top of page
  • Writer's picturePrisila Godahewa

🌹 නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹

(28 වෙනි කොටස )

අලුත් ගෙදර පදිංචියට විත් මාස දෙකක කාලයක් ගතවුනේ බොහොම සතුටින් සැහැල්ලුවෙන්ය. ලොකු දුව මේ වන විට නුගේගොඩ Lyceum international පාසැලේ මොන්ටිසෝරියට යන්නට පටන් ගෙන තිබින. ඇය බොහෝම ආසාවෙන් මොන්ටිසෝරි ගිය අතර ,අංජු ඇයව උදේට මොන්ටිසෝරි ගෙනයමින් හා දවල්ට ගෙදර ගෙනත් බස්සා යන වැඩයද කලේය .


අලුත් ගෙදර පදිංචියට ආදා පටන් මම , පුදුම උද්‍යෝගයකින් ගෙදර දොර ලස්සන කරන්න, ,මල් වවන්න, වත්ත ලස්සන කරන්න, දොරජනෙල් රෙදි මසා දමමින් හැඩ වැඩ කරන්න පටන් ගත්තෙමි. ඒ වගේම අලුත් කෑම උයන්න ,හදන්න ,අත් හදාබලන්නත් අමතක නොකෙරුවෙමි. අලුත් ගෙදර ගැන මම පුදුම සතුටකින් සිටියේ, පුංචි කාලයේ පටන් මම මැවු සිහින් නිවස මට මේ වන විට අත්වි තිබු හෙයිනි.....නමුත් අපි මේ ගෙදරට ආදා පටන් අපට ඉරිසියා කාරයෝ , වැඩිවුන බවක් අපට දැනෙන්නෙ පටන් ගෙනද තිබුනි.තමන්ගෙ එකෙක් අමාරුවෙන් ඉහළ යාම බලා සිටින්නට බැරි ලංකාවේ මිනිසුන් ගැන මම ටිකෙන් ටික කළකිරිමෙන්ද පසු වන්නට පටන් ගත්තේ මේ කාලයේදිමය.


"අම්මි දන්නවද වැඩක්....අර මගේ යාළුවා නෙළුම් අහනවා එයා දැන් මගේ බිස්නස් එකට සම්බන්ධ වෙන්නද කියලා ...."


"අනේ අනේ....ඔයාට එයාව අවශ්‍යම අවස්තාවේ ඔයාව මංග ඇරලා ගිහින්, දැන් බිස්නස් එක දියුණු වේගෙන එන නිසා වෙන්න ඇති ඔය එන්න අහන්නේ.....ඒ වෙලාවේ එන්න බැරි උන කෙනා දැන් ගන්න එපා....ඔයාට තනියම බිස්නස් එක කරගෙන යන්න පුලුවන් එකේ එයා මොකටද දැන් ...."


"එක තමයි අම්මි...මම ඔච්චර හොඳ රස්සාවක් කරගෙන ඉඳලා, ඒ කියන්නේ කඩුවෙල නූල් කම්පෙනි එකේ මාකර්ටින් මැනෙජර් වෙලා ඉඳලත්, හොද පඩියක් ලැබිලත්, වාහනයක් ලැබිලත් ඔක්කොම දාලා , කොයිතරම් ලොකු අවදානමක් ඇරගෙනද මේ බිස්නස් එක තනියම කරගෙන යන්න ආවේ.....ඒ උනාට මම දන්නවා, අපේ වයසේ අය හරි බයයි අවදානමක් ඇරගෙන ඉස්සරහට යන්න ....දරුවෝ දෙන්නෙක් ඉන්න මම ගත්ත අවදානම වෙන කවුරුත් කරන දෙයක් නෙමේ...."


"ඔව් ...ඒක ඇත්ත...ඔයා බය නැතුව ගත්ත තීරණය නිසානේ, බිස්නස් කාරයෙක් උනේ....අද දියුණු වෙලා ඉන්නේ ...."


"අවදානමක් ගත්තා කියන්නේ.... දරුවෝ ඉන්න කෙනෙක් , මාසික පඩිය නැති කරගෙන , තනියම බිස්නස් එකක් කරන්න පටන් ගත්තා කියන්නෙ හරි අමාරු වැඩක්....මුල් දවස්වල රස්සාවෙන් අස්වුනාට පස්සෙ මට අපරාදේ කියලත් හිතුනා කර ගත්ත දෙයට ..., ඒත් මට ආයෙත් හැරෙන්න බැරි නිසා, අමාරුවෙන් හරි මේක දැන් කරගෙන යනවා...."



"අපි මෙච්චර ලොකු ගෙයක් ඇරගෙන ආව එක ගැනත් අපේ නෑදෑයෝ යාලුවො එහෙම ටිකක් ඉරිසියයි වගේ තාත්ති...."


" ඔව් ඒක මටත් තේරුනා.....මම තනියම බිස්නස් එක පටන් ඇරන් අවුරුදු එකහමාරක් යනකොට, මහන්සි වෙලා හම්බකරලා දියුණු වෙලා ඉන්න එක බලන්න බැරි ලංකාවේ මිනිහෙක්, මිස්ට ටෝබ්ගෙ නෝනටත් මං ගැන බොරු කේලම් වගයක් කියලා නේ...."


" හානේ....ඇත්තද....?ඒ කවුද....? මොනවද කියලා තියෙන්නේ ....?


"ටෝබිගෙ ඔෆිස් එකට අලුතින් ආව ලංකාවේ නන්දන කියන මිනිහා....ඔයාට මතකද දවසක් දවල් මම, ඒ මිනිහා එක්ක අපේ ගෙදර ආවා...අපේ ගෙදර දැකලා මිනිහා ඉරිසියාවෙන් ඉන්නේ කියලා මට හිතුනා....ඒත් මම ගැන බොරු කතා , ටෝබිගෙ නෝනට කියයි මම හිතුවෙම නෑ...."


"පුදුම මනුස්සයෙක් නේ....ඉතිං මොකක්ද ඔයාට දැන් තියෙන ප්‍රශ්නය ...?"


"මිස්ට් ටෝබිගෙන් ප්‍රශ්නයක් නෑ....එයා දන්නවා මම අවංකව එයා ලඟ වැඩ කරලා එයාට මගේ කම්පැණි එකෙන් ලොකුවට බිස්නස් ගෙනත් දෙනවා කියලා .... ඒත් එයාගේ නෝනා නම් ටිකක් වෙනස් වෙලා වගෙ මට පේනවා, ...මට ඇදුම් ෆැක්ටෙරි වලට දාන්න ඕන කරන බඩු අවශ්‍ය වෙලාවට හොංකොං වලින් ඒගොල්ලෝ දැන් ගෙනත් දෙන ඒවා පරක්කු කරනවා....අර ලංකාවේ නන්දන කියන මිනිහවත් මම කරන ජොබ් එකටම ඒගෝල්ලෝ දැන් ඇරන් ....මාව ටිකක් කපා හරින්න හදන්නේ කියලා මට තේරෙනවා...."


"ඉතිං ඉස්සරහ කාලේ ඔයාට ප්‍රශ්නයක් වෙයිද තාත්ති.... ?


"මෙහෙමයි අම්මි...මම දැන් දන්නවා හොංකොං වලින් මට අවශ්‍ය කරන බඩු ගන්න ඕන තැන් ....ඉතිං දැන් මම, මිස්ට ටෝබි බඩු ගෙනත් දෙනකම් ඉන්න ඕනේ නෑ, මට ඒවා තනියෙන් ඕඩර් කරලා ලංකාවට ගෙන්න ගන්න පුලුවන් , දැන් ටෝබි කරන්නේ ඒ බඩු මට ගෙන්නලා දීලා, එයා ගානක් තියාගෙන, මට බඩු විකුනන එකනේ, ඉතිං ඒ බඩු මමම මෙහෙට තනියම ගෙන්න ගත්තොත් මට වැඩිපුර තනියම හම්බ කරන්න පුලුවන් ...."


"ඉතිං හොදයිනේ.....එහෙනම් ඔයා මොකටද , තනියම මහන්සි වෙලා, ඔයා විකුනන බඩු වලට එයාට ගානක් දෙන්නේ....ඔයා තනියම බඩු හොංකොං වලින් ගෙනල්ලා තනියම විකුනලා ඔක්කොම ලාභය ඔයාම ගන්න

....."


"ඒ කියන්නේ, මම ටෝබිගෙ බඩු විකුනන වැඩේ නවත්තලා මමම හොංකොං වලින් බඩු ගෙනල්ලා විකුනන්නද අම්මි.....?


"ඔව්...ඔයා තනියම බිස්නස් එක පටන් ගන්න...."


‘‘ ඔව් අම්මී.... මං දන්නවා බඩු පිටරටින් ගෙන්නන විදිහ..... මං එහෙනම් තනියම බඩු ලංකාවට ගෙන්න ගෙන, බිස්නස් එක තනියම කරගෙන යන්නම්....’’


‘‘ ඔව්....ඒක හොඳයි. ඔයාට බිස්නස් ගැන හොඳ දැනුමක් තියෙන එකේ ඒ , පළපුරුද්ද ප්‍රයෝජනයට ගන්න.....’’


"හැබැයි ඉතිං ....මගේ ඔෆිස් වැඩ කරගෙන යන්න මට ඔෆිස් එකක් නැතුව යනවා , මම තනියම බිස්නස් එක පටන් ගත්තොත් ...."


"මෙච්චර විසාල ගෙයක් නුගේගොඩ තියාගෙන මොකටද ඔයා තව ඔෆිස් හොයන්නේ......?ඔයා මේ ගෙදර තුන්වෙනි තට්ටුවේ වහලා දාලා තියෙන කාමර දෙක ඔයාගේ ඔෆිස් එක විදිහට ගන්න. ඔයා ගෙදර ඉදන් වැඩ කරන්න . වියදමත් අඩුයි...."


"ඒක නම් හොඳ අදහස... එහෙනම් මම මිස්ට ටෝබිට කියනවා මම එයාට වැඩ කරන එකෙන් අයින් වෙනවා කියලා ...."


"ඔව්...ඒක හොදයි ..."


අවුරුදු එකහමාරක් මිස්ට ටෝබි හා සම්බන්ධ වි ව්‍යාපාරය කරගෙන ගිය අංජු ....අවසානයේ එයාගේ තනි වයාපාරය කාගෙවත් උදව්වක් නැතුවම පටන් ගත්තේ, ගෙදර කාමරයක් ඔෆිස් රූම් එකක් විදිහට සකස් කරගෙනය.


පහුගිය අවුරුදු එකහමාරක කාලයක් අංජු හම්බ කල මුදල් , මේ වන විට, පහුගිය කාලයේ අපේ විශාල අලුත් නිවස ගන්නට බොහෝ වියදම් වි තිබුන.... අංජු ඔහුගෙ අලුත් ව්‍යාපාරය සඳහා අවශ්‍ය බඩු හොංකොං වලින් ගෙන්වා ගන්නට ඉතිරි මුදල් ටිකද වියදම් කලේය ,....අන්තිමේ අපි ඉතිරි කරගෙන සිටි මුදල්ද සියල්ල ඉවර වි තිබින.


‘‘මං තනියම මේ බිස්නස් එක පටන් ගත්තට.... හොංකොං වලින් බොත්තම් , ටේප්වගේ ඇඟලුම් බඩු ගෙන්න ගන්න ගොඩක් වියදම් කරන්න ඕනේ..... දැන් මට බිස්නස් එකට වියදම් කරන්න සල්ලි මදි අම්මි......මේ ගෙදර ගන්න ගොඩක් සල්ලි වියදම් වුණ නිසා, දැන් අතේ සල්ලි නැතුව මම හරි අමාරුවේ වැටුලා ඉන්නේ....."


"එතකොට ඔයා හොංකොං වලින් , පහුගිය කාලේ බඩු ගෙනත් ගාමන්ට් ෆැක්ටෙරි වලට දාපු බඩුවල සල්ලි තවම හම්බුනේ නැද්ද...?


"ඒකනෙ ප්‍රශ්නය ....හැමෝම වගේ බඩු ගන්නේ ණයට ....ණය ගෙවන්න මාස ගනන් ගන්නවා. ඒකෙන් තමයි මම හිර උනේ....."


"හරි වැඩේ උනේ....ඊයෙ බැංකුවෙනුත් කතා කරලා කිව්වා, පහුගිය මාස දෙකේ මේ ගෙදර ගන්න ගත්ත මාසික ණය මුදල ඔයා ගෙවලත් නෑ කියලා ...."


" ඔව් අම්මි..බඩු ගේන්න සල්ලි හිරවුන නිසා, හවුසිං ලෝන් එක් ගෙවා ගන්න බැරි උනා මාස දෙකකින්...."


" අනේ මන්දා මොනව කරන්නද කියලා ....අපට ආයෙත් අමාරු කාලයක් ඇවිත් වගේ...."


මේ වන විට හොංකොංවලින් ඇඟලුම් බඩු ලංකාවට ගෙන්න ගන්න ලොකු වියදමක් යමින් තිබේ.... එන්න එන්නම ඒ බඩුවල ගනන් වැඩිවීමත්, ටැක්ස්, හා බඩු ගෙන්වා ගැනිමේ වියදම්ද වැඩිවිම නිසා ,අංජු වැටි සිටියේ බොහෝම අමාරු අවස්තාවකටය.


" අම්මි..... හොංකොං වලින් බඩු ගෙන්නලා මෙහෙම විකුනන්න බෑ වියදම හරි වැඩියි.......ඒ නිසා මං හිතුවේ, ලංකාවේ ටේප් කෝඞ් හදන ෆැක්ටෙරි වලින්, අඩු ගාණට බඩු අරන් ගාමන්ට් ෆැක්ටරිවලට වැඩි ගානට දාන්න කියලා. මම ගාමන්ට් ෆැක්ටෙරි ඔක්කොම වගේ දන්න නිසා ,ඒවායෙන් ඕර්ඩර්ස් ඇරන් එහෙම කරගෙන යන්න පුලුවන් .....හැබැයි .ලාභය නම් අඩුයි.....ඒ උනාට දැන් එහෙමවත් කරන්න ඕනේ....."


"ඔව්....ලාබෙ අඩු උනත් ඔයාට ඒ බඩු හදන තැන් වලින් බඩු ණයට ඇරන් ෆැක්ටෙරි වලට දාන්න පුලුවන්නේ,....එහෙමවත් කරන්න . වෙන මොනවා කරන්නද ?


ටික දවසක් යන විට අංජු අතයාවශ්‍ය බඩු හොංකොං වලින් ගෙන්වා ගැනීම කර, අනෙක් සියලු ටේප්, කෝඩ් වැනි දෑ නිශ්පාදන ආයතන වලින්ම රැගෙන විත්, ගානක් තියාගෙන ඇඟලුම් හල් වලට දාන්න පටන් ගත්තේය.


"සමහර බඩු අපට කෙලින්ම ගාමන්ට් වලට දාන්න බෑ....ඒවා අවශ්‍ය කරන පාට වලට ඩයි කරන්න ඕනේ, ටේප්, කෝඩ්, සිප් වගේ ඒවා, ඩයි ෆැක්ටෙරි වලට දාලා, ඊට පස්සේ ඒවා වේලලා තමයි ගාමන්ට් ෆැක්ටෙරි වලට ගිහින් දෙන්න ඕනේ....සමහර ඒවා ලස්සනට පැක් කරලත් දෙන්න ඕනේ ...."


"ඔයා පැක් කරන්න තියෙන බඩු ගෙදර ගේන්න..... මමත් ඔයාට උදව් කරන්නම්....මෙච්චර ලොකු ගෙයක් තියෙන එකේ, අපට ඕන නම් බඩු ස්ටොක් කරගන්නත් පුලුවන්නේ...."

"එහෙම කරන්න ඕනේ නෑ...." හදිස්සි බඩු විතරයි මම ගෙදර ගේන්නෙ...."


අංජු සමහර වෙලාවට, ඇඟලුම් කර්මාන්ත ශාලා වලින් එන ඇනවුම්වලට බඩු, ගෙදර ගෙනත්, ඒවා තනියම පැක් කරලා ගිහින් දාන්න පටන් ගත්තේ, මගෙ උදව්වත් නොගෙනමය...... ඔහු මගෙන් එවැනි දේවලටවත් උදව් ගන්නට කැමති නොවුනේ, මාව එවැනි කිසිම දේකට මහන්සි කරවීමට අකමැති නිසයි . ගෙදර දොර බලාගෙන ,දරුවන්ගේ වැඩ බලාගෙන ඉන්නවා ඇරෙන්න අංජු කිසි දින මගෙන් ඔහුගෙ බිස්නස් වැඩ, වලට එවැනි උදව් නොගත්තෙය. ඔහු මාව බොහෝම පහසුවෙන්, සැපෙන් තියා, ඔහුම තනියම මහන්සි විම මට ලොකු කණගාටුවක් ඇති කර විය.....

නමුත් ඔහු කරන සියලු වැඩ,රාජකාරි වලට අදහස්, උපදෙස් අනුශාසනා ගත්තේ නම් මගෙන් පමනි..... මම එපා කරන කිසි දෙයක් ඔහු කවදාවත් නොකලේය. මගේ අදහස් ඔහුගෙ දියුනුව සඳහාම ලැබෙන බව ඔහු විශ්වාස කරගෙන සිටියේය.


අංජු දිනක් හදිසියේ ඇඟළුම් කර්මාන්ත ශාලාවකට අවශ්‍ය නිල් පාට සිප් තොගයක් ගෙන විත්, ගෙදර සාලේ මැද ෆෑන් එක යට තියාන වේලන හැටි දැක මට ඇතිවුන දුක ගැන නම් කියන්න බැරි තරම් විය.


‘‘මට දුකයි ඔයා ගැන....අච්චර හොඳ ජොබ් එකක් දාලා ඇවිත් ඔයා තනියම දුක් විදිනවා.....’’


‘‘මොනව කරන්නද අම්මි..? අපි ජීවත් වෙන්නත් එපෑ.’’


"නරකද ඔයා කාව හරි ඔය වැඩට ගත්තොත් ....ඔයාට ඕවා කරන්න බෑ...."


" වැඩට ගන්න කෙනාට පඩියකුත් දෙන්න එපෑ..."


"අපේ අම්මගෙ හොදම යාළුවාගේ පුතා, මේ දවස්වල ඉස්කෝලෙන් අස්වෙලා ගෙදර ඉන්නවා ජොබ් එකක් හොය හොයා....මම ඒ ළමයට එන්න කියන්නද...?


"හොදයි..... ඒ ළමයට එන්න කියන්න බලන්න ..... හැබැයි ලොකු පඩියක් නම් දෙන්න බෑ.....දැන් ටික ටික මට බිස්නස් එනවා.....මම ආයෙත් හොංකොං වලින් බඩු ගෙනත් ගාමන්ට් වලට දාන්නත් පටන් ගත්තා, ඒවා වලින් නම් හොඳ ලාභයක් තියෙනවා ....


‘‘ලොකු දුවගෙ ස්කූල් ෆීස් ගෙවන්නත් තියෙනවා , ටීචර් නිතර ෆීස් මතක් කරනවා කියලා දුව ඉස්කෝලේ යන්න බෑ කියනවා.’’


‘‘එහෙනම් හෙට එයාව ගෙදර නවත්ත ගන්න අම්මි..... එන සුමානෙ මම බඩු දාපු තැනකින් සල්ලි වගයක් හම්බවෙන්න තියෙනවා. ඒක හම්බ වුණාම ඉස්කෝලේ ගාස්තු ගෙවමු...’’


‘‘අපි දැන් මොකද කරන්නේ. බැංකුවෙන් ගත්ත ණය වල මාසික වාරික ගෙවන්නත් ඕනේ ...ලයිට් බිල්, වතුර බිල් ගෙවන්න ඕනේ..., ගෙදර කෑමට බීමට වියදම් ඕනේ ...ඉවරයක් නෑ.....මොනව කරන්නද කියලා හිතා ගන්න බෑ...."


"තව ටික දවසක් යන කොට බිස්නස් හොඳ වෙයි අම්මී....පොඩ්ඩක් ඉවසගෙන ඉන්නකෝ..."


අංජු බොහොම අමාරුවෙන් , අලුතින් පටන් ගත් ව්‍යාපාරය කරගෙන ගියේ බොහොම අඩුපාඩු ඇතුවය උදේ වරුවේ වෙනදා මෙන්ම හොඳට පිලිවෙලට ඇඳව්පැළද ගෙන ටයි එකක්ද දමාගෙන වැඩට යන ඔහු, ඇඟලුම් කර්මාන්ත ශාලා වලින් බඩු වලට ඇනවුම් රැගෙන එන්නට යන්නේය.


මාස හයක පමණ දුශ්කර කාලයක් පසු කරගෙන ආ අංජු ඔහුගෙ ව්‍යාපාරය හොද අතර රැගෙන ආවේ ඔහුගෙ තනි මහන්සියෙනි. බලාගෙන ඉන්න විට ඔහුගෙ ව්‍යාපාරය දවසින් දවස දියුනුවෙන් දියුනුවට පත් වෙමින් තිබෙන බව පෙනි යන්නට විය. අංජු එන්න එන්නම් බොහෝ කාර්‍යබහුල විය.


නමුත් සෙනසුරාදා ඉරිදාට පමනක් නොව, සතියේ දිනටද, පුලුවන් හැම අවසතාවකම ඔහු අපව ආපනශාලා වලට කෑම කන්න එක්ක යනවා වගඅ මාව සාප්පු සවාරිද එක්ක ගියේය දරුවන් දෙදෙනාව සෙල්ලම් උද්‍යානය වලටද එක්ක යන්න අමතක නොකලේය. දරුවන් ඉල්ලන හැම දෙයක්ම පුළුවන් උපරිමයෙන් ඔවුන්ට ගෙනත් දෙන්නට මැලි නොවින. ඒ වගේම මාවත් දරුවන්වත් තනියම කොහේවත් නොඇරියේය. විවාහයෙන් පසු මම තනියම කඩේකටවත් ගොස් නොතිබුනි . මට අවශ්‍ය කරන සියලු ගමන් ඔහුම නෑ බෑ,නොකියා එක්ක ගියේය. මම බොහෝම සැහැල්ලුවෙන් සතුටින් දරුවන් සමග ජීවත් උනෙමි.


"ලොකු දුව ඉස්සෙල්ලම ඉස්කෝලේ යන දවස අපේ නමවන විවාහ සංවත්සර උත්සවය නිසා අපි එදාට කොහේ හරි නැවතෙන්න යමුද ?


"අනේ යමුකෝ...එදා සිකුරාදා නිසා අපට දවසක් දෙකක් හොටෙල් එකක නැවතිලා ඉදලා එන්න පුලුවන් ...."


"එහෙනම් ඔයා දරුවන්ගෙ ඇදුම් ලෑස්ති කර ගන්නකෝ මම හොද හොටෙල් එකක් බුක් කරන්නම්...."


"ශෝක් අනේ....මට ආසාවෙ බෑ හොඳ හෝටලයක නවතින්න යන්න ...දුවලා දෙන්නත් ආසාවෙන් ලෑස්ති වෙයි..."

.

2003 ජනවාරි 18 දින ලොකු දුවව මුලින්ම සුජාතා පාසැලට ඇතුලත් කරන දිනය විය. එදින අපේ අම්මාද ඇගේ මිනිපිරි මුලින්ම පාසැල් යන දවස අපි සමඟ ඇගේ පාසැලට යන්නට ආවේය. එදින අපේ නමවන විවාහ සංවත්සර දිනය යෙදී තිබිමත් අපට විශේෂ විට.. එදිනම හවස අපි අපේ විවාහ සංවත්සරය සැමරීම සඳහා බේරුවල Eden හෝටලයේ නවතින්න ගියෙ එදින සිකුරාදා දිනයක් නිසා බොහෝ සතුටිනි.



කාලය වේගයෙන් ගලාගෙන යයි....

මගේ අම්මා නිතර අපව බලන්න කෑම බීම හදාගෙන අපේ ගෙදර ආ අතර, අංජුගෙ මම්මා පප්පාද මාසයකට දෙකකට සැරයක් අපේ ගෙදර විත් නැවති ඉඳ යන්නට පුරුදු වි උන්නේය. ඔවුන්ගේ පැමිනීම දියණියන් දෙදෙනාට බොහෝ සතුටක් විය අතර ඔවුන් දෙදෙනා මම්මා හා පප්පා සමඟ සෙල්ලම් කිරීමට කැමැත්තක් දැක් විය. ඔවුන් අපේ ගෙදර ආ කල මම බොහෝම කැමැත්තෙන් ඔවුන් දෙදෙනාට කෑම හදා දෙමින් සැලකුවෙ ආදරයෙනි.


කාලය එසේ ගෙවි යන කල, අපේ වයාපාරයද දවසින් දවස දියුනු වේගෙන යනවා පෙනින.


"අපේ බිස්නස් එක දැන් හොදට දියුණු නිසා, දැන් මට මේ ගෙදර ඉදන් මේ ඔෆිස් එකේ වැඩේ කරන්න බෑ....මම තලපත්පිටියෙන් ඔෆිස් එක දාගන්න හොද තැනක් බැලුවා. ඒකට අද හෙටම ගියොත් හොදයි ..."


"ඔයාට හොද දෙයක් කරන්න ...."


"මම ඉස්සර වැඩ කරපු තැන ප්‍රසාද් කියලා ළමෙක් ඉන්නවා හොදට සේල්ස් වැඩ කරන. මම එයාවත් අපේ ඔෆිස් එකට වැඩට ගන්න කියලා බැලුවේ ...එතකොට මට වැඩිය ගාමන්ට් ෆැක්ටෙරි වලට යන්න් ඕනේ නෑ....බඩු හොංකොං වලින් ගෙන්නන වැඩ, බඩු ඕඩර් කරන වැඩ වග්ඩ්ම ටෙලිෆෝන් එකෙන් බිස්නස් එක කරගෙන යන්න පුලුවන් ...."


"ඔයාට හොඳ විදිහක් කරන්න .."


"සංජය කිව්වා, එයා,දන්න තව ළමෙක් වත් සෙල්ස් වලට එයා එවන්නම් කියලා ....එතකොට අපට තව බිස්නස් වැඩි කරගන්න පුලුවන් ..."


"ඒක හොදයි ..."


" අම්මි අපි අලුත් වාහනයක් ගමුද?....අපි බිස්නස් එකෙන් ඉතිරි කරගත්ත සල්ලි දැන් තියෙන නිසා...."


" ඔව් අලුත් එකක් ගමු....මොකක්ද අපි ගන්න වාහනය ...?


" අපි මොන්ටෙරෝ ජීප් එකක් ගමු...ඔයා දන්නවනේ මම ගොඩක් වාහන වලට කැමතියි කියලා ..."


" ඔව් ඉතිං ....ඔයාට ආස වාහනයක් ඔයා ගන්න...."


අංජු පටන් ගත් අලුත් ව්‍යාපාරය දියුනු වීමෙන් පසු, අපි අලුත් වාහනයක්ද ගත්තෙමු. කුලියට වයාපාර ස්තානයක්ද ගෙන තිබිම හිතට හොඳ විය. දැන් අපේ ව්‍යාපාරය තුල සේවකයින් තුන් දෙනෙක්ද වැඩ කරගෙන යති. ඔවුන් ව්‍යාපාරයට ගෙනෙන ඇනවුම් නිසා, තව තවත් අපට දියුනුවේ ඉදිරියට යන්නට හැකි විය.


ව්‍යාපාරය කරගෙන යන ගමන් ඔහු, ලොකු දුවව උදේට පාසැල්ද රැගෙන යන්නේය. මේ වනවිට ලොකු දුව නුගේගොඩ සුජාතා විද්‍යාලයට යමින් සිටිම නිසා, දවල්ට ඇයව ගෙදර එක්ක එන්නේද ඔහුමය.


දැන් නම් එන්න එන්නම බිස්නස් එක හොදට කෙරිගෙන යනවා, ඔෆිස් එක පටන් ගත්ත අලුත් තැන හොදයි ....මුලින්ම මගේ තනියට වැඩට ගත්ත රවියි, පස්සෙ ගත්ත ළමයි දෙන්නත් හොදට වැඩ,කරගෙන ඉන්න නිසා මට ලේසියි . එන්න එන්නම් බිස්නස් වැඩි වෙනවා ඒක ලොකු දෙයක් ... හෙට අනිද්දට මම අලුත් වාහනය ගේන්න යන්නේ...."



" ශා....නියමයිනේ..... අපේ අලුත් වාහනය ගත්ත ගමන් අපි කතරගම යමු ....එහෙම නැත්නම් නුවර යමු...."


"අපි නුවර දලදා මාළිගාව වැඳලා නුවරඑළි යමු....ගිහින් ගෑන්ඩ් හොටෙල් එකේ දවස් දෙකක් නැවතිලා ඉදලා එමු...."


"අනේ ශෝක්...මට ආසාවේ බෑ මම දුවලා දෙන්නව ලෑස්ති කර ගන්නම්.....අලුත් ඇදුම් එහෙමත් ඕනේ ගෑරැන්ඩ් හොටෙල් යනව නම්....මෙච්චර කාලයක් අපි පොඩි පොඩි හොටෙල්ස් වලට ගිහින් නැවතිලා ආවට ,නිතර රෙස්ටුරන්ට් වලින් කාලා ආවට ....දවස් දෙකක් ග්‍රැන්ඩ් හොටෙල් එකේ නවතින්න යන්න ලැබෙන එක ගැන නම් මට ඉවසිල්ලක් නෑ...."


"දුවලා දෙන්නා ආසාවෙන් ඉන්නෙ නුවර එළි යන්න..."


"ලොකු දුවව නුගේගොඩ සුජාතා එකට දාගන්න ලැබුන එක හොදයි නේද...?. විනාඩි දහයෙ දුරින් ඉස්කෝලේ තියෙන නිසා ලේසියි ...."


",වෙන දෙමව්පියන් වගෙ අපි දරුවට හොද හොද ඉස්කෝල හොය හොය යන්නේ නැතුව ගෙදර කිට්ටුව තිබුන ඉස්කෝලෙට දාගත්ත එක ලොකු දෙයක් . ළමයටත් ලේසියි , අපටත් පහසුයි...."


"මම හිතාගෙන ඉන්නේ දුවලා දෙන්නවම අමතර පංති නොයා, මමම ඒ දෙන්නට ඉස්කෝලේ වැඩ කියලා දෙන්න..."


"ඒක නම් ලොකු දෙයක් ....ඔයා හොදට ඉගෙන ගත්ත එකේ, ඒවා දරුවන් වෙනුවෙන් වත් ප්‍රයෝජනයට ගන්න....ඉස්කෝලෙන් පස්සෙ ළමයි අමතර පංති යැව්වහම දරුවන්ටත් මහන්සි වැඩියි....."


"ඔයා නිතර ඉස්කෝලේ වැඩ වලට උදව් කරන නිසා ටීචර්ස්ලා උනත් දුවට හොදට සලකනවා..."



"බිස්නස් එක හොදට නැගලා යන නිසා, මම පුලුවන් විදිහට නිතර ඉස්කෝලේ දේවල් වලට වියදම් කරන නිසා, දුවට ඉස්කෝලේ හොඳ තැනක් තියෙනවා . ටීචර්ස්ලා ,දුවට ආදරෙයි ....තාත්තා ඉස්කෝලෙට උදව් කරන නිසා..."


‘බිස්නස් හොද වෙනකොට ..සල්ලි තියෙන කොට නම් ඕන තරම් මිනිස්සු ඉන්නවා.......අපට බැරි උන්ස් කාලේ මතකනේ, අපි දෙන්නට හිටියේ ඔයාගේ අම්මා විතරයි ......අනේ මන්දා මෙච්චර කාලයක් හිටිය නැති යාළුවොත් දැන් ටික ටික අපිට කිට්ටු වෙන්න හදනවා නේද...?


"ඒක නම් ඇත්ත....අපට අමාරු කාල වල හිටියෙ නැති යාලුවො දැන් බලෙන් අපේ ගෙදර එන්න අහනවා, අපට ඒගොල්ලන්ගෙ ගෙවල් වලට එන්න කියනවා....අනේ මන්දා මිනිසුන්ගෙ හැටි.....මට නම් සමහර වෙලාවට හරි කේන්තියි ඒගෝල්ලෝ එක්ක....පහුගිය දේවල් හොදට මතක තියාගෙන තමයි මම ඒ අය නම් ආශ්‍රය කරන්නේ....."


"ඔව් ඉතිං ඔයා හැමෝටම උදව් කරන නිසා හැමෝම ඔයාට කැමතියි ....මතකනේ ඔයා ප්‍රභාත්ගෙ ජොබ් එක, වාහනය නැතිවෙලා, ඔයා එයාට ඔයාගෙ පරණ කාර් එක දීලා, අලුත් කාර් එකක් ගත්ත හැටි , එයාට බිස්නස් එකක් පටන් ගන්න උදව් කරපු හැටි, ....කොටින්ම එයාගෙ බබාගේ පළවෙනි උපන් දිනය ගන්නත් ඔයානේ සල්ලි දුන්නේ....අනේ මන්දා ඒ මිනිස්සුන්ට දැන් ඒවා මතකද කියලත්...."


එන්න එන්නම අපේ වයාපාරය දියුනුවෙන් දියුනුවට යමින් තිබින. ඇඟලුම් කම්හල් වලට අවශ්‍ය කරන බොත්තම් ටේප් කෝඩ් ආදිය සැපයීම අංජු හොවින් කරමින් ව්‍යාපාරය හොදින්ම කරගෙන යමින් හිදී.


" තාත්ති....අපි මේ මොන්ටෙරෝ එක ගත්තට පස්සේ ගොඩක් අය දැන් අපිත් එක්ක එච්චර හිත හොඳ නෑ වගෙ.... විශේශයෙන් නෑදායෝ....යාළුවොත් එහෙමයි....."


‘‘මිනිස්සු ඉරිසියයි.’’


‘‘අපි කොච්චර මිනිස්සුන්ට උදව් කරල තියෙනව ද? ඒ වුණාට මිනිස්සු හිතන්නේ හැමදාම අපි ඒ අයටම කර කර ඉන්න ඕනේ කියලා....අපි හොද වාහනයක් ගත්තත්, ගෙයක් ගත්තත් ඉරිසියාවෙන් පිපිරෙන්න හදනවා, මට ඒකමයි මේ මිනිස්සු එක්ක කේන්ති .....’’



*ප්‍රිසිලා ගොඩහේවා *

9 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Kommentare


bottom of page