ගෙවතුවගාවක් ආරංභ කලෙමු.
- Prisila Godahewa
- Mar 30, 2020
- 1 min read
Updated: Apr 30, 2020
2020-- මාර්තු--27 වන මස අද දින උදේ පාන්දර පහට විතර ඇහැරුනු මට හිතට ආව අදහස.... උදේ පාන්දරින්ම සැමියට කිව්වෙ ගොඩක් ආසාවෙන්. එනම් අපි ගෙවතුවගාවක් ආරංභ කරමු යන්නයි. උදේ 10.30 විතර ගෙවත්තේ තනකොල සුද්දකර තිබු එක් කොටසක් අපි පාත්ති සකස් කරන්න පටන් ගත්තෙමු.
"මම ඔයාට පාත්ති වටේට ලීපට් ගහලා පාත්ති වෙන් කරලා දෙන්නම්" සැමියා කිව් විට ,එයට මගේ කැමැත්තක් නොවුයේ , එයට දින දෙක තුනක් යන නිසයි.
"අපි දැන්ම Bunnings හාඩ්වෙයර් එකට ගිහින් බඩු ගෙනත් වැඩේ අදම පටන් ගමු." සැමියා කිව් විට මට සතුටු සිතිනි.
දහවල් දෙක විතර වෙනකොට අවශ්‍ය බඩුත් අරන් ගෙදර ආපු අපි දහවල් ආහාරය ගත් සැනින් එලවලු පාත්ති සකසන්න පටන් ගත්තෙමු.
Bunnings එකෙන්, වත්තේ ආයුද දාන්න ගෙනාපු ෂෙඩ් එක චුට් දුවත් අකිලාත් හදන්න පටන් ගත්තේ මගේ බලකීරිමටය.
ඒ අතර චූටි දුව අපට ඔරෙන්ජ් ජූස් දෙකක් බොන්න ගෙනත් දුනී. අර්ජුන ගෙනාපු ලෑලි කපා ලස්සනට පාත්ති වටකර පෙට්ටි ගසා ඉවරකරන කොට හවස පහ පහුවිය. ඉන්පසු ඔහු කඩෙන් ගෙනා ගොම පොහොර , කොම්පෝස්ට් පැකට් කඩා පාත්ති පිරවිය. මම අවට රෝස පාත්ති සුද්දකර , අලුත් පාත්ති වලට දැමු පස් ලස්සනට ඇහුරුවෙමු.
"අපි අලුත් පාත්ති වලට වතුර දාමු " සැමියා ඇසීය
"ඔව් හෙට උදේම මම අද ගෙනාපු එලවලු පැල දුවලා තුන්දෙනාට කියල හිටවන්නයි හිතාගෙන ඉන්නේ. "
"ඒක හොදයි "
ඔයාට ස්තූතියි මට ලස්සනට පාත්ති ටික හදලා දුන්නට එක දවසින්ම."
"එහෙනම් දැන් ගෙට යමු රෑවේගෙන එන නිසා."
"ඔව්... ඔන්න සීතල සුලගක් හමාගෙන එනවා, හුලං වැදෙන්න ඉස්සර ගෙට යමු "
Comments