top of page
  • Writer's picturePrisila Godahewa

🌏කොන්ත්‍රාත්තුව 🌏

(තුන්වන කොටස)

ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ අවුරුදු තුනකට වැඩි කාලයක් මෙරට පදිංචිව හිදිමින්, බොහෝම අමාරුවෙන් "මැක්වයිරි විශ්වවිද්‍යාලයේ පරිඝණක අංශයෙන් මම ඉගෙන ගත්තෙමි. එයින් මම ලද උපාධිය වෙනුවෙන්, මා සමග ඉගෙන ගත් යහළුවන් හය දෙනෙක්ම එම ජයග්‍රහණය සමරනු වස්, එකතුවි සිටියාහ. අපේ විශේෂ අවස්තාව සමරනු වස් අප යන්න බලාපොරොත්තුවෙන් සිටින ගමනට, එනම් "බෙනලොං පොයින්ට්හී" රෙස්ටුරන්ට් එකට යෑමට අප සියල්ලෝ නොවිසිල්ලෙනි පසු උනෙමු.


"ඇත්තටම ස්ටිව් ඇයි ඔයා මම වගේ විදේශයකින් ආව කෙල්ලෙක් එක්ක යාළු උනේ....?"


මම ස්ට්ව්ගෙ අතේ එල්ලි හුරතල් වෙමින් කතා කරන්නෙමි .


"මම ඔස්ට්‍රේලියානු ගෑනු ළමයින්ට වඩා ආසියානුවෙන් ඇවිත් ඉන්න ඔයගොල්ලන් තුලින් හොද හික්මීමක්, සරළ කමක් දකිනවා....එතකොට හැබැයි ඔයාගෙ ඔය කතා කරන ඇස් දෙකට තමයි මම මුලින්ම කැමති උනේ....එතකොට ඔයාගෙ මේ දිග කළු කොන්ඩයටත් මම හරි ආසයි. ඔයාගෙ තලේළු මේ දිලිසෙන හමට ඊටත් වඩා කැමතියි .....එතකොට ගතිගුණ වලටත් මුලින් කැමති හිතුනා,...ඔය ඔක්කොම නිසා තමයි මම ඔයාට කැමති උනේ....,එතකොට ඔයා මට කැමති උනේ ඇයි....?"


" මම නම් ඔයාගෙ උසට, මේ තඹ පාට කොන්ඩයට තමයි වැඩියම කැමති උනේ....ඊටත් වඩා ඔයා ජිවත් වෙන සරල විදිහට මම කැමතියි ස්ටිව්....."


ඔස්ට්‍රේලියාවට පැමිණ වසර දෙකකට පසු, අපේ විශ්වවිද්‍යාලයේම ඉගෙන ගත් ස්ටිව් සමඟ මම ඇති කරගත් සම්බන්ධය නිසා, ස්ටිව් දැන් මගේ පෙම්වතා වි, අවුරුද්දක් සම්පූර්ණ වි ඇත.


එංගලන්තයේ මුල් පදිංචි කරුවකු වන ස්ටිව්ගෙ පියා හා ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් වන ඔහුගෙ මව, දැනට දික්කසාද වි වෙන වෙනවම ජිවත් වන බව ස්ටිව් මට වේලාසන කියා තිබුනි.... ඔහුගෙ නැඟනිය හා මව දැනට ඔස්ට්‍රේලියාවේ නිව්සවුත් වේලසයේ සුන්දර ගම්මානයක ජීවත් වෙන අතර, ඔවුන්ට හිමි ගොවිපලක, කටයුතු බලා කියා ගනිමින් මව බොහෝ සරළව ජිවත් වෙන බව ස්ට්ව් මාහට නිතර කියන්නේය.


ඔහුගෙ නැඟනිය තවමත් පාසැල් යන වයසේ වන අතර, ඔහුගෙ පියා හා ඔහුගෙ දෙවන කසාදයේ බිරිඳ හා ඔවුන්ගේ දරුවන්, සිඩ්නි නුවරට කිට්ටුව පදිංචිව හිදිති. ඉද හිට ඔවුන්, ස්ටිව්ව බලන්න සිඩ්නි නුවර අප සිටින පැත්තට පැමිනද යන්නේය. නමුත් ස්ටිව් කවදාවත් මට ඔවුන් අදුන්වා දි නොමැත.


"අපි දවසක අපේ ගමේ, අම්මගෙ ගොවිපලේ ගෙදර බලන්න යමුද...? අපේ මමීට මට ඔයාව අඳුන්නලා දෙන්නත් ඕනේ...."

ස්ට්ව් මගෙන් මුළින්ම ,ඔහුගෙ ගෙදර යන්න අහපු වෙලේ, මට ඇතිවුනේ ලොකු සතුටකි. මම එයට බොහෝ නොවිසිල්ලෙන් කැමති විය. විශේෂයෙන්ම ඔහුගෙ මවට මාව ඔහු අඳුන්වා දීමට කැමති බව කී විට මට ඇති උනේ ලොකු සතුටකි.


"අනේ ස්ට්ව්, අපි ඉක්මනට එහේ යමුකෝ... ඔයාගෙ මමියි නංගියි, දකින්න මට හරි ආසයි.... ඔයගොල්ලන්ගෙ ෆාර්ම් හවුස් එක බලන්නත් ආසයි ...."


"හැබැයි ඉතිං , සිඩ්නි නගරය වගෙ නෙමේ.... අපේ ගමේ, ගොඩක් පහසුකම් නෑ....අපේ ගෙදර පරණ පොඩි ගෙයක්....දැන් ඒකෙ ඉන්නෙ මමියි නංගියි විතරයි ...."


"අනේ අපි නිවාඩුවක් අල්ලලා එහෙ ගිහින්, සුමානයක් විතර නැවතිලා ඉදලා එමු....."


"එහෙනම් අපි දෙන්නා එහෙ එනවා කියලා මම මමීට කෝල් කරලා කියන්නද?....අපි එන සුමානෙ නිවාඩුවක් දාලා එහෙ ගිහින් සුමානයක් ඉදලා එමු....මාත් කාලෙකින් එහෙ ගියෙ නෑ. මමි හරි කැමතියි මම එහෙ ඇවිත් ඉන්නවට....මම එහෙ ගිහාම මමී මම ආස කෑම හදලා දෙන්නෙ හරි කැමැත්තෙන්....


" අනේ මට හරි ආසයි එහෙ යන්න.... මම කවදාවත් ෆාම් හවුස් එකක නැවතිලා නෑ.....එතකොට අපි මොනවද ඔයාගෙ මමීට නංගිට සිඩ්නි වලින් ගෙනියන්න ගන්නේ....."


"මුකුත් ඕන නෑ චතුරි ....ඒ ගොල්ලෝ හරිම සරලව ජිවත් වෙන අය....මමී කැමති නෑ අපි අනවශ්‍ය දේවල් වලට වැඩිය වියදම් කරනවට, සල්ලි නාස්ති කරනවට......"


"මම මමීටයි නංගිටයි, ඇදුම් මොනව හරි ගන්නම්....අපි තව මෙහෙන් කෑම බඩු ටිකකුත් ඇරගෙනම එහෙ යමු....."


"එහෙ ඕනතරම් අලුත් එළවළු, පළතුරු ,මස් වර්ග, බිත්තර ගොවිපලෙන්ම ලැබෙනවා ....මගෙ අම්මා ගෙදරම පාන්,සොසේජස්, කුකීස්, සෝස් වර්ග ඔක්කොම හදා ගන්නවා. අපට අලුත් එළකිරි, මී පැණි එහෙමත් ගොවි පලෙන්ම ලැබෙනවා....."


"හරිම සරල නිදහස් , ජීවිතයක් ඔයාගෙ අම්මලා ගෙවන්නෙ කියලා මට හිතෙනවා ස්ටිව්....මට එහෙ යනකම් ඉවසිල්ලක් නෑ ..."


"දැන් ඉතිං එන සුමානෙ අපි එහෙ යනවනේ, ගිහින්ම බලාගන්න ...."


‍රැකියා ස්තානයේ, කළබලකාරි සතියේ දින පහක් ගෙවීගොස්.... අවසානයේ , මම බලාපොරොත්තුවෙන් සිටි ස්ටිව්ලාගේ මවගෙ ගොවිපලට යෑමට අපට අවස්තාව උදාවිය.....


ජීවිතයට නැවුම් රසයක්, නිදහසක් ලබා ගැනීම සඳහා අප දෙදෙනාම රැකියා ස්තානයෙන් සුමානයක නිවාඩුවක් ගෙන ඒ සදහා ලක ලෑස්ති විය.


සෙනසුරාදා දින උදේ, අප දෙදෙනා නැවති සිටි "සිඩ්නි තට්ටු නිවාසයේ සිට, ස්ටිව්ගෙ ගමේ ගෙදර බලා යන ගමන බොහෝ සතුටින්, උද්‍යෝගයෙන් ආරංභ කලෙමු.


සිඩ්නි නුවර සිට "හන්ටර් වැලි" නම් පලාත දක්වා යන අධිවේගී ගමන් මාර්ගයේ අතරමැද නැවතුමකින්, උදේ ආහාරය ගෙන උනු කෝපි බිව් අපි, සීතල උදයේ බොහෝ ආසාවෙන් ස්ටිව්ගෙ මවගේ ගොවිපල ඇති පළාත බලා ගමන් ගත්තේ බොහෝ ප්‍රබෝධමත්වය.

අධිවේගී මාර්ගයේ එක හුස්මට වාහනය පදවාගෙන, යන ස්ටිව්ට, පැය ගණනක් වාහන පැදවීමට අවශ්‍ය නොවීය. සිඩ්නි නුවර සිට පැය දෙකකට අඩු කාලයක් තුල, එක දිගට කෙලින් වැටි තිබු අධිවේගී මාර්ගයේ ඉතා වේගයෙන් ,සැහැල්ලුවෙන් වාහනය පදවාගෙන, මා සමඟ සතුටින් යන ස්ටිව් ගැන මට එන්න එන්නම ආදරය වැඩිවේ..


අධිවේගී මාර්ගයේ එක දිගට පැයට කිලෝමීටර්

100/110 අතර වේගයකින් ඇදි ගිය ස්ට්ව්ගෙ වාහනය තුල වාඩි වි මම අවට පරිසරයේ සුන්දරත්වය උපරිමයෙන්ම වින්දෙමි.


අප යන පාරේ ඈතට එක දිගට පේන නිල් කදු වැට්ය, කොළ පාට තණබිම්, සයිප්‍රස් ගස් යාය, සියල්ල පසුකර යනවිට....අතර මගදි දක්නට ලැබෙන මිදි වතු යායවල්..., ඔලිව් වතු, කොළපාට තණබිම් වල තණකොළ උලාකන, අලුපාට ලොකු ගල් ගෙඩි ලෙස ඈතට පෙනෙන බැටළු රෑන්, හරකුන්, එක දිගට තණකොළ බුදින අශ්වයින්ගෙ පිට වැහෙන්න ශීට් දමා ඇති හැටි මට අලුත් දසුන් විය..... ඒ ඔවුන්ව සීතලෙන් හා අව්වෙන් ආරක්ශා කර ගන්න එසේ කරන බව කීවේ ස්ටිව්වෝයි.....දහවලට,හිස් තනබිම්, කැලෑවල ඇතුලත, ගස් යට සැංගි සිටමින්, හොරෙන් අප දෙස බලා සිටිනා කැන්ගරුවන්, ගස් උඩ පැය ගානක්, එකදිගට නිදා සිටින "කෝල බෙයාර්ස්ලා".. ...අප යන පාරේ දකින්න ලැබුන සුන්දර මනරම් දසුන් අතර විය. ඉදහිට දකින්න ලැබුනු, "වොලබීස් ,කළුකුම්ලා, පොසම්ලා හා "වොම්බැට්ස්ලා නම් විශාල ඌරු මීයෝ වැනි සතුන්, මේ රටට ආවේනිකම අහිංසක සතුන්ම වෙති. බොහෝ වෙලාවට මොවුන්ගෙ ආහාර වන්නෙ ගස් කොළන් වල අතු ඉති හා පැලෑටි වර්ග වේ.


සිඩ්නි නුවර සිට පැය භාගයක පමණ ඈත දුරක් ගිය විට, එක දිගට දකින්න ලැබෙන බොහෝ නිහඬ මංමාවත්වල, තණපිට්ටනි, කැලෑවල් වල, සොබාදහමේ සුන්දරත්වය භුක්ති විඳිමින් යන්නට ලැබුනු මේ ගමන මට කවදාවත් අමතක නොවන ගමනක් විය....


පැය දෙකක අවසානයේ අපට ස්ට්ව්ලාගේ නිවස පිහිටි, සුන්දර පාළු ගම්මානයක හැඩ ගත් ඉසව්වකට ලඟා වීමට හැකි විය.... එම ගම්මානය නොහොත් (Suburb)හි, විශාල ඉඩම්වල ඇති ගෙවල්, ගොවිබිම්, පලාතටම ඇති එකම පාසැල, ඩිස්පැන්සරිය , කතෝලික පල්ලිය, එම ගමේ ගෙවල් වලට බඩුමුට්ටු ගන්නට ඇති එකම පොඩි කඩ මංඩිය, එම පලාතේ සැමට අතයාවශ්‍ය සේවා හැම එකක්ම වගේ සුළුවෙන් හෝ මෙහි පිහිටා ඇති බව මට වැටහින..... කඩ මන්ඩියේ නිදහස් තැනක ඇති පබ් එක නැතහොත් ක්ලබ් එක, මේ පලාතේ වැඩිහිටි පිරිමි අයට දවල් දවසේ යන්නට ,නිදහසේ ගොස් ඉන්නට ඇති හොදම තැන වේ.....පැන්ශන් ගිය වයසක පිරිමි දෙතුන් දෙනා, ක්ලබ් එකට එකතු වි ටෙලිවිෂනයේ යන අශ්ව රේස් වලට ඔට්ටු දමමින්, පෙන පෙරෙන බියර් බොමින් දවස ගෙවන්න ආසම තැනවේ.....ඒ අතර එම පලාත්වල,

තරුණ අය එකට එකතුවි ඔවුන්ගේ විශේෂ දින වලට, හවස් වරුවට ලස්සනට ඇඳ පැළද ක්ලබ් එකට ගොස්, වයින්, විස්කි බොමුන් රාත්‍රී ආහාරය ගන්නට, යන්නට පුල පුලා බලා සිටින අයද වේ.


"අපි හෙට හවස අම්මලත් එක්ක "පබ්" එකට ඇවිත් ඩිනර් ගමු....අපේ අම්මයි නංගිටයි ඒ වගෙ තැනකට යන්න අවස්තාව ලැබෙන්නෙ එහෙමත් දවසක තමයි...."


"මේ පැත්තෙ රෑ කෑම කන්න පුලුවන් තැන් හරි අඩුයි නේද...?


"ඔව්...මේ ටවුන් එකේ ඔය තියෙන ක්ලබ් එකට, රෙස්ටුරන්ට් එකට , එහෙමත් නැත්නම් පොඩි කොෆි ශොප් දෙක තමයි හැම විශේෂ දවසකම හැමෝටම යන්න තියෙන්නේ ....ඒ උනාට ඒගොල්ලෝ ඒ තැන් වලට යන්නෙ හරිම ආසාවෙන්....ඒ යනකොට ඒගොල්ලෝ ලස්සනට ඇදපැලැද ගෙන යන්නට අමතක කරන්නෙත් නෑ...."


අන්තිමේ එම පුංච් ටවුමේ හැඩ බලමින් ආ අපි, විශාල හිස් බිමක මැද ඇති බොරලු පාරක් දිගේ වාහනය පදවාගෙන ගියෙමු....ඒ පාර දිගෙ යනකොට හමුවුන පොඩි වතුර ඇලකින්ද අපට එගොඩ වන්නට සිදුවිය..... ඒ අවට ඇති සුන්දර දසුන් වලින් මම මනමත් වි උන්නෙමි.


අවසානයේ ස්ටිව්ලාගේ අම්මා හා නංගි වෙසෙන පුංච් ගොවිපලේ ගෙදරට යන්නට ලැබුනි .....විශාල ඉඩමක, සුදු පාට ගස් වල කොටන් කපා, තනන ලද මායිම් වැටෙන් ගෙදර අවට වත්ත වෙන් කර ඇත.


"ඇයි ස්ට්ව් අර ගෙට ඈතින් සුදු පාට වැට ගහලා තියෙන්නේ, මේ මුළු ඉඩමම ඔයගොල්ලන්ගෙ නම්...."


"ඔය වැට ගහලා තියෙන්නේ කැන්ගරු, හරක්, අස්වයින් ගෙදර වත්තට ඇතුල් වෙලා, අම්මගෙ එළවළු ,පළතුරු වගාවට හානි කරන නිසයි..."


"ඔහ්....එහෙමද?

සත්ව හා එළවළු පළතුරු ගොවිපලක මැද පිහිටා තිබුන ස්ටිව්ලාගෙ පැරැණි තාලේ පුංචි නිවස, මම ඉස්සර ඉංග්‍රීසි සුරංගනා කතා පොත්වල දුටු ගෙවල් තරම්ම ලස්සන විය..... කාබනික පොහොරෙන්,මනරම් ලෙස සකසන ලද මල් මල්පැල පාත්ති , එළවළු පාත්ති , පළතුරු ගස්වලින් පළාතම සශ්‍රික වි තිබුනි. අවට පරිසරයේ ඇත්තේ කියන්න බැරි තරම් ලස්සන.....නිදහස් බවකි ....... ගොවිපළ අවට සැරි සරන බැටළුවන්,පෝනියන්, කුකුළු පැටවුන් හා තාරාවන් ගොවිපලේ සුන්දරත්වය තවත් වැඩි කර ඇත.... ස්ට්ව්ගෙ මවගේ ගොවිපලේ හාත්පස ඇති මනරම්

දර්ශනීය දසුන් වලින් මම වශිවි උන්නෙමි.


"චතුරි ඔයා මොකද ඔය, කටත් ඇරගෙන වටපිට බලාගෙන ඉන්න් හැටි...."


"අනේ ස්ටිව් මේ තරම් ලස්සන පැත්තක් මම කවදාවත් දැකලා නෑ....අර බලන්න අර ඈත අහසේ දිලිසෙන ඉර, ඊට පහලින් කඳු යාය පැත්තෙන් මීදුම පහළට වැටිගෙන එන හැටි....අර කැන්ගරු රෑන් තණකොළ කන හැටි...මේ තරම් ලස්සන පැත්තක ඔයගොල්ලන්ගෙ ගෙදර තියෙන්නේ කියලා, මම මෙච්චර දවසක් දැනගෙන හිටියෙ නෑනේ.... ...."


"මම දැනගෙන හිටියේ නෑනේ ඔයා මේතරම් මේ වගේ පැති වලට කැමතියි කියලා ...."


"මේක මගේ ඔළුවේ තිබුන සිහිනයක්.... මට සුරංගනා කතාවල තියෙන ගෙවල් දොරවල් මතක් වෙනවා ස්ට්ව්....ඒ තරමට ලස්සනයි මේ පැති....කවදාහරි අපි දෙන්නා වයසට ගිහාම මේ පැත්තට ඇවිත් එළවළු පළතුරු වගා කරගෙන, දරුවොත් හදාගෙන,සත්තුත් හදාගෙන ,නිදහසේ ඉමු...."


"අනේ මට බෑ....ඔයාට ඕන නම් ඇවිත් අපේ මමී එක්ක ඉන්න..."


"හා...හා...


රැකියා ස්තානයෙන් ගත් සුමානයක නිවාඩු කාලය, නිව්සවුත් වේල්ස්හි, පුංච් ටවුමක් වටා පිහිටා ඇති, ස්ටිව්ගේ ගොවිපලේ ගෙදර, දැනට පදිංචිව සිටින මව හා නැඟනිය බලන්න එන්න මට ලැබුනු අවස්තාව, මගේ ජීවිතේ, සොබාදහමේ සුන්දරත්වයට වශීවි ගෙවා දමන්න හැකිවුන විශේෂ දවස් ටිකක් විය...."


"එන්න චතුරි අපි ගෙට යමු....."


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

0 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page