top of page

මගේ පුංච් ගෙවත්ත.

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Apr 5, 2020
  • 1 min read

Updated: Apr 30, 2020



අපේ පවුලේ හැමෝම එකතු වෙලා දවස් තුනක් ඇතුලත පටන්ගෙන ඉවරකල පාත්ති හැදිල්ල මෙයයි. වත්තේ කොනක් වතුවගාවට තෝරගෙන, පාත්ති හදලා, පස් පුරවලා, පැලත් ඉන්දලා ඉවර කලා. පැල ඉන්දලා ඉවර කලාට පස්සෙ දිගටම වැස්ස වහින්න පටන් ගත්ත නිසා මට හරිම සතුටුයි. අර්ජුන මගේ පුංච් ගෙවතු වගාව ආරම්භ කරන්න ගොඩක් උදව් කලා. දුවලත් පුලුවන් ප්‍රමානයට උදව්කලා. ඒ ගොල්ලෝ වැඩියෙන්ම ආස කලේ එක එක්කෙනාට හිටවන්න පාත්ති වෙන්කරලා, වෙනස් පැල වර්ග පැල කරන්න දුන්න නිසයි . ගෙවතු වගාව නිසා ඉදිරි කාලයේදි අපට පලදාවක් ගන්න පුලුවන් වෙයි. ඊටත් වඩා ගහ කොළ පැල එක්ක ඉන්න කොට හිතට දැනෙන්නේ පුදුම සැහැල්ලූවක් සතුටක්. උදේ නැගිට්ට ගමන්ම පැල කරපු පැල බලන්න යන්න හිතෙන්නේ මුලු දවසම ප්‍රබෝධමත් කරමින්‍ ය. හිතේ ගතේ සියලු රෝග වලට හොදම බෙහෙතක් තමයි ගෙවතු වගාව කියලා මට නම් දැන් හිතෙන්නේ . හැමෝම අහනවා මොනවද අපි පාත්ති වල හිටෙව්වේ කියලා. ඒ නිසා කියන්නම්.... පාත්ති දාන්න ඉස්සර මම ගේ පිටිපස්සේ කොහොමත් ගොටුකොළ , මුකුනුවැන්නා , කරපිංචා , නිවිති, තිබ්බටු, මයියොක්ක, හිටවලා තිබුනා . අලුතෙන් පාත්ති වල කැරට්, ගෝවා , බෝංචි , මිරිස්, පස්ලි, ඔරිගානෝ, ලූනුකොල, සුදුලූනු හිටෙව්වා . මට මුලින්ම හිටවන්න ලංකාවට ආවේනික පැල දුන්නේ මානෙල් හා ආරි , ඊට පස්සෙ රුක්ශි , එරිකා, සුරම්‍යා, රමනි මේ අයටත් ඉස්සෙල්ලා රේනු, තාශා, රංජන් මට පැල වර්ග ගෙනත් දීලා තියෙනවා හිටවන්න . හැමෝටම ස්තූතියි පැල වගාවට උනන්දු කලාට.

Comments


bottom of page