top of page
  • Writer's picturePrisila Godahewa

🌹නොනිමි ගමන🌹

🌹නොනිමි ගමන 🌹

( 12 වෙනි කොටස )

අපේ ව්වාහ මංගල උත්සවය අවසන් වි, පසුදා පාන්දරම, අපි අපේ මදුසමය ගත කිරිම සඳහා කොළඹින් නුවරඑළිය බලා පිටත් වුවෙමු .


මහනුවර, නුවරඑළිය නගර පසුකර ඇල්ල වැල්ල වාය පාර හරහා පැය ගානක ගමනකින් පසු, ඇල්ල තානායමට පැමිනියෙ දැඩි විඩාපත්වීමකිනි. ඒ වන විට ඒ පාළාතේ මුළු කඳුකරයම හතර අතින් කළුකර මීදුම වැටෙමින් තිබුනි. කාත් කවුරුත් නොදන්නා පරිසරයක, ජීවිතේ මුල්ම වරට තනියම විනෝද ගමනක් ආ අපි දෙදෙනා අන්දමන්දව සිටියෙමු . අපේ තනියට හිටි සොමිපාලද රෑ කළුවර වැටුන පසු, හිතේ දෙගියාවකින් පසුවෙන බව පෙනින.....


"ඔන්න මහත්තයා අපි ගෙස්ට් හවුස් එකට ආවා, එහෙනම් නෝනයි මහත්තයයි ඇතුලට ගිහින් බලන්නකෝ, තානායමට කොළඹින් ගෙවපු බිල නැති උනා කියපු නිසා....මම වාහනය තියාගෙන මේ කාර් පාර්ක් එකේ ඉන්නම්..."


"ඔව් සොමිපාල අපි ඇතුලට ගිහින් බලලා එන්නම්....එතකම් සොමිපාල වාහනේ ඉන්න."

එක දිගටම වාහනයේ පැමිනීමත්, බොහෝ රෑබෝවි තිබීමත්, වැඩිදුර විනෝද ගමන් ගොස් නොතිබුන මම සිටියේ බොහෝ තෙහෙට්ටුවෙනි. ගමන් මහන්සියට මෙන්ම, අංජු අතින් ගෙස්ට් හවුස් එකේ බිල නැතිවි තිබීම හේතුවෙන් මගේ හිත තිගැස්සීමකට ලක්ව ඇත.


අංජු ගෙස්ට් හවුස් එකේ මැනේජර් සමඟ ලොකු කතාබහකය. හිතේ තිබු බයට, මම එම කතා බහට කන්නොදි ගෙස්ට් හවුස් එකේ වැරැන්ඩාවේ ඇති ඇදි පුටුවකින් වාඩිවි ,එයින් එලියේ වැටි ඇති මීදුම දෙස නිනව්වක් නැතුව බලා උන්නෙමි . මුළු පළාතෙම ඇත්තේ දැඩි අඳුරකි. ඇල්ල තානායමේ වැරැන්ඩාවේ ඇති විදුලි බුබුළු එළියෙන් එහි ගෙවත්තේ පේන දුරින් ඇති දෑ පෙනේ....


වැරැන්ඩාවේ ඉදිරිපස නානා පාට රෝස මල් වවා ඇත. ඒවායේ නානා පාට විශාල රෝස මල් පිපි ඇත. ඊට එහායින් ඇති තණකොළ පිට්ටනිය කෙළවර වෙන්නේ යකඩ වැටකිනි.... යකඩ වැටෙන් එහා ඈත දිගට ම මහා කළු කඳු වළලූ ඇති ආකාරයක්, විහිදි ඇති හැටි පෙනේ. කෙතරම් බලන්න ලස්සන දර්ශනයක් උනත්, අවට ඇති අඳුර නිසා හිතේ හැටියට අවට පරිසරයේ සුන්දරත්වය දැක බලා ගන්නට බැරිය.


අංජු තවමත් තානායම ඇතුළත, මැනේජර් සමග කතා බහකය....මගේ හිතට ඇතිකර ඇත්තේ දැඩි නොසන්සුන් තාවයකි. ගෙස්ට් හවුසයට මුදල් ගෙවු රිසිට් පත නැති නිසා, අපට අද රෑ මෙහේ නවතින්න නොලැබෙයි ද ...?


‘‘හරි චතු ඔක්කොම හරි......ඒගොල්ලෝ කොළඹ හෙඩ් ඔෆිස් එකට කෝල් කලා, මගේ අයිඩෙන්ටිය චෙක් කරලා අපට කාමරයට යන්න කිව්වා..."


"ඇති යාන්තම් ...මම බයේ හිටියේ අද රෑ අපට මෙහෙ නවතින්න නොලැබෙයි කියලා ...."


"නෑ එහෙම වෙන්නේ නෑ.....දැන් හරිනේ අපි යමු අපේ කාමරයට..... කාමර අංක 4 තමයි මේ හෝටලේ තියෙන හොඳම අවට දර්ශනය පෙනෙන්න තියෙන කාමරය......."


ආ...මේ තියෙන්නේ කාමරයේ යතුර. අපි යමු කාමරයට. ....මම සොමිපාලට කියන්නම් අපේ ඇදුම් බෑග් ඇතුලට ගන්න කියලා ..."


"හරිම නිදහස් ලස්සන තැනක්...."


"දැන් අද ඉදන් දවස් තුනක් අපි මෙතැන තමයි ඉන්න යන්නේ ...ලස්සනයි නේද තැන...?


‘‘හරිම ලස්සනයි ....මේක හරිම ලොකු කාමරයක්.... "


කාමරයේ එක බිත්තියක් ලෙස ඇත්තේ ලොකු දිග තනි විදුරුවකි. එම වීදුරුවෙන් සමන්විත ජනේලයෙන් අවට මුළු කඳුකරය ම පෙනෙනවා ඇරෙන්නෙ වෙන කිසිත් දෙයක් ලඟ පාත නොපෙනේ.... කාමරය ඉතා ලස්සනට සරසා පිරිසිදු ඇඳන් රෙදි දමා ඇත. ජීවිතයට කවදාවත් මම මේ තරම් ලස්සන කාමරයකට ඇවිත් නැත. මේ කාමරය , ඊයේ ජානකී හෝටලයේ අපට නවතින්න තිබුණු කාමරය වගේ දෙගුණයක් විශාල කාමරයක් වේ. මෙතරම් ලොකු ලස්සන හෝටල් කාමරයකට මම ගිය මුල්ම දවස අදවේ....මගේ හිත සතුටින් පිරි ඉතිරින.....


මම ගෙදර ඉන්න කාලේ, ගෙදර අයත් සමඟ නිවාඩුවකට විනෝද ගමනක් ගිය කල, කාගෙ හෝ ගේක නවතින්වා ,එහෙම නැත්නම් විශ‍්‍රාම ශාලාවක වගේ නැවති සිට ඇති මට, මේ වගේ විශාල හෝටල් කාමරයක මුළින්ම නවතින්න ලැබුණු අවස්ථාව ගැන මට ඇත්තේ කියාගන්න බැරි සතුටක්.


අද සිට දවස් තුනක් අපි මේ කාමරයේ නවතින්න නියමිතය.

අපි ඉතා ආසාවෙන් අපේ අලුත් ජීවිතය ....අපි අපේ මධුසමය නිදහස් , සුන්දර, සීතල මීදුම වැටුනු පරිසරයක, විශාල ලස්සන කාමරයක බොහෝ සතුටින් ආරංභ කළෙමු.


‘‘අපි වොෂ් එකක් දාලා රෑට ඉක්මනට කෑම් කන්න යමු... රෑ 8.30 වෙනකොට කෑම ලෑස්ති කරනවා කිව්වා....’’


‘‘සොමිපාල කොහේද එතකොට දැන් නැවතෙන්නේ....?.’’


‘‘එයාට හෝටලයේ ඩ‍්‍රැයිවර්ලගේ රූම් එක තියෙනවා...එයාට එතන ගොඩක් හොදයි ...මම ගිහින් බලලා ආවේ ....’’


‘‘එක හොඳයි.’’


උදේ පාන්දර සිට කොළඹින් ඇල්ල බලා ආ අපි, බොහෝ තෙහෙට්ටුවෙන් සිටියත්, ඇඟපත සෝදා, නාගෙන අලුත් ඇදුම් ඇදගෙන එළියට ආ කල හිතට, ගතට දෙකටම දැනුනේ පුදුම සනීප සැනසිල්ලක් මිශ්‍ර නැවුම් බවකි.....


මේ ජනවාරි මාසය නිසා ඇල්ල දිස්ත්‍රික්කයේ ඇත්තේ පුදුම සීතලකී. අප දෙදෙනාම ශීතල යන්න ශීත කබා දෙකක් ඇදගෙන , කාමරයෙන් එළියට ආවේ රෑ කෑම ගැනීම සඳහායි.


‘‘කොහේ හරි බුදු පිළිමයක් තියෙනවද බලන්න ඕනේ..... රෑට කෑම කන්න ඉස්සෙල්ලා මට බුදුන් වදින්න තියෙනවා නම් හොඳයි...."


ගෙදර දී හැමදාම උදේ හවසට කරන , බුදුන් වැදීමේ පුරුද්ද අත ඇරගන්න බැරුව, අංජු බුදු පිළිමයක් තියන තැනක් හොයයි. අංජු උදේ හවා බුදුන් වදින ඉතා ආගමට ලැදි කෙනෙක් වීම මට ලොකු සතුටකි.


‘‘අර ලොකු බෝ ගහක් තියෙන්නෙ අපි ගිහින් බලමු එතන බුදුන් වදින්න පුලුවන් තැනක් තියෙනවද කියලා .....”


ඇල්ල තානයමට ඇතුල් වෙන තැන ඇති විශාල බෝගහ ගාව හොඳට ම කළුවරය. මීදුම වැටුන සීතල කළුවරේ බෝගහ පැත්තෙ, පේනතෙක් මානෙකට කවුරුත් නැත. අප දෙදෙනා කවුරුත් පේන්න නැති කලුවරේ හෙමිහිට බෝගහ පැත්තට ගියෙමු. බෝ ගහ යට පුංච් ලී පෙට්ටියක් තුළ තිබුණු බුදු රුව ඉදිරියේ කවුරුන් හෝ මැටි පහනක් පත්තු කර ඇත. එය දැක අංජුට මට සතුටක් ඇති විය.


‘‘ මේ තියෙන්නේ බුදු පිලිමයක් .....අපි මෙතන ඉදන් බුදුන් වැඳලා ඇතුලට යමු....ලොකු තැනක්ද, පොඩි තැනක්ද කියලා නෑ අපි බුදුහාමුදුරුවෝ සිහිකරගෙන පන්සිල් ඇරගෙන බුදුන් වැන්දාහම හිතට ලොකු සතුටක්, ආරක්ශා කාරී බවක් දැනෙනෙවා.

මේ තැන හොදටම ඇති..... .’’


අංජු උදේ හවස බුදුන් වඳින එක හැම දිනයක ම කරන දෙයකි. හොඳ බෞද්ධයෙක් වශයෙන් ජීවත්වන ඔහු වැනි කෙනෙකු කසාඳ බඳින්න ලැබීම ඔහුගේ බිරිද වෙන්න ලැබීම මට ඇත්තේ කියා ගත නොහැකි සතුටකි.


"දැන් නම් හරි බඩගිනියි ....අපි යමු කෑම කන්න....අපි සොමිපාලටත් අද රෑ කෑමට අපිත් එක්ක කන්න එන්න කියලා ඇතුලට අඬ ගහමු. අපිත් එක්ක උදේ ඉදන් එන කෙනානේ...."


"ඒක නම් හොදයි "

හෝටලයෙන් එදින රෑ අපි ගත් කෑම අපට ඉතා විශේෂ විය.... අප දෙදෙනා සමඟ කෑම කන්න, අංජු සොමිපාලටත් අපේ කෑම මේසයට ආරාධනා කර තිබීම කොයිතරම් හොද දෙයක්ද කියා මට සිතේ... .. අංජුගේ හිතේ දුප්පත් පෝසත් කියා බේදයක් නැත. ඔහු අප මෙහි කැදවාගෙන ආ රියදුරු තැනටද කෑම මේසයට ආරාධනා කළේ එබැවිනි.


කෑම මේසය ඉතා රසවත් කෑමවලින් පිරී තිබිණ ෆ්‍රියිඩ් රයිස්, ඩෙවල් චිකන්, එළවලූ චොප්සිය , බැඳපු මාළු හා , සුදුලුනු සෝස් දෑමු ඉස්සෝ අප තුන්දෙනා කෑම රස කර කෑවෙමු.


‘‘කෑම නම් හරිම රසයි.’’


‘‘බිලත් ඒ වගේම ඇති මහත්තයා .’’ සොමිපාල කීය.


‘‘කීය ද බිල....?.’’


මමද ඇසුවේ බයෙන් මෙනි. මම නිතරම ගණන් හිලව් බලමින් ඇදුම් පැලදුම් ,කෑම බීම ගන්නට පුරුදුව ඇති කෙනෙක්මි. මගේ ඕනෑවට වඩා අරපිරිමැස්ම ගැන අංජු ඉදහිට දොස් කියන අවස්තාද ඇත.


“ටිකක් ගනන්...ඒකට කමක් නෑ....”


‘‘අම්මෝ අපි තන්වේලම මේ තානායමෙන් කැවොත් අපි විකිණෙයි මහත්තයා ......’’ සොමිපාල කීය.


සොමිපාලද මම මෙන්ම අරපිරිමැස්ම ගැන බලන කෙනෙක් බව පෙනේ....


‘‘මහත්තයා ටවුමේ හොඳ රෙස්ටුරන්ට් තියෙනවා. ඒවායේ කෑම මෙච්චර ගනන් නෑ....අපි ඒවායින් ඉතිරි දවස් තුන කෑම කමු...... සොමිපාල අංජුට කිව්වේය.


"ඒකට කමක් නෑ සොමිපාල ..... අපි හෙට උදේටත් මෙහෙන්ම කමු..... මම උදේටත් කෑම ඔඩර් කලා.... ඉඳි ආප්ප, මාලූ, පොල් සම්බෝල හා අල හොඳි එක්ක...."


අංජුට නම් ඔනේ දිගටම හෝටලයෙන්ම කෑම කන්නයි.


‘‘එහෙනම් උදේට අපි කෑම කාලා ගොඩක් ඈත ඇවිදින්න ගිහාම දවල්ට එලියෙන් කෑම කාලා එමු......’’ සොමිපාල කීය.


"දැන් කොහේද සොමිපාල අපි හෙට උදේට යන්නේ....මොනවද මේ පළාතේ බලන්න ලස්සන තැන් තියෙන්නේ ...."


" මහා ගොඩක් තැන් තියෙනවා මහත්තයා ....මේ පළාතට ආවෝත් ඉතිං දුංහිඳ ඇල්ල බලන්න යන්නම ඕනේ....මෙතන ඉදන් ටිකක් දුරයි තමයි , ඒ උනාට අපි උදේට කෑම කාපු ගමන්ම යමු...."


"අනේ මම දුංහිඳ ඇල්ල ගැන අහලා තිබුනට දැකලා තිබුනෙ නෑ....එහෙනම් ශෝක් අපි හෙට එහෙ යමු ...."



පසුදින උදේ ආහාර ගත් පසු, අපි දෙදෙනා සොමිපාල සමග වාහනයේ, දුංහිඳ ඇල්ල බලන්න ගියෙමු. දුංහිඳ ඇල්ල බලන්න යන පාර දෙපැත්තේ ඇති සුන්දර කදු වැට්, ඇලදොලවල් දැක මගේ හිත සතුටින් පිරි ගොස් ඇත.....කියන්න බැරි තරම් ලස්සන සුන්දර පලාතක අපේ මදුසමය ගෙවා දමන්නට එන්න ලැබීම කොයිතරම් නම් වාසනාවක්ද...අංජු වැනි ආදර බර, වගකීම් හිතට ගත් සැමියෙක් ලද මම කෙතරම් වාසනාවන්තද....?


"මහත්තයා අපි දුංහිඳ ඇල්ලට යන පාර ලඟට ආවා....මහත්තයාලා පරිස්සමට ගිහින් එන්න....ඇල්ලේ ගල්වල ඇවිදින්න සෙල්ලම් කරන්න යන්න එපා, හරි භයානකයි ...."


සොමිපාල අපට දුංහිඳ ඇල්ල බලන්න යන්න ඉස්ස අවවාද කලේය .


‘‘මහත්තයලා ඇල්ලේ ගල් උඩ ඇවිදින්න යන්න එපා, මේ ලඟදිත් කොල්ලෝ දෙන්නෙක් ගල් ලිස්සලා වැටිලා මැරුනා ......’’


‘‘ඇයි සොමිපාල එන්නැද්ද අපි එක්ක යන්න ....?’


‘‘නෑ... මං වාහනය බලාගෙන මෙතන ඉන්නම්..... මහත්තයයි නෝනයි ගිහින් එන්න.....’’


‘‘පැය දෙක තුනක් යයි, අපට ආපහු එන්න.’’


"කමක් නෑ... මං මේ තව වාහනවල ආව ඩ‍්‍රැයිවර්ලා එක්ක මෙතන ඉන්නම් ...මහත්තයාලා පරිස්සමට ගිහින් එන්න...."


දුංහිඳ ඇල්ලට යන පාර දිගේ අපි දෙදෙනා අත්වැල් අල්ලන් ඇවිද ගියේ හරිම සතුටින්...... මහා කැලෑ කදු පාරේ..... හරියට යන්න පාරක්වත් නැති ගස්, ගල් මුල්, උඩින් පැන පැන අපි මහ කැලේ අනිත් මිනිසුන් සමඟ දුංහිඳ ඇල්ල බලන්න ඇවිද ගියෙමු. අවට මහ කැලෑවේ හිදින පක්ෂීන්ගේ කෘමීන්ගේ මිහිරි වගේම ,කණ් අගුල් වැටෙන සද්දත් ඈත දුංහිඳ ඇල්ලෙන් හෝ හෝ හඬින් වතුර වැටෙන ශබ්දයත් හිතට ඇති කළේ ප්‍රබෝධමත් හැඟීමකි.


‘‘ඔයාට මහන්සි ද?’’’


‘‘නෑ... මට හරිම,සතුටුයි ඔයත් එක්ක මේ විදිහට ඇවිදගෙන යන කොට.......කවදාවත් අපට මීට ඉස්සර මේ වගේ නිදහසක් ලැබිලා තිබුනෙ නෑනේ තනියම ගමන් යන්න ....දැන් ඉතිං අපේ ජීවත කාලෙම මේ වගේ තනියම ගමන් බිමන් යන්න, තනි තීරණ ගන්න නිදහස තියෙනවානේ...."


"ඒක ඇත්ත, අපි කොච්චර වයසින් වැඩුනත්, කසාඳ බදින්න ඉස්සර දෙමව්පියන් එක්ක ඉන්න කොට, ඒගොල්ලන්ගෙ තීරණ අනුවනේ අපි වැඩ කලේ...දැන් ඉතිං අපි දෙන්නා කසාඳ බැදලා වෙනම ඉන්න ගිහාම අපේ අනාගත තීරණ අපටම ගන්න පුලුවන් ,අපේ දියුණුව සතුට අපිටම හදාගන්න පුලුවන් ...කොහොමත් අපි දෙන්නා කසාඳ බැඳලා වෙනම යන්න ඉන්න යන නිසයි ,අපි දෙන්නගෙ අම්මලා තාත්තලා අපට කිසි බලපෑමක් කරන එකක් නෑ අපේ අනාගත තීරණ වලට...."


"හිතට පුදුම සතුටක් සැහැල්ලුවක් දැනෙනෙවා මෙහෙම ඇවිදිනකොට....අංජු අර අර.... බඩ ඉරිඟු විකුනන තැනක් ....අපි බඩ ඉරිඟු කරලක් කමුද?.....’’ මම ඇසුවෙමි.


‘‘ ඔයා ආසනම් කමු.’’


අපි දෙදෙනා තම්බපු බඩ ඉරිඟු කරල් කමින්, අවට වනයේ සුන්දරත්වයේ පින්තූර ගනිමින් දිය ඇල්ල දෙසට ඇවිද ගියෙමු.


‘‘අන්න දැන්නම් ඇල්ලේ සද්දෙ ලඟම ඇහෙනවා.....ඒ පැත්තෙන් හමන හුලඟත් සීතයි....සුළඟේ තෙත ගතියකුත් තියෙනවා ......’’


‘‘අර අර පේන්නේ..... අර ඈත කන්දෙන් වැටෙන සදු පාට ඇල්ල..... මගේ අම්මෝ කොහෙන් එන වතුර කන්දරාවක් ද මේ....? මට නම් හිතා ගන්නත් බෑ...... මේ හරියටත් ඇල්ලේ වතුර පින්න වගේ එනවා...."


"අපි යමු ඇල්ල පාමුළට.....එතකොට ඇල්ල ලස්සනට පේනවා...."


"මේ ඇල්ලේ වතුරෙන් විසිවෙන පින්නෙන් අපේ ඇඟත් තෙමිලා....මගෙ අම්මෝ....කොහෙන්ද අනේ මේ ජල කඳ එන්නේ....මට නම් හිතා ගන්නත් බෑ...."


" කොච්චර වෙලා බලා හිටියත් මේ දුංහිඳ ඇල්ල දිහා නම් ඕනතරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන්....අම්මෝ වතුර වැටෙන සද්දය නිසා කතා කරනවවත් ඇහෙන්නේ නෑ......විශාල උස කන්දෙන් වැටෙන සුදු පාට මහා වතුරකඳ දිහා අපි ඇල්ලේ පහළ බිමේ සිට ඔහේ බලා උන්නෙමු.....පින්තූර ගත්තෙමු.


"එහෙනම් අපි දැන් යමුද...?


"දැන් නම් මට ඇවිදලා හරි මහන්සියි ....තිබහයි....අපි අර දොඩම් විකුනන තැනින් දොඩම් වීදුරු දෙකක් බොමුද....?


" ම්ම්....කමක් නැද්ද මේ තැනකින් මේවා බොන එක.....? මේ පළාතේ පැනි දොඩම් වෙන්න ඇති....."


"අනේ ඒකට කමක් නෑ අපි දොඩම් බොමුකෝ ..... මට ආසාවේ බෑ අර ලොකු දොඩම් විදුරු දැක්කගම......"


"ඔයාට බොන්නම ඕන නම් ....අපි ,එහෙනම් බොමු...."


දුංහිඳ ඇල්ලට යන පාරේ ඇති දොඩම් යුශ ව්කුනන තැනකින් අපි දෙන්නා ලොකු සීතල දොඩම් විදුරු දෙකක් බිව්වෙ හරිම ආසාවෙන්....


"මගේ අම්මෝ...මේ දොඩම් වීදුරුවේ රස.....හොද සීතලට පැණි රසට තියෙනවා ....හරිම රසයි ..."


"අපි දැන් යමු....හොදටම දවල් උනා සොමිපාල අපි එනකම් බලාගෙන ඇති.... "


දුංහිඳ ඇල්ල බලා නැවතත් අපි එම කැලෑ පාරේ ඇවිදගෙන ,වාහන නැවතුම් පලට එනවිට සොමිපාල වටපිටාවේ ඇති අනෙක් වාහන රියදුරන් සමඟ හොදින් මිත්‍ර වි කතා බහ කරමින් සිටිනවා අපට ඈතටම පෙනින.


‘‘ ආ....මහත්තයාලා ආවාද....කොහොමද දුංහිඳ ඇල්ල හොදට බලා ගත්තද....එහෙනම් අපි යමු නේද මහත්තයා ...."


"දැන් නම් අපට බඩගිනියි සොමිපාල ....කොහෙන්ද අපි දැන් දවල්ට කන්නේ....? ගෙස්ට් හවුස් එකට ගිහින් නම් අපට දවල්ට කන්න වෙලාවක් නැති වෙයි....."


"අපි යන ගමන් දවල්ට ඉස්සරහ ටවුමෙන් බත් කාලා යමු මහත්තයා ,හොද හෝටල් අතරමග තියෙනවා .... ඊට පස්සෙ යමින් ගමන් ගැටඹේ පන්සලත් බලලා වැඳලාම තානායමට යමු..... ගැටඹ පන්සලේ තියෙනවා බලන්නම වටින බුදු පිළිමයක්.....ඒක නොබලා ගිහින් වැඩක් නෑ.....’’


‘‘ ඔව් ගැටඹේ පන්සලේ බාගෙට හදලා ඉවරකරපු බුදු පිලිමය ගැන මං විස්තර අහල තියෙනවා .....’’


"මහත්තයා ඔය ඉස්සරහ ටවුමේ හොද බුරියානි බත් කඩයක් තියෙනවා ,ඒකෙන් අපි බත් කමු....එතන කෑම හරි රසයි ...."


"සොමිපාල මේ පළාත් ගැන හොදට දන්න එක ලොකු දෙයක් ...."


එදින දුංහිඳ ඇල්ල බලා, යමින් ගමන් දවල්ට ටවුමෙන් බුරියානි බත් කාපු අපි හවස් වරුවේ ගැටඹේ දේවලය හා පන්සලත් බලාකියාගෙන වැඳලා , නැවත හෝටලයට යනවිට හොදටම හවස් වි තිබින.


"මම එහෙනම් මගේ කාමරයට යනවා මහත්තයා ...."


‘‘ හොදයි සොමිපාල ....අපිත් එහෙනම් තානායමේ ඇතුලට යනවා....."


"චතුරි අපි එහෙනම් ඇඟපත හොදගෙන ඇවිත් තේ බොමු නේද?


"ඔව්...ඉක්මනට ඇඟපත හෝදගෙන එමු, අන්න අර කදු මුදුන් වලින් පහලට මීදුම වැටිගෙන එනවා....සීතලත් වැඩියි....බලන්න ලස්සන දසුනක්...."


" ඇඟ හෝදගෙන හොඳට සීතල යන්න ජර්සි එකක් දාගන්න ....


ඉර බැස යන හැන්දෑවේ ඇල්ල තානායමේ වැරැන්ඩාවේ වාඩි වී කඳු වලල්ල දෙස අපි බලාගෙන සීතලේ සතුටින්‍ ආදරෙන් බැදී උන්නෙමු ......


"මේ ඇල්ල පැත්ත හොඳ ගානට සීතල තිබෙන නිසා හොදයි නේද...නුවර එළි ගියා නම් අපට සීතල උහුල ගන්න බැරි වෙනවා මේ කාලේ....."


‘‘ ඒක නම් ඇත්ත ....අපි තේ බොන්න ඉස්සර මොනව හරි කමු.....මට ආසයි චිප්ස් ටිකක් කන්න....’’


‘‘පොටෑටෝ චිප්ස්ද...?.’’


‘‘ ඔව් එහෙනම් කමු...... මං වේටර්ට ගේන්න කියන්නම්.’’ අංජු කීය.


අප දෙදෙනා ඇල්ල තානායමේ වැරැන්ඩාවේ හිඳගෙන, වේටර් ගෙනා උණු උණු බැඳපු අල පෙති කමින් තේ බිව්වෙමු.


"අපි ඇල්ල ටවුමට ඇවිදගෙන යමුද....මට ආසයි මේ සීතලේ ඇවිදින්න...."


"අපි සොමිපාලවත් අඬගහගෙන යමු....මේ කරුවල වැටෙන වෙලේ තනියම මේ නොදන්න පාරවල ඇවිදින්න හොඳ නෑ...."


"එහෙනම් ඔයා සොමිපාලට අඬ ගහන්න ....."


අඳුර වැටිගෙන එන යාමේ අපි ඇල්ල ටවුමේ තියෙන කඩ පේළිය වෙත ගියේ සොමිපාලත් සමඟය. සොමිපාල ඒ කඩ පේලියට මිට පෙර ගොස් තිබුන නිසා ඔහු අපව එහි තිබුන ලොකු හෝටලයකට එක්ක ගියේය. එහි උන්නේ වයසක ජෝඩුවකුත් ගෑණු ළමයෙකුත් පමණය. ඔවුන්ගේ තනියට ලොකු ඇල්ෂෙසන් බල්ලෙකුත් හිටියේය. අපි ඔහුව අතපත ගා හුරතල් කලෙමු . පසුව කඩේ වයසක ජෝඩුව හා බල්ලා සමඟද අපි ෆෝටෝ එකක් ගත්තේ මතක සටහනක් විදිහටය.


‘‘මේ ඩ‍්‍රැයිවර් උන්නැහේ කිව්වහම තමයි අපි දන්නෙ මේ මහත්තයලා දින දෙකකට උඩදි කසාඳ බැඳලා තානායමේ නවතින්න ආව අලුත් ජෝඩුවක් කියල.....මේ නෝනා හරියට ඉස්කෝලේ යන ළමයෙක් වගේනේ...තාම හරිම පොඩි පාටයි . කඬේ වයසක මුදලාලි කිව්වේ ඔහුගේ නෝනා දෙස බලමිනි.


"මහත්තයා අපි හෙට කොහේද ඇවිදින්න යන්නේ..... තව මේ පළාතේ හොද දිය ඇල්ල වල් තියෙනවා අපි ඒවත් බලන්න යමුද...."


"සොමිපාල දන්න හොද පැති ටිකක් බලන්න අපිව එක්ක යන්න ...."



ජීවිතේ මුල්ම වරට අම්මා තාත්තාගෙන් වෙන්ව, ආව මුල්ම මගේ ගමන මෙය වේ..... විවාහයෙන් පසු අංජු සමඟ ඇල්ල තානායමේ දින තුනක් ඉතා නිදහසේ සතුටින් මධුසමය ගෙවා නිමකල අපි 1994. 01. 18 දින කොළඹ බලා නැවත එන්න පිටත් වුණේ උදේ හතරට පමණ ය.


‘‘ උදේට මේ පාරේ මීදුම වැඩියි මහත්තයා .... ටිකක් එළි වෙලා ගියොත් තමයි හොද....තව ටිකක් වෙලා ඉදලා යන්න.’’ තානායමේ සේවකයන්ද කීය.


"අපි ටිකක් හෙමිහිට කන්ද පහලට යන්නම්....අද වේලාසන කොළඹ යන්න ඕනේ...අද හවසට මේ මහත්තයාලගේ දෙවන ගමනේ උත්සවය ...."


"එහෙමද...? එහෙනම් පරිස්සමට පහලට යන්න...."


තානායමේ සේවකයෙක් කිව්ව ලෙසම ඇල්ල හපුතලේ පාරේ වැඩි දුරක් යන්නට පෙර, උදේ පාන්දර පාර පේන්නෙ නැති තරමට මීදුම වැටී ඇති හැටි අපට පෙනින...


"මහත්තයා කන්දේ පල්ලෙහාට යන්න බෑ....හොදටම මීදුම වැටිලා..... අපි මේ හපුතලේ ටවුමේ වාහනය ටිකක් නවත්තලා ඉදලා මීදුම අඩි උනාම ආපහු කන්ද බහිමු..... "


" එහෙනම් අපි හපුතලේ ටවුමේ සයිවර් කඬේකින් මොනව හරි උදේට කාලම කොළඹ යමු ...."


අපි සීතලේ වාහනයෙන් බැස මොනව හරි උදේට කන්න හිතාගෙන හපුතලේ තේ කඩයකට ගොඩ උනෙමු .


උදේ පාන්දර කරුවලේ හතර වටේටම ලයිට් දමා තිබුන සයිවර් කඬ වල, කන පැලෙන්න තරම් හයියෙන් දෙමළ සිංදු දමා ඇත.


"අපි දැන් මෙතනින් මොනවද කන්නේ....?


‘‘අපි උණු උණු පොල් රොටි කමු.’’


‘‘කහට තේත් බොමු.’’


ඒක හොදයි සීතල යන්නත් එක්ක...."


මීදුම වැටුන සීතලේ, හපුතලේ ටවුමෙන් පොල් රොටි ලුණු මිරිස් කා තේ බිවු අපි නැවත පහට පමණ කොළඹ බලා ගමන ආරම්භ කළෙමු.

6 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page