top of page
  • Writer's picturePrisila Godahewa

🌹නොනිමි ගමන🌹

Updated: Apr 11, 2022

🌹නොනිමි ගමන🌹

(15 වෙනි කොටස )


හැම සෙනසුරාදා ඉරිදා වකම අංජු හා මම මෝටර් බයිසිකලේ නැඟ ඉඩම් හොයන්න ගිය ගමන ජීවිතයට අමතක නොවන මතකයන් වේ. ගෙවල් ,ඉඩම් සොයා දෙන බ්‍රොකර් වරු පස්සේ ගිය කාලය, අව්වේ වැස්සේ බයිසිකලේ නැඟ ( පෙට්‍රල් නාස්ති වන නිසා, මෙවැනි ගමන් යන්න අපි අපේ කාර් රතය පාවිච්චි කලේ එහෙමත් දිනකය ) ඉඩම් හොයන්න ගිය කාලය, අපේම කියන්න ගෙයක සිහිනය හිතේ තියාන මැව්ව සිහින ගොන්න.....


ගෙයක් හදාගන්න කියා, ඉඩමක්, පර්චස් දහයක් ගන්න මාස ගානක් තිස්සේ අපි උන මහන්සියේ ප්‍රතිඵල , අවසානයේ මල්ඵල ගැනින. සොයන්නාට සම්බ වේ, කියන පද පිරුළ සනාත කරමින අපිට, කොට්ටාව මහල්වරාව ප්‍රදේශයේ පර්චස් 43ක ඉඩමක් ලාභෙට ගන්න අවස්ථාව ලැබින. එම ඉඩමට කියන්න හරියට පාරක් නොතිබීමත්,. පුංචි ගෙවල් දෙකක වත්තක් උඩින් එම ඉඩමට යන්න පාර තිබුනා වගේම, එම ඉඩම බූදල් ඉඩමක් උන බැවින්, පවුල් හතර පස් දෙනෙක්ට අයිතිව තිබුන ඉඩමක් විය. එබැවින් ඔවුන් සියල්ලන්ටම නිතිඥ්ඥ වරයකු යටතේ අත්සන් කර එම ඉඩම අපට පැවරීමට අවශ්‍ය බැවින්, අපට මාස ගාණක් තිස්සේ ඒ වෙනුවෙන් බලා සිටිමට සිදු විය.


අවසානයේ අපේ මහන්සියෙ ප්‍රතිඵල ලැබු පසු ඒම ඉඩම ගන්නට යන අන්තිම මොහෝතේ අපට දැන ගන්නට ලැබුනේ, එම ඉඩමට බැංකු ණය ගත නොහැකි බවයි. බූදල් ඉඩමේ ඔප්පුව හරියට පැහැදිලිව නොතිබුන හේතුවෙන්.


"මාර වැඩක්නේ උනේ, දැන් මොකද කරන්නේ...."


‘‘ අනේ මන්දා මෙච්චර මහන්සි වෙලා , මාස ගානක් බලන් ඉඳ අපි ගන්න ගිය ඉඩම..... දැන් මොකද කරන්නෙ,.... ඉඩම ගන්න අපි දැන් කොහෙන්ද සල්ලි හොයන්නේ ?’’


"බෑන්ක් ලෝන් ගන්නත් බෑ නම් ඒ ඉඩමට ....අපි ඔන්න ඔහේ ඒක අත ඇරලා දාමුද චතු...."


"අනේ අපි උන මහන්සිය , ඔය වගේ ඉඩමක් අපට ආයෙත් ලාභෙට හම්බ වෙන්නේ නෑ.....අපි අපේ කාර් එක විකුණමුද ?. අපි කාර් එකේ යන්නෙ විශේෂ ගමන් විතරනේ. වැඩිපුර අපි බයිසිකලේ යන නිසා කාර් එකෙන් වැඩක් නෑ...අපි කාර් එක විකුනලා ඉඩම ගමු...?.’’


‘‘ ඔයා ඒකට කැමතිද ? එහෙනම් කාර් එක විකුණමු.’’

‘‘ ඒත් ඒක විකුනලත් අපට තව ඉඩම ගන්න සල්ලි මදි වෙයි...දැන් . මොකද කරන්නෙ අපි ණයක් වෙලාවත් ඉඩම ගමුද?’’


‘‘එහෙනම් අපි ඔයගොල්ලන්ගෙ අක්කලාගෙන් ණයක් ඉල්ල ගමු.ද?’’


‘‘අක්කලාගෙන් මීට ඉස්සෙල්ලා අපි ගෙයි ඇඞ්වාන්ස් එකට ඉල්ලගත්ත පොඩි ණයකුත් ඉතිරි වෙලා තියෙන නිසා , ආයෙත් දෙයි ද දන්නෑ.’’


‘‘ කාර් එක විකුනුවත් සල්ලි තව ටිකක් මදිනේ....දැන් මොකද කරන්නෙ අපි....?


"අපට ඉඩම ගන්න තව සල්ලි ටිකයි අඩු..."


‘‘රතු කාර් එක විකුනුවා වගේ, අපි ගෙදර තියෙන බඩුවක් හරි විකුණලා ඉඩම නම් ගන්නම ඕනේ අංජු.....අපි. කොච්චර මහන්සි වෙලා ද ඒ ඉඩම හොයා ගත්තේ.... දැන් මාස ගාණක් එකට මහන්සි වුණා...."


මං අඬන්න පටන් ගත්තෙ අන්තිම මොහොතේ අපට ඉඩම ගන්න බැරි වෙයි කියන දුකටයි. මට අපේම කියල ඉඩමක් ගන්න තියෙන්නෙ පුදුම ඕනෑකමක්.’’


‘‘ ඔයා අඬන්න එපා චතු, මම දන්න කෙනෙක් කිව්වා, නුගේගොඩ පොළියට ,ණයට සල්ලි දෙන කෙනෙක් ඉන්නවා කියලා. අපි එයාගෙන් පොළියට, ඉතිරි සල්ලි ටික ඉල්ල ගමුද?..


මම ඉඩම ගන්න බැරි වෙයි කියා බයේ, අඬනවා දැක අංජු මා සැනසීය. මම අඬනවා දැකිම තමයි ඔහු අකමැතිම දර්ශනය . ඔහුට එයින් ලොකු ශක්තියක් විත් මම කැමති දේ ලබා දෙන්න උත්සහ ගන්නා බවත් මම දනිමි.


" එහෙනම් එහෙමවත් කරමු.’’


සියල්ල අවසානයේ, අපේ ලාන්සර් රතු කාර් එක විකුනා ගත් මුදලත්, පොළියට ගත් ණයෙන්ද අපේ ඉඩම මිලදි ගෙන ගනුදෙනුව ඉවර කලෙමු


‘‘මට හරි සතුටුයි ,දැන් අපට අපේම කියන්න ඉඩමක් තියෙනවා නේ.....ඉඩම මායිම් වෙලා තියෙන්නේ කුඹුරකට උනාට කුඹුරට වඩා ගොඩක් උඩින් ඉඩම තියෙන නිසා හරිම ලස්සන දර්ශනයක් මෙතන ඉදන් බලනකොට පේනවා. අපි දැන් කවද්ද මෙතන අපේ කියලා ගෙයක් හදාගන්නේ...?’’


‘‘ඉස්සෙල්ලා අපි මේ ඉඩමට එන පාර සුද්ද කරලා හදාගන්න ඕනේ.’’


‘‘අපි කාව හරි දාලා ඉඩම සුද්ධ කරමු.... පාරත් එක්කම.’’


"දැන් මොකද කරන්නෙ ඉඩම ගන්න ගත්ත නයට? පොලී ගෙවන්නත් ඕනේ නේ....අ


"අපි ඒවා හෙමිහිට ගෙවලා දාන්න බලම්. "


‘‘එහෙම කරමු....’ඊට පස්සෙ අපි සල්ලි ටිකක් එකතු කරගෙන ටික ටික ගෙයක් මෙතන හදා ගමු. අපි මේ ලඟ පදිංචි වෙලා ඉන්න නිසා අපට, බාස්ලා ගේ හදනවත් බලන්න පුලුවන් ...’


‘‘ ඒ උනාට චතු.....අපි මේ ඉඩම ගත්තට, අපි ගෙයක් හදන කාලෙකට අපට බෑන්ක් ලෝන් එකක් වත් ගන්න බැරුවා යනවා, මේ ඉඩමෙ ඔප්පු අනුව....අපි හිතුවට මේ ඉඩම අපේ පදිංචියට ඒ තරම් හොඳ නෑ කියලයි මට හිතෙන්නේ ..... ඒ මදිවට අර මේ ඉඩමට එන පුංච් මැටි ගෙදර නිසා, අපේ ඉඩමට තියෙන වටිනාකම නැතුව යනවා කියලයි මට හිතෙන්නේ. අපි කොයිතරම් ලොකුවට ගේ හැදුවත් අවට තියෙන ගෙවල් නිසා අපේ ගෙදර වටිනාකමක් නැතුව යන්න පුලුවන් .....’’


‘‘ අපරාදේ එහෙනම් අපි මොකද කරන්නේ මේ ඉඩමට.....?


" අපි මේ ඉඩම ගත්ත ගානට වඩා වැඩි ගාණකට විකුණලා වෙන පැත්තකින් ඉඩමක් ගමුද ?


‘‘ඒක නම් හොඳයි.....එහෙනම් අපි ඉඩම හොඳට සුද්ධ කරලා පාරත් සුද්ධ කරලා .... සිළුමිණ පත්තරේ, ඉඩම් විකිනන තීරුවට දාලා බලමු. වැඩි ගාණකට විකුණන්න බලමු....’


"ඒක හොද අදහස, අපට උලුවන් අපි අක්කලාගෙන්, ගෙට දුන්න ඇඩ්වාන්ස් එකට ගත්ත නය ගෙවලා ඉතිරි සල්ලි වලින් ඉඩමකුත් ගන්න...."


අපේ ඉඩම ගත් සැනින් අනෙක් පැත්තට අපි ,සිළුමිණ පත්තරේ ඉඩකඩම් දැන්වීම් තීරුවටදා ,අපේ ඉඩම විකුන ගන්න බැලුවෙමි.


පළවෙනි මාසේ වගේම දෙවන මාසෙත් පත්තරේ දැන්වීමක් දමා වත් අපට ඉඩම විකුන ගන්න බැරිවිය.


‘‘ දෙපාරක්ම දැන්වීම පත්තරේ දාලත් අපට ඉඩම විකුණගන්න බැරි වුණානේ...

දැන් මොකද කරන්නේ.....’’


‘‘ අපරාදේ අපි ඉස් ඉස්සරම ගත්ත ඉඩම....අපට ගෙයක් හදා ගන්නත් බෑ විකුන ගන්නවත් බෑ.....දැන් මොකද අපි කරන්නේ.....අපි ගිහින් කෝවිලක හරි පන්සලක හරි භාරයක්වත් වෙමු ද?’’


‘‘කොහාට ද භාර වෙන්නේ.’’


‘‘අපි පිල්ලෑව පන්සලට ගිහින් භාර වෙමු....එතන හාස්කම් තියෙනවා කියනවානේ....’’


"එහෙනම් අපි මේ සෙනසුරාදාම පිල්ලෑවේ පන්සල් ගිහින් ඉඩම ඉක්මණට විකිනෙන්න කියලා භාර වෙලා එමු. "


සෙනසුරාදා දින අපි දෙන්නා පිල්ලෑව පන්සලට ගොස්, අපේ ඉඩම පුළුවන් ඉක්මණට විකුණගන්න පුළුවන් වෙන්න කියා භාරයක් වුනෙමු.


‘‘මොනවද අපි භාර වෙන්නෙ. ඉඩම විකුණුවට පස්සෙ පන්සලට දෙන්න.’’


‘‘ම්ම්....බලන්න මේ පන්සලේ හැටි. කොයිතරම් සෙනඟක් එන තැනක් ද මේ.... පන්සල හැමතැනම කුණු. අපි දෙන්න භාර වෙමු, ඉඩම විකිණුනාට පසු උදේක ඇවිත් මුළු පන්සල ම අතු ගාලා අස්කරලා පිරිසිදු කරනවා කියලා.’’


‘‘ඒක නම් හොඳ අදහසක්..... මාත් ආසයි. අතින් වියදම් යන්නෙත් නෑනේ..... පන්සල පිරිසිදු කරන එක අපේ මහන්සියෙන් ම කරන්න පුළුවන් දෙයක්නේ....’’


"එහෙනම් එහෙම කරමු..."


අපි පන්සල් ගොස් ,ඉඩම පුලුවන් ඉක්මනට විකිනෙන්න කියා භාර වි ආදාට පසු දින.....අපිට ඇතිවුනේ කියා ගත නොහැකි පුදුමයක්.... පන්සල් ගිහින් භාර වී ආ දිනට පසුදින අපේ ඉඩම ගන්න කෙනෙක් පොරොන්දු වීම.... පත්තරේ තිබු පරණ දැන්වීමක් දැකලයි ඒ කෙනා ඉඩම බලන්න ඇවිත් තිබුණේ.....


"චතු, ඒ කෙනා අපේ ඉඩම අපි ගත්ත මුදල වගේ දෙගුනයකට, ඉඩම මිලදි ගන්න කැමති උනානේ....ඒක නම් හරිම පුදුමයි.


"ඉඩම ගත්තා වගේ දෙගුණයකට අපට ඉඩම විකුණගන්න ලැබෙනවා නම් කොච්චර දෙයක්ද .... මට කියා ගන්න බැරි තරම් සතුටුයි."


අවසානයේ අපි මිලදී ගත් ඉඩම, ඒ ගත් මුදල වගේ දෙගුනයකට විකුණා මුදල් ලබා ගත්තෙමු.


"අපි දැන් මේ ලැබුන මුදලින් ඔයාගෙ අක්කලාගෙන්, බැදපු අලුත ගත්ත ණය ගෙවලා දාමු මුලින්ම ...

මම ආසම නැති දෙයක් තමයි කාටවත් ණය වෙන එක. එතකොට අපි ඉඩම් ගන්න අර පොළියට ගත්ත මුදලත් ගෙවලා දාමු...."


"ඉතිරි සල්ලි අපි පොතේ දාගෙන තව හොද ඉඩමක් ගන්න බලමු. අපේ පළවෙනි ඉඩමෙන් අපි හොද බිස්නස් එකක් කරගෙන ලොකු ලාභයකුත් ලැබුවනේ....ඒක නම් හොඳ මොලේ.....ඔයාට ඔෆිස් එකක වැඩ කරන්න නෙමේ තියෙන්නේ , බිස්නස් කරන්න ....මගේ මොලෙන් ඔයාට කරන්න ඕන දේවල් කියලා දෙන්නම්...."


"ඔයා ලඟ ඉන්නවා නම් මට කරන්න බැරි දෙයක් නෑ....ඉස්සරහ කාලේ බලමුකෝ...."


‘‘ දැන් අපි පිල්ලෑවේ පන්සලේ භාරය ඔප්පු කරන්න ඕනෙ නේද ? ඒ පන්සලට භාර උන දවසට පස්සෙන්දම ඉඩම විකුනුන නිසා..’’


‘‘ ඔව්....ඒක ඇත්ත. අපි එහෙනම් එන සෙනසුරාදා ඒ පන්සලට යමු.... ඉදලකුත් ඇරගෙන ගිහින් පන්සල අතුගාලා ,සුද්ද පවිත්‍ර කරමු අපි දෙන්නා තනියම ....’’


"අපි සෙනසුරාදා උදේ කිරිබත් හදාගෙන ඇරගෙන යමු බෝදියට තියන්න ..."


අපි පිල්ලෑවේ පන්සලට භාර උන විදිහටම, අපි දෙන්නා පන්සල කිට්ටුවෙන් අලූත් ඉදලකුත් ඇරන්, උදේම මං හදපු කිරි පිඬු ද, තෙල් මල් ද ඇරන් පන්සලට ගියේ උදේ 6.00 වෙනකොට. මේ වන කොට අපට තිබු කාර් රතය විකුනා තිබුන නිසා, දැන් තාමත් අපේ වාහනය මෝටර් බයිසිකලයම වේ.


අපි දෙන්නා පන්සලේ ගොස්, මල් ආසන ඔක්කොම අස්කරලා හෝදලා, දෙන්නත් එක්ක පන්සලේ දෙපැත්තක ඉඳන් හොඳට අහුමුළු අස් කර අතු ගා දැම්මෙමු.


අප දෙදෙනාය තනියම මුළු පන්සලම සුද්ද බුද්ද කරන්න පැය දෙකකට ආසන්න කාලයක් ගියේය.


‘‘දැන් නම් මුළු පන්සලම හරිම පිරිසිදුයි.’...බලන්න් ලස්සනයි. අපි එනකොට මේක කුනු ගොඩක් වගේනේ තිබුනෙ, හැම තැන්ම කොළ කෑලි, මල්, නටු, ඉටිකොළ කෑලි දාලා...බලන බලන අත තිබුන කුණු ගොඩවල් අස්වුනාම පන්සලේ තියෙන සිරියාව, ලස්සන පිරිසිදු බව දකින කොට හිතට දැනෙන්නේ පුදුම සතුටක්....’


‘‘අනේ ඔව් ඇත්තමයි..... බලන්න කොච්චර ලස්සනද? අපි එහෙනම් අත පය හෝදගෙන ඇවිත්.... කිරිපිඬු පූජා කරලා මල් තියල වඳිමු.’’


අපි භාර වුන ලෙසම....බෙල්ලන්විල පිල්ලෑව පන්සලේ භාරය අපි ගොඩක් හොඳට ඉෂ්ඨ කර දැමුවෙමු.


‘‘අපි දැන් තව ඉඩමක් හොයා ගන්න ඕනෑ නේද අපට ගෙයක් හදාගන්න ...?’


"ඒකනේ..."


*ප්‍රිසිලා ගොඩහේවා *

2 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page