top of page
  • Writer's picturePrisila Godahewa

🌹නොනිමි ගමන🌹

🌹නොනිමි ගමන 🌹

( 25 වෙනි කොටස )

"තාත්ති දන්නවාද වැඩක්.....මට අද යුනිලීවර් කම්පැණි එකෙන් කතා කලානේ....මම අර චූටි දුව හම්බවෙන්න ඉන්න කොට ,සිරිකත පත්තරේ තිබුන පෙයාර්ස් බේබි සොදුරු මොහොත කියන තරඟයට ලියලා ඇරපු නිසදැසයි, මගෙයි ලොකු දුවගෙයි පින්තූරය ඒ තරඟයෙන් තේරිලා කියන්න ඒගොල්ලෝ කතා කලේ...... . මමලු ඒ තරඟයෙන් මුළු ලංකාවේන්ම පළවෙනි තැනට තේරිලා තියෙන්නේ ......මට ඒක ඇහුව්වාම ඇතිවුන සතුට කියලා නිමකරන්න බැරි උනා.......ඒකට ලොකු උත්සවයක් තියලලු මුදල් තෑග්ග දෙන්නේ...ඒ තරඟයට සහභාගි උන තව අම්මලා 100 කට සුළු මුදල් තෑගිත් දෙනවලු. මට සල්ලි වලින් ලක්ශයක් දෙනවලු පළවෙනි තෑග්ග හැටියට ...."


"දෙවියනේ එච්චර ලොකු ගානක් මේ කාලේ හැටියට ....මට හිතාගන්නත් බෑ...ඔයා ඒ තරඟයට ඇරපු පොටෝ එක......ඔයාගේ ඔඩොක්කුවේ ලොකු දුව වාඩිවෙලා ඉන්න පොටෝ එක මම ගත්ත එකක් නේ....එතකොට ඔයා ලියපු නිසදැසද හොදම එකට තේරිලා තියෙන්නේ ....."


"ඒකනේ...මම ඉතිං ඉස්කෝලේ යන කාලේ ඉදන් කෙටිකතා , නිසදැස්, කෑම වට්ටෝරු, ලියන වැඩේ කරනවානේ ....පහුගිය කාලේ වෙලාව තියෙන විදිහට මම කුමරි, සිරිකත , රැජිණ පත්තරවලටත් පොඩි පොඩි ලිපි ලිව්ව එකේ ප්‍රතිඵල තමයි මේ..."


"ඇයි අමතකද චුටි දුව හම්බවෙන්න ඉන්න කොට ඔයා සිරිකත පත්තරේ තිබුන කෑම වට්ටෝරු තරඟයකින් දිනලා ඔයාට ලොකු ග්‍ර්‍යින්ඩර්, බ්‍රෙන්ඩර් සෙට් එකක් හාවස්ට් සෝයා එකෙන් ලැබුන තෑග්ග...."


"ඔව් ඉතිං ...මම ඉස්කෝලේ යන දවස්වල ඉදන් ලිව්ව දේවල් වල ප්‍රයොජනය අහක ගිහින් නෑ...."


"ඔයා දන්නවානේ චූටි දුව ඉපදිලා හරියටම මාසයක් පිරෙන අද දවසේ තමයි මට මේ සතුටුදායක ආරංචිය ලැබුනේ....මේ කාලේ හැටියට ලක්ශයක් කියන්නේ කොයිතරම් ලොකු මුදලක්ද....අපට මේ වගේ මුදලක් මේ මොහොතේ ලැබෙන එක කොච්චර වටිනවද...මට තියෙන සතුට කියලා නිමකරන්න බෑ තාත්ති......"


"චූටි දුවගෙ වාසනාව වෙන්න ඇති.’’


ඉන්පසු ගෙවුනු සුමානේ.... මගෙත් ලොකු දුවගෙත් පින්තූරය ගොඩක් පුවත් පත් වල පලවි තිබීම අපට කියන්න බැරි තරම් සතුටක් විය......


මම චූටි දුව හම්බවෙන්න ඉන්නකොට, ගැබ්නියන් අදින ගවුමක් ඇදගෙන ඒ පින්තූරයේ , ලොකු දුවව ඔඩොක්කුවේ තියාන ඉන්න පින්තූරයක් ඒක.... ඒ පින්තූරය ගොඩක්පත්තරවල තියෙනවා දැකල ගොඩක් අය අපට සුභ පැතුවා,. පුදුම උනා මෙතරම් විශාල මුදලක් අපට තෑග්ගක් ලෙස ලැබෙන්න යන බව දැනගෙන


"දැන් මේ උත්සවයට සහභාගි වෙන්න, අපට බබාලත් ඇරගෙන යන්න වෙනවා නේද..?


"ඔව්...ඔව්...එන මාසේ ඒ උත්සවය තියෙන්නේ , අපි අපේ අම්මවත් එක්කගෙන යමු..... බබාලා දෙන්නා අපට තනියම බලාගන්න බෑනේ ......අනේ..... තාත්ති මගේ ජීවිතේ මට ගොඩක් සතුටක් දැනුන දවසක් තමයි අද...මේ තරම් ලොකු මුදලක් අපට තෑග්ගකින් ලැබෙනවා කියන්නේ හරිම ලොකු පුදුමයක් මට ....දැන් ඒ මම යවපු පින්තූරය සිරිකත, තරුණි, වගේම ඉරිදා පත්තර වලත් පලකරනවලු........අපට බලන්න කිව්වා ඒගොල්ලෝ ...යුනිලීවර් කම්පැණි එක ලංකාවේ ප්‍රසිද්දම කම්පැණි එකක් නිසා ලොකු පබ්ලිසිටි එකක් දේවි ඒ වෙනුවෙන් ලොකුවට. ...."


චුටි දුව ලැබි හරියටම මාසයක් පිරෙන දින අපට දැනගන්නට ලැබුන සතුටුදායක ආරංචිය අපේ ජිවිතයට ලොකු වාසනාවක් උදාවුන ලෙසක් අපට දැනින.


අති උත්කර්ශවත් අන්දමට යුනිලීවර් ආයතනයේ පැවැත්වුන එම තරඟයේ තෑගි ප්‍රදානෝත්සවය වෙනුවෙන් සහභාගි වි අපි පැමිනියේ බොහෝම සතුටකිනි.


කාලය ගෙවි ගොස් චූටි දුවට දැන් මාස තුනකට ලං වෙමින් ඇත...දරුවෝ දෙන්නා තනියම හදාගෙන සාමාන්‍ය විදිහට අපි දෙදෙනාගේ ජීවිතය ගෙවි යමින් තිබේ....


‘‘චතු දැන් අපට දුවල දෙන්නෙක් ඉන්න නිසා අපි තව කීයක් හරි වැඩියෙන් හම්බ කරන්න ඕනේ.....’’


‘‘ඔව්, හැමදාම අපි මේ පොඩි ගෙයි ඉඳලත් හරියන් නෑ. අපි තව දියුණු වෙන්න ඕනේ තමයි ....’’


‘‘මං හිතාගෙන ඉන්නේ මේ ඔෆිස් එකෙන් අස්වෙලා මගේම කියල බිස්නස් එකක් පටන් ගන්න...එහෙම උනොත් මට තව වැඩිපුර හම්බ කරන්න පුලුවන් වෙයි. ...’’


‘‘ඒක නම් හොඳ අදහස..... ඒ වුණාට කම්පැණි එකේ වැඩ කරන කොට, වැඩ කලත් නොකලත් ඔයාට මාසේ පඩිය හම්බ වුනානේ....ඉතිං ජොබ් එකක් නැතුව බිස්නස් එකක් පටන් ගත්තොත් අපට මාසේ ආධායම නැතුව යනවා නේද....? එතකොට අපේ මාසේ වියදම හම්බ කරන්න ඔයාට ගොඩක් මහන්සි වෙන්න වෙනවා නේද...?’’


‘‘මගේ හොඳම යාළුවා නෙළුම්.... එයත් එක්ක එකතු වෙලා තමයි මම අලූත් වැඩක් පටන්ගන්න කියලා හිතාගෙන ඉන්නේ....’’


‘‘හවුලේ.’’


‘‘ඔව්..’’


‘‘හවුලේ බිස්නස් නම් මං කැමති නෑ....ඒත් ඔයාගෙ කැමැත්තක්.’’


මම දැන් මාස ගානක් තිස්සෙ ,නෙලුම් එක්ක මේ අලුත් බිස්නස් එක ගැන කතා කරගෙන යන්නේ...ඒ බිස්නස් එක හරි ගියොත් අපි ගොඩ...."


"ඔව්...හැමදාම රෑට ඔයා නෙලුම් එක්ක ඒ ගැන ඵෝන් එකේ කතා කරනවා මම අහගෙන ඉන්නේ...ඔයගොල්ලෝ ඒකට ගොඩක් කාලය නාස්ති කරනවා, වැඩේ පටන් ගන්න ඉස්සර....."


" එන සුමානේ අපි මේ බිස්නස් එක පටන් ගන්න හදන්නේ...ලංකාවේ ඇඟලුම් කර්මාන්ත ශාලා වලට අවශ්‍ය නූල් , බොත්තම් , ටේප් ආදිය හොංකොං වලින් ගෙන්වාගෙන විකුනන්න හදන්නේ....වැඩේ පටන් ගන්න ඉස්සර අපි දැන් මේ කරන ජොබ් එකෙන් අස්වෙන්න ඕනේ ..."


" මෙච්චර හොද ජොබ් එකකින් අස්වෙන ඒක නම් ටිකක් අවදානම් නේද.... ඒත් වැඩේට බහින්නේ නැතුව මුකුත් කරන්න බෑනේ .......කමක් නෑ ඔයා රස්සාවෙන් අස්වෙලා වැඩේ පටන් ගන්න.....ඒ වගේම රස්සාවෙන් අස්වෙලා, .වැඩිය කාලේ නාස්ති නොකර වැඩේ පටන් ගන්න. දැන් නෙලුම් කැමැත්තෙන්ද මේ වැඩේට එන්න....එයා කැමැත්තෙන්ද පරණ රස්සාවෙන් අස්වෙන්නේ....? "


"මුලින් මේ වැඩේට ලොකු කැමැත්තකින් හිටියේ....ඒත් එයාගේ මල්ලිලා කැමති නෑ වගෙ , එයා දැන් කරන මේ ජොබ් එකෙන් අස්වෙලා මේ අලුත් බිස්නස් එකට සම්බන්ධ වෙනවට....ටිකක් අවදානම් වැඩියි කියන්නේ....අලුත් බිස්නස් එකට යන එක....."


"ඉතිං දැන් එහෙම කියලා බෑනේ....දෙන්නත් එක්ක තීරණයක් ඇරගෙනනේ මේ අලුත් ව්‍යාපාරය පටන් ගන්න හිතුවේ.....ඔයා රස්සාවෙන් අස්වුනාට පස්සේ එහෙම කියලා හරියන්නේ නෑනේ..... දෙන්නම එකතු වෙලා එක විදිහට මේ වැඩේට සම්බන්ධ වෙන්න ඕනනේ...."


"ඒක තමයි එයා මේ වැඩේට පස්ස ගහනවා, දැන් තියෙන ජොබ් එකෙන් අස්වෙලා එන්න බෑ කියලා කියන්නෙ ....එයා කියනවා මට මේ බිස්නස් එක තනියම පටන් ගන්නලු, මාසයක් දෙකක් ගිහින් එයා මේකට සම්බන්ධ වෙන්නම්ලු...."


"ඒක හරි අසාධාරණයිනේ...ඔයා බිස්නස් එක තනියම පටන් ඇරන් අමාරුවෙන් කරගෙන ගිහින් දියුණු උනාට පස්සෙ එයා සම්බන්ධ වෙන්න හදන එක...........කොයිතරම් නම් කාලයක් ඔය දෙන්නා මේ ගැන කතා කරන්න කාලේ නාස්ති කළා ද.....? බිස්නස් එක පටන් ගන්න යන අන්තිම මොහොතේ එයා පස්ස ගහන වැඩේ හරි නෑනේ ..... ඊටත් දැන් ඔයා පරණ ඔෆිස් එකෙන් අස්වුනාට පස්සේ, එයාට අස්වෙන්න බෑ කියලා හරි යන්නේ නෑනේ.... දෙන්නම කතා කරගෙන හිටිය විදිහට කරන්න එපෑ.....ඕක මුලින් කිව්වනම් ඔයා මෙච්චර කාලයක් නාස්ති කරන්නෙත් නෑනේ.......දැන් ඉතිං කරන්න දෙයක් නෑ තාත්ති....ඔයා දැන් පරණ රස්සාවෙන් අස්වුන එකේ...., එයා නැතුව හරි ඔයා මේ බිස්නස් එක තනියම පටන් ගන්න...."


"ඔව්....මම දැන් මේ වැඩේට ඔෆිස් එකක් බලලා තියෙන්නේ ...මිස්ට ටෝබි තමයි මට හොංකොං වලින් බඩු ගෙන්නලා දෙන්නේ...., මට තියෙන්නේ ඇඟලුම් කර්මාන්ත ශාලා වලින් ඒ බඩු වලට ඇනවුම් ඇරගෙන එන්න. මටම ඒ බඩු වලට ගානක් තියාගෙන විකුනන්න පුලුවන් ....මගෙ තනි වයාපාරයක් වෙනවා ඒක..... ."


"අනේ හොදයි ....මට සතුටුයි , අන්තිම මොහොතේ හරි ඔයා තනියම මේ බිස්නස් එක පටන් ගන්න යන එක.....ඔයාට හවුස් බිස්නස් ගැලපෙන්නෙ නෑ, ඔයා තනියම කරන එකයි වැදගත් .....ඔයාට මම ඉන්නවානේ ...ඔයා තනියම මහන්සි වෙලා මේ බිස්නස් එක පටන් ගන්න. .....මට පුලුවන් විදිහට මම උදව් කරන්නම්...."


" ජනවාරි 31 මම මේ අලුත් බිස්නස් එක පටන් ගන්න ඉන්නේ....අලුතින් බිස්නස් එක පටන් ගන්න ඉස්සර අපි බෙල්ලන්විල පන්සලට ගිහින් බුදුන් වැඳලා භාරයක් වෙමු නේද.....? තනියම පටන් ගන්න යන මේ බිස්නස් එක දියුනුවෙන් දියුනුවට පත් වෙන්න කියලා ...."


"ඔව් ඒක හොදයි ...අපි එහෙම කරමු...."


"හෙට උදේ තමයි මම අර අලුත් ඔෆිස් එකට ගිහින් වැඩ පටන් ගන්න ඉන්නේ....ඔයා මට කිරිබත් ටිකක් හදලා දෙන්න......එතන ඉන්න අනෙක් අයට කන්න දෙන්න. මිස්ට ටෝබිගේ ඔෆිස් එකේම වෙනම කාමරයක තමයි මගේ ඔෆිස් එක මම දැනට මුලින්ම වැඩ පටන් ගන්නේ....නැත්නම් කුලීයට ඔෆිස් ගන්න මේ අවස්තාවේ මට බෑනේ ...."


"ඒක හොදයි ...මුලින් පොඩියට අනුන්ගේ තැනක හරි කමක් නෑ පටන් ගන්නකෝ....දැම්ම අපට ඔෆිස් එකක් කුලියට ගන්න බැරි නිසා...."


චූටි දුවට හරියට මාස හතර සම්පූර්ණ වෙනවාත් සමඟම අංජු එයාගේ තනි වයාපාරය සුලුවෙන් පටන් ගත්තේ එලෙසය.


එයා මුලින්ම වැඩට යනදා මම ,උදේම නැගිට එයාට කිරිබත් ,ලුණු මිරිස් , කෙසෙල් ගෙඩි ,කේක් ලෑස්ති කර දුන්නේ ,අලුත් ඔෆිස් එකේ සිටින අනෙක් අයට බෙදා දෙන්නයි.


ඔහුගෙ අලුත් වයාපාරය උනෙ, හොංකොං රටෙන් ලංකාවේ ඇඟළුම් කර්මාන්ත ශාලාවලට අවශ්‍ය කරන නූල් , බෝත්තම්, ටේප්, කෝඩ් ආදිය ගෙන්වා දෙන ව්‍යාපාරයක්ය. ඔහු මීට පෙර නූල් විකුනන කම්පැණි එකක රැකියාව කල නිසා, ඔහු ලංකාවේ සෑම ඇඟලුම් කර්මාන්ත ශාලාවක්ම හොදින් දැන හදුනාගෙන සිටිම , ඔහුට මෙහිදි අපහසුවක් නැතුවම බිස්නස් එක තනියම කරගෙන යන්නට හැකි විය. ඔහුට හොංකොංවල කර්මාන්ත ශාලා නියෝජිතයෙක් ඒ අවශ්‍ය බඩු ලංකාවට ගෙනත් දීමත්, අංජු ඒවා ඔහුගෙන් මිලදිගෙන , එයාට ගාණක් තියාගෙන අඟලූම් කර්මාන්තශාලාවලට ඒ බඩු විකිනිමයි කරගෙන යන්න පටන් ගත්තේ. .


‘‘හිතුවට වඩා මේ බිස්නස් එක හොඳයි....හැබැයි ඉතිං හැම ගාමන්ට් ෆැක්ටෙරි එකකටම මම යන්න ඕනේ...., බිස්නස් ගේන්න ...වාහනේ යන නිසා ප්‍රශ්නයක් නම් නෑ..... ’’


‘‘ඒ වුණාට පළවන මාස තුනේ අපට ආදායමක් ලැබෙන්නේ නැති නිසා අපි අමාරුවෙන් ගෙදර වියදම පියවාගෙන යන්න ඕනේ....’


‘‘නෙලුම් අන්තිම මොහොතේ හවුල් බිස්නස් වැඬේට එන්න බෑ කියලා කිව්වේ එයාගෙ පරණ ඔෆිස් එකෙන් අස්වෙන්න අකමැති නිසානේ....ඒ වෙලාවේ මං හරි අමාරුවක වැටුණේ..... අන්තිමට බඩු වලට ඕර්ඩර්ස් ගේන වැඬේ මට තනියම කරගන්න සිද්ධ වුණානෙ .’’


‘‘කොයිතරම් කාලයක් ඔය දෙන්නා කාලේ නාස්ති කළා ද ඔය බිස්නස් එක කරන්න කතා කර කර .....අන්තිම මොහොතේ හරි එයා නැතුව ඔයා ඒ බිස්නස් එක තනියම කරන්න පටන් ගත්ක එක හොඳට ගියා.....’’


"එයා මේකට එන්න බෑ කියනකොට මම රස්සාවෙන් අස්වෙලානේ හිටියේ, මට මේ ජොබ් එක කරනවා මිසක් වෙන කරන්න දෙයක් තිබුනේ නෑ...."


"කමක් නෑ...මට නම් සතුටුයි ඔයා හවුලේ මේ ව්‍යාපාරය නොකර තනියම පටන් ගත්ත එකට...."


" ඒක තමයි ...මොනව උනත් තනියම කරන එක හොදයි. හවුලේ වැඩ නැතුව ...."



*ප්‍රිසිලා ගොඩහේවා *

7 views1 comment

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

1 comentário


Lakmini Jayanetti Perera
Lakmini Jayanetti Perera
03 de mai. de 2022

අනේ හරීම සතුටුයි ඔයා ලංකාවෙන්ම පළමුවෙනියාට ආවා කිව්වහම👍❤️

ඒ පත්තර වල පලවුණු photos තියේනං බලන්නත් ආසයි🙏

Curtir
bottom of page