවගෙ පුංචි අම්මා නෙව... ජයන්තිව සුමල් කසාද බැන්දොත් දරුවා හදාගෙන දෙන්නට හොදට සතුටින් මේ දේපළත් භුක්ති විදින්න පුලුවන් වගේම ....අපේ මේ ගෙදර පදිංචි වෙලා ඉන්නත් පුලුවන් ..... "


"මෙච්චර ඉක්මනට මල්ලි කැමති වෙයිද දන්නෑ කසාද බදින්න ....."


"දැම්ම නෙමේ දරුවෝ......මාළිගෙ අවුරුද්දේ දානේ දුන්නට පස්සේ..."


"ඉතිං ජයන්ති නංගි කැමති වෙයිද ...මුළින් කසාද බැදපු පිරිමියෙක් කසාද බදින්න ..."


"ජයන්ති හරි කැමතියි සුමල්ට...අපිත් කැමතියි සුමල් ජයන්තිව කසාද බදිනවට...මොකද එතකොට මාළිගෙ දේපළ ඔක්කොම අයිති වෙන්නේ...මගෙ නංගිගෙ දුවටනේ....මාළිගෙ දේපළ ඔක්කොම අයිති සුමල්ටයි...දරුවටයිනේ. සුමල් ජයන්ති කසාද බැන්දොත්, ඉන්පස්සේ මගෙ දුවගෙ දේපළ ඒ දෙන්නට අයිති වෙනවනේ....."


"අපෙත් අකමැත්තක් නෑ ඒකට, ජයන්ති හොද ළමයා .....මල්ලිගෙන් තමයි ඒ ගැන අහන්න ඕනේ..."


" සුමල්ගෙන් මොනව අහන්නද...?යසෝමලා ඒවා එයාට තේරුම් කරලා දීලා මගුල තීන්දු කරන්න ..මොකද අපි කැමති නෑ.....සුමල් වෙන කෙනෙක් කසාද බැදල මාළිගෙ දේපළ පිටට යනවට.....සුමල් ජයන්ති නැතුව වෙන කෙනෙක් කසාද බැන්දොත් නම් අපි මාළිගෙ දේපළ සුමල්ට අයිති වෙන්න දෙන්නෑ.....ඒවා අපි ජයන්තිටයි මාළිගෙ පුතාටයි ලියලා දානවා...."


"මම මල්ලිට ඒ ගැන කියන්නම් මාළිලාගෙ අම්මේ..."


"ඔව්...එතකම් යසෝමා දරුවා ඒහෙ එක්ක ගිහින් හදාගන්න ...ජයන්ති සුමල් බැන්දට පස්සෙ බැරියැ ....අපේ මේ ගෙවල් වල ඇවිත් සුමල්ටයි ජයන්තිටයි නවතින්න ....එතකොටම දරුවා ආයෙත් මෙහෙ එක්ක එන්න පුලුවන් .... ජයන්තිගෙ මගුල ඉවරවෙන කම් දරුවා ගමේ අයට පේන්න ඉන්නේ නැති එක හොදයි ...ජයන්ති ඉස් ඉස්සෙල්ලා කසාද බදින්නේ ළමෙක් ඉන්න මිනිහෙක් කියලා අපේ නංගිලාගෙ නෑදෑයන්ට වැඩිය අඩබෙර ගහලා කියන්න ඕන නෑ ...කලින් බැදපු මිනිහෙක් උනත් කමක් නෑ...දරුවෙක් ඉන්න එක ඒගොල්ලන්ගේ, නෑදෑයින්ට නොකියා ඉමු .....දරුවට අපි වෙනස්කමක් කරන් නෑ තමයි ....ඒ උනාට, සුමල්ගෙ දරුවා යසෝමා හදාගන්න ගත්තා කියලා ප්‍රචාරය ඇරියොත්, ජයන්තිට ප්‍රශ්නයක් නැතුව කසාද බදින්න පුලුවන් ....හැබැයි යසෝමා බය වෙන්න එපා...අපි දරුවට අයිති දේපළ ඔක්කොම ඒ ළමයට ලියලා තියෙනවා අපි මැරෙන්න ඉස්සෙල්ලා "


"මං දරුවව අපේ ගෙදර එක්ක ගිහින් හදා ගන්නම් නැන්දම්මේ.....මාත් කැමතියි අපේ මල්ලි මාළිගෙ නංගි කෙනෙක් ආයෙත් කසාද බදිනවාට....‘‘


නැන්දම්මා අක්කා සමග කතා බහ කරපු සියලු දේ, මම ඒළග ඇතුල් කාමරයේ පුතා අතේ තියාන අසා සිටියෙමි. නැන්දම්මා හා අක්කාගෙ අවසාන තීරණය උනේ, මායි ජයන්තියි තව මාස ගානකින් විවාහ ජීවිතයට ඇතුල් වෙන එක ගැනය........ මා නැවත කසාද බදින තෙක් දරුවා හදා ගන්න අක්කා ඉදිරිපත් වුනා වගේම...... වෙනදාවගේම, අක්කා මගේ විවාහය ගැන ඇගේ ඒකමතික තීරණය මාළිගෙ අම්මාට කීය..... එවෙලේ මට අක්කා ගැන ඇතිවුනේ කේන්තියකි...නමුත් කිසිත් නොදන්න ගානට මම උන්නෙමි.


‘‘අනේ දරුවෝ මම මගේ එකම දුවගෙ දරුවා හදාගන්න අකමැත්තක් නෑ..... ඒ දරුවා ලොකු වෙනකොට අම්මා හොයයිනේ..... අපි මොනවද එතකොට දරුවට කියන්නේ....සුමල් අපේ ජයන්ති කසාද බැන්දට පස්සෙ අපි හෙමිහිට කාලයක් ගියාට පස්සෙ දරුවට උගන්නමු අම්මා ජයන්ති කියලා.. ..කොහොමත් දරුවගෙ පුංච් අම්මනේ ජයන්ති ...එකම ලේ නේ දරුවට තියෙන්නෙත්....‘‘


‘‘ඒකට ප‍්‍රශ්ණයක් නෑ...මම නැන්දම්මා කියපු විදිහට හැම දෙයක්ම කරන්නම්..... මං මගේ දරුවෙක් වගේ මල්ලිගෙ දරුවා හදා ගන්නම් නැන්දම්මේ... මල්ලි ආයෙත් කසාද බදිනකම්...."


" මාළිගෙ අම්මලා කැමති නම් මං අදම ගෙදර යන කොට දරුවා අපේ ගෙදර එක්කගෙන යන්නම්...මල්ලිත් මේ ගමන්ම අපිත් එක්ක යයිනේ.... එහෙනම් මම ටික දවසකට සුනිලා අපේ ගෙදර එක්ක යන්නම්.... දරුවගෙ වැඩ ටික, කිරි පොවන, කෑම කවන ඒවා පුරුදු සුනිලටනේ.....‘‘


‘‘මට මේ කිරිසප්පයා බලා ගන්න අමාරුයි.... ඒවා කරගන්න තරම් හයියක් නෑනේ දරුවනේ...... මගේ දුවගේ සියලූ දේපල මේ කිරි දරුවට තමයි. දුවට පුළුවන් නම් මගේ දුවගෙ එකම දරුවා ටිකක් ලොකුවෙනකම් බලාගන්න ,ලොකු දෙයක් .....සුමල් පුතා ආයෙත් කසාද බදිනකම් බලාගන්න..... පිං සිද්ධ වෙනවා.‘‘ නැන්දම්මා නැවත, මගේ ඉස්සරහ අක්කට අය්යට මට ඇසෙන සේ එසේ කීය. මම කිසිත් නොදන්න ගානට සිටියෙමි .


කෙසේ වෙතත් අක්කත්, ශාන්ත අයියත් මගේ එකම දරුවා....හදාගන්න භාර ගත් එක මගේ හිතට සතුටක් විය..... මට දරුවෙක් තනියම හදා ගන්න තරම් ශක්තියක් නැත.....දරුවන් දෙදෙනෙක් සිටින, මගේම අක්කා ලඟ දරුවා හැදෙන එක මට සතුටකි.


අක්කලාගෙ ගෙදර මගේ දරුවා සිටිම මට සතුටට කාරනයක් වෙයි.......මට මගේ පුතා දිනපතා දකිමින් ඔහු ලොකු වෙන හැටිද බලාකියා ගැනිමට හැකි වෙයි. ...


‘‘සුනිලගෙ තාත්තා හත්දවසේ දානෙට පස්සෙත් ආයෙත් ඇවිත් ගියා මෙහේ... සුනිලා ගමේ එක්ක යන්න කියලා .... .....සුනිලා ගමේ ගියොත් අපට දරුවා කොහොමත් තනියම හදාගන්න බෑ........ මාළිත් නැති නිසා සුනිල මෙහේ ඉන්නවට ජුවානිස් කැමති නෑ.....ඊටත් සුනිලා කසාද බදින්න ඉන්න කොළුවත් මාලිගෙ මළ ගෙදර ආවනේ...ඒ කොළුවා කියනවලු සුනිලව ගෙදර එක්ක යන්න කියලා ...ලඟදි සුනිලත් කසාද බදින්න හදන්නේ...‘‘


‘‘ඔව්.... අද අපි පුතා අපේ ගෙදර එක්ක යනකොට සුනිලවත් සුමාන දෙකකට විතර, අපේ ගෙදර එක්ක ගිහින් ඉදලා...පස්සෙ සුනිලව ගමේ යවමු ....දරුවා මට පුරුදු උනාට පස්සේම සුනිලා ගමේ යැව්වහම මට ලේසියි .....ඊට පස්සෙ මට දරුවා තනියම බලාගන්න පුලුවන්,.... එහෙම නැත්නම් ගමේ කාව හරි ගෑනු කෙනෙක් නවත්ත ගන්නවා දරුවා බලාගන්න... .ඒ නිසා සුනිල මෙහේ ඉන්න එක තේරුමකුත් නෑ......මෙච්චර දවසක් සුනිලා අපි වෙනුවෙන් කරපු උදව් අමතක කරන්නත් බෑ, ඒ ළමයත් කසාඳ බැඳලා පිලිවෙලක් වෙන්න එපෑ.... ‘‘

අවසානයේ අක්ක සුනිලා ගමේ යවන්න කැමති විය.


- නැවත හමුවෙමු- *ප්‍රිසිලා ගොඩහේවා*

0 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Commentaires


bottom of page