top of page
  • Writer's picturePrisila Godahewa

🌏කොන්ත්‍රාත්තුව🌏

(පස්වන කොටස)

මම මෙන්ම ස්ටිව්ද, සාමාන්‍ය පවුල් වල දරුවන් උන බැවින්, අපේ එදිනෙදා වියදම් සඳහා මුදල් අඟහිඟ කම් බොහෝමයක් අපට තිබුනි.....එබැවින් අප දෙදෙනාම විශ්වවිද්‍යාලයේ, ඉගෙන ගන්නා ගමන්, රැකියා දෙක තුනක් කරමින් අපේ වියදම පියවා ගැනීම සඳහා බොහෝ මහන්සි විය. මේ වන විට අප දෙදෙනාම රැකියා කරමින් මුදල් ඉපයුවත්, ඒවා බොහෝම අරපිරිමැස්මෙන් අපට පාවිච්චි කරන්න සිදුවි ඇත.


මම රැකියාව කර හම්බ කරන මුදල් වලින් මම මගේ අය්යාගෙ අලුත් නිවස හදන්නත්, නංගිගෙ යුනිවර්සිටි වියදම සඳහා කොටසක් අරින නිසාත්, මට මා වෙනුවෙන් මුදල් ගොඩක් ඉතුරු කරගන්නට නොහැකි වි ඇත. මම වගේම ස්ටිව්ද ඇගේ නංගිගේ ඉගෙනීමේ කටයුතු වෙනුවෙන්, ඔහුගෙ පඩියෙන් කොටසක් අයින් කිරිම නිසා, අප දෙදෙනාගෙ එකම සිහිනය වන අපේම අලුත් නිවසක සිහිනය ටිකෙන් ටික බොඳවි යමින් තිබේ.....


මේ වන විට මට ,මම ඉගෙන ගත් විශයට සම්බන්ධ පරිඝණක අංශයේ රැකියාවක් කරන්න අවස්තාව ලැබුනද, ඔස්ට්‍රේලියාවේ උපන් ස්ටිව්ට හරි හමන් රැකියාවක් තවමත් හොයා ගැනිමට අපහසු වි ඇත. ඒ අනුව ඔහු ඉලෙක්ට්‍රොනික් බඩු විකුනන්න සුපර්මාර්කට් එකක වෙළද සහයකු ලෙස දැනට සේවය කරමින් හිදියි....එබැවින් අප දෙදෙනාම ඉතා අරපිරිමැස්මෙන් අපේ ගෙවල් කුළිය, වතුර, ලයිට් බිල්, කෑම බීමට යන වියදම් දෙකට බෙදාගෙන ගෙවා ගෙන යන්නෙමු. දැනට අප දෙදෙනා සිඩ්නි නුවර තනි කාමරයේ තට්ටු නිවාසයක කුළියට පදිංචිව හිදින්නෙමි. අපි දෙදෙනාටම එහෙ මෙහෙ යන්න වාහන දෙකක් නම් ඇත. ඒ අපේ රැකියා කටයුතු සදහා යෑමට, ඒමට ඇති පහසුව සලකාගෙනයි.


ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාදියක් ලබාගෙන සිටි මම, මගෙ පශ්චාත් උපාධිය ලබා ගැනීම සඳහා, ඔස්ට්‍රේලියාව බලා ආ ගමනේදී, මුළින්ම මගෙ හොදම යාළුවා උනේ ඔස්ට්‍රේලියානු ජාතික ඇන්ජලායි..... ඉතා ධනවත් පවුලක එකම දියණිය උන ඇයට ඇගේ දෙමව්පියන්ගෙ වියදමින් කිසි අඩුපාඩුවක් නැතුව ඉගෙනීමේ කටයුතු හොදින් කරගෙන යන්නට පුළුවන් කමක් තිබුනි....ඇගේ විශ්වවිද්‍යාල ගමන, ඇගේ මහ ගෙදර සිට යාමට ඒමට ඇති අපහසුව නිසා, ඇයගේ පියා විසින් ඇයට ඉතා වටිනා, තනි කාමරයේ එපාර්ට්මන්ට් එකක් සිඩ්නි නගරයෙන් මිලදි ගෙන තිබුනි. එබැවින් ඇය විශ්වවිද්‍යාලය දක්වා පැමිනියේ එහි සිට ඇගේ වටිනා මෝටර් රථයෙනි....


මම විශ්වවිද්‍යාලයට ඉගෙන ගැනීමට පැමින මුල් කාලයේම ,මට ළඟින්ම ආශ්‍රය කරන්න ලැබුන ඇන්ජලා කෙතරම් ධනවත් උනත් ඇය ඉතා හොද ගතිගුණ තිබුනු නිරහංකාර කෙනෙකු නිසා ඇය ගැන මට හොද පැහැදීමක් තිබුනි..... එබැවින් මම ඉතා කැමැත්තෙන් ඇය ආශ්‍රය කෙරුවෙමි. අප දෙදෙනාම ඉගෙන ගත්තේ එකම පන්තියේය. එබැවින් උදේ සිට හවස් වෙනකම් අප දෙදෙනා එකටම ඉගෙනීමේ කටයුතු කරගෙන ගියෙමු.


විශ්වවිද්‍යාලයට පැමිණ මාස හයක් වගේ කෙටි කාලයක් තුලදි , ඇන්ජලා අපේ පන්තියේම සිටි ඔස්ට්‍රේලියානු ජාතික සිසුවෙක් වු "ටෙරික්" සමග ඇති කරගත් පෙම් සබඳතාවය සමඟ ඇය, ඇයගේ එපාර්ට්මන්ට් එකේ, ටෙරික්ටද නවාතැන් දුන්නාය......ඒ ඇයගේ දෙමව්පියන්ගේද කැමැත්ත ඇතුවය.

පරිඝණක අංශයෙන් ඉගෙන ගත් සිසුන් දෙදෙනෙක් උන් ඔවුන් දෙදෙනා විසින් මට, පසුව හඳුන්වා දුන් එම විශ්වවිද්‍යාලයේම එංගලන්ත හා ඔස්ට්‍රේලියානු ජාතික මව්පියන් දෙදෙනෙකුට දාව උපන් ස්ටිව්වෝ වැඩි කලක් නොගොසින් මගේ ආදරනීය පෙම්වතා විය.

ඒ වනවිට මම ඔස්ට්‍රේලියාවට පැමිණ අවුරුදු දෙකකට වැඩි කාලයක් ගොස් තිබුනි.


ස්ටිව්වෝ මට වඩා වසරක් වැඩිමහල් වු නිසා ඔහු විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තේ මට වඩා වසරක් ඉහළ පංතියකය.


"ඔයාට මතකද චතුරි, ඇන්ජලායි ටෙරියි එක්ක ඔයා බ්ලු මවුන්ටන්ස් ගිය දවසක අපි දෙන්නා ඉස්සෙල්ලාම මුණ ගැසුනු දවස..."


"ඒක කොහොම අමතක වෙන්නද...?


"එතකොට ඔයාට මතකද චතුරි, මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා ටෙරික්, ඇන්ජලාව සිඩ්නි ඔපරා හවුස් එකේ,(Beneelong )බෙනලොං රෙස්ටුරන්ට් එකට එක්ක ගිහිල්ලා, එයාව කසාඳ බදින්න කැමතිද කියලා අහලා, මුද්දක් දුන්න හැටි...."


"අනේ ඇයි මට අමතක වෙන්නේ.....අපි දෙන්නාත් එක්ක තව හතර දෙනෙක්ම එදා රෑ කෑමට ගියානේ...... ඒගොල්ලන්ගෙ photos ගත්තේ අපිනේ....."


"මට තාම මතකයි ඔයා, ඒ beneelong රෙස්ටුරන්ට් එකේ කෑම ගනන් වැඩියි, කිය කියා බයේ ගිය හැටි .... "


"ඇයි ඉතිං ඒගොල්ලෝ අපට ඉන්වයිට් කලාට, අපටම අපේ බිල ගෙවා ගන්න උනානේ, ඔස්ට්‍රේලියානු පිළිවෙළට ..."


විශ්වවිද්‍යාලයේදි මට මුණ ගැසුනු මගේ හොදම ලඟම යෙහෙළිය වු ඇන්ජලාගෙ ආදරවන්තයාගේ ඉල්ලිමකට, සිඩ්නි ඔපරා හවුස් හි Beneelong බෙනලොන්ග් රෙස්ටුරන්ට් එකට රෑ කෑමට ගිය හැටි මට තාමත් මතකය. එය ඒ තරම් සුන්දර දසුන් මවන, මනරම් තැනක අමතක නොවන මතක සමග ගෙවීගිය රාත්‍රීයක් විය.


ඒ දිනවල මගේ විශ්වවිද්‍යාල අවසන් විභාගය ඉවරකර සිට් කාලය විය. ඇන්ජලා ටෙරික් හා තව යහළුවන් සමග අපේ උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු එය සැමරීමට ගිය, සිඩ්නි නුවර ඔපරා හවුස් හි කොනක, උඩම ඇති බෙනලොං අධි සුකෝපබෝගි බෝජනා ගාරය මගෙ සිත් ගත් තවත් තැනක් විය. ඇන්ජලාගෙ පෙම්වතා වු, ටෙරික් මගේ පෙම්වතා උන, ස්ටීව්ට පවසා තිබුනේ, එදින ඔහු, ඇන්ජලාට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරන බවක්‍ ය. ඒ වෙනුවෙන් අපට කියා එම අවස්තවේ,ජායාරූප හා වීඩියෝවක් ලබා ගැනීම ඔවුන්ගෙ අරමුණ විය. මමත් ස්ටීවෝත් අනෙක් යහළුවන්ද ඒ වෙනුවෙන් බොහෝ කැමැත්තෙන් එම ගමනට ලක ලෑස්ති විය.


ලඟදි නිමාවුන මගේ උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන්, ස්ට්ව්වෝ එදින මටත් එක්ක බෝජනා ගාරයේ ඇනවුම් පත් දෙකක් වේලාසන මිලදි ගෙන තිබුනි..... අපි ඔපරා හවුස් හී බෙනලොං බෝජනාගාරයට වේලාසන ලබා ගත් ඇනවුම් පත් ඇතුව සෙනසුරාදා එහි යන්න දවස එනකම් නොවිසිල්ලෙන් බලා සිටියෙමු.


අපි හතර දෙනාම එදින, ටෙරික්ගේ වටිනා බෙන්ස් රතයෙන්, බෙනලොං පොයින්ට් රෙස්ටුරන්ට් එකට ගියේ, මගුල් ගෙදරක යනවා වැනි ලෙස සැරසී ගෙනය. අනෙක් යහළුවන්ද එතනට ආවේ එලෙසය.


මේ ගමන යන්න මම , වටිනා ගවුමක් හා සපත්තු දෙකක් මිලදි ගත්තේ, පුලුවන් කමකට නොවුනත්, ඉතා ධනවත් ඇන්ජලා හා ටෙරික් සමග අප ඔවුන්ගේ විශේෂ අවස්තාවට යා යුතු බැවිනි.


එදින ඇන්ජලා මෙන්ම මමත් රාත්‍රී බෝජනයට යන්න, සැලුන් එකකට ගොස් කොන්ඩ මෝස්තරයක් දමා ගැනීමටද අමතක නොකලාය.

ලස්සනට ඇද පැළද ගත් ඇන්ජලා හා ටෙරිත් සමඟ මමත් ස්ටිවෝත් ඉතා සතුටින් ,හැඩ වැඩ වි සෙනසුරාදා රාත්‍රී බෝජන සංග්‍රහය සදහා, ඔපරා හවුස් හි බෙනලොං පොයින්ට් හි බෝජනා ගාරයට යන්නට ඔපරා හවුසයේ පඩි පෙළ නැග ගත්තේ, බොහෝම අමාරුවෙනි. උස සපත්තු දමා පුරුද්දක් නැති මම ,නොන්ඩි ගසමින් ස්ට්ව්ගෙ අතේ එල්ලි, අවටින් හමා එන සීතල සුළං පහස අමාරුවෙන් විදිමින්, පඩි පෙළ නැගගෙන ඉහළටම ගියෙමු.


ඔපරා හවුසයේ ඉහලට පඩිපෙළ නැග යන විට, ඊට පහලින් ඇති

බෙනලොං පොයින්ට්, පෝට් ජැක්සන් (සිඩ්නි වරාය)....

ලොව ලස්සනම ස්වාභාවික වරායක් වන සිඩ්නි වරායේ දිලිසෙන නිල් දියකඳ, හා ඒ අවට ඇති සංචාරක ආකර්ෂණීය ස්ථාන සියල්ල හොදින්ම පෙනෙන්න පටන් ගත්තේය....., ඈතින් පේන සැඟවුනු මුහුදු වෙරළ, පෞරාණික

රවුම් චතුරශ්‍රයේ තොටුපල, සිඩ්නි වරාය පාලම පසු කර යන මගී බෝට්ටු, නැව්, අවන්හල් , වටේට ඇති උස ගොඩනැගිලි ඇතුළු සියලුම ආකාරයේ මනරම් දසුන් දැක ගත හැකි විය..... අළුපාට මිදුම් අඳුරෙන් අවට බිම වැසී ගොස් ඇති සන්ද්‍යාවේ, ඈත බිමේ ඇති අවන්හල් වල විදුලි එලි තැන තැන දිස්න දෙන්නේ, සුරංගනා කතාවක දසුනක් මෙන්‍ය. අද සෙනසුරාදා දිනයක් බැවින්, ඒ එළි මැද්දෙන් ඈතට පෙනෙන අවන්හල් සියල්ල , තරුණ තරුණියන්ගෙන් පිරි ඇති අයුරුත්, ඔපරා හවුසය අසල උඩ පඩිපෙලේ සිටින විට කදිමට පෙනේ..... පරිසරයේ ඇති අලංකාර මනරම් දසුන් වලින්, මගේ හිත සතුටින් සැහැල්ලුවෙන් ඈතට පියඹා යයි....

ඒ අවට සුන්දරත්වය නම් විස්තර කල නොහැකි තරම් දැකුම්කළුය.

ලොව ලස්සනම ස්වාභාවික වරායක් වන සිඩ්නි වරායේ දිලිසෙන නිල් දිය කඳ, කළඹාගෙන එහෙමෙහෙ ඇදී යන මගී බෝට්ටු වල ඇති විදුලි එළි, සිඩ්නි වරායේ අවට ඇති තව සුන්දර දසුනක් වේ....


"චතුරි ,අපි වෙලාවක ඔය

රවුම් චතුරශ්‍රයේ ඉදලා, ඔය තොටුපලෙන් බෝට්ටුවක නැගලා

සිඩ්නි ඔපෙරා හවුස් එක හා සිඩ්නි වරාය අවට තියෙන ඔක්කොම තොටුපොළවල් වලට ගිහින් එන්න යමු....."


ඔපරා හවුසයේ බෙල්ලන්ගෙ හැඩය ඇති වහළයේ මුදුන් කොනට වෙනකම් පඩිපෙළ දිගේ ඉහළට නැග ගොස්, එහි කොනක සිටගෙන ඇන්ජලා අවට සිරි නරඹයි...... ඇන්ජලා ලඟටම ගිය ටෙරික්, බොහෝම ලස්සන ගවුමක් ඇදගෙන සුරංගනාවියක් සේ සිට්, ඇන්ජලා ඉදිරියේ දෙදන නමා, කෝට් සාක්කුවෙන් ගත් රත්තරං මුද්දක් දික්කර මාව කසාඳ බදින්න කැමති දැයි ඇසු ආකාරය .....💥


මමත්, ස්ට්වෝත් අනෙක් යහළුවන් ජායාරූප ගත්තේ බොහෝ සතුටිනි....

නොසිතු මොහොතකම ඉතා මනරම් දර්ශනයක ඇති වටපිටාවේ ලස්සන ඔපරා හවුසයේ ඉහල පඩි පෙලේ සිට එලෙස, කසාඳ බදින පොරොන්දුව ලබා ගත් ටෙරික් හා ඇන්ජලා බෝහෝ සතුටින් එකිනෙකා සිප ගනිමින් සිටි මොහොත මගේ හිතට තදින්ම දැනුනේය.


ඒ, ....අනේ කවදා, ස්ටිව්වෝ මෙලෙස මගෙන් කසාද බදින්න අසාවිද...? කවදා හෝ ඔහු එය අසන තෙක් කරබාගෙන නිසොල්මනේම මම සිටිය යුතු එක ගැන මගේ හිතේ ඇත්තේ දුකකි.....


-නැවත අපි එන සිකුරාදාට හමුවෙමු . (මගේ නිවාඩු දවස් දෙක, බදාදා හා බ්‍රහස්පතින්දා..😍

*ප්‍රිසිලා ගොඩහේවා *

1 view0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page