top of page
  • Writer's picturePrisila Godahewa

** කවුරුත් කන්න කැමති කරවල **


ලංකාවේ හැම ගේකම හැම කෙනෙක්ම ආසාවෙන් කන්න කැමති කෑමක් තමයි  කරවල.... කට්ටා, තලපත්, මෝරා, තෝරා වගේ ලොකු කරවල වගේම හාල්මැස්සෝ, කීරමීන් සාලයෝ වැනි පොඩි , ලොකු ඕන කරවල වර්ගයකට කැමතිය             කරවල, තක්කාලි දාලා, හෝ බිලිං ගොරකා වැනි ඇබුලක් දාමා, සුදුලූනු ,බිලුනු අමුමිරිස් ,රම්පෙ කරපිංචා ,කුරුදු, පොල්කිරි එකතු කර හොදි සෑදීම ගොඩක් ගෙවල් වල කරයි. සමහරු එයට මිරිස් වැඩිපුර එකතු කර රතුවට සාදන අතර සමහරු අමුමිරිස් , ගම්මිරිස් කහ ටිකක් එකතු කර සුදට උයා ගනී.  තව අය වෙනත් වම්බටු, වට්ටක්කා වගේ එලවලු වලට හා කොල වර්ග වලට එකතු කර උයා හෝ තෙල් දමා කෑමට ගනී. කොහොම ඉව්වත්, සුදුලූනු , රම්පෙ කරපිංචා කුරුදු,  කැබැල්ලක් ,  ඇබුලක් ,උලුහාල්  කරවල වලට එකතු කල යුතුමයි .                     කරවල හොදි කන්න අකමැති අය කරවල විවිද ක්‍රම වලට තෙල් දමා කෑමට ගනියි. බොහෝ අයට කරවල තෙල් දාමා , පොල්සම්බෝල , පරිප්පුවක් තිබුනොත් ඕන තරම් බත් කෑ හැකි යයි කියති. සිංහලයන්ගේ ප්‍රධාන ආහාර අතර සුදුබත්, කරවල බැදුම , ,පරිප්පු , පොල්සම්බෝල විශේෂයෙන්ම  තිබෙයි.                 මම අද කියන්න යන්නේ කරවල උයන  හෝ තෙල් දාන ක්‍රම ගැන නෙමේ... ලේසියට පහසුවට කාර්‍ය්බහුල අය වගේම  පිටරට පදිංචි අය කරවල සුවද ගේ ඇතුලේ පැතිර යන එක වලක්වාගැනීමට කරන උපක්ක්‍රම භාවිතා කරමින් කරවල හදාගන්නා ක්‍රමයකි.                       බොහෝ දුරට පිටරට පදිංචි මම වගේ අය කරවල කෑමට බොහෝ කැමැත්තක් දැක්වුවත් කරවල ගේ ඇතුලේ සෑදීමේදි අපට තිබෙන ප්‍රශ්නය නම්... . බටහිර රටවල තිබෙන  ශීත කාලගුණය නිසා දොරජනෙල් නිතර වසාම තිබෙන නිසා ගේ ඇතුලේ හදන කෑම වල සුවද, ගෙයින් එලියට නොයා මුලු ගේ ඇතුලේම පැතිර යෑමයි.  එම නිසා ඒවායේ  සුවද දොරජනෙල් රෙදිවලට පවා අල්ලා ගෙන සුමානයක් දෙකක් පමන තිබේ.  ඒම නිසා සමහරු කරවල ගෙදර හදාගෙන කන එක නවතා දමා ඇත.                  නමුත් මස් මාලු කෑමට එතරම් ප්‍රියක් නැති මම, ඉදහිට හෝ කරවල ගෙදර හදාගෙන කැමට ගන්නට කැමැත්තෙමි. ගේ ඇතුලේ කරවල සුවද නොයන ලෙස මම කරවල හදාගන්න විදිහ ඔයගොල්ලන්ටත් කියන්න සිතුවෙමි                                     පිටරට ජීවත් වන ශ්‍රි ලාංකිකයන්  බොහෝ  දෙනෙකුගේ ගෙවල් වල, ගෙදර අල්ලා වෙනම පුංච් කුස්සි කෑල්ලක් ලෑස්ති කරගෙන තිබෙනවා මම දැක ඇත. ගොඩක් දුම් දමන් හදන කෑම, ගැබුරු තෙලේ හදන කෑම , උත්සව අවස්ථා වල කෑම හදන්න එම ස්තාන පාවිච්චියට ගනියි. මමත් එලෙස වෙනම පොඩි කුස්සියක් හදාගෙන තිබෙන නිසා කරවල වගේ දේවල් එහි හදා ගනිමි. ඒ වගේම මම ගොඩක් වෙලාවට කුස්සියටම වෙලා දවසේ වැඩි වේලාවක් ඉන්න කැමත් නැති කෙනෙක්  නිසා බොහෝ ලේසි ක්‍රම කෑම උයන වෙලාවට භාවිතා කරමි.  එයින් එක ක්‍රමයක් තමයි  කරවල හදාගන්නා ක්‍රමය.                   මෙහෙමයි ...මම  කවදත් හොද කරවල ටිකක් වැඩිපුර ගෙදර ගෙනත් තියා ගන්න පුරුදු වී ඇත.  හේතුව අපට නිතර  ශ්‍රි ලංකාවට ආවේනික හාල් තුනපහ කරවල වැනි දෑ ලගපාත සාප්පු සංකීර්ණ වලින් ලබා ගත් නොහැකි නිසායි, අපි පුරුදු වෙලා තියෙන්නේ 70/80km විතර දුර තිබෙන  ආසියානු තුනපහ බඩු තිබෙන කඩ වලට ගොස් අපට අවශ්‍ය  බඩු ගන්නයි. නිතර යෑමට අපහසු නිසා මාසෙකට එකාහාමාරකට  ඇති වෙන්න     අවශ්‍ය තුනපහ ආදිය ගෙනවිත් තියා ගන්නෙමු .                   ඉතිං කරවල වැඩිපුර ගෙනත් තියා ගන්නා මම,  ලොකු කරවල 1k/2k විතර  සෝදා පොඩි කෑලි වලට කපා ගැබුරු තෙලේ බැද නිවා බෝතල් වලට දාගෙන තියා ගන්නෙමි.  ෆ්‍රිජ් එකේ හෝ එලියේ උනත් එම බැදපු කරවල මාසයක් දෙකක් උනත් තියාගත හැක. ඊටත් වැඩි කාලයක් උනත් තියාගත් හැක. එය එලියේ කුස්සියේ හදන  නිසා කරවල සුවද ගෙට නොයයි.  බැදගත් කරවල බෝතල් කර අවශ්‍ය වෙලාවට ගන්නට මම ඇරන් තබාගමි. ඒ නිසා හදිසියේ කෑම උයන වෙලාවට උනත් ලේසියෙන්ම මෙම කරවල තෙල් දාගෙන හෝ උයා ගත හැක.                     මට කරවල කෑමට ගන්න අවශ්‍ය වූ විට මම කරන්නේ...ලූණු ටිකක් හීනියට කපලා, අමුමිරිස් , තක්කාලි රම්පෙ කරපිංචා ,කෑලි මිරිස් දමා හොදින් තෙලේ බැදලා ඇරගෙන අන්තිමට වේලාසන බැදලා ඇරන් තියාගත්තු කරවල දමා කවලම් කරගෙන කරවල බැදුම හදා ගැනීමයි. ඒවිට කරවල සුවද ගේපුරා පැතිර යාම නවති.                     කරවල හොදි උයනවානම්, අවශ්‍ය විදිහට හොදි උයලා එයට කලින් බැදගත් කරවල තමන්ට කෑමට අවශ්‍ය ප්‍රමානයට හොද්දට එකතු කරගෙන හොද්ද හදා ගැනීමයි. වෙනත් එලවලු වලට පවා මේ කලින් තෙලේ බැදපු කරවල දමා සෑදීමට හැක. මෙය මටනම් බොහෝ ලේසි ක්‍රමයකී කලබලේ උයන වෙලාවට. ඔබත් කාල වේලාව සහ අමතර සුවදවල් ගේ ඇතුලේ යෑම වලක්වාගැනීමට මේ ක්‍රමය උත්සාහ කර බලන්න .                     

**ප්‍රිසිලා ගොඩහේවා **



98 views0 comments

Comentários


bottom of page