🌹නොනිමි ගමන 🌹
- Prisila Godahewa
- Apr 8, 2022
- 4 min read
( 5) පස්වන කොටස )
යාපනයේ පදිංචියට ඇවිත් ගෙවුනු අවුරුදු පහක කාලය, අපි සියල්ලෝගේම ජීවිත වෙනස්ම ආකාරයට ගෙවි ගිය කාලයක් විය. බොහෝම සතුටින් ,කිසි අඟහිඟකමක් නැතුව ,හිතේ නිදහසින් යාපනයේ දමිළ ජාතිකයන් සමග ගෙවි ගිය කාලය කවදාවත් අමතක නොවන බොහෝම සුන්දර කාලයක් බව දැනේ....... ,බොහෝ ඉක්මනින් ගෙවී ගියේ අපේ ජීවිත වෙනස්ම පළාතක, වෙනත් ජාතියක් සමග, ඔවුන්ගේ ගතිපැවතුම් සමග , තව අලුත් භාශාවක් ඉගෙන ගන්නට ලැබෙමින් ගෙවි ගොස් ඇත. මෙමෙ කාලය අපේ මුළු පවුලටම හරි විශේෂ කාලයක් විය. ....ඒ කාලය තුල තාත්තාටත්, අයියලා අක්කලාටත් හොඳින් දෙමළ කතා කිරීමට හැකි වී තිබිම ලොකු අභියෝගයක ජය ගැන්මක් විය. සිංහල ඉංග්‍රීසි දෙමළ භාශා තුනක් කතා කිරිමට ලැබීම කොයිතරම් නම් වාසනාවක් දක්ශ කමක් වේද.....
මටත්, මට වැඩිමල් අයියාත් පාසල් යන වයසට ළං වී සිටි බැවිනුත්...., ශ්‍රී ලංකාවට නව ආණ්ඩුවක් නැවත පත් වී තිබූ බැවිනුත් පප්පාට යාපන කච්චේරි ජීවිතයට සමු දී අපට නැවත කොළඹ බලා යෑමට කාලය උදා විය.
පප්පාට, කොළඹ කම්කරු අමාත්‍යාංශයේ ඉහළ නිළයක රැකියාවක් ලැබීමත් සමග අපට යාපනයේ සිට, 1975 අග නැවත කොළඹ බලා යන්නට සිදු විය.
"මේ ළමයි ටික කොළඹ ඉස්කෝල වලට දාගන්න ඕන නිසාම මම, ආයෙත් කොළඹ යනව මිසක්,....නැත්නම් මම මේ යාපනයේ හැමදාම දිගටම නැවතිලා ඉන්න ආසයි..... අපට කිසි දේකින් අඩුපාඩු නැතුව හරි සතුටින් ඉන්න ලැබුන කාලයක් තමයි පහුගිය පස් අවුරුදු කාලය....
‘‘අපි දැන් කොළඹ ගිහින් කොහේද නවතින්නේ?...කොළඹ ඉදන් එනකොට තිබුනු ගෙවල් දොරවල් විකුනලා දාලා, බඩු මුට්ටු විකුනලා දාලා ආව නිසා, හැම දෙයක්ම මුල ඉදන් හදාගන්න වෙනවා දැන් . ...."
"ටික දවසක් අම්මලාගෙ ගෙදර ඉමු....ඊට පස්සෙ ගෙයක් කුළියට ගමු..."
‘‘අම්මලාගෙ ගෙදර නම් දැන් ඉඩ මදිවෙයි..... මේ ළමයිනුත් ලොකුයිනේ.... අපි එහෙනම් කොළඹ ගිහාම ගෙයක් කුලියට අරන් පදිංචි වෙමු...."
“දැන් අලුත් ආණ්ඩුවක් පත් වෙලා තියෙන නිසා, අපට නිදහසේ ඉන්න පුළුවන් වෙයි.... මං නම් ආයෙත් කවදාවත් දේශපාලන පක්‍ෂවල උදවුවට යන්නෑ...."
‘‘ඒක හොඳයි.... වෙච්ච මට්ටුව මදැයි…. කොහොම වුණත් ලංකාවේ වෙන පළාතක, වෙනත් ජාතියක් එක්ක අවුරුදු පහක් ජීවත් වෙන්න ලැබුණු එකෙන් ජීවිතයට අලුත්, වෙනස් අත්දැකීම් එකතු කර ගන්න පුළුවන් වුණා.... ඒක නම් ලොකු දෙයක් මේ දරුවන්ටත්.”
“ලොකු පුතාගේ ඉස්කෝලේ අන්තිම විභාගය කරන්න , කොළඹට යන එක හොඳයි... එයාට එහේදී උසස් පෙළ කරන්න පුළුවන්.... චූටි පුතාව ඉස්කෝලේ දාන්නත් ඕනනෙ... දැන් එයාට අවුරුදු හයයිනෙ. එයාගෙ පළමු වෙනි උපන්දින දවසේ යාපනයට ගිය අපි, ඇත්තට ම ඉතා හොඳ ජීවිතයක් ගත කළා.... දෙමළ ජාති, මිනිසුත් එක්ක සහයෝගයෙන්, සතුටින් ජීවත් වීමට ලැබීමත්, තව භාෂාවක් ළමයින්ට, මට ඉගෙනීමට ලැබීමත් අපට ඒ කාලය තුල ලැබුනු හොදම වැදගත්ම දේවල් තමයි ...” තාත්තා කීවේ සතුටිනි.
අපි යාපනයේ සිට නැවත කොළඹ බලා පැමිණියේ 1975 වර්ෂයේ අවසානයේය...
මම 1976 වර්ෂයේ ජනවාරියේ මුලින්ම පාසල් යන්න පටන් ගන්න යන විට, ලොකු අයියා උසස් පෙළ විභාගය සදහා පෙනි සිටින කාලය ලං වි තිබුනි. ඔහුත් මාත් අතර අවුරුදු 13 ක වයස් පරතරයක් ඇත .
මම දෙකේ පන්තියේ ඉදිද්දි, ලොකු අය්යා පාසැලේ අවසන් විභාගයට පෙනි සිට, පාසල් ගමන නිම කර ගෙදර සිටි කාලය විය. එබැවින් ඔහුට වඩා ගොඩක් බාල මාව, පාසල් එක්ක යෑමටත්, ගෙදර ගෙන ඒමටත් ලොකු අයියා හටම බාර විය.
ඔහු මාව සැමදා උදයට , පාසැල් එක්ක යාමට වගේම, හවසට මාව පාසැලෙන් ගෙදර එක්ක යන්නටද ආවේ ෆුට් බයිසිකලයෙනි.
සැමදා පාසැල නිමවුන පසු, ඔහු පැමිණ මා ගෙදර එක්කගෙන යන තෙක් පාසල් ගේට්ටුව ළඟට වී මා සිටින්නේ හරිම ආසාවෙනි. බයිසිකලේ ඉස්සරහ පොල්ල උඩ කොට්ටයක් දමා, මා එහි හිඳුවා ගෙදර එක්කගෙන යන ලොකු අයියා මට, අම්මා, තාත්තාටත් වඩා ගොඩක් ළං විය..... අනිත් අයියලා, අක්කලාගෙන් මා සරදම් ලබන විට මා බේරා ගන්නේද ලොකු අයියායි. මා හට ඉස්කෝලේ පාඩම් කියා දෙන්නේ ද ලොකු අයියාමය. මගේ හැම වැඩක්ම කර ගැනීමට මට ලොකු අයියා නැතුවම බැරි කෙනෙකු විය.
"සනා ඉතිං ලොකුගෙ නැට්ට වගේ...." ගෙදර හැමෝම මට සනා කියා හුරතලේට අමතයි.
"සුදු නම් ඉතිං මම්මා වගේමයි , මම්මා වගේම සුදුයි, පිළිවෙළටයි වැඩ...පොඩි නම් ඉතිං සෙල්ලම් කාරයා, මිනිහා ඉතිං නළුවා වගේනේ....ඉගෙන ගන්න උවමනාවකුත් නෑ, යාළු කොල්ලෝ එක්ක දවසෙම රස්තියාදුවෙ යනවා.... දුව නම් ඉතිං අය්යලා, මල්ලිලා හතර දෙනාටම සද්දෙ දාගෙන ඉන්නවා....හැබැයි ඉතිං ,පප්පා ආදරේ බඩ පිස්සට තමයි ....මම්මා නම් ඉතිං සුදුට තමයි වැඩියෙම ආදරේ...."
"ලොකු ,සනා එක්ක ආච්චිලාගෙ ගෙදර ගිහින් එන්න.....මෙන්න මේ කෑම ටික ආච්චිටයි, සීයටයි දීලා එන්න.....ආච්චි මොනව ගෙදර හැදුවත් ,ඔය ගොල්ලන්ගෙ පංගුවත් තියාගෙන බලන් ඉන්නවානේ...."
"සීයට ක්‍රිකට් මැච් එකක් බලන්න ආසයි කියලා ,දවසක එක්ක යන්න කිව්වා,....."
"එයා ඉතිං කොල්ලා වගේ ,කොල්ලො කරන වැඩ වලට තමා කැමති .....අපේ ළමයි ටිකට සීයට හරි ආදරෙයි....සියා පඩි ගත්තහම ඉතිං ළමයි ටිකට වාසියිනෙ... "
" අපෝ ඒකට ආච්චී නම් ඉතිං හරි ලෝභයි....එයා කැමති පන්සල් වලට, හාමුදුරුවන්ට දානෙ දෙන්න විතරයි ...."
"ඇයි, වන්දනා ගමන් යන්නත් ආච්චි වියදම් කරනවා... , ආච්චි දඹදිව ගියා කියනවනේ දෙපාරක්ම....හැබැයි ඉතිං හිඟන්නෙක්ට වත් ආච්චි සසල්ලි කීයක්වත් දෙන්න කැමති නෑ...."
"පුංචි අම්මට තමයි ආච්චි වැඩියම ආදරේ....මොකද ඉතිං පුංච් අම්මා, ඔෆිස් එකේ පඩි ගත්ත දවසට, ආච්චිගෙ අතට පඩිය ගෙනත් දෙන නිසා...."
"ඔය ආච්චිලාගෙ ගෙවල් කිට්ටුව හැමෝම අතමාරු ඉල්ල ගන්නේ ආච්චිගෙන්ලු....."
"ඔව්..ඔව්....ගෙවල් වටේ හැමෝටම ආච්චී පොළියට සල්ලි දෙනවා කියලා ආරංචියි ....ඒ මිනිස්සුන්ට ආච්චි නැතුව බෑ...."
"දැන් ලොකු පුතා උසස් පෙළ කරලා අවුරුද්දකකුත් ගියානේ, දැන් මොනවද ,ඔයා ඉස්සරහට කරන්න කැමති ....?
"පප්පෙ, චුටි බාප්පා ඉන්න රටට මටත් යන්න ජොබ් එකක් හොයලා දෙන්නකෝ...."
"ඇයි ලොකු පුතා වැඩිදුර ඉගෙන ගන්න කැමති නැද්ද ..?
"අනේ පප්පෙ මට, තව ඉගෙන ගන්න බෑ...මට රස්සාවක් කරන්න ඕනේ...."
"එහෙනම් මම චුටි බාප්පට කියලා බලන්නම්..."
"මාත් ආසයි බාප්පා වැඩකරන රටටම යන්න ......"
"අපි චුටි බාප්පට ලියුමක් දාලා බලමු "
"චුටී බාප්පා උදව් නොකර ඉන්නේ නෑ....එයා පොඩි කාලේ මම තමයි එයාට ඉගෙන ගන්න වියදම් කලෙත්....මිනිහට දැන් හොදටම සරුයි....ලඟදි දෙවැනි පාරට කසාඳ බදින්න යන්න හදන්නේ.....අපි එයාට ලියුමක් දාලා ඔයාගෙ විස්තර කියලා බලමු....මිනිහා පුලුවන් උදව්වක් කරයි ...."
-නැවත හමුවෙමු --
*ප්‍රිසිලා ගොඩහේවා *
ලස්සනට ලියවී ඇති තවත් රසබර කොටසක් ප්‍රිසිලා🙏😍