top of page
  • Writer's picturePrisila Godahewa

🌹නොනිමි ගමන🌹

(10 වෙනි කොටස)



1994 ජනවාරි 14 වෙනිදා ද්‍රවිඩ ජනයාගේ තයිපොංගල් උත්සවය වෙනුවෙන්, රජයේ නිවාඩු දිනයක් වීම, අපේ විවාහ දින සැමරුම වෙනුවෙන් පැමිනිමට සියලු නෑහිතමිතුරන්ට පහසුවක් විය.

විවාහ දිනයේ හෝටලයේ සැරසිලි සියල්ල කිරිමට, අංජුගෙ සහෝදරයන් භාරගෙන තිබිම අපේ ගෙදර අයට පහසුවක් විය. චාමෙට උණත් විවාහ උත්සවයේ කළ යුතු සියලු චාරිත්‍ර වාරිත්‍ර අනුවම කිරිමට සියල්ල හොදින් ලෑස්ති කර තිබින.


රත්තරං පාට සාරියකින් සැරසි, සුදු වේලයක් ,රත්තරං බඩු පැළද මණමාළියක ලෙස සැරසි සිට් මමත්....., ක්‍රීම් පාට යුරෝපීය ඇදුම් කට්ටලයකින් සැරසි සිට් අංජුත්..

... ,අප දෙදෙනාගේ දෙමව්පියන් සමඟ,

උඩරට නැටුම් වැයුම් හා බෙර වාදන කන්ඩායමක් මැදින් හෝටලය තුලට ඇතුල් උනේ සතුටිනි.... අපේ විවාහයේ උත්සව කටයුතු , චාරිත්‍ර වාරිත්‍ර ඇතුළුව සියල්ල නැකතට අනුවම සිදුවිය.... පෝරුවේ චාරිත්‍ර කටයුතු, නැදෑයින්ට බුලත් බෙදීම්, තැලිපිළි ඇන්දවීම් අශ්ටක , ජයමංගල ගාතා මැද සතුටින් සියල්ල සිදුවි සංග්‍රහ කටයුතු ආරංභ විය. විවාහය උදේ 9.30 ට ආරංභ වි හවස 2.30 පමණ වෙන තෙක් ඉතා හොදින්ම සිදුවිය....නෑහිතමිතුරන් ,දිලිසෙන ඇදුම් ,ආභරණ ,ලයිට් එලි, සංගීතය ,ආහාරපාන නැටුම් ගැයුම් සියල්ල අවසන් වි මටත් අංජුටත් හෝටලයෙන් එළියට, නැකතට නික්මෙන වෙලාව පැමිනියේය. අප දෙදෙනා අපේ දෙමව්පියන් ලඟ වැද වැටි ඔවුන්ට වැන්දේ දුකෙන් උනත්, අපි දෙදෙනාගේ අලුත් විවාහ දිවිය බලායන සතුටිනි.


මම මගේ අම්මාට වදින කල අම්මා දුකෙන් බලා සිටියාය. ඇගේ බාළ දියණිය දෙමව්පියන් අතහැර, අලුත් විවාහ දිවිය ආරංභ කරන්න , ඇගේ සැමියා සමග යන සුභ මොහොත දිහා බලා ඇය හදවතින්ම සුභ පතන බව දැනින..... කවදත් ගෙදර බාල දියණියවු මට වැඩිපුර ආදරය කල තාත්තා, මම මණමාලියකවි මගේ ආදර සැමියා සමඟ අලුත් විවාහ දිවිය බලා යන දින දුක්වන බවත් දැනින..... තාත්තාගේ දෙපතුල් ලඟ මම වැද වැටුන මොහොතේ ඔහු මා කෙළින් කර මගේ නළල සිප ගත්තේය. තාත්තා මම වැඩිවියට පත්වුන පසු දෙවන වරට මගේ නළල සිප ගත් මොහොත එය විය.....ගැහැනු දරුවන්ම තිදෙනෙක් සිටි අපේ පවුලේ ,බාළ දියණිය උන මම වැඩිවියට පැමිණි දිනේ තාත්තාට මම බුලත් දී වැදපු වේලාවේ මගේ හිස සිම්බා සේම අදද මම විවාහයට යන මොහොතේ ඔහු එලෙසම කළේය. තාත්තා කවදත් ගෑණු දරුවන් වන අපිව පුංච් කාලයෙ ලඟ තියාන හුරතල් කලාට, අපි වැඩිවියට පැමිනුන පසු, අපව ලඟින් තියාන හුරතල් කරපු බවක් මට මතක නැත......ඉන්පසු අපි තාත්තාගේ උණුසුම වින්දේ හරි අඩුවෙනි. අපට අවශ්‍ය සියලු දේ තාත්තා පුලුවන් හැටියට ලබා දීම කළත් , අපි වැඩිවියට පත්වුන පසු අපව හුරතල් කලේම නැති තරම්‍ය. අද දින මම විවාහ දිවිය බලා යන කල, තාත්තා මගේ හිස සිඹි මට ආශිර්වාද කලේ එලෙසය.


අපේ විවාහ උත්සවය වෙනුවෙන් පැමිණ සිටි සියලු නෑහිතමිතුරන්ගෙන් අවසර ගෙන, හැමෝගෙම ආශිර්වාද මැද අපි දෙදෙනා උත්සහ ශාලාවෙන් එළියට පැමිණ අපේ මංගල රථයට නැගුනෙමු.


‘‘අපි දැන් කොහේද යන්නේ.’’


‘‘අපි දැන් නුගේගොඩ ගැමුණු ස්ටූඩියෝ එකට යනවා වෙඩින් ෆොටෝ එක ගන්න.... ඊට පස්සේ තමයි ආයෙත් ජානකි හෝටලයට, අපට ලෑත්සි කරල තියෙන හෝටල් කාමරයට යන්නේ.....’’


අංජුගෙ අක්කත්, මස්සිනාත් සමඟ ඔවුන්ගේ වාහනය උන, අපේ මංගල රථයෙන් අපි නුගේගොඩ ගැමුණු ස්ටූඩියෝ එකට ගොස් අපේ විවාහ ඡුායාරූප ගත්තෙමු.


පසුව අප දෙදෙනාව කොළඹ ජානිකි හෝටලයේ අප දෙදෙනාට ලෑස්ති කර තිබූ කාමරයට කැඳවා ගෙන ගියේ ද අංජුගෙ අක්කයි.


"එහෙනම් දැන් හැම දෙයක්ම හරිනේ....අපිත් ගෙදර යනවා, මොනවා හරි උවමනාවක් උනොත් අපට, කතා කරන්න . දැන් හෙට උදේ ඔයගොල්ලෝ හනිමූන් එකට නුවරඑළි යන නිසා, උදේට ලොකු අය්යා ඔයගොල්ලන්ගෙ වාහනය ඇරගෙන එයි....පප්පා කිව්වා සනාට ඩ්‍රයිව් කරන්න එපා කියලා . ඒ නිසා ඩැයිවර් කෙනෙකුත් එයි ඔයගොල්ලෝ එක්ක නුවරඑළි යන්න ...."


"ඔව් මම අපේ ඔෆිස් එකේ ඩැයිවර් කෙනෙක් ලෑස්ති කරලා තියෙන්නේ අපේ පරිස්සමට නුවරඑළි යන්න , එයා එයි...."


මගේ ජීවිතේ වැදගත්ම දවසේ.... රත්තරං පාට සාරියකින් සැරසී ,සුදු වේලයක් දමා, පෝරුවට නැග අෂ්ඨක ජයමංගල ගාතා හා නෑදෑයින්ගෙ ආශිර්වාද මැද අංජුගෙ අතගෙන විවාහ දිවියට එළඹුන දවස මගේ හිතේ තිබුනේ මෙතකැයි කියන්න බැරි සතුටක් ..... මෙපමන දිනක් අම්මා තාත්තා, අක්කලා සමග ගෙවිලා ගිය ජීවිතය, අදින් පසු ඉදිරියට යන්නේ මගේ ආදර අංජු සමග බව දැනි හිතේ ඇතිවි ඇති සතුට මෙතැකැයි කියන්න බැරුව මම සතුටින් උදම්ව සිටියෙමි ........ මගේ හිතේ කවදාවත් නැති සතුටක් ආරක්ශිත බවක් දැනි මම අංජුගෙ අතේ ඒලලි ඔහු සමඟ මධුසමය බලා පිටත් වුණේ දෙමව්පියන්ගෙන් ඈත්ව යන්නට උන දුකත් සමගය.... අංජු සමග අලුතින් පටන් ගන්නට යන ජීවිතය ගැන ගොඩක් බලාපොරොත්තු හිතේ ඇතිවි ඇත. මගේ ඉතිරි මුළු ජීවිත කාලයම ඔහුගෙ සෙවනේ ආදර බිරිඳක් ලෙස ජීවත් වෙන්න දහසක් බලාපොරොත්තූ හිතේ දරාන මම අංජුගේ බිරිද ලෙස විවාහ කටයුතු අවසන්වි මංගල ගමන වෙනුවෙන් පිටත් උනෙමි.


"එහෙනම් සුභ ගමන්, හැපි හනිමූන්.....අපි යනවා එහෙනම් දෙන්නත් එක්ක කාමරයට යන්න ...." අංජුගෙ අක්කත් මස්සිනාත් අපට සුභ පැතීය.....


මංගල චාරිත‍්‍ර වාරිත‍්‍ර අවසන් කොට අපි අපට ම වෙන් වුණු ජානකී හෝටලයේ කාමරයට ගිය පසු මගේ හිතට දැනුණේ පුදුමාකාර සැහැල්ලූවක් මිශ්‍ර සතුටකි.


අවුරුද්දක විතර කාලයක් තිස්සේ අපේ විවාහ උත්සවය වෙනුවෙන් ලෑස්ති උන කාලය , උන මහන්සිය, වියදම් , සියල්ල නිමවි අපේ විවාහ උත්සවය නිමවි, අලුත් විවාහ දිවිය ආරංභ කිරිමට කාලය පැමින ඇත.


උදේ ඉඳන් මංගල ඇඳුම්වලින් සැරසී...නෑහිතමිතුරන් සමග, සියලු චාරිත්‍ර වාරිත්‍ර , නැකත්, සංග්‍රහ කටයුතු , සංගීතයන් සියල්ල නිමවුන පසු හිතට දැනින සතුට..... විවාහ උත්සවය නිමවුන පසු හැමෝගෙන්ම වෙන් වී අංජු සමඟ ජීවිතේ පළමු වතාවට කාමරයක තනිවුන මොහොත , තනිවුන දිනය, මගේ හිත සතුටින් පිරි ඇති හැටි කියන්න වචන නැත....අදින් පසු අප දෙදෙනාට මුළු ජීවිත කාලයම එකට ගත කරන්න ලැබෙන බවත් එහි මුල්ම දිනය අද බවත් , මේ මොහොතේ පටන් ආරංභ වීමට නියමිතය .....


මංගල දින අපේ මුල්ම වරට අප දෙදෙනාට වෙන්වුන කාමරයට ආපසු, මම ඇදන් හිටි මංගල ඇදුම් පිටින්ම අංජුගෙ ලඟ දෙකට නැමි ඔහුගේ කකුල් දෙක අල්ලලා වැන්දෙමි.


‘‘ඇයි මේ....’’


‘‘ මෙච්චර කාලයක් අම්මලා තාත්තලා එක්ක හිටියට...අද ඉදන් ඉස්සරහ කාලේ ඔයානේ මාව බලා ගන්නේ..... මගේ මුළු ජීවිත කාලෙටම, අවුරුදු 25ක් තිස්සෙ අම්මා, තාත්තා සෙවනේ ගත කළ ජීවිතය අදින් ඉවරයිනෙ.... අද ඉඳන් මගේ මුළු ජීවිත කාලයම ගෙවන්න වෙන්නේ ඔයා ළඟනේ...ඒකයි මම ඔයාට වැන්දේ....’’


‘‘නැගිටින්න මට වදින් එපා.....’’


අංජු මාව නැගිට්ටවලා මගේ නළල සිප ගෙන මාව තුරුල් කරගත්තේ සතුටින් .....


‘‘දවස් ගාණක් තිස්සෙ වෙඩින් එකට ගොඩක් මහන්සි වුණ නිසා හරිම මහන්සියි......’’


‘‘අපි වොෂ් එකක් දාගෙන ටිකක් හාන්සි වෙලා මහන්සි අරිමු......ඊට පස්සේ අපි හවසට මේ ලඟ තියෙන තිඹිරිගස්යායේ ලොකු පන්සලට ගිහින් එන්න යමුද...?’’


“අනේ කොච්චර හොද දෙයක්ද..මං හරිම ආසයි අද වගේ හොද දවසක,අපේ ජීවිතේ වැදගත්ම දවසේ පන්සල් ගිහින් බුදුන් වැදලා අපේ ඉදිරි ගමනට ආශිර්වාද ලබා ගන්න.....”


විවාහ උත්සවයෙන් පසු, හිතට දැනෙන්නේ පුදුමාකාර සැහැල්ලුවක් මිශ්‍ර සතුටක් .....


"අපි සුදු ඇදුම් ඇදගෙන පන්සල් යමු....ඊට පස්සේ අපි දෙන්නට මගේ යාලුවා බම්බලපිටියේ හොද රෙස්ටුරන්ට් එකක ඩිනර් ලෑස්ති කරලා , අපි එතනට ගිහින් රෑට කාලා එමු...."


"යමු....යමු...කොහේ හරි යමු ....හිතේ සතුට පිරිලා ඉතිරිලා ...මුළින්ම පන්සල් ගිහින් බුදුන් වැදලා ඩිනර් යමු...."


"මේ නාරහේන්පිටියේ ජානකි හොටෙල් එකේ ඉදන් තිඹිරිගස්‍ යායේ මහ පන්සලට වැඩි දුරක් නෑ....අපි දෙන්නා මෙතන ඉදන් ඇවිදගෙන පන්සල් යමු...."


අපේ විවාහ උත්සවය අවසන්වි අපට වෙන්වු කාමරයට ආපසු , උදේ ඉදන් ඇඳගෙන සිටි ඇදුම් උනා දමා නාගත් පසු, ඇගේ හිතේ තිබු සියලු මහන්සි ගති නැති වි ගොස් ප්‍රබෝධමත් බවක් දැනින.


හවස් වරුවේ අපි දෙදෙනා සුදු ඇදුම් ඇදගෙන, නාරහේන්පිටියේ සිට තිඹිරිගස්යායේ පන්සලට ඇවිද ගියේ ගියේ පුපුදුමකාර සතුටකින්.....


අවුරුදු තුනක වේලේ තිබු අපේ ආදර සම්බන්ධය දිනාගත් සතුට, අපි ලද ජයග්‍රහණය නෑදෑහිතමිතුරන් සමග උදේ වරුවේ, අපේ විවාහ උත්සවය සමරන්න ලැබීම....අප දෙදෙනා ආදරෙන් බැඳුනු පසු ගෙවි ගිය අවුරුදු තුනක කාලය, ඒ කාලය තුල අපි දෙදෙනා එක වහලක් යටට යන්නට පෙරුම් පීරූ හැටි, අපේ ඉදිරි අනාගතය වෙනුවෙන් අප දෙදෙනා වැඩ කල හැටි, බඩුමුට්ටු එකතු කර ගත් හැටි.....අපේ විවාහ දිවිය සාර්තක කර ගැනීමට අවශ්‍ය කටයුතු පිළිවෙළට ලෑස්ති කර ගත් හැටි, පහුගිය කාලේ අපි දෙදෙනා මුණ ගැසුන හැටි ,ගෙවුණු හැටි මතක් කරමින් දුක්වෙමින්, සතුටුවෙමින්, කතා කරමින් පන්සල තෙක් ඇවිද ගියේමු.



‘‘අපි පන්සලට ගියාට වඳින්න විදිහක් නෑනේ..... තෙල් මල් මුකුත් නෑනේ....’’ මං කිව්වේ දුකින්.


‘‘ඉන්නකෝ මං ඔයාට බුදුන් වදින්න මල් කඩල දෙන්නම්....’’


අපි ගිය පාරේ, හොදට මල් පිපි තිබු අරලිය ගස් දෙකකින්, අංජු උඩ පැන මල් පොකුරු දෙකක් කඩා මගේ අතේ තිබු පසු මගෙ හිත සතුටින් ඉතිරින......


‘‘දැන් හරි...... මේ මල් ඇති බුදුන් වඳින්න..."

මං කිව්වේ සතුටින්.


අපි තිඹිරිගස්‍ යායේ පන්සලට ඇවිදගෙන යන විට හතර අතින් කලුවර වෙමින් තිබින.....අද සතියේ දවසක් උන බැවින් පන්සලේ බුදුන් වදින්න ආ කවුරුත් නැත.


"පන්සල හරි පාළුයි....මේ පන්සල මහා විශාල එකක්නේ...."


"අපි මේ මල් දෝවනය කරගෙන ඇවිත් බුදුගෙට, බෝධියට තියලා වදිමු....."

.

අපි පාරෙන් කඩාගෙන ගිය අරලිය මල් තියලා , බෝධිය ලඟ කවුරු හෝ පත්තු කර නිවි ගිය පොල්තෙල් පහන් නැවත පත්තු කරල, කාගේදෝ පත්තු කර නිවුණු හඳුන් කූරු නැවත පත්තු කරල බුදුන් වැන්දෙ උතුරා යන සතුටෙන්.....අද වන් විශේෂ දිනයක පන්සලට ඇවිත් බුදුන් වදින්න ලැබිම, හිතට දැනිනේ පුදුමාකාර සහනයක්.....


"අපි එහෙනම් දැන් යමුද....ගොඩක් රෑවෙන්න ඉස්සර.... කාලා හොටෙල් එකට යමු ...."


‘‘අපි දැන් කොහොමද මෙතන ඉදන් යන්නේ.....කොහාටද යන්නේ....’’


‘‘මගේ යාළුවා ෂේන් අපි දෙන්නට කොල්ලුපිටියේ ස්පෙශල් රෙස්ට්ටුරන්ට් එකක ඩිනර් ඕඩර් කරලා ඒකට ගිහිල්ලා කමු....අපි ත්‍රිවිල් එකක යමු එතනට. ....’’


‘‘ඒක හොඳයි.....මමත් හොඳටම බඩගින්නෙ ඉන්නේ..... දවල් වෙඩින් එකේ කොච්චර කෑම තිබුනත් හරියට කන්න බැරි වුණානේ.....’’


අංජුග් ඔෆිස් එකේ යාළුවෙක් ලෑස්ති කර තිබු කොල්ලූපිටියේ අමුතු ලස්සන රෙස්ට්ටුරන්ට් එකට අපි දෙදෙනා ඇතුල් වෙනකොට, අප දෙදෙනාගේ නම ගැසු වෙනම මේසයක් ලෑස්ති කර තිබුණේය. රතු රෝස මල් දෙකක් දමා වෙඩින් කාඞ් එකක් ද තබා එම මේසය සරසා තිබුනේය ..... එය ෂේන් හා නිලූ ගෙන් කියා ලියා තිබුණි. එය දැක මට ලොකු සතුටක් ඇතිවිය. අංජුගෙ යාළුවෙක් එලෙස අපි වෙනුවෙන් මංගල දින රාත්‍රී බෝජන සංග්‍රහය ලෑස්ති කර තිබිම. දහවල් විවාහ උත්සවයේදීත් අපට හරියට කෑම කන්න බැරිවුන නිසා, අපි එම රෙස්ටුරන්ට් එකේදි රාත්‍රී ආහාරය බඩ පිරෙන්න කෑවෙමු.


‘‘අපි දැන් කොහොමද හොටෙල් එකට යන්නේ. ..?’’


‘‘ත‍්‍රීවිල් එකකින් යමු.’’'


"ගොඩක් රෑවෙන්න ඉස්සර අද නිදාගන්න ඕනේ, හෙට උදේ හය වෙනකොට ලොකු අය්යා අපිට නුවරඑළි යන්න වාහනය ඇරගෙන ඩ්‍රයිවර් එක්ක එයි....."


ජීවිතේ මුල්ම වරට දෙමව්පියන්ගෙන් වෙන්වි.... අපි දෙදෙනා අපට වෙන්ව තිබූ හෝටලයේ මංගල කාමරයේ අපේ අලූත් ජීවිතය පටන් ගත්තේ සතුටිනි......


-නැවත හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

5 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

1 Comment


Lakmini Jayanetti Perera
Lakmini Jayanetti Perera
Dec 28, 2021

හරිම ලස්සනයි, එක් අතකින් සුරංගනා කතාවක් වගෙයි. ඒ වැඩියෙන්ම ඔයාගේ ලේඛන ශෛල්‍ය නිසා වෙන්නත් ඇති 👍❤️

Like
bottom of page