top of page
  • Writer's picturePrisila Godahewa

🌹නොනිමි ගමන 🌹

🌹(නොනිමි ගමන)🌹

( 16 වෙනි කොටස )


අපේ විවාහයෙන් මාස එකලොහක් ගෙවුනු කල, අංජුට අලූතෙන් ගිය ව්‍යාපාර ස්තානයෙන් , උසස් වීමක් ලැබුනේය. ඒ සමගම ඔහුට ගමන් බිමන් යන්නට අලූත් වාහනයක්ද ලැබුනේය. කාර්යාලයට යන්න එන්නට අලුත්ම වාහනයක් ඔහුට ලැබීම, අංජුට වගේම මටද ඇති කලේ කියාගත නොහැකි සතුටක්. එතකම් අංජුට වයාපාර ස්තානයෙන් එහෙ මෙහෙ යන්නට ලබා දී තිබුන මෝටර් බයිසිකලය කාර්යාලයටම භාර දුන්නෙමු. අලූතින් ලැබුන කාර් රතය, අප දෙදෙනාගේම සතුට ඉහවහා ගිය එකක් විය. අප දෙදෙනා ඉන් පසු ගමන් බිමන් ගියේ, අංජු වැඩට ගියේ එම වාහනයෙනි. ඔහුට ඒ වාහනය ලැබි තිබුනේ, ඔවුන්ගේ කාර්යාලයට මාස ගානක් තිස්සේ, ලොකුවට ආදායම් රැගෙන එන්නට ඔහු වැය කර තුබු මහන්සියටය. උත්සහ වන්තයා ජය ගන්නවා යන මතයේ තදින්ම ඇලි සිටින අංජුගේ නොපසුබට උත්සහය අපේ ජීවත ග්මන පටන් ගත්දා සිට මා ඔහු තුලින් දුටු විශිෂ්ඨතම ගතිගුනය වේ.


ඔහු රැකියාව ඇමරිකන් නූල් කම්පැණි එකක විය. රැකියා ස්තානයේ උසස් වීමෙන් පසු, අංජුට එන්න එන්නම කාර්යාලයේ වැඩ වැඩි විය. වැඩ ඇරි ගෙදර එන්න දිනපතාම පරක්කු විය. එබැවින් වෙනද වගේ අපට හවසට කොහේ හෝ නිදහසේ ඇවිදින්න යන්නත් බැරි විය. මං ගෙදරට ම කොටු වුණ ගතියක් දැනින.


අංජු උදේට වැඩට ගියාට පසු, මං මගේ පාළුව කාන්සිය මකා ගන්නට අවට ගෙවල් දෙකක ඉන්න මට වඩා ටිකක් වැඩිමල් ගෘහණියන් දෙදෙනෙක් සමඟ ඉක්මනින්ම යාළු වීය. ඔවුන් සතුටින් ආශ‍්‍රය කරන්න පටන් ගතතෙමි


‘‘නිතයි , දීපයි ඉන්න නිසා, මට දැන් දවල්ට පාළු නෑ....’’


‘‘ඒක හොඳයි. මටත් දැන් වැඩ වැඩි නිසා ගෙදර එනකොට රෑ වෙනවනේ.’’


‘‘නිත්‍යයි, දීපයි මට ගමේ කෑම උයන්න උගන්නනවා..... ඒ දෙන්නා මේ ගමේම දෙන්නෙක් නිසා, ඒ ගොල්ලන්ගෙ වත්තෙ දෙල්, කොස් කඩලා ඉව්ව දවසට මටත් දෙනවා.’’


‘‘ආ... ඒක හොදයි....ඔයා කන්න ආස කෑමනේ.’’


‘‘මේ අපි කුලියට ඉන්න ගෙදරට, එහා පැත්තෙ තියෙන අල්ලපු ඉඩම නීතාලාගෙ.... එගොල්ලො ගිය මාසේ ගෙයක් හදන්න ඒ ඉඩමේ අත්තිවරමක් දැම්මනේ..... ඒ ගොල්ලන්ට දැන් බිත්ති බඳින්න සල්ලි නැතුව වැඩ නවත්වලා තියෙන්නේ....’’


‘‘එහෙමද...?


" අංජු....අපි අර අපේ ඉඩම විකුනලා ගත්ත සල්ලි වලින් කීයක් හරි ඒගොල්ලන්ට ගෙදර වැඩ ඉවර කර ගන්න කියලා දෙමුද...? නිකම් නෙමේ, පුලුවන් දවසක අපට ආපහු දෙන්න කියලා....අපි අපේ පොතේ නිකන් තියන් ඉන්න සල්ලිනේ....ඒ සල්ලිවලින් ගාණක් ඇරන් ඒගොල්ලන්ට දෙමු ගෙදර බිත්ති ටික බැදගන්න කියලා.....’’


" ඔයා කැමති නම් එහෙම කරමු...අපි කුළියට හිටියත්, කාට හරි ගෙයක් හදා ගන්න උදව් කරන එක පිනක්නේ...."


‘‘අනේඔව්..... කොච්චර දෙයක් ද ඔයා ඒකට කැමති උන එක.....මං එහෙනම් නීතට කියන්නම් ඒ ගොල්ලන්ට පුළුවන් වුණාම දෙන්න කියල අපි සල්ලි ටිකක් නයට දෙන්නම් කියලා.’’


අපි කුළියට ඉන්න ගමන්, අල්ලපු ගෙදර ඉඩම අයිති කරුවන්ට, ඒ ගොල්ලන්ගෙ අලූත් ගේ හදාගන්න අපට පුළුවන් විදිහට උදව් කලේ එහෙමයි..... අපිත් අපටම කියල ගෙයක් හදාගන්න ආසාවෙන් ඉන්න දෙන්නෙක්නේ නිසා, තමන්ගේ ගෙයක් හදාගන්න ලැබෙන සතුට අපට තේරුම් ගොස් තිබින. අපට නොතිබුන ගෙයක් වෙන කෙනෙක් හදා ගන්නවට කිසිම ඉරිසියාවක්, කුහක කමක් අපි දෙන්නට ඇති නොවිය. අපි ඔවුන්ගේ ගෙදර හදා ගන්න සල්ලි ටිකක් දෙන්න තීරනය කිරිම, මම හිතන්නේ අපි දෙදෙනා කල ලොකු පිංකමක් කියලමයි මට හිතුනේ.... අපටම කියන්න ගෙයක් නැති අප දෙදෙනාට, මේ පිං බලෙන් කවදා හෝ අපේම ගෙයක් හදාගන්නට වාසනාවක් ලැබෙනු ඇතැයි මට සිතින.


ඔවුන් ජීවත් උනෙත්, ඔවුන්ගෙ අයියලත් එක්ක එක ගෙදර හවුලේ. ....මට ඒ ගැන තිබුනේ ලොකු දුකක්....ඒ නිසා වෙන්න ඇති මම අංජුවත් කැමති කරගෙන මට හිතුන විදිහට, ඒ ගොල්ලන්ට උදව් කරන්න පෙළඹුනේ.


අපි ඔවුන්ට අපේ මුදල් දුන් පසු, අපි කුලියට නැවති සිටි ගෙදරට අල්ලපු ඉඩමේ, ගලෙන් ගල බැදෙමින් ඉහළට එසවෙන ඔවුන්ගේ ගෙදර දකින කළ, අපි දෙන්නට ඇතිවුන සතුට මෙතකැයි කියන්න බැරි විය. එලෙස ඉක්මණට බිත්ති බැඳ ගත්තොත් ඔවුන්ට වහලය ගසා නිම කරගෙන පුළුවන් ඉක්මනට තනියම ජීවත්වෙන්න යන්න පුළුවන්වෙයි කියන සතුටයි අප දෙදෙනාට ඇති වි තිබුනේ..... මගෙයි, අංජුගෙයි හිත් බොහොම හොඳ බව අපටම වැටහි තිබුනේය. අපි කුළියට ඉඳගෙන වෙන කෙනෙක්ට ගෙයක වැඩ ඉවර කරගන්න අතේ තියෙන සල්ලි දෙන්න තරම් අපි දෙන්නා නිහතමානී, කාරුණික දෙදෙනෙක් වි ඇත.


‘‘කවදහරි අපි මේ කරන හොඳ දේවල් නිසා ,අපටත් අපේම කියන්න ගෙයක් පුළුවන් ඉක්මනට හදාගන්න පුළුවන් වෙයි අංජු.....’’


"ඔව්...අනිවාර්යයෙන්ම...හිතේ ඉරිසියාවක්, කහටක් නැතුව අපි ඒ අයට උදව් කලේ..."


‘‘ අපේ කුළී ගෙදර අයිතිකාර අය අපෙන් මේ ගේ අගෝස්තුවල ආයෙත් භාර දෙන්න කියලා ඉල්ලූවා.’’


‘‘ නෑ....ඒ ඇයි? දැන් මොකද අපි කරන්නේ....?


"ඒ ගොල්ලො මේ අපි ඉන්න ගෙදර පදිංචි වෙන්න හිතාගෙන ඉන්නවලූ.’’


‘‘අපි මේ ගෙදරට ඇවිත් තාම අවුරුදු 1 1/2 නේ. අපිට ම කියල ගෙයක් හදාගන්නකම් මෙහේ ඉන්න වුණා නම් තමයි හොඳ නේද?. මොනව කරන්නද අපි එහෙනම් වෙන ගෙයක් කුලියට හොයා ගන්න බලමු.’’


‘‘ඒක තමයි අනුන්ගෙ ගෙවල්වල කුළියට ඉන්නකොට, කියන ගමන් යන්න ලෑස්ති වෙන්න එපැයි.... අපි එහෙනම් පත්තරෙන්වත් කුළියට ගෙයක් හොයා ගන්න බලමු.’’


දැන් අපට නවතින්න නැවත කුළී ගෙයක් හොයා ගන්න සිද්ද වි ඇත. ඔය අතරේ අංජු පාරේ සිටි බලු පැටව් දෙන්නෙක් ගෙදර ගෙනාවේ මගේ අකමැත්තවත් නොඅසා...


‘‘චතු මං මේ පාරේ වැටිල හිටි බලූ පැටව් දෙන්නෙක් ගෙදර ගෙනාවා. පව් ඔයාට පුළුවන් නේද කන්න දෙන්න.’...’


‘‘අනේ.... අනේ... ඉන්න එකා මදි ද තව දෙන්නෙක් ගෙනාවේ.’’


‘‘පව්නේ, ඔයා කොහොමටත් අපේ කැස්පට බත් වෙනම උයනවනේ.... ඒවායින් ටිකක් මේ දෙන්නටත් දෙන්න. ඒ දෙන්න ගෙයින් එළියෙ ඉඳියි.’’


මාසයක් විතර යනකොට අංජු තව ටිකක් ලොකු බලූ පැටවෙක් ගෙදර ගෙනාවා පාරේ කන්න නැතුව හිටියා කියලයි. අංජුලාගේ මහ ගෙදර හිටිය බල්ලා අපේ ගෙදර ගෙනාව දවසේ සිට මට තිබුන කරදරය මවිවට දැන් තව බල්ලෝ තුන් දෙනෙක් ගෙදර එලියේ....මං බල්ලෝ හතර දෙනෙක්ට දැන් කන්න දෙනවා.


ඔය අතර බලු පැටව් නිතර ලෙඩ වෙන්නද පටන් ගත්තේය. අංජු වැඩ ඇරිලා ආ පසු හා සෙනසුරාදා ඉරිදාට අපි දෙන්නගේ රාජකාරිය උනේ, ඔවුන්ව , පශූ වෛද්‍යවරුන් කරා රැගෙන යාමයි.

මුළින්ම අංජු ගෙනා බලූ පැවට් දෙන්නගෙ ඇගේ කුෂ්ඨයක් හැදි, මයිල් ගොස් හම මතුවෙන්න පටන් ගත්තේය ....වැඩි දවසක් නොයා උන් දෙන්නගෙ ඇඟේ මයිල් ඔක්කොම ගිහින් කළු පාට හම විතරක් මතු විය..... අංජු මට උන්ගෙ ඇගේ ගාන්න කහ පාට බෙහෙතක් ගෙනත් දුන්නේ බලාගෙන ඉන්න බැරි දුකට.


දවල් දවසට අංජු වැඩට ගිය කල, මම උන් දෙන්නව ලිඳ ලඟට ගෙන ගොස් හොදට අතුල්ලලා නාවා, ඒ බෙහෙත උන්ගේ ඇගේ ගාලා අව්වේ තිබ්බෙමි ..... ඊට පස්සෙ හොදට බත් කන්න දී. කිරිත් හදා බොන්න දුන්නෙමි. දවසක් ඇර දවසක් සුමාන දෙකක් විතර එසේ බෙහෙත් ගානකල, උන් දෙන්නට සනීප වි ඇඟේ මයිල් එන්නද පටන් ගත්තේය . ඊට පස්සෙ දෙවනියට ගෙනාපු බල්ලටත් ඒ අසනීපෙම හැදින. ඌවත් මං නාවලා බෙහෙත් ගාලා අව්වේ තියලා හොඳ කර ගත්තේ එසේමය.


‘‘ඔයා නිසාම මේ බල්ලො නාවලා බෙහෙත් ගානාව මිසක්, වෙන කෙනෙක් නම් ඔය ජරාව අත ගාන්නෙ නෑ.’’


අහල පහල ගෙවල් වල අය කිව්වේ එලෙස. ඒත් අහිංසක සතුන්ට උපස්තාන කරන්න ලැබිම මම සතුටක් විදිහටයි දැක්කේ.....


‘‘මටත් උන්ගෙ ඇඟ අල්ලන්න අප්පිරියයි තමයි..... එක මයිල් ගහක්වත් නෑ. හම විතරයි. පවු අහිංසක සත්තුනේ. මම රබර් ග්ල්ව්ස් දාගෙන කරන්නේ.


අවසානයේ බලු පැටව් සනීප වි සිටිනවා දකිනකල මට ඇතිවුනේ ලොකු සතුටක්.


"අංජු මම පත්තර වල අපට අලුතින් යන්න කුලී ගෙයක් ,හොයලා බැලුවා...."


"ඉතිං හොද ගෙවල් තිබුනද?


‘‘පත්තරේ තිබුනා, හොද ලොකු කුළී ගෙයක් අතුරුගිරියේ.... අපි බලන්න යමු ද?’’


‘‘ඔව් කාමර දෙකක ගෙයක් කිව්වනේ. තාප්පෙත් ගහල තියෙන නිසා බල්ලො ටිකත් ඇරගෙන අපට එහේ යන්න පුළුවන්.’’


"බල්ලෝ හතර දෙනෙකුත් දැන් ඉන්නවානේ, අපට බලාගන්න. තියෙන කරදර..."


අවසානයේ අපි දෙන්නා ඒ විශාල ගෙදරට බඩු ඇද්දේ ඉරිදා දවසකය. අංජුගෙ රට ඉඳල ආපු යාළුවෝ දෙන්නෙක්, ලොරියක් ගෙනත් බඩු අදින්න අපට උදව් කලේය . ගේකට ඉරිදා දිනවලට පදිංචියට යන්න හොඳ නෑ කිව්වට අපි ඒවා ගණන් ගත්තෙ නැත. කිරි ඉතිරුවේද නැත. කිරිබත් හැදුවේද නැත. ඉරිදා බඩු ඇදලා එදාම ඒ ගෙදර පදිංචි විය.


ඒ ගෙදර අපි හිටියට වඩා ලස්සන ලොකු ගෙයක් විය. තාප්පෙ ගහල තිබුණ නිසා බල්ලෝ දවල්ට ගෙයින් එළියෙ හිටියත්, උන් රෑට අපි දෙන්නට නිදාගන්න දෙන්නෙ නෑ. දොරට ගහ ගහ උඩු බුරුලනවා, ගෙට ගන්නකම්.... ඉතිං බල්ලෝ දෙන්නව ම අපි ගෙට ගන්නවා. පොඩි බලූ පැටව් දෙන්නා අපි මෙහෙට එන්න ඉස්සර ලෙඩක් හැදිලා මැරුණා. ඒ හින්දා දැන් එක බලූ පැටවයි අපේ ගෙදර මුල ඉදන් හිටිය ‘කැස්පයි’ විතරයි හිටියේ. බල්ලන්ගෙ කරදරයට නම් මං කැමතිම නෑ. ඒ වුණාට අංජු බල්ලන්ට ආස නිසා උන්ට කන්න බොන්න දීලා නාවලා මං උන්ව බලා ගත්තා.


අතුරුගිරියෙ ගෙදර අවට දන්න කියන කවුරුත් පඟපාත හිටියෙද නැත. ඒ කිට්ටුව ඕවිටක තිබුණු පොඩි ගේක තරුණ ගෑණු කෙනෙක් ළමයි දෙන්නෙකුත් එක්ක නිතර අපේ ගෙදර ඇවිත් මට දවල්ට තැඹිලි , එළවළු විකුණන්න පුරුදු වි සිටියාය. ඔවුන් ඒ ආ වෙලාවට මං ඒ ගෑණු කෙනාට මගේ පරණ ඇඳුම්, සපත්තු එහෙමත් දෙන්න පුරුදු විය. ඒ ගෑණු කෙනාට ළමයි දෙන්නෙක් හිටියට මට වඩා බාල පාටයි. පොඩි වයසෙන් කසාඳ බැඳලා ළමයිනුත් හදාගෙන කියා මම තනියම සිතුවෙමි. මං හිතන්නෙ අවුරුදු 20ක් විතර ඇති ඒ ගෑණු කෙනාට. ළමයි දෙන්නා තවම ඉස්කෝලෙ යන්නෙ නැත.


අලුත් ගෙදර ගිය දිනේ පටන්ද සෙනසුරාදා ඉරිදාට අපි

ගෙයක් හදන්න ඉඩමක් හොයන වැඬේ නම් නතර කලේම නැත. අංජු සෙනසුරාදා, ඉරිදා ගෙදර ඉන්න දවසට අපි ඒ ගමන් ගියෙමු අංජුට ඔෆිස් එකෙන් හම්බ වුණ වාහනය තිබුණ නිසා අපි හැම තැන ම ගියේ කාර් එකේය.


හිටපු ගමන් මම ලෙඩ විය. මට දෙයින්ගෙ ලෙඬේ (පැපොල) හැදු නේ අහම්බෙනි.


අංජු වැඩට යන නිසා මං ගැන බලන්න ඔහුට වෙලාවක් නොවීය. අංජු මගේ අම්මට ඒ පණිවිඩය කියා ඇයව අපේ ගෙදර එක්ක ආවේය. නමුත් ඒ දිනවල දෙවෙනි අක්කට පළවෙනි බබා හම්බවෙලා අම්මලාගෙ ගෙදර ඇවිත් නැවති සිටි නිසා, අම්මට අපේ ගෙදර නවිතින්න එන්න බැරි විය.


‘‘මං උදේට අක්කටයි, තාත්තටයි කෑම හදලා අලූත ඉපදුන බබාවත් නාවලා ඒ වැඩ ඉවර කරලා ඔයාව බලන්න එන්නම්.’’ අම්මා කීය.


හැම දවසකම අම්මා අංජු උදේට ගෙදරින් වැඩට යනවත් සමග අපේ ගෙදර එන්නෙ බස් රතයෙනි . කොට්ටාවේ ඉඳලා අතුරුගිරිය අපේ ගෙදරට එන්න එක් බස් රතයයි අවශ්‍ය.


අංජු මේ දවස්වල දවල්ට කෑම ගෙනියන එක නැවත්විය. අම්මා අපේ ගෙදර ආ විට මට කන්න, සුදට එළවලූයි, බතුයි හදා අංජුට කන්න මස් මාළු මොනවහරි හදල තියලා, ගෙවල් අතුගාලා අංජුගෙ වැඩට අඳින ඇඳුනුත් හෝදලයි අම්මා හවසට ආයෙත් ගෙදර යන්නේ. මට අම්මා ගැන ඇතිවුනේ ලොකු දුකක් උදේට අක්කගෙ වැඩ කරලා , ඒ ගෙදර වැඩ කරලා මෙහේ ඇවිත් මගේ වැඩත් කරන හැටි දැකලා. අම්මලා එහෙම තමයි ළමයින්ගේ දුක දැකපු කල ඔවුන් සියල්ල කරන්නේය.


කොහොඹ කොළ හොයා ගෙන ඇවිත් මගේ ඇගේ තුවාල හෝදන්නෙත් අම්මා. අම්මා කඩවලින් බෙහෙත් තෙල් වර්ග ඇරන් ඇවිත් මගේ තුවාල වලත් ගානවා. මගේ ඇගේ එක තැනකට විතරයි පැපොල හැදුනේ. හරියට මිදි පොකරු වගේ ඒවා හැදි මට හරියට අමාරු විය. අම්මා නිසා මට ගෙදර වැඩ කිසිත් නොකර නිදාගෙනම කාලේ ගත කරන්න පුලුවන් විය. සුමාන එකහමාරකට පස්සෙ යම්තම් මට සනීප විය.


දැන් දැන් අංජු ගෙදර එන්න හැමදාම වාගේ පරක්කු වෙන්න විය. එයාට ප‍්‍රමෝෂන් එක හම්බ වුණාට පස්සෙ වැඩ වැඩිවි ඇත . සමහර දවස්වලට රෑ 1 -2 ට ගෙදර එන වෙලාවන්ද ඇත .


මම ඔහු ගෙදර එනකම් ගෙදර තාප්පෙ ලඟ පුටුවක් තියා, ඒක උඩ නැගලා එයා එනකම් එළියේ පාර බලාගෙන ඉන්න පුරුදු විය. වටපිටාවේ අඳුනන අයත් නැති නිසා මට පුදුම පාළිවක් දැනෙන්න පටන් ගත්තේය. ගෙදර දවල් රෑ දවසට පාළුවට ගොස් ඇත. ගෙදර සිටිනා බල්ලෝ දෙන්නා නිසා, මට බයක් නම් දැනුනේ නැත.


අංජුට රෑට ඔෆිස් එකේ රැුස්වීම් වගේම ගෙදර ආවාහම කරන්නත් මහ ගොඩක් වැඩ වැඩි විය. ඔෆිස් ෆයිල් වැඩත් උස්සගෙන ඔහු ගෙදර එන්න පුරුදු වී ඇත.


"අනේ මන්දා අංජු ඔයා හරියට මහන්සි වෙනවා...;මට දුකයි ඔයා ගැන "


‘‘මට නම් දැන් මේ රස්සාව එපා වෙලයි ඉන්නේ චතු.....’’


‘‘ඉස්සර අපි කොච්චර නිදහසේ සතුටින් හිටිය ද?’ ඔයාට ප්‍රමෝශන් එක ලැබුනට පස්ස් තමයි මොනවත් කරන්න වෙලාවක් නැතුව ගියේ...."


‘‘කොච්චර හොඳට වැඩ කලත් වැඩක් නෑ. ...ඔෆිස් එකේ ලොක්කන්ගෙන් බැනුම් අහන කොට දමල ගහල ගෙදර එන්න හිතෙනවා චතු..... ඒක කරන්නත් බෑනේ. ආයෙත් රස්සාවක් හොයා ගන්න එක කොච්චර අමාරු ද? ප‍්‍රමෝෂන් එක නිසා වාහනෙ හම්බවුනා විතරයි. ඉවර කරන්න බැරි වැඩ ගොඩක් ඒගොල්ලෝ මට දැන් පටවලා.... මට දැන් රස්සාව එපා වෙලයි තියෙන්නේ...."


"මට දුකයි ඔයා ගැන ..."


"චතු....මටත් හිතෙනවා මේ රස්සාවෙන් අයින් වෙලා, මංජුයි නිහාල්ලුයි වගේ රට රස්සාවකට ගිහින් , සල්ලි ටිකක් වැඩියෙන් හොයා ගෙන ඇවිත් මගේම කියන්න බිස්නස් එකක් කරන්න.’’


‘‘ඔයාට මේ රස්සාව ගැන සතුටක් නැත්නම්, එහෙමවත් කරන්න...’’


‘‘ ඔයාගෙත් අකමැත්තක් නැත්නම් මම නිහාල්ගෙන් අහල බලන්නද ඒ ගැන....අමට රට යන්න විදිහක්.’’


‘‘කොහාට ද?’’


‘‘ජපානෙට තමයි , එහේ හොඳ පඩිලුනේ.... අවුරුදු දෙකක් හිටියොත් ඇති.’’


අපි විවාහ උන අලුතම, ජපන් රටට රැකියාවට ගොස්, නැවත ලංකාවට ඇවිත් හිටිය ,අංජුගෙ අය්යා කෙනෙක්ගේ යාළුවො දෙන්නෙක් අපි සමඟ හොදින් මිතුරු වි සිට් කාලයක් විය.


විවේකය තියෙන ලෙස අපි නිතර ඔවුන්ව මුණ ගැසීමට ඔවුන්ගෙ ගෙවල් වලට ගියෙමු. විනෝද චාරිකා, හෝටල් රෙස්ටුරන්ට් වලට කෑමට යෑම් අපි ඔවුන් සමඟ කලේ ගොඩක් එකමුතුව. සති අන්තයේ හැමදාම වගේ හවසට අපට ඔවුන් මුණ ගැසෙන්නද විය. ඔවුන් ජපන් රටේ රැකියාව කර ,හොදින් මුදල් හම්බ කරගෙන, ගෙවල් දොරවල් හදාගෙන, යාන වාහන ඇරගෙන හිටි අය විය. ඔවුන්ව නිතර ලඟින් ආශ්‍රය කරන කොට අපටද වැඩි දවසක් නොයා ඔවුන්ට වගේ රට ගිහින් සල්ලි ටිකක් හම්බ කරන් එන්න ආසාවක් ඇතිවිය. ඇවිත් ගෙයක් දොරක් හදාගෙන ඉන්න ඇත්නම් කියා නිතර හිතෙන්න පටන් ගත්තාය.


‘‘අපි දෙන්නත් රට ගිහින් අවුරුදු දෙකතුනක් ඉඳලා සල්ලි හොයා ගෙන එමු ද?’’


‘‘ඒ වුණට මේ මගේ රස්සාව තමයි ප්‍රශ්නය ..... අලූත් වාහනය හම්බ වුණෙත් ලඟදිනේ ප‍්‍රමෝෂන් එකෙන්.’’

"ඒ උනාට වැඩ,වැඩි නම්, ඔයා අසතුටෙන් නම් ඔය ජොබ් එක කරන්නේ, ඔයා නිහාල්ලගෙන් අහලා රට යන වැඩය ගැන බලන්න.


" ඒත් ...මුළින් මට විතරයි රට යන්න ලැබෙන්නේ...."


‘‘එතකොට මම.?’


‘‘මං ගිහින් පිළිවෙලක් වුණාම ඔයාව ගන්නම්.’’


‘‘අපි එහෙනම් නිහාල් එක්ක මේ ගැන කතා කරල බලමුද ?.’’


"ඔව්....අපි අදම නිහාල්වයි මංජුවයි හම්බවෙලා, මේ ගැන කතා කරලා බලමු."


*ප්‍රිසිලා ගොඩහේවා *

3 views1 comment

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

1 Comment


Lakmini Jayanetti Perera
Lakmini Jayanetti Perera
Apr 12, 2022

ඔය දෙන්නා ඉස්සර ඉඳින්ම අනුන්ට උදව් කිරීමේ ප්‍රතිවිපාක තමයි අද භුක්ති ව්ඳින්නේ🙏❤️

ඔයාලටත්, දූලා දෙන්නාටත්, හැමදාමත් හරි යන්න ඕනේ🙏❤️

Like
bottom of page