top of page
  • Writer's picturePrisila Godahewa

🌏කොන්ත්‍රාත්තුව 🌏



💥(32 වෙනි කොටස)💥

කීර්ති සර් සමඟ මම, උදේ රෝහලට යනවිට, ඇන්ජලා මිස් හා ටෙරික් සර්ද ඉස්පිරිතාලේට ඇවිත් සිටියේ ලොකු සතුටකින් බව පෙනින.... ඔවුන්ගෙ දරුවා රැගෙන තමන්ගෙ රටට යන තෙක් ඔවුන්ට ඉවසුම් නැති ගානය....


"ඔයාට කොහොමද හංසනී දැන්.....ඔයා ගොඩක් මහත් වෙලා, කකුල් ඉදිමිලා, බෙල්ලත් කළු වෙලා, හැබැයි තවත් ලස්සන වෙලා.... ඔයා අමාරුවෙන් වගේ ඉන්නේ ...."


"ඔව් මිස්, මම හරිම අපහසුවෙන් තමයි ඉන්නේ....ඒත් තව සුමානයයිනේ මේ අමාරු ඔක්කොම ඉවසන්න ඕනේ......"


"එන්න හංසිනි අපි ස්කෑන් රූම් එකට යමු.....ඩොක්ටත් ඇවිත් ඉන්නේ, ...අපේ බබාගෙ අන්තිම අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එක ගන්න වෙලේ මටත් ආසයි ලඟ ඉදගෙන ඒක බලන්න.....ඩොක්ටර් කිව්වා, ඒකට කමක් නෑ ස්කෑන් එක ගන්න වෙලාවට මම ලඟ හිටියයි කියලා ...."


"අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණය" සඳහා වෛද්‍යවරයාගේ කාමරයට මම ඇතුළු උනේ, ඇන්ජලා මිස් සමඟයි.


ඇන්ජලා මිස්ගේ හා ටෙරික් සර්ගේ, දරුවාගෙ කලලය මගේ කුසේ තැන්පත් කරදා සිට අද වෙනතෙක් ඒ කටයුතු සම්බන්ධ සියලු දේ සිදුවුනේ,

පෞද්ගලික රෝහලක ඔවුන් හොදින් දන්න අදුනන වෛද්‍යවරයකු මර්ගයෙනි..... දරුවා පිළිසිඳ ගත් දවසේ සිට සෑම මාසයකම එම වෛද්‍යවරයා මුණ ගැසී දරුවාගේ ශරීර සෞඛ්‍යය දැන ගැනීම වගේම ,මගේ අමාරුකම් වලට බෙහෙත් උපදෙස් ගත්තේද මම ඔහුගෙනි.

"කොහොමද හංසිනි ඔයාට දැන් ...තව සුමානයකින් ඔයාගෙ බබා හම්වවෙනකම් මමත් මේ බලාගෙන ඉන්නේ...... මටත් කොළඹින් පිට හොස්පිටල් එකකට ට්‍රාන්ස්ර් එකක් ඇවිත් තියෙන්නේ ,ඒකට යන්න ඉස්සර මම මේ ඔයාගෙ දරුවගෙ වැඩේ ඉවර වෙනකම් ඉන්නවා කියලා ඇන්ජලා මිස්ලට පොරොන්දු උනා,... ඒකයි මේ තවම ඉන්නේ..... මේ ඇන්ජලා මිස්ලා, ඔයාගෙ දරුවා එංගලන්තයට ගෙනියන්න අවශ්‍ය ලියකියවිලි හදාගෙන තියෙන්නෙත් බොහෝම අමාරුවෙන්.... ඒ කියන්නේ හොර රහසේ...,ඔයා දන්නවානේ අනුන්ගේ ළමයෙක්, මේ රටින් පිට ගෙනියන්න ලේසි නෑ කියලා....අපි කට්ටිය විතරනෙ දන්නේ, මේ දරුවා මේ යුවලගේ බව..... ඒකයි මේ පෞද්ගලික රෝහලක මේ විදිහට දරුවාගෙ සෞඛ්‍යය හොයලා බලන කටයුතු හොර රහසේ වගේ කරන්නේ...."


පෞද්ගලික රෝහලේ වෛද්‍යවරයා මට සියල්ල පැහැදිලි කර කීවේය.


"මම දන්නවා ඩොක්ටර්, මේ දරුවා මම බිහිකරන්න හදන්නේ හැමෝටම හොර රහසේ කියලා. ඇන්ජලා මිස්ලා මේ දරුවා මේ රටෙන් ගෙනියන්න හදන්නේ, හොර රහසේ කියලත් මම දන්නවා...."


"හංසනි බලාපොරොත්තු උන මුදල් ගනුදෙනු කටයුතු හොදින් කෙරීගෙන යනවා නේද ...?


"අනේ ඔව් ඩොක්ටර් , මේ මිස්ලා මම හිතුවටත් වඩා දේවල් මට දුන්නා, ඒ ලැබුනු සල්ලි වලින් මම ගොඩක් දේවල් කරගත්තා.... අපේ තාත්තව හොදටම සනීප කරගන්න ලැබුන නිසා, මම ඒ ගැන ගොඩක් සතුටින් ඉන්නේ..."


"හරි එහෙනම් අපි ඔයාගෙ බබාගෙ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එක කරමු...මේ ඇන්ජලා මිස්ටත් ආසයි කිව්වා ඔයාගෙ බඩේ ඉන්න ඒගොල්ලන්ගෙ දරුවා බලන්න .."

කළුවර කාමරයේ, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් මැශිමය අසල ඇදේ මා නිදි කරවා මගේ කුසේ සිටිනා දරුවාගේ පින්තූර වෛද්‍යවරයා බලන්න පටන් ගත්තේය .... ඇන්ජලා මිස් වෛද්‍යවරයා සමග, මගේ කුසේ හැදී තව සුමානයකින් මෙළොව එළිය දකින්න ඉන්න කිරි කැටියා දෙස, එහෙට මෙහෙට දඟලන දරුවාගේ ජායා රූප බලන්නේ බොහොම ආසාවෙනි.... දරුවාගෙ හර්ද ස්පන්දනය ඇන්ජලා මිස් අසා සිටින්නේ, පුදුමාකාර සතුටකින් බව පෙනෙයි.


ඔවුන්ගෙ ජාන වලින්, හැදුන දරුවාගේ කලලය මගේ කුසේ මගේ ලෙයින් පෝශනය වි හැදෙන අයුරු , ඔවුන් ආසාවෙන් බැලුවත්, මගේ කුසේ එහෙ මෙහෙ යන දරුවාගේ දැඟලිල්ල හර්දය ගැහෙන රාවය, දැනෙනෙ මොහොතක් පසා මට ඒ දරුවාගෙ අම්මා මම යැයි සිතේ.... වෙනත් දෙදෙනෙකුගේ ඩිම්බයකින් හා ශුක්‍රාණුවක් පරික්ශනාගාරයක් තුල කලලයක් නිර්මාණය කලත්, එයට අවශ්‍ය පෝශනය ලබා දී පරිස්සමට ඇති දැඩි කලේ මමයි..... මගේ ගැබේ හැදෙනා මේ කලලය නීරෝගීව ලොකු මහත් කරගැනීමට මම මාස ගානක් තිස්සේ උන මහන්සිය , ලෝකයාගෙන් වසන්වි, නොයෙකුත් ශාරීරික අපහසුකම් මැද තවමත් ඉන්නා හැටි......

උදේ දවාලයක් නැතුව , දරුවා වෙනුවෙන් හොද ආහාර පාන ගනිමින්, ඔහුගෙ පරිස්සම ගැන සිතමින්,උනු ආහාර, සීත ආහාර, සැර ආහාර නොගනිමින් මම දරුවා මගේ කුසේ ලොකු මහත් කරගත් අමාරුව දන්නේ මම විතරමයි ..... මගේ කුසේ සිටිනා දරුවා වෙනුවෙන් බෝධි පූජා තියමින්, උදේ හවස බුදුන් වදිමින් මම කල ප්‍රර්තනා, යැදපු දෙවියන් ගැන දන්නේ මම පමණයි...... ඒ අනුව බලන කල මගේ ගැබේ සිටිනා මේ දරුවාට, මට අම්මා කියන නම කිසි පැකිලිමකින් තොරව කීමට හැකියාව ඇත......ඒ තරමට මම මේ දරුවා වෙනුවෙන් ලොකු යුතුකම් කොටසක් ඉටුකර ඇත. මොහු කුසේ තියාන, හිතේ, ගතේ අපහසුකම් මැද ,පහුගිය මාස ගානක් තිස්සේ මම දුක් විඳ ඇත...මේ දරුවා බිහි කිරීමට මට, එන සුමානේ මීට වඩා දුකක් විදීමට සිදුවන බවද මම හොදාකාරවම දනිමි....මේ සියලු දුක් වේදනා විදිමින් සිටින මම මේ දරුවාගේ මව නොවෙද...?


අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනයේන් දරුවාගෙ විස්තර සෞඛ්‍යය ගැන බලා අහවර වි ඇත.... වෛද්‍යවරයා මට ඇදෙන් බැසීමට උදව් කලේය.


"හංසනි දැන් කීර්ති එක්ක ගෙදර යන්න ....අපි ඩොක්ටර් එක්ක කතා කරලා ආපහු මෙහෙමම හොටෙල් එකට යනවා..."

ඇන්ජලා මිස් මට සතුටෙන් කීය.


"හොදයි මිස්..."


"එහෙනම් හංසිනි අපි දැන් යමු ...මටත් තව වැඩකට යන්න තියෙනවා ...."


"මම නිසා, කීර්ති සර්ට හරි කරදරේ නේද ?


"මමත් ඉස්සරහ කාලේ ඔස්ට්‍රේලියාවේ යන්න හිතාගෙන තමයි හංසිනි මේ බබාගෙ වැඩ වලට උදව් කරන්නේ...ඇන්ජලා මිස් කිව්වා පස්සෙ කාලෙක ඔයාවත් ඔස්ට්‍රේලියාවට ගන්නවා කියලා ...."


"ඒක නම් හොදයි ... ඇන්ජලා මිස් මට කිව්වා තමයි, දරුවා හම්බවුනාට පස්සෙ, "මොන්ටිසෝරි කෝස්" එකක් කරන්න කියලත් , එතකොට එයාට මාවත් එහෙට ගන්න ලේසියි කියලා.... ඇත්තටම මමත් එහෙම තමයි සර් හිතන් ඉන්නේ..."


"එහෙනම් හංසිනි, ගෙදර ලඟටම ආවා ඔයා බහින්න.....

මම යන්නම් ...ඔයා පරිස්සමින් ඉන්න.... ඔයාට තව සුමානයයිනේ මේ කොන්ත්‍රාත්තුව ඉවර කරගන්න තියෙන්නේ ...ඊට පස්සෙ ඔයාටත් බැරියැ ඔස්ට්‍රේලියාවට ගිහින් සැපට ඉන්න..., එහෙනම් මම යනවා හංසිනි......"


"හොදයි කීර්ති සර් පරිස්සමින් යන්න ...."


මේ වන විට මට දරුවා ලැබෙන්න ලඟ නිසා, බොහෝ අපහසුකම් තිබුනත්, මේ කොන්ත්‍රාත්තුවෙන් නිදහස් වීමේ උවමනාවෙන් මම දැන් පසුවෙමි.


ඇන්ජලා මිස්ලත් එක්ක දරුවාගෙ "අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනය කරගෙන ආ දින රාත්‍රීයේ ගෙදර දොරට කවුද ගහන සද්දය ඇසි මමත් සමනළි අක්කත් බය වි දොර ඇරියෙමි.


"හානේ මේ කිර්ති සර්නේ...ඇයි මේ මහ රෑ....?


කීර්ති සර් මාව මේ මහ රෑ හොයාගෙන ඒම මට ලොකු ප්‍රශ්නයක් විය.


"කීර්ති සර් ඇයි මේ මහ රෑ.....?


"ඔයාව හම්බවෙන්න ආවේ හංසිනි...මගේ හිතේ තියෙන කේන්තිය, දුක කියලා නිම කරන්න බෑ...."


"අනේ ඇයි සර්..?


"අද උදේ ඔයාව හොස්පිටල් එක්ක ගිය ඒවයි, අනෙක් කතන්දරයි ඔක්කොම මගේ වයිෆ් දැනගෙන, මාව අද හවස් වරුවෙම කන්න හදනවා.....මට ඔයාගෙ කොන්ත්‍රාත්තුව ගැන, එයාට හැම දෙයක්ම කියන්න සිද්ද උනා, එයා හොදටම කේන්තියෙන් ඉන්නෙ මාත් එක්ක.... මම මේ වෙන කරන්න දෙයක් නැතුව මේ මහ රෑ මෙහෙ ආවේ....,ඔයාට මේක කොහොම කියන්නද කියලා මට හිතා ගන්න බෑ....නොකියත් බෑ හංසිනි ...."


"ඇයි කීර්ති සර් ඔයා ගොඩක් දුකෙන්.....මොකක් හරි ප්‍රශ්නයක්ද...? මට කියන්න බැරි දෙයක්ද.. .?.."


"ඉස්සෙල්ලා මේ සල්ලි ටික ඔයා අතට ගන්න.....මේක ඇන්ජලා ගෑනි ඔයාට දෙන්න කිව්වේ....දුන්නෑ මම බල කරලා ඉල්ල ගත්තා...."


"මේ මොකද මේ...ඇයි සර් ඔයා කේන්තියෙන් ,...ඇයි ඔයා ඇන්ජලා මිස් එක්ක ඔයතරම් කේන්තියෙන් ....ඊටත් මෙතන ලොකු සල්ලියක් තියෙනවා නේ, ...මට බබා හම්බ උනාමනේ, ඇන්ජලා මිස් කොන්ත්‍රාත්තුවේ ඉතිරි කොටස දෙනවා කිව්වේ......."


"ඔතන ඔයාගේ මුළු කොන්ත්‍රාත්තවේම ඉතිරි ගාන තියෙනවා ....ඔයාගෙ දරුවා හම්බුනාට පස්සෙ දෙනවා කිව්ව සල්ලි වලින් ඉතිරි කොටස තමයි ඔය......මම මේක මේ හවස හොටෙල් එකට ගිහින්, ඒගොල්ලන්ගෙන් බල කරලා ඉල්ල ගත්තේ...."


"ඉතිං දරුවා හම්බුනාට පස්සෙනෙ මේ සල්ලි ටික ඇන්ජලා මිස් මට දෙනවා කිව්වේ....ඇයි සර් වේලාසන ඉල්ල ගත්තේ...."


"මම ඔයාගේ සල්ලි විතරක් නෙමේ, මට එන්න තියෙන සල්ලිත් ඔක්කොම එයාගෙන් ඉල්ල ගත්තා....මම පොලීසි යනවා කියලයි ඔය සල්ලි ඉල්ල ගත්තේ...."


"මට තේරෙන්නේ නෑ සර්..මොකක්ද උනේ කියන්නකො...ඇයි ඔයා ඔච්චර කේන්තියෙන් ...."


" මම අද දවල් ඔයාව මෙහේ බස්සලා යනකොට, ඇන්ජලා කෝල් කරලා කිව්වා, හොටෙල් එකට එන්න කියල.....ඒ ගිය වෙලේ මට කියපු දේවල් නිසා, මට හොදටම කේන්ති ගියා.....ඒ පාර මම ඒ වෙලේම ඔය සල්ලි එයාගෙන් ඉල්ලගෙන ගෙදර ගියේ, ගොඩක් කේන්තියෙන් , ඊට පස්සෙ ආයෙත් රෑ මම ඇන්ජලා හම්බවෙන්න හොටෙල් එකට ගියා....ඒ ගිහාම දැන ගත්තේ, උන් දෙන්නා අදම ආපහු ලංකාවෙන් යන්න ,එයර්පෝට් ගිහින්....."


"යන්න ගිහින් කිව්වේ, මට තේරෙන්නෙ නෑ සර් මොකද උනේ....?"


" ආපහු එන්නෙ නැතුවම යන්න ගිහින්..."


"ඒ කිව්වෙ...ආයෙත් බබා හම්බ උනාමද ඒගොල්ලෝ ලංකාවට එන්නේ..."


"නෑ හංසනී ...උන් ආයෙත් එන්නෙ නැ......මටත් නොකියම ගිහින්....හොටෙල් එකෙන් බඩුත් අරන් අද රෑ තියෙන ප්ලෙන් එකකින් හදිසියේ එංගලන්තයට යන්න ගිහින්...ඔයාව බලන්න ආයෙත් එන එකක් නෑ කවදාවත් ...."


"ඒ කිව්වේ...මට මේ මුකුත් තේරෙන්නේ නෑ....එතකොට මේ මගේ බඩේ ඉන්න ඒගොල්ලන්ගෙ .. දරුවා ..."


💥"උන්ට දරුවා දැන් එපාලු...."💥💥


"මොනවා.... මේ මොන අන්ඩර දෙමලයක්ද මේ දැන් කියන්නේ....ඒ දෙන්නා සල්ලි දෙන්නම් කියලා මාව මේ අමාරුවේ දැම්මේ ඇයි එහෙනම් ...., දැන් මොනවද මේ කියන්නේ...?


"ඒක තමයි හංසිනි මට තියෙන කේන්තිය දුක...."


" එතකොට ....මේ තාත්තෙක් අම්මෙක් නැති ,කාගෙවත් දරුවෙක් මට මොකටද...?


"ඒ ගොල්ලො ඔයාට සල්ලි ලොකු ගානක් දුන්නනේ..., ඒ නිසා ඔයාට ඉස්සරහ කාලේ දරුවා හදාගන්න කිව්වා....පස්සෙ කාලෙක ඔයාට තව ඒගොල්ලෝ සල්ලි එවන්නම් කියලත් කිව්වා....."


"මේ මොන අන්ඩර දෙමලයක්ද මේ කියන්නේ....? මම කොහොමද මේ දරුවෙක් තනියම හදාගන්නේ....? ඊටත් සල්ලි වලටවත් ,මම මොකටද අනුන්ගේ දරුවෙක් හදාගන්නේ..... අනේ කීර්ති සර් මට පැහැදිලිව කියන්නකෝ මොකද උනේ කියලා.... , මට මේ මුකුත් තේරෙන්නෙ නෑ.....අද උදේ මම හොස්පිටල් ගිය වෙලේ, ඇන්ජලා මිස් හරි සන්තෝසෙන් නේ හිටියේ, මේ මොකද දැන් එක පාරටම එහෙම කියන්නේ ..."?


"ඒක තමයි නංගි ප්‍රශ්නය ...අද උදේ බබා හොදට ඉන්නවද කියලා බලන්න කරපු අල්ට්‍රා සවුන්ඩ් ස්කැන් එකෙනුයි, ඔයාගේ තව රිපෝට් වලිනුයි තමයි ඩොක්ටර් දැනගෙන තියෙන්නේ , ඔයාගෙ බඩේ ඉන්න දරුවා, මන්ද බුද්ධික දරුවෙක් කියලා ....ඒක ඩොක්ටර් කිව්වට පස්සෙ, ඇන්ජලා අප්සෙට් ගිහින්.... එයාට දැන් ඔයාගෙ බඩේ ඉන්න දරුවා එපාලු.....එයාට මන්දබුද්දික ළමෙක් හදා ගන්න, රට ගෙනියන්න බැරිලු...."


"අනේ දෙවියන් මේ මොනවද මේ කියන්නේ...මේ මොනවද වෙන්න යන්නේ... ...එතකොට මේ මගෙ බඩේ ඉන්න දරුවා...මන්දබුද්දික ළමෙක්ද...?...එතකොට මේ දරුවා කවුද භාර ගන්නෙ,... මම මේ සල්ලි බලාගෙන හැදුව ළමයෙක් මිස, මගෙ දරුවෙක් නෙමේනෙ..."


මම සාලයේ පුටුවක වාඩි උනේ, මට හදිස්සියේ දැනගන්න ලැබුන නරක ආරංචිය නිසා ඇතිවුන කම්පනයෙන්, මුළු ගේම කැරකෙනවා වගේ දැනෙන්න පටන් ගත්තාය..... මට කලන්තේ හැදි ඇත....


මට සිහිය එන විට,සමනළි අක්කා හා කීර්ති සර් මගේ මුහුනට වතුර ඉස පවන් ගසමින් හිදිනවා දුටුවෙමි .....


"මට හරිම දුකයි හංසිනි මේ උන දේට, මේක දැනගෙන, මගේ වයිෆ්ට හොදටම කේන්ති ගිහින්...චතුරිට කතා කරලා හොදටම බනිනවා කිව්වා...චතුරිගෙ ගෙදර අයටත් මේවා කියනවා කිව්වා...මේ වගේ මිනිස්සු ලංකාවට ගෙනත් අඳුනලා දුන්නට....මාත් එක්ක එයාට ඊට වැඩිය කේන්ති ගිහින්, මේවට උදව් කරන්න ගියා කියලා ...."


"අනේ දෙවියනේ මට මොනවද මේ උනේ....අනේ කීර්ති සර්....? අනේ අක්කේ.... මම කදුළු පෙරමින් කෑගසමින් පොළොව බදාගෙන ඇඩුවෙමි .....


"අනේ දෙවියනේ කසාඳ බැදලවත් නැති මම, තාත්තෙක් නැති මේ අනුන්ගෙ මන්දබුද්දික ළමෙක් කොහොමද දැන් හදාගන්නේ.......? මම කොහොමද මේ ළමයත් එක්ක ලෝකෙට මූණ දෙන්නේ.... මිනිස්සු මට මොනව නොකියයිද....අනේ දෙවියනේ මොනවද මේ මට උනේ, මොනවද අර මිනිස්සු මට කලේ...." මම කෑගසමින්, කදුළු පෙරමින් ඇඩුවේ පළාතටම ඇහෙන්න මුළු ලෝකෙම එපා උන ගානටය.....


-අපි ආයෙත් කවද්ද හමු වන්නේ....? 🤔


මගේ ආදර පාඨක ඔබලාම කියන්න.....?

🤷

බ්‍රහස්පතින්දා මගේ නිවාඩු දවස...😊😊


මගේ නවකතා group එකේ ඉන්න 1380 ක් පිරිස අතරින් මේ කතාව බලන, කියවන ඔබ සියලු දෙනා විසින්, ස්ට්කර් comment එකකින්වත් මට, අද දවසේ සංග්‍රහ කරයි කියා මම බලාපොරොත්තු වෙමි..😁🤷🤔🤷🤷

ස්තුතියි

*ප්‍රිසිලා ගොඩහේවා*

0 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page