top of page

🌹නොනිමි ගමන🌹

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Apr 8, 2022
  • 5 min read

(9 වෙනි කොටස)

සියල්ල අවසානයේ අප දෙදෙනාගේ විවාහය....

නීත්‍යානුකූලව, පොතේ අත්සන් කිරිම පමනක් ඉතා චාමෙට අපේ මාකුඹුර ගෙදරදි, පවුලේ අයගේ සහභාගිත්වයෙන් 1993 නොවැම්බර් 29 වෙනිදා සිදු විය....


නිත්‍යානුකූලව විවාහ දිවියට එළඹියත්..... පෝරුව, නැකත් චාරිත්‍ර වාරිත්‍ර ඇතුළුව මංගල්‍ය සිදුවෙන තෙක් අප දෙදෙනාට වෙනම ගෙවල් දෙකේ ජීවත් වීමට සිදුවිය....... විවාහය පොතේ අත්සන් කිරීමට වඩා, නැකත්, පෝරුවේ චාරිත්‍ර වලට මුල්තැන් දීපු අපේ දෙමව්පියන්ට අවශ්‍ය ලෙසම ඒ කටයුතු හැම දෙයක්ම සිද්ද විය. මටත් අංජුටත් එයින් පිට කිසි දෙයක් කිරිමේ අවශ්‍ය තාවයක්වත්, චාරිත්‍ත්‍රානුකූලව පෝරුවක නැග විවාහය සිද්ද වෙන තෙත් එක ගේක පදිංචියට යාමක් වත් අවශ්‍ය නොවුනේ...., අපි දෙදෙනාත් අපේ සිංහල චාරිත්‍රවාරිත්‍ර කෙරෙහි ලොකු විශ්වාසයකින්, ගෞරවයකින් බැදි උන් බැවිනි.


"දැන් ඉතිං ජනවාරි මාසයේ 14 වෙනිදට තියෙන මගුලට ලෑස්ති වෙන්න එපෑ...."


"ඇයි අපි දෙන්නට නවතින්න ගෙයක් හොයන වැඩේ, ඒකත් කරගන්න එපෑ....මම නම් වෙඩින් එකෙන් පස්සෙ අපේ ගෙදරවත් ඔයගොල්ලන්ගෙ ගෙදරවත් නවතින්න කැමති නෑ......මම ආසයි ගොඩක් නිදහසෙ ජීවත් වෙන්න....මට ඕනේ තනියම උයාගෙන කාලා ඔයා එක්ක විතරක්, තනි ගේක ,තනියම ජීවත් වෙන්න ...."


"මටත් එහෙම තමයි ඕනේ....අපි වෙනම පදිංචි වෙලා ඉදගෙන අපේ දෙමව්පියන් ගැන හොයලා බලමු, ඒගොල්ලන්ට උදව් කරමු....වැඩි ඈතක නෙමේ මහ ගෙවල් වලට විනාඩි 20/30 යන්න එන්න පුලුවන් පැත්තකින් අපි ගෙයක් හොයා ගමු....."


"මහ ගෙවල් වල ඉඩ තිබුනා කියලා ඒවායේ පදිංචියට යනවට වඩා අලුත විවාපත් යුවලක් වෙනම පදිංචි උනොත් තමයි දියුනුවක් ලබන්න පුලුවන් .....අපි දෙන්නගෙ අනාගතය ලස්සන කරගන්න දියුණු කරගන්න මට ඕනේ...අපේ දියුනුව මට මගේ මහන්සියෙන්ම ලබන්න ඕනේ, දෙමව්පියන්ගෙ උදව්වක් නැතුවම..... "


"ඔයා ඉතිං මට මුලින්ම හමුවුන දවසේ කිව්වෙත් ඒකනේ....මතකද අර අපි දෙන්නා මුලින්ම හමුවුන දවසේ බස් එකක නැඟලා අපි යනකොට..... ඔයා මට රතුපාට කාර් එකක් පෙන්නලා....."අන්න අර වගෙ කාර් එකක් මම දවසක ගන්නවා කිව්වා....."


"අපි දෙන්නගෙ වාහනය දැන් බයිසිකලය උනාට ..... ඉදහිට ගෙදර වාහනේ අපි දෙන්නා එහෙ මෙහෙ ගියාට, කවදාහරි අපි අපේම කියන්න ගෙයක් දොරක් හදාගෙන වාහනයක් ගන්න ඕනේ.....ඒවා අපේ මහන්සියෙන්ම කර ගන්න ඕනේ.....එතකොට තමයි ඒවායේ වටිනාකම වැඩි වෙන්නේ...."


"දැන් එන්න එන්නම වෙඩින් එක ලං වෙනවා.... වැඩත් තියෙනවා ....ලොකුම දේ කොළඹ හෝටලයක වෙඩින් එක ගන්න නිසා ටිකක් ලේසියි...උදේට ඇදගෙන යන්න විතරනේ තියෙන්නේ ...."


"බලාගෙන ඉන්න කොට වෙඩින් එක ලං වෙනවා තමයි , ඒ උනාට මට නම් වෙඩින් එක ගන්න හොටෙල් එකේ සරසන වැඩ, පෝරුවේ වැඩ ගැන බලන්න තියෙනව.....වෙඩින් එක ඉවර උනාට පස්සෙ තමයි අපට නිදහසක් ලැබෙන්නේ....මේ දවස්වල ඒ වැඩට ගිහින් මට හරිම මහන්සියි....."


"අපේ තාත්තා පෝරුවේ චාරිත්‍ර කරන අය, නැට්ටුක්කාරයෝ ,බෙරකාරයෝ එහෙම ලෑස්ති කරලා ඉවරයි ......වෙඩින් කේක් එක මමයි අම්මයිනේ හදන්නේ, කේක් කෑලි ඔතන වැඩේ කරන්නත් තියෙනවා, මගේ වෙඩින් එකේ ඇදුම් මහලා නම් ඉවරයි , ඒවා දැන් වැඩ දාන වැඩ තමයි ඉතුරු වෙලා තියෙනවා ....."


මගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනාගේ විවාහයෙන් පසු අපේ විවාහය ගෙවල් දෙකේ ම නෑදෑයන්ගේ ආශීර්වාදය මැද

1994/01/14 දින කොළඹ ජානකී හෝටලයේ දී ගන්නට සියලු වැඩකටයුතු සුදානම්ය ..... එය ඉතා චාම්ව, ළඟම නෑ හිතමිතුරන්ට පමණක් කියා ගන්නට හදන විවාහ මංගල්‍යයක් වේ....අපේ විවාහ මංගල්‍යය මටත්, අංජුටත් කිරිමට අවශ්‍ය වුණේ තනිකරම අපි දෙදෙනාගේ කැමැත්ත අනුව ඉතා චාමෙට, ණයතුරුස් නොවී අපට කරගන්න පුලුවන් ප්‍රමානයටය.... ලෝකෙට පේන්න ලොකු වෙඩිමක් කරන්න අපට අවශ්‍ය නොවිය. අතයාවශ්‍ය චාරිත්‍ර වාරිත්‍ර, නැකත් කටයුතු අනුව සිදුකර, ගෙවල් දෙකේ නෑදෑයින් ලඟම යාළුවන්ට පමනක් කියා මඟුල ඇරගෙන , අතේ ඇති සල්ලි අපේ අනාගතය වෙනුවෙන් ඉතිරි කර ගැනිමයි අපට අවශ්‍ය උනේ..... විවාහයෙන් පසු අපට ජීවත් වෙන්න, අපේම කියා ගෙයක් දොරක් හදාගන්න ,ලස්සන බඩුමුට්ටු එකතු කරගෙන සතුටින් ජීවත් වෙන්නයි අපට අවශ්‍ය උනේ....ඒ දේ අපි අපට අවශ්‍ය විදිහටම කර ගත්තෙමු.


"අපි වෙඩින් එකට වැඩිය වියදම් කරන්න අවශ්‍ය නෑ....ඒවා බොරු වැඩ..."


‘‘ මට අවශ්‍ය කවදාහරි අපි දෙන්නට ඉන්න,ගෙයක් දොරක් මගේ තනි මහන්සියෙන්ම හදා ගන්නයි. ඒවට අවශ්‍ය කරන දේවල් මං කොහොමහරි තනියම හදා ගන්නවා...... ඔයා මං ලඟින් ඉඳන් ඒවට මට උදව් කරන්න , මට ඒ ඇති ....’’


‘‘අපි බැන්දහම කුළී ගේක පදිංචියට යනවට, ගෙවල් දෙකේම අම්මලා කැමති නෑ.....’’


"ඒක ඒගොල්ලන්ට මදි කමක් කියලා හිතනවද දන්නෙ නෑ.....අපට ඕනේ අපේ නිදහසයි....අපි දෙන්නා අපි හිතපු විදිහට වැඩ කරගෙන යමු....."


‘‘අපේ ගෙදර අපේ අම්මයි තාත්තයි, අයියලයි ඉන්න නිසා මං කොහොමත් වෙනම තමයි ඉන්න කැමති.....’’ අංජු කීය.


‘‘අපේ ගෙදර නම් අක්කලා දෙන්නා බැඳලා ගිය නිසා අම්මයි, තාත්තයි විතරයි ඉන්නේ. ඒ වුණාට මං කැමති ඔයා එක්ක වෙනම කුළී කාමරයක හරි කමක් නෑ තනියම ඉන්න......මට ආසයි ඔයාට උයලා දෙන්න , ඔයාගෙ ඇඳුම් හෝදලා මැදලා දෙන්න....ඔයාගෙ වැඩ ටික මගේ අතින් කරලා දෙන්න. ඒකයිනෙ මම වෙඩින් එකට ලෑස්ති වෙනකොටම රස්සාවෙන් අස්වුනේ......ඔයත් කැමති නෑනේ මම රස්සාවකට ගිහින් මහන්සි වෙනවට....’’


"ඔව්...මගේ රස්සාවේ පඩිය ඇති අපි දෙන්නට ජීවත් වෙන්න. මම ආසා නෑ ඔයා මහන්සි වෙනවට....ඊටත් වඩා ඔයයි මමයි දෙන්නම රස්සාවට ගිහින් මහන්සි වෙලා ගෙදර එනකොට අපිට ජීවත්වෙන්න සිදුවෙන්නේ මැශින් වගේ..... ඔයා ගෙදර වැඩ බලාගෙන නිදහසේ ගෙදර ඉන්න. ...."


‘‘ ඔව් මාත් කැමති එහෙම තමයි.....’’


‘‘හෙට අපි වැඩ ඇරිලා එන ගමන් පිටකොටු යමු ද? ගෙදරට තව ඕන කරන බඩු එහෙම ඇරන් තියාගන්න වෙනවා.....මේ මම රස්සාවට යන අන්තිම දවස් ටික....’’


‘‘අපි එන සුමානේ යමු........’’


‘‘මං ලිස්ට් එකක් හදලා ගෙදරට ඕන කරන පොඩි බඩු ගොඩක් දුරට ඇරන් ඉවරයි ......ඒ උනාට ඔයත් එක්ක ශොපින් යන්න ආසයි මම ’’


‘‘ඒක හොඳයි, කසාඳ බැඳල ගිය ගමන් අපට අවශ්‍ය බඩු තිබුණොත් ලේසියි.....මාත් ඔයත් එක්ක කවද්ද එක ගෙදරකට වෙන්නේ කියලා ඇඟිලි ගනන් කරනවා.....’බැන්දට පස්සේ අපි ගෙයක් හදාගන්න වැඩේ ගැන බලමු.’


’‘අපි දෙන්නටම දියුණු වෙන්න ආසාව තියෙන නිසා හොඳයි.....’’


‘‘මං වැඩියෙන් ම කැමති, අපි දෙන්නා තනියම තීරණ ඇරන් තනියම වැඩ කරන එක ගැන තමයි.’’


‘‘අම්මලා, තාත්තලා කියන දේවල් අහන්න ඕනේ තමයි..... ඒ වුණාට විවාහ වුණාට පස්සෙ නම් අපේ තීරණ අපි ඇරන් වැඩ කරොත් තමයි ඒක වටින්නේ.’’


‘‘ඔව්, අපි වෙනම කුළී ගේක හරි හිටියොත් තමයි අපට වැඩිපුර ගෙදරට බඩු හරි එකතු කර ගන්න පුළුවන් වෙන්නේ.....’’


‘‘අපි දෙන්න හිතන විදිහ හොඳයි. වෙන අය නම් කසාඳ බඳිනකොට වෙඩින් එකට තියෙන තරම් වියදම් කරනවා මිසක් ඊට පස්සෙ ජීවත් වෙන්න මොනවද කරන්නෙ කියල හිතන්නෙ නෑනේ. අන්තිමට අම්මලා තාත්තලාටත් කරදරයක් වෙන්න, ගිහින් මහ ගෙදර නැවතිලා, තියෙන හොඳ හිතත් නැති කරගන්නවා....දෙමව්පියන්ට නිදහසේ සතුටින් ඉන්න දෙන්න ඕනේ......දෙමව්පියන්ට සලකන්න එක ගෙදරම නැවතිලා ඉන්න ඕනේ නෑනේ ....ඔන්න අසනිපයක් නම් කමක් නෑ.....නැවතිලා ඒගොල්ලන්ට සාත්තු සප්පායම් කලාට......එහෙම නැතුව ඈතින් ඉදන් ඒගොල්ලන්ගෙ අවශ්‍ය තාවයන් බලන්න බැරි කමක් නෑනේ .. ....වෙනම ඉන්න තරමට හොද හිත හැමදාම තියාගෙන ඉන්න පුලුවන් .....’’


‘‘අනේ ඔව්..... මට නම් හැමදාම අම්මලා, තාත්තලා එක්ක හොඳ හිත තියාගෙන ජීවත් වෙන්න ඕනේ...... අපි වෙනම ජීවත් වුණොත් ඒක අනිවාර්යයෙන් ම සිද්ධ වෙනවා.....’’


‘‘අපි දෙන්නගෙ කේන්දර හොඳටම ගැලපුනෙත්, අපි දෙන්නා එකම විදිහටම හිතන නිසා වෙන්න ඇති.....’’


විවාහය කිට්ටු වෙනකොට, අංජුගේ කැමැත්තට වගේම මගේ කැමැත්තටත් මම රැකියාවෙන් අස්වී ගෙදර නැවතුනෙමි. අපේ තාත්තාගෙන් නම් එයට කැමැත්තක් නොතිබුනි.


‘‘දැන් අපි වෙඩින් එකට ලෑස්ති වෙන්න ඕනේ.....’’


අපි විවාහ උත්සවය සඳහා වියදම් කරේ ඉතා අරපරිස්සමෙනි....... වෙඩින් එක අපේ පැත්තෙන් කරන නිසා අංජුලගෙ පැත්තෙන් හෝම් කමින් එක නොහොත් දෙවන ගමන කරන්න ලෑස්ති වි ඇත. වෙඩින් එකට හා දෙවන ගමනට නෑදෑයින් හා යාළුවන් තෝරා බේරා ගෙන දින දෙකට නෑදෑයින් වෙන් කර ගත්තේ අමාරුවෙනි....


‘‘වෙඩින් එකට හෝටලේ ගන්න නිසා අපි , වැඩිපුර හෝම්කමින් එකට මිනිස්සුන්ට එන්න කියමු.’’


‘‘ඔව්, හෝටලේ ගාන වැඩි නිසා එහෙම කරමු.’’



‘‘අපි රත්තරං බඩු හදන්න යන්නේ කවදද.....?’ අම්මලා දෙන්නටම ඒ ගමනට යන්න එන්න ඕනලූ....."


‘‘හැබැයි ඉතිං මගේ රත්තරං බඩු මට ඕන විදිහට තමයි ගන්නේ.....’’ අවුරුදු දෙක තුනකට උඩදි රැකියාවට යන්න පටන් ගත් අංජුගේ අතේ වැඩිය සල්ලි නැති බව මං දැනන් සිටියෙමි.


‘‘මං ඔයාට හදල දෙන මුද්දට, තාත්තා සල්ලි දෙන්නේ...... ඔයා මට ලාභෙට කරමාලයක් හදල දෙන්න වැඩිය වියදම් කරන්න ඕනේ නෑ.’’ මම කීවෙමි.


මම මගේ විවාහය සඳහා පෝරුවේදි පැලදීමට ගත්තේ බොහෝම චාම් කරමාලයක්..... මුද්ද උනත් තෝරාගත්තෙ ගනන් බලලාය. ජීවිත කාලයක් එකට ඉන්න යන සැමියාව ඕනෑවට වඩා වියදම් කර, ණය කර රත්තරං බඩු හදාගන්නට, විවාහය සදහා වියදම් කිරිමට.....මට අවශ්‍ය නොවිය. හිතට බරක් නොවි විවාහය කරගෙන, ඔහු සමග එක වහලක් යට ජීවිතය ජය ගැනීමයි මට අවශ්‍ය උනේ.....


මගේ අම්මාගෙ නම් මූණ හරි නැත. ලාභෙට මාලයයි, මුද්දයි හදා ගත්තා කියා.....


‘‘අපේ එන්ගේජ්මන්ට් මුද්දටත් ඔයා වියදම් කරානේ .... මේ මුදු දෙක, මේ කර මාලේ මට ඇති.....ඕනෑවට වඩා රත්තරං වලට වියදම් කරන්න ඕනේ නෑ.....’’ මම කීවෙමි.


‘‘දැන් එතකොට දෙවන මණමාලියන්, මනමාලයන් කවුද?’’


‘‘අපි මල් කුමරියොයි, මල් කුමාරයොයි විතරයි අපේ වෙඩින් එකට ගන්නේ..... නැත්නම් වියදමත් වැඩි වෙනවනේ ඒ අයගෙ ඇඳුම්වලටත්......’’


‘‘‘කවුද වෙඩින් කේක් එක කරන්නේ.’’


‘‘ඒක පොඩි අක්කා කරල දෙන්නම් කිව්ව, එයා ගානේ......’’


"අපි දැන් කසාඳ බැඳලා කොහේද හනිමූන් යන්නේ...?


"මගේ යාළුවෙක් ලඟඳි කසාඳ බැන්දා, ඒගොල්ලෝ ගියේ ඇල්ල රෙස්ට් හවුස් එකට....එහේ. ගානට සීතල තියෙන පැත්තලු ,හරි ලස්සනයිලු....අපි දෙන්නා එහෙ යමු. මම රෙස්ට් හවුස් එක බුක් කරන්නම් දැන්ම..... ඒකේ තියෙන නොම්බර 4 රූම් එකලු, ලස්සනම විව් එක තියෙන්නේ . ඒ නිසා ඒක දැන්ම බුක් කරලා දාන්න ඕනේ...."


අපි දෙදෙනා වෙඩින් එකේ හැම දෙයක්ම ලස්සනට, වියදම් අඩු වෙන් ,පරිස්සමට හැම දෙයක්ම කලේ කාටවත් සතපහක් ණය නොවීය...... ගෙවල් දෙකේම වැඩහිටි අයගෙන් වෙඩින් එකට අවශ්‍ය දේ සිද්ද විය.


විවාහ උත්සවය කොළඹ ජානකි හෝටලයේදී සිදු කිරිමටත් එදා රෑ අප දෙදෙනා එම හෝටලයේම නැවති හිද....., පසුදින නුවර, නුවරඑළිය හරහා ඇල්ල ගෙස්ට් හවුස් එකට හනිමූන් යන්න සියල්ල අංජු වේලාසන ලෑස්ති කර ඇත.


අංජු හිටියෙ අපේ ගෙදරට එහා පැත්තේ ගෙදර නිසා.....එක තාප්පෙන් තමයි ගෙවල් දෙක වෙන් වුණේ.....අපේ ගෙදරට එනවා නම්, වටයක් එන්න ඕන නිසා, වෙඩින් එකට ඕන කරන දේවල් අමතක වෙන දේවල් තාප්පෙට උඩින් කතා කරලා කර ගන්නත් අපට පහසු විය.


-නැවත හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

1 Comment


Lakmini Jayanetti Perera
Lakmini Jayanetti Perera
Dec 18, 2021

ඔබ දෙපළ අද මෙතරම් උසස් දියුණු තත්ත්වයක ඉන්නේ, ඒ කාලයේ ඉඳන්ම හොඳින් සිතා බලා, ලෝකෙට පෙනෙන්න වැඩ නොකරපු නිසා බව, ඉතාමත් පැහැදිලියි. හරිම ආදර්ශමත් ප්‍රිසිලා, මේක ලංකාවේ දැන් ණය වෙලා මගුල් ගන්න අයට යස පාඩමක්. මම හරියටම අගේ කරනවා ඒ දුරදිග බලා කරන ක්‍රියාවන්👍

ඔබ දෙපලට හැමදාමත් ජය පතමි🙏❤

Like
bottom of page