top of page
  • Writer's picturePrisila Godahewa

🌹නොනිමි ගමන🌹

(7 වන කොටස )


1970 කොළඹින් යාපනයටත් 1976 දී නැවත කොළඹටත් පැමිණි අපේ පවුලේ අය , ඉන් පසුව

බොරලැස්ගමුව, මොරටුව හා නුගේගොඩ පදිචිව සිට අවසානයේ අලුත් නිවසක් මිලදිගෙන කොට්ටාවේ මාකුඹුර පදිංචියට යෑම, අපි සියලු දෙනාගේම ජිවත අලුත් පිටුවක් පෙරළුන කාලයක් විය. අලුත් ගෙදර පදිංචියට යන්න ලෑස්ති වීම අපි හැමෝගෙම සතුටට හේතුවක් විය. අලුතෙන් මිලදී ගත් කොට්ටාව මාකුඹුරේ අලුත් නිවසට යන්න ගෙදර හැමෝම කළබලේ ලෑස්ති වෙන්නේ ලොකු උනන්දුවකිනි....


"දැන් අපි කොට්ටාවේ, අපේ අලුත් ගෙදරට පදිංචියට යන්න ලෑස්ති වෙන්න ඕනේ....සනා කම්මැලි නැතුව ඒ වැඩ වලට උදව් කරන්න ...එන මාසේ ලොකු අය්යත් රට ඉදලා ගෙදර එනවා....අපි එයාව පිළිගන්න ලෑස්ති වෙන්නත් ඕනේ...ගොඩක් වැඩ තියෙන කාලයක් මේක....


කොට්ටාවෙ අලුත් ගෙදර පදිංචියට යන්න ගෙදර හැමෝම කළබලේ ලෑස්ති වෙනවා වගේම පිටරට රැකියාව කල ලොකු අය්යා ලංකාවට පැමිනෙනෙ නිසා,ඔහුව පිළිගැනීමටද ගෙදර අය ලෑස්ති වෙති.


මේ වන විට අක්කා හා පොඩි අය්යා කසාඳ බැද ගෙදරින් නික්ම ගොස් සිටි බැවින්, දැන් ගෙදර ඉතුරු වි සිටින්නේ ලොකු අය්යා, සුදු අය්යා මම්මා ,පප්පා හා මම පමනි.

පොඩි අය්යා හා අක්කා විවාහ වි සිටි අතර ඔවුන්ට දියණියන් දෙදෙනෙක් ලැබි තිබිමත් ඒ නිසා මම මාමා කෙනෙකුත්, බාප්පා කෙනෙකුත් වි තිබිම විශේෂ දෙයක්ද විය.


අවුරුදු ගනනාවක් තිස්සේ මම්මාට ගෙදර වැඩ කර දෙන්නට, උදේට අපේ ගෙදර එන කරුනාවති තාමත් සුපුරුදු පරිදි අපේ ගෙදර වැඩට එයි. ඇය සැමදා උදේට අපේ ගෙදර විත් ,මම්මාට කුස්සියේ වැඩට උදව් කර ගෙදර ඉතුරු වි තිබෙන කෑම බීම වගේම අපේ පරණ ඇඳුම් පැලදුම් පවා රැගෙන යයි.


ඉදහිට මම්මාගේ අම්මා වන අපේ ආච්චි අපේ ගෙදර විත් නැවති හිදියි....ඇය ගෙදර ආ දිනවලට නම් අපට නිදහසේ ගෙදර ඉන්න නොලැබේ...සනා අරක කරන්න එපා, මේක කරන්න එපා...ඕවා කන්න හොද නෑ...මේවා කන්න...සීයක් නීති රීති දාන ඇය උදේ හවස ගෙදර බුදුන් වදින්න..බුද්ධ පූජාව තියන්න, අපේ ගෙදර හැමෝටම පුරුදු පුහුණු කර ඇත......නිතර ඇය සමග පන්සල් යන්න, බණ දාන වලට යන්නටද සිද්ද වෙන්නේ මටය. ඇය සිංහල අවුරුදු කලට අපේ ගෙදර විත් කොන්ඩ කැවුම් , මුං ඇට කැවුම් ආදි ඔක්කොම කැවිලි වර්ග මම්මාට හදා දෙයි.....කැවිලි පෙවිලි හදන්න නොදන්නා මම්මා ආච්චි එනතෙක් විශේෂ කාල වලට බලා හිදීන්නේ පුරුද්දටය. ඉතා රසට කෑම උයන්න පුලුවන් ඇයගේ කෑම....

තරම් රසවත් කෑම මම කවදාවත් වෙන කොහෙන් වත් රස විද නැත.


නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේන් උසස් පෙළට පෙනි සිටි මම ඉන් පසුව කොළඹ පරිඝණක ආයතනයක ,පරිඝණක අංශයෙන් මගේ උසස් අද්‍යාපනයද හමාර කලෙමි. පරිඝණක ආයතනයේ හොදින් ඉගෙනීමේ කටයුතු කල මට එහිම මගේ පළවෙනි රැකියාව ලැබීමත් විශේෂ විය.


පරිඝණක ආයතනයේ උපදේශකවරයෙකු ලෙස මගේ මුල්ම රැකියාව කරමින් මම තව දුරටත් මගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියා යාමට කටයුතු ලෑස්ති කරමින් සිටි කාලයක් විය....ඔස්ට්‍රේලියා ගමනට සියලු කටයුතු ලෑස්ති වෙමින් තිබෙන අතර...... හිටි හැටියේ මගේ හිතේ ඔස්ට්‍රේලියාවේ යන්නට තිබු කැමැත්ත අඩු වන්නට පටන් ගැනීම ගෙදර අයගේ පුදුමයට හේතුවක් විය.


අපි කොට්ටාව මාකුඹුරේ අලුත් නිවසේ පදිංචියට පැමිණ දැන් අවුරුද්දක් පමණ කාලයක් ගෙවි ගොස් ඇත.....


අපේ නිවසට අල්ලපු නිවසේ පදිංචියට ආ අලුත් පවුළ නිසා.....,මගේ ඔස්ට්‍රේලියා ගමනේ කැමැත්ත අඩුවි ගොස්, පිටරට යන ආසාවද මඟ හැරි යන්නට පටන් ගෙන ඇත.....


අපේ ගෙදර එහා පැත්තෙ තිබුන අලුත් ගෙදරට, අලුතින් පදිංචියට ආ පවුලේ ගෑනු ළමයින් තුන් දෙනෙක් සිටිම එයට හේතුව විය.... අපේ ගෙදර කසාඳ නොබැදපු පිරිමි ළමයින් තුන් දෙනෙක් සිටිමත් එම ගෙදර ගෑනු ළමයින් තුන් දෙනෙක් සිටිමත් විශේෂ විය.....මගේ මවත් ඒ ගෙදර ගෑනු ළමයින්ගෙ මවත් ඉතා හිතවත් විම, අපටත් ඔවුන් සමඟ කතා කරන්නට අවස්තාව ලැබීම මටත් අය්යලා දෙන්නාටත් සතුටක් විය....


එම අලුත් පවුලේ ගැහැනු දරුවන්ම තිදෙනෙක් සිටිමත් එයින් බාල දියණිය මගේම වයසේ වගේ පසු වූ බවත් දැනින....., ඇය දුටු පළමු දින ම මා හට ඇය ගැන දැනුණේ අමුතු ම හැඟීමක් බවත් තවමත් මතකය....


ඇය මගේ මවත් අපේ ලොකු අය්යා සමඟත් ඉතා කුළුපගව සිටිම ඇය සමග මට කතා බහ කිරිමට අවස්තාව ලැබීම වාසියක් විය.


එම ගෙදර බාළ දියනියගේ නම චතුරි බවත්....ඇය කොළඹ කොළඹ ලින්ඩ්සේ බාලිකාවෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වී, ගෝතමි බාලිකාවේ වාණිජ අංශයෙන් උසස් පෙළ හමාර කර සරසවි වරම් නොලැබ සිටින බව දැනගන්නට ලැබින.

ඇගේ පියාගේ රැකියා කටයුතු නිසා කොළඹ ටොරිංටන්වල පදිංචිව සිටි ඔවුන්, පසුව ඔවුන් පියාගේ විශ්‍රාම යෑමෙන් පසු ඇරැව්වල ගමේ පදිංචියට ගොස් එතනින් පසු මේ අලුත් ගෙදර මිලදි ගෙන කොට්ටාව මාකුඹුරේ පදිංචියට ආ බවත් අපට දැනගන්නට ලැබින....


අපි මිලදි ගත් නව නිවසට අනෙක් පසින් තිබු නිවස මිල දී ගෙන මාකුඹුරේ පදිංචියට පැමිනි ඔවුන්ගේ පවුල නිසා, මගේ ජීවිතයේ නව පිටුවක් පෙරළෙන්නට විය.....


අපේ කොට්ටාව මාකුඹුරේ අලුත් නිවස අසල තව අලුත් නිවාස 16 ,ක් තිබිමත් ඒ නිවාස වලට පැමිණ පදිංචි වී සිටියේ විවිධ පැතිවලින් පැමිනි සිට් අලුත් පදිංචි කරුවන්ය. අලුත් නිවාසවලට පැමිණි අලුත් නිවැසියෝ, ඔවුන්ගේ ගෙමිදුල් අලුත් කරමින්, පැළ සිටුවමින්, තාප්ප සකස් කරමින්, අලුත් නිවාසවල තවමත් ඉවර නොවූ වැඩ කටයුතු කරමින් ඉතා කාර්යබහුල දිවියක් ගත කළහ. ඒ අතර නිවාස දහසයේ ම නිවැසියෝ එකිනෙකා හඳුනා ගනිමින් අලුත් මිතුදම් පවත්වා ගන්නට ද උත්සාහ කලහ. ඔවුන් එකිනෙකාගේ ගෙවල් වලට ගොස් මිතුදම් අලුත් කරගත්තේය....


අලුතින් අල්ලපු ගෙදරට පදිංචියට ආ ගැහැනු ළමයින් තිදෙනා සිටින නිවසේ පැවැත්වූ පිරිතට හා දානෙට එම ගෙදරට යන්න ලැබිම මට සතුටක් විය....... අපේ ගෙදර සියල්ලෝ දැඩි කැමැත්තකින් ඔවුන්ගේ ගෙදරට ගොස් පිරිත් හා දාන වැඩ වලට උදවු කළහ. ගෙවල් දහසයේ සිටි නිවැසියන් සියල්ලෝ ම ඔවුන්ගේ නිවසේ තිබූ පිරිතට හා දානයට පැමිණයහ. ඒ අතර මා දුටු එම ගෙදර චතුරි නම් බාල දියනිය මගේ හිත සොරා ගන්නට විය.


🌹**ඇය මා අදුනගත් පසු ඇය මාව අඳුනගත් විදිහ ඇගේ බසින් මෙතැන සිට.......🌹


අල්ලපු ගෙදර හිට් අංජු නම් උස, කළු පිරිමි ළමයා..... දුටු පළමු දිනේම මගේ හිත ඔහු හොරා ගත්තේ පුදුම විදිහටය....... ඔහුව මම දුටු මුල් ම දිනය මට තවමත් මතකය.....


ඔහුගේ නම අංජු බව දැනගත්තේ අපේ ලොකු අක්කාගෙනි. ඔහු ගොඩක් උස, කළු, කොන්ඩය පැත්තට පිරා ඇති ආඩම්බර පාට පෙනුමැතිය. මම ඔහුව මුලින්ම දුටුවේ, අපේ අලුත් ගෙදර පදිංචියට යෑමට සුමාන දෙක තුනකට ඉහත දිනකය. අපි ගෙට පදිංචියට පෙර අලුත් ගෙය බැලීමට ගිය දවසක මම ඔහු දුටුමි...... බෑගයක්ද අතැතිව ගෙවල් පල්ලෙහා පාරේ සිට එන දුටු උස, කළු කොල්ලා දැක හිතට දැනුනේ අමුතු හැඟීමකි...මට ඔහුව මීට ප්‍රථම හොදට, දැක හුරුපුරුදු කමක් හිතට දැනුණාය. ඔහු දුටු මුල් දවසේ මුල්ම වතාවෙම මගේ හිතට දැනුනේ අමුතු හැඟීම...ඒ නම් සසර පුරුද්දක්ද කියා මට සිතින.......


‘‘මේ අලුත් ගෙවල්වල ලස්සන කොල්ලොත් ඉන්නවා.... මම ලොකු අක්කා සමග පැවසුවේ සතුටිනි.


‘‘අපොයි ඔව්. ....නොම්මර 10 ගෙදර කොල්ලො හතර දෙනෙක් ඉන්නවා......හැබැයි දැන් එක්කෙනෙක් කසාද බැදලා...දුවත් බැදලා ....අනෙක් පිරිමි ළමයි තුන් දෙනා විතරයි ගෙදර ඉන්නේ.... .


‘‘එහෙනම් හොඳයි චුට්ට එයින් එනෙක්කෙනෙක් යාළු කරගන්න....."


ඩොරින් ඇන්ටි අපේ ගෙදර ආපු දවසක හිනා වෙලා කීවාත් මතකයි ....


"ඔය ළඟට ම ඇවිත් ඉන්නෙ අයිති කාරයා වෙන්නත් බැරි නෑ .... තවම යාළු වෙන්න කෙනෙක් හොයාගන්න බැරි වුණු එකේ චූටි ඒ ගෙදර පිරිමි ළමෙක් එක්ක යාළු වෙන්න....."


ඩොරින් ඇන්ටි එදා විහිළුවට කී දේ කවදාවත් ඉටු වේ යැයි මම සිහිනෙකිනුදු නොසිතුවෙමි.....


අලුත් ගෙදරට පැමිණ අවුරුදු දෙකකට පමණ පසු අංජු හා මා අතර ආදරය සම්බන්ධයක් ඇතිවුනේ, අහල පහල එහෙ මෙහ් යන වෙලාවට කතා,බස් කරන්න ලැබිමත් සමඟ.... අප දෙගොල්ලෝගේම ගෙවල් තාප්පයකින් වටවි තිබුන නිසා, අල්ලපු ගෙදර හිටියත් මට ඔහුව දකින්න ලැබෙන්නේ එහෙමත් දවසකය.....එබැවින් ඔහු ඉදහිට ඔවුන්ගේ ගෙදර උස වතුර ටැන්කියට නැඟ , එය සෝදන ආකාරයෙන් අපේ ගෙවල් පැත්ත බලා හිදී...එවැනි අවස්තාවක

මම අපේ වත්තේ සිටිනවා දුටුවොත් ඔහු මට අත වනයි...හිනා වෙයි.....දැසින් මොනවා හෝ කියයි....එසේ පටන් ගත් අපේ සම්බන්ධය ....අවුරුදු දෙකකට පසු, ආදර සම්බන්ධයක් බවට පත් වුනේ නොදැනුවත්මය....


අපි දෙදෙදෙනා මුළින්ම මුණගැසුනු දින තවමත් මතකයි ....ඒ

1990 - 10 - 09 දිනයි. ....අපි එදා මාකුඹුර බස් නැවතුමේදී හමුවී එතැන සිට ජයවර්දනපුර රෝහල දක්වා බසයෙන් ගියේ ලෙඩෙක් බලන්නයි......ලෙඩා බලා එන අතර මගදී අපි...... බොරැුල්ලේ ලක්සිරි ග්‍රොසරියට ගොස් පෝටේලෝ බිව්වෙ පළමු වතාවට ආදරෙන් මුණ ගැසුනු පසුයි...... ඒ අපේ මුල්ම මුණගැසීම හා දෙදෙනා එකමඟ ගිය මුල්ම ගමන විය...... එදින බොරැුල්ලෙ සුපර් මාර්කට් එක ලඟින් පාර පනින කොට, අංජු මගේ අතින් අල්ල ගත්තේ මුල්ම වරටය.......ඔහු මගේ අතින් අල්ලාගෙන ගොඩක් දුර පයින් ඇවිද්ද නිසා.... අංජුගෙ කකුල සෙරෙප්පුට කැපිලා අමාරුවෙන් ඇවිද්ද බවත් මට මතකයි ....


අපි දෙන්නා ගෙදරට හොරෙන් ගෙදරින් පිටවෙලා කොහේ හරි, පාරක ගියත්, බස්සෙකක ගියත්, අපි හම්බ වෙන්නෙ හරිම ආසාවෙන්. අංජු ලඟ ඉන්නකොට හිතට හරිම පුදුම සැහැ්ලලූවත් බවකි.....


‘‘කවද්ද මං මේ විදිහට ඔයා ලඟට ම වෙලා හැමදාම ඉන්නේ..... මට රස්සාවක්වත් ලැබෙනානම් අපට නිතර හම්බවන්න පුලුවන් නේද...?"


"ඔයා කැමති නම් මම ඔයාට ජොබ් එකක් හොයලා දෙන්නම් ...."


"අනේ මම හරි ආසයි රස්සාවක් කරන්න....මට ජොබ් එකක් හොයලා දෙන්නකෝ...."


"හොදයි මම හොයලා බලන්නම්...."


‘‘අපි කවද්ද ආයෙත් හම්බ වෙන්නේ.’’


‘‘බලමු, මං ගෙදර තාප්පෙට උඩින් ඔයාට කියන්නම්....අපි ආයෙත් කවද්ද හම්බවෙන්නෙ කියලා ......’’


අපි අල්ලපු ගෙදර හිටිය නිසා, ගෙදර අයට හොරෙන් පණිවිඩ හුවමාරු කරගන්න නම් අමාරු උනේ නෑ.... සමහර දවසට මිදුල අතු ගාන කොට අංජු ඒගොල්ලන්ගෙ වතුර ටැංකියට නැග අතින් මට එක එක සංඥා දෙන්නටද පටන් ගෙන ඇත..... ඒත් අම්මා හරි, තාත්තා හරි දකියි කියල බයෙ මම ඔහු එක්ක ඒ වෙලාවට කතා කරන්නේ හරි අඩුවෙන්...



1991 ජනවාරි මාසයේ මට කොළඹ YWCA හී එකේ රැුකියාවක් ලැබිම අපි දෙදෙනාගේ සතුටට කාරනයක් විය....


‘‘ඔයාට රස්සාවක් ලැබුන එක හොඳයි..... දැන් අපට නිතර ම හම්බ වෙන්න පුළුවන්."


මම රැකියාවට යන්න පටන් ගත්තට පස්සේ හැමදාම උදේ හවස අංජුගේ බයිසිකලේ තමයි වැඩට ගියේ ආවේ .... ඒ කාලේ අපි ගොඩක් සතුටින් හිටියා...... ඒත් හිතේ නම් තිබුණේ නිතර ම සැකයක් හා බයක්..... ඒ අපි දෙන්නාගෙ සම්බන්ධය ගැන ගෙදරින් දැන ගනියි කියන බය.


අප දෙදෙනා අතර ආදර සම්බන්ධය ඇතිවි අවුරුද්දකට පමණ පසු,.... අපේ ආදර සම්බන්ධය තව දුර දිග යාමට පෙර,

වටපිටාවේ අසල්වැසියන්ට නෑදෑයින්ට, යාළුවන්ට අපි ගැන ආරංචි වීමට ප්‍රථම...., අංජුගේ අදහස උනේ ඔහු අපගේ ගෙදරට පැමින අපේ පියාට අප අතර ඇති සම්බන්ධය ගැන කීව යුතු බවයි.....


"මම ඉක්මණට ඔය ගොල්ලන්ගෙ ගෙදරට ඇවිත් අපි ගැන ඔයගොල්ලන්ගෙ අම්මලා තාත්තලාට කියනවා....ඊට පස්සෙ අපි මැරි කරන්න අවසර ගමු....’’


‘‘අනේ ඔයා දැන්ම අපේ ගෙදරට කියන්න එපා.. ....මට බයයි......තාත්තා බනීද දන්නේ නෑ .... ’’


‘‘ඇයි...?’බනින්නේ....වැරැද්දක් නෙමේනේ කරන්නේ....."


‘‘ තාම අපේ අක්කලා බැදල නෑනේ ......ඒගොල්ලෝ බැදලා යනකම් අපි හොරෙන් හම්බවෙමු. ඊට පස්සෙ ගෙදරට කියමු.....’’


"එහෙම ඕනෙ නෑ...දැන්ම අපට කසාඳ බදින්න ඕනේ නෑ....ඒ උනාට අපි ගෙවල් දෙකට අපේ සම්බන්ධය ගැන කියමු.....එතකොට පාරක උනත් ,පිට අදුනන අය අපිව දැක්කට ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ....ගෙවල් දෙකෙන් අවසර දීලා තිබුනහම ...."


මම අපේ ගෙදර අයට අපේ සම්බන්ධය කියනවට අකමැති උනත්, අංජු මගේ දෙමව්පියන්ට ඔහුත් මාත් අතරත් ඇති සම්බන්ධය ගැන පවසන්න අවශ්‍ය බව නිතර කීය.


මගේ දෙමව්පියන් හමුවිමට අංජු දිනක් අපේ ගෙදරට ආවේ හිතට ලොකු ශක්තියක් ඇරගෙන බව මට දැනින....

කවදාවත් මෙතරම් බරපතළ දෙයක් වැඩිහිටියෙක් සමඟ කතා කර නැති ඔහු, හිතේ දෙගියාවක්, බයක් වැනි හැඟීමක්ද ඇතිවි ආවත් එය ඔහුග් වයසට අලුත් අත්දැකීමක් වෙන්න ඇති. කවදත් හිතේ ශක්තිය ද්‍යීර්ය ඇති කෙලින් කතා කරන්න බය නැති කෙනෙක් උන අංජු, අපේ නිවසට පැමිණ අපේ පියා හමුවිමට ඇවිත් තිබුනේ, ඔහුගෙ මම්මට පප්පටද අපේ දෙමව්පියන් හමුවිමට යන බව පවසයි.


"අංකල් මගේ හිතේ චතු ගැන අදහසක් තියෙනවා ....අපි දෙන්නා දැන් අවුරුද්දක වෙලේ ඉදන් දැන හඳුනගෙන ඉන්නේ.....මම ඒ ගැන කියන්නයි අද තකහනියක්ම මෙහේ ආවේ..... "


‘‘දැන් අංජුගෙ අම්මල, තාත්තලා මේ ගැන දන්නව ද? ‘‘


මගේ පියා එක්වරම ඔහුගෙන් විමසීය.


‘‘ ඔව්.....මම මම්මට, පප්පට අපි දෙන්නා ගැන කිව්වා.... ඒගොල්ලන්ගෙ අකැමැත්තක් නෑ......මම දැන් මේ ආව ගමන ගැනත් ඒගොල්ලන්ට කියලා ආවේ...."


‘‘මොනව වුණත්....අංජු හරි පිරිමියෙක් විදියට කෙළින්ම ඇවිත් මේ ගැන මගෙන් අහපු එකට, අපට කියපු එකට මං ගරු කරනවා......හැබැයි තියෙන ප්‍රශ්නය චූටි දුවට ඉස්සෙල්ලා එයාගේ අක්කලා දෙන්නා කසාඳ බන්දලා දෙන්න ඕනේ ..... ලොකු දුවලා දෙන්නගෙ විවාහ කරල දීල තමයි චූටි දුව කසාඳ බන්දලා දෙන්න අපි හිතන් ඉන්නේ.... ඒකට තව අවුරුදු දෙක තුනක් යයි.....ඒ නිසා එතකම් ඔය දෙන්නා අතන මෙතැන හම්බ වෙන්නෙ නැතිව, ගෙදරට ඇවිත් කතා කරන්න තියෙන දෙයක් කතා කර ගත්තා නම් හොඳයි.... "


මගේ තාත්තාගේ අවසරය අපට ලැබුණේ එලසය.


මට මේ වන විට අවුරුදු 23 ක් වීමත් මට කසාඳ නොබැදපු වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙකු සිටිම නිසාත් මගේ අම්මා මුලින් මට මේ සම්බන්ධයට එතරම් කැමැත්තක් නොපෙන්නුවද, ඇයගේ ආශීර්වාදයද පසුව අපට නිතැතින් ම ලැබිණි....


ඉන්පසු අංජුගෙ දෙමව්පියන් මගේ දෙමව්පියන් හමුවිමට ආ දිනය.... අපට තවත් විශේෂ දිනයක් විය. අංජුගෙ මම්මා , එදින මට නිල් ගල් ඇල්ලු බ්‍රේරෙස්ලට් එකක් තෑගි දීමත් මට විශේෂ විය.


අංජු මට මුන ගැසීමත්, අපේ ආදර සම්බන්ධය පටන් ගැනීමත් සමඟ, අංජු වැඩිදුර අධ්‍යාපනය සදහා ඔස්ට්‍රේලියාවට යන්න හිටිය ගමන එහෙමම මග නතර විය....


මම නිසා ඔහු ලංකාවේම නැවති පරිඝණක ක්ශේත්‍රයේන් ඔහුගෙ ඉදිරි ගමන යන්නටත් තව හොද රැකියාවක් ඉක්මනින් හොයාගෙන මා සමඟ ඉක්මනින් විවාහ වීමේ බලාපොරොත්තුව ඇතුව ඔහු වැඩ කටයුතු කරගෙන යන්නට තීරණය කර ඇත.


තාත්තා අංජුට මා සමඟ ආදර සම්බන්ධය පවත්වාගෙන යන්නට අවසර දුන්නෙ..... කෙලින් කතා කරන, බයක් සැකක් නැති අවංක කෙනෙක් උන නිසායැයි අම්මා සමග නිතර ම කියපු දෙයක් විය ..


අපි දෙන්නට ගෙදරින් අවසර දුන්නට පසු .... අංජු මාව හම්බ වෙන්න නිතර අපේ ගෙදර ආවා ගියේ බයක් සැකක් නැතුවමය .....ඒ ආවහම අම්මා තාත්තා ,අංජු එක්ක හොදට කතාබහ කලා, කන්න බොන්න දුන්නා.....අපට ඉක්මනට විවාහ වෙන්න අවශ්‍ය තාවය තිබුනත්, අපේ අක්කලා දෙන්නා කසාඳ බැදල හිටියෙ නැති නිසා, අපට ඉක්මණට එකතු වෙන්න නම් බැරි වෙන බව අපි දැනගෙන සිටියා.....අපේ සම්බන්ධය ගෙදර අය දැන ගත්තට, අංජු අපේ ගෙදර නිතර ආවා ගියාට, අපට නිදහසේ අවශ්‍ය හැම ගමනක් බිමනක්ම යන්න නම් තාත්තාගෙන් අවසර ලැබුනේ නෑ..... හැමදේකටම තාත්තා නීති රීති දාලයි තිබුනේ....ඒ නිසා මට ඉක්මනට අංජුව කසාඳ බැඳලා ඔහු සමග එක වහලක් යටට යන්න උවමනාව තදින්ම දැනී තිබුනා....


රැකියාවට යන නිසා අපට අතරමගදි මුණ ගැසෙන්න අවස්තාව ලැබෙන එක නම් ලොකු දෙයක් උනා......හැමදාම උදයේ ගෙදරින් පිටත් වි රැකියාවට යන මම..... පාරේ අතර මැදදී අංජුගේ මෝටර් බයිසිකලයට නැඟ රැකියාවට යන්න පටන් ගත්තා..... එක අපට ලොකු සතුටක් උනා වගේම හවසට වැඩ ඇරි අපි ගෙදර එන්නේද එකටමය....ඒ බව ගෙදර අය දැනගෙන සිටියා....


"අපි අද වැඩ ඇරිලා එන ගමන් කොළඹ නිදහස් චතුරශ්‍රය ලඟට ගිහින් ටික වේලාවක් නිදහසේ ඉදලා ගෙදර යමුද?...."


"මම හවසට එනකොට ඔයාට මොනව හරි අපේ කැන්ටිමෙන් ගේන්නම්....ඔයා පේස්ට්‍රි කන්න ආස නිසා මම පේස්ට්‍රි ගේන්නම්...."


"ඔන්න මම ඔයාට අද යෝගට් එකක් ගෙනත් ඇති ඔයා කන්න...."


"අංජු ඔයා හැමදාම උදේට මට සොසේජස් දාලා ගේන පාන් පෙති දෙකෙන් එකක් ඉල්ලන් කන්න අපේ ඔෆිස් එකේ ළමයි පොර කනවා...

ඒක ඒ තරම්ම රසයිලු....ඇයි හැමදාම ඔයා ගේන කෙසෙල් ගෙඩි දෙකෙන් එකයි මට කන්න හම්බවෙන්නේ....ඔෆිස් එකේ ළමයි කවුරු හරි එයින් එකක් ඉල්ල ගන්නවා....."


"පපපා හැමදාම හවසට වැඩ ඇරිලා එනකොට කෙසෙල් ගෙඩි ගේනවා, මම එයින් දෙකක් තමයි ඔයාට හංගලා තියාගෙන ඉදලා උදේට ගේන්නේ...."


"ඔයා මට හරි ආදරෙයිනේ....වෙන තැන් වල ගෑනු ළමයයි ,කෑම ජාති පිරිමි ළමයට ගෙනත් දෙන්නේ....ඒකට ඔයා මට ගේන්නේ.....හැමදාම හවසට වැඩ ඇරිලා එනකොටත් යෝගට් එකක් නැත්නම් තල කැරල්ලක් හරි ගේනවා...ඔයා නම් පුදුම ආදර වන්තයෙක්.....අපේ ඔෆිස් එකේ මිසිස් ජයසිංහ කියන්නේ අපි දෙන්නට බනානා ෆ්‍රෙන්ඩ්ස් කියලා .....ඔයා හැමදාම මට කෙසෙල් ගෙඩි ගේන නිසා...කොහොම හරි ඒගොල්ලෝ එහෙම කියලා එක කෙසෙල් ගෙඩියක් මගෙන් ඉල්ල ගන්නවා කන්න...."


"චතු අද අපි වැඩ,ඇරිලා යන ගමන් පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා ටිකක් නිදහසේ ඉදලා ගෙදර යමු...."


"අපි එහෙනම් අද උළුදු වඩෙයි සම්බෝලයි කඩේකින් ඇරන් ගෙනිහින් එතන තියාගෙන කමු...."


"ඒක හොදයි ...අපි දැන් ඔයගොල්ලන්ගෙ අක්කලා කසාඳ බැන්දට පස්සෙ අපේ wedding එක ගන්න නිසා, අපි දෙන්නා බැන්දහම ගෙදරට ඕන කරන බඩු ටික ටික දැන්ම තියා ඇරන් තියා ගමුද....?


"මම කොහොමත් ටික ටික බඩු ඇරන් තියන් ඉන්නේ....ඒ කියන්නේ ලොකු බඩු නෙමේ, ගෙදරක කුස්සියේ ඉදන් , කාමර, බාත්රූම්, කුස්සියට ඕන කරන අතයාවශ්‍ය බඩු ලිස්ට් එකක් මම හදලා, හැදි ගෑරැප්පු , සබන් පෙට්ටි, සර්වියට් වගෙ හැම පොඩි දෙයක්ම මම ටික ටික ඇරගෙන එකතු කරලා තියාගෙන ඉන්නේ....ඔයත් මට අපේ ගෙදරට ඕන කරන බඩු ගන්න උදව් කරන්න ....එතකොට කසාඳ බැදලා ගිහින් බඩු එකතු කරන්න ඕනත් නෑ, අම්මලා ඇරන් දෙනකම් බලන් ඉන්න ඕනත් නෑ....."


"එහෙනම් මම ගෙදරට ඕන කරන ලොකු බඩු ඇරන් තියාගන්න ඔයාට උදව් කරන්නම්...මම ඔයාට ෆ්‍රිජ් එකක් ඇරන් දෙන්නම්....මුළින් මම ඒක ගෙවන්න ගන්නේ....එකපාර ගෙවන්න බෑ....දැන් අපේ වෙඩ්න් එකටත් සල්ලි ඉතුරු කරගන්න ඕනනේ...."


"ඔව්...අපි අරපිරිමැස්මෙන් බඩු මුට්ටු අරගෙන වෙඩින් එකට ලෑස්ති වෙමු....වෙඩින් එක උනත් අපි අපේ අතේ තියෙන සල්ලි වලින් චාමෙට කරමු.."


"අපේ තාත්තා වෙඩින් එකට වියදම් කරයි....ඒ උනාට අනෙක් ඇදුම් පැලදුම් වලට අපි පරිස්සමට වියදම් කරමු...බොරුවට ණය වෙලා සල්ලි නාස්ති කර ගෙන වෙඩින් ඇරන් පස්සෙ ණය ගෙව ගෙව ඉන්නවට වඩා හොදයි අතේ සල්ලි තියෙන විදිහට චාමෙට වෙඩින් එක ඇරන් නිදහසේ සතුටින් ඉන්න එක...."


"මම ඉස්සරහ කාලේ පාවිච්චියට , කෑම මේසයක් වේවැල් පුටු සෙට් එකක් අවන් එකක් එහෙම ගන්න හදන්නේ...."


"අපට උයාගෙන කන්න කුකර් එකකුත් ඕනේ ....ඔයගොල්ලන්ගෙ මම්මා මට අලුත් පෑන් සෙට් එකක්, ගෙදරට දොරජනෙල් රෙදි වගයකුත් දුන්නා...."


"අපි දෙන්නා වැඩ ඇරිලා පිටකොටුවේ ගිහින් අපෙ ගෙදරට අතයාවශ්‍ය බඩු ඇරන් තියා ගමු...."


අපි දෙදෙනා විවාහ වෙන්න අදහස ගෙදරට කියපු දවසේ සිට අපි අපේ විවාහය සිද්ද වෙන විදිහ ගැන නිතර කතා කෙරුවෙමු ....විවාහයෙන් පසු අපි පදිංචි වෙන ගෙදර ගැන කතා කෙරුවෙමු ....අපි පදිංචි වෙන ගෙදරට අවශ්‍ය බඩුමුට්ටු පුලුවන් ප්‍රමානයට ඇරන් තියා ගන්න උත්සහ කෙරුවෙමු ...."


"අපි දෙන්නට බදින්න තව අවුරුදු දෙකක් විතර තියෙන නිසා, අපි ඉඩමක් ඇරන් ගෙයක් හදාගමුද...?


"ඒක නම් හොද අදහසක්....අපි දෙන්නම ගෙදර බාලයෝ නිසා, අපි දෙන්නටම අපේ මහ ගෙවල් වල විවාහයෙන් පස්සෙ පදිංචි වෙන්න පුලුවන් උනත්.....මම කැමති අපි දෙන්නගෙම ගෙයක් හදගෙන පදිංචි වෙලා තනියම ජීවත් වෙන්න.....අම්මලා තාත්තලා නිදහසේ මහ ගෙවල් වල ජීවත් උනාවේ....., අපි දෙන්නා වෙනම ගෙයක් හදාගෙන පදිංචි වෙමු...."


"මට හරි සතුටුයි ඔයා එහෙම

4 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page