top of page
  • Writer's picturePrisila Godahewa

💥ගිමන් හරිමි💥

💥ගිමන් හරිමි💥

(26 වෙනි කොටස )

සමිර අපට රෑ නිදාගන්න ලෑස්ති කර දුන් කාමරය ඉතා පිරිසිදුවට ලස්සනට සකසා තිබු කාමරයක් විය.

ඉතා පිරිසිදු සුදු පාට ඇඳන් රෙදි දමා පිළිවෙලකට සකසා තිබූ ඇඳේ නිදාගන්න තියා වාඩි වෙන්නත් ලෝභ හිතෙන ගානය.


"මේ ඇදේ නිදාගන්න තියා වාඩි වෙන්නත් ලෝභයි සුමිත් ...."


මා හෙමිහිට ඇඳේ කෙලවරකින් වාඩි වුණෙ සුමිත්ට එසේ කියමින්....


"එහෙනම් නිදාගන්නෙ නැතුව හිටගෙන ඉන්න..."


සුමිත් ඇද සිටි කමීසය ගලවා දමා ඇඳේ එහා පැත්තෙන් ඇවිත් එහි ඇලවුණේ මා දෙස අමුතු බැල්මක් හෙලමින්‍ය.


" ඇදේ නිදා ගන්න ලෝභ ඇඳ රෙදි කිලිටුවෙයි කියලා බයේ......."


"එහෙනම් මේකට උඩින් වෙන රෙද්දක් එලා ගන්න...පිස්සුද මේවා තියෙන්නේ නිදාගන්න තමයි ..."


ඔහු මට විහිළුවට එලෙස කියමින් මාව ඇඳට ඇඳලා ගත්තේ කළබලේමය .....


ඇඳ ලඟ පුංචි ස්ටූලය උඩ තිබුණ මේස ලාම්පුව අත් දික් කර නිවා දැමූ ඔහු මා දවල් මෙන් ම තුරුළු කරගෙන සිප ගත්තේ හනි හනිකටය. අද දවල් ඔහුගෙ උනුසුම් ආදරය මැද ආශාව දෝරේ ගලාගිය හැට්.... අපේ පළමු එක්වීමෙන් ලද අමුතුම සුවය සිහිවි මගේ හිත සතුටින් බරවිය. ඒ සුවය නැවත නැවතත් ලබා ගැනිමේ බලාපොරොත්තුවෙන් මම ඔහුට තුරුල් උනේ,ආශාවෙන් උමතුවය....


දෙමව්පියන් නොදැන, සුමිත් සමග විවාහ නොවී අප දෙදෙනා අඹුසැමියන් ලෙස දෙවන පාරටද එක්වන්නට සැරසේ.....දෙමව්පියන් ගෙන් හරි හැටි ආදරයක්, ආරක්ශාවක් සරණක් නොලද මට, විවාහ ජීවිතය ගැන හරි හැටි තේරුමක්ද නැත..

අපේ අම්මා, තාත්තාට හොරා...ලයිමේ අනෙක් පිරිමි සමග එකට එකතුවන කායික සම්බන්ධතා ගැන දැන සිටි මට, සුමිත් සමග එකට එකතුවීමට ඇති අවශ්‍ය තාවයක් මිස විවාහයක් ගැන අවශ්‍ය තාවයක් නැත. එක ගැහැනියක් හා එක පිරිමියෙක් විතරක් එකට ජීවත් විය යුතුයි කියන හැගීම මට, අම්මා නිසා හරියට තේරුම් නොයෙයි..... එහි ඇති හොද නරක තේරෙන වයසට මම තවම ඇවිත් නැතුවා වන්නට ඇත. විවාහය ,කසාදය තරුණ දෙදෙනෙකුට එකතු වීමට අතයාවශ්‍ය දෙයක් කියා මට නොසිතේ... අවුරුදු දහසයක් වත් නැති මම මට වඩා අවුරුදු පහක් පමණ වයසැති සුමිත් සමග එකට එක්විමට ඇති කැමැත්ත ඇරෙන්න වෙන දෙයක් ගැන හැගිමක් නැත. ලස්සන පිරිසිදු තැනක, බොහො නිදහසින්, මම සුමිත් සමග හිතේ හැටියට කායික සබදතාවය නිමා කලේ සතුටින් ආශාවෙන් ඉපිලෙමින්ය.

කාත් කවුරුත් නැති ගානට, කවුරුත් දන්නෙ නැති පලාතකට පැමින, සුමිත් සමග විවාහ

නොවී, එකට ජීවත් වන්නට පටන්ගත් අද දිනයේ.... මේ මොහොත ගැන පමනක් සිතන මම, මා ලද කායික සතුට ගැන උපරිමයෙන් සතුටට පත්ව සිටියෙමි. මගේ අනාගතය, මගේ ජීවිතය කොයි ආකාරයකට ඉදිරි කාලේ ගෙවි යයිද නොදැන, ආශාව පමනක් මුල්කරගෙන ,ඒ බලාපොරොත්තුවෙන් සුමිත්ට තුරුල් වී දෑස පියා ගෙන උන්නෙමි.


සුමිත්ට, මට වඩා ජීවිතය ගැන තේරුමක් තිබුනත් ඔහුටත් මා සමග එකට එකතු වීමේ හදිස්සිය මිස විවාහය ගැන හදිස්සියක් නැති ගානය. අප දෙදෙනාම එකම ලෙස සිතන දෙදෙනෙක්ද..?....සුමිත්ට කෙසේ වෙතත් මමවත් ඒ ගැන සිතිය යුතුයැයි තේරුමක් මට නැත.... කසාද බැද මිස මෙලෙස එකතු නොවිය යුතුයි කියා හැගිමක් දැනිමක් මට නැත...අපේ හනිමුන් රාත‍්‍රිය එසේ ගෙවී යන්නට පටන් ගත්තේ අප දෙදෙනා හිතුවාටත් වඩා සතුටින් ආශාවෙන් උද්දාමයට පත් වෙමිනි.


වෙනදා පුරුද්දට මට උදේ පාන්දර ඇහැ ඇරින. සුමිත් මගේ ඇදේ එහා පැත්තෙ තාමත් සැමට නිදිය. බොහො ලස්සන බඩුබාහිරාදිය ඇති ලස්සන පිරිසිදු කාමරයේ අප දෙදෙනා තනිවි සැපට ඉන්නා හැටි....පසුගිය රෑ මෙහි නවාතැන් ගන්නට පැමිනි අප දෙදෙනාගෙ වාසනාවකට මෙවැනි තැනක නවතින්න ලැබෙන්න ඇත. අදින් පසු අපේ අනාගතය කෙසේ වෙනු ඇතිද...මට මගේ අනාගතය ගැන බයක්වත් දුකක්වත් මේ මොහොතේ ඇති නොවේ...මේ මොහොත ගැන පමනක් සිතා මම සුමිත් සමග ආ ගමන ගැන සතුටක් මිස දුකක් බයක් මට නැත.

මම හෙමිහිට ඇදෙන් නැගිට ගොස් නිදාසිටි කාමරයේ ජනේලය ඇර අවට බැලුවෙමි ....තවමත් හරියට ඉර උදාවි නොමැත. ජනේලය ඇරපු සැනින් ඒ තුලින් කරදිය සුවද මිශ්‍ර සුළගක් කාමරයට ඇදි ආවේ හරි වේගයෙනි. ජනේලයෙන් එළියේ ඈතින් හෝ හෝ හඩින් ඈත මුහුදේ රළ ගහන සද්දය ඇසේ...ජනේලයෙන් බැලු කල පොල්ගස් අතරින් ඈත මුහුද යාන්තමට පෙනේ...උදේ පාන්දර කුරුල්ලන්ගෙ කුකුලන්ගේ කෑගැසිම් අසාගෙන මම ජනේලය ලග සිටියේ අපේ අද දවස කෙසේ ගෙවි යයිදො නොදැන සැකයකිනි. මොන බාදා ආවත් මගේ ලග මා සමග සුමිත් සිටිම නිසා, මගේ හිතට බයක් නොදැනේ...බාළ කාලයේ පටන් අගහිගකම්වලින් අඩුවක් නැතිව ගෙවි ගිය ජීවිතයේ මට, අලුතින් වෙන්නට නරක නපුරු දෙයක් නැති ගානය.....එබැවින් මම මගේ අනාගතය ගැන බිය නොවෙමි.


"ඔයා උදේම නැගිට ගත්තද...? මම මේ මුහුදෙ සද්දෙයි හුළං වැදිලයි ඇහැරුනේ ..."


"සුමිත් අපි ඉක්මනට නැගිටලා මුණ කට හෝදගෙන මෙතනින් ගියොත් හොදයි නේද...? නැත්නම් සමිරට අපි නිසා ප්‍රශ්නයක් වෙන්න පුලුවන් ..."


"ඔව් දුලීකා ..ඔයා හෝදගෙන ඇවිල්ලා ලෑස්ති වෙන්න...අපි ඉක්මනට යමු ..

මටත් මොකක් හරි රස්සාවක් අද හොයා ගන්නත් එපෑ..."


"අද රෑට අපට නවතින්න තැනකුත් හොයාගන්න එපෑ...."


අප දෙදෙනා උදෙ පාන්දරින්ම නැගිට ගත්තේ අප සිටින නවාතැන් පලට,කවුරු හරි නවාතැන් ගන්නට එන්නට ප‍්‍රථම මෙතනින් පිට වී යා යුතු බව සමීර කියා තිබු නිසයි. නැතිනම් අපි නිසා සමිරගේ රස්සාවටත් කරදරයක් වෙන්නට පුළුවන.


"ගුඞ් මෝනින්...කොහොමද උඹලගේ හනිමූන් රාත්‍රීය ...හොදට නින්ද ගියාද...? එළිවෙනකම් ඇහැරලා හිටියද...? ඔන්න මං උඹලට තේ හැදුවා..... මාළු පාන් ගෙඩි දෙකකුත් තියෙනවා. කාලා තේ බීලා ගොඩක් දවල් වෙන්න ඉස්සර වෙරළ පැත්තට යමු...."

සමිර අපට පෙර උදේ නැගිට කඩේටද ගොස් ඇවිත් ඇත.


" ඉක්මනට වෙරළට ගිහින් රස්සාවක් හොයා ගන්න පුලුවන්ද බලමු... දවල් වෙනකොට වැඩ ඉවර වෙනවා........" සමිර කීය


"හරි... හරි... මචං. අපි ලෑස්තියි....මම ශෝටක් ගහ ගත්තා ....

හම්බවෙන රස්සාවක් කරන්න හිතාගෙන.... අපේ ඇඳුම් බෑග් දෙකට මොකද කරන්නේ...?


" උඹලගෙ ඇදුම් බෑග් දෙක මගේ කාමරයෙන් තියපන්. ගෙයක් හොයා ගත්තහම ගෙනියන්න බැරියැ...."


සමිර නැවති සිටින්නේ මේ විශාල ගෙයින් එළියේ වාහන දාන ගරාජය තුලය. ඔහු එය කාමරයක් ලෙස ලස්සනට හදාගෙන පාවිච්චි කරයි. ඔහුගෙ වැසිකිළිය ද ගෙයින් පිට තිබුණි.

ඔහුගෙ කාමරයෙන් අපේ ඇඳුම් බෑග් දෙක තියපු අප දෙදෙනා, උදේම සමීර සාදා දුන් තේ බී මාළු පාන් කා සුමිත්ට රැකියාවක් සොයා ගැනීමටත්, අපට නවතින්නට, ගේ කෑල්ලක් හොයා ගන්නටත් සිතා නවාතැනින් එළියට බැස්සේ සමිර සමගමය.


"ඉක්මන් කරලා වැල්ලට යමු ...ඊයේ හවස මුහුදු ගිය මාළු බෝට්ටු , උදේට වෙරළට එන වෙලාවට තමයි මේ පැත්තෙ හැමෝටම වැඩ තියෙන්නේ ..."


අප තිදෙනා නිවාඩු නිකේතනයෙන් එළියට බැස මීගමුවේ අතුරු පාරකින් කඩිනමින් වැල්ලට ඇවිද යනවිට හෝ හෝ ගා මුහුදු රැළි, වෙරලේ හැපෙන සද්දය ළග ලගින් ඇසෙන්නට විය ..... ඒ සමගම කරදිය වතුරේ සුවදද වැඩි වැඩියෙන් විහිදි යන්නට විය.


"මුහුදෙ සද්දෙ නේද ඇහෙන්නේ... මං නම් හරි ආසයි මුහුදට අපි ඉතිං නුවර මිනිස්සුනේ.... අපට වැඩිය මුහුද දකින්න ලැබෙන්නෙ නෑනේ....ගිය පාර අපි යාලුවො ටික මීගමු ආපු වෙලෙයි, විනෝද චාරිකා ගිය වෙලාවටත් තමයි මං දෙතුන් පාරක් මුහුද දැකල තිබුනෙත්.... සුමිත් සමීරට කියයි.


"අපි නම් කොළඹ ඉන්න කොට හවසට ගෝල්ෆේස් පිට්ටනියට ගිහින් ඔහේ රෑ වෙනකම් එහෙ මෙහෙ ඇවිදලා වාඩි වෙලා පැය ගනන් ඉඳලා තමයි ගෙදර යන්නේ...අපේ ගෙවල්වල තදබදය නිසා ඒවයෙ ඉන්නවාට වඩා සැපයි ගෝල්ෆේස් එකේ පිට්ටනියේ වාඩි වෙලා ඉන්න කොට...."


අපි කොළඹ මුඩුක්කුවක ජීවත් වුණ බව මා සුමිත්ට වත් මෙපමණ දවසකට කියා නොතිබුණි. මට මේ මොහොතේ නිකම්ම ඒ ගැන කියවුන විට සුමිත් මගේ මුහුණ බැලූවේ ඔහු නොදන්න දෙයක් මම කිව් නිසා වන්නට ඇත.


" මං ඒ ගැන දන්නෙ නෑනේ...."


"මං ඔයාට මගේ ඉස්සර කාලෙ ගැන කියල තිබුණෙ නෑනේ... පස්සේ විවේක වෙලාවක ඒ ගැන කියන්නම්කෝ....

"

උදේ පාන්දර සුමිත්ගෙ ඔළුවේ තිබුණේ, ඔහුට රැකියාවක් හා අපට නවතින්නට ගෙයක් හොයන අදහසය. ඒ නිසා මාගේ කතාව ඔහුට එතරම් වැදගත් වන්නට නැත.


මට මතක් වුණේ අපි කොළඹ පේළි ගෙවල් වල ඉන්න කාලේ, අම්මයි, මල්ලිලයි එක්ක අපි හවස් වනවිට ගෝල්ෆේස් පිට්ටනියට පයින්ම ඇවිදගෙන ගිය අයුරුය. රෑ වෙනකම් අපි ගෝල්ෆේස් පිට්ටනියේ වාඩි වී නැවුම් සුළඟ විඳ ගත් හැටි.... මල්ලිලා සරුංගල් ඇරිය හැටි, රටකජු ගොට්ටක් ගෙන අපි ඒවා කාපු හැටි.....මුඩුක්කු පේලිවල ඇති ගඳ ගහන හුලගෙන් බේරෙන්නට කොළඹ මුඩුක්කුවල ජීවත්වන බොහෝ මිනිසුන් ගෝල්ෆේස් පිට්ටනියට යන්නේ හොඳ හුලං ටිකක් විඳ නිදහසේ පැය ගානක් සැහැල්ලූවෙන් ඉඳ එන්නටය....


එකම ගෙදර පවුල් තුන හතර පදිංචි වි ඉන්නා තැන් වල, අනිවාර්යයෙන්ම ඔවුන් වෙලාව බෙදාගෙන නිදිය ගන්නේද අනෙක් පවුල් දෙක මුහුදු වෙරලේ විවේක ගන්න යන මොහොත වල්වලය.... මුඩුක්කු පේලිවල ජීවත් වන වුන්ගේ ජීවිත වල ඇතුල් පැත්ත ගැන, ලෝකයා නොදන්න කරුනු කොයිතරම් තිබේද කියා මට සිතේ..."


අපි නිවාඩු නිකේතනයේ සිට ඇවිද ගෙන ගියේ මීගමුවේ මාළු බෝට්ටු එන මුහුදු වෙරළටය. අපට වෙරළට කිට්ටු වන විට


"හෝය්යා...හෝය්යා.."


"ඕඩි හෙලෙයි...හෙලෙයියා..."


කියමින් එක ගොඩට මිනිසුන් කෑගසන හඩ ඈතටම ඇසෙන්නට විය....ඒ මුහුදු වෙරළට මාළු දැල්, මිනිසුන් කට්ටියක් එකතු වී අදින හඬ වේ.... කළබලේ එහෙ මෙහේ දුවන ගැහැනු මිනිස්සු, ඔවුන්ගෙ කෑකෝ ගෑසීම්.......

ඈතටම මාළු බෝට්ටු වෙරළට ඇවිත් බව කියා පාන්නේ, ඈත වෙරලේ ඉගිලෙන කපුටන් මුහුදු ලිහිනියන් ඇතුළු කුරුල්ලන් ගෙනි..... ඔවුන් රංචු පිටින් මුහුදු වෙරලේ එහෙට මෙහෙට පියඹන්නේ ගොදුරක් සොයා ගැනිමට හා මාලු මුදලාලිලා මුහුදට නැවත විසි කරන තැලුනු පොඩිවුන, අදුනන්නේ නැති පොඩි මාලු අල්ලාගෙන කෑමටය.... ඒ වගේම වෙරළ තීරයේ සිටිනා මාළු වෙළන්දන් හා මාළු මිලදි ගන්නට ඇවිත් සිටින මිනිසුන්ගේ කෑකෝ ගැසීම්, මාළු වෙන්දේසි කරන තැන්, මාළු කේවල් කර ඉල්ලන ශබ්දයන් , මුහුදු රැල්ලේ ශබ්දය අභිබවා ඇසේ....


අප එහි යන විටත් මුහුදු වෙරළ මාළු විකුණන මිනිසුන්ගෙන් පිරී ගොස් තිබුණේ..., පසුගියදා හවස මුහුදු ගිය මාළු බෝට්ටු වැල්ලට එන වෙලාවන් නිසා ය.


බෝට්ටුවලින් ගෙනෙන ලද මාලූ මිල දී ගන්නට පැමිණ සිටි මුදලාලිලා වගේම බෝට්ටු අයිති කාරයො අඳුනා ගැනීමට ඉතා පහසුය. ඔවුන් තඩි රත්තරං මාල බ්‍රේස්ලට් පැලඳ සුදු සරම් සුදු කමීස ඇඳ පැමිණ සිටිවුන්ය. හොදින් කාබී තරවී සිටි ඔවුන් ගොරෝසු හඩින් කටට තොර තෝංචියක් නැතිව කෑගහයි, බනියි, මාළු කේවල් කර ඉල්ලයි, වටපිටාවේ ඉන්නා අත් උදව් කාරයන්ට කෑ ගසයි... වෙරලේ ඇත්තේ එකම ගාලගෝට්ටියකි.


ඒ මාළු කාරයින්ගේ කතා අතර රංඩු සරුවල් හා ගිරිය කඩා ගෙන කෑ ගසන මිනිසුන්ගේ හඬද මගේ දෙසවන් අකමැත්තෙන් පිරවිය. මුහුදෙන් ඇසෙනා හෝ හෝ හඬත් මිනිසුන්ගේ කන් කරච්චල් හඬින් ද අන්දමන්ද වු මා සමීර හා සුමිත් සමඟ මාළු විකුණන්න මාළු වෙන්දේසි දමන මිනිසුන් දිහා බලා සිටියේ පුදුමයෙන් මෙනි.


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

10 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page