top of page
  • Writer's picturePrisila Godahewa

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹

( 27 වෙනි කොටස)


තාත්තාගේ මළගෙදර කටයුතු අහවරවි මාස,තුනක්ද ගතවි ඇත. දැන් මහගෙදර නැවති සිටින්නේ අම්මා පමණි. අපි තුන් දෙනා පුලුවන් විදිහට නිතර ඇය බලන්න යමින් ඇගේ තනිය මකා දැමුවෙමු.


"තාත්තගෙ තුන්මාසෙ දානේ අපි හොදට කරන්න ඕනේ..."


"ඔව් අපි තුන් දෙනාම එකතුවෙලා ඒ දේවල් හොදට කරමු. "


වේලාසන ගෙවල් දොරවල් අලුත් වැඩියා කරමින් අම්ම තාත්තාගේ තුන්මාසෙ දාන කටයුතු වෙනුවෙන් උපරිමයෙන්ම මහන්සි වෙයි.


"තාත්තගේ පහුගිය මාස වල පැන්ශන් පඩිය මම තනිකරම මේ දානේ වැඩ වලට,ඉතිරි කරගෙන තියා ගත්තා. .... ඔයගොල්ලෝ තුන්දෙනා ඇවිත් මට මේ ඉතිරි වැඩ කරගන්න උදව් කරන්න ..."


"ඔව් අපි වේලාසන මහ ගෙදර ඇවිත් නැවතිලා උදව් කරන්නම්..." .."


හැමෝම ලොකු උනන්දුවකින් තාත්තාගේ තුන් මාසේ දානය වෙනුවෙන් ලකලෑස්ති වේ.


‘‘ තාත්ති.....හෙට තාත්තගෙ තුන්මාසේ දානේ නිසා..... අපි අද මහ ගෙදර ගිහින් නැවතිලා ඒ වැඩවලට උදව් කරමු නේ ද?’’


‘‘ ඔව්...යමු....ඒත් ඊට ඉස්සෙල්ලා අපිට අද හවස පොඩි ගමනක් යන්න තියෙනවා....’’


‘‘ ඒ මොකක් ද?’’


"මගේ ඉස්කෝලේ ගිය කාලේ හොඳම යාළුවා රුවන්...., එයාගෙ නුගේගොඩ ගේ විකණනවා කියලා..... දන්න කියන කවුරුහරි ගෙයක් ගන්න හොයනවා නම් නම් එයාට කියන්න කියල මට අද කෝල් කරල කිව්වා....."


‘‘නුගේගොඩ ගෙයක් ....එහෙනම් අපි අද අම්මලාගෙ ගෙදර යන්න ඉස්සර එහේ ගිහින් බලමු ඒ ගෙදර කොයිවගේද කියලා ..... අපිත් කාලයක ඉදන් අලුත් ගෙයක් ගන්න හිතාගෙන ඉන්න එකේ, ගිහින්ම බලමු නේද...?.’’


‘‘ නිකන් ගිහින් බලමු..... නුගේගොඩ ගෙයක් නම් ඒක ලොකු ගාණක් වෙයිනේ.....’’


‘‘ අපි ගිහින් බලමුකෝ....’’


තාත්තාගේ තුන් මාසේ දානේ දිනට කලින්දා අපි.... හවස නුගේගොඩ අංජුගෙ යාළුවාගේ ගේ බලන්න ගියෙමු. ඒ ගෙදර ගේට්ටුව ගාවට ගිය විට මට හිතාගන්නට බැරි තරම් විය.....එය ඒ තරම් ලස්සන මහ විශාල ගෙයක් විය.


"මගේ අම්මෝ...මේක මේ මහ විශාල මන්දිරයක් වගේ ගෙයක්නේ...."


"ඒක තමයි මේක තට්ටු තුනක විශාල ගෙයක්නේ....අපි තකහනියක් ආව එකේ මේ ගෙදර නිකන් බලලා යමු.....අපට නම් මිලදි ගන්නවා තියා හිතාගන්නවත් බෑ....


නුගේගොඩ මිරිහානේ හිතා ගන්නවත් බැරිතරම් විශාල තට්ටු තුනක ගෙයක් විකුනන්න දමා ඇත. එය අංජුගෙ හොදම යාළුවා වන රුවන්ගේ පියා ඔහුට විවාහයෙන් පසු නවතින්න හදා දි තිබුන ගෙදර වේ. නුගේගොඩ ප්‍රසිද්ධ ව්‍යාපාරික මහතකුගේ බාල පුතා වු ඔහු, අලුත් ගෙයක් හදාගෙන යන්නට ලෑස්ති වි සිටින නිසා මේ ගෙදර විකුනන්න දම ඇත.


"අපේ අලුත් ගෙදර වැඩ ඉවර කරගන්න සල්ලි මදි නිසයි මේ ගෙදර විකුනන්නේ....අපේ තාත්තා නම් කැමතිත් නෑ මේ ගෙදර අපි විකුනන්න හදන එකට...." අංජුගෙ යාළුවා කීය.


"එන්න අපි යමු ගෙදර ඇතුල බලන්න..." යාළුවාගේ බිරිද මාව ඒ ගෙදර බලන්න ඇතුලට එක්ක ගියේය .


මගේ ජිවිතේට මම මෙතරම් විශාල ගෙයක් තුලට ඇවිත් තිබුනේ නැත. බලන බලන අත, එහෙන් මෙහෙන් පඩි පෙල් හා කාමර ඇත.


"මගෙ අම්මෝ...මේ ගෙදර ලොකු...මේ ගෙදර ලොකු ගානක් වෙනවා ඇති..."


තට්ටු තුනක විශාල ගෙදර, කාමර හතක් ඇත..... විශාල ගෙයි උඩම තට්ටුව විවුර්ත වැරැන්ඩාවක් ඇත්තේ ,හවසට නිවාඩු පාඩුවේ වාඩිවි සිටිමට හා උත්සව ගැනීමට වෙන් නැති ..... එහි ගිය කල අවට මුළු පෙදෙසම පෙනෙන්න ආකාසේ සිටින ලෙසයි. ....වාහන පහක් පමණ නවත්වන්න පුළුවන් පෝටිකෝව ලඟ තණකොළ වවා ලස්සනට හැදුව ගෙමිදුලක් ඇත. මේ ගෙදර දැක මට හුස්ම ගන්නට අමතක උන ගානය. පුදුම ආසාවෙන් මම ගේ ඇතුලේ ඇවිද ගියේ පරිස්සමටය.....


‘‘ පුදුම ලස්සන විශාල ගෙයක් මේක.....අප්පෝ මේ ගෙදර හරි ගාණක් වෙයි....’’ මම හෙමිහිට අංජුට කීය.


‘‘හැබැයි මිනිහට සල්ලි වගයක් හදිස්සියට, ගේ විකුණන්න හදන්නේ.....’’


"එහෙමද...?


ගෙදර ඉහළ මාලේ සිට පහළ විසිත්ත කාමරය දක්වා කඩා හැලෙන දිය ඇල්ලක් ඇත..... හිතා ගන්නවත් බැරි තරම් ලස්සන ගෙයක් මේ මිනිස්සු මොකට විකුනනවද මන්දා....සල්ලිකාර ව්‍යාපාරයකුගේ බාල පුතාවන ඔහුට තව ගෙවල් ඇති බව කිව්වේ අංජුයි.


‘‘කීයකටද උඹ මේ ගෙදර විකුනන්න හිතාගෙන ඉන්නේ...?’’ අංජු ඇහුවේ ඔහුගේ යාළුවාගෙනි.


‘‘ලක්ෂ 50කටවත් දෙන්න ඕනේ.’’


‘‘මගෙ අම්මෝ.....’’


‘‘මං නම් මේ ගෙට හරිම ආසයි....එත් අපට ඒ මුදල ගැන හිතා ගන්නත් බෑනේ ..... මම කට ඉස්සර කළෙමි.


‘‘ ඔයා ආස වුණාට.....මේ කාලේ හැටියට අපට කෝ සල්ලි .....මේ තරම් ලොකු ගාණක් අපිට හිතාගන්නවත් බෑනේ....’’


”ඇයී මේ ගේ විකුනන්නේ”


‘‘මේ කාලේ හැටියට බැංකුවෙන් මේ ගෙට ඇස්තමේන්තු කලා ලක්ෂ 65 ක් ..... මම සල්ලි හදිස්සි නිසයි ලක්ෂ 50කට දෙන්නේ. අපි අලූත් ගෙයක් හදනවා විජේරාමේ..... මේ ගේ විකණනන්නෙ ඒ ගෙදර වැඩ ඉවර කරගන්න සල්ලි මදි නිසයි ....විශේශයෙන් උඹ් මේ ගන්නවා නම් විතරයි ලක්ශ 50 කට දෙන්නේ......’’


"ඇත්තටම කියන්න.....බැලු බැල්මටම මේ ගෙදර එච්චර ගානක් වටිනවා කියලා පේනවා ...ඒත් අපට දැම්ම මේ වගේ ගෙදරකට වියදම් කරන්න බෑ...."


‘‘මේ ගේ අම්මලා අපට දෑවැද්දට දුන්න ගෙදර ..... අපි අලූතින් හදන ගෙදර , ළමයින්ගෙ ඉස්කෝල වලට ලඟයි.....කොහොමත් ගෙවල් දෙකක් අපට වැඩක් නෑනේ....’’


‘‘ මේ ගේ ගන්න ,මං දන්න කවුරු හරි හිටියොත් උඹට කියන්නම්.....අපි මේ ගෙදරට ආස උනාට, එච්චර ලොකු මුදලක් අපට හොයාගන්න අමාරුයි ...."


‘‘හොඳයි.... කවුරු හරි හිටියොත් මට කියන්නකෝ.....’’ අංජුගෙ යාළුවා කීය.


නුගේගොඩ විශාල මාලිගාවක් වැනි ඒ ගෙදර දැක මම..... නැවත අපේ ගෙදර ගියේ පිස්සු හැදිනු ගානටය.....


"ඇයි අම්මි කතාවක් නැත්තේ....?


‘‘අනේ තාත්ති... මට ආසාවේ බෑ, ඒ ගෙට..... අපි කොහොමහරි ඒ ගෙදර ගන්න සල්ලි හොයගමුකෝ....’’


‘‘ඔයාට පිස්සු ද? ලක්ෂ 50ක් කොහෙන් හොයන්න ද...?’’


"අනේ මට ඒ ගෙදර දැකලා ආසාවේ බෑ....අපටත් ඒ වගේ ගෙයක් තියෙනවා නම් ...."


මම සුසුම් හෙළුවෙමි.....මට මම ගැනම දුක සිතින......අපට නම් කවදාවත් එවැනි විශාල ගෙයක් අයිති කරගන්නට නොලැබෙනු ඇත ..... ඒ වුණාට මං ගෙට කැමතියි , ආසයි කියපු එකනම් අංජුගෙ හිතට ගිය බව මට වැටහිණි..... මං මොන දෙයක් හරි ආසයි කිව්වොත් එයාට ඒ දේ ඉෂ්ඨ කරල දෙන්නම ඕන බවත් මම දැනන් උන්නෙමි.....ඔහු මේ දේත් ඉෂ්ඨ කරල දුන්නොත්... මං සිහින මැව්වෙමි.


"අපි ඉක්මනට මහ ගෙදර යමු....අද රෑට තාත්තාගේ තුන්මාසේ බණ....හෙට දානෙට ලෑස්ති වෙන්නත් ඕනේ.....මම අර යාළුවා කිව්ව නිසයි ,කලබලේම ඔයාව ඒ ගෙදර බලන්න අදම එක්ක ගියෙත් ඒකයි ...."


තාත්තාගෙ තුන්මාසේ දානය ඉතා ඉහලින් මහ ගෙදර පැවැත්විණි. අංජු එයට ගොඩක් මහන්සි උනේ, අක්කලා දෙන්නගෙ සැමියන් සමඟමය. අක්කලා දෙන්නත් මමත් දරුවන් සමඟ ,තාත්තාගේ තුන් මාසෙ දානය වෙනුවෙන් මහ ගෙදර නැවති ඒ වෙනුවෙන් වැඩ කෙරුවෙමු.


‘‘අම්මි....... දන්නවද වැඩක්.....අර එදා අපි බලන්න ගිය ගෙදර යාළුවා අද මට කෝල් කළානේ....මිනිහා කියනවා ඒ ගෙදර මම ගන්නවා නම් ලක්ෂ 45කට දෙන්නම් කියලා .... . මිනිහ තුන්හතර පාරක්ම ඒ ගෙදර පත්තරේ විකුනන්න දාලා, ගනන් වැඩි නිසා කවුරුත් බලන්නවත් ඇවිත් නෑ..... මිනිහට සල්ලි හදිස්සි වෙලා ඉන්න නිසයි තව ගාන අඩු කරල මට දෙන්න හදන්නේ..... ඔයා මොකද කියන්නේ....?’’


‘‘අනේ දෙවියනේ ...... මට ආසාවේ බෑ, ඒ ගෙට.....අපි කොහොම හරි ඒ ගමුකෝ තාත්ති.....’’


‘‘මාත් ආසයි..... ඒ වගේ විශාල තට්ටු තුනක ලොකු ගේකට නම්..... ඒ වුණාට කෝ අපට සල්ලි....?’’


‘‘අපි ඔයාගෙ අලුත් බිස්නස් එකෙන් පස්සෙ , ලක්ෂ දහයකට කිට්ටු මුදලක් අමාරුවෙන් ඉතුරු කරගෙන තියෙනවනේ....ඉතිරි මුදලට අපි බැංකු ණයක් ගමු....තව අපි දැන් ඉන්න ගෙයත් විකුනලා සල්ලි හදාගන්න පුළුවන්නේ.....’’


‘‘මං බැංකුවෙන් අහල බලන්නම්.’’


"අනේ ඔව් තාත්ති....කොහොම හරි බලන්න....මට ඒ ගෙදර මතක් වෙනකොටත් ආසාවේ බෑ....."


‘‘මං අපේ හොංකොං නියෝජිතයාගෙනුත් අහල බලන්නද මගේ ඉස්සරහ බිස්නස්වලින් අඩු කරගන්න ණයක් ගන්න පුළුවන්ද කියලා ..... මං කොච්චර ලොකු මුදලක් එයාට මාසෙකට හම්බ කරල දෙනව ද?’’


‘‘ඒක තමයි..... ඔයා එහෙනම් එයාගෙන් අහල බලන්න තාත්ති...’’


මම නුගේගොඩ තට්ටු තුනේ විශාල , කාමර හතේ ගෙදර , දියඇල්ලක් ගේ ඇතුලේ පැත්තකින් කඩා වැටෙන ගෙදර , හතර අතින් පඬි පෙල් ඇති, විශාල රූෆ් ටොප් එකක් ඇති ගෙදර , ගාර්ඩන් එක ගැන සිහින මවමින් කාලය ගත කලෙමි..... අපේ තාත්තා නැතිවෙන දවසට කලින්දා රෑ මගෙන් ඇහුව්ව, අපි නවතින්නට යන නුගේගොඩ අලුත් ගෙදර ගැන මට නිතර දැන් මතක් වෙන්නට පටන් ගෙන ඇත.

... අපේ තාත්තා නැතිවුන දිනවල අපි කවදාවත් නුගේගොඩ ගෙයක් ගන්න හිතාවත් තිබුණේ නැත...... තාත්තා මිය දෙන්නට කලින්දා රෑ. කොහොමද ? නුගේගොඩ ගෙට අපි බඩු අඳින්නෙ කවදද කියා මගෙන් තුන් හතර පාරක්ම ඇසුවේ.....? හරිම පුදුම දෙයක් නේ..... පණ යන්න ඉන්න අයට ඉස්සරහ කාලේ වෙන දේවල් පේනවද....? තාත්තා, ඔහුගේ අවුරුදු ගණනාවකට කලින් නැති වුණ ඔහුගේ සහෝදරියක් ගැන ද ඒ දින අම්මා සමඟ කියා ඇත..... තාත්තා මියදෙන්න පෙර මගෙන් අහපු නුගේගොඩ ගෙයත්, මේ ගෙයත් දෙකම එකම ගෙය ද? මම හිටියේ හිතාගන්න බැරි තැනකය.


‘‘ අම්මි....සතුටුදායක ආරංචියක් තියෙනවා ......හොංකොං නියෝජිතයා ලක්ෂ 10ක් ඉස්සරහ මගේ බිස්නස්වලින් කපා ගන්න මට දෙන්න පොරොන්දු වුණා......‘‘අංජු දින දෙක තුනකට පස්සේ රැගෙන ආවේ මට හිතාගන්නත් බැරි සතුටුදායක ආරංචියකි.


‘‘අපිට දැන් අපි මේ ඉන්න අතුරුගිරියේ ගෙදර විකුණලත් තව ලක්ෂ 15ක් ගන්න පුළුවන්නෙ....එතකොට අපි ඉතිරි කරගෙන තියෙන ලක්ශ 10ත් ගත්තහම තව ටිකනේ අපට හොයාගන්න වෙන්නේ.....ඒකට අපට බැංකුවෙන් ණයක් ගන්න පුළුවන්නේ....’’


"ඒ ඉතිරි ගාන නම් බැංකුවේන් ගන්න අමාරු නෑ තමයි .... එහෙනම් අපි ඒ ගෙදර ගන්න ඕන වැඩේ ගැන කල්පනා කරලා බලමුද .....?"


‘‘අනේ දෙවියනේ..... මගේ ආසාව එතකොට මට ඉශ්ට කරගන්න පුළුවන්ද තාත්ති.. .....? අර තරම් විශාල ගෙයක් අපට ලාභෙට හම්බවෙන්නෙ......කොහොමද ? . මං හිතපු දේ....., තාත්තා මැරෙන දිනට කලින්දා රාත‍්‍රියේ මට කිව් නුගේගොඩ ගෙදරද මේ.... මට මගේ සතුට නිම්හිම් නැති වි ඇත.... මම අංජුව බදාගත්තෙ සතුට ඉතිරීයමින්....


‘‘ඔයා ඉතිං දෙයක් ආසයි කිව්වොත්..... කොහොමද මං නොකර ඉන්නේ.....? හැබැයි පුදුමේ කියන්නේ.... ඔයා මොනව හරි දෙයක් ගැන ආසයි කිව්වොත්.... ඒ දේත් මට කරගන්න පුළුවන් වෙනවනේ...... හරියනවනේ..... ඒකත් මට පුදුමයි.’’


‘‘මං දන්නවා ....මං මොනවට හරි ආසයි කිව්වොත් ඔයා ඒ දේ කොහොම හරි කරන බවත් ......’’


‘‘ඔයා ගැන මම දන්නවා......ඔයා මට, අපට බැරි අමාරු කාලේ කවදාවත් මගෙන් වැඩි ගාණක ඇඳුමක්වත් ඉල්ලපු කෙනෙක් නෙමේ...... මං දන්නවා ඔයා ඒ දවස්වල ලාභෙට රෙදි ගෙනත් ඔයාම ගෙදර ඇඳුම් මහගෙන ඇදුම් ඇඳපු හැටි...... තවමත් ඔයා දුවලා දෙන්නට ගෙදර ඇදුම් මහළා අන්දවනවා, වැඩිය වියදම් නොකර.....අපි කසාද බැඳපු දවසේ ඉදන් ගෙදර බඩු මුට්ටු ගන්න ගියත්, කෑමට පවා ඔයා පරිස්සමට වියදම් කරපු හැටි ... හැම දෙයක්ම තෝරා බේරාගෙන අර පිරිමැස්මෙන් ඔයා ගෙදර වැඩ කරපු හැටි...... ඔයා අරපිරිමැස්මෙන් වැඩ කරපු නිසා තමයි මට අද මේ තැනට එන්න ලැබුණේ......’’


‘‘මං කවදත් අරපිරිමැස්මෙන් තමයි වැඩ කරන්න කැමති. සල්ලි තිබුණත් නැති වුණත්......’’


‘‘ මම දන්නවා.....හැබැයි සමහර හර වෙලාවට ඔයා ඕන නැති විදිහටත් අරපිරිමැස්ම ගැන බලනවා....."


" එහෙම නැතුව බෑ, ගෑනු උනාම....අපි දැන් මොකද කරන්නේ තාත්ති....?


"අපි එහෙනම් ඒ ගෙදර ගමු..... මං හෙට ඒ ගෙදරට ඇඞ්වාන්ස් එකක් දෙන්නම්ද යාළුවට....?’’


"අනේ ඔව්...මගේ සතුට කියලා නිම කරන්න බෑ....ඔයාට ස්තුතියි.... මගේ ආසාව ඉශ්ට කරන්න ගත්ත උත්සහයට...."


අලුත් ගෙදරට අවශ්‍ය කරන, සියලු ගෙවිම් කර අවසානයේ .....මාස පහකට පසු අපට ඒ ගෙදර පදිංචි වෙන්න ලැබුණේ අංජුගෙ උත්සහය කැපවීම උනන්දුව නිසයි.

2002. 03. 30 දින අපි අපේ අලුත් සිහින නිවසට ගෙවදින්නට තීරණය කලේ කළබලේමය. ඒ තරමට අපට ඒ ගෙදරට යන කම් ඉවසුම් නැති වි තිබුනි.


"අපේ මම්මට පප්පටයි ඔයාගේ අම්මට‍යි විතරක් අපි අපේ ගෙදර ගෙවදීමට එන්න කියමු. වෙන කවුරුත් ඕනෙ නෑ....අපි කළබලේම මේ ගෙට යන නිසා, කිරිබත් උයගෙන ගිහින් කිරි උතුරවලා ගෙට ගෙවදිමු. "


"ඔව් ඒ ඇති...ඒ උනාට අපේ අම්මා නම් අනිවාර්යයෙන්ම කැවුම් ටිකක් හදගෙන , කෙසෙල් ගෙඩි ටිකක් එදාට ඇරගෙන එයි. "


අතුරුගිරියේ අපේම කාමර දෙකක පොඩි නිවසක හිටි අපට, නුගේගොඩ විශාල අලුත් නිවසේ තියන්න තරම් බඩු නො තිබුණි. .... තිබුනු සල්ලි ඔක්කොම හා බැංකු ණයක් දමා ගත් විශාල නිවසට අපි අතුරුගිරියෙ ගෙදර තිබුණු බඩුත් ඇරගෙන ගොස් පදිංචි උනෙමු.


"ලොකු ගෙයක් ගත්තට ගෙදර තියන්න බඩු නෑනේ .... දැම්ම බඩු ගන්න අතේ සල්ලිත් නෑ....ගන්න එකේ හොද වටින්๬ බඩුමුට්ටු ගන්න ඕනෙත්...."


"ඒකට කමක් නෑ....අපි ටික දවසක් මේ විදිහට ඉමු....දැන් අපිට අපි ආස කරපු ගෙදර හම්බුනානේ....බඩු නැතුව උනත් මගේ හිතට පුදුම සතුටක් තියෙන්නේ ..."


"දුවලා දෙන්නත් ආසාවෙන් ගේ හැම තැනම දුව දුව සෙල්ලම් කරනවා...."


අලුත් නිවසට ගෙවදුනත් විශාල ගෙදර පිරවීමට තරම් බඩු මුට්ටු අපට නොතිබිම නිසා ගෙදර ඇතුලත පාළු ගතියක් දැනින......හිස් කාමරවල සාලයේ, බඩු නැති නිසා, කතා කරනා විට දෝංකාර දෙයි.....දරුවෝ දෙන්නා ඒ දෝංකාර යට කන් දෙන්නේ ආසාවෙනි ...., බඩුමුට්ටු අඩු උනත් ... ගෙට ගෙවදුන දවසෙ..... විශාල සාලයේ බිම වාඩි වී මම අතපය දිග ඇරගෙන සිටියේ හිතාගන්න බැරිතරම් සතුටකිනි...... මේ තරම් විශාල ගෙයක් අපට මට හිමි වීම මට හිතාගන්න බැරි තරම්, දෝරේ ගලා යන සතුටක් වි ඇත. තට්ටු තුනක, කාමර හතක, විශාල සාලය ,විශාල වත්ත, විශාල රූව් ටොප් සහිත විශාල ගෙදර අප හතර දෙනා පමණය..... විශාල මාළිඟාවකට මම දැන් පදිංචියට පැමිණ ඇත. අවුරුදු ගානක් පුරාවට මෙවැනි ගෙදරක වාසය කරන්න පෙරුම් පිරු මගේ ආශාව ඉශ්ට වි ඇත. මගේ ආශාව ඉශ්ට කරන්නට මෙපමණ කාලයක් නොයෙකුත් කරදර දුක් වින්ද අංජුට මම හිතින් පිං දුන්නෙමි....මට ඇති අනෙක් පුදුමය.....අපේ ගෙදර බාල දියනිය වු මට , වැඩියම ආදරය කල තාත්තා ,ඔහු මියදෙන්නට පෙර දින මට කිව් නුගේගොඩ ගෙදර ....මගෙන් ඇසු නුගේගොඩ ගෙදර විස්තර .....ඔහු මැරෙන්න පෙර දැක තිබීම මට අදටත් පුදුම සහගතය . ...


‘‘අපි මේ ගෙදරට පස්සෙ හොද වටින බඩුමුට්ටු ගනිමු.’’


‘‘ඔව්, අපට දැන් ඉන්න, අපි ආස කරපු විදිහේ ලොකු ගෙයක් තියෙන එක ලොකු දෙයක්නේ....ඒ මඳෑ..’’


‘‘අපි අලුත් ගෙදර තුන්වරු පිරිතක් කියල දානයක් දෙමුද...?.’’


‘‘ඒක ,නම් හොදයි..... අන්තිම පිරිත් වරුව කියන දවසට අපි දන්න කියන නෑදෑයින්ට යාළුවන්ට එන්න කියල කෑමක් දෙමු....’’

"ඔව් ඒ අදහස හොදයි....අපි ඒ වෙනකොට බඩුමුට්ටු ටිකක් ගන්න බලමු...."


අපි හිතාගත් විදිහටම අලුත් ගෙදර තුන්වරු පිරිතක් කියා, සංඝයා වහන්සේලාට දානයක් දුන්නෙමු. පසුව දන්න කියන නෑදෑයින් යාලුවන්ට එන්න කියා,රාත්‍රී කෑමක්ද පිරිනැමුවෙමු. එදින් ඒ ඇවිත් සිටි හැමෝම අපේ අලුත් ගෙදර හැම තැනම ඇවිද ගියේ හිතා ගන්නට බැරි පුදුමයකිනි. ඔවුන් සියල්ලෝ අපට අපේ අලුත් නිවසට සුභ පැතීය.


නැවත හමුවෙමු

*ප්‍රිසිලා ගොඩහේවා *

8 views1 comment

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

1 Comment


Lakmini Jayanetti Perera
Lakmini Jayanetti Perera
May 11, 2022

අනේ ඔය ලස්සන ගෙදරද අර FB එකේ අපි දකින්නේ??? හරිම ආශ්වාදශීලියි ඔය දෙන්නගේ වැඩ පිළිවෙලවල්🙏

Like
bottom of page