top of page
  • Writer's picturePrisila Godahewa

💥ගිමන් හරිමි💥

💥ගිමන් හරිමි💥

(19 වන කොටස)

නැන්දාට දරුවා ලැබෙන්න දැන් ඇත්තේ මාස දෙකකට අඩු කාලයකි..... ටිකෙන් ටික දින ලං වෙද්දි... ඇය ඒ ගැන බයෙන් ඉන්නා බව නිතර කියයි...


"දූලිකා මට බබාට ඇදුම් මහන්න රෙදි වගයක් තව ගන්න ඕනේ...අපි ටවුමට ගිහින් එමුද...?" සාමා නැන්දා ටවුමට යන්න ඇසු පරක්කුවෙන් මම කැමති විය. ගෙදරින් පිටවි ඇදපැලැද කොහේ හෝ යන්න ඇත්නම් මට ඊට වඩා දෙයක් නැත .


"අනේ අපි යමු නැන්දේ....මම හරි ආසයි ටවුමට යන්න...මටත් කොන්ඩ කටු, සබන් පුයර ටිකක් ගන්නත් ඕනේ ..."


"අපි වීල් එකක යමු..මට දැන් වැඩිය ඇවිදගෙන යන්න බෑ..."


මේ ගමේ මිනිසුන් කඩ මංඩියට පයින් යන්නට පුරුදු වී සිටියත්, නැන්දා කවදත් කඩමණ්ඩියට යන්න කැමති වීල් එකකින්‍ය. ඇය ඇගපත වෙහෙසන්න දැන් හොදටම කම්මැලි වි ඇත.


සතියෙ දිනක් වු එදින නැන්දත් මමත් කඩ මන්ඩියට ගියේ ත්‍රීවීල් එකකිනි. එදින කඩමණ්ඩිය කිට්ටුව ඇති ගමේ, අගහරුවාදා පොළ දවස වේ.... එබැවින් ටවුමට බඩු ගන්න හා විකුනන්න ආ මිනිසුන්ගෙන් එය පිරි කළබල ස්වරූපයක් ගෙන තිබුනි.


"යන ගමන් අපි පොළෙන් කරවල ,තුනපහ ටිකක් ඇරගෙන යමු දුලීකා ..."


"හරි නැන්දේ මම හරි ආසයි පොළේ තියෙන බඩු දිහා බල බල ඇවිදින්න ... .."


"ඇවිද ඇවිද ඉන්න බෑ...අපි ඉක්මනට කරවල තුනපහ ටික ඇරගෙන එමු..."


"සාමා අක්කේ...සමා අක්කේ..."


කාගේදො කඩහඩකින් අප දෙදෙනාම හැරි බැලු විට දැක ගන්නට ලැබුනේ....අප දෙසට දුවගෙන එන සුමිත්ය...


"ආ....මේ සුමිත් නේ...මොකෝ අද වැඩ නැද්ද ...?


නොසිතු ලෙස අපට සුමිත්ව කඩ මංඩියේදි අහම්බෙන් මුණ ගැසීම මට නම් සතුටක් විය. මම එය නොපෙන්වා නැන්දාගේ අතින් අල්ලන් අහක බලන් උන්නෙමි . අප දැක ඔහු හිනා කටක් පුරවාගෙන අප වෙත දුවගෙන ආවේය......


"ආ... සාමා අක්කේ ටවුමට ආවද...? මේ දුලීකා නංගිත් ඉන්නේ... කොහොමද ඉතිං ...කොහොමද දුලීකා ...ශා අද හරි හැඩට ඇදලනේ....මොනවද සාමා අක්කේ ගන්න ආවේ..."


"අපි මේ රෙදි වගයක් ගන්න කියලා ආවා... කරවල තුනපහ ටිකකුත් ගත්තා පොළෙන්....."


ටවුමේදී ඈතදීම දැක අප ලගට දුවවිත් කතා කළ සුමිත් , නැන්දා සමඟ කතා කරමින් අප පසු පස රෙදි සාප්පුවටද එයි....


"අක්කේ අල්ලපු රෙදි කඩෙ අපේ අය්යා වෙන කෙනෙක්ගේ...ඒකට යමු, මම අක්කට රෙදි අඩු ගානට ඇරන් දෙන්නම්..."


සුමිත් , නැන්දාට රෙදි ගන්නට, අඳුනන රෙදි සාප්පුවකට, එක්කගෙන ගොස් අපව කඬේ මුදලාලිට අඳුන්වා දුන්නේය.


"මේ එළවළු කොටුවේ,ගාමිණී අයියගෙ නෝනා... හොඳට බලලා රෙදි අඩු කරලා දෙන්න...." ඔහු ටවුමේ හැම කඩ මුදලාලි කෙනෙක්ම අඳුනන ගානය.

.

" අක්කේ, රෙදි ඇරගෙන ඉවරනම් අපි මොනවත් බීලා යමු නේද....?.අක්කට දැන් මහන්සි ඇතිනේ...." ඔහු අප පසුපසම බලෙන් පැමිනෙයි.


"දැන් මුකුත් ඕන නෑ සුමිත්...."


"යමු ..යමු...මේ දුලිකා නම් මොනව හරි බොන්න කැමති පාටයි...".


"මේකි නම් ඉතිං ඕන වෙලාවක ඕන දෙයක් බොයි..."


ඔහු මාවත් නැන්දාවත් "කූල් ස්පොට්" එකකට එක්ක ගෙන ගොස් ඔරේන්ජ් බාර්ලි බොන්නට ඇරන් දුන්නේය.


"මොනව හරි කනවද අක්කේ..."


"නෑ නෑ ඕන නෑ සුමිත් ....අපි දැන් යන්න ඕනේ... දැන් අයියත් එළවලූ කොටුවේ ඉදලා ඇවිත් ඇති....අපි ඉක්මනට ගෙදර යමු දුලීකා ...එහෙනම් සුමිත් මල්ලි ස්තුතියි ඇරන් දීපු බීම වලට...."


"හරි... හරි...අක්කේ... මොනවහරි ටවුමෙන් ගන්න ඕන වුණොත් මට කියන්න. මං දන්නවා හැම මුදලාලි කෙනෙක් ම.... හොඳයි අක්කේ එහෙනම් ගිහින්න එන්න...."


ඔහුගේ කතා කරන, හිනහෙන දැස් වලින් මා දෙස බලමින් ඔහු කතා කරන්නේ නැන්දාට පිටුපාය.... ඔහු අප පසුපස බලෙන් පැමිණෙමින් කතා කරනනෙ මා නිසා යැයි මට සිතේ...


"ඒ අය්යා හරි හොදයි වගේ නැන්දේ..."


"ඔය සුමිත් කොල්ලට, කෙල්ලො පේන්න බෑ....ඔය උඹ හිටිය නිසා අපේ පස්සෙන් ආවේ...යන යන තැන කෙල්ලන්ගෙ පස්සෙන් යනවා..."


"ඒ උනාට ඒ අය්යගෙ වැරැද්දක් එහෙම පේන්න නෑ..."


"අනේ..දුලීකා උඹ පැහෙන්නෙ නැතුව හිටින්.... ඕකුන් එක්ක වැඩි බජනෙට එහෙම යනව නෙමේ......කෙල්ලෙක් දැක්කොත් ඇඹලයො වගේ....මණමාල විසේ...."

නැන්දා නුරුස්සමින් කීය .


නැන්දාට දරුවා හම්බවෙන්න දැන් හොඳට ම ලඟ ය. ඇයටත් වඩා විශාල ඇගේ උදරය දකින විට, මට බයත් හිතේ....ඇය කොන්දට අත තියා ගෙන ගෙයි එහේ මෙහේ යන්නේ හරිම අමාරුවෙනි. මම අලුත් දරුවාට ඕන කරන ඇඳුම් ඇයත් සමඟ එකතුවි මසා නිම කර බෑගයකට ද අසුරා තැබුවේ අවශ්‍ය වුන විටක එය රැගෙන ඉස්පිරිතාලයට යන්නටය.


මම ගෙදර වැඩ සියල්ලක් ම කර දෙමින් නැන්දාට උදව් කරමින් එළවළු කොටුවේ වැඩද බැලුවෙමි. නැන්දා මට ඇයගෙ සහෝදරියකට මෙන් ආදරයෙන් සැලකුවාය. ඇයගෙ අඳින්න බැරුව තද වුණ ඇඳුම්, සපත්තු , ඉමිටේශන් බඩුද මට නිතර දෙමින් මා ඇය යාප්පුවෙන් තියාගෙන ඉදී....ඇය සිතන්නේ, මම මෙහි වැඩ වැඩි නිසා ආපහු ඉක්මනට, කොළඹ යයි සිතා වන්නට ඇත. ඇය කෙසේ සිතුවත්, නුවර ජීවිතයට මම හරි කැමැත්තෙන් , ඉක්මනින් පුරුදු වි උන්නෙමි ..... මේ දේශගුනය වගේම හොඳින් කන්නට, බොන්නට ඇති තරම් තිබූ බැවිනි. මම එන්න එන්න ම ඇඟපත හැඳී ලස්සන වී ඇතැයි මට සිතේ.....


නැන්දා සමග ටවුමට ගිය වෙලේ සුමිත් හමුවුනාට පසු ඔහු නිතර නිතර මාව දකින්නට එළවලූ කොටුව පැත්තෙ එන්නට පුරුදු විය.... ඔහු මාමා හා නැන්දාට හොරා මා සමග නිතර කතා කරයි.


බොහෝ වෙලාවට ඔහු මම එළවළු කොටුවට ගිය විට හා මම නාන්න දොළ ලගට යන විට මා පසු පස විත් මා සමග කතා කරයි. මාත් ඔහු මගේ පසුපස එනවාට, අකැමැති බව බොරුවට පෙන්නුවත්... බොහො කැමැත්තෙන් ,ඔහු එන තෙක් නිතර පෙර මග බලා ඉන්නෙමි .


"දුලිකලාගේ ගෙවල් කොළඹ කොහේ ද..?


"අපි පාදුක්කේ ..."


"කවුද තව ඔයාලගෙ ගෙදර ඉන්නේ...."


"අම්මයි, බාප්පයි මල්ලිලා දෙන්නයි තමයි ගෙදර ඉන්නේ..."


"ඔයා කවද්ද ආයෙත් ගෙවල් පැත්තෙ ගිහින් එන්න යන්නෙ ?"


"යන්නත් ඕනේ... නැන්දට කොයි වෙලේ දරුවා හම්බ වෙයි ද කියලා දන්නෑනේ...."


ජැන්ඩි පහට නිතරම ඇද පැලැද, කැප් එකක් ඔළුවේ දමා සිටින, සුමිත් දකින ඕන කෙල්ලෙකුගෙ හිත යන තරම් ඔහු කඩවසම්ය ....ඒ නිසා වන්නට ඇති ,සුමිත් දුටු පළමු දිනේම මගේ හිත ඔහුගේ හිත සොරා ගත්තේ.... උදාවන හැම දිනකම මම ඔහු මට අද දවසේ දකින්න ලැබේවායි ප්‍රර්තනා කරමින්, මමද හැඩ වැඩ වී ගෙදර වැඩ කරන්නෙමි. සුමිත්ද ටැක්ටරයේ වැඩ කරන වෙලාවට වගේම වැඩ නොකරන වෙලාවටද මාව දකින්න අපේ ගෙවල් පැත්තෙ , එළවළු කොටුව පැත්තෙ දැන් නිතර නිතර එන්නට පුරුදු වී ඇත.


"දූලිකා ඊයේ ගමේ කෙල්ලො දෙන්නෙක් එක්ක දොළට නාන්න යනවා මම දැක්කා...අද හවසට මාත් එන්නද නාන්න යන්න ...."


"කාටවත් තහනමක් නෑ දොලේ නාන්න...ඉතිං එන එකනෙ ඇත්තේ ...."


"එහෙනම් ඔන්න මාත් අද හවසට නාන්න දොළට එනවා..."


එදායින් පසු, සුමිත් හවස් වරුවට මම නාන්නට දොළට යන වෙලාවට, ඔහුද කාටත් හොරෙන් මා පසුපසින් පැමිණ කතා කරමින් ඉන්නට පුරුදු විය....මාත් ඔහු වැඩ ඇරි එන වෙලාවටම,නාන්න දොළට යන්න පුරුදු විය. ඔහුත් සමහර දවසට රෙදිත් ගෙන නාන්නට එන්නට පටන් ගෙන ඇත.


"සුමිත්ලගෙ ගෙවල් කොහේද තියෙන්නේ...."


"වැඩි ඈත නෙමේ. අර කන්ද පාමුල ගෙදර ..."


"තව කවුද ඔයගොල්ලන්ගෙ ගෙදර ඉන්නෙ....?"


"අපේ පවුල හරි බරපතලයි දුලීකා ... අක්කල තුන්දෙනයි. මල්ලියි, නංගියි, තාත්තා නෑ.... අක්කලා දෙන්නෙක් කසාඳ බැඳලා අල්ලපු ගමේ ඉන්නේ....


"එහෙනම් සුමිත්ට ගෙදර වියදමට සල්ලිත් දෙන්න වෙනව ඇති...."


"ඔව්... මං හම්බ කරන එක අම්මට දෙනවා. ඒ උනාට දැන් අක්කත් ටවුමේ ගාමන්ට් එකක වැඩ කරන නිසා අම්මට ලේසියි. වැඩි අමාරුවක් නෑ. වත්ත පිටියේ ආදායමත් තියෙනවා...."


"කොහොමද එළවළු ට‍්‍රැක්ටර් එකේ රස්සාව හොඳ ද?..."


"හොඳයි... වරදක් නෑ....හැබැයි ඉතිං සල්ලි නම් කොච්චර තිබුනත් මදිනේ...ටැක්ටරයේ රස්සාවට අමතරව තව මොනව හරි සල්ලි හම්බකරන්න ක්‍රමයක් හොයා ගන්න ඕනේ....."


මායි සුමිතුයි එන්න එන්න ම ටිකෙන් ටික කතා බහ කරමින් දැන හඳුන ගනිමින් ඉදින්නෙමු.... ඔහු ගමේ සියලූ පොදු කටයුතුවලට සහභාගී වන තරුණයෙකි. ඔහුව ගමේ නොදන්නා කෙනෙකුද නැත. ඒ වගේම ඔහු හොඳ ගතිගුණ තිබෙන කෙනෙක් බව මට ඔහු අදුනගත් මේ ටික කාලයට තේරුම් ගොස් ඇත... .නමුත් නැන්දා නම් සුමිත් ගැන ඒ හැටි හොද හැගීමකින් කතා නොකරයි.


ඔහු මා නාන්න දොළට, එළවලූ කොටුවට යන විට නිතර මා හමුවෙන්න එන විට,මට පොඩි පොඩි තෑගි බෝගද රස කැවිලිද ගෙනත් දෙන්නටද පුරුදු වි ඇත.


සුමිතුයි මායි අදුනගත්ත මාසෙක දෙකක කාලය තුල.... අප දෙදෙනාට දෙදෙනා බොහෝ ලං වි ඇති බව මට වැටහේ. ඔහු නිසා මගේ හිත දැන් සතුටින් පිරි ඉතිරි ඇත. ඉපදුන දා ඉදන් දුක් කම් කටොළු බොහෝමයකට මම මුහුන දී තිබුන බැවිනුත්...අම්මලා, මල්ලිලා වෙනුවෙන් විදි දුක් කම්කටොලු බොහොමයකින් මම දැන් නිදහස්ව සිටින බැවිනුත්, සුමිත් ගැන මගේ හිතේ දැන් ඇතිවි ඇති හැගීමත් සමග මගේ හිත සතුටින් පිරි ගොස් ඇත.


"දිලීමට මං සෙන්ට් බෝතලයක් ගෙනාවා...." දිනක් ඔහු ලස්සන කොළයක ඔතා සෙන්ට් බෝතලයක් මට තෑගි කලාය. එය ඉතා සුවඳ ය.


"නැන්දා දැක්කොත් අහයි කවුද දුන්නෙ කියල...."


"ඉතිං මං දුන්නා කියන්න...."


"හොඳට හිටි. මට බනියි කොල්ලන්ගෙන් තෑගි ගන්නව කියල..."


"කොල්ලන්ගෙන් නෙමේ, මගෙන් විතරනෙ ගත්තේ...."


"ඔව්... ඔව්... ඔයාගෙන් විතරමයි ....මට මෙහෙම දෙයක් හම්බවෙලා තියෙන්නේ..."


"මං හරි කැමැතියි දුලීකට.... දුලීකට දැන් වයස කීයද?..."


"දැන් පහලොව ඉවරවෙලා දහසය ලබන්නත් ළඟයි..."


"ඇත්තද... මං හිතුවා දහඅටත් ඉවර ඇති කියලා..."


"ඒ ඇයි දහඅටක් කියලා හිතුවේ...මම එච්චර වයස පාටද...?


"ඔව් ඔයා වයසට වඩා ගොඩක් ලොකු පාටයි....දහඅට ලබලා තිබුණ නම් අපි දෙන්නට ඉක්මනට කසාඳ බඳින්න තිබුණා...."


"මං තාම කසාද බඳින්න හිතල නෑ...."


"මං හරි කැමතියි දුලිකාට.... මං ගාමිණී අයියගෙනුයි, අක්කගෙනුයි ඔයා ගැන අහන්නද ...?"


"මං ගැන මොනව අහන්නද...?"


"මම ඔයාව කසාද බඳින්න කැමතියි කියලා අහන්නද..."?


"හා... හා... .. මං ඔයාව බඳින්න කැමතියි කියලා කිව්වෙ නෑනේ...


"ඒ උනාට ඔයාගෙ ඇස් දෙක දිහා බැලූවම මට පේනවා ඔයා මට කැමතියි කියල .."


" අනේ නිකන් ඉන්න...නැන්දා දැන් බලාගෙන ඇති මම කෝ කියලා ....මම නාලා ඉවරයි, මම යනවා ගෙදර ...."


"ඉන්ඩ ..මාත් එනවා...."


නාගෙන ඉවර වෙලා කොන්ඩයට තුවාය ගැට ගහගෙන බාල්දියත්, හෝදපු රෙදිත් ඇරගෙන, දොලේ ගල් පොත්ත උඩින් මං අඩි හෙමිහිට තියමින් ආවෙ සුමිත් කිව් දෙය ගැන හිතමින්, හිත සතුටින් පිරි ගොස් තිබුන බැවිනි....


මම නානකම් සුමිත් ගල් පොත්ත උඩ වාඩි වී මා දෙස බලමින් කතා කරමින් සිටියේ ගොඩ වේලාවක සිටය..... මම ගෙදර යන්න එන විට, සුමිත්ද වාඩි වි සිටි ගල් පොත්තෙන් නැගිට ගත්තේ මා සමගම ගෙදර යන්නටය.... ගල් පොත්ත උඩින් මම යද්දී පය පැටලී මාව ලිස්සා වැටෙන්න ගියේ එකපාරටමය.


"ඔය ඔය... පරිස්සමින්....වැටෙයි...."

හනික මගේ අතින් අල්ලා මා ගල පල්ලේ ලිස්සා වැටෙන්න යන එක වැළැක්වූ සුමිත් සමගම අප දෙදෙනා ම, ගල් පොත්ත උඩින්, එකට ම විසි වී ගොස් ඇල ඉවුරට වැටුනේ එක පාරට මය. මාව තදින් අල්ලාගෙන සිටි සුමිත් මුකුත් නොකියා මාව අත නොහැරම මගේ මුහුණ දිහා බලාගෙන හිටියේ අමුතු ලෙසය.... ඔහුගේ දෑසින් විහිදෙන කාන්තිය උහුල ගන්න බැරුව මා බිම බලාගත්තෙමි. සුමිත් ඒ සැනෙකින් මගේ එක කමුළක් සිප ගත්තේ හරි තදින්‍ය. ඔහුගේ දෙතොලේ උනුසුම මගේ කොපුලේ වැදෙන සැනින් මට ඇති උනේ ලැජ්ජාවකි....නමුත් පොඩි සතුටක්ද ඒ සැනින් ඇති විය.


"මොනවද ඔය කරේ...? මම බොරු තරහක් ගෙන ඔහුව මගෙන් ඈත් කෙරුවෙමි.


" දුලීකා කියන්න ඔයා... මට කැමතියි නේද? අපි මාමලාගෙන් අහලා ඉක්මනට බඳිමුද...?. ඔයාට බොරු වයසක් දාලා අපට බඳින්න පුළුවන්නේ...."


"බලමු මං නැන්දට කියල බලන්නම්..."


කිසිදින කිසිවෙකුගේ ආදරයකට පාත‍්‍ර නොවුණ මා, තවමත් අවුරුදු දහසය ලබා නැත. මාගේ සුන්දර බව නිසා තරුණ කොල්ලන් මා දිහා නිතර බලන බව මා හට දැන් වැටහී ඇත. සුමිත්ද කියන්න තරම් වැරැද්දක් නැති තරුණයෙකි. ඒත් නැන්දලා මාමලා මොනව කියයි ද කියා මට සැකය. මම තවම කසාද බදින්න තරම් වයසක නැති නිසා ඔවුන් අප දෙදෙනා කසාද බදිනවට අකමැති වෙනු ඇතැයි මට සිතේ...

නමුත් මගේ වයසේ හැටියට විවාහය වගේ දෙයක් ගැන තවම හිතන්න බැරිය. මට ඒ ගැන ඒ හැටි දැනුමක්ද නැත.


"අපි යමු ගෙදර .."


"මම ඔයා ගැන ගාමිනි අය්යගෙන් අහන්නද..?."


"තව ටික කාලයක් ඉන්න.... නැන්දට බබා හම්බවෙනකම්.....මටත් තව දහසය පිරුනෙත් නෑනේ..."


"මට වැඩි කාලයක් ඉන්න බෑ...අපි ඉක්මනට බදිමු...."


" ඔයගොල්ලන්ගෙ අම්මලා මට කැමති වෙයිද...?අපේ මාමලා කැමති වෙයිද දන්නෙත් නෑ...මම තවම කසාද බදින වයසක නෙමේනේ ඉන්නේ....කොහොම උනත් දැන් ගෙදර යමුකෝ.... නැන්දා මාව හොයනවත් ඇති..."


මම නාගෙන ගෙදර ගියේ හිතාගන්න බැරි තරම් සතුටකින්ය.... සුමිත් අහම්බෙන් සිපගත් මගේ කමුල මම ආදරෙන් අත ගාමින්, ගෙදර යනකම් ඇවිද ගියේමි.


"දුලීකා..කොහේද ගියේ බං මෙච්චර වෙලා......අන්න ගෙදරින් පණිවිඩයක් එවල තිබුණා හදිස්සියක් කියල ඉක්මණට ගෙදර එන්න කියල...."


"ඒ මොකද දන්නෑ නැන්දේ.....ඈ නැන්දේ...ඇයි දන්නෑ මට කලබලේ ගෙදර එන්න කිව්වේ..."


"දන්නෑ බං...ඉක්මනට එන්න කියලා තමයි පණිවිඩය එවලා තිබුනේ....මාමා දැන් ගෙදර එයි...උඹ ඉක්මනට ඇදගෙන ලෑස්ති වෙයන්...

මාමා උඹව නුවරින් කොළඹ බස් එකට නග්ගවයි.... උඹට පුළුවන්නේ කොළඹ කොටුවෙන් ගෙදර යන බස් එක ඇරගෙන ගෙදර යන්න...."


"පුළුවන්... නැන්දේ මං එහෙනම් ඇඳගන්නද..?


"ඔව් බං..ඔව් බං..."


-හෙට හමුවෙමු-

* ප්‍රිසිලා ගොඩහේවා *

3 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page