top of page

කොරොනා වයිරසය තුලින් සොබාදහමේ දුක හදුනා ගනිමු

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Apr 5, 2020
  • 2 min read




කොවිඩ් 19 වසන්ගතය, මුලු ලෝකයේම වෙසෙනා දුප්පත් පෝසත් ලොකුපොඩි නැතිබැරිකම් ඇතිහැකිකම් සියල්ලෝ එකම තැනක නවත්වා, එකමමොහොතක, එකම දෙයක් ගැන භීතියෙන් කතා කරන්න අවස්ථාව සලසාඇත. මෙවැනි බිහිසුණු අකාරුනික අවස්ථාවක් කිසිදා උදාවෙනු ඇතැයිලෝකවාසී කිසිවෙක් කිසිදා නොසිතිවෙමු.

වර්ශ මිලියන ගනනාවකට පෙර පෘථිවිය බිහිවුන දා සිට සොබාදහමවිසින් නිර්මාණය කරන ලද ලද මුහුදු ගංගා, දියඇලි , වැසි වනාන්තර , ගස් ගල් , ශාක හා සියලු සත්වයින් මිහිතලය විසින් ආදරයෙන් මිනිසාටතිලිනකරන ලද ස්වාභාවික දායාදවිය.

මුලු මිනිස් සංහතිය විසින්ම දශක ගනනාවක සිට ක්‍රමයෙන් මිහිමවආදරයෙන් තිලිණ කරන ලද සොබාදහම, නවීන තාක්ෂණ ක්‍රම හරහා, රසායනික ද්‍රව්‍ය පාවිච්චි කිරීම, පලිභෝද නාශක පාවිච්චිය ,පරිසර දූශකවායු වර්ග ආදි දේ පාවිච්චි කිරීම මගින් දීර්ඝ කාලයක් පුරාවටම පරිසරයසීග්‍රයෙන් දූෂණය කරමින් පවතී. එමගින් පාරිසරික දේශගුණ වෙනස්කම්, ජල දූශනය, වන විනාශය, ඕසෝන් තරලය තුනීවීම නිසා සම්පත් ක්ශයවීම, උශ්නත්වය ඉහළ යෑම ආදී ස්වාභාවික විපත් සොබාදහම තුල දීර්ඝකාලයක් තිස්සේ වෙමින් පවති.

ලෝකවාසී සියල්ලෝ සීග්‍රයෙන් පරිසරය විනාශ කරමින් යන ගමනේදි, කාලයෙන් කාලයට ඇය....(මිහිකත) වෙනුවෙන් උරන වී කුපිත විභයානක ස්වාභාවික විපත් ඇතිකරමින් ඒතුලින් මිනිසා නොහොත් ඇගේදරුවන් නිසි මගට ගන්නට උත්සාහ ගත් අවස්ථා අපමණය. මිනිසුන්ගේඅකාරුණිකම් ඉවසා සිටිය නොහැකිව ඇගේ ඉවසීමේ සීමාව ඉක්වගියකල, ඇතිකරන ලද ස්වාභාවික දරුනු විපත් ලෙස ගමෙන් ගමට, රටෙන් රටට මහද්වීපයෙන් මහද්වීපයට ඇති කරන ලද සුලි සුලං, ගිනිකඳු, සුනාමි, ලැව්ගිනි , භූමිකම්පා, ගංවතුර ආදිය පෙන්වා දිය හැක. සෑමඅවස්තාවකම විපතට නොහොත් ව්‍යසනයට මුහුන දුන්, මිනිසුන් හෝගම්, රටවල්, හා මහද්වීපයන්ට පමනක් ..... භයානක කම පාඩුවදැනුනි. ඔවුන් පමනක් ව්‍යසනය ගැන කතා උනී. ඔවුන්ගේ විපතේභයානක කම ලෝකයේ අනිත් රටවල වෙසෙන්නන්ට නොදැනුනේ එයතමන්ට නොවුන දෙයක් නිසයි. . ගමින් ගමට, රටින් රටට, මහද්වීපයෙන් මහද්වීපයට ජීවත් වන මේඅමන මිනිසුන් සියල්ලෝ, කිසිම දේකින් මට්ටු නොවන බව දැන ගත්සොබාදහම විසින් කවර කවදාවකත් නොවුණු ලෙස ... මුලු ලෝකයේමවෙසෙනා මිනිස් සංහතියටම දැනෙනන ලෙස කොරොනා වයිරසයඅකාරුණික ලෙස ලෝකය වටාම පා කර යවා ඇත. දැන් ඇය...නොහොත්සොබාදහම ඈත සිට මුලු මිනිස් සංහතියම දෙසම බලා සැනසුම් සුසුම්හෙලමින් නිවාඩු පාඩුවේ හිදින්නේය.

සොබාදහම විසින් මුලු මහත් මිනිස් සංහතියටම එකම තැන සිට එකමදෙයක් ගැන සිතමින් බයෙන් අඩමින්, ගැහෙමින් මිනිස් හමුවීම් වලින්ඈත්වී මරබිය සිහිකරමින්, හුදෙකලා වී තනිව ජීවත්වීමට කටයුතු සූදානමිකර ඇත. සොබාදහම මුලු මහත් ලෝකයටම එකම ලෙස පරිස්සම්වෙමින් එක තැනක නැවතී දැස් හැර තේරුගැනීමට ....කොරෝනා නම්වසංගතයක් රැගෙන විත් සියල්ලෝ අසරණ කර ඇත. සොබාදහම විනාශකරමින් හැල්මේ දුවනා අමන මිනිසුන් ,එක තැනකට ගාල්කර ඇය විසින්දඩුවම් ලබාදී ඇත්තේ එසේය..සොබාදහම වනසමින් ඕපපාතික සතුන්ගේසිට භයානක නයි පොලොංගු, ආදි සතුන් පවා ආහාරයට ගනිමින්, ගහටකොළට සතා සීපාවාට අයිති දේශ සීමා අයිතිකරගනිමින්, කුඩුවලසිරකරන ලද සතුන්ගේ දුක හා වේදනාව තේරුම් නොගෙන , නවීනතාක්ෂණ ක්‍රම භාවිතා කරමින්, රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරමින්, පලිභෝද නාශක පාවිච්චි කරමින්,පරිසර දූශක වායු වර්ග භාවිතා කරමින්දීර්ඝ කාලයක් පුරාවටම පරිසරය සීග්‍රයෙන් දූෂණය කරමින් යනමිනිසුන්ට දැන්වත් සොබාදහම විනාශ කිරීමේ ආදීනව තේරුම් ගැනීමටශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා  කරමි.

ලෝකවාසී සියල්ලෝ අද මේ සිදුවී තිබෙන ව්‍යසනය පරාජය කිරීමට එකතුවිය යුතු යැයි සිතමි. මේ තීරණාත්මක අවස්ථාවේ මිනිස් සංහතිය බොහෝහානි සහිතව වුවද , ඉදිරියේ ලෝකය, මිනිසා ජයගන්නට සිතට ගත යුතුයි. ආහාර නැතිවිට මුදල් කෑමට ගත නොහැකි බවද තේරුම් ගත යුතුය. සොබාදහම සමග සමගියෙන් උසස් මානවීය ගුණදම් පුරුදු පුහුණු කරමින්තව දුරටත් සොබාදහම සමග සහයෝගයෙන් ඉදිරියේදීවත් ජීවත් වීමටලෝකවාසී සියල්ලෝ සිතට ගත යුතුයි. ඔබ සැමට භයෙන් සැකෙන්තොරව නිරෝගීව ජීවත් වීමට ශක්තිය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා  කරමි.

Comments


bottom of page