top of page

කරවිල සම්බෝල

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Apr 26, 2020
  • 1 min read

Updated: Apr 30, 2020

ගෙදරට කරවිල වැඩිපුර ගෙනාපු දවසට මම ඒවා ඉක්මනට ඉදිලා යන නිසා හීනියට කපලා අවන් එකේ දාලා වේලෙන්න අරිනවා. ඊට පස්සෙ ගැබුරු තෙලේ බැදලා බෝතල් වල දාලා ඇරන් තියා ගන්නවා.

අව්වේ වේලෙන්න ගොඩක් දවස් යන නිසයි මම අවන් එකේ දාලා ගන්නේ.

හදිස්සියට කවුරු හරි ගෙදරට ආවත්, එලවලු වැඩිය උයා ගන්න බැරිවුන වෙලාවට මම බී ලූනු, අමුමිරිස් , තක්කාලි ගෙඩියක් කපලා ලුනු, උම්බලකඩ , දෙහි අනලා මේ කරවිලත් කවලම් කරලා කරවිල සම්බෝලය හදලා කෑමට ගන්නවා. හරි ලේසියි වේලාසන බැදලා තියා ගත්තහම.

**ප්‍රිසිලා ගොඩහේවා**


Comments


bottom of page