top of page
  • Writer's picturePrisila Godahewa

🌏කොන්ත්‍රාත්තුව 🌏 (40 වෙනි කොටස )

🌏කොන්ත්‍රාත්තුව 🌏

(40 වෙනි කොටස )


අපි ලංකාවට ගිය වෙලේ, මම ගත් හංසනිගේ හා ඇගේ දරුවාගේ ජායාරූප මුහුනු පොතේ ( FB) පලවී විනාඩි දහයක් වැනි සුළු වෙලාවකින්, ඇන්ජලා විසින් මට දුන් දුරකථන ඇමතුමට උත්තර දෙම්දෝ නොදෙම්දෝ සිතමින් මම ටික වේලාවක් ගත්තෙමි.....


මුහුනු පොතේ ඔවුන්ගේ ජායාරූප පළකිරීම ගැන අසතුටෙන් සිටි ස්ටීව්, මට කැමති දෙයක් කතා කරගන්නට හැර,මා මඟ හැර ගියේය.....


අවසානයේ එන දේකට මූහුණ දෙන ලෙස සිතමින් මම ටෙලිෆෝනය අතට ගෙන එයට උත්තර දුන්නෙමි ....


"හෙල්ලෝ...?


"හෙල්ලෝ...චතුරි ...? මම ඇන්ජලා ...කොහොමද ඔයගොල්ලන්ට ...?


" අපට හොදයි ...ඔයගොල්ලන්ට කොහොමද ...?


"අපට ඉතිං මොන හොදක්ද....මම දැන් දැක්කේ, ඔයා ලංකාවට ගිය වෙලේ, ඇරන් දාපු අපේ බබාගේ පොටෝ ටික....අනේ චතුරි......ඔයා fb එකේ දාලා තිබුනේ, ලංකාවේ ඉන්න හංසනිගෙයි අපෙ‍ බබාගෙයි පින්තූර නේද...?අපට ඒ පින්තූර දැකලා ඇස් අදහාගන්න බැරි උනා...."


"ඔයාගොල්ලන්ගෙ දරුවෙක් කොහෙද ලංකාවේ ....ඒ හංසනිගෙ දරුවා..."


"අනේ චතුරි , ඔයා මාත් එක්ක මෙච්චර කාලයක් තරහ වෙලා හිටියෙ අපෙන් උන වැරැද්දට කියලා මම දන්නවා...ඒත් දෙවියනේ......එදා හංසිනිව චෙක් කරලා, එයාගෙ රිපෝට්ස් චෙක් කරලා, ඩොක්ටර් කිව්වනේ, ඒ දරුවා විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙක් විදිහට ඉපදෙයි කියලා.....අපි ඒ බයට එයාව මඟ ඇරලා හිටියේ, ඒ උනාට අර පින්තූර වල ඉන්න දරුවගෙ ඒ කිසි වෙනසක් නෑනේ...ඔයා ඒ අපේ පුතා එක්ක කතා කරන වීඩියෝ එකකුත් දාලා තිබුනේ, ඒක දැකලා මටයි ටෙරික්ටයි සතුටයි, දුකයි වාවගන්න බැරි උනා....අනේ චතුරි මට අපේ දරුවා බලන්න යන්න ඕනේ, ..අනේ දෙවියනේ දැන් එයා අවුරුදු දෙකක ලොකු දරුවෙක්......මගෙයි ටෙරික්ගෙයි හැඩහුරුකම්මයි එයාට තියෙන්නේ....අනේ එහෙනම් අපේ දරුවෙක් මේ ලෝකේ කොහේ හරි ඉන්නවා......"


"ඔයාට ලැජ්ජ නැද්ද ඇන්ජලා , ඒ දරුවා ගැන දැන් අහන්න ....ඔයාට දරු දුක දැනෙන්නේ නෑ......ඔයා දරුවෙක් බඩේ තියාගෙන හදන හැටි ,ඒ අමාරුව දන්නෙ නෑ......දරුවෙක් ලෙඩ උනාම දෙමව්පියන්ට දැනෙන දුක ඔයා දන්නෙ නෑ....තමන්ගේ ජාන වලින් දරුවෙක් ඉපදුනාට...., ඒ දරුවා ඔයගොල්ලන්ට අයිති කරගන්න බෑ......ඒ දරුවගෙ තනිකර අයිතිය දැන් තියෙන්නේ හංසනීට....එයයි දරුවාට ලේ කිරි කරලා පොවලා හදලා දරුවා ලොකු කරගත්තේ.... ඔයගොල්ලො ඒ දරුවා, අසනීපයකින් පෙළෙනවා කියලා දැනගත්ත ගමන් මොකද කලේ....? දරුවව අත ඇරලා දාලා යන්න ගියා....., අර කසාඳ නොබැදපු අහිංසක කෙල්ලෙක් අමතක කරලා , අමාරුවේ දැම්මා....,මෙච්චර කාලයක් තමන්ගෙ ජාන වලින් හැදුන දරුවට මොකද උනේ කියලා ඔයාලා, හොයන්නේ නැතුව හිටියා.... සද්ද නැතුව වෙන රටකටත් ගිහින් හැංගිලා හිටියා..., දැන් මොකද මේ එක පාරටම දරුවා දකින්න ආසයි කියන්නේ...ඔයා දන්නවද අර අහිංසක හංසිනි කොච්චර අමාරුවෙන්ද ඒ දරුවා ලොකු මහත් කරගෙන තියෙන්නේ කියලා ...ඒ කෙල්ල බදින්න හිටිය කොල්ලත් ඒ කෙල්ලව දාලා ගිහින්, ඒ මදිවට ඔයගොල්ලෝ දුන්න ඔක්කොම සල්ලි වියදම් කරලා තමයි , ඒ දරුවගෙ අසනීප තත්වය, ඔය තරමට හොද කරගෙන තියෙන්නේ ....තාම දරුවට හොදටම හොද නෑ......ඒ දරුවා තවමත් බෙහෙත් ගන්නවා...ඔය පෙනුමට ලස්සනට හිටියට.... ඔය දෙන්නගෙ දරුවෙක් හදන්න ගිහින් හංසිනි කොයිතරම් ලොකු කරදරයකට පැටළුනේ කියලා ඔයගොල්ලෝ දන්නවද......?.හංසිනිගේ මුළු තරුණ ජීවිතේම ඉවර උනා, නාස්ති උනා ඒ දරුවා නිසා......ඒ ළමයට තාත්තෙක් නැති නිසා කීර්තිත් එයාගෙ වයිෆ් අතඇරලා හංසිනි ලඟට ඇවිත් ඉන්නේ.... දැන් හංසිනියි, කීර්තියි ඒ දරුවා හදාගන්නවා....කිර්තිගෙ මඟුලත් කැඩුනා, හංසනීට උදව් කරන්න ගිහින්.... ඒ දෙන්නට ඒගොල්ලන්ගෙ පාඩුවේ ඉන්න දෙන්න දැන්... එගොල්ලන්ට කරදර කරන්න එපා..... "


"ඔයා මොනව කියලා අපට බැන්නත් මම ඔයා එක්ක තරහ වෙන්නෙ නෑ චතුරි ....අපි හංසනීට කරදර කරන්නෙ නෑ.....අපට ඕනේ එක පාරක් අපේ දරුවා දකින්න විතරයි ...අපට ඒකට අවස්තාවක් හදලා දෙන්න චතුරි ...."


"තරහ වෙන්න එපා ඇන්ජලා ,දැන් හංසනීගෙ මුළු ජීවිතේම එයා අමාරුවෙන් හදාගත්ත දරුවා වෙනුවෙන් ගෙවිලා යන්නේ...., ඒ දෙන්නට පාඩුවෙ ඒ දරුවා හදාගන්න ඉඩ දීලා ඔය දෙන්නා පැත්තකට වෙලා ඉන්න.....දරුවා දකින්නවත් යන්න එපා...."


ඇන්ජලා මට ටෙලිෆෝනයෙන් කතා කල විට, මම ඇයට කියන්න පුලුවන් හැම දේම කියලා බැන ගෙන ගියාය. ඔවුන් හංසනීට කල අසාධාරණයට මගේ ඇඟේ ලේ කකියන ගතියක් දැනේ... ...


තමන්ගෙ කියන්න දරුවන් නැති ඇන්ජලා හා ටෙරික්ට ඔවුන්ගෙම ලෙයින් හැදුන දරුවා, හංසිනි සමග ඉන්නවා දැක ඇතිවෙන්න ඇත්තේ කොයිවගේ හැඟීමක්ද කියා මට සිතා ගන්නට හැක...ඒ මමත් දැන් අම්මා,කෙනෙක් නිසා....


මගෙන් ඇන්ජලාට බුරුලක්, උදව්වක් නොලැබෙන බව දැන ගත් ඇන්ජලා දුරකතනය විසන්දි කලාය.


"මම පුලුවන් ඉක්මනට හංසිනිලව ඔස්ට්‍රේලියාවට ගෙන්න ගන්න අවශ්‍ය වැඩ කටයුතු ලෑස්ති කර ගන්න ඕනේ ස්ටීව්....නැත්නම් ඇන්ජලාලාගෙන් හංසනීට කරදර වෙන්න පුලුවන් ...."


"මම ඔයාට කිව්වනේ...ඔයා fb එකේ පොටෝ දාලා කලේ හොද වැඩක් නෙමේ කියලා ...."


හංසනී ලංකාවේ කර තිබු මොන්ටිසෝරි පාඨමාලාව හරහා, මම අපේ දරුවා නවත්වන දිවා සුරැකුම් මද්‍යස්තානයේ පාළිකාවට කතා කරමින් හංසනීට රැකියාවක් සොයා දෙන්නට දැන් කොහොමත් උත්සහ කරමින් ඉන්නෙමි. ....


"හංසනිලා දැන් ලංකාවේ ඉදන් ඔස්ට්‍රේලියාවට ගෙන්න ගත්තහම එයාලා බබා, එක්ක කොහේද නවතින්නේ....?


" හංසනීව විතරක් නෙමේ, කීර්තිවත් ගෙන්න ගන්න ඕනේ, ඒ දෙන්නගෙ ආරක්ශාවට.... ටික දවසක් අපේ ගෙදර තියන් ඉදලා , අපි එයාලට ෆැලැට් එකක් හොයලා දෙමු බබා එක්ක ඉන්න....කීර්තිගෙ ඉංග්‍රීසි දැනුම ,කතා බහ හොද නිසා, එයාට ඉක්මනට ජොබ් එකක් හොයාගන්න පුලුවන් වෙයි...."


"ඔයාට හොද විදිහක් කරන්න චතුරි ....හංසනිට ඒ දරුවා නැති වෙන්න නොදී...."


දිනක් හදිස්සියේ ලංකාවේ සිට හංසිනි මට, ටෙලිෆෝනයෙන් කතා කර කිව් දෙයින් මම පුදුමයට පත් විය...


"අනේ චතුරි මිස්....ඇන්ජලා මිස් ටෙරික් සර් එක්ක අපේ ගෙදර හොයාගෙන ආවනේ...."


"නෑ...ඒ කවද්ද ...?


"ඊයෙ ආවේ...ඒගොල්ලෝ මගෙන් දරුවා ඉල්ලනවා මිස්....."


"ඉතිං ඔයා මොකද කිව්වෙ හංසිනි ...."


" මම ඒ දෙන්නට බැන්නා, මාව අමාරුවෙ දාලා, දැන් මම අමාරුවෙන් හදාගත්ත දරුවා ඉල්ලන්න ආවට..."


"ඉතිං ඒගොල්ලෝ දරුවා දැක්කද....දරුවා එක්ක කතා කලාද...?"


"ඒගොල්ලො පුතාට එක එක ජාතියෙ සෙල්ලම් බඩු ගෙනත් තිබුනා....මම එපා කියද්දි ඒවා පුතාට දුන්නා....ඒ නිසා වෙන්න ඇති පුතා , සෙල්ලම් බඩු වලට ආසාවෙන් ඒගොල්ලෝ ලඟට ගියා.... ඇන්ජලාගෙ උකුලෙත් වාඩි වෙලා හිටියා....,ඒ ගොල්ලෝ ගෙනාපු සෙල්ලම් බඩු ආසාවෙන් අතගගා හිටියා....."


"ඉතිං හංසිනි මොනවද ඒගොල්ලන්ට කිව්වේ....? ආයෙත් එන්න එපා කිව්වේ නැද්ද...?, .."


" හරි වැඩේනේ මිස්....කිර්ති හිටියෙ නෑ ඒගොල්ලෝ එන දවසේ.....පුතා ඒගොල්ලෝ දැකලා දුවගෙන ගියා.....ඒගොල්ලෝ ඇවිත් හිටියේ, ඒගොල්ලෝ මඩමෙන් හදාගන්න ගත්ත ගෑනු දරුවත් එක්ක....ඒ දැරිවි අපේ පුතාට වඩා මාස තුන හතරක් වැඩිමහල් පාටයි....ඒ දරුවා ඒ දෙන්නගෙ දරුවෙක් නෙමේ කියලා හොදටම පේනවා....ලංකාවේ කළු දරුවෙක් ....ඒ දුවව දැකලා තමයි අපේ පුතා ඒ ගොල්ලන් ලඟට ගියේ.....ඒගොල්ලන්ගෙ ගේ ලඟින් මට පුතාව ගන්නම බැරි උනා මිස්......දරුවො දෙන්නා අත් අල්ලන් සෙල්ලම් කරන්න ලෑස්ති උනේ.....පුතා ආසවෙන් ඒගොල්ලෝ ගෙනාපු චොක්ලට් කකා, සෙල්ලම් කරන්න පටන් ගත්තා විතරක් නෙමේ, ටෙරික් මහත්තයා එයාව වඩාගෙන වත්තේ වටේ එක්කත් ගියා..... ඇන්ජලා මිස් බබාව තුරුල් කරගෙන හොදටම ඇඩුවා.....මට ඒ වෙලේ නම් දුකත් හිතුනා.....ඒ උනාට මම කිව්වා, මට දැන් ඉන්නෙ මේ පුතා විතරයි , එයත් හරි මගේ පණත් හරි, අපට කරදර කරන්න එපා කි‍යලා......අපි දෙන්නව වෙන්කරන්න හදන්න එපා කියලත් කිව්වා.. ..."


"ඇන්ජලා මිස් කිව්වා ඒගොල්ලන්ට ඕන නම් පොලීසියට ගිහින් හරි, ලෝයර් කෙනෙක් හරහා හරි දරුවා නඩු කියලා ඒගොල්ලෝ ලඟට ගන්න පුලුවන් කියලා ....ඒ නිසා කරදර වෙන්නෙ නැතුව දරුවා ඒගොල්ලන්ට භාර දෙන්න කිව්වා..."


"ඉතිං...?


"මිස් මම කිව්වා..... මිස්ලා මට බාර දුන්නේ කොන්ත්‍රාත්තුව දැන් ඉවරයි .....ඒ කොන්ත්‍රාත්තුව ඒගොල්ලෝමයි කඩලා බිදලා දාලා අවුරුදු දෙකක් හැංගිලා හිටියේ.....හදිස්සියේ වත් මේ ළමයා අංග විකල, මන්දබුද්දික දරුවෙක් උනා නම් කවදාවත් මිස්ලා ඒ ළමයා බලන්න එන්නේ වත් ඉල්ලන්නවත් එන්නෙ නෑනෙ කියලා......මම ටිකක් සැරෙන් ඒගොල්ලන්ට කිව්වා..."


"ඉතිං.."


" ඒ පාර ඒ දෙන්නා යන්න ගියා.....පුතා ඒ දෙන්නට යන්න එපා කියලත් කිව්වා ...ඒ දරුවා හරියට අම්මා තාත්තා අදුනගත්තා වගේ, ඒ මිනිස්සුන්ගෙ තුරලටම ගිහින් හිටියේ...., මට දුකේ බෑ චතුරි මිස්.....

මේ මිනිස්සු සද්ද නොකර ඊයේ ගියාට..... පොලීසියට ගිහින් ලෝයර් කෙනෙක් එක්ක ඇවිත් මගේ දරුවා ඇරගෙන යයිද මිස්......?මට බයයි මිස්.....මම පිට මිනිස්සුන්ගෙන් ,නැදෑයින්, යාලුවන්ගෙන් කතා අහ අහ ,ලෝකෙන් වසන් වෙලා ඉදගෙන මේ ළමයා, මේ ලෝකෙට බිහිකරේ කොයිතරම් අමාරුවෙන්ද....? මුල් කාලයේ තිබුන ලෙඩ එක්ක මම මේ දරුවා , හදාගත්තේ කොච්චර අමාරුවෙන්ද...ඒ මිනිස්සුන්ට ඒක තේරෙන්නෙ නෑ...."


"ඉතිං කීර්ති මොනවද කිව්වේ ඒගොල්ලෝ ආපු එක දැනගෙන....?"


"කීර්ති ඊයේ රෑම අපි දෙන්නව, අපේ ගමේ ගෙදර එක්ක ආවා....මම දැන් ඉන්නේ අපේ අම්මලාගේ ගෙදර මිස්...."


" ඔව් ඒක හොදයි ....හංසනි ඔයා බය වෙන්න එපා,....මම ඔයගොල්ලන්ට ,ඔස්ට්‍රේලියාවේ විසා ඉක්මනට ගන්න පුලුවන්ද කියලා හොයලා බලන්නම්...... ඔයගොල්ලෝ මෙහෙට ගෙන්න ගන්න ඕන වැඩ ඔක්කොම ගොඩක් දුරට ඉවරයි......ඔයා පුලුවන් ඉක්මනට මේ රටට එන්න දේවල් ලෑස්ති කරගන්න....ඔයා අම්මලාගේ ගෙදරම පරිස්සමට ඉන්න......."


"ඉතිං මිස්...අපි ඔස්ට්‍රේලියාවට ආවාහම් අපට ඒ අයව ආයෙත් හම්බ වෙයිනේ....."


"ඒගොල්ලො දැන් ඉන්නෙ එංගලන්තයේ ...ඒ නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ....."


"එහෙනම් මිස් මම මෙහෙමම ගමේ අම්මලාගෙ ගෙදරම නවතින්නද රට එනකම්....."


"ඔව් ඒක හොදයි ....නැත්නම් ඒ දෙන්නා ආයෙත් දරුවා බලන්න එන්න පුලුවන් ...."


"ඒ උනාට කීර්ති කිව්වා ඒගොල්ලෝ පොලීසිය හරහා, අපිව හොයන්න එයිද දන්නෙ නෑ කියලා ..."


"ඒක තමයි ඒගොල්ලෝ දැන් ලංකාවට ඇවිත් ඉන්න නිසා, මොනවා හරි කරලා දරුවා බලන්න ආයෙත් එයි...දරුවා ඉල්ලන්න නඩු මඟට බැස්සොත් තමයි ඔයාට ඔය විදිහට හැංගිලා ඉන්න වෙන්නෙ නැත්තෙත්... , ඔස්ට්‍රේලියාවට එන්න රටින් පිටවෙන්න බැරි වෙන්නෙත් ....හරි වැඩේ උනේ....ස්ටීව් සර් නම් මට මේවට බනිනවා....මම පුලුවන් ඉක්මනට ඔයාලව මෙහෙට ගන්න විදිහක් බලන්නම් හංසිනි ...."


"අනේ ඔව් මිස්....ලොකු උදව්වක් ....මට දැන් මේ දරුවා නැතුව ඉන්න බෑ....මට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්න එපා...."


මම පුලුවන් ඉක්මනට හංසිනිලව ඔස්ට්‍රේලියාවට ගෙන්න ගන්න අවශ්‍ය සියලු දේ පුලුවන් ඉක්මනට ලෑස්ති කරන්න පටන් ගත්තෙමි.


"අපට හංසනිලව මෙහෙ ඉක්මනට ගෙන්න ගන්න බැරි උනොත් මොකද කරන්නේ චතුරි ..."


"අනේ මන්දා මට බයත් හිතෙනව, ඇන්ජලාලා ,ඒගොල්ලන්ට මොනව හරි කරලා,දරුවා ඇරන් යයිද...? ලංකාවේ ඉතිං පගාවක් දුන්නොත් ඕන දෙයක් කරන්න පුලුවන් නේ සල්ලි කාරයින්ට....."


"ඔයාගෙ මෝඩ වැඩ හින්දා තමයි මේ ඔක්කොම කරදර...."

-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා*

0 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page