top of page
Writer's picturePrisila Godahewa

🌹නොනිමි ගමන 🌹


🌹නොනිමි ගමන 🌹

( 30 වෙනි කොටස )


අංජුගේ ව්‍යාපාර කටයුතු හොදට දියුණු වීමත් සමඟ අපට දියණියන් දෙදෙනාද සමඟ නිතර නිතර පිටරට සවාරි යන්න ලැබීම විශාල සතුටක් විය. ඒ ගිය බොහෝ ගමන් අංජුගෙ ව්‍යාපාරය දියුණු කර ගැනීම සඳහා ගිය ව්‍යාපාරික ගමන් උන අතර, ඒ හැම ගමනකට මාත් දරුවනුත් සහභාගි කරවා ගැනිමට අංජු අමතක නොකලේය. ඔහු කිසිම ගමනක් තනියම ගොස් සතුටු වීමට අකමැති කෙනෙක්ය. එබැවින් ඔහු යන හැම ගමනකට මාවත් දරුවන්වත් සහභාගි කරවා ගැනීම ඔහුගේ සතුටට හේතුවක් විය. ඒ වගේම අපි ඔහුට පේන දුරින් සිටිම ඔහුගෙ හිතට හොද වීමත්, අපි ආරක්ශා සහිත බවක් ඔහුගෙ හිතට දැනීමත් නිසා, ඔහු යන ගමන් වලට අපිවත් කැඳවා ගෙන යාමට හේතුවක් විය.


අංජු පවත්වාගෙන ගිය, ඇඟලුම් කර්මාන්ත ශාලා වලට අවශ්‍ය බඩු සැපයුම් ව්‍යාපාරය සඳහා ඔහු හොංකොං, මැලේසියා, තායිලන්තය, සිංගප්පූරුව, ඩුබායි වැනි රටවලට නිතර යෑම් ඒම් කලේය. එම බඩු ලංකාවට ගෙන්වීමට අවශ්‍ය ඇනවුම් කිරිම් හා ඒ බඩු පරික්ශා කිරිම් ඒ ගමන් වලට හේතු විය. ඒ යන ගමන් වලට ඔහු මාත් දියණියන් දෙදෙනාත් පුලුවන් හැම අවස්තාවකම සම්බන්ධ කර ගත්තේය.


ඊට අමතරව ඉන්දුනීසියාව මැලේශියාව හා ඒ අවට පොඩි දූපත් වලටත් ඩුබායි වැනි රටවල ටත් සංචාරයන් සඳහා මටත් දියණියන් දෙදෙනාටත් විනෝද ගමන් ලෙස යන්නට ලැබීම අපේ සතුටට හේතුවක් විය.

දියනියන් දෙදෙනාද අප කියන විදිහටම ජීවත්වන ඉතා හොඳ ගුණගරුක දරුවන් දෙදෙනෙකු වීම නිසා අප යන විනෝද ගමන්වල දී ඔවුන්ගෙන් අපට කිසිදා කරදරයක් අපහසුවක් නොවීය. ඔවුන් දෙදෙනා අප කියන විදිහට නිදහසේ සතුටින් එම ගමන් යෑම හා හැසිරීම අප දෙදෙනාට පහසුවක් සතුටක් විය.


"දෙවියන්ගේ පිහිටෙන් දැන් අපේ ව්‍යාපාරය හොදින් කෙරිගෙන යන නිසා, අපි මේ ව්‍යාපාරය තව ලොකු කරගෙන කරගන්න බලමු?


"අපි අපේ ව්‍යාපාරයට අලූත් නමක් දාගෙන මේ වැඩේ හරියට පටන් ගන්න ඕනෙ අම්මි....’’

‘‘ඔව්, දැන් අපේ බිස්නස් හොඳ නිසා, අපි එහෙම කරොත් හොඳයි තමයි..."


අංජු ව්‍යාපාරයට සම්බන්ධ සියලු දේ මා සමඟ දිනපතා කියන අතර, ඒවාට උපදෙස්ද මගෙන් අසයි. මගෙන් නොඅසා ඔහු ව්‍යාපාරයට සම්බන්ධ කිසිම වැඩක්, තීරණයක් ගත්තේද නැත. මගේ උපදෙස් ඔහුට හරිම වැදගත් විය....අප දෙදෙනා එකට එකතු උනදා පටන් අපේ කැමැත්තට වැඩ කටයුතු කරගෙන ගිය අතර නෑදෑයෝ යාළුවන්ගෙන් කවදත් උපදෙස් උදව් නොපැතුවෙමු. ඔවුන් සියල්ලෝ අතේ දුරින් තියාගෙන අප දෙදෙනාට ඕන විදිහට අපේ දියුණුව සලසා ගැනීම අප විවාහ වූ දින සිටම කරන්නකි. අපට අපි දෙදෙනා සිටිනවා නම් ඇති යැයි අපි නිතර සිතුවෙමු.


එයට හේතුව අපි අනික් අයගෙන් උපදෙස් ගන්න යන හැම අවස්ථාවකම..... ඔවුන් වැඩක් ඉක්මණින් කිරීමට වත්,එය දියුකරගැනිමටවත් නොම, වැඬේ නො කරන විදිහට කතා කරන නිසාත්, අපිව අද්‍යිර්‍ය කිරිමට කටයුතු කිරිම නිසාත්, අප දෙදෙනා ඔවුන්ගෙන් උදව් ගැනිමට අකමැති උනෙමු. එනිසා අපි දෙදෙනා අපේ සියලු වැඩ, අපේ කැමැත්ත අනුව තනියම වැඩ කටයුතු කරගෙන ඉදිරියට ගියෙමු. එයින් අපට දියුණුවක් ලබා ගත හැකි යැයි යන අත්දැකීම අප දෙදෙනා ආ ගමන් මග තුල මේ තාක් අපට ලැබි තිබීන. එබැවින් අප දෙදෙනාට අප දෙදෙනා විතරයි යන මතයේ අප දෙදෙනාම කවදත් සිටියෙමු.


‘‘ අපේ ව්‍යාපාරයට අධ්‍යක්ෂකයන් දෙන්නෙක් අවශ්‍යයි....ඒ නිසා මම ඔයාගෙත් මගෙත් නම් දෙක දාලා ව්‍යාපාරය රෙජිස්ටර් කරන්න හදන්නෙ.....ඉස්සරහ කාලේ අපට ටැක්ස් එහෙමත් ගෙවන්න වෙනවා. අපට වෙන වෙනම සැලරිස් ගන්නත් පුලුවන් ...."


"මොකක්ද අපේ බිස්නස් එකෙ නම ?


" ඔයා දන්නවානේ.....කොලිටෙක්ස් ඉන්ටර්නැෂනල් කියන නම 2003 ඉදන් අපි පවත්වාගෙන ගිය වයාපාරය ....දැන් ඒක තව අලුත් කරලා ඔයාවත් අධ්‍යක්ශිකා වක් විදිහට දාලම වැඩෙ කරගෙන යමු....මට පුලුවන් ඔයාටත් සැලරි එකක් එතකොට දාන්න..... ’’


‘‘ඒක හොඳයි...මටත් වියදමට වෙනම සල්ලි එන එක....’’


කොලිටෙක්ස් ආයතනය එන්න එන්නම ඉතා දියුණු තත්ත්වයට පත් විගෙන යයි.... එන්න එන්න ම එය දියුණු තත්ත්වයට පත්වන විට අප වටා නෑ හිත මිතුරන්ද එක් රොක් වන්නට පටන් ගත්හ. කිසි දින හැඳුනුම්කමක් නැතිව සිටි අය ද අප වටා එක් රොක්වීම අපට පුදුම සහගත විය. ඔවුන් ඉපදුන දා සිට අප ලඟ හිටි නෑදෑයින් මෙන් අපට සැලකුහ.


"දැන් නම් අපට ගොඩක් යාලුවො ඉන්නවා නේද...?


"එහෙම තමයි මිනිස්සු ...අතෙ සතෙ නැති කොට මිනිස්සුන්ව ආශ්‍රය කරන්න කැමති නෑ ....අතෙ සල්ලි තියෙන කොට තමයි ඔක්කොමලාට මතක් වෙන්නේ...."


එන්න එන්නම අපට යාළුවන්ගේ ප්‍රමානය වැඩි විය. ඔවුන් සමග අපට විනෝද චාරිකා යන්නටද හැකි විය. නිතරම රාත්‍රී බෝජන සංග්‍රහ වලටද යන්නට ලැබින. දරුවන්ට ඒ අයගේ වයසේ යාළුවන් මුණ ගැසින.


"දන්නවද අම්මි.... මේ තියෙන විදිහට අපේ බිස්නස් එක දිගටම කරගෙන හිටියත් අපිට නම් ඇති.....ඒත් මාත් ලඟදි කල්පනා කරලා බැලූවා, අපිම ටේප්, කෝඩ් මැෂින් මිලදි ඇරගෙන ලංකාවෙම ටේප්, කෝඩ් හදලා ෆැක්ටර්වලට දාන වැඩකුත් පටන් ගන්නවද කියල..... දැනට අපි පිටරට වලින් බොත්තම් ,ටේප් ,කෝඩ් ගෙනත් විකුනන එකෙන් අපට ලැබෙන ලභය නම් මදි තමයි .ඒත් වැඩි මහන්සියක් නැතුව අපිට අවශ්‍ය ප්‍රමානයට සල්ලි හොයාගන්න පුලුවන්..... ලංකාවේ ඒ බඩු අපිම නිපයුම් කලොත් අපට තව ලොකු ලාභයක් ලබන්න පුළුවන්......"


‘‘ ඉතිං හොදයි නේ...අපි එහෙම කරමුකෝ....."


"ඒකට ඉතිං ඒ බඩු හදන මැශින් සල්ලි වලට ගන්න ඕනේ...."


" කොහෙන්ද, කොහොමද ඉතිං ඒ මැෂිම් ගන්නේ.....?’’


"හොංකොං චයිනා වල තමයි ඒ ටේප් වර්ග, කෝඩ් වර්ග හදන මැශින් විකුනන්න තියෙන්නේ ....එහෙන් ඒවා ලංකාවට ගෙන්න ගන්න ඕනේ....."


"අපෝ...එහෙනම් ඒවා ලක්ශ ගානක් වෙයි නේද...? අපට ඉතිං ඒවා ගන්න එච්චර ඉතිරි කරගත්ත සල්ලි නෑනේ ...."

‘‘ ඔව්...ඒවා ලක්ශ පනහ හැටේ ඒවා....අපට සල්ලි දීලා ගන්න බෑ....අපි ලඟ එච්චර සල්ලි නෑනේ ......බැංකුවකින් ණයක් ඇරගෙන තමයි ඒවා ගන්න වෙන්නේ..... මැෂින් දෙකක් ගෙනත් දාගෙන වැඩ පටන් ගත්තොත් අපට පුළුවන් හොඳට සල්ලි හම්බ කරන්න. .....’’


"බැංකු ණය වලට,නම් මම කැමති නෑ....ඒත් අපට තව දියුණු වෙන්න පුලුවන් නම් ,... අපි එහෙම කරමු.."


"ඔව්...මැශින් දෙකක් ලක්ශ ගානක් වෙන නිසා අපි එහෙනම් බැංකු ණයක් ඇරන් එහෙම කරමුද....."


"බිස්නස් එක දියුණු කරගන්න එක ගොඩක් වටිනවා, කවදාහරි අපේ දරුවන්ටනේ මේ ඔක්කොම ...."


"එහෙනම් අම්මි මම ඒ ගැන බලනවා....ඔයත් කැමතියි නේ..."


අප දෙදෙනා විවාහ දිවියට පත් වුන දින සිට , අප කරනා හැම දෙයක්ම, හැම වැඩක්ම, දෙදෙනාගේ කැමැත්ත ඇතුව, කතා බහ කරගෙන යන්නට පුරුදු වි උන්නෙමු. අප දෙදෙනා එලෙස ඒ ගැන කතා බහ කරගෙන කිරීම් නිසා, අප දෙදෙනාගේ ජයග්‍රහණ වගේම පරාජයන්ද අපට එක ලෙස විඳ දරාගැනීමටද සිදු විය.


අංජු කිව් ලෙසම මාසයක් දෙකක් ඇතුලත , චීන රටින් අපට කෝඩ්, ටේප් හදන මැෂින් දෙකක් ලංකාවට ගෙන්වා ගැනිමට හැකි විය. ඒවා මිලදි ගැනිමට අපට බැංව් ණයක් ගන්නටද සිදු විය.


"මැශින් දෙක ලංකාවට ගේන්න ඉස්සරහ අපි කුළියට ඒවා තියන්න තැනක් බලන්න ඕනේ...."


"ඔව්...අපි ඉක්මනට තැනක් හොයා ගමු...."


""මැශින් වැඩ,කරන්න ළමයි දෙන්නෙකුත් මම දැන් හොයාගෙන ඉන්නේ......ඒ ළමයි මැශින් ගෙනහම අපේ ලඟ වැඩට එයි..."


වැඩි කාලයක් නොයවා පොඩි ව්‍යාපාර ස්තානයක් කුලියට ගත් අපි චීනෙන් ගෙන්නා ගත් කෝඞ් මැෂිම් දෙක එහි තැන්පත් කර වැඩ පටන් ගත්තෙමු. මැශින් දෙක දුවවන්න තරුණ පිරිමි ළමයි දෙන්නෙක් අංජු වැඩට ගත් අතර , විකුනුම් වැඩ කරන්න තව පිරිමි ළමයි දෙන්නෙක්ද වැඩට ගත්තෙමු.


"සේල්ස් වලට පිරිමි ළමයි දෙන්නෙක් ගත්ත නිසා දැන් අපේ බිස්නස් ගොඩක් හොඳයි ..."


"ලොකු දෙයක් ....දෙවියනේ කියලා අපට දැන් තව දියුණු වෙන්න පුලුවන් ...."


අපි නිපදවන ඇඟළුම් නිශ්පාදන සඳහා ලංකාවේ බොහෝ ඇඟළුම් කර්මාන්ත ශාලා වලින් ඉල්ලුම තිබුන නිසා, ටිකෙන් ටික අප නිපදවන ටේප් කෝඩ් වලට ඉල්ලුම වැඩිවී අපේ බිස්නස් එක දිනෙන් දින දියුනු වෙන්නට පටන් ගත්තේය.


"අපි තව මැශින් දෙකක් චීනෙන් ගෙනත් තව ලොකුවට මේ බිස්නස් එක කරගෙන යමු ...."


"ඒක හොදයි ....අපි ලඟ දොළහකට වැඩි සේවකයින් සංඛ්‍යාවක් ඉන්න නිසා, අපේ වියදම වැඩි උනත් ආධායම හොඳ නිසා දිගටම අපි මේක කරගෙනම යමු . ..."


" ගාමන්ට්ස් වලට ගිහින් අපේ බඩු වලට ඕඩර්ස් ගන්න, ....බඩු එහේ මෙහේ ගිනියන්න වගේම ව්‍යාපාරයේ ගණන් හිලව් වැඩ කිරීමට ද සේවකයින් ඉන්න එක ලේසියි ....."


අංජු ඒ සියල්ලන් මෙහෙයවමින් ඇඟලූම් කර්මාන්ත ශාලාවලින් විශාල ඇනවුම් ගනිමින් ව්‍යාපාරය හොඳන් කරගෙන යමින් ව්‍යාපාරය දියුනුවෙන් දියුනුවට ගෙනයන්නට මහන්සි ගනිමින් හිදී..


" අම්මි දැන් අපේ බිස්නස් එක හොදටම කෙරිගෙන යන නිසා, අපි ඉඩමක් ඇරගෙන අපේම කියන්න ෆැක්ටරියක් හදාගමුද ...?අපේ මැෂින්, අපේම තැනක තියාගෙන දුවවන්න ....දැන් අපි ඉන්න තැනත් ඉඩ මදි....ඒක කූළීයට ගත්ත නිසා, මට ආසයි අපේම කියලා තැනක් හදාගන්න ...’’


‘‘ ඒක නම් හොදයි ...ඒත් ෆැක්ටෙරි එකක් හදන්න ගොඩක් ලොකු මුදලක් යනව නේ ද?’’


‘‘ ඔව්....අපි දැන් බැංකුවේ ඉතිරි කරගෙන ඉන්න සල්ලිත් දාලා, තව බැංකුවකින් ණයකුත් ඇරගෙන ෆැක්ටරියක් හදාගන්න බලමු..."


‘‘ඔයාට හොඳ විදිහක් කරන්න ....හැබැයි වැඩිය බැංකු වලට ණය නොවි........’’


"එහෙනම් අපි කර්මාන්ත ශාලාවක් හදන්න හොද ඉඩමක් ලඟදිම හොයාගන්න බලමු නේද ?


"කොයි පැත්තෙන්ද දැන් අපි ඉඩම ගන්නේ....?


" මාළඹේ පැත්තෙන් බලමු.... ඒ පැත්ත අපට යන්න එන්න ලේසියි නේ....එහෙම හොදයි නේද?


" ඔව් ඒක ලේසියි .....එහෙනම් අපි ආයෙමත් ඉඩමක් හොයන වැඩේට බහිමු. අපි අතේ තියෙන සල්ලි වලින් ඉඩම ඇරන් , ෆැක්ටෙරිය හදන්න බැංකු ණයක් දාගමු..."


‘‘ ෆැක්ටෙරිය හැදුවට පස්සෙ අපි.... දැන් අපි ලඟ තියෙන මැෂින් වලට අමතරව තව මැෂින් හතරක් විතර ඇරගෙන බිස්නස් එක ලොකු කරගමු.’’


‘‘ආදායම වැඩි කරගන්න ඒක නම් හොඳ අදහස....ඒකට අවශ්‍ය දේවල් කරමු.....හැමදාම එක තැනක ඉන්න බෑනේ ....ඉස්සරහට යන්න එපෑ.....’’


මාසයක් විතර කාලයක් ඇතුලත් අපට මාලඹෙ වෙලක් අද්දර ලොකු ඉඩඩමක් මිලදි ගන්නට හැකියාව ලැබින. ..... ඒ වගේම එම ඉඩමේ අපි හිතාගෙන හිටිය විදිහට කර්මාන්ත ගාලාව හදන්න,පටන් ගත්තෙමු.


"පිරිත් කියලා නැකතට වැඩේ පටන් ගත්තට , මේ වැඩේ හරි හෙමිහිට නේ වෙන්නේ....අපට හදිස්සි උනාට බාස්ලට කිසි හදිස්සියක් නෑනේ....."


"අපි මුලින් හිතුවට වඩා ලොකු වියදමක් යනවා බිල්ඩිම හදන්න...බාස්ලත් වෙලාවට වැඩ ඉවර කරන්නේ නෑනේ....මට නම් දැන් මේ වැඩේ එපා වෙලා තියෙන්නේ ...."

"එහෙම කියන්න එපා, පටන් ගත්ත වැඩේ ඉක්මනට ඉවර කරගන්න ..."


"දැනට තට්ටු දෙකක වැඩ ඉවරයි ...අපි තුන්වෙනි තට්ටුව හදන වැඩෙ නතර කරලා , මැශින් ටික මෙතනට ගෙනත් දාලා අලුත් තැන ඕපනින් එක තියලා වැඩ පටන් ගමු නේද? තව බලාගෙන හිටියොත් කාලේ යනවා. ..."


"ඔව්...එහෙම කරමු. මෙතන පදිංචියට ආවට පස්සේ, වැඩපලේ ඉතිරි වැඩ ටික අපි ටික ටික ටික ඉවර කර ගමු..."


"ඔව් එහෙම නම් අපි ෆැක්ටෙරි එකට ගෙවදීම කරමු පුලුවන් ඉක්මනට ..."


අවසානයේ අපි බාගෙට හදල ඉවරකර තිබුන ෆැක්ටරියට ගෙවදීම කලෙමු. එයට විශේෂ අමුත්තන් කිසිවෙක් සහභාගි නොවුන අතර, අපේ ව්‍යාපාරයේ සේවකයින් සියල්ල අප සමඟ කිරි උතුරවලා කැවුම් කොකිස් කෑමට එක් විය. ඒ සියලු කෑම බීම මගේ හා අපේ අම්මාගේ මහන්සියෙන් හදන ලද ඒවායි.


මේ වන විට අපි ගෙවල් හා ව්‍යාපාර ස්තාන හත අටකටම, පදිංචියට ගොස් තිබුන නිසාත් , ගෙට ගෙවදීම් කර තිබුන නිසාත්, මට උදේ පාන්දරින්ම නැගිට කිරිබත් හාදා කේක් කෙසෙල් ලෑස්ති කරගෙන, නැකතට ඒ දේවල් කිරිම ගැන හොද දැනුමක් තිබින.


‘‘අපි මේ තියෙන කෝඩ් මැෆින් වලට අමතරව තව මැශින් හතරක් විතර ඇරගෙන බිස්නස් වැඩේ හොදට ලොකුවට කරගෙන යමු ’’


‘‘ එතකොට ෆැක්ටෙරි එකේ වැඩට තව අයත් ගන්න වෙයි නේද?’’


‘‘ඔව්, මැශින් වල වැඩට..... අපි තව ලමයි දෙන්නෙක් ගමු. ....ඒ ළමයින්ට රෑ වැඩ කරන්නත් වෙයි....ඒ තරමට වැඩ තියෙනවා ඉක්මනට ඉවර කරලා දෙන්න ....."


"එතකොට රෑ වැඩ කරන ළමයි කොහේද නවතින්නේ....?


" ඇයි අපේ , ෆැක්ටෙරි එකේම වැඩ කරන අයට හදපු නවතින කාමර දෙකේ ඒගොල්ලන්ට නවතින්න පුලුවන් ..."


"එතකොට කෑම...?


"අපි ඒගොල්ලන්ට මේ ලඟ ගේකින් කෑම ගෙන්න ගමු..."


"මැෂින් වැඩ කරන, ගෙදර ඉදන් වැඩට එන ළමයි දෙන්නෙක්ට අලූත් මෝටර් බයික් දෙකක් ඇරන් දෙන්නත් ඕනේ..... නැත්නම් රෑ වුණාම ඒ ළමයින්ට වැඩ ඇරිලා ගෙදර යන්න කරදරයි...."


"සේල්ස් කරන අයට ඔයා වාහන දෙකකුත් ඇරන් දුන්න නිසා, දැන් බිස්නස් එක හොදට කෙරිගෙන යනවා..."


"අපි අලූතින් ආපු සේවකයින් ඔක්කොටම වගෙ හොඳට සළකන නිසා හැමෝම සතුටුයි වැඩ කරගෙන යනවා.... අපි හරියට පඩි ගෙවලා ඒ අයට අවුරුද්දට බෝනස් පවා දෙන නිසා ඒ අය හැමෝම සතුටින් ....."


"අපි නිවාඩුවක් ඇරන් , අපේ ස්ටාෆ් එකේ අයව විනෝද චාරිකාවක් එක්ක යමුද...?


"ඔව් ළමයි මහන්සි වෙලා වැඩ කරන නිසා, අපි ඒගොල්ලන්ට නිවාඩුවක් දෙමු..."


"අපි නුවරඑළි පැත්තෙ බංගලා දෙකක් බුක් කරගෙන ගිහින්, එහෙ නැවතිලා ඉඳලා එමු...."


"හොද අදහස...හැමෝම සතුටු වෙයි..."



*ප්‍රිසිලා ගොඩහේවා *

33 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

🌹 නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (28 වෙනි කොටස ) අලුත් ගෙදර පදිංචියට විත් මාස දෙකක කාලයක් ගතවුනේ බොහොම සතුටින් සැහැල්ලුවෙන්ය. ලොකු දුව මේ වන විට නුගේගොඩ...

Comentarios


bottom of page