top of page
  • Writer's picturePrisila Godahewa

**නෝම්බි කාලෙට කන්ජි කැද **

මේ දවස් වල මුස්ලිම් ජනයාගේ නෝම්බි කාලය නිසා ඔවුන් උදේ ආහාරයෙන් පසුව පැය 12 ක කාලයක් නිරාආහාරව සිට හවසට මුලින්ම කෑමට ගන්නේ කන්ජි නම් බත්, මස් වර්ග , එලවලු , පොල්කිරි දමා සාදන කැද වර්ගයකි.. එය ඉතා පෝශ්‍ය දායක ඇගට ගුනවත් කෑමක් වේ.

බොහෝ කාලයකට උඩදි මම රස බලා තිබුන මේ කන්ජි කැද කෝප්පයක් නැවත රස බලන්න ආසාවක් තිබුනි.

අද හවස අකිලා දුව මගේ ආසාව ඉශ්ට කලේය. ඇය සාදන්න ගත් කන්ජි කැද එක සාදන හැටි බලන් ඉදපු මට, ඔබලාටත් එම කන්ජි කැද එක හදන හැටි ලියන්න සිත් වුනි.

--අවශ්‍ය ද්‍රව්‍ය --

*කැකුලු හාල් හුන්ඩු 2ක්

*කුකුල් මස් හෝ කැමති මස් වර්ගයක් 500g

*කැරට්, ගෝවා ,තක්කාලි , වැනි කැමති එලවලු වක් ( අකිලා දුව ගත්තේ තක්කාලි පමනයි)

* බී ලුනු . අමුමිරිස් , සුදුලූනු , ඉගුරු කැබැල්ලක් , රම්පෙ කරපිංචා , කුරුදු ,කරදමුංගු කරල් දෙකක්, ගම්මිරිස් ඇට, මිරිස් කුඩු , කරාබු නැටි, බැදපු තුනපහ කුඩු , අමුතුනපහ කුඩු .


--සාදන ක්‍රමය --

රතු හාල් , කටු සහිත කුකුල් මස් ලොකු භාජනයක තැම්බෙන්න තියන්න. එයට කහ, ගම්මිරිස් ඇට 10 විතර , තුනපහ කුඩු ටිකක්, ලුනු, කහ කුඩු, මිරිස් කුඩු ටිකක් , දමා හොදින් තම්බා ගන්න . එයට තක්කාලි ගෙඩියක් , බි ලුණු ගෙඩියක් , අමු මිරිස් , කරපිංචා, සුදුලූනු , ඉගුරු කෑල්ලක් , රම්පේ දමා හොදින්ම බෙරි වෙන්න හරින්න.

හාජනයක් ලිප තබා එයට බටර් ටිකක් දමා බී ලුණු , කරපිංචා , කරදමුංගු , කරාබු නැට්, සූදුරු, රම්පේ දමා හොදින් බැදුන පසු එය තම්බාගත් හාල්, මස් බාජනයට දමා තව තැම්බෙන්න තියන්න. එයට අවශ්‍ය පමන ලුනු සහ පොල් කිරි කෝප්පයක්ද එකතු කර හොදින් තැම්බුනු පසු කෑමට ගන්න . තමන්ට කැමති එලවලු , පරිප්පු , මුංඇට , කැමති මස් වර්ග එකතු කර කන්ජි කැද සාදා ගත් හැකිය. එක එක්කෙනා හා එක එක පලාත් වල කන්ජි කැද හදන ක්‍රම වෙනස් විය හැක. කෙසේ සැදුවත් මෙය ලොකු පොඩි ඕන කෙනෙක්ට ඉතා ගුනදායක රසවත් කැමකී .

ප්‍රිසිලා ගොඩහේවා

87 views0 comments

コメント


bottom of page