top of page
  • Writer's picturePrisila Godahewa

💥ගිමන් හරිමි💥

💥ගිමන් හරිමි💥

( 28 වෙනි කොටස )

"එහෙනම් වරෙල්ලා යන්න උඹලා දෙන්නගෙ කාමරය පෙන්නන්න....හැබැයි ඉතිං උඹලට ගේපිටිපස්සෙන් තමයි ඒ කාමරයට ඇතුල් වෙන්න තියෙන්නේ ....වරෙන් එහෙනම් මේ ගේ පිටිපස්සෙන්ම."


අයිරින් අක්කාගෙ ගේ පිටුපස තිබූ පුංචි කාමරය, අප එක්ක ගොස් ඇය අපට පෙන්වීය. එය ලෑලිවලින් වට කර ටකටන් දමා හදපු පොඩි කාමරයකි. මීගමු වැල්ලෙ ටිකක් ඈතට වෙන්න සාදා තිබූ අයිරින් අක්කාගෙ ගෙදරද ලෑලිවලින් නිමවූවක්ය. ඇයගෙ නිවසෙ වහලයට මෙන්ම, අපට ඉන්නට ලැබුණු ගෙයින් එලියේ කාමරයටත් ටකරන් දමා තිබුනි. මේ වෙලාවේ හැටියට ඒ ලැබුනු කාමරය ද අපට හොඳ වැඩි තරම්ය.

ලෑලි කාමරය අස්කර අතුගා තිබුනි. බඩුමුට්ටු කිසිත් එහි තුල නොවිය. ලෑලිවලින් වට වූ කාමරය තුළ උඩ මුල්ලක ජේසුස් වහන්සේගෙ පින්තූරයක් ලෑලි බිත්තියේ අලවා ඇණයක ගැසූ කුරුසියක් ද එහි එල්වා තිබුනි. මම ඒ ළගට ගොස් ජේසුස් වහන්සේගෙ පින්තූරයට වැන්දෙ පපුවේ කුරුසය ඇඳ ගනිමින්‍ය. අප උපතින් මොන ආගමකට අයත් දැයි මම නොදනිමි. අපේ තාත්තා මුස්ලිම් කෙනෙක් කියා අම්මා කිව්වත්, ඔහුට ඉතා හොඳින් සිංහල කතා කළ හැක. අම්මා ළමා නිවාසෙ ඉන්න කාලේ පටන් ජේසුතුමාට ඉටි පන්දම්, පහන් පත්තු කරපු බවක් ඇය කියයි. ඇය කරනා ලෙසම කොළඹ මුඩුක්කුව තුළ ද අප ජේසුතුමාගේ පින්තූරයක් බිත්තියෙ අලවා එයට වැන්දෙමු. කොළඹ ලැයිම කිට්ටුව තිබුනු කතෝලික දේවස්ථානයෙන් අසරණ පවුල්වලට බෙදා දෙන හාල්, තුනපහ බෑගත්, පරණ ඇඳුම් බෑගත් අපට ඒ කාලයේ නිදානයන් ලෙස පෙනින....එබැවින් පල්ලියෙන් ලැබෙනා ආධාර උපකාර නිසා, අපි පුංචි කාලයේ පටන් පල්ලියට යන්නෙ කතෝලිකයන් ලෙසය. ජේසුතුමාගේ පින්තූරයට වැඳ පපුවේ කුරුසිය ඇඳගත් මා දුටු සුමිත් පුදුම විය.


"ඔයා ජේසුස් වහන්සේට වඳින්නේ ඔයා ක්‍රිස්තියානි ආගමේද..? මං හිතුවේ ඔයා ගාමිණී මාමලා වගේම බුද්ධාගම් කාරයෝ කියලා...."


"අපේ අම්මා අදහන්නේ ජේසුතුමාව.... ඒ නිසා අපිත් පල්ලි යනවා.... ඔයා බුද්ධාගමේ නිසා මීට පස්සෙ මං ඔයත් එක්ක පන්සල් යන්නත් එන්නම්...."


"ඔයාගෙ කැමැත්තක්....".

අපි අපේ ඇදුම් බෑග් කාමරය තුළ තබා කාමරයෙන් එළියට ආවේ, උදේ කාපු මාළු පාන් ගෙඩිය දිරවා ,මේ වනවිට අප දෙදෙනාට හොදටම බඩගිනි වී තිබුන නිසයි .


" කඩ මණ්ඩියට ගිහින් මොනවා හරි දවල්ට කාලා, අපි රෑට උයාපිහා ගෙන කන්න හාල්, තුනපහ ටිකක් ගේමු..... දැන් නම් බඩ පනුවෝ කෑ ගසන තරම්‍ බඩගිනිය...."


කඩ මන්ඩියට ගොස් මොනව හෝ අරගෙන කෑ යුතුයි සිතමින් අප දෙදෙනා ගෙයින් එළියට බැස්සෙමු.


"ආ... උඹල දෙන්නා කොහේ යන්නද?...ගෙට ගොඩ වෙච්ච ගමන්..."


"අපි මේ කඬේ පැත්තෙ ගිහින් මොනවහරි දවල්ට කාලා, ගෙදරට අඩුපාඩුයි, හවසට උයාගෙන කන්න හාල් තුනපහ ටිකක් ගේන්න කියල...."


"ආන් මගේ පරණ භූමිතෙල් ලිපක් තියෙනවා එළියෙ මඩුවේ... උඹලට ඒ ලිපේ උයාගන්න පුලුවන්, භූමිතෙල් බෝතලයක් අරගෙන ආවොත්.... මං පරණ පැදුරකුත් දෙන්නම් නිදාගන්න...සමීර ඇඳ රෙදි එහෙම උඹලට දුන්නා නේද?...ඒවත් තියෙන නිසා අතේ සල්ලි නාස්ති කර ගන්න ඕනෙ නෑ..."


"ඔව්... අක්කේ....සමීර අයියා පිඟන්, කෝප්ප දෙක තුනකුත් හැලි වළං දෙකකුත් ගෙනත් දුන්නා..අපට ඒවයේ කෑම ටිකක් උයාගන්න පුලුවන් ..."


"ආ...දැන් උඹලට බඩගිනිත් ඇතිනේ.. වරෙල්ලා මේ කුස්සියට... මං උදේ හදපු පොල් රොටි වගයක් තියෙනවා....ඊයේ මිරිසට උයපු පරා මාළු ඇතිලියකුත් තියෙනවා....ටවුමට යන්න ඕනෙ නෑ, මේවා කාහල්ලා බඩගිනිත් ඇතිනේ....."


ඇය අපට ප්ලාස්ටික් පිඟානක තිබූ රොටි වගයකුත්, මිරිසට උයපු විශාල මාළු ඇතිලියකුත් ලෑලිවලින් සාදන ලද මේසය උඩින් තියා කන්නට කිව්වා ය.


"උඹල එහෙනම් කාල ඉවර වෙලා කුස්සියෙ දොර වහල දාල කඬේ පැත්තෙ පලයල්ලා.... මේ පැත්තෙ හැම තැනම බල්ලො, පූසො බෝ වෙලා... කොයිවෙලෙත් ගෙට රිංගනවා හොරා කන්න..."


"හොදයි අක්කේ...බොහෝම ස්තුතියි කෑම වලට..."


හොර පූසන්නට බැන වඳිමින් ඇය කුස්සියෙන් පිටවි ගෙයි ඉදිරිපිටට ගියාය.


ඇය සමිරගේ නැන්දා කීවත්, පෙනුමෙන් ඇය ඒ හැට් වයසක් නැති බව පෙනුන නිසා, මාත් සමිරත් ඇයට අක්කා කියා කතා කෙරුවෙමු. ඇයගේ කතා බහ බොහෝ සැරට තිබුනත්, මොන අඩුපාඩු තිබුනත්, ඇයගෙ හිත හොදයැයි මට සිතේ...


මාත් සුමිතුත් ලෑලි මේසය ලග තිබුන කොට බංකු දෙකේ වාඩිවි,රොටි කඩා ගනිමින් ඇතිලියේ තිබූ මිරිස් මාළු සමඟ රොටි ඇතිවෙන්න කෑවේමු. උදේ ඉදන් තිබු ලොකු බඩගින්නට ඒ රසවත් මාලු හා රොටි අප දෙදෙනාගෙ බඩගින්න නිවා දැම්මේ බලා ඉදියදිය..... ඇසිලින් නැන්දා මාළු ඇතිලිය ඉවර කරන්න කිවූ බැවින් අප දෙදෙනා බඩ පිරෙන්න මිරිසට උයා තිබූ මාළු සමඟ රොටි කෑවෙ, මෙතරම් අලුත් මාළු කන්නට නම් මීගමුවටම එන්න ඕන යැයි සිතමින්‍ය.


"අපි එහෙනම් කඬේට ගිහින් දවස් දෙක තුනකට ඇතිවෙන්න හාල්, තුනපහ ඇරගෙන එමු නේද? අද හවසට මුදලාලිගෙන් වැඩ කරපු සල්ලිත් හම්බ වෙයිනේ.... එතකම් වියදමට මං ලඟ සල්ලි ටිකක් තියෙනවා. පරිස්සමින් පාවිච්චි කරමු...."


"මා ගාවත් සල්ලි ටිකක් තියෙනවා, ගාමිණි මාමා දුන්න..."


"ඒ සල්ලි ටික අපි හදිස්සියකට ගන්න තියා ගමු..."


අපි දෙදෙනා කඩ මණ්ඩියට ගොස් හාල්, පරිප්පු, පොල්, තුනපහ බඩු ටික ටික රැගෙන ගෙදර ආවෙමු.


හවස් වරුවෙම අප දෙදෙනා අත් අල්ලාගෙන මුහුදු තීරය දිගේ ඇවිද ගෙන ගියේ නොයෙක් දේවල් කතා කරමින්ය. සුමිත් සමග විවාහ නොවි හෝ මෙලෙස එකට ජීවත් වෙන්න ලැබීම ගැන මට ඇතිවි තිබුනේ ලොකු සතුටකි.


"කොහොම හරි අපි දෙන්නා එක තැනකට උනානේ...මට ඒ ගැන සතුටුයි..."


"මටත් එහෙමයි...අපේ අම්මගෙන් තිබුන කරදරය නිසාමයි මම ඔයාවත් අඩගහගෙන මේ මිගමුවට ආවේ...

"

"ඒ ඇයි...?


"මම හම්බකරන්න ඔක්කොම මම ගිහින් අම්මා අතට දෙන්න ඕනේ...කොයි වෙලෙත් අක්කයි, නංගියි මල්ලියි ගැන බලන්න කියලා කරදරේ.... මට කියලා නිදහසක්, අතේ කීයක් වත් ඉතුරු කරගන්න හැටියක් නෑ....මටත් කියලා ජීවිතයක් තියෙන්න එපෑ....."


"මොනව උනත්, ඒ ඔයාගෙ අම්මනේ...අපේ අම්මත් එහෙම තමයි ...

මට ගෙදර ඉන්න එපා වෙලා තමයි නුවර මාමලාගෙ ගෙදර ඇවිත් නැවතුනේ..."


" අපේ තාත්තා නැති උනාට පස්සෙ, අපිව ලොකු කරගන්න අපේ අම්මා ගොඩක් දුක් වින්දා තමයි ...

ඒත් මම ඉස්කෝලෙන් අස්වුන දවසේ ඉදන් මොනව හරි රස්සාවක් කරලා හම්බ කලා....ඒවා ඔක්කොම අම්මට තමයි මම දුන්නේ....ඒවයින් තමයි අපේ ගෙදර ඔය තරම් හොදට හදා ගත්තෙත්...

ලොකු අක්කලා බදින කොටත් මම උදව් කලා...දැන් අපේ අම්මා බලන් ඉන්නේ මාව ලොකු දෑවෑද්දකට කසාද බන්දලා දීලා, ඒ සල්ලි වලින් අනෙක් අක්කව බන්දලා දෙන්න....ඒ විතරක්‍යැ නංගිලා මල්ලිලාටත් මම මයි වියදම් කරන්න ඕනේ....මට දැන් එපා වෙලා ඉන්නෙ මේ ඔක්කොම ...මට කියලා ජීවිතයක් ඇත්තෙම නෑ...ඒකයි ඔක්කොම දමල ගහලා හොරෙන්ම ඔයත් එක්ක ආවේ...."


"එහෙමද...? මම හිතුවේ ඔයා අම්මට ගොඩක් ආදරේ කරන කෙනෙක් කියලා ..."


" ආදරේ නැත්තෙ නෑ....ඒ උනාට මට කියලත් නිදහසක් තියෙන්න එපෑ....ඉතිං දුලීකා ..කියන්නකො ඔයාගෙ ගෙදර , පොඩිකාලේ තොරතුරු එහෙම ...මම වැඩිය ඔයා ගැන දන්නෑනේ..

"

"අපි යමුද අර පරන බෝට්ටුව උඩට වාඩිවෙන්න..."


හවස් වරුවේ අත්වැල් අල්ලන් සෙනග නැති මුහුදු වෙරලේ, මුහුදු සුළං වැදෙමින් ඇවිදගිය අපි දෙන්නා, පාළු තැනක තිබුන පරන බෝට්ටු වක් උඩට නැග ගත්තෙමු. එහි උඩ වාඩි ගත් කල අපට මුහුදු වෙරළ ඈතට යනකම් හොදට පෙනෙයි.... අවට මුහුදු වෙරළ තීරය පුරා සැරෙන් සැරේ වෙරළට, ඇදී එන යන සුදුපාට රැළි දෙස අපි දෙදෙනා ඔහේ බලා සිටියෙ හිසකේ දසත විසිර යද්දීයි. ... මීගමු වෙරලේ කරදිය සුළං අප දෙදෙනා වටේ රවුමට කැරෙකෙද්දි ...අපේ අනාගතය කෙසේ විසදේවිදැයි නොදැන දෙදෙනා ඔහේ ඈත බලාන උන්නෙමු.


මගේ ගෙවුණු පහුගිය කාලය, සුමිත්ගෙ ගෙදර වතගොත අපේ අනාගතය ගැන ඔහේ සැහැල්ලුවෙන් කතා කරමින් අප දෙදෙනා අත්වැල් අල්ලන් සිටියෙමු. මම ගැන හරි හැටි දෙයක් නොදැන සිටි සුමිත්ට, මම මගේ අතීතය ගැන කිව්වේ දුකෙන් හා සතුටින්ය. මගේ කොළඹ ජීවිතය, අම්මා රට ගිය පසු, කිරි බොන බාල මල්ලීත් බලාගෙන හදාගත් ආකාරය මා කිව් දේවල් සුමිත් අහගෙන හිටියේ දුකෙන් වගේම පුදුමයෙනී.


"දුලීකා අපි යමුද මාළු වාඩිය පැත්තෙ ...අද උදේ වැඩ කරපු අයට කුළිය බේරන්න මාළු මුදළාලි එන වෙලාව..."


"ඔව්...එහෙනම් යමු ...මට අද හරි සතුටුයි සුමිත්.... මේ විදිහට ,දන්න කියන කවුරුත් නැති පැත්තක ඔයත් එක්ක මේ විදිහට නිදහසේ ඉන්න ලැබුන එකට...මොන අඩුපාඩු තිබුනත් මගේ හිත සතුටින් පිරිලා ඔයා නිසා...."


"ඔව්...මටත් එහෙමයි....මේ අපේ හනිමූන් කාලේනෙ, අපි තියෙන විදිහට කාලා බීලා සතුටින් ඉමු දුලීකා ..."


"මාළු මුදළාලි වාඩියට ඇවිත්...ඒකයි අර කුළී කාරයෝ එතන වටකරගෙන ඉන්නේ...මමත් ගිහින් බලලා එන්නම්, මගේ වැඩ කරපු සල්ලිත් ගන්න පුලුවන්ද කියලා .... ඔයා මෙතනම ඉන්න..."


"මුදළාලිට කතා කරන්න පුලුවන් උනොත් ඔයාගෙ ඩ්‍රැයිවින් රස්සාව ගැනත් අහන්න ..."


"බලමු දුලිකා ...මම යන්නම්..."


උදේට මීගමු වෙරලේ මාළු මිලදී ගෙන වාහන වලින් ඒවා කොළඹ ඇරන් ගිය මුදලාලිලා, හවසට වෙරලේ වාඩියට, කුළී කාරයින්ට පඩි ගෙවන්න පැමිනෙන්නේ මේ වෙලාවටයි. ඒ වෙලාවට මුදාලාලිලාව වටකරගෙන අත්උදව් කරුවන් හිදීන්නේ නොවිසිල්ලෙනි. සුමිත් ද ඔවුන් සිටින දෙසට යනවා මම ඈතට වී බලා සිටියෙමි.


වැඩිවේලාවක් නොගොස්, සුමිත් ටික වේලාවකින් මා ලගට පැමිනියේ සතුටින් ....


"මාළු මුදලාලි වැඩ කරපු ඒවායේ ගාන දුන්නා ,උදේ පෙට්ටි කර ගැහුව්වට. ඒකත් ලොකු දෙයක්.... අපි පරිස්සමින් මේවා ඉතිරි කරගෙන ජීවත් වෙමු දුලීකා ..."


"ඔව්..ඔයාට හරියට රස්සාවක් හම්බවෙනකම් මෙහෙම ඉමුකෝ..."


"අපි ගෙදර යමුද දැන් ..."


"මොනවද අද රෑට අපි දෙන්නා කන්නේ...දැන් ගොඩක් හවස් උනත් එක්ක...ගෙදර ගිහින් මොනව හරි උයාගෙන කමුද ..?


"නෑ දුලීකා ...මේ අපේ හනිමූන් එකනේ...අපි ටවුමට ගිහින් මොනව හරි රැට කාලා ගෙදර එමු...හෙට උදේම අපි මොනව හරි උයලා ගමු..."


"හා..හා..මේ අපේ කසාද නොබැද ආපු හනිමූන් එකනේ...කමක් නෑ අපි අද විවේකයෙන් ඉමු, ඒක හොදයි ..මාත් කැමතියි එළියෙන් කන්න...අපි ඉතිං හැමදාම ගෙදර උයාගෙන කන අයනේ..."


-සදුදාට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

1 view0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentarios


bottom of page