top of page

🌹නොනිමි ගමන 🌹

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Apr 8, 2022
  • 3 min read

(8) වෙනි කොටස )



කොට්ටාවේ මාකුඹුර අලුත් ගෙදර පදිංචියට ආ පසු, අප දෙදෙනා

1990 /10/ 09 මුණ ගැසි ආදරයෙන් බැඳුනෙමු. ඊට අවුරුද්දකට පසු දෙදෙනාගේම ගෙවල් දෙකේ කැමැත්ත ලබාගෙන අපි අපේ විවාහයට නොවිසිල්ලෙන් සුදානම් උනෙමු .....


මගෙ අක්කලා දෙන්නම ඒ වෙනකොට කසාඳ බැදලා ගෙදරින් ගොස් හිටිය නිසා අපේ විවාහයටත් ගෙදරින් දැන් කැමත්ත ලැබි ඇත.....ඒ ගැන අපි දෙන්නට තිබුනේ ලොකු සතුටක් ...


"අපේ වෙඩින් එකට නැකත් බලලා තියෙන්නේ ...ඒත් අපේ රෙජිස්ටේශන් එක වේලාසන ගෙදර කරමු කියලා අපේ අම්මලා කියනවා ...ඒකට දිනේ තියෙන්නේ නොවැම්බර් 29 ...එතකොට වෙඩින් එකට දින දීලා තියෙන්නේ 1994 ජනවාරි 14........"


"අක්කලා දෙන්නත් කසාඳ බැදලා ඉවරනිසා, දැන් අපට නිදහසේ කසාඳ බදින්න පුලුවන් ....මට ආසයි ඉක්මනට ඔයා ලඟට එන්න.....අවුරුදු 25ක් ගෙදර අම්මලා තාත්තලා එක්ක හිටියා දැන් ඇති කියලා හිතෙනවා.....මට දැන් ආස ඉක්මනට ඔයත් එක්ක එක වහලක් යටට වෙන්න ....."


"ඒකනේ ඔයා වැඩට යන් ගමන් ඉස්සරහ කාලේ ගෙදරට ඕන බඩු දැන්ම තියා පොඩ්ඩ පොඩ්ඩ එකතු කරගන්නේ...."


"ඔව් මම අපි කසාඳ බැදලා එකට ඉන්න කොට ,අපි දෙන්නගෙ පාවිච්චියට ඕන කරන බඩු ඒකියන්නේ ලුනු පොල්කට්ටේ ඉදන් හැම දෙයක්ම ටික ටික එකතු කරලා ඉවරයි...."


"දැන් නොවැම්බර් 29 අපේ විවාහය රෙජිස්ටර් කරන එක ඔයගොල්ලන්ගෙ නේද තියෙන්නේ ...."?


"ඔව්...ඒකට අපේ ගෙවල් දෙකෙ අය විතරයිනේ එන්නේ...රෙජිස්ටාර් ගෙදරට ඇවිත් විවාහය රෙජිස්ටර් කරනවා....ඒ උනාට අපි දෙන්නා එක වහලක් යටට යන්නේ ජනවාරි මාසේ පෝරුවට නැගලා ලොකු වට උත්සවය ගත්තට පස්සේ.....මම හරි ආසයි අපේ පරණ නැකත් සිරිත් විරිත් වලට....ඒවා හරි විදිහටම ඉශ්ට කරන්න ඕනේ...."


"මට නම් ඒ දවස එනකම් ඉවසිල්ලක් නෑ...."


"දැන් කොහේද අපි දෙන්නා,කසාඳ බැදලා ඉවර වෙලා පදිංචියට යන්නේ....?


"අපි දෙන්නම ගෙවල් වල බාලයො නිසා ,අපි දෙන්නගෙම ගෙවල් වල පදිංචි වෙන්න පුලුවන් නේද....?


"ඒ උනාට මම කැමති නෑ අපේ ගෙදර නවතින්න ....මම කැමති වෙනම කාමරයක් හරි කුළියට අරන් වෙනම පදිංචි වෙන්න.....මම කැමති නෑ කසාඳ බැන්දට පස්සෙ අම්මලා තාත්තලා එක්ක ජීවත් වෙන්න .....මට හිතෙන්නේ අපි අපේ අලුත් ජීවිතය තනියම අලුත් තැනක පටන් ගන්න ඕනේ කියලා ....එතකොටයි අපට නිදහසෙ ජීවත් වෙන්න පුලුවන් .....අපේ දියුනුවට උනත් හොද...."


"ඇත්තටම මමත් කැමති එහෙමයි....තියෙන දෙයක් උයාගෙන කාලා තනි ගේක ජීවිත් වෙනකොට හරිම පහසුයි, ලේසියි, හිතට නිදහස්....අපට හිතුනොත් උයාගෙන කනවා, නැත්නම් එළියෙන් කනවා...හිතෙන වෙලාවක දෙන්නත් එක්ක ඇවිදින්න යන්න පුලුවන් අපේ යාළුවො අපට ඕනවිදිහට ආශ්‍රය කරන්න පුලුවන් ....ඕන ගමනක් බිමනක් අපට ඕන විදිහට යන්න පුලුවන් ....අපේ අලුත් ජීවිතේ තීරණය අපි දෙන්නට අවශ්‍ය විදිහට ගන්න පුලුවන් ....මම කැමති නෑ විවාහ උනාට පස්සෙ අම්මලා තාත්තලා අපේ දේවල් වලට මැදිහත් වෙනවට....අපි පොඩි ළමයි නෙමේනේ....අපිත් වැඩිහිටියෝ, යමක් කමක් තේරුමක් තියෙන අය....අපි වෙනම හිටියයි කියලා දෙමව්පියන් බලන්න යන්න ,උදව් කරන්න බැරි කමක් නෑනේ ....වෙනම හිටියොත් අපි හැමෝටම සතුටින් සහයෝගයෙන් ඉන්න පුලුවන් ....එක ගෙදර පදිංචි වෙන්න,ගිහාම තමයි ඔක්කොම ප්‍රශ්න.....අපි වෙනම හිටියම, දෙමව්පියන්ගෙ විශ්‍රාම කාලය ඒගොල්ලන්ටත් විවේක සුවයෙන් ඉන්න පුලුවන් .....නැත්නම් ඒ මිනිස්සුන්ටත් වෙන්නේ කවදහරි අපේ ළමයි හද හද, අපේ ප්‍රශ්න ඔළුවට දාගෙන, විවේක සුවයෙන් ඉන්න තියෙන කාලේ කරදර වෙන්නයි ....මානසිකව වැටෙන්නයි....."


"ඒක නම් ඇත්ත.....වැඩිහිටියන්ට නිදහසේ ඉන්න දෙන්න ඔනේ....."


"ඒ වගේමයි .....අපේ තාත්තා ගොඩක් නීතිරීති දාගෙන ඉන්න කෙනෙක්, අපි අපේ ගෙදර පදිංචියට ගියොත්, අපි කසාඳ බැන්දත් තාත්තගෙ නීතිරීති වලට යටත් වෙලා තමයි මට ඉන්න වෙනේ....මට ඔයා කියන ඒවා අහන්න වෙන්නේ නෑ.....තාත්තා කියන විදිහට තමයි ජීවත් වෙන්න වෙන්නේ....ඒකයි මම කුලී ගේක හරි වෙනම ජීවත් වෙන්න කැමති ...."


"ඇයි අපේ තාත්තත් එහෙම තමයි ....එයත් කැමති නෑ හවස හයෙන් පස්සේ අපි ගෙදරින් එලියට යනවට....ගිය තැනකින් හවස හයෙන් ඉස්සර ගෙදර එන්න ඕනේ....රෑ,ගමන් බිමන් වලට කැමති නෑ...."


"අපේ තාත්තාත් යාලුවො ගෙදර එක්ක එනවට කැමති නෑ....කෑම කන්න ගියත් කෑම මේසයට වාඩිවෙලා කෑම කන්න ඔනේ......TV බලන ගමන් කෑම කනවට කැමති නෑ....මහගොඩක් නීතී....එහෙම බැලුවම අපි දෙන්නා කසාඳ බැන්දට පස්සෙ වෙනම ගේක ඉන්න එක තමයි හොද...කොටින්ම අපේ දියුණුව වෙනුවෙන් ඒක හොදයි.... . වෙනම ගෙදරක හිටියොත් තමයි අපිට ගෙදරට බඩුමුට්ටු ටිකක් හරි එකතු කරගන්න හිතෙන්නේ, සල්ලි පිරිමහගන්න හිතෙන්නේ ...ඒ නිසා අපි අපේ වෙඩින් එකෙන් ඉස්සෙල්ලා අපිට නවතින්න කුළියට ගෙයක් හොයා ගමු...අපට වෙනම ගේක සතුටින් ඉන්න පුලුවන් එතකොට...මහ ගෙවල් වල ගිහින් නැවතුනොත් ගෙවල් කුළී ගෙවන්න වෙන්නෙ නැති නිසා සල්ලි ඉතිරි කර ගන්න පුලුවන් තමයි ....හැබැයි ඊට වඩා මට වැදගත් අපි දෙන්නත් එක්ක නිදහසෙ සතුටින් ,තියෙන දෙයක් කාලා ඉන්න එක.... "


"මමත් කැමති එහෙම තමයි ....අපි දෙන්නම එක විදිහට හිතන එක හොදයි ...එහෙනම් අපි බැන්දට පස්සෙ නවතින්න තැනක් දැන්ම තියා හොයලා තියාගමු...."

"ඔව්....එහෙම කරමු...."


"දැන් අපේ රෙජිස්ටේශන් එකේ වැඩේ ලෑස්තිද ?


"ඒවා ලෑස්තියි එදාට අපට කපන්න කේක් එකක් අපේ අක්කා හදනව කිව්වා...."


"අපේ අක්කලා දෙන්නම එදාට අපේ ගෙදර එයි.....අපේ ලොකු අක්කට දැන් බබෙක් හම්බවෙන්න ඉන්නේ..."


"අපේ ලොකු අය්යා නම් අපේ වෙඩින් එකට තමයි රට ඉදලා එනවා කිව්වේ....එයා මගේ වෙඩින් සූට් එක මහන්න රෙදිත් එවනවා කිව්වා...."


"මගේ නම් සාරි හැට්ට මහන්නේ අම්මා....රෙජිස්ටේශන් එකට, වෙඩින් එකට හෝම් කමින් එකට තුනටම ....මල් කුමරියන්ගෙ ඇදුම් මහන්නෙත් අපේ අම්මා....අපේ අම්මට හොදට ඇදුම් මහන්න පුලුවන් .....ඒ වගේම මම තමයි මගේ වෙඩින් සාරියට වැඩදන්නේ...මට ඒ වැඩත් පුලුවන් ...හැම දෙයක්ම මමත් අපේ අම්මගෙන් ඉගෙන ගෙන තියෙන්නේ ...."


"ඔයා හැම දේටම දක්ශයිනේ...."


" මේ දවස්වල අක්කලා දෙන්නම කසාඳ බැදලා ගිහින් නිසා මම තමයි ගෙවල් දොරවල් අස්පස් කරලා ,වත්ත,සුද්දකරලා හැම දෙයක්ම ලෑස්ති කරන්නේ අපේ වෙඩින් එකට ඉස්සර ...."


-නැවත හමුවෙමු -

* ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

2 Comments


Lakmini Jayanetti Perera
Lakmini Jayanetti Perera
Dec 15, 2021

එදා ඔස්ට්‍රේලියා නොගියාට, කොහොම හරි මේ රටේම පදිංචි උනා නේද?👍❤️

Like

Lakmini Jayanetti Perera
Lakmini Jayanetti Perera
Dec 15, 2021

ශා...... ඔය දෙන්නා තරුණ කාලයේ ඉඳන්ම හරිම පිළිවෙලට වැඩ කරලා තියෙන එක හරිම අගෙයි, හරිම ආදර්ශමත්😍❤️

Like
bottom of page