top of page
  • Writer's picturePrisila Godahewa

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹

(29 වෙනි කොටස)


අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක් ගතවි ඇත. ඒ කාලය තුල ඔහු උපරිමයෙන්ම මහන්සි වි වැඩ කටයුතු කිරීම නිසා, ඔහුට දියුනුවේ දොරටුව කරා යන්නට හැකි වි තිබින. ඒ කාලය තුල ඔහු අලුත් නිවසක් වාහනයක් මිලදි ගෙන, ලොකු දියනියද පෞද්ගලික පාසැලකට යවන තත්වය දක්වා පැමින තිබින.


"ඔයා ගොඩක් යාළුවෝ ආශ්‍රය කරන්නෙ නැති නිසයි, අරක්කු මත්පැන් , සිගරට් මුකුත් පාවිච්චි නොකරන නිසයි තමයි ඔයාට මේ විදිහට හොඳ තැනකට එන්න පුළුවන් වෙලා තියෙන්නේ...."


" ඔව්....මම කරන වැඩේ අවංකව උනන්දුවෙන් කරන නිසයි බුදුන්ගෙ ධර්මයට අනුව ජීවත් වෙන නිසයි තමයි භයක් සැකක් නැතුව මගේ වැඩ ටික මට කරගන්න පුලුවන් වෙලා තියෙන්නේ....හැබැයි ඉතිං කන බොන යාලුවො නම් වැඩිය මාත් එක්ක එකතු වෙන්නේ නෑ...මොකද ඒගොල්ලෝ බොන අරක්කු බෝතල් වලට එහෙම මගේ සල්ලි මම වියදම් කරන්නේ නැති නිසා ...."


"ඒක නම් ඇත්ත.....ඔයා ඉතිං හැමදාම උදේ හවස බුදුන් වදින කෙනෙක් වගේම , පුලුවන් විදිහට නැති බැරි හැමෝටම උදව් උපකාර කරගෙන ඉන්න කෙනෙක්නේ, ඒ නිසා උඩ ඉන්න දෙවියන්ගෙන් පවා ඔයාට ආශිර්වාද තියෙනවා. ....අරක්කු බීගෙන දඟලන යාලුවො නම් කොහොමත් නැති එක හොඳයි . ඔය ඉන්න හොඳ යාලුවො දෙතුන් දෙනෙක් ආශ්‍රය කරාම ඇති."


"දන්නවද අම්මි....ඔය තුන් දෙනා කවදාවත් පිටරටක විනෝද ගමනක් ගිහින් නැති නිසා..... මම හිතුවා ,ඔය තුන් දෙනාව කොහේ හරි රටකට විනෝද ගමනක් එක්ක යන්න..... දැන් දුවල දෙන්නත් ටිකක් ලොකුයිනේ ....ඒගොල්ලොත් ආස ඇති ප්ලේන් එකක ගමනක් යන්න.....අංජුගේ යෝජනාවට මට ඇතිවුනේ පුදුම සතුටක්...


‘‘අපි දැන් කොහේද යන්නේ....කොයි රටද බලන්න යන්නේ.....?’ අනේ මට ඒ ආරංචිය අහලා තියෙන්නේ පුදුම සතුටක් ...."


‘‘මට ඉන්දුනීසියා යන්න තියෙනවා. මේ ගාමන්ට් ඇඟළුම් බඩු එහෙම එහෙනුත් ගෙන්න ගන්න බලන්න... .... එහේ මම දන්න ඒජන්ට් කෙනෙක් ඉන්නවා....එයා කිව්වා ඉන්දුනීසියා එන්න කියලා, ඒගොල්ලන්ගෙ ෆැක්ටෙරි විසිට් කරන්න ....’’


‘‘ ඔයා ඒ වැඩකට යනව නම් අපිව එක්ක ගිහිල්ලා කොහොමද?’’


‘‘ නෑ....ඒ උනාට එහෙම වැඩි වැඩක් මට නෑ..... දවස් දෙකයි මට ඒ කෙනා එක්ක එයාගේ ෆැක්ටෙරි බලන්න යන්න තියෙන්නේ .... අනිත් දවස්වල මට ඔය ගොල්ලොත් එක්ක එකට ඉන්න පුළුවන්.’’


“එහෙනම් යමු....ළමයින් උනත් ආසා වෙයි....ඒගොල්ලෝ කවදාවත් ෆ්ලයිට් එකක ගිහින් නෑනේ .....”


"එහෙනම් අපි එන මාසේ ඉන්දුනීසියා යාන්න වීසා දාලා ටිකට් එහෙම ගමු....."


"චූටි දුවට තාම අවුරුදු තුනහමාරක් නිසා.....එයාට නම් වැඩිය මුකුත් තේරෙන්නේ නැති වෙයි....හැබැයි ලොකු දුවට නම් අවුරුදු හයහමාරක් නිසා ගොඩක් දේවල් දැන් තේරෙනවා...."


අංජු මීට කලින් ජපානයට , චීනය ,හොංකොං ,මැනිලා යන රටවලට ගිහින් තිබුනත් කවදාවත් මමත් දරුවනුත් පිටරටකට ගිහින් නොතිබුන නිසා, පුදුම ආසාවෙන් අපි ඒ ගමන යන්න ලෑස්ති වුනෙමු.


"දැන් අපි හෙට රෑ නේද එයර්පෝට් යන්නේ....? එතකොට අපි ඉස්සෙල්ලම මොන රටටද යන්නේ....?


"අපි ලංකාවේ කටුනායක ගුවන් තොටුපොලේ ඉදන් තායිලන්තය එයාර්පෝර්ට් එකට තමයි මුලින්ම යන්නේ....ඊට පස්සේ එතනින් ඉන්දුනීසියාවට අයත් බාලි දූපතට තමයි මුලින් යන්න හිතන් ඉන්නේ...."


"එතකොට ඉන්දුනීසියාවට කවද්ද යන්නේ ඔයාගේ අර කිව්ව නියෝජිතයා හම්බ වෙන්න....?


"එයා කිව්වා බාලි දූපතට මුලින් ගිහින් ඒ රටේ දවස් පහක් විතර ඇවිදලා ඒ රට බලාගෙන ඉවර වෙලාම ඉන්දුනීසියා එන්න කියලා.. . බාලි දූපත ඒ තරම් ලස්සන රටක්ලු බලන්න.... ඒ නියෝජිතයා තමයි අපේ මුළු නිවාඩුවම අපි යන්න ඕන, බලන්න ඕන තැන්, හෝටල් එහෙම ලෑස්ති කරලා මට කිව්වේ...."


"ඒක හොදයි ඒ රටේ කෙනෙක් අපේ උදව්වට ඉන්න එක....."


අපි ඉන්දුනීසියාව හා බාලි දූපත බලා නිවාඩුවකට විදේශයකට යන්න බණ්ඩාරනායක ගුවන් තොටුපලට ආ මුල්ම ගමන, මට ජීවිතයේ කවදාවත් අමතක නොවන දිනයක් විය.

දියනියන් දෙදෙනා හා මම ගුවන් යානයට නඟිනකම් සිටියේ ඉවසුම් නැතුවමය.... ගුවන් තොටුපොලේ එහෙට මෙහෙට ඇවිදමින් , මීට පෙර නොදුටු විශේෂ ලස්සන ,අලුත් දෑ බලමින් කාලය ගත කලෙ සතුටිනි.


"අම්මි අර කඩවල් වල ලස්සන සෙල්ලම් බඩු තියෙනවා ...." දුවලා දෙන්නා, සෙල්ලම් බඩු පෙන්නමින් ඒවා,ඉල්ලයි.


"මට මයිලෝ බොන්න ඕනේ..."


"මේ එයාර්පෝර්ට් එකේ බඩු හරි ගනන්....අපි දැන් පිටරටකට ගිහාම, එහෙන් අලුත් ලස්සන සෙල්ලම් බඩුගමු. ....පොඩ්ඩක් ඉන්න ළමයිනේ..... තව ටිකකින් අපි ෆ්ලයිට් එකට නැග්ගහම කන්න බොන්න බැරියැ..."


දුවලා දෙන්නා කටුනායක ගුවන් තොටුපොලේ කඩ සාප්පු හා ඒවායෙ බඩුමුට්ටු පෙන්නමින් මට කරදර කරති. කොයිතරම් මුදල් තිබුනත් මම නිතර අරපිරිමැස්ම ගැන හිතන කෙනෙක් නිසා, දරුවන්ට ඉල්ලන ඉල්ලන දේ ඇරන් නොදෙන්නෙමි.


"ඉන්න මම මේ දෙන්නට මයිලෝ පැකට් දෙකක් ඇරන් දෙන්නම්.....ළමයින්ට බඩගිනි ඇතිනේ...."


"අපෝ....මේ එයර්පෝට් එක ඇතුලේ කෑම බීම හරි ගනන් නේද ...?


"කමක් නෑ අම්මි...ළමයි ආසාවෙන් ඉල්ලනවනේ...."


අංජු අපි රැගෙන යන ගුවන් ගමන හා විනෝද ගමන ගැන සොයා බලමින්, ලොකු වගකීමකින් මෙන් වැඩ කරගෙන යන්නේය. කවදත් මටත් දරුවන්ටත් ගොඩක් ආදරය කල ඔහු, අපවත් ඔහු යන හැම ගමනකට කැඳවා යන්නට උත්සහ ගන්නේ අපට ඇති ආදරය නිසාමය. එවන් සැමියෙක් ලද මා හා එවන් පියෙක් ලද දියනියන් දෙදෙනා කෙතරම් වාසනාවන්තද ?


"අම්මි ඔයා ලොකු දුව එක්ක එන්න....මම චූටි දුවව බලාගන්නම් අපේ බඩු බෑග් මමම ගෙනියන්නම්.... ..අන්න ෆ්‍රලයිට් එකට නගින්න වෙලාවත් හරි, අපි ඉක්මනට යමු ඒ පැත්තට.....බබාලා පොඩි නිසා අපට ඉක්මනට ෆ්ලයිට් එකට නගින්න පුලුවන් ....පරිස්සමින් එන්න අම්මි...ඔයාගේ හැන්ඩ් බෑග් එක පරිස්සම් කර ගන්න. ..."


අපේ ගමන් මළු උස්සාගෙන , චූටි දුවවත් අතින් අල්ලාගෙන යන අංජු ගැන මට දුක හිතේ.....කවදාවත් ඔහු මට බර බෑග් එකක්වත් උස්සන්න නොදේ...ඒ ඔහුගේ හැටියක්‍ය. කවදත් කඩේකට ගියත්, මට පාන් ගෙඩියක් වත් ඔහු උස්සාගෙන එන්නට නොදේ....ඔහු ඒතරම්ම මට ආදරේ කරන, මට මහන්සි වෙන්න නොදෙන කෙනෙක්ය.


පැයක පමණ කාලයක් ගුවන් තොටුපොලේ එහෙට මෙහෙට ඇවිදමින් හිටි අපි අවසානයේ ගුවන්යානයට නැඟ ගත්තෙමු.


"අම්මි එන්න මගේ ලඟට....නංගි යන්න තාත්ති එක්ක...." දියනියන් දෙදෙනා ගුවන් යානයේ ආසන වල වාඩිවෙන්නට සතුටින් දඟලති.


"වාඩි වෙලා හොදට සීට් බෙල්ට් තද කරගන්න ඕනේ...."


අංජු විත් අප තිදෙනාගේ ආසන පටිදමා තද කරමින් අපිව පරිස්සම් කරන්න උත්සහ ගන්නේ මටත් තාත්තා කෙනෙක් මෙන්‍ය. ඔහු අපේ බෑග් මලු නියමිත ස්තාන වලින් තබා ගුවන් ගමනට ලෑස්ති වෙන්නේ වගකීමෙන් සතුටිනි.


ගුවන් යානයට නැඟ, තමන්ට හිමි ආසන වල වාඩිවි, අපි හතර දෙනා ආසන පටි තද කරගෙන නොවිසිල්ලෙන් උන්නේ ගුවන් යානය අහසට නඟින තෙක්‍ය.


ලොකු දුව හා මම එක ආසනයකත්, අංජු හා චූටි දුව ඉන් පිටුපස ආසන දෙකෙත් වාඩි වි උන්නේය . දුවලා දෙන්නම ආසාන ඉදිරිපිට සවි කර ඇති රූපවාහිනීය බලන්න , ඉයර්ෆොර්න්ස් කනේ ගහගෙන සැරසි හිදියි. මම මගේ අතේ ඇති කැමරාවෙන් ඔවුන්ගේ පින්තූර ගත්තේ, ගුවන් සේවිකාවන්ද ලඟට ආ කලය.... ඒ තරම් සතුටින් අපි යන මුල්ම ගුවන් ගමන ගැන අපි නොයෙක් බලාපොරොත්තු ඇතුව සතුටින් ඉපිලෙමින් උන්නෙමු.


ගුවන් සේවිකාවන් විසින් දියනියන් දෙදෙනාට ගෙනත් දුන් තෑගි පාර්සල්, දෝතින්ම අතට ගත් ඔවුන් ඉවසිල්ලක් නැතුව ඒවා ඇර බලන්නේ සතුටින් සිටිති....ඔවුන්ට බොන්න ඇපල් ජූස් හා ඔරෙන්ජ් ජූස්ද ගුවන් සේවිකාවන් ගෙනත් දී ඔවුන් සමඟ කතා කරති. දෙවියන්ගෙ පිහිටෙන්.... පොඩි කාලේ පටන් ඔවුන්ට ඉංග්‍රීසි කතා කරන්න ඉගැන්වු එකේ ප්‍රයෝජනය ගැන මට ඇතිවි තිබුනේ ලොකු සතුටක් හා ආඩම්බරයකි.


"හරි දැන් ෆ්ලයිට් එක යන්න හදන්නේ...ලොකු දුවගෙ සීට් බෙල්ට් එක හොදට තදට තියෙනවා නේද අම්මි බලන්න ...." අංජු නිතර නිතර ඒ ගැන මගෙන් අසන්නේ වැඩි පරිසමටය .


ගුවන් යානය, ගමන් ආරංභ කරන්න පටන් ගත් කල මගෙ පපුව ගැහෙන්න පටන් ගත්තේය..... මම එක් අතකින් ලොකු දුව අල්ලාගෙන අනෙක් අතින් ආසනය අල්ලාගෙන හිතින් බුදුන් වැන්දේ අපි හතර දෙනා ඇතුළු මේ යානාවේ යන කිසිම කෙනෙක්ට කරදරයක් නොවේවා කියා සිතමින්‍ය.


හෙමිහිට ගමන් ආරංභ කල ගුවන් යානය.......ටික වේලාවකින් විශාල හඬක් නංවාගෙන වේගයෙන් ගොස්.... ,අහස උඩට නගින කල මම ආසනය තදින් අල්ලාගෙන දෙවියන් යැද්දෙමි . අංජුගෙ අත අල්ලාගෙන ඔහුට ස්තුති කලේ මේ ගමන අපව එක්ක යන්නට ඔහු උන මහන්සියටය.


"තෑන්ක්ස්, තාත්ති අපිව පිටරටකට එක්ක යනවට... ..ඔයා කවදත් අපේ සතුට ගැන හිතෙන කෙනෙක්නේ....අර බලන්නකෝ අර..... පහළ පෙනෙන ගෙවල් දොරවල් ඉඩ කඩම්වල පොඩි....බලන්න හරිම ලස්සනයි ....අර සුදු පාට වලාකුළු පාවෙනවා....."


දුවලා දෙන්නා, පුදුමයෙන් මෙන් යානාවේ ජනෙල් වලින් පහල බිම දෙස බලා හිදී...ඔවුන් මෙන්ම මමද, ජීවිතයේ පළවෙනි වතාවට යන ගුවන් ගමන සතුටින් විදිමින් ගියෙමු.


දරුවෝ දෙන්නා, ඔවුන්ට ගුවන් යානයේදී කන්නට ලැබුන කෑම බීම ගැන සතුටින් උදම්ව ඇත. කෑම නොකෑවත් ඔවුන්ට ලැබුන තෑගි බෝග අතගාමින් , tv බලමින් ඇපල් යුශ බොමින් උපරිමයෙන්ම ගුවන් ගමන විදිමින් යති.


"තව පැය භාගයකින් විතර අපි තායිලන්තයේ ගුවන් තොටුපොළට ගොඩ බහිනවා. අපි එහි පැය පහක් ඉදලයි බාලි දූපත බලා යන්නේ...."


"එහෙනම් අපට ගොඩ වෙලාවක් තායිලන්තයේ එයාර්පෝර්ට් එකේ ඇවිදින්න පුලුවන් ...."


ඉන්දුනීසියාවට යන්නට පෙර අපට බාලි දූපතට යන්නට නියමිතය. එහිදි අපිව පිලිගෙන එරටේ විශේෂ ස්තාන බලන්න එක්ක යන්න කෙනෙක්ද සිටින බව අංජු කිවේය.


"අපි දැන් කොහේද නවතින්නේ ,බාලි දූපතට ගිහින්...."


"මගේ යාළු නියෝජිතයා අපට නවතින්න ලෑස්ති කරලා තියෙන්නේ බාලි හිල්ටන් හෝටලය. ..."


"මගෙ අම්මෝ එච්චර ලොකු හොටෙල් එකක්...... ලොකු ගානක් වෙයිනේ හෝටල් ගාස්තුව ..."


"එහෙම තමයි අම්මි...ලෝභ කම් කරලා බෑ විනෝද ගමන් ආවාම. නොගිය තැන් වලට ගිහින් ඒවා බලාකියා ගෙන වියදම් කරලා සතුටු වෙන්න ඕනේ...."


අපව පිලිගන්නට බාලි ගුවන් තොටුපොළට ඇවිත් සිට් "නූරා "නම් විනෝද ගමන් නියෝජිතයා අපව ඉතා ආදරයෙන්, ගෞරවයෙන් හා නිහමමානිව පිලිගත්තේය.

ඔහු ඉතා ආචාරශීලීය. අපව ගුවන් තොටුපොලේදී පිළිගෙන ඔහු පැමින සිටි වටිනා වෑන් රතයට නග්ගවා ගත්තේය. අපේ ගමන් මළු ඔහුම වාහනයට පටවා ගත්තේය.


"අපි මේ කොහේද දැන් යන්නෙ...." ?


"අපි නවතින හෝටලයට තමයි මෙයා අපිව එක්ක යන්නේ.....ඔහුට ඒවට හෝටලයෙන් ගෙවනවා..."


"මගෙ අම්මෝ....අපි එතකොට නවතින්න යන්නේ අර ඈත පේන අක්කර ගානක් විශාල ,කැටයම් නිර්මාණ, ගෘහ අලංකාර නිර්මාණ කරලා තියෙන අර විශාල හෝටලයටද...?


"ඔව්...ඔය බාලි හිල්ටන් හෝටලය ඕකේ කාමර 400කට වඩා තියෙනවලු. වෙන වෙනම ගෙවල් වගේ හදපු තරු හතේ හෝටල් කාමර තමයි ඒවා...."


ඉන්දුනීසියාවට අයත් බාලි දුපතේ, තරු හතේ හිල්ටන් හෝටලයේ නවාතැන් ගන්නට ලැබීම මගෙ ජීවිතයේ මට ඉතා විශේෂ දෙයක් විය. ලංකාවේ කොයිතරම් හොඳ හෝටල් වල මීට පෙර නවාතැන් ගෙන තිබුනත්....බාලි හිල්ටන් හෝටලය ඒ සැම එකකටම වඩා බොහෝ වෙනස්කම් වලින් යුක්ත විය.....විශාල විය. පේනතෙක් මානෙක, අක්කර ගානක් පුරා විහිදී තිබූ බාලි හෝටලය ඉතා අනර්ඝ , ලී කැටයම්වලින් නිම වූ ගොඩනැගිලි හා,විසිතුරු දෑ සෑම අතකම විහිදි තිබුනි. එකපැත්තකින් මුහුදු වෙරළින්ද තව පැත්තකින් වැවක් ආකාරයට විහිදි ගිය වතුරකින්ද හෝටලය වටවි ඇත. හෝටලයේ ගෙවතු අලංකරණය හා වවා තිබු නා නා විධි මල්වර්ගත්, එහි නාන ජල තටාකය, හෝටලය හතර අතට විහිදා ගොස් තිබිනේය. හිල්ටන් හෝටලයේ සුන්දරත්වය ගැන කීමට මට වචන නැත. එහි අප නවාතැන් ගත් හෝටල් කාමරය, කෑම කාමරය, විසිත්ත කාමරවල හැඩ, වටිනාකම් සහිත බඩු මුට්ටු , ගෘහ අලංකාර නිර්මාණ .... කොයිතරම් බැලූවත්.... නැවතී සිටියත් මදි යැයි මට සිතේ..... බාලි හිල්ටන් හෝටලයේ පැරැණි ලී කැටයම් නිර්මාණ , ගෘහ නිර්මාණ ශිල්පයන්, සේවකයන්ගේ ආවතේව කටයුතු , සත්කාර පිරිසිදුකම හැම දෙයක් ම අති විශිෂ්ටය.


බාළි ගුවන් තොටුපොලේ සිට, අපව පිලිගත් විනෝද ගමන් හසුරුවන්නා වු "නූරා ", අපව මුළින්ම රැගෙන ගියේ ගියේ බාලි දූපතේ විශේශම ස්තානයක්වු හිල්ටන් හෝටලයටය. ඒවා,ලෑස්ති කර තිබුනේ ඒ අංජුගේ ඉන්දුනීසියා නියෝජිතයාය. බොහෝම පොඩි, පිරිසිදු දූපතක් වු එහි පදිංචිව සිටින මිනිසුන්ද හරිම අහිංසක මිනිසුන් කොටසක් බව පෙනේ...... ඉතා සීමිත බඩු බාහිරාදිය ඇතිව ජීවත් වුණ බාළී වැසියන්ගේ ජීවිත ඉතා සරල, සුන්දර ජීවිත බවද පෙනේ.... අහිංසක ජනතාවක් ඉන්නා රටක් වුන එහි මිනිස්සුන්ගෙ නිවාසවල තිබුණ ලොකුම එකම බඩුව රූපවාහිනී යන්ත‍්‍රය පමනකි. ගෙවල් ඇතුලේ පුටු මේස දකින්න නැත...ඔවුන් සියල්ලෝ ගෙවල් ඇතුලේ ඉඳගන්නේ බිම පොඩි කොට්ට දමාගෙනය . හැම ගේකම වත්ත ඇතුලේ , කාමර, සාලය, කුස්සිය වෙන වෙනම කුටි ලෙස සාදා ඇත. පිදුරු හා උළු සෙවිලි කර සාදන ලද කැටයම් සහිත පුංචි ගෙවල් දකින්න ලස්සන පියකරු දසුන් ය.


"මේ රට අපේ රටට වඩා හරි වෙනස්... මිනිස්සුන්ගෙ ජීවිත හරිම සරලයි ... හරිම පිරිසිදුයි...ඔවුන් සියල්ලගේ ආධායම් මාර්ග වන්නේ විදේශිකයන් වෙනුවෙන් කටයුතු කර මුදල් සොයා ගැනිමයි ..." අංජු මට කියා දෙයි.


"ගරුඪා "දෙවියන් දේවත්වයෙන් සලකන ඔවුන් සෑම නිවසකම, වෙළද ව්‍යාපරයකම ඉදිරිපිට පළතුරු ,හදුන්කූරු ,මල් දෙවියන් වෙනුවෙන් පුජ කර තිබෙනවා දකින්න ඇත. කලු සුදු වර්ණය ඔවුන්ගේ විශේශම පාට බව පෙනෙන්න ඇත.

බාලි දූපතේ හැම මං සංධියකම විශාල ගරුඩා දෙවියන්ගෙ රූපයන් නිර්මාණය කර ඇත..... ඒවා අඩි 10 - 12 තරම් උස පිළිමය. ඉතා පුංච් දූපතක් වු එරට බොහෝම පිරිසිදු, නිදහස් සරළ ජීවිත ගත කරන මිනිසුන් ගෙන් සමන්විත විය. සමහර ගම්බද පැති ශ්‍රී ලංකාවට සමානද විය


මේ රටේ ඉන්න හැමෝම ජීවත් වෙන්නේ විදේශිකයන් වෙනුවෙන් මොනවා හෝ රැකියාවන් කර හෝ .. වාහන එළවන කටයුතුය. සමහරු කෑම කඩ දාගෙන සිටිනවා වගේම .... සමහරු බඩු මුට්ටු , ඇදුම් පැළඳුම් විකිනිමට ඇර හෝටල් වල සේවයද කරති.



"මට නම් මේ රටේ ඇවිදිනවට වඩා හෝටලයට වෙලා, මේවායේ සැප විදින්නයි ආසා....අපි අද හවස සුමින් පූල් එකෙ නාමු....දුවලා දෙන්නා හරි ආසයි වතුරෙ නටන්න."


"උදේට රෑට හෝටලයේ බෆේ රෙස්ටුරන්ට් එකේ තියෙන කෑම දැක්කහම මට හිතා ගන්නට බැරි තරම් ...ඒ තරම් විශාල රෙස්ටුරන්ට් එකේ නානා ප්‍රකාර කෑම ජාති .....කොතනින් කෑම බෙදාගන්නද මොනව කන්නද කියලා හිතාගන්න බෑ ....තියෙන කෑම ගොඩ...."


"දුවලා දෙන්නා...ඒගොල්ලන්ට ආස ආස ජාති කෑම ගිහින් බෙදාගෙන එනවා, කන්න ආසාවට වඩා දකින්න ආසාවට..."


"දුවලට, කෑම නාස්ති කරන්න දෙන්න,එපා අම්මි....කන්න පුලුවන් තරමට බෙදාගන්න කියන්න ..."


බාළි දූපතට විත්, දවස පහක්ම එම දූපතේ වැදගත් ස්ථාන නගර, පන්සල් , සත්තු වත්ත, නිමුනු ගිනිකඳු , පැරැණි නටඹුන් හා නොදියුණු ගම් පැති බලන්න එක්ක ගියේ, විනෝද චාරිකා නියෝජිතයා විසිනි. අපව එහෙ මෙහෙ එක්ක ගිය බාලි දුපතේ චාරිකා නියෝජිතයා ‘නූරා’ ඔහු ඉතා ආචාරශීලී කාරුණික පුද්ගලයෙක් විය. ඔහු අපව හැම විශේෂ ස්තානයක්ම බලන්න එක්ක ගියේ හෝටලේ වාහනයෙන් බොහෝම පරිස්සමටය.


අපි දැන් දවස් පහක් බාළි දූපතේ ඇවිදලා මෙහි සිරි නැරඹුවානේ....දැන් අපි ඊට පස්සේ යන්නේ කොහේද...?


"අපි හෙට ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරට යනවා, ඊට පස්සෙ ඒ රටෙත් සුමානයක් ඉදලා තමයි ලංකාවට යන්නේ...."


"මට ඉන්දුනීසියාවෙන් ශොපින් කරන්න ඕනේ....ලංකාවේ නෑදෑයෝ දන්න කියන අයට මොනව හරි ගෙනියන්න එපෑ....මම ඉස්සෙල්ලාම පිටරට ආ ගමන නිසා...."


"ඔයා බාළි දූපතෙනුත් ගෑනු අයට, අදින්න ලුංගි රෙදි, බෙඩ් ශීට් මේස රෙදි එහෙම ගත්තා නේද ..? කොහොමද අපි ඕවා උස්සාගෙන ලංකාවට යන්නේ..."


"කොහොම හරි ගෙනියමු..." අංජු මට කැමති දෙයක් කරන්න ඇර, මම ගන්න සාප්පු බඩු වලට මුදල් ගෙවා උස්සා ගෙන යයි...මට ඔහු ගැන ඇතිවන්නේ ලොකු ආදරයකි.


මුල් දවස් ටික බාලි දූපතේ ගත කළ අපි ඉදිරි දිනවල් ඉන්දුනීසියාවේ ජකර්තා නුවර විශාල හෝටල් පරිශ්‍රයක නැවති සිටියෙමු. එයද විශාල වත්තක තනි නිවාස ලෙස තැනින් තැන නිමවා තිබු හෝටලයට අයත් "කොටේජස් "විය. ගේකට අවශ්‍ය සියලු අංගෝපාංග සහිත කාමර දෙකක, වටිනා ගෘහ භාන්ඩ, ගෘහ නිර්මාණ යන්ගෙන් සමන්විත විය.


" මේ කොටේජ් එකේ කාමර දෙකේ තියෙන ඒවා දැකලා දුවලා දෙන්නා පිස්සු හැදිලා ඉන්නේ....ඒ දෙන්නට වෙනම කාමරයක් තියෙන නිසා ආසාවේ...."


"හෙටයි අනිද්දයි මම අර ගාමන්ට් බඩු නිපදවන ෆැක්ටෙරි බලන්න යනවා..... ඉන්දුනීසියානු නියෝජිතයා එක්ක....උදේ ගිහින් හවස එන්නේ .....ඔයා දුවලා දෙන්නත් එක්ක මේ හොටලයේම ඉන්න...ලොකු වත්තක්, දරුවන්ට විනෝද උයන් තියෙන නිසා ඔයගොල්ලන්ට ඒවායේ ඇවිද ඇවිද දවල් දවසට ඉන්න පුලුවන් ..."


"එතකොට ඔයා ගිහාම අපට දවල්ට කෑම ...?"


"මම මේ කාමර වලටම ඔයගොල්ලන්ට කෑම ගේන්න කියන්නම්...ඔයා දුවලා දෙන්නා එක්ක පරිස්සමට ඉන්න. ඒගොල්ලන්ව සෙල්ලම් කරන්න එක්ක යන්න ..."


ජකාර්තා නුවර විශේෂ විශාල "රිසෝට් " එකක් වු අපි නවාතැන් ගත්ත හෝටලයේ දවල් දවසට මම දරුවන් සමග නැවති සිටි අතර අංජු ඔහුගෙ රැකියා වැඩකටයුතු වෙනුවෙන් ගියේය .


අංජු රාජකාරි වැඩකටයුතු වෙනුවෙන් උදේ ගිය කල, මම දුවලා දෙන්නා සමඟ හෝටලයේ දවල් දවසට නැවති උන්නෙ පාළුවෙන් උනත් සතුටිනි. හෝටලයේ රෙස්ටුරන්ට් එකට තනියම දරුවෝ දෙදෙනා සමඟ කෑමට යන්න බැරි නිසා, අංජු දවල්ට, අපි නැවති සිටි හෝටල් කාමරයටම කෑම ගේන්න ලෑස්ති කර තිබුනේය.


ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර නැවති සිටි දිනවල හවස් වරුවට, මම අංජුත් දරුවනුත් සමඟ සාප්පු සවාරියේ යන්න අමතක නොකලේය. ජකාර්තා ‘මංගරුඬා’ නම් ෂොපින් සෙන්ටර් එකෙ තිබු සපත්තු හෑන්ඩ් බෑග් මම ලංකාවට ගෙන යන්නට මිලදී ගත්තෙමි.


ජීවිතේ ප්‍රතම වරට යන්නට ලැබුනු විදේශ සංචාරය නම් මටත් දරුවන්ටත් කවදාවත් අමතක නොවන විශේෂ සංචාරයක් විය.


*ප්‍රිසිලා ගොඩහේවා*

10 views0 comments

Recent Posts

See All

🌹 නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (28 වෙනි කොටස ) අලුත් ගෙදර පදිංචියට විත් මාස දෙකක කාලයක් ගතවුනේ බොහොම සතුටින් සැහැල්ලුවෙන්ය. ලොකු දුව මේ වන විට නුගේගොඩ...

댓글


bottom of page