top of page
  • Writer's picturePrisila Godahewa

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹

( 26 වෙනි කොටස )

අලුත් වයාපාරයක් තනියම පටන් ගත් අංජු, ඉතා ඕනෑකමින් ඒ රාජකාරිය කරගෙන ගියේය . ඔහුගෙ වැඩ වලට පුලුවන් විදිහට උදව් කරමින් , මම දරුවන් දෙදෙනාද බලාගෙන ගෙදර වියදම් අරපිරිමැස්මෙන් කරගෙන ගියෙමි.


‘‘ අම්මි....අර මට නූල් බොත්තම් ගෙනත් දෙන හොංකොං නියෝජිතයා...., මට හොංකොං යන්න ආරාධනා කළානේ. එහෙ තියෙන ඔහුගේ බොත්තම්, නූල්, ටේප් එහෙම හදන ඇඟලූම් බඩු කර්මාන්තශාලාවක් බලල එන්න යන්න ...’


‘‘අනේ හොඳයි..... ඔයා ගිහින් එන්න....ගිය පාර ඔයා ජැපෑන්, චයිනා හා මැනිලා, ගිහින් ආවට පස්සෙ, වෙන රටවල් කොහේවත් යන්න බැරි උනානේ.....’’


‘‘ එතකොට ඔයා කොහොමද මේ ළමයි දෙන්නත් එක්ක තනියම ගෙදර ඉන්නේ....?.’’


‘‘මම අපේ අම්මයි, තාත්තයි ගෙන්න ගන්නම් අපේ තනියට...’’


‘‘ඒක මගේ හිතට හොඳයි.... හොංකොං ගිහාම මට ඒ කර්මාන්තශාලාවල අයත් අඳුනගන්න පුළුවන්.... ඉස්සරහ කාලෙට ඒක ගොඩක් වටිනවා.’’


අවසානයේ ඔවුන් සමඟ කතා කරගත් පරිදි......අංජු අපේ‍්‍රල් මාසේ මුල් සතියේ හොංකොං බලා ගියේ හොංකොංවලින් එයාට බඩු ගෙනත් දෙන හොංකොං නියෝජිතයයි, එයාගෙ නෝනයි තව එයාලගෙ කාර්‍යාලයේ දෙන්නෙකුත් සමඟයි. ඔහු හොංකොං ගොස් එනකම් මගෙත් දරු දෙදෙනාගෙත් තනියට මගේ අම්මා තාත්තා ගෙදර ඇවිත් නතර විය.


ඔහු හොංකොං ගොස් නැවත ගෙදර එනකම් මට පාළුවක් නොදැනින. දවසට දෙතුන් පාරක් ඔහු අපට දුරකතනයෙන් කතා කලේය.


‘‘ දන්නව අම්මි වැඩක්.....හොංකොං ගිහිල්ලා අපි එයාර්පෝට් එකේ ඉඳලා අපි නැවතුන හොටෙල් එකට ගියේ ‘ලිමර්සීන්’ වාහනයකින්.... මිස්ට ටෝබිට හොංකොං වල හොද පිලිගැනිමක් තියෙනවා ..... ඒ වගේම හොංකොං කර්මාන්ත ශාලාවට මම ලංකාවේ ගොඩක් බිස්නස් , මගේ කොම්පැනි එකෙන් ගෙනත් දෙන නිසා, මාවත් ඒ මිනිස්සු හොදට පිලිගෙන සැලකුවා......මිස්ට ටෝබිට හරි සතුටුයි මම හොදට වැඩ කරන නිසා....ඒ ගැන මිනිහා සතුටින් ඉන්නේ..... මිනිහට සල්ල ඕන තරම් තියෙනවා......මමත් ගොඩක් හම්බකරලා දෙනවනේ..... හොංකොං ගිහින් තරුපහේ හෝටල් වල නැවතිලා කට්ටියටම පුදුම සල්ලියක් මිනිහා ව්යදම් කලේ......’’


‘‘ඔයා නිසා තමයි මිනිහා ඔයතරම් පෝසත් වෙලා තියෙන්නෙ..... ඔයා ලංකාවේ හැම ගාමන්ට් එකකටම බඩු දාලා දීලා හොඳ බිස්නස් එකක් කරල දෙනවනේ.....’’


‘‘මාත් මගේ බිස්නස් එකෙන් හොඳට හම්බ කරගෙන ඉතිරි කරගෙන ඉන්නේ අම්මී....’’


‘‘දරුවන් දෙන්නගෙ වාසනාව....ඔයා මහන්සි වෙලා වැඩ කරන නිසා අපට දැන් අමාරුකම් නෑ..... අපේ දරුවෝ දෙන්නාට ඕන කරන හැමදෙයක් ම අපට දැන් ඇරන් දෙන්න පුළුවන් උන එක කොච්චර හොඳ ද?’’


‘‘අපි පුළුවන් විදිහට අපේ නෑදෑයින්ටත් උදව් කරනවානේ තාත්ති...... ඒ පින වෙන්න ඇති අපේ බිස්නස් එක දියුණු වෙන්නේත්.....’’


"ඒක නම් ඇත්ත....අහල පහල ඉන්න දුප්පත් මිනිස්සුන්ට අපි පුලුවන් විදිහට උදව් කරනවානේ....එතකොට අපි ගමේ ගිහින් එහේ ඉන්න දුප්පත් නෑදෑයින්ට, මිනිස්සුන්ට, දරුවන්ට සල්ලි, ඇඳුම්, කෑමබීම එහෙම දීලා එනකොට ඒ අය අපට පින් දෙන හැටි මට මතක් වෙනකොට දුකයි වගේම හිතට සතුටක් දැනෙනෙවා....... අපි හැමෝටම උදව් කරන නිසා දෙවියොත් අපි දිහා බලනවා ඇති කියලයි මට හිතෙන්නේ... “


"දැන් ලොකු දුවට අවුරුදු හතරක් උනානෙ...අපි එයාව මොන්ටිසෝරි එකකට දාලා දාමු නේද...? එයා හරි ආසාවෙන් ඉන්නේ මොන්ටිසෝරි යන්න . එයා හරි ආසයි එයාගේ වයසේ ළමයි එක්ක සෙල්ලම් කරන්න ....මට බේරෙන්න බෑ හවසට, අහල පහල ගෙවල් වල ළමයි එක්ක සෙල්ලම් කරන්න යන්න අහලා...මට චූටි දුව බලාගන්න තියෙන නිසා, ලොකු දුව පස්සෙන් යන්නත් බෑ ඒ සෙල්ලම් කරන තැන්වලට...මම අහල පහල ටිකක් ලොකු ගැහැනු ළමයි දෙන්නෙක්ට මෙයාව බලාගන්න කියලා තමයි සෙල්ලම් කරන්න යවන්නේ....ඒ උනත් මම නිතර ඇහැ ගහගෙන ඉන්නේ එයා ගැන....සැරෙන් සැරේ චූටි දුවවත් ඇරගෙන ගිහින් එයා ගැන බලනවා...."


" ඔව්...සෙල්ලම් කරන්න ඇරියට, එයා ගැන හොදට ඇහැ ගහගෙන ඉන්න . අපි එයාව ලඟදිම මොන්ටිසෝරි එකකට අරිමු. "


අවසානයේ අපි ලොකු දුවව රාජගිරියේ ලිට්ල් නෙස්ට් මොන්ටිසෝරිට යවන්න අවශ්‍ය සියලු දේවල් ලෑස්ති කර ගත්තෙමු . ඇයට අවශ්‍ය පොත් පත්, බෑග් වතුර බෝතල් ලෑස්ති කර තබා අලුත් ඇදුම්ද ගත්තෙමු.


ඇය මොන්ටිසෝරි යන බව අහල පහල හැමෝටම කියමින් පුදුම සතුටකින් සිටියාය. ඇය මොන්ටිසෝරි යන දවසට කලින්දා සිට පුදුම උනන්දුවකින් එයට යන්න ලෑස්ති වි සිටිම අපටත් පුදුමයක් විය.


ඇය මුළින් ම මොන්ටිසෝරි යන දින උදේ පාන්දර අපි නැගිටි බලන විට, ලොකු දුව ඇඳේ නිදා නොසිටීම අපිව පුදුම කර විය. ... අපි හොදටම බය වි විගසින් සාලයට ගොස් බලනකල, ඇය උදේ පාන්දරින්ම නැගිට මොන්ටිසෝරි ගෙනියන්න ලෑස්ති කර තිබුණ පොත් බැග් තුරුල් කරන් පුටුවක වාඩි වි සිටිනවා දැක අපට ඇතිවුනේ සතුටක් වගේම දුකක්.....ඇය ඒ තරම් ආසාවකින් මොන්ටිසෝරි යන්න ලෑස්ති වි උන්නේ...


‘‘දැන් හැමදාම උදේට මං වැඩට යන ගමන්, දුවව මොන්ටිසෝරි එකෙන් බස්සලා යන්නම්.....ඊට පස්සේ ආයෙත් එකලොහට ඇවිත් එයාව ගෙදරටත් ඇරලලා යන්නත් වෙනවා....’’


‘‘ඉතිං දෙහිවල ඉඳන් රාජගිරියට ඇවිත්, එයාව එතනින් ඇරන් අතුරුගිරියට දාලා ආපහු යනකොට ඔයාට වැඩට යන්න ගොඩක් පරක්කු වෙයිනේ .....’’


‘‘මොනව කරන්න ද? දරුවව මොන්ටිසෝරි අරින්නත් එපෑ...ඔයාට චුටි දුවත් ඇරන් එයාව මොන්ටිසෝරි ගෙනියන්න බෑනේ,

ඔයාට තියෙන වැඩත් එක්ක, ලොකු දුවව මොන්ටිසෝරි එක්ක යන එකත් කරදරයක් වෙයි....?


මොනතරම් කාර්‍යාලයේ වැඩ රජකාරි තිබුනත් අංජු ලොකු දුවව උදේට රාජගිරියේ ලිට්ල් නෙස්ට් මොන්ටිසෝරියට බස්සවා, නැවත එකලොහාමාර වෙනකොට මොන්ටිසෝරියේන් ගෙන, ඇයව ගෙදරින් බස්සවා නැවත වැඩට යන්නට පුරුදු වි උන්නේය.

මාස ගාණක් අංජු ලොකු දුවව ඒ විදිහට මොන්ටිසෝරි එක්ක ගියේ බොහෝම කාර්‍යාලයේ වැඩ රාජකාරි මද්‍යයේය.


" හැමදාම දවල්ට දුවව ගෙදර ගෙනත් බස්සවා යන කොට මට ඔෆිස් එකේ වැඩ කරගන්න පරක්කු වෙනවා.....දෙහිවල ඉදන් රාජගිරියට එනවා කියන්නේ පොඩි දුරක්‍යෑ...ඔක්කොටම වැඩිය ටැෆික් එකේ එන එක තමයි අමාරු...."


"අපි එහෙනම් ලොකු දුවව ස්කූල් වෑන් එකක දවල්ට ගෙන්න ගමුද...?


"ඒත් මගේ හිතට හරි නෑ...අපි තනි වෑන් එකක් ලෑස්ති කරලා ඔයගොල්ලන්ගෙ ගෙදර ඉන්න මල්ලිව , දුවගෙ තනියට ඒකේ යවමු, දුවව ගෙදර එක්ක එන්න කියලා ...මල්ලි සාමාන්‍ය පෙළ විභාගය කරලා ගෙදර නිකන් ඉන්න නිසා..."


"ආ...එහෙම කරමු එහෙනම් . මටත් මේ චුටි දුවත් වඩාගෙන එහෙ මෙහෙ යන්න බෑනේ ..."


අවසානයේ අපි අපේ මල්ලි වෙන කෙනෙක්ව ලෑස්ති කරගත්තේ ලොකු දුවව දවල්ට මොන්ටිසෝරියෙන් ගෙදර එක්ක එන්නයි. ඒ තනි වෑන් එකකින්....මට චූටි දුව එක්ක,ගෙන ලොකු දුවව මොන්ටිසෝරියේන් ගෙදර එක්ක එන්න කරදර නිසායි.


"අම්මි මගේ අලුත් බිස්නස් එකෙන්, මම දැන් සල්ලි ටිකක් වැඩිපුර ඉතිරි කරගෙන ඉන්නව.... අපි අලූත් ගෙයක් සල්ලිවලට ගමු ද? ’’ අංජු අසයි.


‘‘නෑ, අපි මේ ගේම තව ලොකු කරල හදාගමු..... තව කාමර දෙකක් වතතෙ මායිමට කරල හදා ගමු... එතකොට ඇති......’’


"එහෙනම් සාලෙත් ලොකු කරමු....අපි බාස්ලා දෙතුන් දෙනෙක් ගෙන්න ගෙන ගෙදර හදන වැඩේ කරන්න පටන් ගමු...."


වැඩි දවසක් නොයා අපි ලොකු මේසන් බාස්කෙනෙක්, ගෙදරට ගෙනනාගෙන අපේ ගෙට තව අලුතින් කාමර දෙකක් ගන්නට කටයුතු ලෑස්ති කරගත්තෙමු.


"සෙනසුරාදා ඉරිදාට නම් මම ගෙදර ඉන්න කොට බාස්ලා වැඩ කරන එක හොදයි .....ඒත් සතියෙ දවසට ඒගොල්ලෝ වැඩ,කරන කොට ඔයා දරුවො දෙන්නත් එක්ක පරිස්සමට ඉන්න...අර දිලිමව ඔයාගේ තනියට ගෙන්න ගන්න. ..."


"බාස්ලා වැඩට ආපුවහම මං කෑම එහෙම තිබුනොත් ඒ මිනිස්සුන්ට කන්න දෙනවා.... තේ බිස්කට් උදේ හවසට හදල දෙනවා. සමහර දවසට දවල්ට කන්න බතුත් උයල දෙනවා...."


" ඔයා ඉතිං දුප්පත් පෝසත් භේදයක් නැතුව කාට උනත් කන්න දෙන්න ආසයිනේ....."


"ඔව්...ඒ උනාට මට වැඩ කරන මිනිස්සු දැක්කහම හරියට දුක හිතෙනවා.... මං නිතරම පුළුපුළුවන් විදිහට ඒ මිනිස්සුන්ට උදව් කරන්නේ ඒකයි. ඔයාට මතකද....කාලයක් ඔයාගෙ ජොබ් එක නැතිවෙලා අපි අමාරුවෙන් හිටිය කාලේ...ඒකාලේ අපට උදව් කරන්න කවුරුත් හිටියෙ නෑනේ...අපේ අම්මා විතරයි අපි ගැන බැලුවේ....මට ඒකාලේ අපට තිබුන අමාරුකම් නිතර මතක් වෙනවා. ..."


"අපට තියෙන වෙලාවට දුන්නොත් නැති වෙලාවට අපටත් ආයෙත් ලැබේවි. "


"දීලිමා උනත් ගෙදර වැඩ කරන්න ආවහම මම ඇඳුම් පැලදුම්, කෑම බීම විතරක් නෙමේ ,එයාගේ දරුවන්ට ඉස්කෝලේ ගෙනියන්න පොත් පත් පවා ඇරන් දෙනවා මම . ..."


" ඔව් මම ඒක දන්නවා....ඔයා අර බාසුඋන්නැහැලැට නිතර උදව් කරනවා කියලා ලොකු බාස් උන්නැහෙත් කිව්වා...."


"මම මගේ වැඩිපුර ඇදුම් පැලදුම් එයාගේ නෝනට ගෙනියන්න දාලා දුන්න ඒක වෙන්න ඇති..."


"ඒක තමයි බාස් මට කිව්වා ,

නෝනා දුන්න ඇඳුම් බෑග් එකට එයාගේ මායියා හරි කැමති වුණා කියලා ... නෝනට ස්තූති කරන්නත් කිව්වා....."


‘‘දැන් මේ ගේ වැඩ කවද විතර ද ඉවර වෙන්නෙ ලොකු බාසුඋන්නැහේ....මේ පොඩි බබාලට අමාරුයි මේ ගෙදර සිමෙන්ති වැඩ හින්දා , ගේ ඇතුලටත් දූවිල්ල එනවා.....බලන්න මේ චූටි දුවගෙ කකුල් දෙක හම ගිහිල්ලා සිමෙන්ති සැරට......’’


‘‘‘ඉක්මණට වැඩේ ඉවර කරගන්න තමයි නෝනා හිතන් ඉන්නේ.’’


"දැන් තියෙනවානේ මේ බිත්තිය , ජනේලය කඩලා සාලේ ලොකු කරන්නයි. අපි ඒක හෙට කරන්න හිතන් ඉන්නේ...."


අපි මිලදි ගත් අලුත් නිවසට අලුතින් කාමර දෙකක් එකතු කර සාලය ලොකු කිරිම, ගෙදර මුලින් තිබුන ප්ලෑන් එකට අමතරව කරන දෙයක් නිසා, ඒ දේවල් අසුභ වෙන්නත් පුලුවන් කියලා අහල පහල ගෙවල් වල අය කියන්න පටන් ගැනීම අපේ හිත් වලට ඇති කලේ සැකයක්..... අපේ ගෙදර ලොකු කිරිම ගැන අල්ලපු ගෙදර ගෑනු කෙනත් අකමැත්තෙන් සිටිම අපේ හිතට හොඳ නැති විය.


"නෝනා අපි අද මේ තාප්ප කෑල්ල බඳිනවා, හෙට මේ ජනේලය ගලවලා සාලය ලොකු කරලා ඉතිරි වැඩ ඉවර කරන්න පුලුවන් ...."


"ඒක හොදයි මේක ඉක්මනට ඉවර කරලා දාන්න ..."


බාස්වුන්නැහැලෑ කියපු විදිහට ගෙදර සාලය,ලොකු කරන වැඩේ කරගෙන යන්නේ කළබලේමය.....


කිසිත් නොහිතපු මොහොතක අලුතින් බැඳපු බිත්තියක්, එදාම ලඟ තිබුන සාලේ විශාල ජනේලය උඩට කඩා වැටුනේ මහා හඬක් නගමින්‍ය. එක දිගට නිම කර තිබුන විශාල ජනෙල් හයම එවෙලේ බිදුනේ මහාහඩක් නඟමින් අපේ හිත් බයෙන් සැකෙන් තැති ගන්වමින්‍ය.


"නෝනා බබාලා දෙන්නව ඇරන් කාමරයට යන්න ...අපි කැඩුණු වීදුරු අයින් කරන්නම්..."


"මහත්තයා දැන් ගෙදර ආවාම බාසුඋනැහැලැ බැනුම් අහනවා, කළබලේ වැඩ කලා කියලා ...බලන්නකෝ ජනෙල් හයම බිදුනානේ....දරුවො දෙන්නත් සද්දෙට බය වෙලා ඉන්නේ...."


"මේවා පිලිවෙලට නැකත් බලලා කරන්න ඕන ඒවා නෝනා....ගේක ප්ලෑන් එක හිතුමතේට වෙනස් කරන්න හොඳ නෑ..."


ජනේලය කැඩුන දවසට පහුවෙනිදා.....උදේ පාන්දරම අපේ මහ ගෙදරින් ආව ටෙලිෆෝන් ඇමතුම නිසා අංජු හොඳටම කළබල විය.


"අම්මි මම ඉක්මනට ඔයගොල්ලන්ගෙ ගෙදර ගිහින් එන්නම්, ඔයගොල්ලන්ගෙ තාත්තා වැටිලා ටිකක් අමාරුයි කියලා දැන් අම්මා කෝල් කරලා කිව්වා....."


"අනේ මමත් එන්නද යන්න ...?


"නෑ නෑ ඔයා ළමයි දෙන්නත් එක්ක ගෙදර ඉන්න. ලොකු අක්කලා මඟ එනවා කිව්වා, මමත් ගිහින් තාත්තව හොස්පිටල් එකට එක්ක යන්න උදව් කරන්නම්..."


එක දිගටම අසනීප තත්ත්වයෙන් හිටිය තාත්තා , නින්දෙන් බයවි ඇඳෙන් වැටි ඇත...... එවෙලේ බෙල්ලෙ පිටුපස ඇටයක් ඉරි තැලි ඔහුගෙ සිහිකල්පනාව නැති වි තිබුනේ අපි නොහිතපු වෙලාවකය.

තාත්තාගේ ඉරි තැලුන කොන්දේ ඇටයත් සමඟ කොන්දේ නහරයක් කැඩී තාත්තා රෝහල් ගත කෙරින. ඔහු එක් තැන්වීම අපට විශාල දුකක් පාඩුවක් ඇතිකර විය.


තාත්තව රෝහලට ගෙන යන්නට අංජු හා අක්කලා ගොඩක් මහන්සි වි ඇත. ඔහුව ගෙදර සිට රෝහලට හරහට උස්සන් ගොස් ඇත්තේ අංජු විසිනි. මට මොනවත් තාත්තා වෙනුවෙන් කරන්න බැරි වුණේ දරුවො දෙන්නා පොඩි නිසයි.


තාත්තාට මේ වන විට අවුරුදු 82 කි. ඔහු පහුගිය කාලේ සමහර දේවල් වලට, නිතර නිකරුණේ බය වෙන ගතියක් තිබින. ඔහුගෙ සිහිකල්පනාව ටිකක් වෙනස් වෙමිනද තිබුන බව අපට දැනින. එබැවින් අම්මා හා අක්කලා ඔහුව පරිස්සමට බලා ගන්නට කටයුතු කරමින් සිටියේය.


"ඔයා දන්නවද අංජු....තාත්තා

අපි පොඩි කාලේ ඉඳන් කියන දෙයක් තමයි එයාට ආයුෂ 82ක් තියෙනවා කියලා..... ඒ නිසා තාත්තගෙ අවුරුදු 82 ලඟ නිසා වෙන්න ඇති තාත්තා නිතර බයෙන් සැකෙන් ඉන්නවා ඇත්තේ...."


"ඔව් ඒ හින්දනේ අපි හැමෝම එකතු වෙලා, තාත්තගෙ 82 වෙනි උපන් දිනේට බණක් කියලා හාමුදුරුවන්ට දානයක් දුන්නේ ...."


තාත්තව සතුටු කරන්න අපි තුන්දෙනාත් , අපේ දරුවන් හා සැමියන්ද , එකතු වු සාංඝික දානයක් දීම තාත්තාගේ හිතට හොද විය.


අපි තුන් දෙනාගේ විවාහයෙන් පසුත්, අපට දරුවන් ලැබුන පසුත්,

අපි තුන් දෙනා අපේ දරුවොත් රැගෙන මහ ගෙදර ගිය කල අම්මා හා තාත්තා පුදුම විදිහට සතුටු වෙනවා අපට දැනෙයි...."


"අපි තුන් දෙනා අපේ ළමයි ඇරන් මහ ගෙදර ගිහාම අම්මා තාත්තා ඉන්නේ හරිම සන්තෝසෙන් ...අපි තුන් දෙනාම පුරුදු වෙලා ඉන්නේ, මහ ගෙදර ගිහින් විවේක ගන්න...අම්මා ඉතිං අපට ළමයින්ට ,එක එක විදිහට කෑම හදලා කන්න දෙනවා.....ඒක අම්මගෙ ආසාව.....අම්මගේ කෑම හරිම රසයි , අපිටත් වඩා අපේ සැමියන් ඒ කෑම කන්න මහගෙදර යන්නේ ඒ වෙන්වෙන්මය...."


"අම්මා කවදාවත් කොච්චර වැඩ කරන්න තිබුනත්, කන් කෙදිරි ගාන්නේ නෑ අපේ ලමයින්ට අපට හොදට සලකනවා..."


"අපි හැමෝටම කෑම උයන අස්සේ අපේ දරුවෝ හෝදලා ළමයින්ටත් වෙනස් විදිහට , කෑම කන්න හදලා දෙනවා..."


අපේ ළමයි හය දෙනාම තාම පොඩි නිසා, ඒගොල්ලන්ගෙ රංඩු ඉවරයකුත් නෑ, සෙල්ලම් කරලා ඉවරයකුත් නෑ, අපේ මහ ගෙදර ඉන්න නිශාන්ත මල්ලි තමයි, අපි කට්ටිය ගෙදර ආවාහම ළමයි ටික එක තැනක තියාගෙන සෙල්ලම් කරවන්නේ...ළමයි හය දෙනාම ඔහුට හරි ආදරෙයි.


අපි තුන්දෙනාටම ළමයි දෙන්නා ගානේ දැන් මුනුබුරු මිනිපිරියන් හය දෙනෙක් ඉන්න එක අම්මට තාත්තට ලොක් සතුටක් බව අපි දනිමු ...අපි තුන් දෙනාටම දරුවන් හම්බවෙන්න සිටි කාලේ අපට උදව් උපකාර කලේ අපේ අම්මා පමනයි. ...අම්මා කවදාවත් ඇගේ අසනීප අමාරුකම් කියපු කෙනෙක් නෙමේ. මහ ගෙදර එන ඇගේ විවාහක දරුවන් තුන් දෙනාට ඇය විවේක ගන්නට ඉඩ හරින්නේ සෑම වැඩක්ම ඇය තනියම කරමින්‍ය. ඇගේ දරුවන් තිදෙනාට නිදහසේ ඉන්නට ඇර කඩිමුඩියේ කෑම බීම හදා දෙන්නේ පුදුමාකාර සතුටකින් හා උද්‍යෝගයකිනි. දරුවන්ගේ දරුවන් දැක සතුටින් නිදහසේ සිටින දෙමව්පියන් දැක බලා ගැනිමට දියනියන් තිදෙනාද පුලුවන් වේලාවන්ට මහ ගෙදර එන්නට අමතක නොකරති.


තාත්තගෙ අවුරුදු 82 වෙනි උපන් දිනය සම්පූර්ණ වී ගෙවුනු මාස පහක කාලයක් තුල තාත්තා ජීවත් උනේ මොනවාට හෝ දැක බය උන ගානටය. නිතර ගෙදර මුලු මුළු වල කවුරුන් හෝ ඔහු දිහා බලාගෙන ඉන්නා බවක් කීවේය. ඔහු තනියම ගෙදර ඉන්නට බය විය...ඒ ඇරෙන්න වෙන කිසි අසනීපයක් ඔහුට නොවීය. පැනඩෝල් පෙත්තක් ඇරෙන්න වෙන බෙහෙතක් ඔහු බොනවා අපගේ ජීවිත කාලය තුල දැක නැත.


තාත්තාගේ 82 වෙනි උපන් දිනය සම්පූර්ණ වි මාස 5 කට පසු හදිසියේ තාත්තා යමකට බයවී ඇඳෙන් වැටි බෙල්ල පිටුපස කශේරුකාව ඉරි තැලිලා ගියේය.


"අංජුයි අක්කලයි තාත්තව හොස්පිටල් ඇඩ්මිට් කරලා දැන් අවශ්‍ය දේවල් කරනවා, පොඩි අක්කගෙ හස්බන්ඩ් තාත්තා ලඟ රෑට නැවතිලා ඔහුව බලනවා කිව්වා.., ඒකත් ලොකු දෙයක් ..."


"දැන් තාත්තගෙ මතක ශක්තිය අඩුවෙලා, වෙන වෙන දේවල් කියවනවා..."


"දැන් තාත්තාව හොස්ටල් ගෙනිහින් දවස් හයක් වෙනවා...මොනවද ඩොක්ටර්ස්ලා කියන්නේ..?


"අද හොස්පිටල් එකේ ඩොක්ටර්ස්ලා කියලා , තාත්තා ගොඩක් වයස නිසා, සනීප කරන්න අමාරුයි කියලා ....තාත්තව ගෙදර එක්ක ගිහින් හොදට බලා ගන්න කියලා...."


"එහෙනම් අපි අද හවස තාත්තව ගෙදර එක්කගෙන යමු..."


"තාත්තට ඇවිදින්න බැරි නිසා ගොඩක් පරිස්සමින් ගෙදර ගෙනියන්න ඕනේ..."


"අපි තාත්තව ගෙදර එක්ක යන්නම්, අම්මි ඔයා බබලාත් එක්ක තාත්තව බලන්න රෑට එන්න. .."


"අනේ හරිම දුකයි තාත්තා එක්තැන් උන එක...ඔයා,එහෙනම් අක්කලා එක්ක තාත්තාව ගෙදර එක්ක යන්න ,හවසට මම බබාලත් එක්ක තාත්තා බලන්න යන්න ලෑස්ති වෙලා ඉන්නම්..."


රෝහල් ගත කල තාත්තාව සුමානයකට පසු ගෙදර ගෙන ගියේ එක්තැන් උන ලෙඩෙක් ලෙසයි. තාත්තාගේ වයස නිසා, ඇටකටු හයි වීමේ වේගය අඩු නිසාත්, තාත්තාව ගෙදර ගෙන ගොස් හොදින් බලාගන්න කියා, වෛද්‍යවරුන් නිර්දේශ කල පසු එය එසේ සිදුවිය.


තාත්තා එක්තැන් වීම වගේම සිහි කල්පනාව නැතුව යාමත් අපට ලොකු කණගාටුවක් පාඩුවක් විය.


"තාත්තව බලාගන්න කාව හරි හොයාගන්න වෙයි නේද...?අම්මට තනියම කරන්න බැරි වෙයි නේ...."


"තාත්තට මොනවද කන්න බොන්න දෙන්නේ...?


",බොන ජාති විතරයි ...ඇදෙන් නැගිටින්න බැරි නිසා..."


"අනේ පව්..., දුකේ බෑ තාත්තා ඉන්න හැටි දැක්කහම ..."


"තාත්තාව අද හවස ගෙදර ගෙනාව වෙලාවේ ඉදන් තාත්තා ,තේරුමක් නැති එක එක දේවල් කියවනවා..."


"මොනවද තාත්තා කියන්නේ...?


"අවුරුදු ගානකට උඩදි නැතිවුන එයාගෙ අක්කා ඇවිත් ඉන්නවා කියනවා, සීයා ඇවිත් ඉන්නවා, එයාට කතා කරනවා කියනවා...සමහර දේවල් හරි පැටලිලි සහගතයි .තේරුම් ගන්න බෑ...."


"හැබැයි තාත්තා මාව හොදට අඳුනගෙන චූටි දුව කියලා හොදට කතා කලා,.."


තාත්තා අසනීප වි ඉස්පිරිතාලේ නැවත්වු දවසේ ඉදන්, ආපසු ගෙදර රැගෙන එනකම් අංජු ගොඩක් ඔහු වෙනුවෙන් මහන්සි විය. ඔහුගේ වාහනයෙන් තමයි තාත්තව එහෙට මෙහේට බෙහෙත් ගන්න රැගෙන ගියෙත්, වඩාගෙන ගියෙත්....


‘‘මට නම් දුකයි, තාත්තා ඉන්න විදිහ දැක්කහම.....’’


‘‘චූටි දුව ආවද....? බබාල දෙන්නත් ආවද මාව බලන්න.....’’ තාත්තා අපේ දුවල දෙන්නා දැක ඇසීය. තාත්තා ඇඳේ උඩු පිලි අතට නිදියගෙන ඉන්නෙ එහෙට මෙහෙට හැරෙන්නවත් බැරි විදිහටය. ඒ ඉන්නා විදිහ දැක්කහම දුක හිතෙනවා ඕන කෙනෙක්ට..... තාත්තා මොනවදෝ පැහැදිලි නැති දේවල් කියවයි...., ඒ අතර හොද පැහැදිලි දේවල් ද මතකයෙන් අසයි. අම්මා තාත්තා ලඟට වී දුකෙන් ඉඳී.


‘‘චූටි දුව.’’


තාත්තා කවදත් මට කියන්නේ චූටි දුව කියයි.


"ඇයි තාත්තේ...


“ දැන් කවද්ද ඔයගොල්ලෝ නුගේගොඩ අලුත් ගෙදරට යන්නේ...? කවදද, ඔයගොල්ලන්ගෙ පරණ ගෙදර බඩු නුගේගොඩ ගෙදරට ගෙනියන්නේ.....’’ තාත්තා අපි නොදන්න නුගේගොඩ ගෙයක් ගැන මගෙන් අහයි. අපි නුගේගොඩ ගේකට යන්න හිතා තිබුණෙවත් නැත. තාත්තගෙ සිහි කල්පනාව හොඳ නැති නිසා එසේ අසනවා ඇති..... අපි ඔහු බලා ,ගෙදරින් නැවත එනකම්ම තාත්තා නිතර නිතර නුගේගොඩ ගෙයක් ගැන මගෙන් ඇසුවේය. මම එය නොදැනුන ගානට කතා කලෙමි.


‘‘අපි දැන් ගිහින් හෙට එන්නම් තාත්තේ.... දැන් රෑ වුණානේ.’’


‘‘ එහෙනම් හෙට උදේට එන්න.... අංජුට වාහනය ඇරගෙන එන්න කියන්න මට හෙට පෙන්ෂන් ගන්න යන්න තියෙනවා.....’’


‘‘හා... මං කියන්නම්, තාත්තේ.’’


තාත්තා කියන පැහැදිලි නැති දේවල් වලට මම හා කියමින් උත්තර දුන්නෙ එසේය .


‘‘අපි එහෙනම් ගිහිල්ලා එන්නම්


"අම්මේ..... උවමනාවක් වුණොත් අංජුට කෝල් කරන්න..... අපි ඉන්නෙ විනාඩි 10 - 15 කින් එන්න පුළුවන් දුරකනේ....’’


තාත්තා බලා අපි දෙදෙනා ආපසු දරුවන් සමඟ ගෙදර ගියේ හොඳටම රෑ උනාට පසුයි.


‘‘මට අපේ තාත්තා ලෙඩ වෙලා ඉන්න හැටි දැකල හරිම දුකයි තාත්ති... .වාහනයට නැග ගෙදර එන ගමන් මම හොඳටම ඇඬුවේ අංජුට එසේ කියමින්ය.


‘‘අපි තාත්තා වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ඔක්කොම කලානේ.....දැන් මොනව කරන්නද? එක්තැන් උන නිසා ,කවුරු හරි ලඟ තියලා තාත්තව බලාගන්න වෙනවා...."


‘‘ අපේ තාත්තා වැඩි කාලයක් ජීවත්වෙන එකක් නෑ තාත්ති...මට හරි දුකයි අපේ තාත්තා ගැන .....’’ මම ඉකි ගගහා ඇඬුවෙ තාත්තාගේ අසනීපය ගැන හොදටම කළකිරිම දුක ඉවසගන්න බැරුව..... අංජුත් දරුවනුත් මට ඇති තරම් අඬන්න දී නිහඬව සිටියේ ය.


"ගොඩක් රෑ උනා ,හෙට වැඩට යන්න තියෙනවා නේ.....අපි ඉක්මනට නිදාගමු. හෙට හවසට අපි ආයෙත් තාත්තා බලන්න යමු....ඔයා දුක් වෙන්න එපා..." අංජු මාව සනසන්න උත්සහ ගනියි.


ගෙදර ආවත් මට එදින රාත්‍රීය නිදි නොලැබින. ඇස්පියවෙන හැම මොහොතකම තාත්තා සිහිනෙන් පෙනේ...ඔහු අපිව ලොකු මහත් කරන්න දුක් මහන්සි උන හැටි පෙනේ....අනේ අපේ තාත්තා දැන් ඇ

4 views1 comment

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

1 comentário


Lakmini Jayanetti Perera
Lakmini Jayanetti Perera
09 de mai. de 2022

ඔයාලගේ දෙමව්පියන් හරි වාසනාවන්තයි, හොඳ දූවරු 3න් දෙනෙක් වගේම ආදරණීය බෑණාවරු ලැබෙන්නත්🙏

Curtir
bottom of page