top of page
  • Writer's picturePrisila Godahewa

💞බැද්දේ කුමරිය 💞

💞බැද්දේ කුමරිය 💞

(අදින් අවසන් වන කතාවේ 31 වෙනි කොටස )

ගුණදාස නැවත කොළඹ විත් මා කන්තෝරුවේදී මුණගැසුනේ , මගෙත් සුනිලාගේත් මගුල් ගෙදරට දින පහක් පමණ තිබියදීය. බදාදා රුවන්වැල්ලේදී, රෙජිස්ට්‍රාර්ගෙ කන්තෝරුවට ගොස් කසාදය පොතේ අත්සන් කර එදින රුවන්ගම කන්ද පල්ලෙහා තිබෙන,සුනිලාගෙ මස්සිනාගේ ගෙදර ,නෑදෑහිත මිතුරන්ට දහවල් බෝජ්ණ සංග්‍රහය පවත්වා එදින රෑට අප දෙදෙනාට පැල්මඩුල්ලේ තනායමේ නැවති , දෙදිනකට පසු සුනිලාගෙ ගමේ යන්නට ලෑස්ති කර තිබුනි. ගමේ නෑදෑයින් හා යාලුවන්ට අප දෙදෙනා ගමේ යන දිනට බෝජණ සංග්‍රහය කල්දා තිබින. ගුණදාස කිව් ලෙස සියලු දේට එකග වී අප බදාදා උදේ පාන්දරින් රුවන්වැල්ලට යන්නට දේ ලෑස්ති කර ගත්තෙමු.


අක්කා සමඟ තරහ වී ඇගේ ගෙදරින් පිට වී ආපසු මා නැවත ඇය මුණගැසෙන්න නොගියාය. නමුත් මා තනි කැමැත්තට, සුනිලා කසාඳ බදින්න යන ආරංචිය අක්කාගෙන් දැන ගෙන ශාන්ත අයියා මගේ බෝඩිමට ආවේ මීට දින දෙක තුනකට උඩදීය.


‘‘මල්ලි අපිත් එක්ක තරහ වෙලාද පහුගිය දවස්වල අපේ ගෙවල් පැත්තෙ නාවේ...?.‘‘ ශාන්ත අයියා, අක්කාගෙ සැමියා කවදත් මට හිතවත්ය.


‘‘තරහක් නෑ අයියේ. අක්ක තාම හිතන් ඉන්නෙ මං පොඩි ළමයෙක් කියල.... එයා කියන හැමදේකටම මං කැමති වෙන්න ඕන කියලා...මටත් කියලා කැමති දෙයක් කර ගන්න අයිතියක් තියෙන්න ඕනනේ.....‘‘


‘‘ඒක නම් ඇත්ත.... යසෝමා ඉතිං මටවත් තනියම තීරණයක් ගන්න දෙන්නෙ නෑනේ.... ඔහොම තමයි මල්ලි ගෑණු.‘‘

ශාන්ත අයියා ද අක්කා විවාහ කරගත් පසු අක්කාගෙ අණසකට යටත්ව ජීවත් වෙයි.


‘‘මං සුනිලව බඳින්න ගත්ත තීරණය වෙනස් කරන්නෑ අයියේ.‘‘


‘‘ඒකට කමක් නෑ මල්ලි. මල්ලිට ඒ ළමයා හොඳට ගැලපෙනවා. හොඳ උත්සහවන්ත ගෑණු ළමයා...මල්ලිට. ජයන්ති කසාද බන්දලා දෙන්න ගොඩක් දවසක ඉදන් අක්කා බලන් හිටියනේ....ඊටත් ඒ මිනිස්සුන්ට පොරොන්දු වෙලා හිටිය නිසයි අක්කට තරහ ගිහින් තියෙන්නේ...ඒ මිනිස්සුන්ට මූණ දෙන්න බැරුව...සුනිලා ගමේ ගොඩේ උනාට,ඒක විවාහයට බාධාවක් කරගන්න ඕනේ නෑ....ඒ ළමයා ඉක්මනට කොළඹට පුරුදු වෙයි.... මල්ලි සුනිල කසාඳ බැඳලා හොඳින්න ඉන්න. මගෙනුත් සුභ පැතුම්.....‘‘


"අය්යට ආරංචියක් කියන්න තියෙනවා ....සෝමේ ජයන්ති කසාද බදින්න යන්නේ...ජයන්ති ඒකට කැමතියි. අය්යා ඒක අක්කට කියන්න....අනික මම සුනිලා කසාඳ බැන්දට පස්සෙ , මගෙ දරුවා අපේ ගාවට ගන්නවා....අක්කට ඒකත් කියන්න අය්යේ...."


"සෝමේ ජයන්ති කසාඳ බදින්න යන එකනම් හොද ආරංචියක්....අපට එතකොට මාළිගෙ ගෙදරින් ප්‍රශ්න එන්නෙ නෑනේ....හැබැයි දරුවා ,අක්කා ඔයාට ආපහු දෙයිද කියලා තමයි සැක.....දරුවා දැන් අපටනේ අම්මා තාත්තා කියන්නෙත්...අපි බලමුකෝ මොකක්ද ඒකට කරන්න පුලුවන් කියලා ...."


ශාන්ත අයියා ගැන මට විශාල ආදරයක් ඇති විය. ඔහු මගේ අක්කාගේ සැමියා නිසා..... ඔහුගේ කැමැත්ත, ආශිර්වාදය මට මගේ විවාහයට ලැබුණු එක ගැන මට විශාල සතුටක් විය.


‘‘දැන් කවදද සුනිලව කසාඳ බඳින්නේ.‘‘


‘‘එන බදාදා.‘‘


‘‘මෙච්චර ඉක්මණට.... කවුද යන්නෙ මඟුල් ගෙදර.‘‘


‘‘සෝමෙ තමයි ඔක්කොම ලෑස්ති කරන්නේ.... තව කන්තෝරුවේ යාළුවෝ දෙන්නෙක් ඒගොල්ලන්ගෙ නෝනලත් එක්ක එනවා කිව්වා ....‘‘


‘‘ආ... එහෙනම් හොඳයි. මොනව උනත් ගෑනු අය දෙන්නෙකුත් මගුලට යන එක හොදයි .... අනේ මල්ලි මට නම් මඟුල් ගෙදර එන්න වෙන්නෑ.... දන්නවානේ අක්කා දැන ගත්තොත් මමත් ගෙදර ඉඳල හමාරයි....‘


‘‘ආ... ඒකට කමක් නෑ. අය්යා පුළුවන්නම් තාත්තට කියන්න අපේ විවාහය ගැන.... මං සුනිලා මෙහේ කැන්දන් ආවට පස්සෙ තාත්තා බලන්න යනවා.‘‘


‘‘හොඳයි මං මාමට කියන්නම්කෝ...එහෙනම් විවාහයෙ වැඩ කටයුතු හොදින් කරගන්න ලැබේවා කියා මම ප්‍රර්තනා කරනවා.....‘‘


"බොහොම ස්තුතියි අය්යේ...."


බදාදා පාන්දර රුවන්වැල්ලට, මගේ කසාදය සදහා යෑමට මම සතුටින් වගේම හිතේ දෙගිඩියාවෙන් ලෑස්ති වි උන්නෙමි. මීට ප්‍රථම මාළි හා විවාහය සිදුකල දිනය, ඒ වෙනුවෙන් ඒ ගමන යෑමට ලෑස්ති වි සිටි සෙනග , කළුතර මාළිගෙ නිවසේ, ජයට ගත් විවාහ මංගල්ලය මට මැවි පෙනෙයි. එදින මගේ දෙවන මණමාළයා ලෙස පෙනි සිටි සෝමේ අදත් මගේ දෙවන මණමාලයා ලෙස මගේ ලගින් ඉදී.... මගේ දුකට සැපට එවන් මිත්‍රයෙක් සිටිම ගැන මට ඇත්තේ ලොකු සතුටකි.


සෝමෙත් සමග කන්තෝරුවේ මගෙ ළගම යාළුවො දෙන්නෙක්, ඔවුන්ගේ බිරින්දෑ වරු සමග,මගේ විවාහය සදහා යෑමට සෝමේ ලෑස්ති කරගෙන ඇත... බදාදා උදේ පාන්දර පහට පමණ විවාහය සදහා රුවන්වැල්ල බලා යෑමට, ඒ සියලු කටයුතු ලෑස්ති කර ඇත්තේ.... ,සෝමෙ මගේ කැමැත්ත අකැමැත්ත වත් නොඅසාය. ඔහු වේලාසන වෑන් රතයක්, අපට රුවන්වැල්ල බලා යෑමට ලෑස්ති කර තිබුනි. යාලුවන්ගෙ බිරින්දෑ වරුන් ,එදින උදේ සාමාන්‍ය ඇදුමකින් සැරසී ඇවිත් සිටියේ....රුවන්වැල්ලේ තානායමට ගොස් ,සාරි ඇදගන්න ,වේලාසන කාමරයක් ලෑස්ති කර තිබු බැවිනි. ඔවුන් අපේ බෝඩිමට, උදේ පාන්දර ඇවිත් තිබුනේ ඔවුන්ගේ කැමැත්තෙන්මය. අප හය දෙනා, උදේ පහ වෙනකොට රුවන්වැල්ල බලා යෑව් වෑන් රතයට ගොඩ උනෙමු.


මට සුනිලා අවසන් වතාවට මුණ ගැසුණේ සෝමේ සමග ඇයට තෑගි බෝග ඇරන් ඇගේ ගමට ගිය දිනය. එය ගතවි සුමන තුනකට පසු අපේ විවාහය සිද්ද වීමට යයි.


මගේ දෙවෙනි විවාහයේ හැම වැඩ කටයුතුත්තක්ම සෝමේ සැලසුම් කර ඇත. මම සුනිලාට කැමැත්තෙන් ඉන්නවා හැර, දුරදිග බලා වෙන කිසි දෙයක් ලෑස්ති කර ගැනිමට හොද මානසිකත්වයක මම නොසිටියෙමි. සෝමේ කියන හැම දේකටම කැමති වීම හැර වෙන දෙයක් කිරිමට තරම් දැනීමක්ද නොතිබුනි.


විවාහය සදහා ලෑස්ති විමට, හැමදේකටම තිබුණේ සුමාන දෙකක් වැනි කෙටි කාලයක්ය. එය මෙතරම් හදිසියේ සිදුවීමට හේතුව ,සුනිලාගෙ මගඇරුනු විවාහය දිනටම අපේ විවාහය සිදුකර ජුවානිස් ඇතුළු නෑදෑයින් ලැජ්ජාවෙන් බේරිමටය.


විවාහ දින උදේ අපි ලෑස්ති කරගත් පරිදි, රුවන්වැල්ලේ තානායමට වෑන් රතයෙන්, අපට උදේ අට විතර වෙනවිට යෑමට හැකි විය. අපි සියල්ලෝ මගුල් ගෙදර යෑමට ඇදුම් ඇදගැනිමට, කුළියට ගත් කාමරය තුල ඇදුම් ඇද පැළඳ ගත්තෙමු.


අපේ විවාහය ලියාපදිංචි කර ගැනිමට රෙජිස්ටාර්ගේ කාර්යාලය වෙත, අප සියලු දෙනා වෑන් රතයෙන් උදේ 10.30 විතර වන විට එහි ගියෙමු.


සුනිලාගේ ගමේ සිට රුවන්වැල්ලට ගොඩක් දුර පයින් පැමිණිය යුතු බැවින්, ඔවුන්ද ඊට පෙර දා රුවන්වැල්ලට නුදුරු ඇයගෙගෙ මස්සිනාගෙ ගෙදර නවාතැන් ගෙන ඇත. එම නිවසේම ඔවුන් අප වෙනුවෙන් බෝජන සංග්‍රහය සූදානම් කර ඇති බැව් දැනගත්තේ ගුණදාසගෙනි.


රුවන්වැල්ලේ තානායමේ සිට අප රෙජිස්ටාර්ගේ කාර්යාලයට, වාහනයෙන් එහි ගියේ මාත්, සෝමෙත් ඇතුළු අනිත් යහළුවන්ගෙ බිරින්දෑවරු මඟුල් ගේකට ගැලපෙන ලෙස සැරසී ගෙන්නය. මාත් දෙවන වරට ද මගේ සුදු කෝට් සූට් එක ඇඳ සැරසි උන්නෙමි. මම මෙම ඇඳුම මගෙත්, මාළිගෙත් විවාහ දින සැරසී උන් ඇඳුමම ය. අපේ පැත්තෙන් මාත් ඇතුළුව හයදෙනෙක් විාහයට පැමිණ සිටියෝය.

සුනිලාගෙ පැත්තෙන් දහදොළොස් දෙනෙක් පමණ විවාහයට පැමිණ සිටි අතර ඔවුන් ඔවුන්ගෙ ප‍්‍රමාණයට ලස්සන ඇඳුම් පැළඳුම් ඇද පැමින සිටියෝහ.


අපේ පැත්තෙ කට්ටිය දැක ඔවුන් රෙජිස්ටාර් කාර්යාලයේ පැත්තකට වී සිටියා හැර කතාබහට නොපැමිණියේය. අප කොළඹ ඈයන් බැවින් ඔවුන් අපට ගරු සරු ඇතුව කතා කරමින් හැසිරෙයි. සෝමේ, හා ගුණදාස මඟුල් ගෙදර නොහොත් අපේ විවාහය රෙජිස්ට කරන තැන හැම වැඩකටම දුව පැන වැඩ කරයි. සියලූම දේ සැලසුම් කරන්නෙ සෝමේය. ඔහුගේ අනු දැනුම ඇතුව අපේ විවාහය සිද්ධ වෙන්න යයි.

අප සියල්ලෝ ම රෙජිස්ටාර්ගෙ කාර්යාලය ඉදිරිපිට සිට ගෙන සිටියේ නැකතට එහි ඇතුළට යන්නටය. නැකත් බලා ඇත්තේ සුනිලාගෙ පැත්තෙන්ය.


ඔවුන් පැමින තිබු වාහනයේ ඇතුළත සිටි සුනිලා වේලාව ලං වෙන විට වාහනයෙන් බිමට බැස කාර්යාලය ඉදිරිපිටට ආවේ ඇගේ අක්කා කෙනෙකු සමඟ ය. ඇය දුටු වහාම මට විශාල සතුටක් දැණිනි. උඩරට ක‍්‍රමයට සුදු ලේස් ඔසරියක් ඇඳ ගෙන සිටි ඇය ඉතා පියකරු මණමාලියක් ලෙස මම දිටිමි. නළල් පටය දමා බෙල්ලට බැඳ තිබුණු ඇගේ විශාල කොණ්ඩයේ අරලිය මල් දෙකක් ගසා තිබුනි. කර මාළයක් පමනක් පැළඳ සිටි ඇය චාම් උඩරට මණමාලියක් ලෙස මට පෙනින. ඇය සරසන්න ඇත්තේ ඇගේ එකම අක්කා යැයි මට සිතේ... මා ඇය දෙස නෙත් නොපියා බලා සිටින බව දැනී ඇය හෙමිහිට ඔළුව උස්සා මා දෙස බලා පියකරු ලෙස දසන් නොපෙන්වා සිනා සී නැවත බිම බලා ගත්තාය.


රෙජිස්ටාර් කාර්‍යාලයේදි අපේ විවාහය ලියාපදිංචි කළ පසු අප සුනිලාගෙ මස්සිනාගේ ගෙයට ගියේ අපේ මංගල දින බෝජන සංග්‍රහයටය. දෙපැත්තේම නෑදෑයින්, යහලුවන් විස්සක් තිහක් පමණ එකතු වී කෙරුණු අපේ විවාහය ඉතා චාම් අයුරින් සුනිලාගෙ මස්සිනාගේ ගෙදරදි සිද්ධ විය.


එම නිවසේ අප වෙනුවෙන් ලෑස්ති කරතිබු චාම් මංගල පුටුවේ අප දෙදෙනා වාඩි වි හුන්නෙමු. සුනිලා මා ලඟම ල්ජ්ජාවෙන් ,කාසමගවත් කතාබහක් නැතුව ඉදගෙන හිදි. සුනිලාගෙ ගෙවල්වලට පහසුවෙන් යන්න පුළුවන් දුරකින් නොතිබි නිසා විවාහය රුවන්ගම පාසැලේ එකම ගුරුවරයා වන ඇගේ මස්සිනාගේ මහගෙදරදී සිදු විය.


‘‘දවල් කෑම කාලා ඉමු නේද?‘‘

ගුණදාස හා සුනිලාගෙ සහෝදරිය අප දෙදෙනාට හා අපේ යහලුවන්ට ආරාධනා කළහ.


‘‘ එහෙනම් යං කෑම කන්න.....‘‘ මං සුනිලාගෙ අතින් අල්ලා ඇය නැගුට්ටුවේ සතුටිනි.


‘‘අද සුනිලා හරි ලස්සනයි...‘‘


"ඇයි අයියත් කෝට් සූට් ඇඳලා අද හරිම ලස්සනයිනේ.....‘‘


‘‘දැන් ඉතිං අයියා කියන්න එපා.‘‘


‘‘එහෙනම් මං මුළින්ම කතා කරපු විදිහටම මහත්තයා කියලා කතා කරන්නම්.....‘‘


‘‘ඔයාට ඕන එකක් කියන්න .. යං අපි කෑම කන්න.‘‘


සියල්ලෝ කෑම කා ඉවර වුණ පසු සුනිලාගෙ නෑදෑ කෙනෙකු විසින් පැවැත්වු සුහද කතාවද ඉවර විය. ඔවුන් මටත් මගේ නෑදෑයින්ට සුනිලා භාර කළේ ජීවිත කාලයටම ඇයට හොඳ සැමියක් වී ඇයව හොඳින් බලා ගන්න ලෙස මට අවවාද අනුශාසනා කරය.


‘‘එහෙනම් ජෝඩුව පිටත් වෙන වෙලාව හරි..... එහෙනම් ලෑස්ති වෙන්න නෑදෑයින්ට කතා කරල නැකතට පිටත් වෙන්න.....‘‘


සුනිලා සහ මම ජුවාන්ට දෙකට නැමී වැඳ ආචාර කළෙමු. විවාහයට ඇවිත් සිටි වැඩිහිටි සියල්ලන්ටම වැද ආචාර කළ අප සෝමේ ලෑස්ති කර තිබූ කුලී රියෙන්, අපට කලින් වෙන් කර තිබූ රුවන්වැල්ලේ තානායම බලා ගමන් ආරම්භ කළේ රියදුරත් සමඟය.


‘‘සුනිලා ඇයි කතාවක් නැත්තේ.‘‘


‘‘මට සතුට දරා ගන්න බෑ.....‘‘


‘‘ඒ කියන්නේ සුනිලා මාව කසාඳ බඳින්න ගොඩක් ආසාවෙන් ද හිටියේ.....‘‘


‘‘ඇයි මහත්තයා කැමැත්තෙන් නෙමේ ද හිටියේ.....‘‘


‘‘ඇයි නැත්තෙ... ඒ නිසානේ ඔයාව හොයා ගෙන ආවේ.....‘‘ මං ඇගේ අත අල්ල ගෙන සිටියේ සතුට දොරේ ගලා යද්දීය.


‘‘හරි පුදුමයි නේද අපේ හමුවීම.....‘‘


‘‘ඒක තමයි කියන්නේ පතා ගෙන එන විදිහට තමයි හැමදේම සිද්ධ වෙන්නෙ කියලා. ලංකාවේ දකුණු කරේ ඉපදුන මම, කොළඹ රස්සාව කරමින් ජීවත් වුණ මං..... හද්ද පිටිසර කැලෙක හිටපු ඔයා වගේ ගැමි කෙල්ලක් අඳුනගත්ත හැටි..... මටත් හරි පුදුමයි ඒක නම්......‘‘


‘‘ආයෙත් යන්නෙ නැද්ද අයියත් එක්ක මිනුම් වැඩ බලන්න.....‘‘


‘‘අපෝ නෑ... මේ ගිහින් කරගත්ත දේ නේ මේ....‘‘

මං ඇගේ කර වටා අත දා මගේ ඇඟට තුරුල් කරගත්තේ ආසාවෙන් සතුට දොරේ ගලා යද්දීය. ඇය මුතු සිනා පාමින් මට තුරුළු වුණේ ඇස් දෙක ද පියාගෙනය.


.... නිමි....


මා සමග මාස එකහමාරක කාලයක් රැදෙමින් 💞බැද්දේ කුමරිය💞 නවකතාව කියවු ඔබ සැමට බොහෝම ස්තුතියි !!.


💞බැද්දේ කුමරිය💞 නවකතාවේ ඔබ දුටුව, අඩුපාඩු, හොද නරක සියල්ල ඉතා කෙටියෙන් දැන ගැනිමට මා ඉතා කැමතිය. එය මගේ ලිවිමේ හැකියාව තව දියුණු කරගැනීමට,බොහෝ උපකාරි වේයැයි මම විශ්වාස කරමි. එබැවින්

මා වෙනුවෙන් අදහස් බිදක් මෙහි යටින් ලිවීමට ඔබ සැමට කරන ආරාධනාවයි මේ.... ❤❤


-ස්තුතියි -

*ප්‍රිසිලා ගොඩහේවා *

3 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page