top of page
  • Writer's picturePrisila Godahewa

🌏කොන්ත්‍රාත්තුව🌏

Updated: Aug 30, 2021

(7 හයවන කොටස)


ඇන්ජලා ඇගේ ගර්භාශයේ සැතකමෙන් පසු, ඉස්පිරිතාලේ සිට, ඇගේ දෙමව්පියන්ගෙ ගෙදර බලා ගියේ,

හොදටම සනීප වෙන තුරු ඇයට ඇගේ මව සමඟ නිදහසේ සිටිය යුතු බව කියමින්‍ ය.


ඇන්ජලාගෙ මහ ගෙදර නැතහොත්, දෙමව්පියන්ගෙ නිවස සිඩ්නි නගරයේ උතුරු ප්‍රදේශයට වන්නට ,ඉතා සුන්දර පෙදෙසක පිහිටා තිබුනේය. සියලු සැප පහසුකම් සහිත නවීන සුඛෝපභෝගී නිවසේ ඇන්ජලා, මේ දිනවල විවේක සුවයෙන් පසු වෙයි.


මමත් ස්ටිව්වෝත් ඉඩ ලැබෙන වෙලාවට ඇයව බලන්න එහි යන්නට අමතක නොකෙරුවෙමු. මගේ පැමිණීම ඇය නිතරම බලාපොරොත්තුවෙන් පසුවන බව ඇගේ මව මාහට පවසා තිබුනාය.


"එක දිගටම අපි ඇන්ජලා බලන්න ගියා මිසක්, අපි දෙන්නට හුඟ දවසකින් කොහේවත් යන්න බැරි උනා නේද ස්ටීව්...."


"ම්ම්....ඔව්..... කාලෙකින් කොහේවත් ට්‍රිප් එකක්වත් යන්න බැරි උනානේ, එහෙනම් හෙට සෙනසුරාදා උදේ, අපි අපේ ගමේ ගෙදර ගිහින් එන්න යමුද....?


"අනේ යමු ස්ටිව්.....මම හරි ආසයි ඔයගොල්ලන්ගෙ ගමේ ගෙදර යන්න ....පහුගිය දවස්වල ඇන්ජලාගෙ ඔපරේෂන් එක් නිසා, අපි එයාවම බලන්න ගියා මිසක්, වෙන කොහේවත් අපට යන්න බැරි උනානේ....හිතට දුකයි එයාට උන දේට නම් .....අපිත් ටිකක් හිත නිදහස් කරගන්නත් එක්ක ගමේ ගිහින් එමු...."


කාර්‍යාලයේ වැඩරාජකාරි වැඩියෙන් තිබුන කාලෙට, මහන්සි වි වැඩකටයුතු කරන අපි, නිවාඩුවක් ලැබුන වෙලාවට, කොහේ හරි නිදහස් පළාතකට ගොස්, නිදහසේ දිනක් දෙකක් නවාතැන් ගෙන එන්න යන්නට, අපි දෙන්නම ආස කරන්නෙමු .....


"අපි අද හවස කොහේ හරි ගිහින් රෑට කෑම කාලා එන්න යමුද චතුරි .....?"


" ම්ම්.....යමු.... මම ඉතිං ඕන වෙලාවක එළියට, කෑම කන්න යන්න ආසයිනේ....එතකොට අද රෑට අපි කොහේද යන්නේ...."


"ඔයා කන්න යන්න ආස තැනක් කියන්නකෝ. ...."


"ඒක හොදයි ...එහෙනම් අපි අද හොද චයිනීස් රෙස්ටුරන්ට් එකකට යමු....මම හරි ආසයි චයිනීස් කන්න...."


සිකුරාදා හවස හා සෙනසුරාදා කියන්නේ සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ, වැඩිපුරම සෙනගක් රෙස්ටුරන්ට් වලට කෑම කන්න යන, පාර්ටි දාන්න , එහෙ මෙහෙ නිදහසේ ඇවිදින්න යන දවස් දෙකවේ.... ඒ වගේම , යාළුවන්ගෙ ගෙවල් වල යන්න, බාබක්‍යු දාන්න, ෆුඩ් බෝල් මැච් බලන්න, ෆිල්ම් බලන්න යන්න .... සතියේ දවස් පහම වැඩ කරන සියල්ලෝ , බලන් ඉන්නෙ සිකුරාදා සෙනසුරාදා දවස් දෙක එනකම්‍ය....


සිඩ්නි නගරයේ හැම ප්‍රදේශයක්ම සිකුරාදා හා සෙනසුරාදා හවස් වරුවට සෙනගින් පිරි ඉතිරි යන දවස් දෙකක් වෙනවා වගේම, ගෙදරින් එළියට බැස යන තරුණ තරුණයෝ, ඉස්තරම්ම ,විවිධ මෝස්තර වල ඇඳුම් ඇඳ, මේකප් දමා හැඩ වැඩ වී යන්නටද අමතක නොකරති.


ඔස්ට්‍රේලියාවේ බොහෝ අය මෙන් අපේ ඔෆිස් එකේ අයද, සෑම සිකුරාදාටම දවල් දොලහ පහුවුන පසු , එකිනෙකාට, "නයිස් වීකෙන්ඩ්, හැපි වීකෙන්ඩ්" කියාගෙන....සිකුරාදා සෙනසුරාදා එනකම් නොවිසිල්ලෙන් බලන් ඉදී. ඒ හවසට පාර්ටි දාගෙන, කාලා බීලා සන්තෝශ වෙන්නටය....මේ රටේ මිනිසුන්, සතියෙ දවස් පහම, මහන්සි වී රාජකාරි වැඩ කරන අතර, සති අන්තයේ දවස් දෙක උපරිමයෙන්ම ජීවිතේ සතුටින් විදින්න පුරුදු වි ඇත.


තමන්ට තියෙන දෙයින් උපරිමයෙන් සතුටු වන, ඔස්ට්‍රේලියානු ජාතිකයන්, අනෙකාගේ සල්ලිභාගේ දේපළ වලට ඉරිසියා නොකරති.....තන්හාව අඩු ඔවුන් අනුන්ට ඉරිසියා, කුහකම් නොකරමින් තමන්ගෙ පාඩුවේ ජීවත් වෙන මිනිසුන් කොටසක් වේ..... ඉපදුන නිසා ජීවත් වෙන්න හදන, තන්හාවෙන් සල්ලි එකතු කරමින් පොදි ගසන, තියෙන මිනිහාට ඉරිසියා කම්, කුහකකම් කරන, කරන, අනෙකාට වැරදෙන කම් බලන් ඉන්න ලංකාවේ සමහර මිනිස්සු එක්ක බැලුවහම ,මේ ඔස්ට්‍රේලියානු ජාතිකයන්ගේ ජීවිත පැවැත්ම කොයිතරම් නම් නිදහස් සැහැල්ලු ජීවිතයක්ද කියා මට නිතර සිතේ....ඉරිසියා, කුහක කම්, තන්හාව අඩු මේ ඔස්ට්‍රේලියානු ජාතිකයන්,..... මෙතරම් පන්සල් ගොඩක් ඇති නිතරම බණ අහණ, දානමාන දෙන ලංකාවේ මිනිසුන්ට වඩා නිවනට නම් ලඟ බව මට නිතර සිතේ....


එලෙස සිටිව් සහ මමත් තනියම හෝ තව යාලුවන් සමඟ සිකුරාදා සෙනසුරාදා දිනට හවස් වරුව සතුටින් ගත කරන්න පුරුදු වි සිටින්නෙමු.


ඇන්ජලාගෙ ඔපරේෂන් එකෙන් සුමාන තුනකට පසු අප දෙදෙනා සිකුරාදා රාත්‍රීයේ, රාත්‍රී කෑමට ගිය පළමු දවස අද වේ.......


මම කෑම කන්න ආසම චයිනීස් රෙස්ටුරන්ට් එකට ගොස්, එහිදී අපේ කෑම ඇනවුම් කර, පසුව එහි උඩුමහලේ බැල්කනියට අප දෙදෙනා ඇවිද ගියෙමු . අප දෙදෙනා එහි බැල්කනියෙන් හිටගෙන, නගරයේ ඇති ලස්සන බලාගෙන ඉන්නා මොහොතේ....


"චතුරි....කෝ දෙන්න ඔයාගෙ අත...."

මම පුදුමයෙන් ඔහු දෙස බැලීය.

ස්ටිව් මගෙ වම් අත රැගෙන, එහි වෙඳගිල්ලේ හීන් මුද්දක් පැළද විය...... ඉන් පසු ඔහු මාව තදින් සිප ගත් විට මට ඇතිවුන සතුට කියා ගන්නට බැරි විය....


"මම ඔයාගෙන් මාව කසාඳ බදින්න කැමතිද කියලා අහන්න කැමති නෑ චතුරි ....මොකද ඔයා, මා එක්ක යාළු උන දවසේ ඉදන් බලන් හිටියේ මාව කසාඳ බදින්න නිසා ... අපි දෙන්නා ලඟදිම කසාඳ බදිමු චතුරි ..."


" මට හරිම සතුටුයි ස්ටිව් .....අනේ එහෙනම් අපි දෙන්නා ලඟදිම කසාඳ බදිනවද...?.....මට හිතාගන්නවත් බෑ....ඔයා අන්තිමට මාව කසාඳ බදින්න කැමති වෙලා......"


මම මගේ ඇඟිල්ලට, ඔහු දැමු මුද්ද දිහා බලාගෙන හිටියේ ඉවසාගත නොහැකි සතුටකිනි.


"මෙහෙම දෙන්නත් එක්ක නොබැද එක ගෙදරක ජීවත් වෙන එක තේරුමකුත් නෑ චතුරි ....ඇන්ජලාට උන වැඩේ නිසා මටත් දැන් බයයි අපේ වෙඩින් එක කල්දාන්න.... අපි එහෙනම් අපේ අම්මලාටත් කියලා ඉක්මනට කසාද බදිමු....ඉස්සෙල්ලා අපි මෙහේ චර්ච් එකක කසාඳ බැදලා, ඊට පස්සෙ, ලංකාවට ගිහින් ඔයගොල්ලන්ගෙ අම්මලාට ඕන විදිහට එහෙදි බදිමු...."


" මට අදහගන්නත් බෑ ස්ටිව්....ඔයා මාව කසාඳ බදින්න කැමති උන එක, මම මෙච්චර දවසක් බලාගෙන හිටියේ ඔයා ඒක අහනකම්...."


මම ස්ටිව්ව බදා ගෙන සිප ගත්තේ හිතේ ඇතිවුන සතුට ඉවසාගත නොහැකිවය.....


"එහෙනම් ඔයා අම්මලාට කියලා අරින්න අපි ලඟදි කසාඳ බදින්න යන්නෙ කියලා ,අපි ලංකාවට එනවත් කියන්න, ඒගොල්ලන්ට ඕන විදිහට කසාඳ බදින්න..."


"අපේ අම්මලාට ඕන විදිහට නම් මට දැන් පෝරුවක නැගලා කසාද බදින්න බැරි වෙයි ස්ටිව්....අපි දෙන්නා දැන් අවුරුදු දෙකකට වඩා එක ගෙදරක එකට ජීවත් වෙනවනේ..... මගේ පෞද්ගලික අදහස නම් සිංහල සංස්කෘතියට අනුව මඟුල් පෝරුව කියන්නේ ගොඩක් පවිත්‍ර තැනක්, ඒක උඩට නගින්න ඕනේ අලුත්ම ජෝඩුවක් , නැතුව අපි වගේ එකගෙදර එකට ජීවත් උන දෙන්නෙක් නෙමේ......මේ කාලේ හැම දෙයක්ම වෙනස් වෙලා, එක එක්කෙනාගෙ කැමැත්ත, අනුව ,තියෙන ප්‍රශ්න අනුව හැම දෙයක්ම වෙනස් වෙලා....ඒකට කාටවත් දොස් කියන්න බෑ......මඟුල් පෝරුව ගැන හරියට විස්තර දන්න මට බෑ, බොරුවට මිනිස්සුන්ට පේන්න මඟුල් දවසේ පෝරුවට නගින්න. ඒ හින්දා අපි දෙන්නා, ඔයගොල්ලන්ගෙ ආගමේ හැටියට මෙහෙ චර්ච් එකක කසාද බැදලා, අපි ලංකාවට ගිහින්, එහේ නෑදෑයෝ යාලුවන්ට ඔක්කොටම එන්න කියලා අපේ හෝම් කමින් එක ලංකාවේ ගමු...."


"මට තේරෙන්නෙ නෑ ඔයගොල්ලන්ගෙ චාරිත්‍ර ,කොහොම හරි මම අපේ මමීට කියන්නම් අපි දෙන්නා කසාද බදින්න හිතුවා, ඒකට ගමේ පල්ලියේ ෆාදර්ට කියලා වෙඩින් එකට දිනයක් දාගන්න කියලා ...."


" කොහොම උනත්, අනේ මට හරි සතුටුයි ස්ටිව් ඔයා මාව කසාද බදින්න හිතපු එක.....එතකොට අපි ඔයාගෙ ගමේ ගෙවල් පැත්තෙ තියෙන පල්ලියේද කසාඳ බදින්නේ.....? ඔයාගෙ ඩැඩාටත් ඔයා අපේ වෙඩින් එකට එන්න කියනවද...?


"ඔව්...ඩැඩාට චර්ච් එකට එන්න කියන්න ඕනේ.... මගේ මල්ලිලා දෙන්නටත් වෙඩින් එක කියන්න ඕනේ.....අපි හෙට උදේ ගමේ ගිහින් අපේ මමිට කියමු, අපේ වෙඩින් එකට ගමේ පල්ලියේ ෆාදර්ට කියලා ඒ දේවල් ලෑස්ති කරන්න කියලා ...."


"ආනේ...ඒකද ඔයා අපි හෙට ගමේ යමු කිව්වේ....."


"ඔව්...මමී ආසාවෙන් ඉන්නේ, අපි දෙන්නා ඉක්මනට පිලිවෙලක් වෙලා, අපේම දරුවෙක් ඉක්මනට හදාගන්නවට. ඒ හින්දා අපි ඉස්සෙල්ලම එයාට කියමු අපි දෙන්නා කසාඳ බදින්න හිතපු එක.. ...."


"අපි එහෙනම් අපේ වෙඩින් එක ගැන ඇන්ජලා, ටෙරික්ටත් ඉක්මනට කියමු, ඊට පස්සෙ ඒ දෙන්නටත් අපි යනකොටම ලංකාවට යන්න අඬ ගහමු, නිවාඩුවටයි, අපේ වෙඩින් එකටයි දෙකටම එක්ක...."


"ඔව් ඒක හොදයි ....ඔයා එහෙනම් විවේකයක් ලැබුන වෙලාවක ඇන්ජලා හම්බවෙන්න ගිහින් අපි මැරි කරන්න යන කතාව කියලා ලංකාවට යන්න ඒ දෙන්නටත් අඬ ගහන්න..."


"මට හරි සතුටුයි ස්ට්ව් ....මම පහුගිය අවුරුදු වල ලංකාවට ගිය හැම පාරකම, අපේ අම්මා මගින් මගට කිව්වා මට, ඔයාව ඉක්මනට කසාද බදින්න කියලා ....අම්මට ගොඩක් සන්තෝෂ හිතෙයි මම කසාද බදින්න යන්න හදන්නෙ කියලා දැනගත්තහම...."


"ස්ටිව්... අපි කසාද බදින්න ඉස්සෙල්ලා, අපි දෙන්නට ඉන්න, බැන්ක් ලෝන් එකක් දාලා හරි ගෙයක් ගන්න බලමුද....?"


"ඔව් චතුරි ,ඒක නම් හොද අදහසක් තමයි , ඒ උනාට මට තාම ලොකු පඩියක් හම්බවෙන්නෙ නැති නිසා, මගේ පඩියට නම් බැංකු ණයක් ගන්න බැරි වෙයි කියලා මට හිතෙන්නේ ....ඔයාගෙ පඩියෙනුත් සල්ලි වැඩිය ඉතුරු වෙන්නෙ නෑනෙ, ඔයාගෙ නංගිගෙ යුනිවර්සිටි වියදමටයි , අය්යගෙ ගේ හදන්නයි මෙහෙන් ඔයාගෙ සල්ලි අරින නිසා...."


" ඔව් ස්ටිව්....මම අපේ අම්මලා තාත්තලා ගැනත් බලන්න එපෑ....ඒගොල්ලෝ මාව ඔස්ට්‍රේලියාවට එවන්න ණය වෙලා ඇරන් දීපු සල්ලි ටික, මම ටික ටික ගෙවලා ඉවර කලා විතරයි ...... මම අය්යගෙ අලුත් ගෙදර හදන්න සල්ලි ටිකක් පහුගිය කාලේ දෙන්න පටන් ගත්තා , එතකොට නංගි ලංකාවේ යුනිවර්සිටි ගිහින් ඉවර වෙනකම් එයා ගැනත් මම බලන්න ඕනේ....දෙවියන්ගෙ පිහිටෙන් අම්මගෙ ටීචිං රස්සාව නිසා එයාට පෙන්ශන් එකක් තියෙනවා. ...ඒකෙන් තමයි ගෙදර ඔක්කොම වියදම් කර ගන්නේ....අපේ තාත්තා ආන්ඩුවේ රස්සාවක් නෙමෙනෙ කලේ, ඒ නිසා එයාට පෙන්ශන් එකක් හම්බ වෙන්නෙ නෑ....තව ටික කාලයක් මම

ඒගොල්ලෝ ගැන බලන්න ඕනේ ස්ට්ව්....ඊට පස්සෙ අපි දෙන්නම සල්ලි දාලා ගෙයක් හදාගන්න බලමු.... මොනව කරන්නද.....තියෙන විදිහට ගෙවල් වල අයටත් අපි උදව් කරන්න එපෑ...... අපි ඉස්සෙල්ලා මැරි කරලා ඉමු...පස්සෙ බැරියැ අපටම කියලා ගෙයක් ගන්න ආසාව ඉශ්ට කර ගන්න..."


කාලය වේගයෙන් ගලා ගියේ, මගෙත්, ස්ට්ව් ගෙත් විවාහ මංගල්‍යය බොහෝම චාමෙට, පල්ලියේ ගන්නට සියලු වැඩ කටයුතු ලෑස්ති කරමින්‍ය.


මම වගේම මද්‍යයම පන්තියේ සිටින ස්ට්ව්ටත් අපේ වෙඩින් එක වෙනුවෙන්, ලොකු වට වියදම් කිරීමට හැකියාවක් නොතිබුන නිසා, අපි බොහෝම සුළුවෙන් එය ගන්නට සැලසුම් කෙරුවෙමු.


ඒ වගේම මමත්, ස්ටිවෝත් ඔස්ට්‍රේලියාවේ පල්ලියක කසාඳ බැද පසුව ලංකාවට ගොස් අපේ වෙඩින් එක ගන්න එන බව ආරංචි වි, මගේ අම්මා තාත්තා බොහෝම සතුටු වෙන බව මට දන්වා එවා තිබුනි. ඔවුන් බොහොම උනන්දුවෙන් ලංකාවේ විවාහ උත්සවයේ කටයුතු ලෑස්ති කරමින් ඉන්නා බවද මට ආරංචි විය. මම ඒ වෙනුවෙන් අම්මාට මුදල් අරින්නටද අමතක නොකෙරුවෙමි.


පවුලේ දෙවැනි දියණිය ලෙස උපන් මට, මගේ විවාහය මට අවශ්‍ය විදිහටම කරගන්න දෙනවා ඇරෙන්න, මගේ දෙමව්පියන්ට වෙන කරන්න දෙයක් නැත.... එනිසා, මගේ විවාහය ස්ටීව්ගෙ ආගමට අනුව කතෝලික පල්ලියක සිද්ධ වීම ගැන අම්මා තාත්තා කිසිත් නොඇසුවාය. මම ඔස්ට්‍රේලියාවට ඉගෙනීම සදහා ආ දිනයේ පටන්, ස්වාදීන කෙනෙකු බවට පත්වි ඇති බව ඔවුන් දැන් හොදින්ම තේරුම් ගෙන ඇත. මම මෙරටට ඇවිත් මාස හයක කාලයක ඉදන්, මගේ විශ්වවිද්‍යාල ගාස්තු , ඉදුම්හිටුම් සියල්ලන්ටම, වියදම මම්ම සොයා ගෙන, ඔවුන්ට මම වෙනුවෙන් තිබුන බරෙන්, ඔවුන් නිදහස් කරපු බව දන්නා ඔවුන්, මගේ අනාගතය මටම සලසා ගන්නට ඉඩ හැර ඈත සිට බලා හිදී....


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා*

1 view0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentarios


bottom of page