top of page
  • Writer's picturePrisila Godahewa

🌹නොනිමි ගමන🌹

(6) හයවන කොටස )



අපොස උසස් පෙළ හමාර කල ලොකු අය්යා, ඔහු ආසාවෙන් හා බලාපොරොත්තුවෙන් සිටි විදේශ රැකියාව සදහා යන්නට ඇඟිලි ගනිමින් බලා හිදි....


වැඩි කාලයක් නොගොසින්ම චූටි බාප්පා ඔහුට, විදේශ රටක රැකියාවකට යන්න කටයුතු ලෑස්ති කර දීම අපේ පවුලේ හැමෝටම සතුටක් විය. ඔහුගෙ බලාපොරොත්තුව ඉටු වි, ඔහු කැමැත්තෙන් සිටි විදේශ රැකියාව සදහා යන්නට ඔහුට අවසානයේ අවස්තාවක් ලැබින..... බොහෝ කාලයක සිට විදේශ රටක සේවය කරන, පප්පාගේ මල්ලි කෙනෙක් වන චූටි බාප්පා කවදත් අපේ පවුලට හිතැතිය. අඅවසානයේ ලොකු අය්යාගේ බලාපොරොත්තුව ආශාව ඉශ්ට විය. ..... පප්පාගෙ ගේ මල්ලී සොයාදුන් පිටරට රැකියාවට යන්න, ලොකු අය්යා සූදානම් වුණේ ගෙදර සියලු දෙනාගේම කැමැත්ත ආශිර්වාදය ඇතුවය.


‘‘දැන් ලොකු පුතා රට ගියාම වැඩියම පාළු දැනෙන්නේ සනා පුතාට තමයි...ඒ දෙන්නා ඉතිං ඉදිකට්ටයි නූලයි වගේනේ හිටියේ....".


“ ඔව්....ඒක තමයි..... සනා පුතාට විතරක් නෙමේ මටත් ගෙදර හැම වැඩක් ම කර දෙන්නේ ලොකු පුතානේ....එයා රට ගිහාම මට තමයි පාළුයි, පාඩුයි දෙකම.... අම්මා දුකෙන් හිඳියි.


ලොකු අයියා විදේශ රැකියාවට යෑම ගැන අම්මා නම් කැමැත්තෙන් නොසිටින බව අප සියල්ලන් ම දන්නා කරුණකි......ඉස්කෝලෙන් අස්වුන පසු, ගෙදර නිකන් ඉන්න කාලේ ලොකු අය්යා, ගෙදර දොරේ හැම වැඩකටම අම්මාට උදව් කරපු කෙනෙක් විය. ගෙදර දොරේවැඩ,වගේම නංගිලා, මල්ලිලා ගැන සොයා බලා කටයුතු කල ලොකු අය්යා කවදාවත් පවුලේ වැඩිමලා ලෙස වගකීම් හොදින් දරා සිටි කෙනෙක් විය..... ලොකු අයියා විදේශ රටක රැකියාවට යෑම ගෙදර හැමෝටම ඔහු නැති පාළුවටත් වඩා පාඩුවක් බව හැමෝමටම දැනෙන්න පටන් ගෙන ඇත.


‘‘දැන් ලොකු පුතාගේ ෆ්ලයිට් එක අද රෑ කීයට ද තියෙන්නෙ....?


තාත්තා ලොකු අයියා යන රට ගමනට අකැමැති වුණත්, ඔහුගේ අනාගත සුභසිද්ධිය තකා රැකියාවකට විදේශ ගතවීම ගැන හිතහදා ගෙන සිටින බව පෙනේ.....


‘‘අද රෑ එළිවෙන්න කිට්ටුව යන්න,තියෙන්නේ ....."


‘‘ ගෙනියන ඇඳුම්පැළදුම් බඩු මුට්ටු ඔක්කොම ලෑස්තියි නේද, පුතේ...?


‘‘ඔව් හැම දෙයක්ම ලෑස්තියි පප්පේ..."


"මම ඔෆිස් එකේ වෑන් එකකට එන්න කිව්වා ලොකු පුතාව කටුනායකට ගිහින් බස්සන්න..... අපි හැමෝටම එන්න පුළුවන් කටුනායක යන්න ඔයා රට යනවා බලන්න..."


ලොකු අය්යා ඉස්සෙල්ලාම රට යන දවස අපි හැමෝගෙම හිතේ තිබුනේ කැමැත්තක්ද දුකක්ද කියලා හිතාගන්න බැරි විය...ලොකු අය්යා ගෙදරින් යෑම නම් අපි හැමෝටම දුකක් බව දැනුනත්....මෙපමණ කාලයකට තාත්තා පමනක් රැකියාව කල නිසා, ලොකු අය්යා රැකියාවට යෑම අපට සතුටක් බවත්‍ යටි හිත කියයි...


එදින රාත්‍රියේ අපි සියල්ලෝ ම ලොකු අයියා කටුනායකට බැස්ස වීමට යෑමට ලෑස්ති විය. තාත්තා ලෑස්ති කර තිබු වෑන් රතයෙන් ගෙදර හැමෝම කටුනායක බලා ගියෙ දුක මිශ්‍ර සතුටකිනි.


කටුනායක ගුවන් තොටුපොළට අපි ගිය වාහනය ලඟා උන පසු , පප්පා ලොකු අය්යාගෙ ඇඳුම් බෑග්ය වාහනයෙන් බිමට බා ගන්න උදව් කලේය.


"මම්මේ, පප්පේ මම එහෙනම් යනවා...."


ලොකු අය්යා මටත් සුදු අය්යාටත් අක්කට හා,පොඩි අය්යාටත් ඔහු යන බව කියා අපේ ඔළු අතගා කටුනායක ගුවන් තොටුපොළ ඇතුලට යන්නට ලෑස්ති විය. ....


අම්මා කඳුළු පිහදමින් ලොකු අයියා බාදා ගෙන අඬා, ඉඹ ඔහුට අවසර දුන්නේ අකමැත්තෙනි. තාත්තා නම් කවදත් සිටින ලෙසම, නොසැළෙන පහන් කණුවක් සේ කෙළින් හිඳියි. ඔහුගෙ දෑසේද ඇත්තේ ලොකු අය්යා අපෙන් වෙන්වි යන එක ගැන දුකක් බව පෙනේ.....


‘‘හොඳයි එහෙනම් ලොකු පුතා පරිස්සමින් ගිහින් එන්න , එහෙදි වැඩ කටයුතු පරිස්සමට කරන්න ඕනේ..... එහෙනම් එහෙනම් ගිහින් එන්න....."


තාත්තා ඔහුගේ පිටට තට්ටු කර සමුදුන්නේ එලෙසය ..... ලොකු අයියා අම්මාටත්, තාත්තාටත් වැන්දේය.


ලොකු අයියා මා ළඟට පැමිණ

‘‘මම එහේ ගියාම ලියුම් එවන්නම් .....සනාත් මට ලියුම් ලියන්න .... මං ඔයාට ලස්සන කාර් එකක් තැපෑලෙන් එවන්නම් කෝ....".


ලොකු අය්යා මටත් සුදු අය්යාටත් අක්කට හා,පොඩි අය්යාටත් ඔහු යන බව කියා අපේ ඔළු අතගා අපට සමු දුන්නේ එලෙසය. පසුව ඔහුගෙ ඇදුම් බෑගයද රැගෙන කටුනායක ගුවන් තොටුපොළ තුලට ගියේ අපි සියල්ලෝ ඔහු දෙස බලා සිටියදීය ....


ඔහු යන ගුවන් යානය, ගුවන් ගත වෙනකම් කටුනායක ගුවන් පර්යන්තය තුල රැදි සිටි අප, නැවත නිවස බලා ආවේ ලොකු අය්යා මුල්ම වරට අපට මඟ ඇරුන සෝකයෙනි.


එකල ලියුම් හුවමාරුව ඇරෙන්න, ටෙලිෆෝන් භාවිතය නොතිබු බැවින් පිටරට ගිය කෙනෙක් විස්තර දන්නවා ලියුමක් එවන තෙක් අපට සුමාන ගනන් බලා සිටිමට සිදු වෙයි....පියුං මහත්තයා ගෙදර දොරකඩින් යන දිනයක් පාසා අම්මා ගෙයින් එලියට විත් බලා සිටින්නේ ලොකු අය්යා ඔහුගෙ විස්තර දන්වා ලියුමක් එවා ඇද්දයි දැන ගැනිමටය.


ලොකු අය්යා,පිටරට රැකියාවට ගොස් සුමාන දෙකකට පසු අපට ලැබුන ලියුමේ හැටියට, ඔහු ඉතා කැමැත්තෙන් සතුටින් එහි රැකියාවක් කරන බව දැනගන්නට ලැබින. එය අපේ පවුලේ හැමෝටම සතුටට කාරනයක් විය.


කවදත් ලොකු අය්යා සමග නිතර එකමුතු කමෙන් ගෙදර වැඩකටයුතු කල මට ලොකු අයියා ගෙදර නැති පාළුව, ඔහු විදේශ රැකියාවකට ගිය පසු වැඩි වැඩියෙන් දැනෙන්න පටන්ගෙන ඇත......මෙපමණ කාලයක් ලොකු අය්යා සමග බබයිසිකලේ පාසැල් ගිය මට දැන් තනියම බස් එකේ පාසැල් යන්නට සිදුවි ඇත.


"දැන් ඉතිං ඔය ,සනා ලස්සනට තනියම ඉස්කෝලේ යන්නේ...ලොකු පුතා හිටිය කාලේ දෙන්නා ඉදිකට්ටයි නූලයි වගේනේ හිටියේ...."


"ලොකු පුතා නැතුව ගෙදර හරි පාළුයි....මට හරි පාඩුයි එයා නැතුව ...."


"ඒ දරුවගේ අනාගතය ගැන හිතලනේ අපි එයාව රට ඇරියේ...අපි සතුටු වෙන්න ඔනේ එයාට හොද රස්සාවක් ලැබිලා හොදින් සතුටින් එයා එහේ ඉන්න එක ගැන ...." කවදත් හැම දේකම හොද පැත්ත දකින තාත්තා ලොකු අය්යා පිටරට යෑම ගැන සතුටින් පසුවේ....


කාලය හෙමින් ගතවි ගොස් ඇත......


මේ කාලය වන විට මම පාසැලේ ඉහළ පන්තියක සිටි බැවින් නුගේගොඩ පාසලේ සිට ගංගොඩවිලට යනතෙක් තනියම පාසල් යන්න පටන් ගත්තෙමි.


ලොකු අයියා විදේශ රැකියාවකට ගියාට පසු අප සියල්ලන්ට පාළුවක් පාඩුවක් උනත්, හැමෝටම ඉතා හොඳ කාලයක් ඉන්පසු උදා විය.... ඔහු අප සියල්ලන්ගේම වියදමට සල්ලි ඇතිතරම් එවන්නට පටන් ගත් අතර, රට බඩුවලින් ද අපේ ගෙදර පිරී යන්නට පටන් ගත්තේය. ඔහුගේ තෑගි බෝග නිසා අපි සියල්ලෝ සතුටින් කාලය ගත කරන්න පටන් ගත් කාලයක් විය....


"ලොකු පුතා හැම තිස්සෙම අහලා එවනවා සනා ඉස්කෝලේ වැඩ හොදට කරනවද කියලා ....මම කිව්වා "සනා" ඉස්කෝලේ වැඩ වලට වැඩිය කැමති ඉස්කෝලේ මලල ක්‍රීඩා වලට හා ක්‍රිකට් ගහන්න කියලා ...."


"ඔව්...ඔව්...සනාගෙ වැඩේ සෙල්ලමමයි....ඉස්කෝලේ පොත් පාඩම් කරන්න කියලා, මට මතක් කරලා ඉවරයක් නෑ...."


" හැමදාම පොත් පාඩම් කලේ නෑ කියලා ප්‍රශ්නයක් නෑ ...එයා විභාගයක් ලං වෙනකොට කොහොම හරි හොදට පාඩම් කරලා හොද ලකුණු ගන්නවා.... "


"ඒක තමයි ..මමත් එයාට පාඩම් කරන්න කියලා බල කරන්නේ නැත්තේ...."


පාසැලේ වැඩ වලට ලොකුවට උනන්දු නොවුනට, වෙලාවට පාසැලේ විභාග වෙනුවෙන් පොත් පාඩම් වැඩ කරගන්නට මම දනිමි.


මම පොඩි කාලේ පටන් ආසාවෙන් හිටි ක්‍රිකට් ක්‍රිඩාව වෙනුවෙන්, ඕනෑවටත් වඩා වෙහෙස වන්නට විය. පාසැලේ වයස දොලෙහෙන් පල්ලෙහා ක්‍රිකට් කන්ඩායමට බැදි මම සෙල්ලම් කරන්න පටන් ගත්තෙ ඔය කාලයේදීය ....මම කවදත් ආස කල ක්‍රිකට් ක්‍රිඩාව වෙනුවෙන් ඕනෑවටත් වඩා, නැඹුරු වි සිටිමත් මම්මා කනස්සල්ලෙන් පසුවුන බවත් මට දැනින....


"සනා,ඉස්කෝලේන් පස්සේ ක්‍රිකට් පැරැක්ටිස් වලට යන නිසා ඉස්කෝලේ වැඩ,පාළු වෙයි....සෙල්ලමට ඉස්සෙල්ලා හොදට ඉගෙන ගෙන ඉන්න ඕනේ...."


"එයා සෙල්ලමයි ඉගෙනීමයි දෙකම හොදට කර ගනි ...ඒ ගැන බය වෙන්න එපා...."


පප්පා කවදත් මගේ පැත්ත ගනී....

පාසැලේ වයස දොළහින් පහළ ක්‍රිකට් කන්ඩායමේ නායකයා, ලෙස මම පත්වි, සෙල්ලම් කිරිමට පටන් ගත් පසු, මට තව තව හොදට ක්‍රිකට් සෙල්ලම් කිරිමට ආසාව ඇති වි ඇත....


මම තව තව හොදින් ක්‍රිකට් සෙල්ලම් කිරිම නිසා....මාව පාසලේ වයස දොළහින් ඉහළ ක්‍රිකට් කන්ඩායමට තෝරා ගැනිම මට ලොකු සතුටක් ජයග්‍රහණයක් විය.... ඒ ගැන වැඩියෙන් සතුටු වුයේ පප්පායි....ඔහුගෙ උනන්දු කිරිම උඩ මම තව තව හොදින් පාසැලේ ක්‍රිකට් කන්ඩායමට සෙල්ලම් කිරිම කලෙමි......වැඩිදුරටත් හොදින් සෙල්ලම් කිරිම නිසා, පාසැලේ

ක්‍රිකට් කන්ඩායමේ නායකා ලෙස කටයුතු කල මම ඉගෙනිමට වඩා, සෙල්ලමට කාලය ගත කරන බවත් මට දැනින....නමුත් ඒ මගේ ආසාව විය......දැන් දැන් මම දිනපතා පාසල ඇරී ක්‍රිකට් පුහුණු කටයුතු ද ඉවර කර ගෙදර එන්නේ හවස් වේගෙන එන විට ය..... පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රීඩා කළ මම නිතර ම ක්‍රිකට් තරගවලට පාසලේ ගුරුවරුන් හා පාසැලේ ක්‍රිකට් කණ්ඩායම සමග වෙන පාසල්වලට ගොස් සෙල්ලම් කිරීමටද පටන් ගත්තෙමි. ඒ කාල වල ක්‍රිකට් කන්ඩායමේ යාලුවො සමඟ ඕන නැති වැඩකර ගුරුවරුන්ගෙන් දඬුවම් ලබපු අවස්තාත් තිබින.

පාසැලෙන් පසු ක්‍රිකට් පැරැක්ටිස් වලට සිටින අපි නුගේගොඩ තෝසේ කඩේකින් බඩ පිරෙන්න කා, මුදල් නොදි දුවපු අවස්තාද තිබුනි . කොළුකමට කරන දඟ වැඩ වලින්ද අඩුවක් නොවිය.


පාසලේ වැඩකටයුතුවලට වඩා මම ක්‍රීඩා කටයුතුවලට ආස කළෙමි. ගුරුවරුන් පවා ඒ ගැන දැන සිටියේය. වයසින් වැඩෙත්ම දඟවැඩ අඩුකර ගුරුවරුන්ගෙ හිත දිනාගෙන පාසැලේ වැඩකටයුතු කිරිමටද මම උත්සහ ගත්තෙමි.


ක්‍රිකට් කන්ඩායමේ නායකයා උන මම පාසලේ ශිෂ්‍ය නායකයෙකු ලෙසද මේ වන විට, වැඩ කටයුතු කරමින් සිටියෙමි. ඉතා උස, මහත පෙනුමැති හොද පෞරුෂයක් සතු මා ගැන පාසැලේ ගුරුවරුන් මෙන්ම දරුවන් අතරද මම දැන් ඉතා ප්‍රසිද්ධ චරිතයක් වි ඇත්තේ නිතැතින්මය. මම මලල ක්‍රිඩා අතින් ඉහලින්ම සිටි ඉතා දක්ශ ක්‍රිඩකයෙක් වීම නිසා, ක්‍රිඩා නායකයා බවටද පත්වෙන්න වාසනාව ලද්දෙක් විය. එබැවින් පාසැලේ ගුරුවරුන් ළමයින් අතර ද ඉතා හොඳ කීකරු සියලු දේට දක්ශ ශිෂ්‍යයෙකු ලෙස ප්‍රසිද්ධ වීය. මම පාසලේ කවුරුත් ආදරය කල දක්ශ ශිෂ්‍යයෙක් ලෙස හැම කටයුත්තකදීම ඉහළින් ඉහළටම ගියෙමි.....


මගේ පාසැල නුගේගොඩ ශාන්ත ජොන් විද්‍යාලයයි ....පාසැලේ විශය භාහිර කටයුතු වලට, ක්‍රිකට් ක්‍රිඩාවට, මළල ක්‍රිඩාවට, කැරම් ක්‍රිඩාවට දක්ශ කම් දැක්වු මම .අ පො ස සාමාන්‍ය පෙළ සමත්ව, වානිජ අංශයෙන් උසස් පෙළට ඉගෙනීම කෙරුවෙමි. අ.පො.ස උසස් පෙළ සමත් වෙනකම් නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ හොදින් ඉගෙනීමේ කටයුතු කල මම 1988 දී පාසැලෙන් අස්විය.


පාසැලේ උසස් පෙළ සමත් උනාට පසු මගේ අනාගත බලාපොරොත්තුව උනේ ගුවන් නියමුවෙකු වීම සඳහා ඉගෙන ගැනිමය.....ඒ සදහා මගේ තිබුන කැමැත්තත්, මට තිබුන කැපි පෙනෙන දක්ශතා නිසත්, පාසැලේ විශය භාහිර කටයුතු නිසාත්, මගේ අනාගත බලාපොරොත්තුව උනේ, අනාගතයේ ගුවන් නියමුවෙකු වීමය.....


"දැන් සනා , A/L කරලා ඉවර නිසා මොනවද ඉස්සරහට කරන්න කැමති ....."


"මම පයිලට් කෙනෙක් වෙන්න ආසායි....මට ඒකට ඉගෙන ගන්න ඕනේ...."


"පයිලට් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ලොකු වියදමක් යනවනේ....ඒක එහෙම ලේසියෙන් ඉගෙන ගන්න බෑ...අවුරුදු හතරක විතර කාලයකුත් යනවා....මගේ පඩියෙන් ගෙදර වියදම් බලනවා ඇරෙන්න , පයිලට් කෙනෙක් වෙන්න වියදම් කරන්න පුලුවන් කමක් නෑ...." පප්පා මගේ පයිලට් කෙනෙක් වීමේ ආශාව දැන ගෙන කිව් දෙයින් මට ඇති උනේ ලොකු දුකක්...."


"අනේ පප්පේ ලොකු අය්යට කියලා බලන්නකො මට ඒ වෙනුවෙන් වියදම් කරන්න පුලුවන්ද කියලා ...."


"ලොකු අය්යත් පිටරට රස්සාවක් කරන්නේ එයාගෙ අනාගතය හදාගන්නනේ...අපි එයාගෙන් ඒ ගැන අහන එකත් හරි නෑනේ සනා....ඕකට ලොකු වියදමක් දරන්න ඕනේ....අපට බෑ ඒ වෙනුවෙන් වියදම් කරන්න ...ඔයා රස්සාවක් කරන කාලෙක ඔයාගෙ වියදම පියව ගන්න් පුලුවන් නම් පයිලට් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න බලන්න ...."


මගේ පයිලට් කෙනෙක් වීමේ ආශාව පප්පාට කිව් සැනින් මට මකා දමන්න සිදු වුනේ එලෙසයි....


පාසැලේ ක්‍රිකට් නායකයා , ක්‍රිඩා නායකයා හා ශිශ්‍ය නායකු උනු මම එකල ලද සම්මාන ,ත්‍යාග , කප් තොගයක් ගෙදර කැබිනෙටුව උඩ දැන් ගොඩ ගසා ඇත. ඉද හිට මම දැන් ඒවා ගෙන පිස දමා නැවත ඒ තැන් වලම අසුරා ඒවායේ හැඩ බලන්නේ පරණ සුන්දර දිනුම් මතක සිහිපත් කරමින්....


පාසැලේ ක්‍රිකට් කන්ඩායමේ නායකයා, මළල ක්‍රීඩා නායකයා වගේම ශිශ්‍ය නායකුවු මගේ අනාගත බලාපොරොත්තුව වූ ගුවන් නියමුවකු වීමේ සිහිනය දැන් හෙමිහිට බොඳවෙමින් යන්නේ මා වෙනුවෙන් ඒ සදහා කවුරු වත් ඒ වියදම දැරිමට බාර නොගත් නිසයි ......…ඒ ඒ සදහා යන අදික වියදම ගැන මට යාන්තමට දැනිමක් ලැබිමත් සමග මම ඒ ගුවන් නියමුවෙකු වීමේ අදහස අත් හැර ගනිමින් සිටියෙමි ....


මේ කාලය වන විට මගේ පියා විශ්‍රම ගොස් සිටියේය. නමුත් ඔහු නැවතත් පෞද්ගලික ආයතනයක රැකියාවක්ද කලේය. එකල සහොදර සහෝදරියන් රැකියාවන් කලත් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුන් හරි හම්බ කරමින් ඉතිරි කරමින් සිටි කාලය විය..... එබැවින් මා වෙනුවෙන් මගේ අනාගත සිහිනය ඉශ්ට කර ගැනිමට උදව් කිරීමට, වියදම කිරිමට කවුරුත් නොසිට් බැවින් මගේ අනාගත සිහිනය බොදවී ගියේ එලෙසය ......


අවසානයේ මාව පරිගනක අංශය වෙත යොමු කරවමින් මම ඒ මඟ යන්නට පටන් ගත්තෙමි.


පාසැලේ උසස් පෙළ නිම කරවා මම, පරිඝණක අංශයෙන් ඉගෙනීම සඳහා ABC ......ආයතනයට සම්බන්ධ උනේ එලෙසයි.


පරිඝණක අංශයෙන් ඉගෙනීම කරමින් ඉහළට ගිය මම ඒ ගැන නිපුණතා දක්වමින් ඉහලටම ගියෙමි ....වැඩි කාලයක් නොගොස් පරිඝණක අංශයෙන් ඉගෙන ගත් මට, මගේ පළමු රැකියාව ලෙස පරිඝණක උපදේශකවරයෙකු ලෙස ,මම ඉගෙන ගත් ආයතනයේම රැකියාවක් ලැබීම මගෙත් ,ගෙදර අයගේත් සතුටට හේතුවක් විය....මට අවුරුදු 21වෙනවිට මට රැකියාවක් කරන්න ලැබීම මට ලොකු සතුටක් විය....මම තව දුරට ඉගෙන ගනිමින් රැකියා කටයුතුද කෙරුවෙමි .


"තව සනාට පරිගණක පැත්තෙ ඉහලට ගිහින් ඉගෙන ගන්න පුලුවන් පිටරටකට ගිහින් ඉගෙන ගත්තොත්"


"මාත් ආසයි පිටරට ගිහින් ඉගෙන ගන්න...."


"එහෙනම් ඔස්ට්‍රේලියාවේ ඉන්න චූටි බාප්පාට ලියුමක් දාලා,බලන්න ,ඔයාට එහෙ පරිඝණක අංශයෙන් තව ඉහලට ඉගෙන ගන්න යන්න පුලුවන්ද කියලා ...."


වැඩි කලක් නොගොසින්ම ඔස්ට්‍රේලියාවේ පදිංචි මගේ පප්පාගේ බාල මල්ලි වන චුට් බාප්පාගෙ අනුදැනුම මත මම ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයකට යෑමට අවශ්‍ය ලියකියවිලි සකසන්නට පටන් ගත්තෙමි.....


අවසානයේ ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න යන සිහිනෙන් පෙළුණ මම ,ඒ වෙනුවෙන් වැඩ කටයුතු කිරීමට පටන් ගත්තෙමි.


-නැවත හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා*

4 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

2 Comments


Lakmini Jayanetti Perera
Lakmini Jayanetti Perera
Dec 15, 2021

ඔබට සුභ ගමන් යෙහෙළියේ, මේ අතිවිශේෂ කතාව, සාර්ථකව එළිදැක්වීමට😘

Like

Lakmini Jayanetti Perera
Lakmini Jayanetti Perera
Dec 15, 2021

අනේ...... හරිම සන්තෝසයි මේ කතාව ආයෙම ලියන්න පටන් ගත්තට👍

මම ඉතින් ඔයා මේ කතාවට එනකන් මඟ බලාගෙන ඉන්නේ😍

Like
bottom of page