top of page
  • Writer's picturePrisila Godahewa

කුරක්කන් කැද

Updated: Apr 30, 2020


විනාඩි දහයෙන් හදාගන්න පුලුවන් පෝෂණයයෙන් සපිරි ඉතාම රසවත් උදෑසන ආහාර වේලක් වේ. හතරදෙනෙක් සදහා අවශ්‍ය දේ කුරක්කන් පිටි මේස හැදි 3 ක් රතු හාල් කෝප්පයක් පොල් කිරි කෝප්පයක් අබ ඇට තේ හැදි 11/2 සුදුලූනු බික් පහක් රම්පෙ කරපිංචා අවශ්‍ය පමනට ලුණු

සාදන ක්‍රමය

රතු හාල් කෝප්පයක් වැඩිපුර වතුර දමා තම්බාගන්න. එය තැම්බීගෙන එනවිට තලාගත් සුදුලූනු ටික හා ලුණු එකතු කර එයට් තව වතුර එකතුකරමින් හොදින් තම්බාගන්න . බාජනයක් ලිප තබා තෙල් බොහොම ටිකක් දමා රත් වීගෙන එනවිට එයට අබ තේ හැදි දෙකක්, කපාගත් බීලූනු, කරපිංචා ,රම්පෙ දමා බැදීගෙන එනවිට එයට මුලින් තම්බාගත් හාල් සුදුලූනු මිශ්‍රණය දමා හැදි ගන්න. ඉන්පසු එයට දියකරගත් කුරක්කන් පිටි එකතු කරන්න. ඉන්පසු පොල් කිරි කෝප්පය එකතු කර ටිකක ගනකම් වෙනකම හොදින් හැදිගා අවශ්‍ය පමන ලුනු එකතුකර උනුවෙන් බීමට ගන්න. (මේ ලෙසම කිතුල් පිටි කැදද සාදාගත හැක.) කුරහන් වල අනෙකුත් ආහාර වලට සාපේක්ෂව වැඩි කැල්සියම් ප්‍රමාණයක් අඩංගුයි. කුරහන් ග්‍රෑම් සීයක කැල්සියම් මිලිග්‍රෑම් 344ක් තියනවා. කුරහන් වල තන්තු සහ , යකඩ සහ මැංගනීස් ප්‍රමාණය ඉතා වැඩියි. ඇමයිනෝ අම්ලද රාශියක් අඩංගුයි. පිළිකා වැළැක්වීම, මල බද්ධය සහ දියවැඩියාව සහ අධි රුධිර පීඩනය මර්දනයට උදවු වන අහරක්. කුරක්කන් වල ඇති Tryptophan කෑම රුචිය පාලනය කරයි. මේ නිසා බර අඩුවේ. මෙම tryptophan මානසික පීඩනයද අඩු කරයි. මේ තොරතුරු ලබා ගත්තේ වැලිසර ශ්වසන පිළිබඳ ජාතික රෝහලේ සේවය කරන වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම මහතාගේ ආහාර වල පෝෂණ සහ ඖෂධීය ගුණ නැමැති ග්‍රන්ථයෙන්.




335 views0 comments

Yorumlar


bottom of page