top of page
  • Writer's picturePrisila Godahewa

තායි ලක්සා (Thai Laksa)




**කුකුල්මස් , ඉස්සෝ , හා එලවලු මිශ්‍ර තායි Laksa ** *කුකුල් මස් 500g *පොතු ගලවපු ඉස්සෝ 250g *කැරට් ගෙඩි 2 *ගෝවා 250g *ලූනු ගස් 3ක් *තක්කාලි ගෙඩි 2 ක් *චයිනීස් ගෝවා 250 *බ්‍රොකලි 100g *කෝලිෆ්ලා 100 : *පොල්කිරි කෝප්ප 2ක් *සැල්දරි දඩු දෙකක් . *කෝන්ෆ්ලා මේස හැදි 2ක් දියකරගෙන *නූඩ්ල්ස් වර්ගයක් 100g

*මුංඇට ලපටි පැල


(හොද්ද සාදාගන්න අවශ්‍ය දෑ.) බීලූනු ගෙඩියක් මිරිස් කුඩු මෙස හැදි 2k කහ කුඩු සියබලා ඉස්ම ලුනු සුදුලූනු බික් 6/7 පමන ඉගුරු කැබැල්ලක් ලොකු සේර කෑල්ලක් කූනිස්සො 50g රතු මිරිස් කරල්.5ක් ගම්මිරිස් කැබලි මේස හැන්දක් (සියබලා ඉස්ම මේස හැදි 2ක්. මේ සියලු දේ හොදින් වතුර ටිකක් දමා හීන්වෙන්න බ්‍රෙරෙන්ඩ් කරගන්න .)

* සාදන ක්‍රමය* ලොකු තාච්ච්යක් ලිපේ තබා එයට කැමති තෙල් වර්ගයක් දමා, මිරිස් කුඩු , කහ කුඩු දමා ,බැදිගෙන එනවිට පොඩියට කපාගත් කුකුල් මස් දමා කවලම් කර තැම්බෙන්න තියන්න. එයට වතුර ජොග්ගු වක් දමා හොදින් තැම්බෙන්න හරින්න. එයට ලුනු , ගම්මිරිස්, තක්කාලි , සියබලා යුශ සැල්දරි එකතු කරන්න. කුකුල් මස් තැම්බුනාට පසු නූඩ්ල්ස් ටිකත් අමුවෙන් එකතු කරන්න. ඉන්පසු එයට මුලින් අබරාගත් සුදුලූනු , තුනපහ මිශ්‍රණය එකතු කරන්න . ලුණු අවශ්‍ය පමන එකතු කරන්න . ඉන් පසු එයට ඉස්සෝ, කැරට්, මුලින්ද පසුව අනිත් එලවලු ද එකතු කරන්න( එලවලු වැඩිය තැම්බෙන්න දෙන්න එපා). පසුව පොල්කිරි එකතු කර හොදින් හැදි ගා දියකරගත් කෝන්ෆ්ලා එකතු කර අන්තිමට මුංඇට පැල ටික එකතු කර රස අනුව ලුනුද එකතු කර උනුවෙන් කෑමට ගන්න . ( ඔබට ලක්සා paste එක මිලදිගෙන මෙම මස්, එලවලු , මාලු වර්ග එකතු මෙය ලේසියෙන් සාදාගත හැක.)




20 views0 comments

Comentários


bottom of page