top of page
  • Writer's picturePrisila Godahewa

💥ගිමන් හරිමි 💥

💥💥ගිමන් හරිමු💥💥

(14 වන කොටස)

අම්මාගේ එකම මල්ලි වන ,ගාමිණි මාමා කසාඳ බැඳපු එක ගැන අම්මා සිටියේ ගොඩක් සතුටිනි. ඇය මාමාගෙ මගුල් ගෙදර විස්තර රස කරමින් උජාරුවෙන් බාප්පාට කීවේ ඇගේ වැදගත් කමත් පෙන්වීමටය. මාමා කසාද බැන්ද නැන්දාට ඇති දේපල ගැන අම්මා ඕනෑවටත් වඩා බාප්පා සමග කියයි. ඇයගේ පෙනුම, ගතිගුණ ගැන නොදෙඩු අම්මා, විශේෂයෙන් සතුටු වුණේ මාමාට සල්ලිබාග, අගහිගකම්වලින් අඩුවක් නොවි, විශාල නිවසක සැපවත් ජීවිතයක් ඉදිරියේදි ගතකරන්න වාසනාව ලැබුන එක ගැනය.


" මල්ලිලා ඉන්න නුවර පැත්ත හරිම ලස්සනයි .... මට නම් ආසාවේ බෑ කදුවැට්,දොලවල්, කැලෑවල් දකින කොට.... ඇඟට හරිම සනීප සීතල හුලඟක් එනවා.....නුවර යනකොට තමයි දැන ගත්තේ, කොයිතරම් නම් ලස්සන පැති මේ රටේ තියෙනවද කියලා .... අපි නිවාඩුවක් අල්ලලා දවසක ඒ පැත්තේ ඇවිදල එන්න යමු....මල්ලිට ලැබුනු දේපළ අපිත් ගිහින් ඇස් දෙකෙන් බලලා විදින්න එපෑ..."


කාලය ගෙවි ගියේ හරි වේගයෙනි. අම්මත් මමත් හරි හරියට ගෙදර ඉදන් පුවක් කපමින් කීයක් හරි අතට හොයා ගත්තෙමු . මල්ලිලා දෙන්නා බාප්පාගෙ උවමනාවට පාසැල් ගියේ අකමැත්තෙනි. බප්පා සුපුරුදු ලෙස බයිසිකලේ පිටිපස වත්තේ පිටියේ එලවළු පළතුරු ගෝනියක බැද ගෙන කඩ මංඩියට ගොස් විකුනා කීයක් හරි සොයා ගෙන එයි. ඊට අමතරව හවසට, පොඩි අරක්කු බෝතලයක් ගෙනත් ගෙදර වත්තේ ලොවිගහ යට බංකුව උඩ තියාන බොන්නටත් පටන් ගත්තේය.


"ඔහේ ඔය අරක්කු බෝතලය ගෙදර ගෙනත් බොන එකට නම් මම කැමති නෑ....මේ පොඩි කොල්ලො දෙන්නත්, ඒකෙන් නරක් වෙනවා...."


එසේ කියමින් උනත් අම්මා, බාප්පාට බයිට් එකට කරවල කෑල්ලක්, පොල් කෑලි , ලූණු කෑලි ටිකක් ගෙනවිත් දෙන්නට පටන් ගෙන ඇත.


"දුලිකා මට තව කරවල කෑල්ලක් ගෙනත් දියන් කෙල්ලේ ... දුලීකා මට වීදුරුවක් ගෙනෙන්..." බාප්පා අරක්කු බීපු දවසට ඕනෑවටත් වඩා මට අඩගසමින් වැඩ කරවා ගන්නට බලයි.


"ඔය කෙල්ලට ඉන්න දීපං...බී ගත්තහම තියෙන කරදරයක් ..."


බාප්පා දැන් ඉස්සරට වඩා ටිකක් වෙනස් වී ඇති බව මට පෙනේ.... නිතරම මට ඕන නැති විහිලු කරමින්, ලගින් යන විට මගේ අතින් අල්ලන්න හදයි.... ...මගෙ අත කොනිත්තයි... කොන්ඩෙන් අදියි....තරුණ පෙනුමැති ඔහුගෙ නියම තත්ත්වය මට පේන්නේ ඔහු අරක්කු අඩියක් ගත් විටය.


"මොනවද ඔහේ ඔය කරන්නේ...ඔය කෙල්ලට පාඩුවේ ඉන්න දීපං..."


අම්මා එවෙලෙට බාප්පාගෙ ආවතේව කම් කරන්නේ මාව ඈත් කරමින්‍ය.


"උඹ බාප්පා අරක්කු බොන වෙලාවට පේන්න එහෙම ඒ පැත්තට යන්න එපා...ගෙට වෙලා හිටින්..."


බාප්පා එන්න එන්නම් අම්මා නැති වෙලාවට මා සමග හොරෙන් කතාවට එන්න හදන බව මට හොදටම තේර් ගොස් ඇත.


"දූලිකා මේ මම උබට බොම්බයි මොටන් ගෙනාවා, මල්ලිලාට හොරෙන් කාපන්...මේ සුවද සබන් කෑල්ල අම්මට හොරෙන් තියා ගනින්....එසේ කියමින් ඔහු මට අම්මට හොරෙන් පොඩි පොඩ් තෑගිද ගෙනත් දෙන්න පටන් ගෙන ඇත. අම්මා කෙසේ කීවත් මට නම් බාප්පාගෙ වැරැද්දක් දකින්න නැති තරම්‍ය. ඒ මට ගෙනත් දෙන තෑගි බෝග හා ඔහුගේ කාරුණික ආදර කතා බස් නිසා වන්නට ඇත.


පාදුක්කේ පදිංචියට ආ පසු, හොද සනීප පරිසරයේ.... කෑම බීම හොදට ඇගට වැටෙන විට, මගේ ලැම ඉස්සි, පස්ස ලොකු වී අතපය මහත්වී, මම වැඩිහිටි කෙල්ලක් බවට පත් වි ඇත. මම අම්මා මෙන්ම ලස්සන වී ඇතැයි, මා දකින හැමෝම කියයි... ඒ නිසා, මම තව තවත් කන්නාඩිය ලග මුහුණ එහෙට මෙහෙට හරවමින් හැඩ බැලීමටත්, තියෙන හොද ඇදුමකින් සැරසී, පුයර ටිකක් දමා නිතර සැරසි ඉන්නට උත්සහ ගන්නෙමි.


අපට කපන්න පුවක් ගෙනෙන මුදළාලි ගේ පුතාද මා දෙස දැන් බලන්නේ අමුතු ලෙසය...ඔහු මට, අම්මාට හොරෙන් පොඩි පොඩි තෑගි බෝග ගෙනත් දෙයි....මම බාප්පා වගේම ඔහු දෙන තෑගිද ආසාවෙන් භාර ගනිමි. ජීවිතේ අන්ත අසරණ තැනක හිටි මට කවුරුන් හො දෙන ඕන දෙයකට මම ආස කරන්නෙමි. හරි හැටි ඉගෙනුමක් නැති මට ජීවිතේ ගැන තේරුමක් නැත. අහන දකින දේ විතරක් මගේ දැනුම වී ඇත. පුවක් මුදළාලිගේ පුතාගේ ඕනනැති කතා බහට වඩා මම බාප්පාට කැමතිය. ඒ වගේම ඔහුටත් වඩා බාප්පා පෙනුමැතිය.


මම මුදළාලිගෙ පුතා සමග අම්මා ඉදිරිපිට බයක් සැකක් නැතුව කතා කරන්නේ අම්මාගෙ අනුදැනුම මතය. අම්මා කෙතරම් එපා කීවත් බාප්පා සමග කතාබහ කිරිම, මම දිගටම හොරෙන් කරගෙන යමි. මම අම්මාට හොරෙන් බාප්පා ගෙනත් දෙන තෑගි බෝග පිළිගන්නෙමි. මම ඒවාට තියෙන ආසාවට, බාප්පා මගෙ අතින් අල්ලන විට එයට අකමැත්තක් නොපෙන්වමි. මට මම ගැන තේරුමක් නැත. මම තවමත් 15වෙනි වියේ පසුවෙමි. හරි හැටි ඉගෙනීමක් නැති කාගෙන්වත් හරි හැට් ආදරයක් කරුනාවක් නොලද මම බාප්පාගෙ ආදරනීය කතා බහට රැවටි හිදිමි.


"උඹට මම කියලා තියෙනවා බාප්පා එක්ක ඕන නැති කතාබහට යන්න එපා කියලා ...කොයි වෙලේ බැලුවත් කුටු කුටුව..."


එන්න එන්නම අම්මා මාත් බාප්පාත් තනියෙන් කතා කරමින් සිට්නා විට සැකෙන්, හොරෙන් බලමින් මට තරවටු කරයි.


බාප්පාටත් එය තේරී ඇති නිසා, ඔහු අම්මාට හොරෙන් , ඇය ලග නැති වෙලාවට පමනක් මා සමග කතාවට එයි. ඔහු අපේ අම්මාට වඩා ගොඩක් තරුණ පෙනුමැති කෙනෙක් නිසාත්, වැඩිවියට පැමින ඇති මගේ හැගිම් නිසාත් , ලැයිමේදි දැකපු අහපු දේවල් නිසාත්....ගැහැනු පිරිමින් අතර ඇති වන අනියම් සම්බන්ධතා වල පලවිපාක ගැන තේරුමක් නැති නිසාත්, අම්මාගෙ අතීත කාලයේ සබදතා දෑහින් දැක තිබුන නිසාත්...තාත්තා ගෙදර නැති වෙලාවට අපේ ගෙදරට රිංගු අහල පහල මිනිස්සු ගැන මම හොදින් දැන සිටිය නිසත්, ඔහු මගේ බාප්පා මිස තාත්තා නොවන නිසාත් ,ඔහුගෙන් ලැබෙන තෑගිබෝග නිසාත්.... මාත් ඔහු සමග කතාවට කැමැත්තෙන් හිදිමි.


කාලය එසේ ගෙවි යද්දී අම්මත් මමත් සුපුරුදු ලෙස උදේ පාන්දරින් නැගිට උදේට දවල්ට කන්න යමක් රත් කර පාන්දරින්ම ගේ දොරකඩ බිම ඉදගෙන පුවක් ලෙලි අරින්න පටන් ගන්නෙමු.


මේ වන විට මටත් අම්මාටත් පුවක් කපන වැඩය, ඉතා කඩිසරව කිරිමට හැකියාව ලැබී ඇත. අපි හවස දෙක තුන වන විට පුවක් 1500 ක් පමන කපා ඉවර කර, නාගෙන හොද ඇදුමක් ඇද ලෑස්ති වන්නෙමු. ඒ පුවක් මුදළාලිගේ පුතා පුවක් ටික ගෙනයන්නට එන නිසාය.


හවස හතර වෙනකොට පුවක් මුදලාලිගෙ පුතා අපේ ගෙදරට පැමිනෙන්නේ, අපි කපපු පුවක් ගෙනයන්නටය. ඔහු කවදත් එන්නේ හිනා කටක් පුරවාගෙනය. ඔහු එන්නේ තවත් අලුත් පුවක් ගෝනියක් රැගෙනය. ඒ පසු දිනට අප ලවා කපවාගන්නටය. අපි ඒ අලුත් පුවක් රෑට වේලාසන කාබි නැවත කපන්න පටන් ගන්නෙමු.


පුවක් මුදලාලිගෙ පුතා අපේ ගෙදරට ආ දවසට අම්මා මාහට, බලෙන් ඔහු සමග කතා කරන්නට අවස්තාව ලබා දී ඇය මග හැර යයි....


"ආ...දුලීකා කොහොමද ඉතිං ...දුලීකා එන්න එන්න ලස්සන වෙනවනේ....මොනවද අප්පා ගාන සබන්...?

පුවක් මුදළාලිගෙ පුතා නිරෝශන් , සමහර වෙලාවට මට විහිලු තහලු කරන්නෙ අම්මා ඉදිරිපිටමය. ඒත් කුමක් හො, දෙයක් නිසා මම ඔහුගෙ කෑදර බැල්මට කැමති නැත.


"නිරෝශන් මහත්තයා එන්න තේ ටිකක් බීලා යන්න ..."

අම්මා ඔහුට පෙරෙත්ත කර තේ බොන්නට දෙයි...


"අපේ තාත්තා පුවක් කපන ගමේ ගෑනු අය එකතු කරගෙන, අනුරාධපුරයේ වට වන්දනාවක යන්න හදන්නේ ...දූලිකත් සෝමාත් ඒ ගමන යන්න එන්න...."


"අනේ ඇත්තද මහත්තයා ...ඒක නම් ලොකු පිං අතේ වැඩක්...අනිවාර්යයෙන්ම අපි දෙන්නවත් ඒ ගමනට එකතු කරගන්න කියලා මුදළාලි මහත්තයාට කියන්න.....අනුරාධපුරයේ ගිය දවසක් මතක නෑ...මේ දුලීකා නම් මය හිතේ අනුරාධපුරයේ ගිහින්ම නෑ...."

ඇගපත පාට වැට්, ලැම ඉස්සි, මගේ වයසට වඩා පෙනුමක් මා තුලින් පිළිබිඹු වෙද්දි...අම්මා මා දිහා නිතර බලන්නේ අමුතු ලෙසය.


ඇයගේ ඇස් මානයේ සිටින මගේ, කොයිතරම් හොද දාහක් තිබුනත්, ඇය නිතර මගේ වැරදි හොයන්න පටන් ගෙන ඇත. පුවක් මුදළාලිගෙ පුතා නිරෝශන් සමග මාව නිතර සම්බන්ධ කරන්න හදන අම්මා, නිතර මාත් බාප්පාත් දෙස සැකයෙන් බලමින් ඔහුගෙන් මාව ඈත් කරන්න පටන් ගෙන ඇත .


බාප්පා ගෙදර ඉන්නා වෙලාවට,පොඩ්ඩ බැරිවෙන කොට අම්මා මට ගහන්න බනින්න පටන් ගෙන ඇත. ගෙදර උයන පිහන අස්කරන වැඩ සියල්ල කරන මට, අම්මා ගහන විට බාප්පා පැමින මා බේරා ගනියි......


"තමුසෙ මොකද මේ කෙල්ලව කන්න හදන්නේ ....ඒකි නේද මේ ගෙදර වැඩ රාජකාරි ඔක්කොම කරන්නේ....පොඩ්ඩ බැරිවුන ගමන් කෙල්ලව කන්න හදනවා ...."


"තමුසෙ පැත්තකට වෙනවා....මේකි මගේ එකී...මේකිත් හැදෙන්න හදන්නේ, තාත්තා වගේමයි....."


" කෙල්ලට කොයිවෙලෙත් බොරුවටනේ ගහන්නේ බනින්නේ...දැන් ගහලා බැනලා හදන්න පුලුවන් වයසක්ද...? බාප්පා අසයි.


"තමුසෙ තමුසෙගෙ වැඩක් බලාගන්නවා ...මේකි මගේ එකී..."


පුවක් කපමින් ගෙදර වැඩ කරමින් බාල මල්ලිලාගෙ වැඩ රාජකාරි කරන මට, අම්මාගෙන් අහන ඇනුම් බැනුම් නිසා, ගෙදර ඉන්න හිතෙන්නේ නැති තත්ත්වයක් ඇති වෙමින් පවති.


හෙට හමුවෙමු

*ප්‍රිසිලා ගොඩහේවා *

30 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentarios


bottom of page