top of page
  • Writer's picturePrisila Godahewa

🌏කොන්ත්‍රාත්තුව 🌏

(29 වෙනි කොටස)

ඔස්ට්‍රේලියානු ජාතික ස්ටීව් හා මගෙත් විවාහය සමඟම, අපට නොමිලේ පදිංචි වෙන්න ලැබුන නිවස, අපේ අලුත් ජීවිතයට නැවුම් අත්දැකීම් රැසක් ගෙවා දමන්නට හැකි තැනක් විය.


ඇන්ජලා විසින් අප වෙනුවෙන් ලෑස්ති කර දුන් ඇගේ මිත්තනියගෙ නිවස ,අප හිතුවාට වඩා සැප පහසුව අතින් ඉහළ තැනක් විය. එබැවින් අප දෙදෙනාම බොහෝ සතුටට පත්ව සිටියෙමු.


ඇන්ජලාට ලංකාවේ සිටින හංසිනි හා කීර්ති සමග කෙළින්ම ඔවුන්ගේ දරුවාගේ ගනුදෙනුව ගැන කතා කරගන්න, භාර දීම නිසා, දරුවාගේ කොන්ත්‍රාත්තුවෙන් මට එහෙන් පිටින්ම අයින් වි සිටින්නට හැකි වීම ස්ටීව්ගෙ සතුටට හේතුවක් වි ඇත.


මාසෙන් මාසේ හංසනීගේ කුසේ වැඩෙන දරුවාව, පින්තූර මගින්, වීඩියෝ මගින් බලමින් ඇන්ජලා හා ටෙරික් බොහෝ සතුටින් ඉන්නා බව ඇන්ජලා කියයි....


හංසිනි දැන් මාස හතර සම්පූර්ණ වුන ගැබනියක් බව ඇන්ජලා මට කියන්නේ බොහෝ සතුටිනි. හංසිනි ,ඇන්ජලා අතරට නොයා මගේ වැඩක් බලාගෙන ඉන්නට කියා ස්ටිව් කියපු නිසා,මම දැන් හංසිනි හා කීර්ති සමග කතා නොකරමි.


ඇන්ජලා විසින්, හංසනීට අවශ්‍ය කෑම බීම ඇදුම් පැළඳුම් , දරුවා ඉපදුන පසු, මාසයකට පමණ ඇතිවෙන්න ඇදුම් පවා දැනටත් යවා ඇත.... ඇන්ජලා හා හංසනීගෙ කොන්ත්‍රාත්තුව නිසා හිතට බරක් ව තිබු ප්‍රශ්නයෙන් මට නිදහස් වෙන්න ලැබීම මටත් ලොකු සතුටක් වි ඇත.


කාලය බොහෝ වේගයෙන් ගලා යමින් තිබේ...,අපේ අලුත් ජීවිතය, අලුත් පරිසරයක, අලුත් අත්දැකීම් සමඟ ගෙවී යමින් තිබේ.... මගෙත් ස්ටීව් ගේත් නීත්‍යානුකූල විවාහ ජිවිතයෙන් මාස තුනකට පසු, අපේ විවාහ ජීවිතයේද මල් පිපෙන්න පටන් ගත්තේය ...... අපේ විවාහයත් සමග අපේ ජීවිතයට, අලුත් නැවුම් බලාපොරොත්තු රැසක් එක් කරමින් අපේ කුළුදුල් දරුවා පිළිසිඳ ගැනීම, ස්ටීව්ට, මට වගේම ,මගේ හා ස්ටීව්ගෙ මවගේද සතුටට හේතුවක් වි ඇත.... අපේ ලොව එළිය කරමින් අප අතරට එන්න බලාපොරොත්තු වන දරුවාගේ නැවුම් කිරි සිනා බලාපොරොත්තුවෙන්, මගෙත් ස්ටීව්ගේත් ජීවිතය දැන් තවත් අලුත් වි ඇත....

විවාහයෙන් මාස හතරක් ගෙවි යන කල...., මාසයක දරු ගැබක් දරා සිටින මට, නොයෙකුත් අපහසුතා ඇති වි ඇත.... එයින් මට කෑම කන්නට ඇති පිරිය නැති වීම පළවෙනි එක විය.... මම කන්න කැමති නොයෙකුත් කෑම වර්ග කඩවල් වලින් ගෙනත් දෙන්නට හා, නොයෙකුත් අවන් හල් වලට මාව එක්ක ගියත් ස්ටීව්, ....., මට එම ආහාර කිසිවක් කන්නට පිරියක් නොවීය.


"බඩ ගින්නෙ ඉන්න හොද නෑ චතුරි ,මේ කෑම ටික කන්න....මේවා මම ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් ගෙනාවේ...."


"අනේ මට මේවා කන්න බෑ ස්ටීව්, මට වමනෙ යන්න එනවා...."


"එහෙනම් මොනවද ඔයාට කන්න පුලුවන් ...?


බොහෝ දිනට අප්පිරියාවෙන් ඔස්ට්‍රේලියානු කෑම කන මට, ලංකාවේ ක්‍රමයට අම්මාගෙ සිංහල කෑම, කන ආසාව තදින්ම දැනෙමින් ඇත.


"මට අපේ අම්මගෙ කෑම කන්න තමයි ආසා...."


"ඉතිං අම්මගෙ කෑම කන්න ලංකාවට යන්න වෙනවනේ....අපි ඔයාගෙ අම්මව මෙහෙට ගෙන්න ගමුද...?


"මම හිතාගෙන ඉන්නේ අපේ අම්මව මට බබා හම්බවෙන්න කිට්ටුව මෙහෙට ගෙන්න ගන්න ස්ටීව් , ඒ නිසා දැම්ම ගෙන්න ගෙන බෑ, අම්මට මාස තුනයිනේ මුළින්ම මේ රටට ආවහම ඉන්න පුලුවන් ..."


මේ දිනවල ඇඟේ තියෙන තෙහෙට්ටුවත් සමග මම, රැකියාවට යන්නේද බොහෝම අමාරුවෙනි. රැකියා ස්තානයේ සියල්ලෝ දැන් මා ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්නට පටන් ගෙන ඇත.


"අනේ මට දැන් මොනවත්ම කෑමක් කන්න බෑනේ ශැරොන් ...හරිම අප්පිරියයි....අනේ ස්ටීව් පව්....මම කන්න ආස මොනවද කිය කියා අහගෙන එක එක දේවල් ගේනවා මට, ඒ උනාට මට ඒවා මොනවත් කන්න බෑ...වමනෙ යනව දැන් ඔස්ට්‍රේලියාවේ කෑම දකින කොටත් අප්පිරියයි ...."


"ඔයා මොනවද කන්න ආස චතුරි ....?


"අනේ මට අපේ අම්මා උයන විදිහට, සුදු බත්, ගමේ එළවළු, ඇඹුල් තියල් මාළුවක් එක්ක බත් ටිකක් කන්න ආසයි....."


" ඔයා ඉන්නකෝ ...., අපේ ගෙවල් ලඟ ඉන්නවා ශ්‍රිලන්කන් ෆැමිලි එකක්, මම ඒ ගෙදර ලේඩිට කියලා ඔයාට බත් එකක් ඉල්ලන් එන්නම්කෝ..."


"අනේ එහෙම හරි නෑනේ ,අඳුනන්නෙ නැති කෙනෙක්ගෙන් කෑම ඉල්ලන් කන්න..."


"නෑ...ඒ ශ්‍රී ලංන්කන් ලේඩි හරි හොදයි .... ගෙදර කෑම හැදුවහම අපටත් කෑම ගෙනත් දෙනවා, හරිම රසයි ඒ කෑම.... එයා කියනවා ඒගොල්ලෝ හරි කැමතිලු උයන කෑම වටපිටාවේ අය එක්ක බෙදාගෙන කන්න...."


"එහෙම තමයි ශැරෝන් ලංකාවේ අපි හැමෝම කැමතියි අපට තියෙන දෙයක් බෙදාහදාගෙන කන්න..."


"එහෙමද..?


මගේ දරුවා හබ්බවෙන්න ආපසු මට ඇතිවුන දොළදුක නැති කර දෙන්න, මගෙ රැකියා ස්තානයේ සිටින ඔස්ට්‍රේලියානු ජාතික ශැරොන් උත්සහ කරයි.


එන්න එන්නම මට කෑම අප්පිරියාව නිසා වමනේ යන්න පටන් ගෙන ඇත. මගේ කියන්න දන්න කියන කිසි කෙනෙක් නැති රටක මම මේ මොහොතේ තනිවුන බවක් හා අසරණ උනු බවක් මට දැනෙන්න පටන් ගෙන ඇත....


"චතුරි හෙට සෙනසුරාදා දවල්ට මම ඔයාට ලන්ච් අරන් එනවා, දවල්ට මොනවත් කන්නෙ නැතුව ඉන්න...."


"ලන්ච්...අනේ කරදර වෙන්න එපා ශැරොන් , ස්ටීව් මට "හෝම්බුශ්" පැත්තෙ ගිහින් හෙට මොනවහරි ඉන්දියන් කෑම ටිකක් ගෙනත් දෙන්නම් කිව්වා....එයාට දුකයි මම කෑම කන්න බැරුව වමනේ දම දමා ඉන්න නිසා...."


"හෙට කෑම ගේන්න එපා, අපි ඔයා බලලා යන්න ඔයගොල්ලන්ගෙ ගෙදර එනකොට කෑම ගේනවා...."


ඔෆිස් එකේ ශැරොන් කිව්ව විදිහටම ,ඔවුන් සෙනසුරාදා එකලොහ විතර වෙනවිට අපේ ගෙදර ආවේ තව ලංකාවේ ගැහැනු කෙනකුත් සමගයි..... ඇගේ අතේ නිල්පාට ප්ලාස්ටික් බෑගයක් තිබුනාය.


"චතුරි ,මේ රුක්ශි ආන්ටි ....මම ඔයා ගැන මේ ආන්ටිට කිව්වහම, ආන්ටි හරි ආසාවෙන් ඔයාට කෑම වගයක් මේ හදලා ඇරගෙන ආවා..."

ඉතා ප්‍රසන්න ලෙස මා සමඟ සිනාසුන ඇය දැක මට ඇතිවුනේ ලොකු සතුටක්....අපේ රටේ අපේ භාශාව කතා කරන ඇය දැක මට මගේ නෑදෑයෙක් දුටු ලෙස හැඟීමක් ඇති විය.

"ශැරොන් මට කිව්වා, ලංකාවේ ඉදන් ඇවිත් ඉන්න එයාගෙ යාළුවෙක්ට බබෙක් හම්බවෙන්න ඇවිත් ලංකාවේ විදිහට කෑම කන්නා අසයි කිව්වා කියලා......ඉතිං අපේ රටේ ළමෙක්ට ආසාවට කන්න බත් කටක් රසට උයලා දෙන්න ඕනේ කියලා මට හිතුනා,.....බලන්න මේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා ....ඔයා කන්න ආස විදිහේ කෑම මේ බෑග් එකේ ඇති දුව...."


රුක්ශි ආන්ටි ඇයගෙනා නිල් පාට ප්ලාස්ටික් බෑගය කුස්සියේ පැන්ට්‍රිය උඩ තබා , එයින් එකින් එක ප්ලාස්ටික් පෙට්ටි වගයක් එළියට ගත්තාය .....කුස්සිය පුරා, ලංකාවේදී අම්මා උයන, කෑම වල සුවද පැතිර ගියේ මගේ කටට කෙළ උනමින්‍ ය.


" අනේ ...කෑම ටික කන්න ඉස්සරත් හරිම සුවඳයි රුක්ශි ආන්ට්.... අපේ අම්මගෙ කෑම මතක් උනා මට, කටට කෙළත් උනනවා..... හුඟ දවසකින් මට ලංකාවේ විදිහට රසට කෑමක් කන්න ලැබුනේ නෑ...."


"කන්න ආස නම් දැම්ම බෙදාගෙන කන්න දරුවෝ...ඔයාට ඕන වෙලාවක ඔයා කන්න ආස කෑමක් තියෙනවා නම් කියන්න ...මම හදලා දෙන්නම්....... "


"අනේ ගොඩක් පිං රුක්ශි ආන්ටි ඔයාට....

පහුගිය දවස්වල මම මේ ඔස්ට්‍රේලියාවේ කෑම කෑවේ හරිම අමාරුවෙන්....මට දැන් සුමානයකට විතර මේ කෑම ටික ෆ්‍රිජ් එකේ දාගෙන ටික ටික කන්න පුලුවන් ...."


" ගොඩක් දවසක් ෆ්‍රිජ් එකේ දාගෙන කන්න එපා දුව....,හොඳ නෑ... අපි එන සෙනසුරාදාටත් එන්නම් ඔයාට කෑම ටිකක් ඇරගෙන.....ඔයා දවසක හස්බන්ඩ් එක්ක අපේ ගෙදර එන්නකෝ .....,, මම ඔයාට උනු උනු ආප්ප හදලා දෙන්නම් කන්න......"


"අනේ..මගේ ආසම කෑමක් ආප්ප......"


"ඔයාට ඕන දෙයක් අපට කියන්න ...තමන්ගෙ

අම්මා ලඟ නැතුව කුළුදුලේ දරුවෙක් හම්බ වෙන්න ඉන්න ගෑනු දරුවෙක්ට ටිකක් අමාරුයි තමා.....ඊටත් අපේ රටේ, ලංකාවේ දරුවෙක්ට අපි උදව් කරන්න එපෑ...ඉස්සර කාලේ ඉදන් ශ්‍රී ලංකාවෙන් , මේ රටට ඇවිත් ඉන්න මිනිස්සු හැමෝමටම උදව් පදව් කරගෙන සහයෝගයෙන් ඉන්න අය...ඒ නිසා ලැජ්ජ වෙන්න එපා, අපි ඔයාට ඕන උදව්වක් කරන්නම්.... .


"අහන්නත් සතුටුයි ආන්ටි..... අපේ අය, ලංකාවේ හොද ගතිගුණ, මේ රටවල් වලටත් ඇරන් ඇවිත්, එකිනෙකාට උදව් පදව් කරගෙන ඉන්න එක ගැන....


එදිනෙන් පසු අපට ශ්‍රී ලංකාවේ සිංහල පවුල් හතරක් පහක්ම අදුනගන්න ලැබුනා වගේම,... ඒ අයගෙ උදව් උපකාර, සිංහල කෑම බීම, දරුවෙක් ලැබෙන්න ඉන්න මට, උපදෙස් ,අවවාද ලැබීම මගේ හිතට ලොකු සතුටක් ශක්තියක් විය. මගේ අම්මා ලඟ නොසිටියත් මෙරටේ සිටින සිංහල පවුල් වල වැඩි හිටි කාන්තාවන් නිතර ම්ගේ ඕනෑඑපාකම් බැලීම ස්ටීව්ගේත් සතුටක් හේතුවක් විය.


මමත් ස්ටීව්වෝත් අපේ කුළුදුල් දරුවා ගැන බොහෝ බලාපොරොත්තු තියාගෙන සිටිනවා වගේම ඇන්ජලා හා ටෙරික්ද ඔවුන්ගෙ ලංකාවේ හැදෙන දරුවා ගැන සිහින බලමින් ඉන්නා බව අප දනිමු ...

මේ දිනවල මගේ කුළුදුල් දරුවා ගැන සිහින දකිමින්, රැකියාවට යන මම බොහෝ කාර්‍ය්බහුල වි ඇත..... එබැවින් ඇන්ජලා හා ටෙරික්ගෙ දරුවා ගැනවත්, හංසිනි ගැනවත් හොයන්න මට වෙලාවක් දැන් නැත.... අවශ්‍ය තාවයක්ද නැත. මම ඇන්ජලාට ,ලංකාවේ සිටින කීර්ති අය්යා හා හංසිනි හදුන්වා දීම නිසා, ඔවුන්ගේ ඒ වැඩ කටයුතු ඔවුන්ට අවශ්‍ය ලෙස කරගෙන යන්නට හැකියාව ලැබි ඇති බව මම දන්නා නිසා.... එබැවින් මමත් දැන් එම කොන්ත්‍රාත්තුවෙන් බොහෝ නිදහස් වි ඉදිමි. ඒ ගැන මට වඩා සිටීව් සතුටු වෙන බවක් පෙනෙන්න ඇත.


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

0 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page