top of page
  • Writer's picturePrisila Godahewa

🌹 නොනිමි ගමන🌹

( 11 වෙනි කොටස )


අපේ විවාහ මංගල්‍යයෙන් පසුදින උදේ හය වෙනකොට, අපේ තාත්තත්, අංජුගෙ ලොකු අයියත් අපි නැවති සිටි හෝටලයට, අපට නුවරඑළි යන්න වාහනයක් හා කෑම බීම රැගෙන විත් තිබුණි...... ඒ සමග

අප දෙදෙනාව නුවරඑළි රැගෙන යන්න ,වාහනය පදවන්න සොමිපාල නම් අංජුගෙ රැකියා ස්ථානයේ ඩ‍්‍රයිවර් කෙනෙකුද පැමිණ සිටියේය. තාත්තා අතේ අම්මා, අපට උදේට කන්න කෑම සාදා එවා තිබූනාය.


රතු පාට,ලාන්සර් රථය අපේ මධුසමයට යෑමට අංජුගෙ සුදු අයියා විසින් එවා තිබුණේ ඔහු ගානේය..... තාත්තාටත් ලොකු අයියාටත් වැද අවසර ගත් අපි දෙදෙනා නුවරඑළිය බලා උදේ පාන්දරිම ඩ‍්‍රැයිවර් සමඟ ගමන් ආරම්භ කළෙමු.


"පිනි වැටෙනා මල්යායේ.... පාවී යයි සුනිල් වලා.....


අංජු කැමති ප‍්‍රින්ස් උදය කුමාරගේ සිංදු කැසට් පටියක් කලින්ම ලෑස්ති කර ගෙනවිත් තිබුනි. වාහනයේ කැසට් යන්ත‍්‍රයෙන් ඔහුගේ ගීත හෙමිහිට වාදනය වේ.....අපි දෙදෙනා ආසම ලස්සන සිංදු ටිකක් අසමින් අපි මධුසමය බලා උදේ පානදරින්ම ගමන් ආරංභ කලෙමු .


"අපි දැන් ඉස්සෙල්ලම කොහාටද යන්නෙ....?


"අපි මුළින්ම නුවර දළඳා මාළිගාව වැදලා , ඊට පස්සේ නුවරඑළිය හරහා ඇල්ල ගෙස්ට් හවුස් එකට යන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ...."


"ඔයා දන්නවද මම කවදාවත් නුවරඑළි ගිහින් නෑනේ ...."


"ඒ නිසා,තමයි මම නුවර එළිය හරහා ඇල්ල යන්න දාගත්තේ ....නුවරඑළියේ නවතින්න දාගත්තෙ නැත්තේ ජනවාරි මාසයට නුවරඑළිය ගොඩක් සීතල නිසා...."


අංජු ඔහුගෙ යාළුවෙක් කිව් ලෙස ඇල්ල ගෙස්ට් හවුස් එක අපේ මදුසමය ගෙවා දමන්න ලෑස්ති කරලා තිබුණේය. මාස හයකට උඩදී ඔහු අප දෙදෙනාගේ මදුසමය ගෙවා දමන්න ඇල්ල ගෙස්ට් හවුස් එක මුදල් ගෙවා ලෑස්ති කර තිබුනත්, එය ගෙවා දැමු බිල නැතිවි තිබීම අප දෙදෙනාගේම හිත් කනස්සල්ලෙන් පිරි තිබුනේය. මුදල් ගෙවු රිසිට් පත නැති උනබව අපි දැනගත්තේ ඊට පෙර දින විවාහ උත්සවයට යන්න ලෑස්ති වෙන වෙලෙයි....මගේ හිත ඒ වෙනුවෙන් දුකෙන් කනස්සල්ලෙන් පෙලෙයි. කවදත් එන ප්‍රශ්න වලට නොසැලී මුහුණ දෙන අංජු ඒ ගැන පසුතැවිල්ලක් නැතුව පසුවෙයි. අපට නවතින්න නියමිත ඇල්ල ගෙස්ට් හවුස් එක බලා අපි මේ යන්නෙ, අපි මුදල් ගෙවා දැමු රිසිට් පත නැතුවය.

උදේ හයට විතර කොලඹින් ගමන ආරම්භ කරපු අපි රියදුරා සමග රතුපාට ලාන්සර් කාර් රතයෙන්, නුවර පාරේ එකදිගටම ,ලස්සන සිංදු අසමින් උඩහ කඳුකරය බලා ගමන් කලෙමු.


"දැන් නම් බඩගිනියි ....අපි වාහනය නවත්වලා උදේට කෑම කමුද ....?"


"සොමිපාල ඔය පාළු තැනක් බලල වාහනය නවත්වන්න. අපි ගෙදරින් එවපු කෑම උදේට කාලම උඩහට යමු ...."


අපේ අම්මා අපට අතරමගින් කන්න මික්ස් නූඩ්ල්ස් එකක් ලෑස්ති කර තාත්තා අතේ එවා තිබින. නුවර යන අතර මගින් වාහනය නවත්වා වාහනයේ ඩැයිවර්ටද දී අපි දෙන්නා උදේ කෑම කෑවෙමු.


"දැන් නම් හොදට බඩ පිරුනා ආයෙත් නුවරඑළියට යන කම් මොනවත් කන්න ඕනේ නෑ....."


උදේ හයට කොළඹින් පිටත්වුන අපි

උදේ නමයහමාර වනවිට මහනුවර දළඳා මාළිඟාවට ලඟා වුවෙමු.


අපේ ජීවිතේ විශේෂ දවස, හොඳ තැනකට මුළින්ම ගොස් බුදුන් වැද ආරම්භ කරන්න අපිට අවශ්‍ය වි තිබුනේය. විවාහ වෙන්න ඉස්සර මම උන භාරයක් තමයි ඒ ...අපි දෙදෙනාගෙ විවාහයෙන් පසු නුවර දළදා මාළිගාව වදින්න එන බවට මම,ය්ය් අපි දෙදෙනා ආදර සම්බන්ධය පටන් ගත් අලුත දළදා මාළිගාවට භාර වි තිබුනේය ....


"මට සුදු නෙළුම් මල් 50 ක මල් වට්ටියක් ඕනේ....මම ඉස්සර උන භාරයක් ඔප්පු කරන්න..."


අපි දෙන්නම හොද බෞද්ධයන් වශයෙන් ජීවත් වන දෙදෙනෙක් නිසා, හැම වැඩක්ම ආගම මුල්කරගෙන කටයුතු කිරිමට පෙළඹි ඇත. අපේ විවාහ දිවියේ ආරංභය..... එලෙස දළදා හාමුදුරුවෝ වැදපුදා ගෙන ආරංභ කිරිමට ලැබිමත් අපේ හිත් සතුටින් සැහැල්ලුවෙන් පුරවා තාබාගන්නට හැකි විය.


නුවර දළඳා හාමුදුරුවන් වැඳ පුදා ගන්නට සුදු නෙළුම් මල් 50ක මල් වට්ටියක් අංජු මිලදිගෙන මට දුන්නේය ....... . අංජු මං කියන, මං ආසකරන ඕනම දෙයක් කවදත් කරන්න කැමති කෙනෙක්. මගේ ආසාව, මගේ භාරය එනම් අප දෙදෙනා එකට එකතු වුණාට පසු නුවර දළඳා මාළිඟාවට ගොස් නෙළුම් මල් පූජා කරනවා යන භාරය, මම ඉෂ්ඨ කරේ පුදුම භක්තියකින්..... එය අපි දෙදෙනා විවාහ වි ජීවිතය මුළින්ම පටන් ගත් දිනට පසු දිනම ඉෂ්ඨ කිරීමට ලැබීම වාසනාවකි.


"මහත්තයා අපි නුවරඑළිය යන්න ඕන නිසා ඉක්මනට පිටත් වෙමුද දවල් වෙන්න ඉස්සර උඩහට ගියොත් හොදයි ...."


අපි සමග ගිය ඩැයිවර් අපේ ගමනේ කාල සටහන අපට නිතර මතක් කරන්නේය ....ඔහු ඉතා අවංක අපි ගැන හොදින් හොයාබලන කෙනෙක් ගානයි.


"හරි එහෙනම් අපි යමු....හොදටම දළදා හාමුදුරුවෝ වැදගන්න ලැබුන එක හිතට ලොකු සතුටක්...."


නුවර දළදා හාමුදුරුවෝ හොදින් වැදපුදාගත් පසු, අපි නුවරඑළිය බලා නැවත ගමන් ආරංභ කලෙමු.


ප‍්‍රින්ස් උදය කුමාරගේ කැසට් පටියෙන් නිකුත් වන සිහින් මියුරු නාදය වාහනය තුල එකදිගටම වාදනයවේ....,. වාහනය එක ඇල්මේ වටවංගු පාරවල් කඳු වැටි, නගරවල් ගම් පසුකරගෙන කඳුකරය බලා ධාවනය වේ.....


"හිම වැටෙනා මල් යායේ.....පාවි යයි සුනිල් වලා.........."


"මම බොළද වියේ බැදි හාද......ඔබ හා ආදරෙන්..කදුලැල් හසරැල්ල සතුටින් ලැබුවෙම් ආදරෙන් ....."


නුවරඑළි වටවංගු පාරේ කඳු හෙල්, තේ වතු, දිය ඇලි පසුකරගෙන වාහනය ඉදිරියටම ඇදී යයි.....කියන්න බැරි තරම් ලස්සන තේ වතු, කදුහෙල්, දියඇලි පඩුකරගෙන යන දර්ශනයන් මට අලුත් දසුන් විය......අවුරුදු 25ක් වුණත් කවදාවත් මම නුවරඑළි ගොස් තිබුණේ නැතිවිම මට මේ දර්ශනයන් ඇස් අදහාගන්නට බැරි තරම් සුන්දර විය. මම පුදුම විදිහට මේ ගමන විදිමින් අංජුගෙ අතින් අල්ලාගෙන අවට බලමින් ගියේ පොඩි දරුවෙක් ලෙසය...... අංජුගෙ අතින් අල්ලාන නොයෙකුත් දේ කතා කරමින් , සිංදු අසමින්.....අවට සිරි නරඹමින් ගිය ගමන මගේ ජීවිතයේ මං ගිය මුල්ම හොඳම ගමන විය. අපේ මදුසමය මෙතරම් ලස්සනට ගතකරන්නට හැකිවිම ගැන මම හිතින් දෙවියන්ට ස්තූති කලෙමි .


"අපි දැන් නුවරඑළි ටවුමට ලඟයි.....ඒක තමයි මේ සීතල ...චතු ඔයාට ඕන නම් ජර්සීය ඇද ගන්න....."


‘‘අපි නුවර එළියෙන් දවල්ට කෑම කාලා ඒ පැත්තෙන් ඇල්ල වැල්ලවාය පැත්තට යමු.....’’


‘‘මං දන්න හොඳ තැනක් තියෙනවා. නුවරඑළියෙ ටවුමේ අපි එතනින් දවල්ට කමු.....උනුවෙන් බත් කනකොට නෝනට සීතල නැතුව යයි.....’’ සොමිපාල කීය.


ඩැයිවර් ඔහු දන්න නුවරඑළියේ උඩුමහලක තිබුන රෙස්ටුරන්ට් එකකට අපිව එක්ක ගියේය .....ලස්සන තැනක සීතලේ වාඩිවි, වාඩිවි අපි උණු උණු සුදු බත්, අල, බිට්රූට් ලීක්ස්, මාළු, ගෝවා කොල මැල්ලුම්, පපඩම් ඇතුළු එම රස කෑම අපි කෑවේ සතුටින් ....


‘‘හොඳටම බඩ පිරුණා.....කෑම හරි රසයි .....නුවරඑළියේ අලුත් එළවළු තමයි රස.......දැන් අපි එහෙනම් නුවරඑළියෙන් හවස් වෙන්න ඉස්සර යමු..... නුවරඑළියෙන් ඇල්ල වැල්ලවාය පැත්තට බහිමු නේද....? සොමිපාල ගමන තීරණය කරයි. මෙවන් වැඩිහිටි කෙනෙකු සමග මේ ගමන එන්න ලැබීම අපේ හිතට ආරක්ශාකාරී බවක් දැනී ඇත.


‘‘ ඔව්....නැත්නම් ඇල්ලට යනකොට හොදටම රෑවෙයි..... ඉක්මණට ඒ පැත්තට යමු.’’


‘‘ඔව්. ....එහෙම කරමු..."


නුවර එළියේන් දවල්ට උනුබත් කෑ අපි, නුවරඑළියේ සීතල විඳිමින් ටික වේලාවක් නුවර එළියේ ටවුමේ ඇවිද ගිය අපි..... නැවත අපී ගමන ආරම්භ කළෙමු. අපට අද රෑ නවතින්න නියමිත ඇල්ල ගෙස්ට් හවුස් එක දක්වා අපි ගමන් කල යුතව ඇත. ....


සීතල නුවරඑළිය පසුකරගෙන වාහනය ඉදිරියට ඇදේ......දැන් වෙලාව හවස හතරට පමණ ඇත. .....දසතින් කදු වළලු වලින් වටවි ඇති පාරේ, මීදුම සමග අඳුර වැටිගෙන එයි.......ඇඟට දැනෙන සීතල , පහුගිය කාලේ විවාහ උත්සවය වෙනුවෙන් මහන්සි වි සිටිම නිසා තිබු විඩාව, මේ ගමනේ තෙහෙට්ටුව , උදේ පාන්දර නැගිට ආ මේ ගමන නිසා මට නිදිමතක් දැනේ..... මම වාහනේ පිටුපස ආසනයේ, අංජුගෙ උකුල උඩින් ඔලූව තියාන නිදාගත්තෙ මහන්සියටයි.


අවුරුදු තුනක කාලයක් අප දෙදෙනාගේ අතර තිබු ආදර සම්බන්ධය....ගෙවල් දෙකේම දෙමව්පියන්ගෙ ආශිර්වාද ලැබ විවාහ දිවියට පාතැබු අපේ අනාගතය ගැන දෑස් දල්වා ආදරයෙන් පය නගා යන මේ ගමන....ආදර සැමියාගේ සුවඳ විදිමින් ඔහුගෙ ආරක්ශාව ආදරය මැද මේ ගෙවියන මදුසමය ගැන මා කියා ගන්න බැරි සතුටකින් උදම් වි සිටියෙමි.


වේලාව හවස පහට කිට්ටු කර ඇත.....අපේ වාහනය ඇදී යන පාරේ මහ උසට ඇති කඳු, කැලෑවල්, වට වංගු පාරේ, බෑවුම්, මීදුම මැද්දෙන් ,වාහනය එක දිගටම ඇදී යයි.....ගමන් මහන්සිය මැද මගේ ඇස් දෙක පියවිගෙන එන්නේ නිතතින්මය ....වාහනයේ වීදුරු වලින් හොද සීතල සුළං රැළි විත් ඇඟේ වැදේ .....මම අංජුගෙ උකුළේ ඔළුව තියාන ඔහුගෙ උනුසුම මැද සැපට නිදන්න සැරසුනි.....


‘‘චතු ....චතු.....ඉක්මණට නැගිටින්න...... ඉක්මණට නැගිටින්න ...... වාහනය බොයිල් කරනවා.....වාහනයෙන් බැහැලා එළියට දුවමු.....’’


අප දෙදෙනා ඉක්මණට වාහනයෙන් බැස පාරේ අයිනට දිව්වෙමු....... වාහනයේ බොනෙට්ටුවෙන් ලොකු කළු දුමක් නිකුත් වේ ......


සොමිපාල වාහනයේ බොනට්ටුව ලඟ කළබලයෙන් එහෙ මෙහෙ දුවයි....අංජු මාව පාරෙ අයිනට කර, සොමිපාලට එකවි වාහනයේ ලෙඩය හොයයි.....


‘‘මහත්තයලා ඔය ටිකක් පල්ලෙහාට ඇවිදලා එන්න. එක දිගටම වාහනය ආව නිසා හොදටම රත් වෙලා.... වාහනය ටිකක් වෙලා කූල් වෙන්න ඇරල පල්ලෙහාට යමු....’’


හවස පහත් පසුවි ඇත. කඳුකරය හාත් පසින් අඳුරු කරගෙන එයි. අවට ඇත්තේ ඇඟට සනීප සීතලකි.....ඈතින් මීදුම වැටිගෙන හැටිද පෙනේ. අවට පරිසරය තුල ඇත්තේ පුදුමාකාර

නිහඬතාවයකි. ඇල්ල වැල්ලවාය පාරේ හක්ගල මල් වත්ත කිට්ටුවට වෙන්න වාහනය බොයිල් කර නතර කර ඇත. දැන් වාහනයේ බොනෙට්ටුවෙන් ආ දුමාරය නැවති ඇත. වාහනයේ ඩ්‍රැයිවර් ,සොමිපාල වාහනයේ බොනෙට්ටුව ඇරගෙන මොනවාදෝ කරයි. ඔහු එතන සිටියදි අපි දෙන්නා ඒ අවට තිබූ පාර දිගේ කඳු පල්ලමේ පල්ලෙහාට ඇවිද ගියෙමු.


‘‘අර අර පැත්තෙ එළවලූ වගාවක්..... මොනවද අර පාට පාට එළවළු ....? ලීක්ස්, කැරට් , බීට් වගේ......’’


‘‘අනේ ඔව්මයි. .....ලොකු එළවලූ වත්තක්. ආසාවේ බෑ බලන් ඉන්න....මාත් ආසයි ඔයවගේ එළවළු වවන්න.... "


අපි සිටි තැනට පල්ලෙන් පෙනෙන්න ඇති බිම්වල, හෙල්මළු ක‍්‍රමයට කපන ලද ඉඩම්වල එළවළු වගා කර ඇත.


‘‘අර වතුර පීල්ලක්..... එකෙන් වෙන්න ඇති එළවලූවලට වතුර දාන්නෙ....."


‘‘ හොදටම ඇදිරි වැටී ගෙනත් එනවා.....අපි ඉක්මණට ගියොත් හොඳයි නේද. ඇල්ල ගෙස්ට් හවුස් එකට යන්නත් එපෑ....’’


‘‘මහත්තයා දැන් වාහනය හරි අපි යමු ද? හොදටම රෑවෙන්න ආවා....ඉස්සරහ පාරේ මීදුම වැටිලා, ඉස්සරහට යන්න පුලුවන් වෙයිද දන්නෙත් නෑ.....


කඳුකරයට හතර අතින් අදුර වැටීගෙන එන මොහොතේ.... අපි නැවත අපේ ගමන ආරංභ කලේමු. හිත් වල ඇත්තේ චකිතයකි. කාත් කවුරුත් නොදන්න පැත්තක, වාහන හදන ගරාජ් එකක්වත් පේන්න නැති, මිනිසුන් අඩු පාරක, කරුවලේ නැවත වාහනය ලෙඩ දෙයි කියා හිතේ ඇත්තේ භයකි. අපි තුන් දෙනාම හිතේ සැකෙන්, බයෙන් කිසි කතා බහක් නැතුවම ඇල්ල බලා පරිස්සමට වාහනයේ හෙමින් ආවෙමු.


"දැන් නම් හොදටම කළුවර වැටුනා, පරිස්සමට වාහනය එලවන්න සොමිපාල .."


"ඔව් මහත්තයා මම මේ පරිස්සමට වාහනය එලවන්නේ ආයෙත් ලෙඩ දෙයි කියලා බයේ..."


"පාර පුරාම මීදුම , වාහනේ ලයිට් දාගෙන යන්න, ඉස්සරහට එන වාහන පේන්නෙ නැති වෙයි..."


"මහත්තයා දැන් ඇල්ල ගෙස්ට් හවුස් එකට ලඟයි...."


"චතු ඔයාට දැන් ගොඩක් මහන්සි ඇති නේද ? උදේ ඉදන් අපි එන නිසා, "


"මහන්සි උනාට මම ටිකක් ඔයාගෙ උකුලේ ඔළුව තියාගෙන නිදාගත්තනේ....ඔයාට තමයි මහන්සි ඇත්තේ , ,නිදාගන්නේ නැතුව ,සොමිපාලගෙ තනියට කතා කර කර ආව නිසා..."


"ඔන්න මහත්තයා ,අපි ඇල්ල ගෙස්ට් හවුස් එකට ආවා....අද නම් මේ පැත්ත හරිම සීතලයි, වාහනයෙන් බැස්ස ගමන් ජර්සි ඇදගන්න වෙයි..."


අපේ වාහනය ඇල්ල ගෙස්ට් හවුස් එකට ලඟාවනවිට, හතහමාර විතර වන්නට ඇති..... ඇල්ල රෙස්ට් හවුස් එක අපේ මදුසමය ගෙවන්න අංජු තෝරාගෙන තිබිම මට පුදුමයක් නොවුනේ ..., මිදුල පුරා මීදුම වැටුන, රෝස මල් වවා ඇති ගෙමුදුලක් සහිත නිදහස් ලස්සන පරිසරයක පිහිටා තිබුන ගෙස්ට් හවුස් එක දැක ඇතිවුන සතුට කියාගත නොහැකි වය..... ගෙස්ට් හවුස් එක ඉදිරිපිට පේනතෙක් මානෙට විහිදි යන කඳුවැටිය ඉඳහිට පෙනී නොපෙනි යන මීදුම් වළල්ල දෙස කොපමණ වෙලාවක් බලා සිටියත් ඇති නොවේ....


‘‘ මේ ගෙස්ට් හවුස් එකේ, අපට නවතින්න එන්න අපි සල්ලි ගෙවලා ගත්ත බිල නැති වෙලා නිසා ප්‍රශ්නයක් වෙයිද දන්නෙ නෑ. .... "


මාස ගණකට උඩ අංජු මේ ගෙස්ට් හවුස් එකට සල්ලි ගෙවල ගත්ත රිසිට් එක නැතිවෙලා නිසා අපට අද රෑට මේකේ නවතින්න බැරි වෙයිද මගේහිත බයෙන් ගැහේ....,


" ඊයේ උදේ ඔයාගේ අම්මගෙන්, අක්කගෙන් මම බැනුම් ඇහුව්වෙත් ඔය රිසිට් එක හින්දනේ.....’’


‘‘අපි මොකද කරන්නේ. මට බයේ බෑ....අද රෑට අපට මේ ගෙස්ට් හවුස් එකේ නවතින්න බැරි වෙයිද ?


-නැවත හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

1 view0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

2 opmerkingen


Lakmini Jayanetti Perera
Lakmini Jayanetti Perera
28 dec. 2021

ඔයාට කියන්න, අපි දෙන්නත් wedding එක ඉවර වෙලා ඇදුම් පැළඳුම් මාරු කරලා, ඉස්සර වෙලාම ගියේ දළදා මාළිගාවට. ඒ 1993 ජනවාරි 28දා..........

Like
Prisila Godahewa
Prisila Godahewa
09 feb. 2022
Reageren op

හරිම සතුටුයි මට, ඔයාලා ගැනත්...බොහෝම ස්තුතියි ලක්මිණි .❤

Like
bottom of page