🌹නොනිමි ගමන🌹
- Prisila Godahewa
- Apr 27, 2022
- 3 min read
නොනිමි ගමන්
(22 වෙනි කොටස.)
කාලය වේගයෙන් ගලාගෙන ගොස් දුවට අවුරුදු දෙකද සම්පූර්ණ වි ඇත. අංජු මහන්සි වි රැකියාව කරමින්, අපට අවශය සියලු දේ ලබා දෙමින් හා ආදරෙන් අපව බලාගන්නේය. නිවාඩුවක් ලැබුන කල අපව විනෝද ගමන්ද රැගෙන යන්නේය.
ඒ වන විට අංජුගේ කාර්යාලයේ යහළුවන් දෙතුන් දෙනෙක්ගේ බිරින්දෑ වරුන් මගේද යෙහෙළියන් වි සිටියාය. ඔවුන්ටද දුවගෙ වයසේ දරුවන් සිටිය බැවින් අපි නිතර එහෙ මෙහේ ගමන් බිමන් යන්නට පටන් ගත්තෙමු. සෙනසුරාදා ඉරිදා හවසට ක්‍රෙස්කැට් එකට, මැජෙස්ටික් සිටි එකට, KFC එකට අවන් හල් වලට ගොස් කෑම කෑමට පුරුදු වි උන්නෙමු. මගේ හොදම යාළුවා උනේ, අංජුගෙ රැකියා ස්තානයේ සේවය ක්ඩ්ල නෙලුම්ගේ බිරිද එරන්දියි. ඇයටත් අපේ දුවගේ වයස පුතෙක් සිටි නිසා අපි නිතර හමුවි අපේ දේවල් දරුවන්ගේ දේවල් කතා කෙරුවෙමු.
‘‘ තාත්ති....දැන් දුවට අවුරුදු දෙකත් පිරුණ නිසා, අපි තව ළමයෙක් ගැන හිතුවොත් හොඳ නැද්ද?’’ මම දිනක් තාත්තිගෙන් ඇසුවෙමි.
‘‘අනේ මේ ඉන්න ළමයා ඇති...මෙයාව අපි ලොකු කරගත්තේ කොච්චර අමාරුවෙන්ද...?
අංජුට තව දරුවෙක් හදන්න එතරම් උවමනාවක් නොතිබුණි. නමුත් පවුලකට දරුවන් දෙදෙනෙක්වත් සිටිය යුතුැයි කියන මතයේ මම උන්නේ....
නැවත දරුවකු හදන්නට, අංජු ලොකුවට අකමැත්තක් නොපෙන්නපු නිසා, මගෙ කැමැත්තෙන්ම මම තවදරුවකු බලාපොරොත්තුවෙන් පසු උනේ, අංජුටත් නොකියාමයි....
.ලොකු දුවට අවුරුදු දෙකයි මාස තුන සම්පූර්ණ වෙනවාත් සමගම මම නැවත වතාවක් ගැබ් ගත්තෙ මගෙ හිතේ තිබුන ආසාව ඉශ්ට වෙමින්ය
"දැන් ඔයා ආයෙත් ප්‍රෙග්නට් නිසා ලොකු බබාට කිරි දෙන එක නවත්වන්න..." ගමේ මිඩ් වයිෆ් නෝනගේ අදහස උනේ ඒකයි.
ඒ වනතෙක් අවුරුදු දෙකයි මාස තුනක්ම මගේ මව් කිරි බීපු ලොකු දුව එයින් නවත්ත ගන්නේ කොහොමද කියලා මම නිතර කල්පනා කරමින් උත්සහ ගත්තා. නමුත් එය නවත්ත ගන්නම බැරි විය. ලොකු දුවට මව් කිරි බීම තරම් වෙන මොනවත් අගේ නොවීය.
මම දස අතේ ඒ ගැන කල්පනා කලෙමි... අන්තිතිමට අම්මා දුන් කොහොඹ තෙල් උපදේසය නිසා බොහෝම අමාරුවෙනි ලොකු වුව මව් කිරි බොන එක නවත්වා ගන්නට හැකි විය.
"දුව මෙච්චර ලස්සනට පුළුන් බෝලයක් වගේ සුදට සුදේ මහතට, නිරෝගීව ඉන්නෙ ඔයාගේ කිරි ඇතිවෙන්න බීව්ව නිසයි. පව් දැන් කෙල්ලට මව් කිරි නැතුව ගියානේ..."
අංජු හැම තිස්සෙම කියනවා වගේ දරුවන්ට පුලුවන් තරම් කාලයක් මව්කිරි බොන්න දීම දැන් හැම මව්වරුන්ගෙ සායනයකම කියන දෙයක්ද වේ..... එයින් කිරි දරුවන්ට හැදෙන බෝවෙන රෝග වගේම අනිත් සෞඛ්‍ය තත්ත්වයන්ගෙන් ද මිදී හොද සෞඛයයෙන් සිටිමට හැකි වෙනවා යන්න අප රටේ මෙන් ම ලෝකයේ ම ඇති පිළිගැනීමකි. මම මට පුළුවන් විදිහට අවුරුදු දෙකහමාරකට කිට්ටු කාලයක් මගේ වැඩිමහල් දරුවාට කිරි දීමට හැකි වීම ගැන මට සතුටු විය හැකියි.
"බලන්නකෝ දුව මගේ කිරි බොන එක නැවැත්තුවාට පස්සේ පිටි කිරි තියා වෙන මොන කිරි වර්ගයක්වත් බොන්නේ නෑනේ...."
‘‘ එහෙමද එයා බෝතලේට කැමති නැතුව ඇති.......’’
‘‘ඒක තමයි එයා බෝතලේ කටට ගන්නෙම නෑනේ...දුවගෙ ඇඟට කිරි ඕන කාලේ, අපරාදේ...දුකේ බෑ මට.....’’
‘‘හැබැයි එයා මයිලෝ වගේ කිරි පැකට් බොන්න නම් කැමතියි....’’
‘‘ඒ වුණාට ඒවා හොඳ නෑනේ....’’
‘‘දුව දැන් උදේ නැගිටලා මූණ හෝදපු ගමන් උදේට තියෙන මොනවා හරි කෑමක් කනවා. කිරි නැති වුණාට එයාට ප්‍රශ්ණයක් නෑ වගේ.....’’
‘‘කෑම කනව නම් හොඳයි. කිරි නොබිව්වට කමක් නෑ....’’
" කිරි වෙනුවට දුවට වැඩිපුර චීස් බිත්තර, බටර් දෙන්න ..."
අංජු දුව කිරි පිටි නොබොන එකට මුකුත් නොකිව්වේ, දුව කිරි පිටි නොබිව්වත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටීම අප දෙදෙනාට ම සතුටක් විමයි.
"ඔයාට ගිය,පාර, ලොකු දුව හම්බ වෙන්න ඉන්න කොට ආවට, වඩා මේ පාර අමාරුයි නේද ?
"අනේ ඔව්...මට කෑම මුකුත් කන්න බෑ, වමනෙ යනවා, අප්පිරියයි....මම ලොකු දුවවත් බලාගෙන හරිම අමාරුවෙන් දවල් දවසට ගෙදර ඉන්නේ...."
දෙවෙනි දරුවා ගැබ් ගත් පසු, මට ගොඩක්ම අමාරු උනේ කෑම බීම කන්න, උයන්න.... කෑම දැක්කත් අප්පිරියා ගතියක් ඇති විය. ගෙදර බත් එක උයන සුවඳටත් මට වමනේ යයි..... දැන් මේ ගෙදර ඉන්නෙ අපි තුන්දෙනා විතරයි. මම අංජුටයි ලොකු දුවටයි උයලා කන්න දෙන්නත් ඕනේ. අම්මත් තාත්තා අසනීප නිසා දැන් අපේ ගෙදර එන්නේ එහෙමත් දවසකය. ...එබැවින් මගේ අසනීප තත්ත්වය තියාගෙනම මම බොහොම අමාරුවෙන් තමයි අංජුට හා,ලොකු දුවට කෑම බීම හදල දෙන්නේ.... ලොකු දුව ඒ දවස්වල බලාගෙන ඉන්න කොට කෙට්ටු වි ගියේ මට ඇයට හරියට සලක ගන්න කන්න බොන්න දෙන්න බැරු වීමත්, දරුවට,මව් කිරි නැතිවීමත් මතය. මගෙ ඇති අපහසුකම් නිසා, දරුවට ඇති සැලකිල්ල අඩුවීමත්හා හොඳ කෑම බීම ලොකු දුවගේ ඇඟට වැටෙන්නෙ නැතුව ගිය නිසත් දුව කෙට්ටු වි සිටිම මට ලොකු දුකක් විය. ඉඳ හිට අම්මා ඇවිත් මට කෑම බීම හදල දීලා යනවා වගේම, අංජුගේ පප්පත් පඩි ගත්ත දවසට මොනවහරි පළතුරු, චීස් බිස්කට් ඇරන් ඇවිත් මාත් ලොකු දුවත් බලලා යන්න අමතක නොකරයි. ඔවුන් දැන් පදිංචිව ඉන්නේ අංජුගෙ අක්කගෙ ගෙදර, බැවින් මම්මට මාව නිතර බලන්න එන්නත් නොලැබේ....පප්පා පඩි ගත් දවසට ඔහුගෙ පඩියෙන් රු. 1000ක් ලොකු දුවගේ පොතට දාන්න කියා ඉඳහිට මට දෙන්නේය. ඔහු කවදත් අංජුට ගොඩක් ආදරේ කළ කෙනෙක් වගේම අංජුගෙ දරුවාටද ආදරේ කරන්නේය.
අපේ අලූත් ගෙදර පදිංචියට පැමිනීමත් සමඟම 1995 දී මට මුණ ගැසුන් ඕවිට ගෙදර තැඹිලි විකුණපු ලාබාල ගෑණු කෙනා මගේ ගෙදර වැඩට පැමිනිම මට පහසුවක් වි ඇත. ඇය පදිංචි වී සිටියේද ඒ කිට්ටුව නිසා ඇයට ඇවිදගෙන අපේ ගෙදර එන්නට පුළුවන් වේ. ඇය හැමදාම හවස තුනට විතර ඇවිත් ගෙවල් දොරවල් අතු ගා එළවලූ සුද්ධ කර, පොල් ගාලා, වලං පිඟන් හෝදලා දීලා යෑම මට ටිකක් ලේසි පහසුවක්ම විය.
දෙවෙනි දරුවා හම්බ වෙන්න මම ඒ දිනවල ලෑස්ති උනේ දිලීමාගේද උදව් ඇතුවයි. මට වඩා බාල උනත් ඇයට දරුවන් දෙදෙනෙක් සිටි නිසා, මට වඩා ඇයට ඒ ගැන දැනුමක් තිබීම මේ අවස්තාවේ මට ලොකු සහනයක් වි ඇත.
නැවත හමුවෙමු
*ප්‍රිසිලා ගොඩහේවා *
අනේ මේ අර "ගිමන් හරිමි" කතාවේ දිලීමා නේද? ඒ වගේ අයට උදව් කරපු පින් වල ප්‍රතිවිපාක තමයි අද ඔයගොල්ලන් භුක්ති ව්ඳින්නේ🙏❤️