top of page
  • Writer's picturePrisila Godahewa

🌏කොන්ත්‍රාත්තුව 🌏

🌏කොන්ත්‍රාත්තුව🌏

(36 වෙනි කොටස )

ඔස්ට්‍රේලියාව හා ශ්‍රි ලංකාවේ පදිංචි දෙපිරිසක් අතර ඇති උන අමුතු කොන්ත්‍රාත්තුව නම් ගනුදෙනුව අහවරවී දැන් අවුරුදු තුනක කාලයක් ගතවි ගොස් ඇත.....


"ස්ට්ව්...මට මේ අපේ දුව දකින හැම මොහොතකම, මම අර ලංකාවේ අමාරුවේ දාපු හංසිනි කියන ගෑනු ළමයා මතක් වෙනවා...., මට හරි දුකයි ඒ ළමයා ගැන..... අපේ අම්මලා අපේ දුවව තවම දැකලත් නැති එකේ, අපි තුන් දෙනා ලංකාවට ගිහින්, අපේ අම්මලාට අපේ දරුවා පෙන්නලා එමුද...? ඒවගේම අපි අර හංසිනි බලන්න ගිහින් ,එයාට උදව්වක් කරන්න බලමු ...?

අහිංසක තරුණ ගෑනු ළමෙක් මම අමාරුවෙ දාලා මම සද්ද නැතුව හිටියා කියලා මගෙ හිත නිතර දුක් වෙනවා...."


"ඒක නම් ඇත්ත. ..හංසනිගෙ මන්දබුද්දික දරුවා විශේෂ අවශ්‍යතා තියෙන දරුවන් ඉන්න තැනක කියනවානේ ඉන්නේ, අපි ගිහින් ඒ ළමයත් බලලා එමු........"


"මොනව උනත් අපි අපේ අමාරුකාලේ ඇන්ජලාගෙ, ග්‍රැනීගෙ ගෙදර ඉදලා, අපේම කියලා ගෙදරක පදිංචියට ගිය එක ගැන මට හරි සතුටුයි..... ඇන්ජලා හංසනිට කල වැරැද්ද නිසා මම එයාව ආශ්‍රය කරන එකත් නවත්තලා දැම්මේ ඒකයි.....එයා ඒ ලැජ්ජාවට තමයි මාත් එක්ක දැන් කතා නොකරන්නෙත්, ඔස්ට්‍රේලියාවට නොඑන්නෙත්....."

"පව් මට හරි දුකයි හංසිනි කෙල්ල ගැන..... අපි මොනව හරි තෑගි බෝග ටිකකුත් ඇරගෙන යමු එයාව බලන්න . .."


"ඇන්ජලා කරපු වැඩෙන් පස්සෙ ,කීර්තිත් ඔයත් එක්ක තරහ උනා නේද...?


"ඔව්...ඒකෙන් පස්සෙ කීර්ති අය්යා මාත් එක්ක කතා කරන්නෙම නැතුව ගියානේ....අපි දැන් කවදා විතරද ලංකාවට යන්නේ, ...?


"අපි ලඟදිම ඔෆිස් වලින් නිවාඩුවක් ඇරන් ලංකාවට ගිහින්, ඔයාගෙ අම්මලාට බබා පෙන්නලා, සුමාන දෙකක් විතර ලංකාවේ ඉදලා එමු..."


"එහෙනම් අපි දෙන්නා ඔෆිස් එකෙන් සුමාන දෙකකට නිවාඩු දාල මේ මාසේ අන්තිමට විතර යමුද...?


"හරි එහෙනම් මම එයාර් ටිකට් බුක් කරන්නම් ස්ට්ව්.....මට අපේ අම්මලා බලලා එන්න යනකම් ඉවසුමක් නෑ.... දැන් ඉතිං නංගියි අය්යයි දෙන්නම මම ඔස්ට්‍රේලියාවට ගත්ත නිසා, අම්මයි තාත්තයි පාළුවෙන් එහෙ ඉන්නෙ කියලා කියනවා. ..."


"ඉතිං ඇයි ඔයා ඔයාගෙ අම්මයි තාත්තවයි මෙහෙට එක්ක එන්නෙ නැත්තේ...."


"නෑ ස්ට්ව් ඒගොල්ලන්ට මේ රටවල් වල දේශගුනය හරියන්නෙ නෑ....ඒගොල්ලන්ට මෙහෙ ඇවිත් වැඩි කාලයක් පදිංචි වෙලා ඉන්න බෑ......ඒගොල්ලන්ට ඕනේ ගමේ ගොඩේ නෑදෑයෝ එක්ක නිතර කතා බහ කරගෙන, පන්සලකට ගිහින් සිල් සමාදම් වෙලා, දානයකට බනකට සහභාගි වෙලා, ගමේ නිදහසේ ඉන්න......ඒ නිසා නිවාඩුවකට මිසක් මෙහේ පදිංචියට අම්මලා ගෙන්න ගන්න හොද නෑ......."


"ඉතිං....ඔය ලංකාවේ කට්ටියගේ අම්මලා තාත්තලා ඕනතරම් මේ රටට ඇවිත් පදිංචි වෙලා ඉන්නේ..... ඒ වයසක අය මේ රටේ සැපට ඉන්නවනේ...."


"නෑ ස්ට්ව්....හැමෝම එහෙම සතුටින් ඉන්නවා කියන්න බෑ......,සමහර අය තමන්ගෙ අම්මලා තාත්තලා මේ රටට ගෙන්න ගෙන තියා ගත්තට ගොඩක් වයසක අය, සතුටින් මෙහෙ ඉන්නවා කියලා කියන්න බෑ....., ගොඩක් වෙලාවට මෙහෙ කට්ටිය අම්මලා තාත්තලා මෙහෙට ගෙන්න ගන්නේ ඒගොල්ලන්ගෙ වාසියට, ළමයි බලාගන්න, ඉස්කෝලේ එක්ක යන්න,ගෙවල් දොරවල් බලාගෙන උයව පිහා ගන්න....එහෙමත් නැත්නම් ලංකාවේ කවුරුත්, තමන්ගෙ දෙමව්පියන් බලාගන්න උදව් කරන්නෙ නැති උනාම,.... මෙහෙ ඉන්න හැමෝම හරිම කාර්‍ය් බහුලයි, ඒගොල්ලෝ අම්මලා තාත්තලාව මේ රටට ගෙනත් තියන් හිටියට, ඒ අයට දෙමව්පියන් එක්ක කතා කරන්නවත් වෙලාවක් නෑ.....ඒ නිසා ඒ වයසක මිනිස්සු මේරටේ තනි වෙලා ඉන්නව වගේ මට නම් හිතෙන්නේ, ගොඩක් වයසක අම්මලා තාත්තලාට ඉංග්‍රීසි දැනුම තිබුනට ඉංග්‍රීසි හරියට කතා කරන්න බෑ...ඉතිං වටපිටාවේ ඉන්න විදේශිකයන් එක්ක ඒගොල්ලන්ට කතා කරන්නත් බෑ... නිතර යන්න එන්න ලඟපාත පන්සල් ඇත්තෙත් නෑ, ඒගොල්ලන්ගෙ නෑදෑයෝ යාලුවො ලඟපාත ඇත්තෙත් නෑ ....ඉතිං ඒ මිනිස්සු මේ රටවලට ගෙන්න ගත්තට ඒගොල්ලෝ ඒ තරම් හොද සතුටින් ඉන්නවා කියල මට හිතෙන්නෙ නෑ.....ඒ නිසා අපේ අම්මලා ඔය ඉන්න විදිහට ලංකාවේ ඒගොල්ලෝ කැමති විදිහට හිටියාවේ, ....මට බබා හම්බ උනාට පස්සෙ අම්මයි තාත්තයි දරුවා බලන්න ඔස්ට්‍රේලියාවේ ඇවිත් ගියානේ, ඒ දෙන්නට ඒ ඇති..... ඒ ආපු වෙලෙත් ලංකාවට ආපහු යන්නෙ කවද්ද කිය කිය ඒ දෙන්නා හිටියේ.... ලංකාවේ ගෙවල් දොරවල් මතක් කරනව, බල්ලො පූසෝ මතක් කරනවා, මේ මාසේ සිල් ගන්න යන්න බැරි උනා කියනවා, ගිය මාසේ පන්සලේ වේල් දානේ දීගන්න බැරි උනා කියනවා, ඒ මදිවට අහල පහල ඉන්න මිනිස්සු එක්ක කතා කරන්න බැරිලු.....,අපි උයන කෑම කන්න බැරිලු, ලුනු ඇඹුල් නෑලු, ඊයෙ උයපු කෑම අද කන්බ බෑලු... සීයක් ප්‍රශ්න.....ඇයි ලංකාවේ දොස්තර ලඟට යන්න ඕනෙලු, නිදහසේ දන්න සිංහලෙන්, ලෙඩ අමාරු කියන්න ඕනේලු...සීයක් ප්‍රශ්න අපේ අම්මලාට මේරටට නිවාඩුවකට ආවත්...ඒ නිසා ඔය ඉන්න විදිහට ඒ දෙන්නා ලංකාවේ නිදහසේ බනක් බාවනාවක් කරගෙන, ගමේ විදිහට උයාගෙන කාලා, නෑදෑයෝ අහල පහල මිනිස්සු එක්ක සතුටින් හිටියාවේ.... අපි ඒ දෙන්නට හොඳට ජීවත් වෙන්න සල්ලි ටිකක් ඇරියම ඇති.... පිනක් දහමක්, පන්සලකට ආධාරයක් කරන්න පුලුවන් විදිහට සල්ලි ටිකක් ඇරියම ඒගොල්ලන්ට සතුටුයි....


"ඔව් ඔයා ඒ දෙන්නට ගෙදරත් හොදට හදලා දුන්නනේ...ඇයි කාමරයට ඒසී එකකුත් දාලා දුන්නේ...රස්නෙ නැතුව ඉන්න කියලා ...."


"පිස්සුද ස්ට්ව්.....අර මම දාලා දුන්න "ඒසි" එකේ දැන් මකුනු දැල් බැදිලා ඇති..., ඒක දාන්නෙ නෑ.... පීනස වැඩි වෙනවලු, ලයිට් බිල යනවලු, ඒක දැම්මහම ඇඟට හරි නෑලු......අච්චර සැපට රස්නෙ නැතුව ඉන්න පුලුවන් උනාට ඒ දෙන්නා ඒසී ඒක දාගෙන සැපට ඉන්න කැමති නෑ......අර පුරුදු විදිහටම රස්නයක් දැනුනොත් ෆෑන් එක ටිකක් දාගන්නවා විතරයි ....මොනතරම් හොද දේවල් දුන්නත් ඒගොල්ලෝ ජීවත් වෙන්නෙ ඒගොල්ලෝ කැමති පරණ පුරුදු විදිහටම තමයි ...."


"මටත් ඒක තේරුනා....අපි එහෙනම් ලංකාවට ගහින් ඔයාගෙ නෑදෑයින් අපේ දුවව පෙන්නලා, හංසනීවත් බලලා එන්න යමු...."


මේ වන විට මම ලංකාවේ හිටි, අය්යත් නෑනත්, නංගිත් ඔස්ට්‍රේලියාවට ගෙන්න ගෙන තිබුන නිසා, දැන් මගේ අම්මා තාත්තා පමණක් ලංකාවේ ජීවත් වේ....ඔවුන් පිනක් දහමක් කරගෙන නෑදෑයින් යාළුවන් සමග සතුටින් එහේ සිටිම මගේ හිතට හොදය......ඉදහිට ලංකාවට ගොස් අම්මා තාත්තා බැලීමට ,දැන් නංගිත් ,අය්යත් නෑනත් යන්නටද අමතක නොකරයි.


මගේ අතින් හංසනීට උන අසාධාරණය වෙනුවෙන් මානසිකව දුක්විදි මම....අවසානයේ ස්ටීව් හා අපේ අවුරුදු දෙකට කිට්ටු වයසැති චූටි දියනියද කැටුව ලංකාව බලා පියාසර කලේ සුමාන දෙකක නිවාඩුවකටය.


අම්මා තාත්තා හා නෑ හිතමිතුරන් බලා ඒමට ලංකාවට බලා යන මේ ගමනේ මගේ අනෙක් ලොකුම බලාපොරොත්තුව හිත යට ඇති හංසිනි හමුවීමය..... හංසනීට මගේ අතින් උන අසාධාරණය වෙනුවෙන් යමක් කිරීමට දැන් මට බොහෝ ඇවැසිය.... ගාමන්ට් එකක වැඩ කරගෙන හිටි, අහිංසක දුප්පත් හංසිනිට, මගෙන් උන වැරැද්දට ඇගෙන් සමාව ගැනීමත් මට අවශ්‍යය.


මගෙත්, ස්ටීව්ගේත් පුංචි දියනියගේද ලංකා ගමන නිසා මගේ අම්මා තාත්තා බොහෝ සතුටට පත්ව ඇත.


වෙනදා මෙන්ම හෝටලයක ලැඟුම් ගත් අපි, අම්මා තාත්තා බැලීමට නිතර හෝමාගම ගෙදර බලා ගියෙමු.... ස්ටීව් වගේම පුංච් දියණියගේ ආරක්ශාව, සෞඛ්‍යය තත්ත්වය වෙනුවෙන් මට එය කරන්න සිදුවිය.... අම්මාගේ තාත්තගෙ නෑදෑයෝ, යාළුවෝ නම් එයට අපට දොස් කීවාට...., මම කරන්නේ මට හොදයි කියලා හිතෙන දෙයය. මගේ සැමියාට, දරුවාට පහසු දෙය මම කෙරුවෙමි....


"අනේ දුවේ මේ දරුවා ඉපදුන දවස්වල දැක්කට පස්සෙනෙ මම මේ දරුවා දකින්නේ.....,ආසාවේ බෑ මට.....අනේ උබේ මූණ කට තිබුනට මේ දරුවා සුද්දෙක් වගේමයි.....අපි අපේ නෑ ගෙවල් වලත් යන්න ඕනේ දරුවා පෙන්නලා එන්න....අනේ දරුවො එක දවසක් දෙකක් අපේ ගෙදරත් නැවතිලා යන්න එන්නකෝ..."


"මාත් අම්මලාට පෙන්නන්න බබාව ලංකාවට එක්ක ආවට.... මේ බලන්න බබා කොයිවෙලෙත් අඬ අඬ ඉන්නේ එයාට රස්සෙ වැඩි වෙලා..., මේ ඇගෙත් දාඩිය බිබිලි දාලා..., අපි අම්මලාගෙ ගෙදර නොඉද හොටෙල් එකේ ඉන්නේ ඒකයි අම්මේ ......"


"ඔව් ළමයෝ.... මේ

දරුවගෙ ඇගේ හැටි බලන්න , ...තව් සුමානයයිනේ දුවලා මෙහෙ ඉන්නෙ....ඉක්මනට ඒ රටටම යන්න දරුවෝ...මෙ ළමයට මේ දේශගුනය හරි යන්නෙ නෑ වගේ තමයි ...."


"අම්මේ, මට කීර්ති අය්යට කතා කරන්න ඕනේ..., එයා ,මාත් එක්ක තරහ වෙලා ....මට එයාගේ ටෙලිෆෝන් නොම්බරය දෙන්න..."


"අනේ මන්දා ඒ ළමයා අපිත් එක්කත් තරහ වෙලාද කොහේදෝ.....කෝල් එකක් දුන්නෙත් නෑ, මෙහෙ ආවෙත් නෑ කාලෙකට.....ඉන්න අර මම පොතක ලියලා තිබුනා ඒ ළමයගෙ ටෙලිෆෝන් නොම්බරය....දුව කතා කරලා බලන්න....ගිය පාර ඔය ළමයි ලංකාවට ආව වෙලේ, ඒ ළමයනේ හැම තැනම ඔය දෙන්නව එක්ක ගියේ...."


"ඔව් අම්මේ එයාට කතා කරලා බලන්න ඕනේ, මට එයා එක්ක තව ගමනක් යන්නත් තියෙනවා ..."


අම්මා දුන් නොම්බරයට කීර්ති අය්යාට ටෙලිෆෝන් කෝල් එකක් දුන්විට, ඔහු අපි ලංකාවට ඇවිත් ඉන්න බව දැනගෙන පුදුම විය.


"කීර්ති අය්යේ මට ඔයාව හම්බවෙන්න ඕනේ...ඇන්ජලයි, ටෙරික්කුයි කරපු වැඩ මම මේ ලඟදි දැනගත්තේ....මම ඒවට සම්බන්ධ නෑ.....මම ඒ දෙන්නට එක්ක දැන් කතා කරන්නෙත් නෑ.....මටත් මේ දරුවා ලැබුන නිසා, පහුගිය කාලේ හංසිනි ගැන බලන්න වෙලාවක් තිබුනෙ නෑ...මම මේ පාර ආවෙත් ඇන්ජලාලගෙන් එයාට උන අසාධාරණය වෙනුවෙන් මොනව හරි කරන්න ....මට එයාව බලන්න යන්න ඕනේ කීර්ති අය්යේ.....මාව එයා ඉන්න තැනකට එක්ක යන්න....එයා තාම කසාඳ බැන්දෙ නැද්ද...? මට ඇන්ජලා කියලා තිබුනේ බොරු කියලා මම දැනගත්තේ පස්සෙ........කවද්ද ඔයා මාව හංසිනි බලන්න එක්ක යන්නේ....?


"හංසනි කැමති නෑ ඔයගොල්ලන්ව හම්බවෙන්න , කොටින්ම එයාගෙ විස්තර මුකුත් කියන්න එපා කියලා මට තියෙන්නේ ...."


"මම එයාට මේ පාර අවැඩක් වෙන්න ඉඩ තියන්නේ නෑ, .....අනේ මාව එයා බලන්න එක්ක යන්න...."


"ඇත්තටම ඔයා එයාට උදව් කරන්න හිතාගෙන නම් ආවේ, මම අද හවස එයාව බලන්න ඔයාව එක්ක යන්නම්...."


"ඔව් කීර්ති අය්යේ, ඔයා මාව එහෙ එක්ක යන්න....මම හංසනිට උදව්වක් කරන්න හිතාගෙන මයි ආවේ...."


"හරි එහෙනම් අද හවස අපේ ගෙදර යමු....තව දෙයක් ....මම දැන් ඉන්නේ හංසිනි එක්ක ...."😮


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *


0 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page