top of page
  • Writer's picturePrisila Godahewa

*කරපිංචා(Curry leaf )*

Updated: May 16, 2020


ඖෂධීය ගුනයක් ඇති කරපිංචා ආහාර රසවත් කිරීමට ලංකාව, ඉන්දියාව ඇතුලු  බොහෝ ආසියානු රටවල මිනිසුන් පුරුදු වී ඇත. කරපිංචා හොද ඖෂධීය  ගුනයක් ඇති කොළ වර්ගයකි. කරපිංචා තන්තු ,පොස්පරස්,කැල්සියම් , යකඩ මෙන්ම තව විටමින් බොහෝ වර්ගයක් අඩංගු ශාකයකි. එබැවින් කරපිංචා වල ඇති ගුනාත්මක බව විස්තර කිරීමට නොහැකි තරම්‍ය. කරපිංචා ශාකය (Murraya Koenigii) මුරයා කෙනෙගි යන උද්හිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අතර (Rutaceae) රූටාසේ හෙවත් පැඟිරි කුලයට අයත් වෙයි. එමෙන්ම කරපිංචා ඕනෑම දේශගුණයක සිටුවා ගත හැකි ශාකයකි. සුදු පැහැති මල් හටගන්නා කරපිංචා ගසේ මල් කොළ, නටු, සියල්ල හොද සුවදකින් යුක්තය. කරපිංචා ප්‍රධාන වශයෙන් සිටුවීමට ගන්නේ කරපිංචා ඇටයි . ගහේ සෑදි ඇති ඇට මෝරා බිමට වැටුනු පසු ඒවා ගස් යට ඉබේ පැලවෙන්න පටන් ගනී. සමහර පැල මව් ශාකයේ මුලෙන් හට ගනි. කරපිංචා ලේසියෙන් පැල කර ගැනීමට හැකි ශාකයකි. හොදින් වැඩුණු ශාකයේ ගස කප්පාදු කිරීම මගින් වැඩි අතු ප්‍රමාණයක් සහ කොළ ප්‍රමාණයක් ලබාගන්නත් පුළුවනි. විවිධ ප්‍රදේශ වල විවිධ නම් වලින් කරපිංචා හදුන්වන අතර හීන් කරපිංචා , කොළ ලොකු කරපිංචා , මාළු කරපිංචා, වල් කරපිංචා, ගොං කරපිංචා යනුවෙන් ද හදුන්වනු ලැබේ.                 කරපිංචා ආහාරයට ගැනීම නිසා දියවැඩියාව පාලනය, කොලොස්ටරෝල්  පාලනය, රුධිර පීඩනය අඩු වීමට , බර අඩු වීමට ,තුවාල සුව වීමට ,බඩවැල් ආශ්‍රිත බොහෝ රෝග වලට, සමේ රෝග නැති කර ගැනිමට , ආතතිය අඩු කිරීමට, අර්ශස් අමාරු , හිස් හොරි වලට ,විවිධ ව්ශ නැසිමට, කිව් නොකිව් බොහෝ රෝග වලට කරපිංචා කොළ , ඇට, මල්, නටු යුශ වල ඇත්තේ කිව නොහැකි තරම් වටිනාකමකි. **කරපිංචා නොයෙකුත් ආකාරයට අපට කෑමට ගත හැක. සාමාන්‍යයෙන් එලවලු මස් මාළු සෑදීමේදි ආහාර රසවත් කිරීමට ප්‍රධාන ලෙස ගනී. ** කරපිංචා සම්බෝල සැදීමේදී  හීන් වෙන්න ගලක හෝ බ්‍රෙන්ඩරයේ අබරා එයටම සුදුලූනු ඉගුරු  අමුමිරිස්  ලුනු, ලූණු දමා හොදින් අනා දෙහි දමා කෑමට ගත් හැක. ලූණු නොදා මෙම සම්බෝලය සාදා දින දෙක තුනක් පමන ෆ්‍රිජ් එකේ තියාගෙන කෑමට ගත හැක. **කරපිංචා දඩු තම්බා වතුර බීමෙන් අදිරුධ්ර පීඩනය අඩුකර ගත හැකි බව පොත පතේ සදහන් වේ. **කරපිංචා සම්බෝලය තෙලේ බැදෙන්න හැර එයට කෑලි මිරිස් , කොත්තමල්ලි කුඩු , සූදුරු කුඩු ,ගම්මිරිස් කුඩු,  සීනි ටිකක් ද එකතු කර ද හොදින් තෙත හින්දාගත් කල එය බෝතල් කර තියාගෙන කෑමට ගත් හැක  . එය කරපිංචා paste  එක කියා හදුන්වා දිය හැක. බොහෝ තුනපහ වර්ග අඩංගු නිසා මෙය ඉතා ගුනවත්ය.    ** කරපිංචා කැද තනිකරම කරපිංචා වලින් සාදාගත හැක. එහෙම නැත්නම් කරපිංචා සමග කවලම් කොළ වර්ග එකතු කර කැද සෑදිය හැක.     ** කරපිංචා කොල ගැබුරු තෙලේ බැද එයට, රට කජු , සුදුලූනු , කජු මද, කෑලි මිරිස්  ආදිය බැද  දමා කටගැස්මට කෑමට හදාගත් හැක.         **බැදපු තුනපහ කුඩු ගෙදර හදාගන්නා අවස්තාවට කරපිංචා කොලද බැද කුඩු කර එයට එකතු කරන්න .       **සිංහල බෙහෙත් වලට කරපිංචා කොළ යුශ ලබා ගනි.      ** පිටරට ජීවත් වන අපට කරපිංචා හොයා ගන්න තියෙන අඩුපාඩුව නිසා මම යාලුවන්ගෙන් ලැබෙන කරපිංචා එක කොලයක්වත් අහක නොදමමි. කරපිංචා පත්තර පිටුවක ඔතා ෆ්‍රිජ් එකේ දමා මාසයක් පමන කාලයක්  වේලී නොයන ලෙස තබා ගත හැක. කරපිංචා කොල වේලී යන්න එන අවස්ථා වල මම ඒවා අවන් එකේ දමා වේලෙන්න ඇර කුඩුකර බෝතල් වල දමා ඇරන් තියාගමි. ඒවා තුනපහ කොටන වෙලාවට පාවිච්චියට ගනිමි. අලුත් කරපිංචා නැති වෙලාවට ඒවා හොදි මාලු වලටද දමන්න ගනිමි. හැම ගෙදරකම පැල කර තිබිය යුතු ඉතා වටිනා ශාකයකි කරපිංචා . ,ආයුර්වේද පොත පත ඇසුරෙන් )

* ප්‍රිසිලා ගොඩහේවා *



113 views0 comments

Comments


bottom of page