top of page
  • Writer's picturePrisila Godahewa

🌏කොන්ත්‍රාත්තුව 🌏

(4 වෙනි කොටස )

ස්ටිව් සමඟ ඇති කර ගත් ආදර සම්බන්දයෙන් පසු, මට දැඩි ලෙස ඔහුගෙ දෙමව්පියන් මුණ ගැසෙන්න අවශ්‍ය වි තිබුනෙමි. එබැවින් ස්ටිව් මට ඔහුගෙ මව හා එකම නැඟනිය මුණ ගැසීමට, ඔහුගෙ ගමේ ගෙදරට යන්න අඬගැසූ වහා, මම ඔහු සමග ඒ ගමන යන්න ලෑස්ති උනේ බොහෝම කැමැත්තෙනි.


ස්ටිව්, ඔවුගේ ගමේ,ගොවිපලේ ගෙදරට මාව කැදවාගෙන ගොස්, ඔහුගෙ මවට හා නැඟනියට මාව හදුන්වා දුන්නේ ඔහුගෙ, විශ්වවිද්‍යාලයේදී මුණගැසුනු පෙම්වතිය ලෙසයි....


"හෙලෝ චතුරි ..."


ස්ට්ව්ගෙ මව මගේ දෙකොපුල් සිප ආදරයෙන්, ඔවුන්ගේ සුන්දර පුංචි නිවහන තුලට කැදවිය.


කොන්ඩය කොට වෙන්න කපා, කලිසමක්, ශර්ට් එකක් ඇද , ඉනට බෙල්ටයක්ද දමා, බූට් සපත්තු දෙකක් දමා,

හිදින ඇය බොහෝ ශක්තිමත්, දහීර්‍ය් වන්ත තරුණ පෙනුමැති කාන්තාවක් විය.


ඔස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස්හි ගැමි පරිසරයක ජීවත්වන, ස්ටිව්ගෙ මව, ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක්ය. ඇය ඉතා අහිංසක,හොද ගතිගුණ ඇති, නිහතමානී කාන්තාවක් බවත් මට වැටහුනි.


"හන්ටර් වැලි " නගරේ සිට තව කිලෝමීටර් 80 ක් විතර දුරක්, නගරයෙන් ඇතුලට ගිය කල ඔවුන්ගේ සුන්දර ගොවිපළ පිහිටා තිබුනෙ බොහෝ නිදහස් පරිසරයකය. එම නිවසෙ,මටත් ස්ටිව්වෝටත් නවතින්න ලැබුනු සුමානයක කාලය, ජීවිතයේ කවදාවත් මට අමතක නොවන සුන්දරම කාලයක් විය.


ස්ටිව්ලාගෙ ගොවිපලේ නතර වෙන්න පැමිණි අප දෙදෙනා ,ඒ දවස් ටිකේම අවට පාළු ප්‍රදේශය වල සුන්දරත්වය බලන්න ඇවිද ගියේ බොහෝ සතුටෙනි. ස්ටිව්ට ඒවායේ ලොකු වැදගත් කමක් නැති උනත්, ඔහු පදිංචිව සිටි ප්‍රදේශයේ විශේෂ ස්තාන බලන්න ඔහු මාව රැගෙන ගියේ කැමැත්තෙනි.


"අපි අද රෑ ටවුමේ ක්ලබ් එකට ගිහින් රෑ කෑම ගමු, ඒක මම ගානේ..."


" එහෙම ඕනෙ නෑ චතුරි , මම අම්මලාටත් එක්ක සල්ලි ගෙවන්නම්.....එහෙනම් මම නංගිට කියන්නම් අද හවස ක්ලබ් එකට යන්න ලෑස්ති වෙන්න කියලා ..."


හවස පහවෙන විට අපි හතර දෙනා ලස්සනට ඇදගෙන ස්ටිව්ගෙ වාහනේ නැග එම ගමේ ඇති ක්ලබ් එකට ගොස් රාත්‍රී කෑම ගත්තේ බොහෝම ස්තුටිනි.


"අර ක්ලබ් එකේ සිංදු කියන්නේ මාත් එක්ක එකට ඉස්කෝලේ ගිය ගර්ල් කෙනෙක් ..."


"ඇයි අර කෑම පිළිගන්වන ළමයි දෙන්නෙක්ම අපේ ඉස්කෝලේ ළමයි දෙන්නෙක්...මම අපේ මමීගෙන් ඇහුව්වා මමත් මේ ක්ලබ් එකෙ වැඩට එන්නද කියලා , කෝ ෆාර්ම් හවුස් එකේ වැඩ තියෙනවා කියලා ,මමී මට එන්න දුන්නෙ නෑනේ...."


"දැන් ඔයාගෙ HSC විභාගෙ මේ අවුරුද්දෙනේ, ඔයා ඉස්සෙල්ලා එග්සෑම් එක හොදට කරලා පාස් වෙන්න. එතකොට ඔයාට මට වගේ සිඩ්නි යුනිවර්සිටි එකකට යන්න පුලුවන් .."


"එතකොට මමී තනි වෙනවනේ මෙහේ..."


"නෑ නෑ...ඔයගොල්ලෝ මම ගැන බලන්න ඕන නෑ....මගෙ වැඩ මට කරගන්න පුලුවන් තනියම, ඔයදෙන්නා හොදට ඉගෙන ගෙන හොද රස්සාවක් කරනවා දකින්න තමයි මම කැමති ...."


එදින රාත්‍රීය අපි හතර දෙනා රසැති ඔස්ට්‍රේලියානු රෑ කෑම වේලක් ඒ පලාතේ ක්ලබ් එකෙන් ගත්තෙ බොහෝ සතුටිනි. හතර දෙනා සමග සීතලේ ඒ ටවුමේ කඩපේළී දිගේ ටික වේලාවක් ඇවිදමින් ඉද අයිස්ක්‍රීම්ද කා නැවත ගෙදර බලා ආවේ බොහෝ සතුටිනි.


ගොවිපලේ ගෙදර හිටි දවස් ටිකේම මමත් ස්ටිව්වෝත්, බොහෝම ආසාවෙන් වාඩි වි සිටි තවත් තැනක් තමයි , බොහෝම නිදහස් සුන්දර, අක්කර ගානක් ඈත දුරට පේන, කොළපාට තැන්න කෙළවර තිබූ පැද්දෙන පුටුව.....එහි වාඩිවි ඕනතරම් වේලාවක් වෙලා කාලය ගත කල හැක.


ඉර බැස යන සන්ද්‍යාවේ,පුංචි ගොවිපලේ පේනතෙක් මානයක කොනක ගසා තිබුන ගිනි මැළය අසළ ඇති පැද්දෙන යකඩ පුටුව උඩ, සීතල සුළං රැළි මැද, බ්ලැන්කට්ටුවක් පොරවාගත් ස්ටිව් හා මම උනුසුම් කෝපි බොමින් ආදරයෙන් තුරුලු වී ඈත බලාගෙන කතා කරමින් ඉන්නට කැමතිම තැන විය.......අපට ස්ටිව්ගෙ අම්මාගෙන් හෝ නැඟනියගෙන් එයට කිසි බාදාවක් නොවීය.

අවට දසත පුරාවට විහිදි ගිය දැඩි නිශ්ශබ්ද තාවය බිඳුනේ ,ඉදහිට හමාගිය සුළඟේ ශබ්දයෙන්ම පමණය. හවස් වරුවට ස්ටිව්ලාගෙ ගොවිපල අවට විශාල තනබිම් වලට, විවිද පැළෑටි වර්ග හා තනකොළ කන්න එන කැන්ගරු රෑන සීයකට ආසන්න වෙයි.... ඔවුන් ඈත සිට අප දෙදෙනා දෙස ඉස්සි ඉස්සි බලන්නේ, මේ අලුත් අමුත්තන් දෙදෙනා කවුද කියා අඳුනගන්නට මෙන්‍ ය....ඔවුන් රංචු පිටින් එහෙ මෙහෙ පැන පැන යන හැටි, කැන්ගරු මව් වරුන්ගෙ බඩේ ඇති දරු මල්ලෙ සිට, ඔළුව එළියට දාගෙන ඉන්නා පුංච් පැටව්, ලොකු පොඩි විවිධ වයසේ කැන්ගරු රෑනේ නොයෙක් විධි චලන දිහා ඕන තරම් වෙලා බලා සිටිය හැක.


ඔස්ට්‍රේලියාවේ මේ ශීත කාලය උදාවත් සමග හවස හතර පහ වෙනවිට, අවට පරිසරය හොදටම ඇදිරි වැටෙන්නේ, හරියට රාත්‍රී අටට නමයට තරම් පළාතම කළුකරය.


"ස්ටිව් එන්න ඇතුලට, ඩිනර් ගන්න...."


ස්ටිව්ගෙ මවගෙ කටහඬ ගෙදර දොරකඩින් ඇසෙයි.... පුංච් නිවස ඇතුලේ මළානික විදුලි බුබුළු එළි අප සිටින දෙසටද පෙනේ.... , ගෙට උනුසුම ගෙන දෙන දර උඳුනේ දුම්රැලි, නොනවත්වා දුම් කවුළුවෙන් අහස උඩට නගී...මවගේ අඬගැසීමෙන් පසු අප උන් තැනින් නැගිට ගේ තුලට ගියෙමු .


හවස පහ විතර වෙනවිට, ස්ටිව්ගෙ මව ඔහුගෙ නැඟනිය සමඟ රාත්‍රී ආහාරය සූදානම් කරන සුවඳ මගේ නහයට දැනින.....සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියානු ජාතිකයන් හවස පහහමාර හයවන විට, රාත්‍රී ආහාරය ගෙන නිම කිරීමට පුරුදු වි ඇත. එම නිසා රාත්‍රීයේ නින්දට යනවිට, හවස ගත් ආහාර හොදින් දිරව ඇඟට බඩට පහසුවක් දැනෙන බව සත්‍යකි.....


මේ ශීතල කාලයේ, ගැමි ගෙදර පුංච් කුස්සිය ඇතුලත, ගිනි උදුනේ රස්නය හොදින් පැතිර ගොස් ඇත.... ස්ටිව්ගෙ නැඟනිය කුස්සිය ඇතුලත ඇති පුටු හතරේ කෑම මේසයට කෑම පිඟන් හතරක් හා හැදි ගෑරැප්පු හතර ගානේ, තියා ඉටිපන්දම් දෙකක්ද මේසය මැද පත්තු කර ඇත. පැත්තකින් වයින් බෝතලයක් හා වයින් වීදුරු තුනක්ද ඇත.


මේසය උඩ, තැම්බු අල පොඩිකර, බටර් , කිරි, ලුනු සමග මිශ්‍ර කල සෑදු අල දීසියක් , එළවළු සළාදයක් තබා ඇත....

රෝස්මරි දමා, රෝස්ට් කරපු බැටළු මස් පෙති උනු උනුවෙන් මේසයට ගෙනත් තැබුවේ ස්ටිව්ගෙ මව විසිනි. ඊට අමතරව ස්ට්ව්ගෙ මව විසින් දර උදුනේ පුච්චන ලද කළුපාට පාන් ගෙඩියක් පෙති කපා මේසයට තබා ඇත. තව බටර්, ගම්මිරිස් ,ලුනු හා සෝස් බෝතල් වගයක්ද මේසය කෙලවරක ඇත.


"මේ බටර්, තක්කාලි සෝස්, මම ගෙදර හදපුවා, චතුරි කාලා බලන්න...."


"අනේ ඇත්තමයි මට මේ පලාතේ නවතින්න හිතෙනවා මමී....මේ ලස්සන නිදහස් පළාත වගේම, කෑම බීමත් මට හරිම ප්‍රියයි...."


"මේවා ඔක්කොම අපේ ගොවිපලෙන් ලැබෙන ඒවා....කැරට්, අල තක්කාලි ,සළාද කොළ, මේ ඔක්කොම අද හවස අපි අපේ පාත්ති වලින් ගලවලා තම්බලා ගත්තේ...."


"අපට ඉතිං මේ වගේ අලුත් එළවළු පළතුරු කන්න ලැබෙන්නෙ නැති තරම්නේ...."


"මේ ශැගි තමයි මගේ එළවළු පාත්ති බලාගන්නේ...පාත්ති වල එළවළු කන්න එන හාවන්, පොසොම්ලා, කැන්ගරුලා, එතකොට වොම්බැට්ස්ලා එහෙම එළවන්නේ මෙයා තමයි ....ස්ටිව්ගෙ කකුල් දෙක ලඟ බිම බුදියගෙන, කන්දෙක උස්සා අපි කියන දේ අහගෙන ඉන්නා බල්ලා ශැගි ,ඉදහිට ස්ටිව් දෙන මස් කැල්ලක් කළබලේ හපන ඔහු ,ස්ටිව් ගෙදර ආ සන්තෝශයෙන් පසුවෙන බව පෙනේ....


"අර බලන්න ඒකට අර කිටී...ගිනිමැලය ලඟ කම්මැලි කමට නිදාගෙන ඉන්න හැටි......"


ශීත කාලයට ගොවිපලේ නිවස උනුසුම් කරන දර උඳුනේ ලී කැබැලි වලින් චිරි චිරි හඩක් නගියි...පත්තු වෙන දර කැබැලි වල පිලිස්සුම් සුවඳ ගේ ඇතුලත විහිදි යයි....ස්ට්ව්ගෙ නංගිගේ පූසා සීතලට ගිනි මැලය ලඟ කුශනයක් උඩ උන්ඩිවි නිදයි.... ශැගී කන්පට ගසමින්, අපි කෑම කන දෙස බලා සිටින්නේ, තව මොනවා හෝ ඔහුට අපි කන්නට දෙනකම්‍ය.


ස්ටිව් ,මව හා නැඟනිය කෑම ගන්නට පෙර අත් බැද දෙවියන්ට යාච්ඥා කලේ, ඔවුනට දෙවියන් වහන්සේ ලබා දුන් කෑමට ස්තුති කරමින්ය....


"කෑම හරිම රසයි....මට මෙහේ ඇවිත් නැවතිලා ඉන්න හිතෙනවා ස්ටිව්....."


"ඒක හොදයි ...මගෙන් පස්සෙ මේ ගොවිපල කරන්නත් කෙනෙක් නැති එකේ...."

ස්ටිව්ගෙ මව එසේ කියා සතුටින් හිනහෙයි...


"මෙච්චර අමාරු වෙලා ඉගෙන ගත්තේ ,ෆාම් එකේ නවතින්න නෙමේනෙ....."

ස්ටිව්ගෙ එයට කැමැත්තක් නැත.


ගොවිපලේ නිවසේ නැවති සිටි සුමානෙම අපට කන්න ලැබුන කෑම හැමදාම මේ වගේම විය.... සමහර දින රාත්‍රීයන්ට ඔවුන් පාස්ටා, මස් වර්ග, චීස්, ලසාඥ්ඥා, , තැම්බු ඇට වර්ග වැනි ආහාරද ,තැම්බු එළවළුද , මස් කූරුද මොවුන්ගෙ රාත්‍රී ආහාරය විය....රාත්‍රී කෑම කන වෙලාවට ප්‍රතම, රතු වයින් ටිකක් බීමද ඔවුන් කරන්නේ, එය ශරීරයට, පපුවට ගුනවත් කියමින්‍ය. ඒ වගේම ඔවුන් හවස හය ,හයහමාර වෙන විට, රාත්‍රී ආහාරය ගෙන නිම කරයි....


මම සිඩ්නි නගරයෙන්, තෑගි ලෙස ස්ටිව්ගෙ අම්මට නංගිට ගෙන ගිය ඇදුම් වලට ස්ටිව්ගෙ නැගනිය බොහෝ කැමති විය.... ඔහුගෙ අම්මා මම ඒවා, ඔවුන්ටම මිලදිගෙන ආ බව දැනගෙන පුදුම විය. ඔවුන්ට මෙලෙස පිට අයගෙන් තෑගි නොලැබෙන ගානය. ඇය මම ගොඩක් මුදල් වියදම් කිරීම ගැන පසු තැවිලි විය.


ස්ටිව්ගෙ මව අප දෙදෙනා නීත්‍යානුකූලව විවාහ නොවී, සිඩ්නි නුවර එක නිවසක වාසය කරන බව දැනන් උන්නා සේම, එය ඇයට කිසි විශේෂත්වයක්,ගානක් අකමැත්තක් ද නොවිය.


එම ගොවිපලේ ඇති ඇයගෙ නිවසට අපි නැවතෙන්න එන බව දැනගෙන ඇය , ස්ටිව්ගෙ පරණ කාමරය අප දෙදෙනා වෙනුවෙන් වේලාසන ලෑස්ති කර තිබුනාය. පහසුකම් අඩු උනත්, පුංචි පැරැණි නිවස තුල තිබුනු සිරියාවන්ත පෙනුමෙන් මම එයට වශී වි උන්නෙමි. බොහෝ පැරණි ගෘහ භාන්ඩ, බිත්තියට අල්ලා තිබු මල් වැටුනු වෝල් පේපර්ස්, පුංච් සාලයේ ඇති සීතල කාලයට පත්තු කරන දැව උදුන, වේවැල් පුටු සෙටිය හා විශාල පරණ කුශන් කවර මම ආස කල දේ අතර වෙයි....


ඔස්ට්‍රේලියාවේ එළවළු පළතුරු හා සත්ව වගා ගොවිපලක මැද පිහිටා තිබුන ස්ටිව්ගෙ ගෙදර, ඔස්ට්‍රේලියාවේ මගේ හිත් ගත් ලස්සන තවත් තැනක් විය.....විශාලා තැනි තලාවක් කිට්ටුව, පේන තෙක් මානයට විහිදි ගිය කොළ පාට තණ බිම..., හරකුන් බැටළුවන්, ඇති කරන ගොවිපළ, වගාවට ගන්නට ඇති වතුර පොකුන, ආදියේ තිබුනේ කියන්න බැරි තරම් සොබාදහමේ සුන්දරත්ව පැතිරි ගිය දසුන්‍ය....ඔවුන්ගේ ගෙදර වත්තේ පැත්තක විශාල පාත්ති සාදා විවිද එළවළු පළතුරු වගා කර තිබුනි...... කිරි හරක්, බැටළුවන්, කුකුලන්, තාරාවන් ඔවුන්ගේ ගොවි පලේ ඇති කරන සතුන් වේ. ඔහුගෙ මව ඒ ගොවිපලේ, තව ගමේ මිනිසුන් දෙතුන් දෙනකු සමග වැඩ කරමින් ලබනා ආධායම, ඔවුන්ගෙ බොහෝ සරල ජීවිත ගෙන යාමට අවශ්‍ය ප්‍රමානයටත් වැඩි බව තේරිනි.


උදේ පාන්දරට බොන්නට ලැබෙන, එසැනින් ගොවිපලෙන් දොවා ගත් පිරිසිදු උනු එළකිරි වීදුරුවේ කිරි රස ගැන නම් කියා වැඩක් නැත.... එය ඒ තරමට රසවත්‍ය.


ස්ටිව්ගෙ මව ගෙදර හදන ජැම් වර්ග, සමග පාන් ටෝස්ට් හෝ, පෑන් කේක්, බටර්, මී පැණි සමග කන්නට ලැබෙන උදේ කෑම වේලට, නැවුම් නාරං හෝ දොඩම් වීදුරුවක්ද ලැබෙයි.... ඉතා පිරිමැසුම් දායක ලෙස ගෙවාගෙන යන ස්ටිව්ගෙ නිවසේ සියලු වියදම් ඇගේ මව බොහෝම සකසුරු ලෙස පාලනය කරයි.


මොවුන්ගෙ දවල් ආහාරය ඉතා සුළු දෙයක් වෙයි.....පෙර දින රෑට කාපු දෙයක ඉතුරු බිතුරු, එහෙම නැත්නම්, බටර්, පීනට් බටර් සමග පාන්, සැමන්, තක්කාලි දමා සාදා දෙන සැන්ඩ්විච්යක්, යෝගට් එකක්, ඇපල් දොඩම් හෝ කෝපි කෝප්පයක් වැනි බොහෝ සුළු ආහාර දිවා ආහාරය සදහා වෙයි.....


සුමානයක, ලොකු විවේකයක් ඇතුව, සැහැල්ලුවෙන් ,

සුන්දරත්වයෙන් පිරුනු ගොවිපලේ ගත කල අප දෙදෙනා ,නැවත සිඩ්නි නුවර බලා පැමිනියේ නැවත වතාවක් මාසෙක විතර නිවාඩුවකට, එහි නවතින්න යන්න බලාපොරොත්තුව ඇතුවය.


"අපි ඔයගොල්ලන්ගෙ ගමේ ගෙදර ගිය වෙලේ, ඔයාගෙ අම්මා මම ගැන මොනවද කිව්වේ ස්ටිව්... "


"මුකුත් කිව්වෙ නෑ...ඔයාට මම කැමති නිසානෙ මම ඔයා එක්ක යාළු උනේ....ඒක එයාට ප්‍රශ්නයක් නෑ.... ඔයා එයාගෙ කුස්සියේ උයන පිහන වැඩ වලට උදව් කරපු එකට එයාට සතුටුයි ...."


"එතකොට ඔයාගෙ නංගි මොනවද මම ගැන කිව්වෙ ....?


"එයානම් කිව්වා ඔයා හොදයි කියලා....සමහර විට ඔයා එයාට ගොඩක් තෑගි ගෙනියපු නිසා වෙන්න ඇති.....හා...හා....නෑ නෑ....එයත් ඔයාගෙ දිග කළු කොන්ඩයට, ඔයාගෙ දිලිසෙන හමට ආසා වෙලා..."


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා*

1 view0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Kommentare


bottom of page