top of page
  • Writer's picturePrisila Godahewa

🌏කොන්ත්‍රාත්තුව 🌏


(33 වෙනි කොටස )

"අනේ නංගි ඔයා ඔහොම අඩන්න එපා....මට බලාගෙන ඉන්න බෑ, මගේ පපුවත් රිදෙනවා ....."


සමනලි අක්කත් මා බදාගෙන අඬන්න පටන් ගෙන ඇත.... කීර්ති සර් අත් දෙකෙන්ම ඔළුව බදාගෙන පුටුවක වාඩිවි ඉදී...., ඔහුගෙ අතින් උන වැරැද්දට ඔහුටම සමාවක් දී ගත නොහැකි ගානටය.....


මගේ පපුව පැලෙන්න තරම් දුකක් ඇතිවි ඇත.....මම මගේ බඩ බදාගෙන ඉකිගසමින් ,කඳුළු පෙරමින් නොනවත්වා ඇඩුවෙමි.

"අනේ හංසිනි දැන් ඔය ඇඩුවා ඇති...අපි මොනව හරි කරන්න බලමු..."


"මොනව කරන්නද කීර්ති සර්.....මේවාට ඔයා තමයි මුළින්ම වග කියන්න ඕනේ, පිට දේශක් කාරයින් ගෙනත් අපේ කෙල්ලෙක් අමාරුවෙ දැම්මට...."

සමනළි අක්කා කේන්තියෙන් ,කීර්ති සර්ට බනියි.

"මම වැරදියි කියලා මම දන්නවා...ඒත් මම හංසිනිට උදව් කරන්න හිතුවට, මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවෙ නෑනේ..."


"අනේ කීර්ති අය්යේ...මම දැන් මේ වගේ මන්දබුද්දික ළමෙක් එක්ක කොහොමද ඉන්නේ.... මොනවද කරන්නේ...මම සිහින මැව්ව මගේ අනාගතේට මොකද වෙන්නේ....අනේ දෙවියන් මට මොනවද මේ උනේ...මම කොහොමද මගේ අම්මලා තාත්තලාට දැන් මුහුණ දෙන්නේ...මම කොහොමද මේ වගේ දරුවෙක් ඇරන් ඒ මිනිස්සු ලඟට යන්නේ.....?මට තේරෙන්නෙ නෑ අක්කේ මම මොනවද කරන්න ඕනේ කියලා ......ඇයි ඒ මිනිස්සු මට මේ වගේ දෙයක් කලේ, ඒගොල්ලන්ගෙ ළමයා මොන අසනීපයක් තිබුනත්, ඒගොල්ලෝ භාර ගන්න ඕනේ නේද...?...ඇයි ඒ මිනිස්සු ඔච්චර නපුරු උනේ..... , ඒ දෙන්නගේ ලෙයින් හැදුන ළමයා කොහොමද ඒගොල්ලෝ මේ වගේ අමතක කරලා දාලා යන්න ගියේ......?


"මටත් හරි කේන්තියි මේ මිනිස්සු කරපු කැත වැඩේට, ඔයා ගැන වගකීම මටත් තියෙනවා , ...මම හංසිනි නංගිව තනි කරන්නෙ නෑ...ඔයාගෙ දරුවා හම්බවුනාම මම ඔයාට උදව් කරනවා.....මේ දරුවෙක් එක්ක ඉස්සරහ කාලේ ඔයා කොහොමද ජීවිතයට මුහුණ දෙන්නේ කියලා මම කල්පනා කරන්නේ....මගේ ඔළුවත් අවුල් වෙලා....."


"ඇන්ජලා මිස්ලගෙ එංගලන්තයේ ඇඩ්ඩ්‍රස් එක අය්යා ගාව තියෙනවද ....?මම දන්න කෙනෙක්ට කියලා එයාට, ඉංග්‍රීසියෙන් ලියුමක් ඇරලා, අහන්නම්, ඇයි කසාද නොබැදපු මාව මේ වගේ කරදරයකට දැම්මෙ කියලා ...., මාව අමාරුවෙ දාලා ඒගොල්ලෝ පැනලා ගියේ ඇයි කියලා මම අහලා අරින්නම් ...."


"මම ගාව තිබුනේ ඇන්ජලා මිස්ගෙ ඵෝන් නොම්බරය විතරයි .....ඒකත් දැන් ටිකකට ඉස්සෙල්ලා බලනකොට කැන්සල් කරලද කොහේද, ඵෝන් එක වැඩ කරන්නෙ නෑ...... මම රෑම ඒ මිස්ලා නැවතිලා හිටිය හොටෙල් එකට ගියා, ඒ ගිය වෙලේ කිව්වේ, රෑම ඒගොල්ලෝ එයාර්පෝර්ට් ගියා කියලා ....ඒ පාර මම ඔස්ට්‍රේලියාවේ චතුරි මිස්ට කතා කලා,....ඒත් වෙලාවට ස්ටීව් මහත්තයා ඵොන් එක ගත්තේ....චතුරි මිස් මේ දවස්වල අසනීපයෙන් ඉන්නෙ කියලා මේ කතා එයාට කියන්න එපා කියලා ස්ටීව් සර් කිව්වා.....ස්ටීව් සර් ඇන්ජලා මිස්ලගෙ එංගලන්තයේ ගෙදර නොම්බරය හොයලා මට කියන්නම් කිව්වා..., චතුරි මිස්ට නම් මේ කතා කියන්න එපා කියලා මාව පොරොන්දු කරවා ගත්තා....."


"චතුරි මිස්ට බබෙක් හම්බවෙන්න ඉන්න නිසා වෙන්න ඇති මේ කතා කියන්න එපා කියන්න ඇත්තේ ...."


"අනේ මම මේ මාස ගානක් තිස්සේ අව් රැල්ලක් වැදෙන්න නොදී, රස්නෙට වතුර උගුරක් නොබී මේ මගේ කුසේ ඉන්න දරුවා කොච්චර පරිස්සම් කරගෙනද හැදුවේ, මගේම දරුවෙක් වත් මම මෙහෙම පරිස්සම් කරන්නෙ නෑ....ඇයි දෙවියනේ, උඩ ඉන්න දෙවි කෙනෙක්ටවත් මගෙ මේ දුක පේන්නෙ නැද්ද ....? ඇයි මට මේ වගේ දුර්වල ලෙඩ ළමෙක් දෙවියො භාර දුන්නේ...."


"ඔයාට වගේම මටත් දුකයි නංගි....ඔය තරම් අඬන්න එපා, ඔයා ලෙඩ වෙයි...."


"මට හරි දුකයි අක්කේ මගේ ජීවිතේ ගැන ...මම කොච්චර ලොකු වට බලාපොරොත්තු තියාගෙනද මේ කොන්ත්‍රාත්තුව භාර ගත්තේ, ඒකෙන් මම හිටියට වඩා අන්න තැනකට වැටුනේ, මගේ බඩෙන් ඉපදෙන්න ඉන්න මේ දරුවා කාගෙ ජාන වලින් හැදුනත් දැන් මගෙ ලෙයින් පෝශනය උන දරුවෙක්...., මොන අසනීප තිබුනත් මම කොහොමද මේ දරුවා අහක දමන්නෙ....."


"අපි ඉස්සරහ කාලේ මොනව හරි කරන්න බලමු නංගි...."


"අපි කොහොම හරි ඇන්ජලා මිස්ලා හොයාගෙන කියමු දරුවා මොන අමාරුකම් තිබුනත් ඒගොල්ලන්ට භාර ගෙන හංසනි නංගිව මේකෙන් නිදහස් කරන්න කියලා ...."


"පිස්සුද....අපට ඒ මිනිස්සු එක්ක ඉස්සරහ කාලේ කතා කරන්න , අල්ලන්න බැරි වෙයි....ටෙලිෆෝන් නොම්බරය ඊයේ එක රෑට වෙනස් කර ගත්තා...ඉස්සරහ කාලේ, අපට අපේ වැඩක් බලාගෙන ඉන්න වෙන්නේ..."


"අර අපි ලෝයර් ලග අත්සන් කල ලියුමෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙයිද කීර්ති සර්..."


" දෙනවා කිව්වා සල්ලි ඔක්කොම ඒ මිනිස්සු දුන්නනේ....ළමයා භාර ගත්තෙ නැති එක තමයි ප්‍රශ්නය ...දැන් ඉතිං ඒ මිනිසුන් ලංකාවෙ නෙමේනේ ඉන්නේ...., අපි ඒ මිනිස්සු කොහෙන් හොයන්නද, නඩුවක් කියන්නවත්......ඊටත් වඩා , මොකෝ පොලීසියකට වත් ගිහින් කියන්න පුලුවන් කතාවක්‍ද මේක... ."


"එතකොට දැන් මේ දරුවා නංගි හදා ගන්නවද...?


"මම කොහොමද අක්කේ මේ වගේ ළමයෙක් හදාගන්නේ......?


"ඒක ඇත්ත හංසිනි .....මම මේ ළමයා ඉපදුනාම දාගන්න හොද ළමා මඬමක් හොයලා දෙන්නම්......ඔයාට මේ ළමයා තනියම හදාගන්න බෑ...."


"ඔයාට පුලුවන් වෙයිද මේ ඔයාගෙ බඩින් ඉපදුන ළමයා මඩමක දාලා, සතුටින් ඉන්න...."


"මගෙ කරුමේ වෙන මොනව කරන්නද....ගිය ආත්මයක කල කරුමයක් වෙන්න ඇති මේ නම් මට මේ ආත්මේ ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ ...."


මම මේ සල්ලි තන්හාවට ගිහින් කරගත්ත මෝඩ වැඩේ ගැන සිහිවෙන වාරයක් පාසා මගේ දෙනෙතින් කඳුළු කඩා හැලේ....කනබොන දෙයක් ඇගට අල්ලන්නේ නැති තරමට මම හිතින් ගතින් දුර්වල උන ගතියක් දැනේ......මොන අමාරුකම් තිබුනත්, මට මගේ බඩේ දඟලන අනුන්ගෙ දරුවා ගැන දැන් ඇත්තේ දුකකී...


"එන සුමානෙ දරුවා හම්බවෙන්න තියෙන්නේ , අපි දරුවා හම්බවෙලා මාස තුනකින් විතර මොනව හරි කරමු....."


"එතකම් මම කොහොමද මේ ළමයා බලාගන්නේ.....

ඒ උනාට තවත් මට හැංගිලා ඉන්න බෑ ගෙදර අයගෙන්, දැන් දරුවා හම්බ උනාම මගෙ උදව්වට අම්මව ගෙන්න ගන්න වෙනවා, සමනළි අක්කට දිගටම කරදර කරන්නත් බෑනේ.... ඒ නිසා, දරුවා හම්බවුනාට පස්සේ මට ටිකක් පිලිවෙලට ඉන්න තැනක් හදාගෙන, .... මගේ උදව් වට අම්මා ගෙන්න ගන්න වෙනවාමයි.... මොන වැරදි කලත්, අන්තිමට ඉතිරි වන්නේ තමන්ගෙ අම්මා විතරයි...".


"අපි කීර්ති සර්ට කියමු, තව මාසයකින් දෙකකින් විතර ඔයාට නවතින්න තැනක් හොයාගන්න උදව් කරන්න කියලා ..."


"මට එච්චර කල්, දරුවා එක්ක අක්කලාගෙ ගෙදර ඉදගෙන අක්කට කරදර කරන්න බෑනේ....දරුවා හම්බ වෙලා කෙළින්ම යන්න තැනක් ලෑස්ති කරගෙනම යන්න ඕනේ...ආයෙත් මට අක්කා ලඟට ඇවිත් කරදර කරන්න බෑ...."


"ඇත්තටම අපි හිතාගෙන හිටියෙ නංගිට බබා හම්බවුනාම ,දරුවා ඇන්ජලා මිස්ලට භාරදීලා ,නංගිව අම්මලාගෙ ගෙදර යවන්නනේ......බොරු කියන්නෙ මොකටද මටත් ඉතිං මේ මැහුම් වැඩ අස්සේ නංගිවයි ළමයවයි බලාගන්න බැරි වෙයි....අපි අද කීර්ති සර් ආපුවහම කියමු නංගිට නවතින්න වෙන තැනක් හොයලා දෙන්න කියලා ..."


"ඔව් අක්කේ, මගෙ ගාව සල්ලි තියෙන නිසා, පොඩි ගෙයක් සල්ලි වලට ගන්න බලමු, එහෙම උනොත් මට අපේ අම්මවයි නංගිවයි ටික දවසකට ළමයා බලා ගන්න එක්ක එන්න පුලුවන් ..."


"ගෙදර අයට මොනවද කියන්නෙ එතකොට මේ ළමයා ගැන...?


"ළමයගෙ තාත්තා මාව දාලා ගියා කියනවා...ඉන්න ගෙදර ගන්න ,තාත්තගෙ ඔපරේෂන් එකට සල්ලි වියදම් කලේ එයා කියනවා...."


" දරුවා හම්බවෙලා මාස තුනකින් විතර අපි දරුවා මඩමකට භාර දීලම අම්මලා හම්බවෙන්න යමුද නංගි...? දරුවගෙ කතාව නොකියම ...."


"ඔව්...ඒකත් හොදයි , එහෙනම් මට මාස තුනක් විතර නවතින්න වෙන තැනකුයි, මගේ තනියට ඉන්න ගෑනු කෙනෙක් හොයලා දෙන්න අක්කේ....එතකොට අක්කත් මේ කරදර වලින් නිදහස්....මම දරුවා මඩමකට භාර දීලා මොකක් හරි රස්සාවක් කරන්නම් එතකොට......"


"ඔව් ඒක තමයි කරන්න තියෙන හොදම දේ....අන්න කීර්ති සර් එනවා, බලමු එයාට ඇන්ජලා මිසලගෙ තොරතුරක් එහෙම දැනගන්න ලැබුනද කියලා..."


"ආ....කීර්ති අය්යේ මොනවත් ආරංචියක් එහෙම තියෙනවද...?


"හංසිනි ඔයා දන්නවද වැඩක්....මම ආයෙත් ඊයේ ඇන්ජලා මිස්ලා නැවතිලා හිටිය හෝටලයට ගිහින් ටිකක් විපරම් කරලා බැලුවා.... මම දන්න හෝටලයේ වේටර් කෙනෙක්ගෙන් විස්තර ඇහුව්වා...ඒ දෙන්නා ගැන.... ඇන්ජලා මිස්ලා රට ගිය දවසේ දවල්, දොස්තර මහත්තයෙක් එක්ක, ළමා මඩමකට ගිහින් දරුවෙක් ඇරන් තමයිලු,ආපහු එංගලන්තයට ගිහින් තියෙන්නේ ...."


"ඒ කියන්නේ, තමන්ගෙ දරුවා අමතක කරලා, අනුන්ගේ ළමයෙක් ඇරගෙනද රට ගිහින් තියෙන්නේ ....?


"ඔව්, ඒක තමයි ... "


"පුදුම මිනිස්සු ....අර ළමයා රට ගෙනියන්න හදා ගත්ත හොර ලියකියවිලි වලින් වෙන්න ඇති ළමා මඩමේ ළමයා රට ගෙනියන්න ඇත්තේ ...."


"අනේ දෙවියනේ පුදුම මිනිස්සු ..."


" අනේ එහෙනම් කීර්ති අය්යෙ මට තවත් මේ ගෙදර නැවතිලා ඉදලගෙන සමනළි අක්කට කරදර කරන්න බෑ....ඔයා පුලුවන් ඉක්මනට මට දරුවා හම්බවුනාම යන්න තැනක් හොයලා දෙන්න..... විකුනන්න තියෙන ගෙයක් හොයලා බලලා කියන්න ...."


"ඔව් මම ඒ ගැන බලන්නම්..."


"ඉන්න තැනක් හදාගෙන ටික දවසකට ළමයා බලාගන්න කෙනෙක් හොයා ගන්නවා......මට වෙන කරන්න දෙයක් නෑ..."


"නෑ හංසිනි නංගි ඔයා කරදර වෙන්න ඕනෙ නෑ...ඔයා දරුවා හම්බවෙනකම් මෙහෙ ඉන්න... දරුවා ලැබුනට පස්සෙ අපි මොනව හරි කරන්න බලමු...."


"හංසනි ...මාත් ඔයාව මේ අමාරුවෙ වැටුන එකට වගකියන්න ඔනේ, .....ඒ නිසා මම ඔයාගෙ දරුවා ලැබිලා ඔයා හරියට පිළිවෙලක් වෙනකම් ඔයා ගැන බලනවා, උදව් කරනවා......"


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා*

0 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page