top of page
  • Writer's picturePrisila Godahewa

තිබ්බටු කොළ මිශ්‍ර කවලම් කොළ කැද

Updated: Jun 1, 2020


*කාටත් ගුණ තිබ්බටු  හා කොළ කැද **      සොලනුම්ඉන්ඩිකම්ලින්              (Solanum Indicum  Linn )යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන තිබ්බටු ගසේ ගෙඩි, මල්, කොළ, දඩු ,මුල් යන පංචාගයම ඖෂධදයක් ලෙසත් සමහර කොටස් ආහාරයක් ලෙසත් ප්‍රයෝජනයට ගනී.                  වියළි කලාපයේ විශේෂයෙනුත් ඕන දේශගුණයකට   ඔරොත්තු දෙන ලෙසත්  තිබ්බටු පැල කරවා ගැනීමට පහසු ශාකයකි. තිබ්බටු ගසේ ගුණ කියා නොමකල හැක. තිබ්බටු සුදු සහ දම් පාට මල් එන වර්ග දෙකක් ඇත.                 රට තිබ්බටු  හා තිත්ත තිබ්බටු ලෙස තිබ්බටු වර්ග දෙකක් ඇත. ඒ වගේම බටු කුලයේ ඇති එළබටු, වම්බටු ,වල් බටු, කටු එළ බටු හා කටුවැල් බටුත් මතක් කර දෙන්නට කැමැත්තෙමි. මේ සියලු බටු වර්ග බොහෝ ඖෂධීය ගුණයක් ඇති එලවලු වක් වන අතර වාතය සෙම නසන විශේෂ ගුනයක් ඇති  තිබ්බටු, කැස්ස , පනු අමාරු ,සෙම්ප්‍රතිශ්‍යාව ,හුස්ම ගැනීම පහසු කරලීමට,උගුරේ ආසාදන, හෘදය වස්තුව උත්තේජනය කිරීමට, රුධිරය පිරිසිදු කිරිම, ආහාර රුචිය වැඩි කරලීමේ ගුනය,කාම ශක්තිය වැඩිවීම හා මුත්‍රාශයේ  ගල් දියකර යෑමේ ගුනය ආදි තව බොහෝ ලෙඩ වලට ඖෂධදයක් ලෙස තිබ්බටු ගහේ  පස් පංගුවම ගනු ලැබේ.                    ශ්‍රි ලාංකිකයන් තිබ්බටු ගෙඩි  විවිධ කාර ලෙසා උයා ආහාරයට ගනි. එයින්  හාල්මැස්සෝ යොදා හදන තිබ්බටු මැල්ලුම බොහෝ දෙනා ආසාවෙන් කෑමට හදාගන්නා ක්‍රමයකි. තිබ්බටු ගෙඩි විවිදාකාර විදිහට ඉවීම  හා බැදීමද කරනු ලැබේ.                     සාමාන්‍යයෙන් මතක ඇති කාලයේ පටන් කොළ කැද බීමට ආසාවක් දක්වන මම විවාහ වූවාට පසු සුමානෙකට දවස් තුන හතරකට සැරයක් වත්, මොනයම් කොළ වර්ගයකින් හෝ කැද  හදා බීමට පුරුදු වී සිටියෙමි . ලංකාවේදී නොයෙකුත් කොළ වර්ග කැද සෑදීමට ලේසියෙන් සොයා ගන්නට ලැබුනු අතර ඒවා හාතවාරිය , ඉරමුසු , පොල්පලා, ගොටුකොළ , වැල් පෙනෙල, කොහිල, කරපිංචා , බටු කොළ,  හීන්බෝවිටියා ,මොනරකුඩුම්බිය ,මුකුනුවැන්නා , කිතුල්පිටි,  කුරක්කන් පිටි ආදිය විය.                       පිටරට පදිංචිය සදහා ගියාට පසු මට  උදයට කොළ කැද හදන්න කොළ වර්ගයක් හොයා ගන්නට බැරු උන එක ගැන තිබුනෙ පසු තැවිල්ලකි. පසුව හොදම යාලුවෙක්  ගෙන් ඇති තරමට කරපිංචා ලැබෙන්න ගත් පසු  උදයට කරපිංචා කොළ කැද බීමට පුරුදු උනෙමි . නමුත් නිතර කරපිංචා කොල කැද බීමට හොද නැති යැයි දැන ගැනීමට ලැබුනු පසු ගොටුකොළ , මිලදි ගෙන කවලම් කර කැද  සෑදුවෙමි. ඊටත් පසු මම වැල් පෙනෙල, ගොටුකොළ ,මුකුනුවැන්නා  ගෙදර වවන්න පටන් ගත් පසු ඒවා දමා කැද සාදා බිව්වෙමි..  එළ බටු කොළ කැදට හොද කොළ  වර්ගයක් කියා දැන ගත් පසු ගෙදර හොදින් වැවී තිබු  බටු වර්ගයක් වන තිබ්බටු පැලයක කොලත් මම කවලම් කැදට එකතු කර සාදා බොන්නට පටන් ගත්තේ අත් හදා බැලීමක් ලෙසයි.                     තිබ්බටු කොල හා කරපිංචා එකතු කර සාදා ගත් කැද  ඉතා රසවත් උන නිසා, තිබ්බටු වල ගුණ සොයා බැලීමට සිත් වුනි. හිතුවාට වඩා තිබ්බටු ගහේ ඇත් විශාල ඖෂධීය ගුනය නිසා දැන් මම කවලම් කැදට තිබ්බටු කොල දෙක තුනක් දමා කොටා මිරිකා කැද හදන්නෙමි. එහි ඇති ගුනය , තද  කොළ පාට වගේම රසත් බෝහොම අගෙයි. ඔබත් මා ලෙස තිබ්බටු කොල එකතු කර කැද සාදා රස බලන්න . එය මා සොයා ගත් කැද හදන කොල වර්ගයක් කියා සිතමි. 😀😀.

---සාදන ක්‍රමය --           *මම  කාලයක සිට කැද සැදීමට බත් වෙනුවට ගන්නේ ඕට්ස් ඇට පමනය.  ඒ ඕට්ස් ඉතා ගුනවත් කෑමක් නිසයි.              *ඕටස් හා  කපාගත් සුදුලූනු බික් තුන හතරක්

වතුර දමා තැම්බෙන්න තියමි.                * කැදට ගන්නා තිබ්බටු කොළ, කරපිංචා ආදිය බ්‍රෙන්ඩරයේ දමා හොදින් මිරිකා තැම්බුන ඕට්ස් භාජනයට දමමි.                 * ලිපේ තියා ඇති ඕට්ස්, කොල යුශ වලට, පොල්කිරි ,ලුනු දමා එකපාරක් පමනක් නටන විට ලිපෙන් බා බීමට ගන්නෙමි.                  *විශේෂයෙන් කීමට ඇති දෙය නම් මම  උදයට කොළ කැද හදන්න ගන්නා කොල වර්ග ඊට පෙර දින හවස අබරා මිරිකා යුශ පෙට්ටියක දමා ශීතකරනයේ තබා උදේට ගන්නෙමි. මෙලෙස මිරිකා පොඩි පෙට්ටි වල දාලා මිරිකා ගත් යුශ සුමානෙකට වඩා කාලයක් අධි ශීතකරනයේ තබා අවශ්‍ය වේලාවට ප්‍රයෝජනයට ගත හැක. වේලාසන මිරිකා ඇරන් තියාගත් කොළ යුශ නිසා කාලවේලාව අඩු කරගෙන උදේට විනාඩි 15 පපමන කැද හදා බීමට ගත හැක.                  * අවශ්‍ය පොල්කිරි උනත් පෙර දවස හවස පොල්ගා මිරිකා  ශීතකරනයේ තබා උදේට ගමි.  මෙලෙස කොළ යුශ හා පොල්කිරි දින හතරක් පහක් උනත් අදිශීත කරනයේ තබා තියාගෙන පාවිච්චියට ගත හැක.  කාලය ඉතිරි කර ගැනීමට මම පුරුදු වී ඇත්තේ එසේය.

කොළ මිරිකා යුශ ගත් පසු එම කොළ වල රොඩ්ඩ මම කුනුබක්කියට නොදමමි. එය වත්තේ ඇති එලවලු පැල වලට පෝර වෙන්න යොදමි.



274 views0 comments

Comments


bottom of page