top of page

**පහසුවට බිත්තර රොටි හදමු **

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • May 10, 2020
  • 1 min read

අපේ ගෙදර හැමෝම කන්න කැමති කෑමක් තමයි බිත්තර රොටී. ඒත් බිත්තර රොටි හදන්න පිටි අනලා අත් ගහලා, පිපෙන්න තියලා හදන්න ගිහාම ගොඩක් වෙලාවක් යන නිසා මම ලේසි ක්‍රමයක් හොයා ගත්තා බිත්තර රොටි හදන්න .

පාන් පිටි කෝප්ප එකහාමාරක් ගෙන,

එය හොදින් දියකරලා එයටම බිත්තර තුනක් කඩා දාලා හොදින් ගසා ගන්න. එයට ලුනු, ගම්මිරිස්, හීනියට කපා ගත් බීලුනු, කරපිංචා , දමා හොදින් ගසා ගන්න .

පසුව පෑන් එකක් ලිපේ තබා එයට තෙල් ටිකක් දමා හොදින් රත්වුන පසු මුලින් හදාගත් පාන් පිට් මිශ්‍රණයෙන් ලොකු හැන්දක් ගෙන වත්කර, එය තැම්බිගෙන එනවිට හතර කොන හැන්දකින් නමා බිත්තර රොටියේ හැඩය ගෙන තව තැම්බෙන්න හැර උනුවෙන් කෑමට ගන්න. අවශ්‍ය නම් උඩින් චීස් ටිකක් දමා කෑමට ගන්න .




Comments


bottom of page