🌹නොනිමි ගමන🌹
- Prisila Godahewa
- Apr 8, 2022
- 4 min read
(4 වෙනි කොටස )
"දැන් මේ පළාතේ හැමෝම වගේ අපිව අඳුනනවා. හැමෝම අපේ ළමයින්ටත් ආදරෙයි. ...
" ඔව් ඒක නම් ඇත්ත....කච්චේරියෙන් මගේ වැඩ කරගන්න එන මාළු මුදලාලි කෙනෙක්,.... එන සිකුරාදා රෑට එයාගේ මාළු වාඩියේ රෑ කෑමට අපේ මුළු පවුලට ම එන්න කිව්වා..."
" හානේ ඇත්තද...? මට හරි ආසයි මාළු වාඩියකට යන්න..."
‘‘මාළු වාඩිවල තව මොනවද තියෙන්නෙ පප්පේ..? මාළු විතර ද?
"ඇයි කරවල?
‘‘කොළඹට මාළු අරින්නවා වගේම කරවල අරින්නෙත් මෙ පළාත් වලින් තමයි ...කොළඹ ලොකු කරවල මුදලාලිලා මට කියලා තමයි ,කොළඹට බඩු අරින්න පර්මිට් ලියාගන්නේ....ඔය කොළඹ පළාතේ ලොකු මන්ත්‍රී කෙනෙක් නිතරම මට කියලා පර්මිට් ලියා ගන්නවා. දැන් මිනිහා මාත් එක්ක හරි යාළුයි....කොළඹ ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක් ..."
‘‘අපට එහෙනම් සිකුරාදාට මාළු, කරවල ඇතිවෙන්න කන්න පුළුවන්..." ලොකු අයියා කිව්වේ ආසාවෙනි
"මම නම් ආස කකුළුවෝ කන්න..."
"මම ආස දැල්ලො බැදලා .."
"අපි සිකුරාදාට ගිහින් බලමුකෝ මොනවද කන්න තියෙන්නේ කියලා .."
"අපි මාළු වාඩියට යන්න නම්, බෝට්ටුවකින් මුහුදෙ යන්න ඕනේ..."
"අප්පෙ මට බෝට්ටුවෙන් යන්න නම් බයයි..."
"එතකොට ඒගොල්ලෝ අපිව එක්ක යන්න වෙරළට එනවද..."?
"ඔව්...හවස පහ විතර වෙනකොට, අපට වෙරළට ඇවිත් ඉන්න කිව්වා..."
"මට සිකුරාදා වෙනකම් ඉවසිල්ලක් නෑ...බෝට්ටුවෙ නැගලා මාළු වාඩියට යන්න ..."
"මටත් එහෙමයි..."
ගෙවුනු සුමානෙම අපි, පප්පාගෙ යාළුවාගෙ, මාළු වාඩිය බලන්න යන්න ආසාවෙන් වගේම, රෑ කෑම කන්න යන්න ආසාවෙන් බලා සිටියෙමු .
#######
අවසානයේ අපට, ඒ සිකුරාදා අපේ මුළු පවුලමටම, මාළු වාඩියකට යන්නට අවස්තාව ලැබුනි.
යාල්පානි මුහුඳු තීරයේ සිට ඉන්දියන් සාගරයේ, ලංකාව පැත්තට වෙන්න තියෙන පුංච් දූපතක, මාළු වාඩියට අපව එක්ක යන්න, බෝට්ටුවකින් දෙමළ මනුස්සයෙක් ඇවිත් තිබුනි. ඒ බෝට්ටුව, මහ මුහුදේ, මාළු අල්ලන්න යන බෝට්ටුවක් බව අපට වැටහුනේ, ඒ ඇතුලත තිබුනු, මාළු අල්ලන්න ගෙනියන ආම්පන්න තිබුන නිසාවෙනි. අපේ ගෙදර හත් දෙනාම ඒ බෝට්ටුවෙන් ,මාළු වාඩිය තිබුන දූපතට පැය භාගයක් පමණ දුරක්, කරදිය සුළං වැදි වැදි ගිය ගමන නම් කවදාවත් අමතක නොවන ගමනකි. මුහුද මැද තිබුන දූපතේ, මාළු වාඩියට අප යන විට, සන්ද්‍යාවේ දිදුලන රතු ඉර, මුහුදු පතුලට, බැහැගෙන යන්න දඟලන හැටි නම් කොපමණ වෙලාවක් බලා සිටියත් ඇති නොවුන ගානය. එහි ඇති සුන්දරත්වය කියා නිමකල නොහැකිය.
ඉර බැසගෙන යන සන්ද්‍යාවේ මුහුද මැද දුපතට ලඟා උන අපට......දූපතේ වැල්ලේ ඇති මාළු වාඩියට අපි ගොඩ බහින විට, මුළු දුපත පුරාම, වැල්ලේ බිම මාළු වේලෙන්න දා තියෙන හැටි දැක ගත හැකි විය. ඒ වැල්ලේ මාළු වේලන පිරිමි දරුවන් දෙදෙනෙක් එහෙ මෙහෙ යන හැටිත් අපට දැක ගත හැකි විය. ඔවුන් මාළු කූරියන් මෙන්ම ,අව්වට පිච්චි කළු ගැසි හිටින හැටි දැක, මම්මා ඇගේ අත මුහුනේ තියාගත්තේ, දුකෙනි.
" අනේ අපොයි "..කියමින්
"එන්න එන්න ලොකු මහත්තයා , "අපි මේ මහත්තයාලා එනකම් බලාගෙන හිටියේ....බේබිලාට මාළු වාඩියක් දකින්න ආසයි කියපු නිසාමයි මෙහෙට එන්න කිව්වේ...සාමාන්‍යයෙන් අපි පිට කාව වත් මෙහෙට ගෙන්න ගන්නෙ නෑ....ලොකු මහත්තයාට බෑ කියලා බෑනේ..... "
මාළු වාඩිය අයිතිකාරයා ,පප්පා සමග දෙමලෙන් කතා කරන්නෙ බොහෝම සතුටිනි.
මුහුද හතර වටින් වටවි ඇති මාළු වාඩියට අප ගොඩ බහින හොදටම කළුවර වැටි තිබුනි. ඒ අවට මුළු පලාතම මාළු හා කරවල වල පිළි ගඳ තිබුනත්, සැරෙන් සැරෙ එන මුහුදු සුළඟින් එම පිළී ගඳ ගසාගෙන යයි.
ඔහු අපව කරවල වාඩිය පැත්තට එක්ක ගියේ....සිනිඳු වැල්ලෙ එරෙමින්‍ය. මාළු වාඩිය, පන්දම් එළිවලින් එළිය වි තිබෙන හැටි ඈතටම අපට දැක ගත හැකි විය.
මුහුදේ වැල්ලේ , ටකරන්වලින් සෑදු මාළු වාඩිය කොටස් තුනකට සදා තිබුනි. එයින් එකක් මාළු වාඩිය අයිති මුදළාලි ආ දවසට නවතින්න සෑදු කූඩාරමත්, අනෙක වාඩියේ වැඩ කරන අයට නවතින්න සෑදු කූඩාරමත්, අනෙක කෑම පිසින කුස්සියත් වේ.
මාළු වාඩිය වටේටම, මුහුදු වෙරලේ මාළු වේලෙන්න දමා තිබෙනවා අපට දැක ගත හැකි විය. ඒවාහි වැඩ කරන්න ළමුන් දෙදෙනෙක් සිටිනවා දැක්කත් ,ඔවුන් අප සිටින දිසාවට ආවේම නැත. ඒ මාළු මුදලාලිගෙ අණ නිසා වන්නට ඇතැයි අපට සිතේ....
සන්ද්‍යාවේ ඉර බැස ගියාට පසු, මාළු වාඩිය පන්දම් එළිවලින් එළිය කර තිබිණි. මාළු වාඩිය ඉදිරිපිට , අපට වාඩිවෙන්නට තිබුණේ මාළු පෙට්ටි අනිත් පැත්ත හරවාය....මාළු පෙට්ටි උඩට, තල් කොළ පැදුරු දමා තිබුනි. කෑම මේසයක් ලෙස සකස් කර තිබුණේ ද මාළු පෙට්ටි එක ළඟ තියාය.... මාළු වාඩියේ මිනිසුන් හතර පස් දෙනෙක්ම, තල් කොළවලින් වටකර සාදා තිබූ කුස්සියේ කෑම ජාති උයන හඬ අපට ඇසේ..... එයින් එන සුවඳ අපේ නාස්පිඬු පිනා ගියේ කටට කෙළ උනමින්.....
"මහත්තයා මේ තල් ගෙඩි වල වතුර, හරි රසයි බොන්න බලන්න ...කුරුම්බා වගේ...."
මුලින් ම තල්ගෙඩි කපා අපට එහි වතුර බීමට දුන්නේ වාඩියේ ඉවුම්පිහුම් කරන තරැණ පිරිමි කෙනෙකුය. යාපනේ ආවාට පසු අපට තල් වතුර බී පුරුද්දක් ඇත ...
ඉන්පසු අපට, පුංචි මාළු බැද ,තල් කොළවලින් සෑදු දීසිවල දමා ගෙනැවිත් ඇල්ලුහ.
සැරෙන් සැරෙට, විවිධ බැදපු මාළු වර්ග අපි ඉදගෙන හිටි ඉස්සරහ තිබු, මාලු පෙට්ටි මේසය උඩින් ගෙනත් තැබීය.
තාත්තත් සමඟ දෙමළෙන් කතා කරන මාළු මුදලාලි, තාත්තාට තල් රා පිළිගන්වා ඔවුන් දෙදෙනා ලොකු කතාවක් කරගෙන යයි.
‘‘ළමයි මොනවද කන්න ආස.... තෝසෙද? ඉඳි ආප්ප ද?
මාළු මුදලාලි අපෙන් අසන්නේ කැඩිච්ච සිංහලෙනි.
උයන මිනිසුන් මේසය පිරෙන්න තෝසෙ සමඟ ඉස්සෝ, කකුළුවෝ, හොදි දීසි ගෙනත් තබන ලදී..... ඒ අතර උළුඳු වඩේ, පරිප්පු වඩේ, රතු පොල් සම්බෝල, සාම්බාරු ද තිබිණි. නොයෙකුත් වර්ගයේ මාළු වර්ග එක එක රසට උයා තිබිණි. අප බඩකට පිරෙන්න නොයෙකුත් මාළු වර්ග කෑවේ ඉතා ආසාවෙනි.
බබලා ඇති වෙන්න කෑවද....?
"ඔව් අපි හැමෝම හරිම ආසාවෙන් කෑම කෑවා...."
"නෝනා, මේ ඉතිරි කෑම ආපහු ගෙදර යන කොට ගෙදර ගෙනියන්න ...."
"බොහොම ස්තුතියි ....අපි අද ගොඩක් හොදට වාඩියේ කෑම රස බැලුවා.......අලුත් අත්දැකීමක් මේ ළමයින්ටත්......"
#########
වැඩි කාලයක් නොගොසින්ම යාපනයේ මිනිසුන් අතර අපේ පප්පා ඉතා ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වුණේ ඉතාමත් කෙටි කාලයකිනි....අපේ තාත්තා ඔවුන්ට ඔහුගෙ උපරිමයෙන්ම උදවු උපකාර කර දීම ඔවුන් අපේ මුළු පවුලටම ආදරය කිරිමට හේතුවක් විය.
යාපනයේ විවිධ ප්‍රදේශ වල මිනිසුන්ට කොළඹින් කෙටි වාර්තා චිත්‍රපට, රැගෙන විත් මසකට දෙකකට සැරයක් පොදු ක්‍රීඩා භූමියකට රැස්කර ඔවුන්ට සිනමා තිර වල චිත්‍ර පට පෙන්වීම තාත්තා කලේය., ඒ ප්‍රදේශයේ ජනතාව අතර තව ප්‍රසිද්ධ පුද්ගලයෙක් බවට පත් විමට හැකි විය...... ඒ නිසා යාපනයේ ජනතාවද එයින් ඉතා සතුටට පත්ව සිටියාහ.
කරවල කොළඹට යැවීමට කච්චේරියෙන් පුරවාගත යුතු ලියකියවිලි, තාත්තා විසින් සකස් කරදී, මාළු මුදලාලිලාට උදවු උපකාර කළ බැවින්, අපේ ගෙදර කරවල මාළුවලින් කිසිම අඩුවක් කිසිදා නොවිය..... කොළඹ සිටින නෑදෑයන්ටද තාත්තා පෙට්ටි ගණන් කරවල යවන්නේ මාළු මුදලාලිලාගෙන් සන්තෝෂයෙන් නොමිලේ ගෙනත් දෙන බැවිනි.
"එන සුමානේ දීපවාලි වලට අපි නල්ලූර් කෝවිල් යමුද....මම හරි ආසයි දේව රෑප වඩම්මවාගෙන යන පෙරහැර වල් බලන්න යන්න ....
"මම නම් ආස තොරොම්බල් බඩු ගන්න යන්න ..."
"ඇයි පෙරහැර බලන්න ගිහාම කන්න ලැබෙන කඩ චෝරු ....වලට මම ආස..."
########
💥යාපනයට පැමිණ අවුරුදු පහක් ගෙවි ගොස් ඇත.
"යාපනේට ඇවිල්ලා ගෙවුනු මේ අවුරුදු පහම, අපි හරි සන්තෝසෙන් හිටියා...දරුවන්ට තව භාශාවක් කතා කරන්න පුලුවන් උනා....කොයිතරම් හොද දේවල් අපි මේ යාපනයෙන් ඉගෙන ගත්තද...?
"දුව, ළග පාත ගෙවල් වල ළමයි එක්ක, භරත නැටුම් ඉගෙන ගත්ත එකත් ලොකු දෙයක් ..."
"ඇයි අපේ, ආච්චිලා, සීයලා කොළඹ ඉදන් ලංගම බස් කතා කරගෙන යාපනය බලන්න ආපු ගමන් කොච්චර විනෝදද..."?
"ඔව් මට මතකයි , ඒ බස් එක පිරෙන්න ආව කට්ටිය අපේ ගෙදර සාලේ, මිදුලෙ නිදාගත්ත හැටි, ලොකු හැලි වලං වල කෑම උයාගෙන කාපු හැටි...."
"අපි යාපනේ පදිංචියට ආවායින් අපේ නෑදෑයින්ටත් යාපනේ නැවතිලා මෙහේ සරුසාර වගාවන් ,කෝවිල් මුහුදු වෙරළ වල්, මාලු වාඩි බලාගන්න පුලුවන් උනා...."
-නැවත හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා *
Comentários