top of page

🌹නොනිමි ගමන🌹

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Apr 22, 2022
  • 9 min read

Updated: Apr 27, 2022

🌹නොනිමි ගමන 🌹

( 19 වෙනි කොටස )


පරන ආයතනයේම නැවත රැකියාව සඳහා යන්නට පටන් ගත් අංජු, ගොඩක් මහන්සි වි රැකියාව කරන්න පටන් ගත්තේය. පහුගිය කාලේ, අලුත්ම කාර් රතයක වැඩට ගිය ඔහු දැන් වැඩට යන්නේ මෝටර් බයිසිකලයේය.


"මම කොහොම හරි මහන්සි වෙලා හොදට වැඩ කරලා , කම්පැණි එකට ආයෙත් බිස්නස් ගෙනත් දෙනවා....ඊට පස්සේ ටාගට් ගහලා මගේ ඉස්සර කාර් එක මම පුලුවන් ඉක්මනට ආයෙත් ගන්නවා. ...."


අංජුට තියෙන්නේ පුදුම ආත්ම ශක්තියක්....දියුණු වෙන්න ලොකු උවමනාවක් .....ඒ ගැන, ඔහු ගැන මට ඇතිවි ඇත්තේ ආඩම්බරයක් ...


කොම්පැනියට වැඩිපුර බිස්නස් ගෙනත්, කොම්පැනියෙ විශ්වාසය දිනාගෙන , වාහනයක් නැවත ගන්නවා කියන අදහසේ අංජු තදින්ම සිටියේය. අංජු හරිම උත්සහවන්ත කෙනෙක් ..... ඒකයි මට තිබෙන සතුට ..... කොච්චර වැටුණත් එයා ආයෙත් නැගිටියි කියන බලාපොරොත්තුව මගේ හිතේ තිබුණාය..... මං නිතරම හිත යටින් ඔහුට තෙරුවන් සරණ, දෙවි රැක වරණ පැතුවේ ඔහුට යහපතක්ම වෙන්න සිතමින්..... ඔහුගෙ සෙවනැල්ල සේ පිටුපසින් වැටි ඔහුගේ දුකසැප බලමින් , ඔහුව සතුටින් තියමින් ඔහුගේ තනියට සිටියෙමි.


මම තියෙන විදිහට අරපිරිමැස්මෙන් ගෙදර වියදම පියවාගෙන වැඩ කටයුතු කරගෙන ගියෙමි ....දුක -සැප, ජය- පරාජය , නින්දා-ප්‍රශංසා , යස -අයස යන අටලෝ දහමට යටත්ව ජීවිතය ගෙවියන බව තරුණ වියේදීම මට තේරුම් යමින් තිබින. ඒක කාලයක් හොඳින් සතුටින් හිටියොත් තව කාලයක් දුකෙන්, සැකෙන් ජීවත් වෙන්නට සිදුවේ...... ජීවිතය එලෙසය...... අපි තවම ජීවිත ගමන පටන් ගත්තා පමනය. අපට අපේ ගමන යන්නට තව බොහෝ කාලයක් ඇත. කාහටත් වැරැද්දක් නොකර දෙවියන් බුදුන් හරි ලෙස අදහමින් දෙදෙනා එක හිතින් එකට සිටිමින් යන මේ ගමනට දෙවියන්ගේ ආශිර්වාදය නිබදවම ලැබේවායි මම නිරතුරුවම පැතුවෙමි. ඒ දිනය කවදාහෝ උදාවන බව මට විශ්වාසය.


1996 මාර්තු වර්ඞ් කප් මැච් එක කාලේ අපි පදිංචිව සිටියේ ගම්පහ ඉහළ යාගොඩ නම් සුන්දර ගමේ...... ඒ ගෙදර ඉඳන් අපි දෙන්නා පුංචි අඟුල් 12 ටී.වී. එකෙන් තමයි වර්ල්ඩ් කප් ක්‍රිකට් මැච් බැලූවේ......එකළ අපේ අක්කලාගෙ ගෙදර තිබුනා අඟල් 32 ටී.වී එකක් .....


"අපි අක්කලාගෙ ගෙදර ගිහින් ක්‍රිකට් මැච් එක බලමුද..... එතකොට තමයි ලස්සනට පැහැදිලිව මැච් එක බලන්න පුලුවන් ...."

අංජු මට නිතර කරදර කරන්න විය.......මාසයක් තිස්සේ තිබුන වර්ල්ඩ් කප් මැච් , අපි දෙන්නා තියෙන විදිහට යමක් කන්න හදාගෙන , පුංචි TV එකේ ගෙදර ඉදන් බැලුවත් T V එක පොඩි නිසා, එය හරියට බලාගන්න බැරි විය.


අවසානයේ දෙතුන් දිනක්ම මම ඔහුගේ කැමැත්තට ඉඩදී, අපි දෙදෙනා බයිසිකලේ දෙහිවල අක්කලාගෙ ගෙදර ගියේ, ඔවුන්ගේ ගෙදර නැවති හිද ක්‍රිකට් මැච් එක ලොකු TV එකේ බලන්නයි .....


"ගම්පහ ඉදන් කොළඹට බයිසිකලේ යන එක හරිම අමාරු වැඩක් මට...එක දිගට බයිසිකලේ පිටිපස්සේ වාඩිවෙලා යන කොට පස්ස රිදෙනවා ...."


"අපි දෙතුන් ගමනකට බයිසිකලේ නවත්තලා , විවේක ඇරන් , තැඹිලි ගෙඩියක් එහෙම බීලා යමු.... එතකොට මහන්සි ඇරගෙන යන්න පුලුවන් ...."


"මතකද ගිය සුමානේ අපි අම්මලාගෙ ගෙදර ගිහින් බයිසිකලේ එනකොට හොදටම වැස්සා....ජැකට් හෙල්මට් දාගෙන ආවට අපි තෙමුන හැටි ...මට වඩා ඔයාව තමයි තෙමුනේ....මට හරි දුකයි ඔයා ගැන .... වැස්සේ තෙමීගෙන බයිසිකලේ පදිනකොට සීතල හුළං වැඩියම හමන්නේ ඔයාටනේ....මම ඉතිං ඔයාගේ ඇඟට හේත්තු වෙලා සීතල යන්නත් එක්ක ඔයාව බදාගෙන ඉන්නවා.....පැය එකහාමාරක් බයිසිකලේ එනවා කියන්නේ හරිම අමාරු වැඩක්...."


"අපි දෙන්නට අපි දෙන්නා ඉන්නවානේ .... අපි හැමදාම කොළඹ අම්මලා බලන්න ආපු දවසට , ආපහු ගම්පහ ගෙදර යනගමන් , කඩුවෙල හංදියෙන් ඉදිආප්ප කොත්තු දෙකක් උනුවෙන් දාගෙන ගෙදර යන හැටි ගෙදර ගිහින් ඇඟපත හෝදගෙන කන හැටි අමතක නොවන මතක තමයි...."


"ඔයාට මතකද .. කොච්චර සල්ලි අතේ නැති උනත් ඉදහිට අපි දෙන්නා, හවසට සයිවර් කඩේකට ගිහින් මොනව හරි කාලා ෆිල්ම් එකක් එහෙම බලලා ගෙදර එන හැටි ...."


"මොනතරම් අමාරු කාලයක් උනත් අපි දෙන්නා ,තියෙන විදිහට කාලා ඇදලා සතුටෙන් තනියම ගේක ඉන්න එක ලොකු දෙයක්. ..."


"අපි කසාඳ බැදලා අවුරුදු තුනක් වෙලත් තාමත් අපට දරුවන් නැති නිසා අපි නිදහසේ සතුටින් ඉන්නවා. මේ අමාරු කාලේ දරුවන් හිටිය නම් ඒගොල්ලන්ටත් අපිත් එක්කම දුක් විදින්නයි වෙන්නේ...."


"ඔව්...ලොකු දෙයක් ,අපි කසාඳ බැදපු ගමන් අවුරුද්දක් විතර දරුවන් හදන්නේ නැතුව ඉන්න තීරණය කරපු එක....අපි දැන් ටිකක් පිලිවෙලක් වේගෙන එන නිසා අපි දැන් අපේම දරුවෙක් ගැන හිතුවොත් හොදයි නේද...?


"අපි තව ටිකක් මෙහෙමම ඉදලා , අපට යන්න එන්න වාහනයක් ලැබුනට පස්සෙම දරුවෙක් හදාගන්න එක ගැන හිතමු. නැත්නම් ඔයාට බබෙක් හම්බවෙන්න ආවොත්, ඔයාට එහෙ මෙහෙ යන්න වෙන්නේ බයිසිකලේ ...."


"එහෙම නෙමේ අංජු...අපි දැන් දරුවෙක් ගැන හිතමු....දරුවෙක් ලැබුනොත් එයාගේ වාසනාවට හරි අපට අපේ ආසාවල් ඉශ්ට කරගන්න ලැබෙයි...."


"එහෙනම් අපි ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා බලමු.....ඇයි තාම අපට දරුවන් ලැබෙන්න පරක්කු කියලා...."


"ඩොක්ටර් කිංස්ලි ද සිල්වා ඒ වගේ දරුවන් නැති අයව හොදට බලනවා කිව්වා අපි එහෙනම් එයාව හම්බවෙන්න යමු...."


"ටවුන්හෝල් එකේ ග්ල්ස් හවුස් එකට තමයි ඩොක්ටර් එන්නේ, මම නොම්බරයක් වේලාසන ඇරන් එන්නම් අපි දෙන්නා හවස ගිහින් බලමු ...."


" ඒ විතරක් නෙමේ අංජු.... ,පොඩි අක්කලාට, ගම්පහ ගෙදර පදිංචියට එන්න ඕනලු, දුවව ගම්පහ හෝලික්‍රොස් එකට දාගන්න ....ඒ නිසා දැන් අපිට ආයෙත් අලුත් ගෙයක් හොයා ගන්න වෙනවා...."


"අපි එහෙනම් ආයෙත් ගෙයක් හොයා ගන්නකම් අපේ මාකුඹුර අම්මලාගෙ ගෙදර ගිහින් නවතිමුද...."


"ඔව් එහෙම වත් කරමු...."


"දන්නවද චතු වැඩක්...මට මේ මාසේ අන්තිමට අලුත් වාහනයක් ඔෆිස් එකෙන් ලැබෙනවා...මම අලුතින් වැඩට ගිය දවසේ ඉදන් එක දිගට මාස හයක් ,කම්පැණි එකට හොදම බිස්නස් ගෙනාපු කෙනා උනා.....ඒ නිසා කම්පැණි එකෙන් කියපු විදිහට මට මේ මාසේ අන්තිමට වාහනයක් ආයෙත් ලැබෙනවා. "


"අනේ... ඒක නම් කොච්චර ලොකු දෙයක්ද...මට කියන්න බැරි තරම් සතුටුයි ....අපේ ගෙවල් වල අයටත් සතුටු හිතෙයි....පහුගිය කාලේ ඔයාට ජොබ් එක නැති වෙලා හිටිය කාලේ, ඔයාගේ ගෙදර අය උනත් අපි ගැන වැඩිය බැලුවේ නෑ...ඔයයි මමයි රට යන්න ආස හිතිලා, පිස්සු ,මෝඩ වැඩක් කරලා ,ඔයාගේ හොදට තිබුන ජොබ් එක නැති කරගත්ත නිසා ...."


" ඔව්...ඔයගොල්ලන්ගෙ අම්මයි තාත්තයි විතරයි තමයි අපිව බලන්න ගම්පහ ගෙදර උනත් ආවේ...අපේ ගෙදර අය අපිව බලන්න ගම්පහ ආවෙම නෑනේ ....ලොකු අය්යයි වයිෆ් ඇවිත් ගියා මහ ගෙදර විකුනලා ඒගොල්ලෝ කුරුනෑගල , යන්න ඉස්සර එච්චරයි......"



ගම්පහ පදිංචියට ගොස් මාස තුනකට පසු අංජුට ඔහුගේ පරණ ආයතනයේම රැකියාව ලැබිම වගේම, ඉන් මාස හයකට පසු ඔහුට නැවත අලුත් වාහනයක් ආයතනයෙන් ලැබිමත් ඔහුගේ ආත්ම ශක්තියේ හා, නොසැලෙන ගුණයේ ජයග්‍රහණයකි. ඔහුගේ අමාරුම කාලයේ, ඔහු සමග එකට සිටමින් ඔහුගෙ දුකසැප බලමින්, ඔහුව සතුටින් තියන්න මම ගත් උත්සහයේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවති.....අපි දෙන්නට දෙන්නා විතරක් ඉන්නා බවත්....අපි දෙදෙනා එකට සහයෝගයෙන් සතුටින් ඉන්නා තාක් අපට නොවැරැදෙන බවත් අපට පසක් වී හමාරය.


අපි ගම්පහ පදිංචියට ඇවිත් මාස දහයක් ගෙවි යන කල නැවත ඔහුට ව්‍යාපාර ස්තානයෙන් ලැබුන වාහනය අප දෙදෙනාව සතුටින් පිරවිය. අංජුගෙ වැඩ හොඳ නිසාත්, කොම්පනියට හොදින් බිස්නස් ගෙනත් තිබුන නිසත් , ඔහුට පවරා තිබුන ටාගට් නිම කර තිබුන නිසාත් .....නැවත ඔහුට අලූත් කාර් රතයක් කොම්පැනියෙන් ලැබිම ඔහුගේ විශේශ ජයග්‍රහනයක් විය.


" අද හවස මට ඔෆිස් වෙහිකල් එක ලැබෙනවා....අපි අද හවසම ඔයගොල්ලන්ගෙ අම්මලාගේ ගෙදර පදිංචියට යමු ...."


"බඩු ටික එහෙනම් ඉරිදාට මාකුඹුර ගෙදරට ගෙන්න ගමු..."


"අපි ටික දවසක් එහෙ ඉමු....ගෙයක් හොයා ගන්න කම්...."



අවසානයේ අංජුට ඔෆිස් වාහනය ලැබුන දිනම හවස අපි කොට්ටාවේ අපේ මහ ගෙදර පදිංචියට ගියෙමු. ඒ කළබලේම අපි හිටි ගම්පහ ගෙදරට පොඩි අක්කලා පදිංචියට ආ නිසාත්ය....


මාකුඹුර අපේ මහ ගෙදර නැවති සිටියේ අපේ අම්මයි තාත්තයි විතරමයි. ඒ නිසා අමාරුවක් නැතුවම අපි දෙන්නා අපට කුලී ගෙයක් හොයා ගන්නකම් අම්මලා සමඟ නතර විය.


"ඔයාට ඔෆිස් වාහනය ලැබුන එක මට නම් කියන්න බැරි තරම් සතුටක්.... අපි මේ පාර නම් ආයෙත් මෝඩ වැඩ නොකර , වැටෙන්නෙ නැතුව පිළිවෙලකට ජීවත් වෙමු.’’


‘‘ ඔව්....මම ආයෙත් රට යන අදහස අත් ඇරියා.... අපි දැන් කසාඳ බැඳලත් අවුරුදු තුනක්නේ. දැන්නම් ළමයෙක් හදාගත්තොත් හොඳයි තමයි චතු.....දැන් අපට යන්න එන්න ආයෙත් වාහනයක් තියෙනවානේ ..... මොනව වුණත් ළමයෙක් හද ගත්තොත් එයාගෙ වාසනාවට හරි අපට දියුණු වෙන්න පුළුවන් වෙයි.....අපේම කියලා ගෙයක් හදාගන්නත් පුලුවන් වෙයි....මම අහලා තියෙනවා දරුවන්ගේ වාසනාවත් දෙමව්පියන්ට ලැබෙනවා කියලා ... ’’


"පහුගිය කාලේ අපට ගොඩක් කරදර තිබුණ. බයිසිකල්වල, බස් එකේ, කෝචිචිවල යන්න උනානේ. අපට දරුවෙක් ඒ කාලේ නො ලැබුණු එකත් හොඳයි..... දෙයියන්ගෙ පිහිටෙන් දැන් අපට වාහනයක් තියෙන නිසාත්, රස්සාව ස්තිර නිසත්,දැන් දරුවෙක් හම්බ වුණොත් එයාටත් සැපට ඉන්න පුළුවන් වෙයි...."


‘‘ අපේ අම්මලත් එක්ක නම් ගොඩක් කාලයක් එකට ඉන්න මං කැමති නෑ. මම කැමති අපි දෙන්න විතරක් තනියම ඉන්න ගෙදරක ඉන්නයි..... අපි කුලියට ගෙයක් වත් හොයා ගන්න බලමුද...?.’’


අවුරුදු තුනක අදර සම්බන්ධතාවයකින් පසුව නෑ හිතමිතුරන්ගෙ ආශිර්වාද මැද විවාහ දිවියට ඇතුලත් වූ අපට, මටත් අංජුටත් අවුරුදු තුනක් යනකම් දරු සුරතල් බලන්න අවස්ථාව නොලැබිණි. විවාහයෙන් පසුව ගෙවුණු පළවෙනි අවුරුද්ද උවමනාවෙන්ම දරු පල පමා කළත්.... ඉන්පසු අවුරුදු දෙකක් යනතෙක් අපට දරුපල නැතුව ගෙවා දැමීමට සිදු විය. ඒ ගැන අප දෙදෙනා සිටියේ ටිකක් දුකෙන් උනත් , අපට තිබුන කරදර කාලය නිසා, දරුවෙක් හදාගන්න ලොකු උවමනාවක් කලෙත් නැත.


"දැන් නම් හොදම කාලේ අපට දරුවෙක් හදාගන්න ....අපි උත්සහ කරලා බලමු...."


"අපි වෙන ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා බලමුද...අපට දරුවෙක් හම්බවෙන්නේ නැත්තේ ඇයි කියලා..."


"ඩොක්ටර් කිංස්ලි ද සිල්වා ඔයාව දිගටම බැලුවනේ.....අපි ආයෙත් එයාට කියලා බලමු........"


"ටවුන්හෝල් එකේ ග්ල්ස් හවුස් එකට තමයි ඩොක්ටර්ස්ලා එන්නේ, මම ආයෙත් නොම්බරයක් වේලාසන අද ඇරන් එන්නම් අපි දෙන්නා හවස ගිහින් බලමු ...."


මාස ගානක් තිස්සෙ ඩොක්ටර් කිංස්ලි ද සිල්වා හමුවන්න අප දෙදෙනා ගියත්, අපට දරු සුරතල් බලන්න වාසනාව නොලැබි තිබුන.


"ගංගයි මංජුලයි කතරගම ට්‍රිප් එකක් යනවා කිව්වා....අපිත් ඒගොල්ලෝ එක්ක කතරගම ගිහිල්ලා කිරිවෙහෙර ලඟ තියෙන මහසෙන් පිළිමයට බාර වෙමු ද අපට දරු පලක් ලබා දෙන්න කියලා....මට දෙතුන් දෙනෙක්ම කිව්වා එතන භාර වෙන දේවල් ඉශ්ට වෙනවා කියලා ... ’’


‘‘මටත් යාලුවෙක් කිව්වා එතනට භාරවුණ හුඟ දෙනෙක්ට දරුඵල ලැබිලා තියෙනවා කියලා.’’


"එහෙනම් අපි ඒගොල්ලන්වත් අඬගහගෙන කතරගම ට්‍රිප් එකක් ලඟදිම යමු.....


අපි ලැබුන නිවාඩුවක , ගංගලා සමඟක් කතරගම වැද පුදා ගන්නට ගියේ ලොකු බලාපොරොත්තුවක් හිතේ රදවාගෙනය. කතරගම ගොස් කිරි වෙහෙර වහන්සෙ වැදපුදා ගෙන, ඒ ඉදිරිපිට ඇති මහසෙන් පිළිමයට අප දෙදෙනා භාර වුණේ අපට පුළුවන් ඉක්මණට දරු පලක් ලබාදෙන මෙන් භාර වෙමින්‍ය. කතරගම දෙවියන් වැදපුදාගෙනත් අපි දරුවෙක් අපට ලබා දෙන මෙන් කරුණාවෙන් භාර වී ඉල්ලීය.


කතරගම යන්න ප‍්‍රථම අපි නවගමු පත්තිනි දේවාලයට, මහනුවර දළඳා හාමුදුරුවන්ට, අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේට ආදී ,එකී නොකී සෑම තැනකට ම ගොස් භාරහාර වෙමින් ප‍්‍රාර්ථනා කළ තිබුනේ අප හට දරුවෙකු ලබාදෙන මෙන්‍ය.


අවුරුදු දෙකක විතර කාලයක් තිස්සෙ වෛද්‍යවරුන් හමුවීමට ගොස් නොයෙකුත් වෛද්‍ය පරීක්ෂණවලට භාජනය වෙමින් කල වෙදහෙදකම්වලින් ද අපට දරුවෙකු ලබාගැනීමට නො හැකි වි තිබින.


‘‘මට පුළුවන් උපරිමයෙන්ම ඔයාට ප‍්‍රතිකාරත් කලා..... පුළුවන් නම් ඔයගොල්ලන් කොහේට හරි භාර වෙලාවත් බලන්න .....ඒ වගේම මං ඔයගොල්ලන්ව වෙන වෛද්‍යවරයෙක් ලඟට යවන්නම්. අත් ගුණේ වෙනස් වුණාමත් හරි යයි.....". මහාචාර්‍ය කිංස්ලි ද සිල්වා මහත්මා අප වෙන වෛද්‍යවරයෙකු ලඟට යොමු කලේ එලෙසය.


වෛද්‍යවරුන් හමුවිමට යෑම වගේම පන්සල් කෝවිල් වලට ගොස් භාරහාර කටයුතු කලෙමු......


කතරගම කිරි වෙහෙර මහසෙන් පිළිමයට උන භාරයෙන් පසු මාසයක් වගේ කාලයක් ඇතුළත මම ගැබ් ගත්තෙමි....අංජු ඒ ගැන ඉතා සතුටට පත් ව සිටියේය. ගෙවල් දෙකේම නෑදෑයෝද සතුටට පත්වි සිටියේය.


"ඔයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කිව්වහම අපට හරිම සතුටුයි ...මේ රත්තරං පෙන්ඩන්ට් එක ඔයා තියාගන්න මේ සතුටුදායක ආරංචිය මතක් වෙන්නත් එක්ක.." ....අංජුගෙ මම්මා මට ලස්සන පෙන්ඩන්ට් එකක් තෑගි දුන්නාය.


විවාහයෙන් අවුරුදු තුනකට පසු අප බලාපොරොත්තුවෙන් සිටි අපේ කුළුඳුල් දරුවාගෙ පැමිණීම වෙනුවෙන් අප ලෑස්ති වුණේ ඉතා ඕනෑකමෙනි. දරුවන් නැතිව කාලයක් සිටි නිසා ඉතා පරිස්සමට දරුවා බිහි කිරීමට අවශ්‍ය බැවින් මම ගොඩක් පරිස්සම් උනෙමි.


දන්න කියන සියලූ නෑ හිතමිතුරන් වැඩිහිටියන් මා හට නොයෙකුත් අවවාද අනුශාසනා දුන්නෙ මගෙ කුළුඳුල් දරුවා හොඳින් බිහි කිරීමට පහසුවක් වීමට ය.


‘‘දුවේ උණු වතුර බොන්න එපා. දරුවගෙ කොණ්ඬේ අඩු වෙනවලූ.


"ඔය අමු ගස්ලබු, අන්නාසි වගේ දේවල් කන්නත් එපා..... හොඳට කිරි බොන්න, කොළ ,එළවලු ජාති කන්න....’’


‘‘වාහනවල යනකොටත් පරිස්සමින්.’’


අංජු මාව ඔහුගේ වාහනෙ ඉස්සරහ ආසනයේ වාඩි කරවගෙන යන්නෙ හරියට බිත්තරයක් ගෙනියනවා වගේ පරිස්සමින්..... එයා ඒතරමට මාව පරිස්සම් කරන්නේ ඔහුගේ කුළුදුල් දරුවා වෙන්‍ය.


"මේ දවස් වල මට කෑම කන්න බෑ අප්පිරියයි ..."


"මම අද, චූටි දුවට ඉදිආප්ප තම්බලා පොල්සම්බෝල මිරිස් මාළු, අල හොදි හදලා දෙන්නම්..."


අපි මේ දිනවල අපේ අම්මලාගේ මහ ගෙදර නැවති සිටින නිසා, අම්මා මට ආසයි කියන, කියන විදිහට කෑම හදා දෙයි..... ඇය උයන වෙලාවට ලිප ලඟ ඉදගෙන උනු උනු ඉදිආප්ප, රෝටි ආසාවෙන් කන්නට මම පුරුදු විය.....රස කැවිලි , කෙටි කෑම වර්ග හැම දෙයක්ම අම්මා,මට හදා දුන් හැටි හරිම ආදරනීයයි. දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්ට, ලංකාවේ වැඩිහිටි අය, තරුණ අය හැමෝම සලකන්නේ හරි ආදරෙන්, කරුණාවෙන් ඒක මගේ හිතට ලොකු සතුටක් වි ඇත.


"අංජු ...අපි දැන් මාස පහක් විතර අම්මලාගේ ගෙදර නැවතිලා හිටියනේ...මට දැන් තනියම ගෙදර වැඩ ටික කරගන්නත් පුලුවන් ...දරුවා ලැබෙන්න අමාරුවෙන් හිටි මුල්කාලය ඉවර නිසා අපි දැන් කූළී ගෙයක් හොයාගෙන යමුද...? අපේ බබා හම්බවෙන්න ඉස්සර අපේම ගෙයක් නැතත් කූළී ගේකට හරි ගියොත් හොදයි නේද?


",ඔව්...එහෙනම් අපි මහරගම පැත්තෙන් ගෙයක් බලමු...මට වැඩට,යන්නත් වැඩි දුරක් නැති පැත්තකට යමු ..."


"අම්මලාගේ ගෙදර ඉන්න කොට අම්මා කෑම බීම හදලා අතට දීලා ගෙදර වැඩත් කරලා දෙනවා තමයි .... ඒ උනාට අපි දෙන්නා වෙනම ගෙදරක ඉන්නකොට තිබුන නිදහස දැන් අඩුයි වගේ, ඒකයි මම වෙනම ගෙදරක පදිංචියට යමු කිව්වේ...."


"අපි දෙන්නා කසාඳ බදින්න ඉස්සර ඉදන් හිතන් හිටිය දෙයක්නේ වෙනම ඉන්න ඕනේ කියන එක...ඒ උනාට ඔයාට දරුවෙක් ලැබෙන්න ආව දවසේ ඉදන් අම්මලාගෙ ගෙදර හිටිය එක හොදට ගියා, ඔයාට දරුවා ලැබෙන්න මුල් කාලේ ආව ඔක්කොම අපහසුතා මඟඇරගෙන ,නිදහසේ ඉන්න ලැබුන කාලයක් මේක.....ඔයාගෙ අම්මා, තාත්තා ඔයාට මට හොදට ආදරෙන් සැලකුව එක මට ලොකු සතුටක්...."


මට කුළුදුල් දරුවා ලැබෙන්න ආදා සිට නෑදෑ ගෙවල් , යාළුවන්ගේ ගෙවල් වල කෑමට ආරාධනා ලැබෙමින් තිබේ....


‘‘හෙට රෑට ඔයගොල්ලෝ අපේ ගෙදර කෑමට එන්න ඔයා බබා හම්බ වෙන්න ඉන්න නිසා කන්න ආස කෑමත් ඇතිනේ.....’’ එක් යාලුවෙක් කතා කරයි


‘‘මං බබාට ඕන කරන කොට් ෂීට්, කිරි බොතල් එහෙම දෙන්නම්....’’ තව යාළුවෙක් කීය.


‘‘ඔයාට මං බබා සුදු වෙන්න ඉන්දියාවේ, පකිස්ථානයේ ලේඩිස්ලා බොන කුඩු ජාතියක් තියෙනවා ඒක ගෙනත් දෙන්නම්.’’ ලොකු අක්කා කීය.


දරුගැබට මාස තුන සම්පූර්ණ උනා පසු ,අප දෙදෙනා නැවතත් අපේ නිදහස සොයාගෙන කූළී නිවසක පදිංචියට ගියෙමු. තනි කාමරය , කෑම කාමරය සාලය , කුස්සිය හා බාත්රූම් එකෙන් සමන්විත උන පුංච් ඇනෙක්සිය අපි ගොඩක් ආසාවෙන් පිරිසිදු කර , ලස්සන කර ගත්තේ අපේ කුළුදුල් දරුවා පිලිගන්නටයි.


"බබාට ඕනකරන බඩු අපි දැම්ම තියා එකතු කර ගමු...මම අලුත් බබාට ඕන කරන චූටි ගවුම් පොඩි, නැපීස් මහගත්‍තා...නිලු බබාට ඕන කරන කොට්ශීට්, කිරි බෝතල් එහෙමත් දුන්නා....අම්මත් බබාට ඕනකරන තව ඇදුම් පැලදුම් බඩු එහෙම මහලා දෙන්නම් කිව්වා.


හැමෝගෙම ආදරය, කරුණාව මැද මම දරුවා ලැබෙන කම් කාලය ගත කළෙ නොවිසිල්ලෙනි.

දරු ගැබට මාස තුන සම්පූර්ණ වෙන විට මම අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නට විය. මගෙ කකුල් ඉදිමී කුස ඉදිරියට නෙරා ආවේ දරුවන් දෙදෙනෙකු පිළිසිඳුනු ලෙසය. හැම මාසයකම මාව ජයවර්ධනපුර රෝහලේ මව්වරුන්ගෙ සායනයට කැඳවා ගෙන ගියේ අංජුයි. මගේ මව ද මගේ තනියට පැමිණියාය.


විවාහයෙන් පසුව කිසිම දවසක මම තනියම කොහේවත් ගමනක් ගොස් නොතිබුනි. ගියා නම් ගියේ, අංජු රට ගොස් හිටි සුමාන දෙකේ, අක්කලාගෙ ගෙදර ලඟ තිබුන පන්සලට පමනි. මා හට යෑමට අවශ්‍ය හැමතැනකම අංජු මාව කැඳවාගෙන ගියේය. මාගෙ සෙවනැල්ල සේ මගේ අංජු මා පසු පස සිටිමින් මා රැක බලා ගනිමින් මාව ආදරයෙන් බලා ගන්නේ පොඩි දරුවෙකු බලාගන්නා සේය. ඔහුගෙ ඇගේ දැවටෙමින් සතුටින් මම දරුවා ලැබෙන්න අපහසුවෙන් සිටි කාලයද ගත කලෙමි.


"දැන් නම් එන්න එන්නම දරුවා ලැබෙන දින ලං වෙනවා... චතු හොදටම මහත් වෙලා, කකුල් ඉදිමිලා හරි අමාරුවෙන් ඉන්න පාටයි. ..."


" අද හවස ඩොක්ටර් හම්බවෙන්න යන්න තියෙන දවස නේද ?...


"ඔව් මම ඉක්මනට වැඩ ඇරිලා ,ඔයාව එක්ක යන්න එන්නම්.."


දරුවා ලැබෙන්න මාසයක් ඉතිරිවි තිබියදි මා පරික්ශා කල, මහාචාර්‍ය කිංස්ලිද සිල්වා වෛද්‍යවරයා වරයාගේ නිගමනය උනේ, මගේ අදිරුධිර පීඩනය ඕනෑවටත් වඩා වැඩි නිසා මම රෝහල් ගතවි විවේක ගත යුතු බවයි.


‘‘මෙයාගෙ පෙෂර් එක හොඳට ම වැඩි වෙලා.... හෙට හරි , අද හරි කමක් නෑ හොස්පිටල් එකට ඇඞ්මිට් වෙන්න.’’

මාව පරික්ශා කල ඩොක්ටර් කිංස්ලි ද සිල්වා එසේ කිවිට අංජු හොඳට ම බය වී ඇති බව මට පෙනින.


‘‘බබා හම්බවෙන්න තව මාසයක් තියෙනවනේ ඩොක්ටර්.’’


‘‘ඔව්, ඒ වුණාට මේ තියෙන තත්වෙ උඩ මෙයාව ගෙදර තියාගන්න බෑ.... ඉක්මණට හොස්පිටල් ඇඞ්මිට් කරන්න. බබාව වේලාසන ඔපරේෂන් කරලා ගන්න වෙන්නත් පුලුවන් , මේ විදිහට ප්‍රෙශර් එක දිගටම වැඩියෙන් තිබුනොත්...... එහෙම කරන්න උනොත් , මෙයාට ඉන්ජෙක්ෂන් කෝස් එකක් දෙන්න ඕනේ දරුවා හොදින් හැදෙන්න ....ඒ නිසා මේ අම්මව ජයවර්ධනපුර හොස්පිටල් එකේ මගේ වෝඩ් එකටම ඇඩ්මිට් කරන්න..... ඒක මට ලේසියි මේ අම්මගෙ අසනීප තත්වය ගැන හොදට බලන්න. හොස්පිටල් එකට අද හරි , හෙට හරි ඇඩ්මිඩ් කරන්න පරක්කු කරන්න එපා......"’


"හොදයි ඩොක්ටර් අපි එහෙම කරන්නම් "

අංජු දොස්තර කිව් දෙය අසා කළබල වි ඇති බවක් මට වැටහින .


‘‘දරුවගෙ ඇඳුම් එහෙම ඔයා ලෑස්ති කරල නේද තියෙන්නේ චතු....?. අපි එහෙනම් ඔයාගේ අම්මලාට කියමු. ඔයාව හෙට හොස්පිටල් ඇඩ්මිට් කරනවා කියලා...".


"හෙට අක්කගෙ පුතාගේ පළවෙනි උපන් දිනය.... අපි ඒකට සහභාගි වෙලා අනිද්දට හොස්පිටල් ඇඩ්මිට් වෙමු අංජු... "


"එහෙනම් ඔයා මහන්සි වෙන්නේ නැතුව පරිස්සමට ඉන්න..."


"ඒ යන ගමන් ඔයා බබාගේ ඇදුම් එහෙමත් ඇරගෙනම හොස්පිටල් යනවද ?


‘‘නෑ...තව මාසයක් කල් තියෙනවානේ..... ඒවා ඔන උනාම ඔයා ගේන්න.....’’


අධිරුධිර පීඩනය වැඩිවි මට දරුවා ලැබෙන්න මාසයක් වගේ කාලයක් තියෙද්දී හොස්පිට්ල් ඇඞ්මිට් වෙන්න වුණ එක සියලූ නෑදෑයින්ට ප‍්‍රශ්ණයක් විය. ඒත් මාව බලන්න හොස්පිටල් ආවේ අපේ අම්මා තාත්තා අක්කලා හා අංජු විතරයි.


ඒ වනවිටත් අංජු රැකියාව කළේ කඩුවෙල ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයේමයි. ඔහුගෙ ගමන් බිමන් යන්න වාහ

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

1 Comment


Lakmini Jayanetti Perera
Lakmini Jayanetti Perera
Apr 25, 2022

අනේ හරිම ආසාවෙන් මේ කතාව කියවන්නේ❤️👍

Like
bottom of page