top of page
  • Writer's picturePrisila Godahewa

🌹නොනිමි ගමන🌹

🌹නොනිමි ගමන 🌹

(24 වෙනි කොටස )


"මට අද හරියට පුදුම හිතුනා, මාව ඔපරේෂන් තියටර් එක ඇතුලට ගෙනියන කොට, අපේ ලොකු දුවව ශ්‍රී ජයවර්ධනපුර හොස්පිටල් එකේදි මාව සීසර් කරලා බබාව එළියට ගත්ත ඩොක්ටර් ඇවිත් හිටියනේ, මගෙ දැන් ඩොක්ටර් හේමන්ත පෙරේරාට උදව් කරන්න. ගිය පාර මට තිබුන අසනීප නිසා, ඒ ඩොක්ටව නවලෝක හොස්පිටල් එකට ගෙන්නලා මම හිතන්නේ....ඒ මගේ වැඩි පරිස්සමට වෙන්න ඇති. "


"ලොකු දුවව සීසර් කරලා එළියට ගත්ත විදිහටම නේද ,චූටි දුවවත් ඇරගෙන තිබුනේ...?


"ඔව්...ඒත් දෙවන පාරටත් මට දුවෙක් හම්බවුනේ කියලා ඩොක්ටර් කිව්වහම මට හරියට දුකහිතිලා ඇඬුනා....ඒත් ඒ ලඟ හිටිය නර්ස් කෙනෙක් කිව්වා ඔයාට දුවලා දෙන්නෙක් හරි ඉන්න එක ගැන සතුටු වෙන්න , මේ රටේ එක දරුවෙක් වත් නැති අම්මලත් ඉන්නවා කියලා ..."


"මම නම් දුවලා දෙන්නෙක් හම්බුන එක ගැන ගොඩක් කැමතියි ...අපේ ගෙදර කොල්ලොම හතර දෙනෙක් ඉන්න නිසා..."

අංජු මගේ හිත හදන්න වෙන්න ඇති එහෙම කියන්න ඇත්තේ...


"අම්මා දුවත් තියාගෙන මගේ කාමරේම ඉන්න එක මගේ හිතට හොදයි..."


"ලොකු දුව කොයි වෙලෙත් , නංගිගේ කොට් එක ලඟට ගිහින් කියනවා, නංගි තාම ලොකු වෙලා නෑනේ මාත් එක්ක සෙල්ලම් කරන්න කියලා...."


"එයා හරි ආසාවෙන් ඉන්නේ එයාට නංගි කෙනෙක් හම්බුන එක ගැන..."


"මට අද රෑට ගෙදර යන්න පුලුවන් කියලා ඩොක්ටර් කිව්වා...මගේ හොස්පිටල් බිල් එක ගෙවලා ඉවර උනාම අපට ගෙදර යන්න පුලුවන් ..."


"හරි වැඩෙ අම්මි...මම හිතුවට වඩා ලොකු හොස්පිටල් බිලක් ඇවිත්.....අපට කිව්වට වඩා රැ 20000/= හොස්ටල් බිල තවත් වැඩිවෙලා....ඔයාගේ තිබුන අනෙක් අසනීප තත්ත්වයන් නිසා වෙන්න ඇති ....දැන් අපි ගෙදර යන්න ඉස්සර ඒ සල්ලි ගෙවන්න ඕනේ, මගේ ලඟ එච්චර සල්ලියක් නෑ...."


"දැන් මොකද අපි කරන්නේ...?


"මම අර මගේ යාළුවා නෙලුම්ට කතා කලා, එයාගේ කාඩ් එකෙන් ඉතිරි සල්ලි ටික ගෙවන්නම් කිව්වා. පස්සෙ එයාට ඒ සල්ලි ටික දෙන්න කිව්වා. .."


"මේ වෙලාවේ ඒකත් ලොකු දෙයක් ...එහෙම නම් එහෙම කරමු..."


අවසානයේ රෝහල් බිල ගෙවා ගෙදර යන්න එළියට බහිනකොට රාත්‍රී එකලොහට ලං වි තිබින. අංජුගෙ වාහනේ අම්මත් අලුත් බබත්, ලොකු දුවත් රැගෙන අපේ වාහනේ ගෙදර එන විට, බොහෝ රෑබෝවි තිබුන නිසා, පාරේ වාහන අඩු වි ඇත.


"අර බලන්න තාත්ති...අර බස් හෝල්ට් එකේ අපේ දුවගෙ වයස ළමයි දෙන්නෙක් එක්ක ජෝඩුවක් ඉන්නවා බස් එකක් එනකම්... ඒ ගොල්ලෝ අපේ වාහනයට අත දාන්නේ ගෙදර යන්න වෙන්න ඇති ....අනේ පව් පොඩි ළමයි දෙන්නෙක්...ඒත් අපේ වාහනේ ඒගොල්ලෝ එක්ක යන්න ඉඩ නෑනේ......මේ රෑ බස් නැතුව ඇති ඒකයි...... අපි ඒගොල්ලන්ට ත්‍රීවීල් එකක යන්න සල්ලි දෙමුද...?


"එහෙනම් අපි අපේ වාහනය නවත්වලා අර ත්‍රීවීල් ඩ්‍රයිවර්ට සල්ලි දෙමු මේ අයව ගෙදරට ගිහින් බස්සන්න කියලා ....."


"අනේ ඔව්...එහෙම කරමු...අපේ වාහනේ ඒ අයව එක්ක යන්න ඉඩ නෑනේ .... "


අපි දෙදෙනා ත්‍රීවීල් ඩැයිවර්ට කතා කර ඔවුන්ව ගෙදර ගෙන යන්නට මුදල් දුන් පසු ඔවුන් අත් එකතු කර අපට වැන්දේ කරපු උදව්වටයි.


"චූටි දුවව ඉස් ඉස්සෙල්ලා ගෙදර යන ගමන් අපට පිං අතේ වැඩක් කරගන්න ලැබුන එකත් ලොකු දෙයක් ...."

########


අපේ විවාහයෙන් අවුරුදු හතකට කිට්ටු කාලයක් යන විට , අප දෙදෙනා දියණියන් දෙදෙනෙකුගේ මව් පියන් ලෙස ජීවන ගමන ආරංභ කර උන්නෙමු . අප දෙදෙනාට දැන් ඔවුන් වෙනුවෙන් බොහෝ වගකීම් රැසක් අත් වි ඇත.


දරුවන් දෙදෙනා හොද සෞඛ්‍යයෙන් උස් මහත් කර ගන්නට මම ගෙදර ඉදන් මහන්සි උන අතර .....අංජු ගෙදර වියදම් හා මාත් දරුවන්ගේත් සියලු ඕනෑ එපෑකම් ඉශ්ට කරමින් අප ජීවත් කරවන්නට බොහෝ මහන්සියෙන් රැකියාව කරමින් හිදී. අපේ වියදම් එන්න එන්නම ඉහළ යන අතර ඒවා පිරිමහගන්නට, මුදල් හම්බ හම්බ කරමින් අංජු දුක් විදින බව මම දනිමි. ... ඔහු හරි හම්බ කරන මුදල් බොහෝම අරපිරිමැස්මෙන් පිරිමහගෙන ගෙදර වියදම් කරන මම දැන් ගෘහණියක් හා දරු දෙදෙනෙක්ගෙ මවක් ලෙස ජීවන ගමන ආරංභ කර ඇත.


"ඔයාගේ ගෙදර වැඩට දිලීමා එන නිසා ,දරුවො දෙන්නගේ වැඩ කරගන්න අමාරු නෑනේ..."


"ඒක නම් එහෙමයි....ඒත් එයාගෙන් මම ගෙදර වැඩ ,කුස්සියේ වැඩ විතරයි කර ගන්නේ, දරුවො දෙන්නව මම ඒයාට අල්ලන්නවත් දෙන්නේ නෑ.... ,ඒ නිසා මට සමහර වෙලාවට හරි මහන්සියි...චූටි දුවට මම කිරි දෙන්න හදන කොට, ලොකු දුව එයාට බඩගිනියි කියනවා, ඉතිං මම එක අතකින් චූටි දුව වඩාගෙන කිරි දෙන ගමන්, අනෙක් අතින් ලොකු දුවට බත් කවනවා. නංගි ගෙදර ගෙනාවට පස්සෙ අක්කිට,වෙනස් කමක් නොවෙන්න බලා ගන්නත් ඕනනේ...."


දිලිමා වෙනදා වගේම ගෙදර ඇවිත් මට කුස්සියේ ඉවුම්පිහුම් වැඩ කර ගන්නට උදව් කරයි. ඇය ගෙවල් මිදුල් අතුපතු ගා අස්පස් කර දි යයි.


‘‘ දිලීමා චූටි බබාගෙ ඇඳුම් වොෂින් මැෂින් එකේ දාන්න බෑ. ....බබාට මාස තුනක් යනකම්, ඔයාට පුළුවන්නම් ඔයා ඒවා අතේ හෝදලා දෙන්න.... මං ඒකට ඔයාට පඩියට අමතරව වෙන ගාණක් දෙන්නම්.....’’


‘‘හොඳයි නෝනා.’’


ඇය මම කියන ඕන වැඩක් කර වීම මට පහසුවක් වේ. ඇය කුස්සියේ වැඩ කර දුන්නට, කෑම උයන වැඩේ මමම කර ගන්නෙමි. ඇය හැමදාම අපේ ගෙදර ඇවිත් යන විට මම ඇයට ලොකු බත් මුලක් බැද දෙන්නෙමි. ශීතකරණයේ ඇති වැඩිපුර එළවළු මාළු, පැණිරස කෑමද ඇයට ගෙදර ගෙන යන්නට බෙදා ඔතා දෙන්නෙමි. ඒවා ඇය ගෙන යන්නේ ඇගේ පියෙක් නැති දරුවන් දෙදෙනාටය.


"නෝනට පිං මට මේ කරන උදව් වලට....නෝනා නිසයි මම මගේ දරුවෝ දෙන්නා ඉස්කෝලේ අරින්නෙ..."


ලොකු දුව මට හම්බ වුණ වේලේ, අම්මා ඇවිත් අපේ ගෙදර නැවති මාසයක් පමණ මට උදව් කරත් , චූටි දුව හම්බ වුණ වෙලේ නම් අම්මා යන්තම් දවස් දෙකයි ඇවිත් නැවතිලා හිටියේ..... ඒ මගේ තාත්තා නිතර අසනීප වෙන නිසා ඔහු ගැන බලන්න ඕන නිසා, අම්මට දැන් නිතර අපේ ගෙදර එන්නට බැරි වි ඇත. ඒත් මට දැන් දිලීමා උදව් කරන නිසා පහසුවක් වි ඇත.


දිලිමා දිනපතා අපේ ගෙදර ඇවිත් ගෙවල් අස් කරන වැඩ කරත් දුවලා දෙන්නාගේ අනිත් සියලු වැඩ මගේ අතින්ම සිදු වේ. අංජු ගෙදර ඉන්න සෙනසුරාදා ඉරිදා දිනට, දුවලා දෙන්නව හෝදලා කෑම කවන වැඬේත් එයා අකමැත්තක් නොපෙන්වාම කරන්නේය. ...ඔහු රැකියාවට ගිය කල, මං දියණියන් දෙදෙනාව පරිස්සමට බලා ගන්නවා වගේම.... ගෙයින් පිට අපි ඇවිදින්න ගියොත් අංජු තමයි ඒ දෙන්නව වඩා ගෙන යන්නේත්....ඔවුන් දෙදෙනා ගැන බලන්නෙත්.... දුවල දෙන්නව නිතරම ඔහුගේ අත්දෙකට වඩා ගෙන යනවා බිම නොතියා.... එයා තරම් හොඳ තාත්තා කෙනෙක් තවත් නැතුව ඇති කියල මට ඒ වෙලාවට හිතෙනවා ....අප වෙනුවෙන් උවමනාවටත් වඩා මහන්සි වෙන අංජු ගැන මට ඇතිවන්නේ දුකක්....



*ප්‍රිසිලා ගොඩහේවා *

4 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Opmerkingen


bottom of page